ආගම පිළිබඳව ජිජැක් දරන මතය කුමක් ද යන්න පැහැදිලි කර ගැනීම සඳහා කෙරෙන මෙම ලිපි පෙළ පසුගි සතියේ අපි අවසන් කළේ මිනිස් පැවැත්ම සම්බන්ධයෙන් ජිජැක් එළඹ ඇති නව අර්ථකථනය කුමක් ද යන්න හඳුන්වා දෙමින්. එහි දී ජිජැක්ගේ අර්ථකථන ත්රිත්වයක් සඳහන් කළ අතර ඒ අතුරින් වඩාත් ප්රබල ම අර්ථකථනය වන ‘‘මේ ලෝකයට කිසිවකු විසින් අපි විසි කර දමා ඇත්නම්?’’ යන කාරණය ඉදිරියට තබා සමුගත්තෙමු.
අද එතැන් සිට..
සාකච්ඡාව ආරම්භ කිරීමට ප්රථම වැදගත් කරුණක් ද සඳහන් කළ යුතු ය. එනම් මෙබඳු මට්ටමකින් මෙබඳු දෑ සාකච්ඡා කිරීම, මේ ආකාරයෙන් පවතින තත්ත්ව අර්ථකථනය කරගැනීම සඳහා අදාළ දාර්ශනික කෘති, ලිපි ලේඛන, සගරා කියවීම සහ මෙම දාර්ශනිකයන්ගේ දේශනවලට සවන් දීම සඳහා මිනිස්සු විශාල කාලයක් මිඩංගු කළ යුතු ය. මෙම කාලය සහ ශ්රමය කැප කිරීම වර්තමානයේ සිදුවන්නේ ඉතාමත් අල්ප වශයෙනි. උදාහරණයක් ලෙස ගතහොත්: උසස් නවකතාවක් කියවීමට, ගීතයකට සවන් දීම, චිත්රපටයක් (ලංකාවේ දැනට පවතින ගණයේ චිත්රපට නොවන බව අවධාරණය කරමි.) නැරඹීම, නාට්යයක් නැරඹීම යනාදියට මුදල්, කාලය සහ ශ්රමය වියදම් නොකිරීම තුළ අපේ ආත්මය නිර්මාණය වීම වැළකේ. ෆ්රෙඩ්රික් ජෙම්සන් ඉදිරිපත් කරන ප්රධාන තර්කය ද එය යි. මෙය අපි ඉතාමත් බරපතළ ලෙස සාකච්ඡා කළයුතු කරුණකි. උදාහරණයක් ලෙස ගතහොත් ‘සත්හඬ’ පුවත්පත මෙවන් වර්ධනීය කරුණු සඳහා විශාල කාලයක් සහ කැපකිරීමක් සිදු කරන බව දක්නට ඇත. එසේ වැය කරන කාලය කුමක් ද? ඒ ඔබගේත් මගේත් ආත්මය හෝ චින්තනය දියුණු කර ගැනීම සඳහා පවතින කාලය යි. මෙම කාලය ලබා නොගැනීම හේතුවෙන් අපි සතුන් බවට පත්ව සිටින්නෙමු; සිතීමේ කාලය අපිට අහිමි වන්නෙමු. උදාහරණයක් ලෙස ගතහොත් අද අපේ සාකච්ඡාවට උපයෝගි කරගන්නා දෑ ලිවීම සඳහා ඒ ඒ ලේඛක ලේඛිකාවන්ට විශාල කාලයක් වැය වී තිබේ. එහෙත් අපි එවන් ලිපි ලියන්නේ ද? මට තිබෙන ගැටලුව එය යි. ජිජැක් මේ වන විට කෘති 40ක් පමණ ජනගත කර ඇත. ඒ සියල්ල ඉතා බරපතළ ගණයේ දාර්ශනික කෘති ය. එහෙත් එවන් දෑ ලාංකීය විද්වතුන් හෝ බුද්ධිමතුන් අතින් සිදුවන්නේ ද? එසේ නොවන්නේ මන්ද? එසේ නොවන්නේ අපේ ආත්මය නිර්මාණය කර ගැනීම සඳහා ප්රමාණවත් කාලයක් සහ ශ්රමයක් වියදම් නොකරන