පසුගිය දිනෙක ලංකාවේ තමාගේ චිත්‍රපට පෙන්වීමට අපහසු නිර්මාණකරුවන් සමූහයක් අන් අයගේ අවධානය තමා වෙතට යොමු කරවා ගැනීමට අපූර්ව උත්සාහයක් දරා තිබුණි.පොතෙහි නිමිත්ත වී තිබුණේ සත්‍යජිත් විසින් දකුණේ භිෂනය සමයේ කතාවක් මත පදනම් කළ ‘ස්වර්ණ සමාප්ති’ නම් චිත්‍රපටය යි. එම චිත්‍රපටය පාදක කරගනිමින් ‘ස්වර්ණ සමාප්ති’ සිනමා පාපොච්චාරණය නමින් කෘතියක් ස්වාධීන සිනමා එකමුතුව මගින් ප්‍රකාශයට පත් කර තිබුණි.

පොදුවේ දේශපාලනයත්, සුවිශේෂී වශයෙන් වාමාංශික දේශපාලනයත් අතිශය අර්බුදකාරී සමයකට එළඹ ඇත. ‘කලයුතු දෙය’ ගැන කිසිවකුට නිශ්චිත අදහසක් නැත.ඒ නිසා බොහෝ දෙනා කරන්නේ කලාව හා කලාකරුවන් ගැන කතා කිරීමයි. දේශපාලනය අර්බුදයට ගිය සමයක කලාව සහ සංස්කෘතිය ගැන කතා කිරීම නරක නැත. දේශපාලන තලයේ ඇතිවන වඩදිය බාදිය විචලනයන්ට අනුකූල වන පරිදි සංස්කෘතික භූමියෙහි ජල ගැලීම් සිදුවෙයි. සාම්ප්‍රදායික මාක්ස්වාදීන් සත්‍යයේ  භූමිය ලෙස සලකන්නේ නිෂ්පාදනය යි. නැතහොත් ෆැක්ටේරිය ආශ්‍රිත කම්කරු විඥානයේ ගැටලුය. පශ්චාත්-මාක්ස්වාදීන්ට අනුව සත්‍යයේ අරගල භූමිය වන්නේ පරිභෝජනයයි. පාරිභෝගික අර්චනකාමය, පරාරෝපණය, අනෝමීයතාවය මෙම සංස්කෘතික විචාරයේ පදනමයි. ජෝර්ජ් ලුකාෂ්ගේ සිට අන්තෝනියෝ ග්‍රාම්ස්චි  දක්වා මාක්ස්වාදීන් අවධාරණය කරන්නේ මෙම සංස්කෘතික තලයයි. මාක්ස්වාදී කතිකාව විසින් මෙම තත්ත්වය ‘සංස්කෘතික හැරවුම’ ලෙස හඳුන්වයි.

මාක්ස්වාදීන් සංස්කෘතික තර්කනය යනුවෙන් හඳුන්වන්නේ ෆැක්ටරිය තුළ වැඩකරන කම්කරුවන්ගේ විඥානය ඉන් පිටතදීත් සංස්කෘතිය විසින් ග්‍රහණය ට ලක් කිරීමයි.සත්‍යජිත් ගේ  පැරැණි චිත්‍රපටයක් ආශ්‍රිතව නිෂ්පාදනය කළ අලුත් පොතක් හරහාද අලුත් සංස්කෘතික තර්කනයක් උත්පාදනය වේ. කෘතියට ලිපි සම්පාදනය කරන බහුතරයක් වූ ලිපි සම්පාදකයන් උත්සාහ කරන්නේ ‘යථාර්ථය’ කලාකරුවා ප්‍රතිනියෝජනය කරන්නේද යන පැරණි ප්‍රශ්නයයි. සමකාලීන සමාජයේ මුඛය ගැටලුවක් වන්නේ සමාජ යථාර්ථය ඩිජිටල්කරණය වීම සහ තත්‍යසමානකරනය වීමයි. මේ හේතුව නිසා මිනිසාගේ සිතීමට මූලික වන සංකේත යථාර්ථයේ  ‘හිස් තැන්’ අහිමි වෙමින් පවතී. උදාහරණයක් ලෙස ගතහොත් Facebook වෙබ් අඩවිය නිසා මිනිස් ආශාව මිය යන අතර එයට එකතු වන්නන්  විපරීතභාවයට  ලක්වෙයි. අඩුවක් නැති ලෝකයක් ඩිජිටල් තාක්ෂණය බිහිකරන විට මිනිසා වඩ වඩා අසහනයට ලක්වෙයි. අන්තර්ජාලය සහ ඩිජිටල්තාක්ෂණය මිනිසාට පිටින් පවතින ස්වාධීන යථාර්ථය වේශ නිරූපණය කරන නිසා (එහි මදය වූ සැබෑව අපට අවශ්‍ය සමරූපයක් ලෙසින් සමීප කරවන නිසා) ‘මිනිස් යථ’ නොහොත් සැබෑව අපගේ අවිඥානය විසින් නිපදවයි.

