කොළඹ විශ්ව විද්‍යාලයේ ලලිත කලා පීඨයේ සහ ඩිජිටල් ෆිල්ම් ඇකඩමියේ ඉගැන්වීම් කටයුතු කරන වංගීස සුමනසේකර විසින් සිදු කරන ලද ලිංගික හිංසනයන් කිහිපයක් සම්බන්ධයෙන් අප මේ වන විට කථා කර තිබේ. වංගීස අතින් ලිංගික හිංසනයන්ට ලක් වන ස්ත්‍රින් කොටස් තුනකට වර්ග කළ හැකිය.
1. ලිංගික හිංසනයට විරෝධය පල කරමින් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන වලට පැමිණිළි කරන ස්ත්‍රීන්.
2. ලිංගික හිංසනයට විරෝධය දක්වමින් තම ආත්ම ගෞරවයට කැළලක් ඇති වේ යැයි බියෙන් නිශ්ෂබ්දව සිටින ස්ත්‍රීන්.
3. ලිංගික හිංසනයන්ට ලක් වීමට අවිඥාණිකව කැමති ස්ත්‍රීන් . ( උදා – ඩේවිඩ් ලින්ච්ගේ ‘Blue Velvet‘ චිත්‍රපටයේ ඩොරති වැලන්ස්ගේ චරිතයට මැර නායකයා පහර දෙන විට ඇය ඊට ආලය කිරීම. හිස්ටෙරික වනවාට වඩා ඇය අනන්‍යතාවයට කැමතිය. )
අනාගත ලලිතකලා ශිෂ්‍යාවක්
මෙවැනි වර්ගීකරණයක ස්ථානගත වන ස්ත්‍රියක් සමාජය වෙත ප්‍රකාශමාන කරන්නේ සමාජය තුළ පවතින ගතිකත්වයකි. ඒ මන්ද විදේශීය විශ්ව විද්‍යාලයක් තුළ මෙවැනි සිදුවීමක් වූයේ නම් අනිවාර්යයෙන්ම එකී ශිෂ්‍යාව විශ්ව විද්‍යාල පාලනාධිකාරියට ඒ සම්බන්ධයෙන් පැමිණිළි කරන අතර හිංසනය සිදු කළ ගුරුවරයා වහාම මානසික රෝහලකට යොමු කර චිකිත්සාවකට භාජනය කරවයි. එසේත් නැතිනම් එම ගුරුවරයාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරා සිරභාරයට ගනියි. නමුත් ලංකාවේ පවතින පසුගාමීත්වය හමුවේ සිදුවන්නේ විශ්ව විද්‍යාල සිසුන් එම ගුරුවරයාට ප්‍රසිද්ධියේ පහර දීමයි. සංකේත නීතිය බිද දැමීමට අපි අවිඥාණිකව ආශා කරන්නේ ඇයි ? සිතන්න….
විශ්ව විද්‍යාල ගුරු වෘත්තිය යනු අද වන විට කිසිදු වගකීමක් නැතිව නිදහසේ කාලය ගත කරමින් දෛනික පැමිණීමේ ලේඛනයේ අත්සන් නොකර සිය අධ්‍යනයන් හා උගැන්වීම් පුනරීක්ෂණය නොකර සිටිය හැකි රැකියාවක් බවට පත්ව තිබේ. විශ්ව විද්‍යාල වල ඉගැන්වීමට සුදුසු පුද්ගලයන් වර්තමානයේ විශ්ව විද්‍යාල වල පවතින ගතිකත්වයන් කෙරෙහි කළකිරී පාසල් වල ගුරුවරුන් ලෙස සේවය කරමින් සිටියි. පුක දී විශ්ව විද්‍යාල ආචාර්යවරයකු වනවාට වඩා පාසලක ගුරුවරයෙකු ලෙස සේවය කිරීම හොද යැයි ඔවුහු සිතති.
දැන් අපි මෙම තත්ත්වය සමාජයට අදාළ කරමු. මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ සීඝ්‍රයෙන් ෂෙයා වන කාන්තාවක් සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අතර ඇතිවන බහින්බස්වීමක් ඇතුළත් වීඩියෝව පිලීබදව මොහොතක් ඔබේ අවධානය යොමු කරන්න.
එම සිද්ධියට භාජනය වන පුද්ගලයන් කොටස් තුනකට වෙන් කළ හැකිය.
1. ස්ත්‍රිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනා.
2. එම අවස්ථාව රහසින් වීඩියෝ කරන පුද්ගලයා.
3. ජනමාධ්‍ය.