හෙයිනි. පශ්චාත් යටත්විජිත රාජ්යයක් ලෙස අපි කරමින් සිටින්නේ ප්රතිචාර (reactions) දක්වමින් සිටිම ම පමණි. මෙය මේ ආකාරයෙන් ම දිගින් දිගට ම ඇදී යන්නේ නම් සිදුවන්නේ කුමක් ද? අපි විසින් ම අපි විනාශ කර ගනු ලැබීම ය. එනම් අපි විසින් අපි නිර්මාණය කරගන්නවා වෙනුවට අපි විසින් ම අපි විනාශ කර ගනු ලැබිම ය. වඩාත් පැහැදිලි කරන්නේ නම් සුදු ස්වාමියා විසින් ඇති කරනු ලැබු වහල් භාවය තව දුරටත් රැඳි සිටිනවා මිස එය වෙනස් කර ගැනිමට වෙහෙස නාගන්නා බව පැහැදිලි වි ඇති බව ය. එය ඉතාමත් කාලකණ්ණි තත්වයකි. අපි අපි නිර්මාණය කළ යුත්තේ කෙසේ ද යන්න මා ඒ පැවසුවේ මෙසේ ය. ‘අපි ස්වාමියාටත් වඩා ස්වාමිත්වයක් ගත යුතු ය’ යනුවෙනි. එසේ නම් ෆෙඩ්රික් ජෙම්සන්ට වඩා දැවැන්ත ෆෙඩ්රික් ජෙම්සන් කෙනකු අපි මෙහි නිර්මාණය කළ යුතු ය. එහෙත් ඒ සඳහා වැය කළ යුතු කාලය සහ ශ්රමය නොමැති නම් එය සිදු කළ නොහැකි ය. මෙම ‘නො-හැදෑරීමේ ලාංකික වන්දිය’ ඉතා විශාලය. ලාංකික වාමාංශික පක්ෂ සාමාජිකයන් තුළ වර්ධනය වූ තම සාන්දෘෂ්ටික පැවැත්මේ අරගලය (existential crisis) සහ පක්ෂ සාමුහිකත්වය (collectivity) පිළිබඳ කැපකිරීම අතර ආතතිය (සුවිශේෂය සහ සාර්වත්රිකය අතර ගැටුම) විසින් පක්ෂ කොතරම් ඛාදනයට ලක්ව ඇත්ද යන්න අප ගැඹුරින් සාකච්ඡා කළ යුතුය. ඒ සඳහා ඉහත හැදෑරීම කලාපය අවශ්ය වේ. විශිෂ්ට ලකාන්- හේගල් හදාරන්නෙකු වන ජිජැක් මෙන්ම ගැඹුරු සාත් (Jean Paul Sartre) කියවන්නෙකු වන ජේම්සන් ද මෙහිදී එකසේ වැදගත් ය.
දැන් අපි අදාළ මාතෘකෘවට පිවිසෙමු.
කිසිවකු විසින් අපිව මෙම ලෝකය වෙත විසි කර දමා ඇත්නම් සිදුවන්නේ අපි මේ ලෝකය කෙතරම් වෙනස් කළ ද මේ ලෝකයට අපි අයිති ද යන ප්රශ්නය පැන නැගීම ය. මන්ද අපි පැමිණ සිටින්නේ වෙනත් ස්ථානයකින් වන බැවිනි. මෙය සාන්දෘෂ්ටික අදහසකි. සරලව ම පවසන්නේ මවු පිය යුවළක් විසින් ඇති දැඩි කළ වෙනෙකකුගේ දරුවෙක් තමන් අයිති එම මවු පිය යුවළට නොවේ යැයි දැනගත් මොහොතේ සිට ක්රියා කරන ආකාරයෙනි; කුලී නිවැසියා, තමන් කුලියට සිටින වත්තේ පැළයක් නොසිටුවන ලෙසිනි. අරන් හදාගත් දරුවා සත්යය දැනගත් මොහොතේ සිට උත්සාහ කරන්නේ තමන්ගේ ඇත්ත මවු පිය යුවළ සොයාගැනීමට ය. (එසේ සොයාගත යුතු යැයි අවධාරණය නොකරමි)
