When Los Angeles private eye J.J. “Jake” Gittes (Jack Nicholson) is hired by Evelyn Mulwray to investigate her husband’s activities, he believes it’s a routine infidelity case. Jake’s investigation soon becomes anything but routine when he meets the real Mrs. Mulwray (Faye Dunaway) and realizes he was hired by an imposter. Mr. Mulwray’s sudden death sets Gittes on a tangled trail of corruption, deceit and sinister family secrets as Evelyn’s father (John Huston) becomes a suspect in the case.

රෝමන් පොලොන්ස්කි අධ්‍යක්ෂණය කළ China Town (1974) චිත්‍රපටය ආරම්භ වන්නේ ”ගිටීස්” නමැති පුද්ගලික රහස් පරීක්ෂකයෙකු විසින් මිනීමැරුම් සිද්ධියක් සම්බන්ධව සිදුකරන පරීක්ෂණයක් සමඟයි. ආරම්භයේදී ලොස්ඇන්ජලීස්හී ජල හා විදුලි බල දෙපාර්තමේන්තුවේ හොලිස් නම් ප්‍රධාන ඉන්ජිනේරුවරයාගේ මරණය සියදිවි නසා ගැනීමක් ලෙස විශ්වාස කරන අතර එය මිනීමැරුමක් බව ගිටීස් හෙළිදරව් කර ගනී. ඔහුට පෙනීයන්නේ එය හොලිස්ගේ බිරිඳගේ පියා විසින් සිදුකළ මිනීමැරුමක් බවයි. නගරයේ ධනවත් ව්‍යාපාරිකයෙකු වන ‘නෝවා ක්‍රොස්’ තම දියණියගේ සැමියා ඝාතනය කළ මිනීමරුවා පමණක් නොව ඔහුට තම දියණියගෙන්ම දරුවෙකු සිටින බවද- incest – ගිටීස් දැන ගනියි. චිත්‍රපටය අවසානයේ සිය දරුවා ලබා ගැනීමට පැමිණෙන නෝවා ක්‍රොස් මුණගැහෙන ගිටීස් ඔහුගෙන් අසන්නේ විශාල ධනස්කන්ධයක් හිමි ඔබ මේ පාපයන් මගින් අත්පත් කරගන්නට උත්සාහ දරන්නේ කුමක්ද යන්නයි. නෝවා ඊට සරල පිළිතුරක් දෙයි, “අනාගතය” මිස්ටර් ගිටීස් “අනාගතය”.

[Today , we are not facing a crisis of historicity but ”futurity”.]

පවතින අර්බුදකාරී සමාජ තත්ත්වය තුළ අපට එක් පැත්තකින් ”පුද්ගල සතුට”-inner wealth- නැවත ලඟා කර දීමේ ලිබරල් විසඳුම් ඉදිරිපත් වෙමින් තිබෙන අතර අනෙක් අතින් ධනවාදී ආර්ථිකයක අනිවාර්යතාවයන් වූ දූෂණය හා අසමානතාවය විසඳිය හැකි ආකාරයේ විසඳුම් ඉදිරිපත් කර තිබේ.

බැලූ බැල්මට ලංකාවේ දේශපාලන ධාරාවන්ගෙන් එක් අන්තයක ජනතාවාදය නැමති නොඉඳුල් සිහිනයක් කරා යා හැකි බව සපථ කරයි. මෙහි අනෙක් අන්තය මගින් අපට විනෝද වීමට නොදෙන අනෙකෙක් පිළිබඳව වූ – රාජපක්ෂ හොරැ – ෆැන්ටසියක් පෙන්වයි. නමුත් මේ කිසිදු ව්‍යාපෘතියක් ධනවාදී තර්කනය- logic of capitalism- හා ආත්මීයත්වය – subject – අතර ඇති සම්බන්ධය විචාරය කිරීමේ උත්සාහයක නිරත වන බවක් පෙනෙන්නට නොමැත. මෙම ආකෘතීන් දෙක මගින්ම අනාගත පරිපූර්ණ විනෝදයක් අප වෙනුවෙන් මග බලා සිටින බවට වූ දෘෂ්ටිවාදී හා ෆැන්ටාස්මැටික පොරොන්දුවක් ලබාදෙයි. ex- jvpකාරයන් බලයට ආවාට පසු රට යහපත් වෙයි.

