Home Blog
A-Z ව්‍යාපාරය
'මහින්ද චින්තනය' පැවති පසුගිය දශකය පුරා අපට විධිමත්ව දේශපාලනය කිරීමට හැකිවූයේ නැත. ඒ පිළිබ්දව අපට චෝදනා රාශියක් එල්ල විය. ලෙනින්ගේ සිටි ඩැනියෙල් ඩර්ටේගා දක්වා වාමාංශිකයන් පන්ති අරගලයේ ව්‍යාජ ආකෘතියක් වූ ෆැසිස්ට්වාදය ඉදිරිපිටදී 'ප්‍රජාතන්ත්‍රවාදය' වෙනුවෙන් පෙනී සිටියහ. දේශපාලනය වෙනුවට පසුගිය කාලයේ විවිධ ව්‍යාපාර කරන අයට අපට මඩ ගැසුවේ 'හුත්තෝ කෝ යකෝ විප්ලවය' කියාය.
දැන් අප වැඩ පටන් ගන්නෙමු. අප දැන් ඊට...
ප්‍රබුද්ධත්වය අවසන් ද ?
දාර්ශනික වශයෙන් ගත්කල ප්‍රබුද්ධත්වයේ යුගය වශයෙන් සලකන්නෙ නුතන යුගයයි. එනම් 15 වන සියවසෙන් පසු යුගයයි. මෙම යුගයේ දී ප්‍රධාන උත්සහය වුවේ මධ්‍යතනික ආධ්‍යානග්‍රාහිත්වයෙන් ඉවත්ව යථාර්තය පිළිබඳ ඥානය ලබා ගැනීමයි. එහෙත් අප ජිවත් වන මේ යුගය වන විට ප්‍රබුද්ධත්වය සක්ෂාත් කර ගැනීමේ උත්සහය ක්‍රමයෙන් හීන වී ගොස් ඇති සෙයක් දිස් වෙයි. තව දුරටත් කිසිවෙක් ප්‍රබුද්ධත්වය ලබා ගැනීමේ මාර්ගය...
සන්තියාගෝ නසාර් – නායකයෙක් ද?
රැකියාවක් සඳහා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ස්ථානයක් පදිංචියට තෝරාගත් ඩිල්ෂාන් පතිරණ සහෝදරයා සමඟ අප සංවිධානය පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව 'සමබිම’ YouTube නාලිකාවේ ප්‍රචාරය විය. එය, නැරඹූ කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පදිංචි උදිත සහෝදරයා උක්ත සම්මුඛ සාකච්ඡාව අරබයා මුඛ්‍ය ප්‍රශ්ණ දෙකක් අපගෙන් අසා ඇත.
(A) පක්ෂයේ විධිමත් විචාර න්‍යායන් ට අනාවරණය වූ පුද්ගලයකු සහ දීප්ති ගේ මග පෙන්වීම යටතේ මාර්ගෝපදේශ ලැබූ පුද්ගලයකු...
ජීවිතයට සිදුවීමක්
සාම්ප්‍රදායික හෝ යටත් විජිත නොවන නුතන ධනවාදී සමාජය ගැන ශ්‍රේෂ්ඨම සොයා ගැනීම් දෙක කළ චින්තකයන් දෙදෙනා වන්නේ, කාල් මාක්ස් සහ සිග්මන් ෆ්‍රොයිඩ් ය. අන්හැම දෙයකදීම වගේ, අපේ වාසනාවට හෝ අවාසනාවට හෝ මේ චින්තකයන් දෙදෙනා ගැනම රටේ තිබෙන්නේ, නිශේධනාත්මක ආකල්පය. මේ චින්තකයන් දෙදෙනාම ගැන ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළත් උගන්වන්නේ නැත. පොඩ්ඩක් හරි උගැන්වූවත් ඒ උගන්වන්නේ...