මේ ආකාරයට අපගේ පැවැත්ම මෙම ලෝකයේ නොවේ යැයි හැඟුණ සැණින්, එකී තර්කය හේතුවෙන් ඔහුගේ පූර්ණ පැවැත්ම මෙම ලෝකයේ ස්ථාපිත නොකරයි. එහි දී ඔහුගේ ප්රමුඛ අවධානය යොමු වන්නේ තමන් පැමිණියේ කොහි සිට ද යන්න පරික්ෂා කිරීම සඳහා ය. මෙය පුදුමසහගත තත්ත්වයකි. එනම් එක් පසෙකින් අපි විසින් ම මෙම ලෝකය වෙනස් කර ගත යුතුව ඇත. අනෙක් පසින් අපි මෙම ලෝකයට අයිති නැත. බෞද්ධ දර්ශනයේ ද සඳහන් වන්නේ අපි පෙරුම් පුරමින් යන සංසාර ගමනේ මිනිස් භවයේ රැඳී සිටින්නේ නම් මිනිසත්භාවය යනු ඒ අදාළ ගමනේ කුඩා කොටසක් ය යනුවෙනි (එහිදී කියවෙන්නේ අප අවසානයට යායුතු තැන නිර්වාණය යන්නය) එසේ නම් අපි අයත් වන්නේ කොතැනට ද? මෙම තත්ත්වය ජිජැක් මෙලෙස විග්රහ කරයි.
‘‘මානවවාදය තුළ කියවෙන්නේ මිනිසා මෙළොවට පුර්ණ වශයෙන් අයිතිවන බැවින් අප මේ මිහිතලය නිවහන කරගත යුතු වන බවයි. මෙය සම්භාව්ය මාක්ස්වාදී මතය ද වේ. එහි දී කියවෙන්නේ මිනිසා සතු පුර්ණ නිර්මාණශිලිත්වය සහ ශක්යතාව ඵලදායි ලෙස මිහිතලය හා හුවමාරු (productively exchanged) කරගත යුතු බවයි. මෙම ද්රව්යමය ලෝකය මිනිසා ගේ සිරගෙයක් බවත් මිනිසා ගේ අරගලය මෙම අක්රිය ද්රව්යමය සිරගෙයින් නිදහස් වීමට කරන උත්සාහක් (liberate from material inertia) යන්න මාක්ස්වාදය තුළ ඉගැන්වෙන්නේ විගලිතභාවයක් (alienation) ලෙස ය. නමුත් පැරණි ක්රිස්තියානි මතය අනුව ආත්මය නිර්මාණය වී නැති අපගේ ද්රව්යමය ශරීරය විදෙස්, පදිංචියට නුසුදුසු භූමියකට විසිකර දමා ඇත. (thrown into a foreign inhospitable environment) එසේ කරනු ලැබ ඇත්තේ අපට පුර්වයෙන් පවතින ආත්මයක් විසිනි (pre-existing Soul). නමුත් ජිජැක් අවධානය යොමු කරන්නේ ඉහත ආකල්ප දෙකටම වෙනස් වන හෛයිඩගරියානු මතය වෙතය. එහිදී ‘ස්වභාවික නිවහනක්’ (මෙලොව හෝ අන් තැනක) ඇත යන මතය වෙනුවට එවන් නිවහනක් නැති වීම ම නම් තත්ත්වය (‘out-of-joint’ situation) නව විභවයක් සහ නිර්මාණශීලිත්වයක් සඳහා වන අවකාශයක් විය නොහැකි ද යන තර්කය ජිජැක් මතු කරයි. අප මෙම තර්කය අපගේ පහසුව පිණිස මෙසේ පදාර්ථ ගත කර ගනිමු.
01. එක් අතකින් අප මෙම ද්රව්යමය ලෝකය තුළ කාබනික වස්තුවකි (organic body). එනයින් අප මේ ලෝකයට අයිති වෙමු.