China Town චිත්‍රපටයේ අපට මුණ ගැසෙන නෝවා ක්‍රොස්ගේ චරිතය මගින් පෙන්වන්නේ ධනවාදී සමාජයක හිණි පෙත්තටම ළඟා වූ වූවෙකුගේ ජීවිතයයි. නමුත් ඝාතකයෙකු ලෙස හා දූෂකයෙකු ලෙස ඔහු හඹා යන දේ පිලිබඳව ඔහුටද අවිඥානිකය. එම අහිමි වස්තුව ඔහු අනාගතය යැයි කියයි. එසේනම් නෝවාටද විනෝද විය නොහැකි ලෙස පවතින බාධාව අප වටහා ගත යුත්තේ කෙසේද?

අනාගතය හැඟවුම්කාරකයක් ලෙස
Future as a Signifier- අනාගතය යහපත් වනු ඇත!

හැඟවුම සහ හැඟවුම්කාරකය අතර සෝෂරියානු වෙනස මගින් භාෂාව විශ්ලේෂණය කිරීම සංඥාර්ථවේදයයි.[semiotics.] එය සාරයන් සෙවීමෙන් ඛණ්ඩනය වී භාශාව පිළිබඳව නව විද්‍යාවක් ඉදිරිපත් කළේය. සෝෂියර්ගේ සාධාරණ වාග්විද්‍යාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී අපට හමුවන්නේ භාෂාව වෙනස්කම් වල එකතුවක් ලෙසයි. (System of Difference). අප සහ බාහිර ලෝකය අතර ඇති සංඥා වල වෙනස්කම් මඟින් සියල්ල හැඟවුකරණය වන අතර කිසිවකට එහිම වූ නෛසර්ගික සාරයක් නැති බව ව්‍යුහවාදය අපට උගන්වයි. [No Essence] වෙනස්කම් වල එකතුව පිළිබඳව සරල උදාහරණයක් ගතහොත් අපට “ගස” හැඟවුම්කරණය වන්නේ ගස පිළිබඳව අපේ මනසේ ඇති අර්ථයක් නිසා නොවේ -inner meaning- Phenomenon-, ගස පුටුවෙන් වෙනස් වන නිසාය.

”අනාගතය” හැඟවුම්කාරකයක් ලෙස වටහා ගැනීමට නම් ව්‍යුහවාදයේ ඉහත විශ්ලේෂණය හැඟවුම්කාරකයේ තර්කණය දක්වා විදාරණය කළ යුතුව තිබේ. එහිදී අපට මූලික ප්‍රවාද දෙකක් ඔස්සේ ඉදිරියට යා හැකිය.

1. Language: භාෂාව පිළිබඳව සෝෂියර්ගේ අදහස අපි සාකච්ඡා කළෙමු. එමගින් අපට හඳුනාගත හැකි වනේ අපගේ විඥානය තුළ කිසිඳු සාරයක් හෝ උත්තර්අනුභූතික හැඟවුමක් ඇතුලක – inside -අඩංගු නොවන බවයි. හැඟවුම්කරණය සිදුවන්නේ භාෂාවේ නිතී රීති මත පරායත්තවයි. සංඥාර්ථවේදයේදී ”දෙය”- the thing – නියෝජනය වන්නේ සංකල්පයක මගින් වන අතර ඊට ඇත්තේ හැඟවුම්කාරකය සහ හැඟවුම අතර සම්බන්ධයකි.

2. Subject: සංඥාව – sign – සහ හැඟවුම්කාරකය – Signifier- අතර වෙනසක් තිබේ. ලැකානියානු මනෝවිශ්ලේෂණය මගින් මෙම අදහස අර්ථය සහ හැඟවුම්කරණය අතර වෙනස ලෙසද ඉදිරිපත් වෙයි. එහිදී අර්ථය පරිකල්පනීය වන අතර හැඟුම්කරණය මගින් ගම්‍ය වන්නේ ආත්මය එක් හැඟවුම්කාරකයක් වෙනුවට වෙනත් හැඟුම්කාරකයකින් නියෝජනය වන බවයි.