විද්‍යා ප්‍රබන්ධ සහ යුතෝපියාව
70-80 දශකවල ලංකාවට පැමිණි ස්ටීවන් ස්පිල්බර්ග් සහ ජෝර්ජ් ලුකාෂ්ගේ චිත්‍රපට මමත් ඇතුළුව ඒවා නැරඹූ එවකට ප්‍රේක්ෂකයන් වටහා ගත්තේ, විද්‍යා දැනුමේ අපරිමිතය තුළ ය. එකල, විද්‍යා ප්‍රබන්ධ ගැන සංවාද කරන ලද්දේ, එඩ්වින් ආරියදාස මාධ්‍යවේදියා ය. ආරියදාස මහතා සහ ලාංකීය ප්‍රේක්ෂකයන් මෙම විද්‍යා ප්‍රබන්ධ කතන්දර දුටුවේ, සංගත විශ්වයක විශ්මිත අපරිමිත ලෝකයක් ලෙසිනි. මිනිසාගේ ස්වාධීන විද්‍යාත්මක දැනුමට පෘථිවියේ ගුරුත්ව බලයෙන්...
‘ගාඩි‘; ඉතිහාසය ස්ත්‍රී ආශාවක් ලෙස
“.....ඔබ අර්ථය සොයා යන්නේ නම් (චිත්‍රපටයේ) සිදු වන සියලු දේ ඔබට මඟ හැරෙනු ඇත. චිත්‍රපටය අතරතුර සිතීම මඟින් චිත්‍රපටය නැමැති අත්දැකීමට බාධා පමුණුවයි. ඔර්ලෝසුවක් කැබලි කළ විට එය ක්‍රියා නො කරයි. ඒ ආකාරයට කලා කෘතියක් කඩා බිඳ දැමීම මඟින් හැර ඔබට එය විශ්ලේෂණය කිරීමට වෙනත් මගක් නො මැත.” - අන්ද්‍රේ තර්කොව්ස්කි.
ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍රපටය...
පශ්චාත්-නූතන පංචශීල මාර්ගෝපදේශ
පෝලන්ත ‘සමාජ යථාර්ථය’ තම මාධ්‍ය වූ සිනමාව පදනම් කොට නිරූපණය කරන්නට දරණ ලද සියලු අවංක උත්සාහයන් වියැකී යාම නිසා ක්‍රිස්ටෝෆ් කිසලොව්ස්කි යථාර්ථයේ ප්‍රබන්ධ මානය වෙතට ආපසු ගමන් කරන්නට විය. ඒ සඳහා, ඔහුට පෝලන්තය අතහැර පැරීසිය බලා ගමන් කරන්නට සිදු විය. පැරීසියේ දී, ඔහුගේ විශිෂ්ට නිර්මාණ තුනක් බිහි විය.
ලංකාවේ ‘සමාජ යථාර්ථයට’ ද පෝලන්ත සමාජ යථාර්ථයට සොලිඩැරිටි...
අප ජීවත් වන යුගය ගැන විශ්ලේෂණයක්
මොහොතකට මෙහෙම සිතන්න. යථාර්ථය කියන්නේ කාසියක් (Coin) කියලා සිතන්න! එසේ නම්, යථාර්ථයට පැති දෙකක් තිබේ. එනම්, යථාර්ථය කියන අදහස මතුපිටින් නොපෙනුනාට ඊට කතන්දර නැතහොත්, ප්‍රබන්ධ දෙකක් තිබේ. එක් පැත්තක, ‘සංකේතීය ප්‍රබන්ධයක්’ (Symbolic Fiction) තිබේ. අනෙක් පැත්තෙන්, අවතාරයක් ලෙස සකස් වූ (Spectral Apparition) ප්‍රබන්ධයක් තිබේ.
මේ මෑතකදී තම අලුතින් ගොඩ නගන ලද ලක්ෂ 300ක පමණ නිවසේ පිහිණුම් තටාකයක මියගොස්...