02. අනෙක් අතට සැබැවින් ම අපි එම කාබනික වස්තුවට ද අයිති නැත. කාබනික වස්තුවට අයිති වේ නම් අපි එම කාබනික ද්රව්යය සමග අනන්ය විය යුතු ය. එසේ නම් අපි කාබනික ද්රව්යය සමග අනන්යද? නැත… අපිට ආත්මයක් තිබේ; අප අකාබනිකය (anorganic body); අපිට අධ්යාත්මයක් තිබේ; අපිට ආගමක් තිබේ. අපි සිටින්නේ 100% ද්රව්යයේ නොවේ. මිනිසා යනු: 100% ද්රව්යයේ නොඉඳ, ද්රව්යයේ නොඇලී, එසේ නොඇලී සිටින අතරතුර ම අධ්යාමයත් නිෂ්පාදනය කරන්නෙකි. ආචාර ධර්ම පවතින්නේ එහෙයිනි; අපි මහා මාර්ගයේ ප්රසිද්ධියේ සංවාසයේ නොයෙදෙන්නේ එහෙයිනි; අපි රැඳී සිටින්නේ ද්රව්යයේ ම නම් එය ද කළ යුතු ය. මන්ද ද්රව්යයක් ද්රව්යයත් (හුදු ශරීර දෙකක්) අතර ගැටුමක් නොපවතින බැවිනි. නමුඳු අපි එසේ නොවේ. මව, පියා, හැඟවුම්කාරකය අපි තුළ පවතින්නේ එහෙයිනි. මවගේ ලෝකය, පියාගේ ලෝකය යනාදි පාරානුභූතික දැ (transcendental) සමග අපි ක්රියාත්මක වනවා යනුවෙන් ම අර්ථවත් වන්නේ සම්පූර්ණයෙන් ම ද්රව්යය සමඟ අනන්ය වන්නේ ද නොවේ යන්න ය.
03. ඇතැම් විට අපි විසිකර දමා තිබිය හැකි ය. නමුඳු මෙම ලෝකයට අපි පූර්ණ වශයෙන් හිමි නොකර, ද්රව්යයට පූර්ණ වශයෙන් අනන්ය නොකරමින් ම, අපි බිඳ දමා ඇති ස්ථානය ම අපිට ආශිර්වාදයකි. එනම් අපි පූර්ණ වශයෙන් ම ද්රව්යයට අනන්ය කර තිබේ නම් ගසක් ගලක් සේ විය යුතු ය. නමුත් දෙවියන් හෝ අන් කිසිවකු විසින් හෝ අපට එසේ කර නොමැත; එසේ වී ද නොමැත. නමුඳු ඒ වෙනුවට යමක් කර ඇත. එනම් අපගේ ආත්මය ද්රව්යයත් සමග බහි-ස්ථතික (ex-static) කර ඇත. එය ස්ථාවර ය; එහෙත් බාහිර ය. බාහිර වුව ද එය අභ්යන්තර ය. උදාහරණයක් ලෙස ගතහොත් අපි ගැහැනියක සමග සම්බන්ධ වනවා යැයි සිතමු. නමුඳු අපි 100%ක් ම ගැහැනිය සමග සම්බන්ධ නොවේ. ගැහැනිය සමග සිටිද්දී ම අපි පන්සල් යන්නෙමු. අධ්යාත්මය දෙස ද බලන්නෙමු. නමුත් අධ්යාත්මය සමග ම පමණක් ද නොපවතින්නෙමු. පන්සලෙන් එළියට විත් ද්රව්යය සමඟද අරගල කරමු. එනයින් ද්රව්යය තුළ නොසිටීම ම, ද්රව්යයට 100% අනන්ය නොකර තිබීමේ තත්ත්වය ම අපිට නව ලෝකයක් නිර්මාණය කර දීමේ ශක්යතාව ජනනය කරයි.’’ (ජිජැක් – On Belief: Thinking in Action, පිටුව 8-9).