[EX- GL = 94 – චන්ද්‍රිකා /2006 – මහින්ද /2024 සජිත්…]

මනෝවිශ්ලේෂණය මගින් හැඟුම්කාරකය-Signifier – ප්‍රමුඛ කරවන්නේ ඇයි? සෝෂියර්ගේ සංඥාර්ථවේදය – Semiotics – මගින් භාෂාව පිළිබඳව නව විද්‍යාවක් ගොඩනැගුණද ඊට ආත්මය නමැති ක්ෂේත්‍රයේ එක් කළේ මනෝ විශ්ලේෂණය මගිනි. එතෙක් අප දැන සිටියේ පුද්ගලයාට ඇත්තේ තාර්කික හා පරිකල්පනීය පැතිකඩක් පමණක් බව නම් මෙම නව එක්කිරීම මගින් පුද්ගල ආත්මයට අවිඥානික ක්ෂේත්‍රයක් පවතින බව පැහැදිලි වේ.

රෝග ලක්්ෂණයකින් කෙනෙකු සෘජුව මුදාගත නොහැක්කේ රෝගියා තම අසනීපය අනෙකෙකුට බද්ධ කරන නිසය.[Cause of Mental disorder is connected to other people. I suffer because of you.එනිසා විඳවීම දැනුමකි. දන්නා මුත් නොලකා හරින දැනුමකි – cynical distance to suffering.]

ඉහත සන්දර්භයට අනුව ආත්මීයත්වය-Subjectivity – පිළිබඳ ෆ්‍රොයිඩ්ගේ අදහස අපට සාකච්ඡාවට ගත හැකිය. ඒ අනුව ආත්මය දැනුමට සම්බන්ධ නොවන අතර එමඟින් අපගේ අවිඥානික ආශාව ප්‍රකට කරවයි. ආශාව කිසිසේත්ම සවිඥානිකත්වයට ලඝු කළ නොහැකිය.

සායනයට පැමිණෙන විශ්ලේෂිතයාට සිය ක්ෂතිමය ගැටලුව පිළිබඳව පහසුවෙන් කාල්පනික අදහසක් ගොඩනැගිය හැකිවේ. දෛනික ජීවිතයේදී අපද අපව කිසියම් පාලනයකට නතු කළ හැකි බව විශ්වාස කරයි. නමුත් අපගේ කතිකාව හිටිහැටියේ පීළිපන්වන ඊට ආගන්තුක යමක් මතුවන්නේ කෙසේද?. අපගේ කතිකාවේ මෙම අනෙක් මානය ලැකාන්ට අනුව අවිඥානයයි.[unconscious] එය හැඟවුම්කරණය වන්නේ සවිඥානික තලයේදී නොව වෙනත් හැඟවුම්කාරකයකට දක්වන සම්බන්ධයෙනි.

‘නෝර්වා ක්‍රොස්ගේ’ අනාගතය නම් ‘හැඟවුම්කාරකය’ සංඥාවක් ලෙස – Signifier as a sign- අප වටහා ගතහොත් ඊට ලබා දිය හැක්කේද පරිකල්පනීය අර්ථයකි.[imaginary idea] නමුත් නෝවා ඉල්ලා සිටින අනාගතය යනු පරිපූර්ණ සමස්තයයි. [Future as Totality] ඇලන් මිලර්ගේ වචනයෙන් කිවහොත් එය ලුබ්ධිමය වස්තුව සාක්ෂාත් කරගැනීමේ නොඉවසිල්ලයි. එය ආශාව පිළිබඳ හැඟවුම්කරණයකි.