සෙවන් සමුරායි සමඟ ගැටලුවේ හරය
සමකාලීන දේශපාලන ගැටලුව වන්නේ, ‘දේශපාලන-ආර්ථික’ තලයක ‘අතිරික්ත ශ්‍රමය’ සූරා කෑම පෙන්වා දීම (එය කිසිදු අගතියකින් තොරව ඕනෑම සුදු කරපටි රාජ්‍ය නිලධාරියෙකුට පවා සිදු කළ හැකි විනෝද ක්‍රීඩාවකි) නොව ඒ තුළින්ම සිදු වන ස්පෝටනය හරහා විද්‍යාමාන වන ‘ලුබ්ධි-ආර්ථික’ තලයක ‘අතිරික්ත විනෝදය’ මගින් සපයන පගාවන් හරහා පවතින ක්‍රමයට මිනිසා බැඳී ඇති ආකාරය පෙන්වා දීමයි.
කෙනෙකුට ඉහත අදහස දුෂ්කර යැයි පෙනී...
එක්සත්ජනපදකරණය වන සිංහල දේශපාලනය
හනා අරෙන්ඩ් කියන ජර්මානු දාර්ශනික ස්ත්‍රිය 70 දශකයේ මුල දී ඇමරිකා එක්සත් ජනපදය ගැන අපූර්ව විනිශ්චයක් ඉදිරිපත් කරන ලදී. එවකට, ඇමරිකාව වියට්නාමය තුළ දික්ගැස්සුණු ගරිල්ලා යුද්ධයකට මැදිව සිටියේ ය.
අරෙන්ඩ් ‘එක්සත් ජනපදය’ හඳුනාගත යුතු ආකාරය ගැන යුරෝපීය වාම බුද්ධිමතුන්ට මෙසේ පවසයි:
“ඇමරිකාව කියන්නේ, ජාතික රාජ්‍යයක් (Nation State) නොවේ. එහි ''ජනපද'' එක්සත් වෙලා තියෙන්නේ, අතීත...
ගාඩි චිත්‍රපටයේ හිල
ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ චිත්‍රපට පිළිබඳ දාර්ශනික අදහස් සහ ප්‍රවාද ගොඩනඟන ලද 'ගිල්ස් ඩලූස්' නම් ප්‍රංශ දාර්ශනිකයා හිච්කොක්ගේ සිනමාව සිතන සිනමාවක් ලෙසින් හඳුන්වන ලදී. ඔහු හිච්කොක්ගේ සිනමාව පිළිබඳව පහත ආකාරයේ ප්‍රවාදයක් නිර්මාණය කරන ලදී.
“හිච්කොක්ගේ චිත්‍රපට ගොඩනැගෙන විදිහ බැලුවම එය පද දෙකකින් පැහැදිලි කරන්න බැහැ. එනම්, අධ්‍යක්ෂකවරයා සහ ඔහු/ ඇය විසින් නිෂ්පාදනය කළ නිර්මාණය. ඔහු තුන්වැනි සාධකයක් ද නිපදවයි. ඒ...
ඔබට අවශ්‍ය පුනර්ජීවනයකින් තොර විප්ලවයක් ද?
“ සිදු වූ පුනර්ජීවනය නිසා ජර්මනියට තම දොරකඩ ඇති වූ කළබගෑනිය මග හැරිය හැක්කේ, විප්ලවයෙහි තියුණුතම හා උදාසීනතම ප්‍රේක්ෂකයා ලෙසයි. ආගම තුළ නිදහස උදාකර ගත් ජර්මානුවන්ට ආගමෙන් ඔබ්බට ළඟා කරගත යුතු නිදහසක් නොමැත්තේ, ආගමික ආයතන දැනටමත් විසරණය වී එහි ලෞකික ආධිපත්‍යය දුර්වල වී ඇති නිසා ය. රෝමයට එරෙහි කැරැල්ල දැනටමත් ඒකාධිපතිත්වය ලිහිල් කර...