walmart
ඉහත ද්රව්යය සහ ආත්මය අතර දෝලනය විකේන්ද්රිය (de-centered) තත්වයක් නොවේ. චතුස්කෝටික තත්ත්වයක් ද නොවේ. පැවැත්මේ ම දයලෙක්තිකයකි. එනම්, පූර්ණ වශයෙන් එක් ස්වභාවයකට පමණක් අනන්ය නොකර තිබීම ම හොඳ තත්ත්වයක් යන්න ය. නලින්ද සිල්වා තේරුම් නොගන්නේ ම මෙය ම ය. උදාහරණයක් ලෙස: ඔහු මගේ ලෝකයට යාමේ දී ඇතිවූ ගැටලුව වන්නේ බාහිර ලෝකයේ සිදුවන දෑ පිළිබඳව ඔහු නැවත කථනය නොකිරිම ය. එයට වග නොකීම තුළ සිදුවන්නේ මහින්දගේ අත්තනෝමතිකත්ව ආගමනය යි. ආත්මීය අපගමනය තුළ ම බාහිර ලෝකයත් (ද්රව්යය) සමග සම්බන්ධ වූවේ නම් මෙම තත්ත්වය වැළැක්විය හැකිව තිබුණි. නමුඳු අවසානයේ ඉස්මතු වූවේ ම ද්රව්යය ය; අධිනිශ්චය වූවේ ද්රව්යය ය; තුවක්කුව ය; මල්ටි බැරල් බෝම්බ ය. එහි දී කිසිඳු ආකාරයකින් අධ්යාත්මය අධිනිශ්චය වූවේ නැත. සමූල ඝාතනය සඳහා බෝම්බ හෙළුවේ ද්රව්යයන් මිස අධ්යාත්මයෙන් නොවේ. මේ අන් කිසිවක් නොව නාසිවාදය යි. ස්ටාලින්වාදය යටතේ සිදු වූවේ ද මෙය ම ය. එනම් අපි විඥානවාදී වූ සැණින් ම ද්රව්යය අධිනිශ්චය වේ. මන්ද අපි ද්රව්යය සමග සංසේචනය නොවන්නෙමු. නලින්ද සිල්වාගේ ‘මගේ ලෝකය’ කෘතිය තුළ මූලික වශයෙන් ම දැකිය හැකි ලක්ෂණය එය යි. එබැවින් අපි මෙම සාකච්ඡාව තුළ අවධානය යොමු කරන්නේ මානවවාදය සහ ක්රිස්තියානිය අතරමැද පවතින හෛඩගරියානු අවකාශය පිළිබඳව ය.
ද්රව්යයයේ විපරිණාමය (වාස්තකවිකත්වය) මාක්ස්වාදයයේ අපෝහක උරුමය වනවිට අනෙක් පසින් සිටින්නේ විඥානවාදය යි. මේ දෙක අතරමැද අප පිහිටුවා ගන්නේ නම් එසේත් නැත්නම් සාන්දෘෂ්ටිකවාදය හෙවත් තමා පිළිබඳව ම (මිනිසා පිළිබද) වූ දර්ශනය අපි මෙහි දී සාකච්ඡා කළ යුත්තේ ඒ අතර පවතින හෛඩගරියානු (මෙය ද ජිජැක්ගේ අදහසකි) අවකාශය උපයෝගී කරගෙනයි. එනම් අපි පූර්ණවශයෙන් ම සාකච්ඡා කළ යුත්තේ ද්රව්යවාදය හෝ විඥානවාදය නොව ද්රව්යය සහ විඥානය සංසේචනය වී ඇති ආකාරය යි. එය සංසේචනය වී ඇති ආකාරය තුළ ම ලෝකය යළි යළිත් වෙනස් කර ගැනීමට ඇති ශක්යතාව වර්ධනය වේ. ඒ ශක්යතාව තුළින් නිර්මාණශිලිත්වය වර්ධනය වේ. නිර්මාණශිලිත්වය හුදෙක් ද්රව්යය තුළින් ම පමණක් බිහි වන්නක් නොවේ. නිර්මාණශිලිත්වය බිහිවන්නේ මිනිසාගේ මනසේ මැදිහත් වීම තුළ ය. එහෙත් මනසට පමණක් නිර්මාණශිලි විය නොහැකි ය. ඒ සඳහා වාස්තවිකත්වය අනිවාර්ය සාධකයකි. මනස යළි යළිත් වෙනස් වන්නේ වාස්තකවිත්වයේ වෙනස් වීම තුළ ය. මෙය දයලෙක්තික අවකාශයකි. නලින්ද සිල්වාට මෙම දයලෙක්තික අවකාශය විචාරය කිරිමේ අවස්ථාව අහිමි වී ඇත. එසේත් නැතිනම් ඔහු එය අහිමි කරගෙන ඇත. එහෙයින් මෙම බහිස්ථතික බව එනම්, ආත්මය සහ බාහිර ලෝකය අතර ඇති බහිස්ථතික බව (ස්ථතික = ස්ථාවරව පවත්නා) එනම් ස්ථාවර වුව ද ස්ථාවර නොවන ඔහු වටහා ගෙන නොමැත. උදාහරණයක් ලෙස ගතහොත් ඔබගේ, මගේ හෝ වෙනත් අයකුගේ බාහිරාගමනය තමන්ගේ බිරිඳ විසින් එක්තරා ආකාරයකට සීමා කරනු ලැබ ඇත. මෙය ජෝන් ඩන් නමැති කවියා (Valediction: Forbidding Mourning) නමැති කවියේ අපූරුවට පවසා ඇත.