බොහෝ වාමාංශිකයන් වත්මන් සමාජය තුළ පන්තීන් වෙන් කරන්නේ කෙසේදැයි යන්න පිළිබද නිවැරදි සූත්‍රගත කිරීමක් කරගැනීමට නොහැකිව පඹ ගාලක පැටලී සිටියි. පැරණි සමාජය මියගොස් තිබේ. අලුත් සමාජය තුළ වාමාංශික දේශපාලනය ව්‍යුහගත විය යුත්තේ කෙසේදැයි යන්න සහ අලුතින් වම සංවිධානය විය යුත්තේ කෙසේ දැයි යන්න සිතීමට කවුලුවක් මෙම ලිපිය හරහා නිර්මාණය වෙයි. එම කවුලුව විවර කිරීම සදහා ඊට අදාළ යතුර ඇත්තේ කා අත දැයි ඔබම කල්පනා කර බලන්න. ( යතුරු ප්‍රශනය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සිට දැන් ලිබරල් ධනපතියකු වීමට උත්සහ කරන පුද්ගලයකු සතු බුද්ධිමය දේපළකි )
අදාළ වීඩියෝ පටයේ සිටින ස්ත්‍රිය එක්තරා මොහොතක පොලිස් නිලධාරීන් දෙදෙනාට මෙසේ ප්‍රකාශ කරයි. ‘‘ තමුසෙලා මොක්කුන් ද මට. රත්තරන් මුදු අතේ දාගෙන ඉන්න එකෙක් ඔතන හිටියනම් මම කරන දේ බලාගන්න තිබුණා ‘‘
මෙම ප්‍රකාශය තුළින් අපට වර්තමානයේ පන්ති පරතරය බිහිවන ස්ථානය සළකුණු කළ හැකිය. මෙම කාලයේ පන්තිය ස්ථානගත වන්නේ අවිඥාණය තුළය. එම ස්ත්‍රිය කරන ප්‍රකාශය හරහා ප්‍රකාශමාන වන්නේ එයයි. සමාජය තුළ පන්ති තියෙන්නෙ කොහෙද කියල අහන ලිබරල් මහත්වරුන්ට දැන් තේරෙන්න ඕනෑ ග්‍රහලෝක දෙකක ජීවීන් මෙම සිදුවීමට මුහුණ දෙන බව.
A. පොලිස් නිලධාරීන් – පීඩිත පන්තිය.
B. ස්ත්‍රිය – පොහොසත් පන්තිය.
එමෙන්ම පොදු අවකාශයක් තුළ සිදුවන මෙම සිදුවීම පුද්ගලික අවකාශයක් ලෙස සළකා වීඩියෝ කිරීම මූලික මිනිස් අයිතිවාසිකමක් වන පුද්ගලිකත්වය උල්ලංඝනය කිරීමකි. නමුත් මෙවැනි ක්‍රියාවකට අදාළව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට අපගේ ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන වෙන් කර නොමැත. අපගේ ව්‍යවස්ථාවට අනුව නඩු පැවරිය හැක්කේ වින්දිත පාර්ශවයට පමණි. වින්දිත පාර්ශවය නොවන තෙවන පාර්ශවයකට නඩු පැවරීමට අපේ රටේ නීතියට අනුව නොහැකිය. නමුත් දියුණු චින්තනයන් සහිත රටවල එම ප්‍රතිපාදන වෙන් කර දී ඇත. අනිත් අතින් මෙම සිදුවීම වීඩියෝ කරන පුද්ගලයා විපරිතයෙකි.( විපරිත ක්‍රියාව වන්නේ මෙම සිදුවීම නැරඹීම නොව එය වීඩියෝ කිරීමය. )
දැන් අපි ජනමාධ්‍ය වෙත පිවිසෙමු. මෙම සිදුවීම මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම ඉතාමත් පැහැදිළි ලෙස මාධ්‍ය සදාචාරය කෙළෙසීමකි. මන්ද යත් පොදු අවකාශයක් පුද්ගලික අවකාශයක් කිරීම එක පැත්තකින් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන අතර අනෙක් පසින් එය අපගේ ආශාව විපරිත කිරීමක් වන නිසාය.
නන්නාදුනන මිනිසුන්ගේ සැබෑ ගැටලු වලට ඔවුන්ගේ කැමැත්තකින් තොරව මැදිහත් වී ඉන් විනෝද වීමට අපි පුරුදු වී සිටින්නෙමු. කල්පනා කරන්න ! අපට ද මෙවැනි සිදුවීමකට මුහුණ දීමට සිදුවූවා නම් එම සිද්ධිය අප නොදැන මාධ්‍ය මගින් ප්‍රචාරය වුවහොත් අපගේ ආත්ම ගෞරවයට සිදුවන්නේ කුමක්ද ?
දැන් අපි සිතා බැලිය යුත්තේ මාධ්‍යවලට ඇත්තේ ආචාරධර්මීය ක්‍රිියාවක් ද ? නැතහොත් සදාචාර ක්‍රියාවක් ද ? යන්නයි.
මෙහෙම ප්‍රශ්නෙකුත් තියනවා. මේ මතුපිටිඅන් කියවීමක්. බුකියේ මේ ගැහැණියට පක්ෂ කෙනෙක් දාල තියෙනවා. මේය SLIT එකේ ගුරුවරියක් ළමයට කිරි දෙමින් හිටියේ. මෙයා හොඳ කාන්තාවන්. මේක ලියපු මිනිසාට නොතේරෙන්නේ මෙතන ප්‍රශ්නය ඇය ගුරුවරියක්ද හොඳද නොව ළමය උකුලේ තබාගෙන වහනය පැදවීම වැරදි බව. ඇය වැරදිය. ඇය එය පිලි ගත්තේද නැත .
Comments are closed.