‘සුන්දරත්වයට පසු කලාව’ නම් පොත අපගේ දේශපාලන සංවිධානය විසින් හිස්ටීරියාව පොතට පසුව ලංකාවට ඉදිරිපත් කරන විශාලතම ව්‍යාපෘතිය යි.
After More Than a Decade of Controversy and Delays, a Massive New Museum for Edvard Munch Has Opened at Last in Norway
At 13 stories and 283,000 square feet, it’s one of the largest single-artist museums in the world.
The MUNCH museum in Oslo, Norway. Photo: Einar Aslaksen. Courtesy of MUNCH.
‘හිස්ටීරියාව’ පොත (ලිපි එකතුව) යනු, ලංකාවේ වියමනක් සහ එහි නිෂ්පාදකයන් අතර වඩාත්ම නරුමවාදී පරතරයක් පැවති නිෂ්පාදනයකි. අදටත් ‘හිස්ටීරියාව’ සහ ලාංකිකයන් අතර ඇත්තේ, භීතිය මුසු විකර්ශන ප්‍රතිචාරයකි. චිරාත් කාලයක් ආත්ම ගවේෂණය මත පදනම් වූ ආගමක් අදහන රටක පුදුමයට මෙන් හිස්ටීරියාව විකර්ෂනය විය.
The Death of Marat – The story of Marat’s murder by Charlotte Corday bears only the remotest resemblance to that of Munch and Tulla Larsen but evidently it was enough for Munch’s symbol-stretching mind. The idea may have been suggested by David’s famous painting which, like the present picture, is based on a severely classical design of horizontals and verticals parallel to the picture plane. A nude Munch lying on a bed, blood dripping from his wounded hand, is substituted for Marat dying in his bath, and a nude Tulla, an erect frontal figure with her accomplished deed behind her, for the upright packing-case in David’s picture.
පෘථිවි කේන්ද්‍රවාදය ප්‍රතික්ෂේප කර සූර්ය කේන්ද්‍රවාදය විද්‍යාත්මක කතිකාවකට අනුව විග්‍රහ කරන ලද්දේ, නූතන විද්‍යාවේ පියා ලෙස සැලකෙන ගැලීලියෝ ගැලිලි විසිනි. දුරේක්ෂය සොයා ගැනීම මඟින් ඔහු එය ඉටු කරන ලදී. 1882 වන විට පල්ලිය විසින් ගැලීලියෝගේ මතය පිළිගන්නා ලදී.
ඉතාලි ජාතික ගැලලියෝ ගැලලී භෞතික විද්‍යාඥයෙකු, ගණිතඥයකු, තාරකා විද්‍යාඥයකු සහ දාර්ශනිකයෙකු වූ අතර විද්‍යාත්මක විප්ලවය / පුනරුදය උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ මූලික ක්‍රියාකාරකම් අතරට දුරේක්ෂය වැඩි දියුණු කිරීම සහ එමගින් තාරකා විද්‍යාත්මක සොයාගැනීම් සිදු කිරීම සහ කොපර්නිකානු වාදයට සහය පළ කිරීම ද වේ.
අප ජීවත්වන යුගයේ දී එකිනෙකට පරස්පර මුග්ධභාවයන් නැතහොත්, මෝඩකම් ආකෘති දෙකක් ඇත. එනම්, යථාර්ථය තාර්කිකව ටක්කෙටම වටහා ගන්නා අය යි. මේ ගොඩට තමලු මලිත්ත පියදිගමව පවා ඇතුල් කළ හැකිය. ඔහු පෘථිවි කේන්ද්‍රවාදයේ පවා තාර්කික පැත්ත තවමත් පිළිගන්නා පුද්ගලයෙකි.
දෙවන මුග්ධ ආකෘතිය තරමක් ආකර්ෂනීය එකකි. යථාර්ථය කුමක් බව ඔප්පු වුවත් ඩොක්සාව නැතහොත්, පොදු ජනයාගේ දැනුම නිවැරදිය යන අදහස පිළිගන්නා ස්ථාවරය යි. ඔවුන් දෘෂ්‍යමානයේ පැවැත්මට අභියෝග කරන්නට යන්නේ නැත.