 
‘ද්රව්යයක් නොවන අප ආත්මය ඔබට ඇවසිම නම් ද්රවයයක් ලෙස සිතන්න.
එහෙත් එය ද්රව්යයක් වන්නේද කොම්පාසුවක පාද මෙනි.
ස්ථිර වූ ඔබගේ පාදය නම් වූ ආත්මය නොසෙල්වී ඇති අතර,
එකක් සෙලවේ නම් පමණක් අනෙක තරමක් සංචල වේ.
එද අන් පාදයේ ගමන් පහසු කරනු අටියෙනි.

හරි මැද ස්ථාපිත ඔබගේ ආත්මය නම් පාදය
අනෙක් පාදයේ ගමන් පහසු කරනු අදහසින්
ඉතා ඕනෑකමින් සවන්දෙමින්, ඇලවෙමින් සෘජු බවට පත්වේ.
එම ඇලවීම සහ සෘජු බව විසින් ම මා නැවත නිවස වෙත රැගෙන ඒ’

(If they be two, they be two so
As stiff twin compasses are two;
Thy soul, the fixed foot, makes no show
To move, but doth, if the other do.

And though it in the center sit,
Yet when the other far doth roam,
It leans and hearkens after it,
And grows erect, as that comes home.)

පෙරදිග මනමේ කුමරියට කඩුව කා අතට දෙන්නදැයි කේන්ද්රයක් නොමැති වනවිට බටහිර ආත්මය ආරම්භක පුනරුදය තුළ තම කේන්ද්රය නිර්මාණය කරගන්නා අයුරු මේ කවියෙන් මනාව පැහැදිලි වේ. ඔබ කෙතරම් ඈතට ගිය ද ඔබේ කේන්ද්රය පවතින්නේ කොතැනද? එය පවතින්නේ ඔබේ නිවසේ ය. ඔබ කෙතරම් ඈතට… ඈතට… ගිය ද ඔබේ කේන්ද්රය නැවත නිවස වෙත එසේත් නැතිනම් කුටුම්බය වෙත කැඳවන්නේ බිරිඳ ය. ඒ සඳහා මැතක දී තිරගත වූ ස්පිල්බර්ග් ගේ Bridge of Spies (2015) චිත්රපටය කදිම නිදසුනකි. එය ඉතාමත් ලස්සන සිනමාපටයකි. එහි ප්රධාන චරිතය තම අරමුණ වෙනුවෙන් ඉතාමත් මුරංඩු ආකාරයෙන් බාහිර ලෝකයට ගමන් කරයි. ඒ, එක් එක් රටවල සිරගතවූවන් නිදහස් කරගැනීම සඳහා ය. එහි දී හෙතෙම අන් අය බේරා ගැනීම සඳහා ඉදිරියට ම ගමන් කළ ද ඔහුගේ කේන්ද්රය නිරන්තරව ම ගනුදෙනු කරන්නේ නිවස සමග ය. එය හඳුන්වන්නේ ‘බහි-කේන්ද්රය’ (ex-center) යනුවෙනි. ඔහු බාහිර වුව ද කේන්ද්රය පවතින්නේ නිවස තුළ ය. බාහිර පිළිබඳ තින්දුව කුමක් ද යන්න තීරණය කරනු ලබන්නේ ඒ ඇතුළාන්තය නමැති කේන්ද්රය විසින් වන බව මෙහි දි පැහැදිලි වන්නේ ය. නලින්ද සිල්වා විචාරය කර ගැනීම සඳහා ඉදිරියට ගෙන ආ යුත්තේ ද මෙබඳු අර්ථකථනයකි.