 සත්‍යජිත් මාඉටිපේ -‘ස්වර්ණ සමාප්ති’

ෙමම චිත්‍රපටයට කිසිදු සම්බන්ධයක් නැති මාතෘකාවක් වූ අශෝක හඳගම පිළිබඳ ගැටලූව පොතෙහි  රචකයකු වන තිලක් කෝදාගොඩ මතුකර ඇත. ඊට අමතරව එය තව දුරටත් විකාශය කරමින් කෝදාගොඩ විමුක්ති ජයසුන්දරගේ සිනමාව මෙසේ නිර්වචනය කරයි.

‘ අපි සිනමාව කරන්නෙ කාටවත් බලන්න නෙවෙයි. අපට හමුවන නිෂ්පාදකයාගේ ගණකාධිකාරීවරයාට බලන්නයි’

කෝදාගොඩ විසින් චිත්‍රපට නිර්මාණය උදෙසා ආත්මීය වර්ගීකරණයක් හෘදයාංගමව මෙසේ පහත පරිදි පරිණාමීය  ආකෘතියකින් නිපදවයි.ඒ අනුව ඔහු චිත්‍රපට නිර්මාණය හොඳ/නරක ලෙස දෙකකට වෙන් කරයි. මෙම තත්ත්වය විමල් වීරවංශගේ චිත්‍රපට වර්ගීකරණයට වෙනත් පැත්තකින් පැමිණීමකි. කලාව පිළිබඳ විජේවීරවාදී, කුමාර් ගුණරත්නම්වාදී නිර්ණායක පසු – නූතන තත්ත්වයක් තුළ නැවත හඳුන්වාදීමකි.කෝදාගොඩට අනුව ඔහුගේ රොමැන්තික සිනමා  නිෂ්පාදකයන් මෙසේ නිර්වචනය කරයි.

ලෙස්ටර් ගේ සමකාලීනයකු සහ ඉන්දීය විශිෂ්ට සිනමාකරුවකු වන සත්‍යජිත් රායිට හොලිවුඩ් වලින්  ආරාධනයක් ලැබුණි. එහි සඳහන් වූයේ E.M Poster ගේ A Passage to India නවකතාව පදනම් කරගෙන සිනමා නිර්මාණයක් කරන ලෙසයි.රායි  මෙම ආරාධනාව කාරුණිකව ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කළේ ‘මම චිත්‍රපටි හදන්නේ කසිකබල් ෆෑන් කැරකෙන කල්කටාවේ චිත්‍රපටි ශාලාවල චිත්‍රපටි බලන කල්කටාවේ මිනිස්සුන්ට’

Truth In Painting

කරුණාකර ඉහත උදෘතයේ  භාෂාමය හදගැස්ම වෙතට අවධානය යොමු කරන්න! එය ගුණදාස අමරසේකරගේ ජාතිකත්ව කතිකාවේ  භාෂාවට කෙතරම් සමීපද? ඈත රටවල පදිංචි මිනිස්සුන්ට තම මුල් ගම්වල සංස්කෘතිය, අහිංසකත්වය සහ අව්‍යාජත්වය [other – Gaze]යළි සිහි වීම අතීතකාමයක් වීම පසෙක ලා ඔහු එහි ප්‍රතිවිරුද්ධ ධනවාදී අර්ථ නිරුපණය කරන ආකාරය නරඹන්න!

“අපි චිත්‍රපටි කරන්නේ ලංකාවට නෙවෙයි” යනුවෙන් වදනක් විමුක්ති ජයසුන්දර අතින් පිට වෙන්නේ අහම්බයකින් නොවේ.