නමුත්, ‘සුන්දරත්වයට පසුව කලාව’ නැතහොත්, ‘සුන්දරත්වයට සහ තාර්කික ඥාණයට පසුව කලාවට, සංස්කෘතියට, දේශපාලනයට සහ ජන ජීවිතයට සිදු වී ඇති විපර්යාසය කුමක් ද’ යන්න කටවහරින් සාකච්ඡා කරන මෙම කෘතිය කියවිය යුත්තේ ‘මන්ද-බුද්ධිකයෙක්’ විසිනි.
මේ යුගයේ මන්ද-බුද්ධිකයෙක් යනු කවුද? මන්ද-බුද්ධිකයන් නොවන්නේ කවුද? ඒ සඳහා දිය හැකි පූර්වාදර්ශය කුමක්ද? තමලු මලිත්ත නිසැකයෙන්ම මන්ද-බුද්ධික නැත. ඔහු, පෘථිවි කේන්ද්‍රවාදය පවා තවම පිළිගැනීමට තරම් තාර්කික බුද්ධිමතෙකි. අනෙක් තැනැත්තා, වංගීස සුමනසේකර ය. ඔහු මගින් නියෝජනය වන්නේ, වෙනත් අන්තයකි. ඔහු ‘යථාර්ථය’ පිළිබඳ අදහස ඩොක්සාකරණය කරමින් සිටියි. ඔහු හිස් බවට එරෙහිව යම් දෙයක් (Something instead of Nothing) අවධාරණය කරයි. ඔහුට අනුව, යථාර්ථය සම්පූර්ණ කරන අතිරික්තයක් (Excess) එහිම ගිලී ඇත. ඒ අර්ථයෙන්, ඔහු තමලු මෙන් නොව විද්‍යාව නිදර්ශනය කරන්නෙකි.
නමුත්, ‘සුන්දරත්වයට පසුව සංස්කෘතිය සහ දේශපාලනය’ නම් අපගේ නව කෘතිය කියවිය යුත්තේ ‘මන්ද-බුද්ධිකයන්’ විසිනි. මෙහිදී, ‘මන්ද-බුද්ධික’ යනු, මන්දබුද්ධික යන පැරණි සංකල්පය නොවේ. මන්ද යනු, ”මද” නොහොත් බුද්ධියට නොඇලී බුද්ධියට ආදරය කිරීමයි. ඒ කෙසේද?
ගැලීලියෝ පිළිබඳ ජනප්‍රවාදයට අනුව, අපගේ ග්‍රහලෝක පද්ධතියේ කේන්ද්‍රය පෘථිවිය නොව සූර්යයා බව මුලින්ම ඔප්පු කළේ ඔහු ය. මේ අදහස, 17 සියවසේ පල්ලියේ මතවාදය සමඟ එකඟ වූයේ නැත. ඔවුන් ගැලීලියෝගේ අදහස ප්‍රතික්ෂේප කරන ලදී. මේ සියල්ල ජනප්‍රවාදයන් ය. පල්ලියට එරෙහිව එක දිගට ක්‍රියා කිරීම දුෂ්කර නිසා ගැලීලියෝ එක්තරා සුවිශේෂී ‘ආත්මීය ස්ථාවරයක්’ (Subjective Position) රඳවා ගන්නා ලදී. එනම්, And yet it moves. ඒ කියන්නේ, ‘ගැලීලියෝ වන මට අනුව එය චලනය වන්නේ මෙසේ වුවත්, තවමත් එය චලනය වන්නේ පල්ලියට අවශ්‍ය අයුරිණි’. ජිජැක් වගේ දාර්ශනිකයෙක් ගැලීලියෝගේ මෙම ආත්මීය ස්ථාවරය ස්ථාපිත කරන්නේ, සුවිශේෂ ‘මන්ද-බුද්ධික’ ස්ථානයකය. ගැලීලියෝ විසින් යථාර්ථයට අසම්පූර්ණ බවක් යෝජනා කරන ලද්දේ, ඔහු ‘මන්ද-බුද්ධිකයෙක්’ වූ නිසා ය.