මතු සම්බන්ධයි
සාකච්ඡාව – ජයසිරි අලවත්ත m.j.alawatta@gmail.com

ඔබේ අදහස කියන්න...

10 COMMENTS

  1. ආගම පිළිබඳ ව ජිජැක් දරණ මතය පැහැදිලි කර ගැනීම සඳහා, අපි ඒක කෙලින් ම, ජිජැක් ගෙන් ම ඇසුවොත්, ජිජැක් ඒක අපිට කියන එකක් නැති වෙයි ද?

  2. wasantha premarathana trys to show that he knows some thing than 3mana.com while he asking bull shit questions.no one identfied this? even though writing the power of michele foucault.

  3. පහුගිය සෙනසුරාදා මිලොස් ෆොර්මන් ගේ “අමෙඩියස්” නමැති සිනමා කෘතිය අපේ වියදමින් පොඩි හෝල් එකක් අරන් නොමිලයේ පෙන්වූවා. 88 දෙනෙකුට අරාධනා කළත් හිටියේ හය දෙනයි. මට වෙලාවකට හිතුන රන්ජන් රාමනායකගේ හෝ නැත්නම් මෝටර් බයිසිකලේ වත් ගෙනල්ල ටිකට් එක පවුම් 12 ට වික්කා නම් අර අසූ අටෙන් භාගයක් වත් එන්න තිබුන කියල.

  4. ජිජැක් ආගම ගැන කියන අදහස් තරමක් දුරට එකඟ වෙන් පුළුවන්, විශේෂයෙන් බුද්ධාගම ගැන. බටහිර ධනවාදය පරිභෝජනය කිරීම පහසු කිරීම සඳහා බටහිර බුද්ධාගම ඇප කැපවී ඇති අයුරු ඔහු පැහැදිලි කලා. මේ සුඛෝපභෝගී බව හොඳයි. එකෙන් වෙහෙසට පත් වෙනවා නම් ඉඳ රටක භාවනා කරන්න එන්න. හිත සන්සුන් කරගෙන නැවත පරිභෝජනයට යන්න. එංගලන්තයට එන හාමුදුරුවරු එන්නේ ධර්ම ප්‍රචාරය සඳහා විතරක් කියලද ඔබ හිතන්නේ? කොහෙත්ම නැත.

  5. මළවුන් සමග කතා කිරීම ගැන මේ දිනවල මගේ බ්ලොගයේ ලියාගෙන යනවා. ලිපි පෙළ අවසානයේ භෞතිකවාදය එතනට ගැලපෙන්නේ කෙසේද යන් ගැන සාකච්චාවක් කිරීමට අදහස් කරගෙන සිටිනවා.

Comments are closed.