අද දවසේ ”සිස්ටම් චේන්ජ්”- system change- ලෙසින් සමාජය තුළ වර නගමින් සිටින ඉල්ලීමද ඉහත සන්දර්භයට සාපේක්ෂය. ඊට අප සංවිධානය පරිකල්පනීය පිළිතුරක් ගොඩනොනගන හෙයින් බොහෝ දෙනකු තෝරා ගෙන ඇත්තේ ධනේශ්වර විරෝධය මහ පාරේ විසඳා ගැනීමටයි. නැතිනම් ”ජනතාව විමුක්ති පෙරමුණයි”. system change මඟින් ඉල්ලා සිටින්නේ පවතින ක්‍රමයේ අසංවිධිත බව කිසියම් සංවිධිත තලයකට රැගෙන එන ලෙසයි. ‘ජනතාව විමුක්ති පෙරමුණ’ ඊට පැරනොයිඩ් – paranoid -ආකෘතියකින් පිළිතුරු සපයා තිබේ. එනම් ඔබේ විනෝදය පැහැරගෙන ඇති අනෙකා ඔවුන් නම් කර ඇත.[ex- Namal] ගැටලුව ඇත්තේ මෙම නම් කිරීමේ පුනරාවර්තනයයි.[Repetition]

2009 වර්ෂයට පෙර සිංහල සමාජයේ රෝග ලක්ෂණය ලෙස ‘දෙමළා’ නම් කළ අතර එම බාධාව ඉවත් කිරීමෙන් සමාජය පරිපූර්ණ බව කරා යා හැකි යන දෘෂ්ටිවාදය සමාජය තුළ තහවුරු වී තිබුණි. නමුත් මෙම මෙම දෘෂ්ටිවාදී ව්‍යාපෘතිය සිංහල සමාජය පරිපූර්ණත්වය කරා රැගෙන නොගියා සේම අද වන විට එය නැවත නැවතත් වෙනත් මුහුණුවරකින් අප කරා පැමිණෙමින් තිබේ.

ධනේශ්වර විරෝධය සම්බන්ධව අපගේ දේශපාලන ස්ථාවරයට අවධානය යොමු කළ හොත් එය පදනම් වන්නේ ධනවාදී නිෂ්පාදන මාදිලිය පිළිබඳව ඇති සදාචාරමය විවේචනයන්ගෙන් හෝ ඉහත ආකාරයට කිසියම් සුසංවාදී බවක් ඇති කරගැනීමට නොවන බව පැහැදිලිය. බොහෝ ධනේශ්වර විරෝධී ව්‍යාපෘතීන් කේන්ද්‍රගත වී ඇත්තේ ධනවාදයේ ප්‍රතිවිරෝධතාවයන් සමනය කර නැවත සුසංවාදී සමාජයක් බිහිකර ගැනීමට වුවද අපගේ දේශපාලනය සංවිධානය වන්නේ ධනවාදී ක්‍රමයේ ලුබ්ධි ආර්ථිකය විචාරය කිරීමේ ව්‍යාපෘතියක් කරායි.

වෙළඳපළ තුළ ධනවාදී ආත්මයේ අපේක්ෂාවන් සකස්වී ඇත්තේ පරිභෝජනය හෝ නිෂ්පාදනය මගින් තෘප්තියේ උපරිම ලක්ෂයක් කරා ළඟා වීමට වුවද එහි අවිඥානික ආශාව යෙදී ඇත්තේ ඊට ප්‍රතිවිරෝධී ආකාරයටයි. ආශාව හරහා ආත්මය ලුබ්ධිමය වස්තුව සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කළද ආශාව පවතින්නේ එම උත්සාහය අසමත් වන තැනදීය. සරලව කිවහොත් ආශාව මිය යාමට නොදී පවත්වා ගැනීමට නම් ආශාව අතෘප්තිමත් විය යුතුය. ධනවාදය ආමන්ත්‍රණය කරන්නේ මෙම අතෘප්තියටයි. This is the point- This is the Girl…