සරලව කිවහොත්, අපි යථාර්ථයට සහ ඉතිහාසයට පිටින් එය පරිපූර්ණ කරන සත්‍යයක් හෝ න්‍යායක් සොයන්නෙමු.[try to complete reality and history] නමුත්, මේ දෙකම අසම්පූර්ණ ප්‍රපංචයන් ය. යථාර්ථයේ සහ ඉතිහාසයේ විදග්ධ තර්කයට යටින් අතාර්කික විනෝදයක් තිබේ.[enjoyment] එය, යථාර්ථය තුළ තිබෙන ඊට වඩා අඩු , අවිදග්ධ, අශ්ලීල, අවිඥාණක අඩංගුවකි. එනම්, යමක් පවතින්නේ යථාර්ථය වැනි අවසන් වශයෙන් හිස් දෙයක් නිසා නොව යථාර්ථය තුළ හිස් බවට වඩා සෘණ අශ්ලීල ආධාරකයක් තිබෙන නිසා ය (Less than Nothing). එම නිසා, යථාර්ථය තුළ තිබෙන ඊට වඩා අසාර දෙය වටහා ගැනීමට මන්ද බුද්ධියකට මිසක් Smart බුද්ධියකට නොහැකිය. ලංකාවේ වම්මුන්ට අපගේ දේශපාලන දර්ශනය වටහා ගැනීමට නොහැකි වන්නේ, ඔවුන් තාර්කික බුද්ධිමතුන් වන නිසා ය නැතහොත්, ඩොක්සාවට යට වන මෝඩයන් නිසා ය.
නිර්මාල්ගේ ඉතිහාස ව්‍යාපෘතියේ ‘මර්තේලිස්’ කියන්නේ සමසමාජ යථාර්ථයේ අඩුවයි; කිහිල්ලයි නැතහොත්, උන්මන්තකභාවය යි. නන්දන වීරරත්නට අනුව, සමසමාජය සතු යථාර්ථයේ ගැටලුව තිබෙන්නේ එහි ඊට වඩා දෙය වන එන්. එම්.ගේ ස්ත්‍රී ධූර්තය තුළ ය. එවිට, ඉතිහාසය සතු භෞතික නිමේෂ කියවීමේදී ‘මන්ද-බුද්ධික’ ස්ථාවරය දේශපාලනික වෙයි.
මේ ඉරිදා [22] මේ පොත නිල නොවන ආකාරයට රුසියන් සංස්කෘතික කේන්ද්‍රයේ දී ප්‍රකාශයට පත්වෙයි. අපි ඉදිරි සති දෙකක් ඇතුළත සතියේ දිනක දී J.R Center හෝ පදනම් ආයතනයේ දී පොත නිල වශයෙන් ප්‍රකාශ කර පුළුල් සංවාදයක් සහිතව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු. එම නිසා, අපි රටේ සිටින ‘මන්ද-බුද්ධිකයන්ට’ මේ පොත අරගෙන කියවන්න කියා ආරාධනා කරන්නෙමු.
ඊට අමතරව, ඉරිදා පැවැත්වෙන ‘නාරද බක්මීවැව’ සමඟ සංවාදයේ දී ස්ටාලින්වාදය සහ කලාව අතර පැවති ‘අලුත් මිනිසා’ සංකල්පය ගැන විග්‍රහයක් ඉදිරිපත් කරනු ලැබේ. කලා විචාරය සඳහා මෙතෙක් භාවිතා කළ ‘අන්තර්ගතය’ වෙනුවට ‘ආකෘතිය’ සතු ස්වාධීන තර්ක පිළිබඳව උදාහරණ සහිත නිදර්ශනයන් ඉදිරිපත් කරනු ලැබේ. ඔබ රට අතහැර නොයා මෙරටම ජීවත් වීමට අදහස් කරන්නේ නම් මෙම අවස්ථාවට සහභාගී වන්න!
තමලු මලිත්ත මෙන් අපි කේන්ද්‍රවාදයන් පිළිබඳව මෙලෙසින් සිතමු! දීප්ති කේන්ද්‍රවාදයෙන් ඉවත් වෙමු!
සමබිම.