දෘෂ්ටිවාදය පිළිබඳව මනෝවිශ්ලේෂණය අනුදත් විචාරය ලංකාවේ පවතින්නේ, තවමත් පැරණි වාස්තවික විග්‍රහය තුළමය. දෘෂ්ටිවාදය විසින් පුද්ගලයන්ව ආත්මයන් බවට පොළා පන්නවයි.[interpellationa description or an identity given to someone or something; the process of giving someone or something an identity:his interpellation as an “Asian American] මින් අදහස් වන්නේ, දෘෂ්ටිවාදය පිළිබඳ ලුවී අල්තූෂර්ගේ අදහසයි.  මෙමඟින්, ඔහු ආත්ම මූලිකත්වය-SUBJECTIVITY- පිළිබඳ ව්‍යුහාත්මක මාක්ස්වාදී අදහස ප්‍රකාශ කරයි.

             නමුත් ලැකාන් අනුදත් මනෝවිශ්ලේෂණ න්‍යායට අනුව දෘෂ්ටිවාදී පොළා පැන්නවීමේ සැබෑ ක්‍රියාකාරීත්වය වන්නේ, දෘෂ්ටිවාදී ආත්මයක් බිහි කිරීම නොව නිදහස් තීරණයක් ගන්නා ආත්මයක්-ethical subject– ශේෂ කිරීමයි. නැතහොත්, පොළා පැනීමේ ක්‍රියාකාරීත්වය අසමත් වූ තැනදී යම් ආත්මයක් බිහි වෙයි. මනෝවිශ්ලේෂණය කතා කරන ආත්මය වන්නේ, මෙම දෙවැනි ආත්මය යි. උදා ; ඔබ මින්නේරිය ප්‍රදේශයේ ඉපදී කොළඹට පැමිණි විට ඔබගේ ගම හැටියට ‘මහරගම’ යැයි දෘෂ්ටිවාදී යාන්ත්‍රණය ඔබට කියා දෙයි. එය කොළඹ පිළිබඳ ඥාණයට-epistemology- අදාළය.

                 ස්ලෝවේනියානු ගුරුකුලයේ ‘ආනන්ද හාමුදුරුවන්ට’ අනුව (ම්ලාදන් දොලාර්-Mladen Dolar is a Slovene philosopher) ‘අල්තූෂර්’ අනුමාන කරන ලද්දේ, දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන්නේ තමන්ගේ ගම මහරගම කියන පුද්ගලයා හරහා බවයි. ඔහුට අනුව දෘෂ්ටිවාදය ක්‍රියාත්මක කරන ‘ආත්මය’ මහරගම කියන පුද්ගලයා ය.  නමුත් ලැකානියානු මනෝවිශ්ලේෂණයට අනුව කොළඹ දෘෂ්ටිවාදය බිඳ වැටෙන තැනදී තමයි මින්නේරිය ‘ආත්මය’ -enjoying subject- බිහි වෙන්නේ. ආත්මීය සහ විනෝද වන ආත්මය වන්නේ, මින්නේරිය තමන්ගේ ගම යැයි කොළඹදී සඟවන ආත්මයයි. ඒ අනුව, අල්තූෂර් සිතූ පරිදි දෘෂ්ටිවාදය විසින් ආත්මයන් නිපදවන්නේ නැත. සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. මින්නේරියේ උපත ලද පුද්ගලයෙකු කොළඹදී සංකේතීය අතිරික්තයක් නිපදවයි. මෙම ‘සංකේතීය අතිරික්තය’ සංකේත ප්‍රබන්ධය තුළ බොරුවක් වුවත් එය හිතන ආත්මයකි. එය සංකේතීය අනන්‍යතාවයකි. එමඟින්, කොළඹ දී මින්නේරියෙන් එන කෙනෙකුට   අහිමි වන අනන්‍යතාවය (හිස් බව) නැවත අනන්‍යතාවයක් (ග්‍රාම්ස්චි බුද්ධිමතෙකු) ලෙස ස්ථාපනය කරගත හැකිය. එමඟින් විනෝද වීම ඒ පුද්ගලයාටම අවිඥාණකයි. මාක්ස්වාදයට අනුව පන්තිය කියන්නේ, කොළඹ දී තමන්ට ලැබෙන අනන්‍යතාවය-identity– නිශේධ කිරීම මිසක් එයට අනුරාගිකව ආදරය කිරීම නොවේ. මින් අදහස් වන්නේ, ‘පන්තිය’ යනු ආර්ථික දත්තයක් නොව ආත්මීය දත්තයක් බවයි.[ontology]

Dolar

              දෘෂ්ටිවාදය’ යනු, ‘ග්‍රාම්ස්චිවාදය’ නම් දෘෂ්ටිය සතු ග්‍රහණය තහවුරු කරන කොළඹ දී විනෝද වන ආත්මය (තමන්ගේ ගම ගැන කොළඹ දී බොරුවක් කීම නිසා හටගන්නා වැරදිකාර හැඟීම- වේදනාවGuilty subject definition-having committed an offense, crime, violation, or wrong, especially against moral or penal law) පවතින්නේ ද ග්‍රාම්ස්චිවාදය තුළම බව වටහා ගැනීමයි. මින්නේරියේ උපන් සංස්කෘතික පීඩිතයෙක් සහ ග්‍රාම්ස්චිවාදය යනුවෙන්  සහසම්බන්ධ ප්‍රතිපක්ෂයක් නැත. මෙම අස්ථාන දෙක අතර ඇත්තේ පසමිතුරුභාවයකි.-Antagonism- එය වාස්තවික කරුණක් නොවේ. එය ආත්මීය කාරණයකි. එය පුද්ගලයා තුළම ඇති ස්වයං ප්‍රතිවිරෝධයකි. ග්‍රාම්ස්චිවාදය ඒ අනුව සාරාත්මක දෘෂ්ටිවාදයක් (අදහසක්) හෝ පරාර්ථක දෘෂ්ටිවාදයක් (විශ්ව විද්‍යාල දැනුමක්) නොවේ. එය ඕපපාතික දෘෂ්ටිවාදයකි. එනම්, එහි උප්පත්තිය අඥානය. එබැවින්, එය පශ්චාත්-දෘෂ්ටිවාදීය. එය දෘෂ්ටිවාදයක් බව එයවත් නොදනියි. එය ක්‍රියාත්මක තලයේදී  ආත්මයට අවිඥාණකය.

පහත සම්බන්ධය CLICK කරන්න.

===============================+++++++++++++++++++++++

නැවත රටට දේශපාලන පක්ෂ අවශ්‍ය නම්, නැවත පක්ෂ, විපක්ෂ භේදය තහවුරු කිරීමට අවශ්‍ය නම්, මහින්ද රනිල් සුසංයෝගයෙන් ගැලවීමට අවශ්‍ය නම්,

ඔබට උත්තර යෝජනා නොකරන, නිවැරදි ප්‍රශ්නය ඇසීමට, අධ්‍යයනය කරන අප සමඟ එකතු වෙන්න.

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

click..

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

ඔබේ අදහස කියන්න...