මිනිස් ‘ආත්මය’ යනු පරාරෝපිත ආත්මයකි. මෙහි පරාරෝපණය යනු මාක්ස් සඳහන් කළ ලෙස ශ්‍රමිකයා සිය ශ්‍රමයෙන් නිපදවූ භාණ්ඩය අන්සතුකරණය වීම නොව ආත්මය ගොඩනැගීමේ ක්‍රියාවලියයි. වඩා සරලව කිවහොත් කුඩා දරුවෙකු භාෂාවට ඇතුළු වීමේ ක්‍රියාවලියයි. දරුවා භාෂාවට අභිමුඛ වීම මගින් එතෙක් තමන්ට අයිති නොවූ හැඟවුම්කාරකයකින් තමන්ව ප්‍රකාශමාන වීමට පටන් ගනියි. මෙය එක්තරා ආකාරයක බලහත්කාරී තෝරාගැනීමකි. තමන් හැඟවුම්කාරකයකින් නියෝජනය වීම මගින් ආත්මයට පෙර තිබූ සමස්තයක් අහිමි වී ඇති බව උපකල්පනය කරයි. මෙම සමස්තය නම් පරිපූර්ණ විනෝදය පිළිබඳව වූ මායාවයි. සංකේතනයේ ඇති සීමාකාරී බව නිසා ආත්මය විසින් පසු ආවර්තිතව මෙම අහිමිවීම උපකල්පනය කරන අතර එය සැබවින්ම ආත්මයට හිමිව තිබූ පරිපූර්ණත්වයක් නොවේ. ඒ අනුව අපගේ ආත්මීයත්වය කිසියම් අඩුවක් හෝ අහිමිවීමක් සමග ගොඩනැගී ඇති අතර මෙම අඩුව මගින් අහිමි වස්තුව ද (lost object) එකවර නිර්මාණය කරයි. අප ආශා කරන ආත්මයන් ලෙස ගොඩනංවන්නේ මෙම අඩුවේ නැතිනම් කැපකිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

ධනවාදය මගින් ලබා දෙන්නේ ආත්මයේ මෙම ව්‍යුහාත්මක අඩුව පුරවාලන නැතිනම් ආත්මයට අනාගතයේදී පරිපූර්ණ විනෝදයක් අත්කර ගත හැකි යන පොරොන්දුවයි. ඒ අනුව ධනවාදය විසින් අහිමි වස්තුව (Lost object) සාක්ෂාත් කර ගැනීමේ ”වියනොහැකියාව” (Impossibility) ඉවත් කර තිබේ. නොවා ක්‍රොස් ගිටීස්ගේ ප්‍රශ්නයට “අනාගතය” යැයි පිළිතුරු දෙන විට ආත්මයේ සැබෑ ආශාව කුමක්ද යන්න අපට එමඟින් පැහැදිලි වේ.

මාක්ස් විසින් ධනවාදය ක්‍රියා කරන්නේ සමුච්චනය (Accumulation) මත පරායත්ව යැයි කිවූ විට මනෝවිශ්ලේෂණය මගින් අපට එය නැවත සංකල්පගත කළ හැක. සෑම මිලදී ගැනීමක්ම හෝ නිෂ්පාදනයක්ම අවසානයේදී එහි පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා බලාපොරොත්තු වන තෘප්තියේ අසමත් බවක් ජනිත කරවයි. ධනවාදී තර්කනය මගින් මෙම අතෘප්තිමත් ආත්මයට ලබා දෙන විසඳුම නම් අනාගතයේ දිනක පරිපූර්ණ විනෝදයක් ළඟා කරන වස්තුව හිමිකර දීමේ පොරොන්දුවයි.ex- i phone.

එම පොරොන්දුව මගින් ධනවාදී තර්කනය සූරා කෑමට ලක් කරන්නේ ශ්‍රමිකයාගේ ශ්‍රමය- labor- නොව ආශාවයි – desire. ධනවාදයේ නවෝත්පාදනයන් මගින් මූර්තිමත් වන්නේද මෙම ව්‍යුහාත්මක අඩුව මගින් ආශාව නොනැසී පවත්වාගෙන යාමේ උත්සහයයි. ”අනාගත විනෝදය” පිළිබඳව ධනවාදය ලබා දෙන පොරොන්දුව සරල පාරිභෝගික භාණ්ඩයක සිට ආදරය, දේශපාලන, හා ලිංගිකත්වය දක්වා දිගු වූවකි. එය වටහා ගැනීම සියලු දේශපාලන ව්‍යාපෘතීන් වලට මගහැර යා නොහැකි ක්ශේත්‍රයක් බව මනෝවිශ්ලේශණය අපට උගන්වා තිබේ.

”අනාතය” නම් පරිපූර්ණ විනෝදය සඳහා ගෙවිය යුතු මිල.

Ramesh.

ඔබේ අදහස කියන්න...