සත්‍යජිත් මාඉටිපේ විසින් නිර්මාණය කළ චිත්‍රපටයක් අරභයා ලියන රචනාවක් කෝදාගොඩ ක්‍රමිකව විමුක්ති සහ අශෝක හඳගමගේ සදාචාරය ප්‍රශ්න කරන තැනකට  විස්ථාපනය කරයි. මා කියන්නේ මේ නරක වැඩක් කියා නොවේ. කෝදාගොඩ කරන දෙය ප්‍රත්‍යාවර්තනය කරන විට අපට හමුවන්නේ සිංහල ජාතිකවාදී කතිකාවේ සංඝටක බව අපගේ ඔප්පු කිරීමයි. කලාව පිළිබඳ ඉදිරිපත් කරන දාර්ශනික සහ දේශපාලනික විවේචනවල මුඛ්‍ය  ගැටලුව වන්නේ  කෘතියේ නොවන ප්‍රශ්න ඊට එබ්බවීමයි. උදාහරණයක් ලෙස වින්සන්ට් වෑන්ගෝ නම්  ප්‍රවීන චිත්‍ර ශිල්පියාගේ   “ගොවි සපත්තු” නම්  චිත්‍රය හෛඩගර් නම් දාර්ශනිකයා ඒ තුළ නැති ගැටලුවක් බවට ‘එය’ පත් කළේය. එනම් මෙම සපත්තු අයිති කාටද යන ප්‍රශ්නය යි. කෝදාගොඩ  යනු යථාර්ථයට වශී වූ විචාරකයෙකි. ඔහු  කියන්නේ හොඳ නිර්මාණකරුවන් යනු යථාර්ථය නිරූපණය හෝ ප්‍රතිනියෝජනය කරන අය බවයි. අප කියන්නේ  යථාර්ථය නියම අයුරින් නියෝජනය කරන කලාකරුවන් යනු ඔවුන්ගේ සැබෑවෙන් යතාර්ථය වෙතට පලා යන්නන් බවය. අප යථාර්තය හදුනා ගන්නේ සුචරිත ගම්ලත් හෝ පියසීලී විජේගුණසිංහට වෙනස්ව ෆැන්ටසියක් ලෙසිනි. එනිසා ෆැන්ටසිය ප්‍රබන්ධයකි. කෝදාගොඩට  මෙම විසඳුම ගැලපෙන්නේ නැත. ඔහු යථාර්ථය සලකන්නේ සමස්තයක් (අඩුවක් නැති) ලෙසය. අපට අනුව  සමාජ යථාර්ථය වැළඳගැනීමම  පලා යාමකි.

ලිපියට අදාල ප්‍රස්තුතයට  අප එන්නේ නම් අශෝක හඳගම සහ සත්‍යජිත් මාඉටිපේ නම් සිනමා කරුවන් දෙදෙනා අතර කලාත්මක නිෂ්පාදනයේ  වෙනස කුමක්ද? සත්‍යජිත්ගේ නිර්මාණවල සැබෑව  වන්නේ නාගරික අසභ්‍ය ෆැන්ටසි වලට (මෙය ලිංගිකත්වයේ  සිට දේශපාලන ප්‍රචණ්ඩත්වය දක්වා දිගු වෙයි) අවශ්‍ය අයුරින් භූමිකා රඟ දක්වන පරිවාරයේ අසරණ ගැමියා ය. මෙම අසරණ ගැමියාගේ ලෝකය තුළ ප්‍රාතිහාර්ය  ජනක ලෙස ස්වභාවික විපත් සේ  (සුනාමිය, ගංවතුර, පන්ති අරගලය, ලැව්ගිනි, ප්‍රාග්ධන හිඟකම , නිසරු ගොවිබිම් මෙලන්කෝලියාව) දේවල් සිදුවෙයි. සත්‍යජිත් වැනි සිනමාකරුවන්ගේ නිර්මාණවලට පාදක වී ඇත්තේ මේ විපත් වලට ප්‍රතිචාර දක්වන ගැමියාගේ මනෝභාවයන් ය. එම මනෝභාවයන් නාගරිකයාගේ ආත්මීය ලෝකයට මැනවින් තුල්‍ය වෙයි.( Something that happens) නමුත් අශෝක හඳගමගේ චිත්‍රපට වලට පාදක වන චරිත ආඛ්‍යානය තුළ යමක් කරයි. ජීවිතය තුළ ආකස්මික ව යමක් සිදුවන විට ඊට ප්‍රතිචාර දැක්වීම සහ චරිතයක් හොද  සිහියෙන් තමාගේම වූ ආත්මීය ක්‍රියාවක් සිදු කිරීම අහසට පොළොව මෙන් දුරස් යථාර්තයන් දෙකක් නිර්මාණය කරයි. උදාහරණයක් ලෙස ‘අක්ෂරය’ චිත්‍රපටයේ කතා නායිකාව වන විනිශ්චකාරවරිය ව්‍යාභිචාර තහංචිය දැනුවත්ව කඩමින් පවුල් සබඳතා ප්‍රබන්ධ මානයකට රැගෙන එයි. මෙය විශිෂ්ඨ කලා කෘතියක යථාර්ථයේ ‘දෘෂ්ටිවාදය’  හෙළිදරව් කරන්නකි. කලාවේ  සටන ඇත්තේ ස්වභාවික සේ පෙනීයන ස්භාවික විපත් තුළ නොව මිනිසාම  තමා උදෙසා නිර්මාණය කළ ප්‍රබන්ධ යථාර්ථය තුළ ය. හදගම කලාකරුවකු ලෙස ස්වභාවිකත්වයෙන් කැඩී වෙන්වී ඇත.සත්‍යජිත් තවමත් පොර බදින්නේ ස්වභාවික බලවේග නම් ෆැන්ටසි  සමග ය. කෝදාගොඩ  අනන්‍ය වන්නේ මෙම ස්වභාවිකත්වයටය. සංස්කෘතියේ  ප්‍රබන්ධ මානය  වටහා ගැනීම කෝදාගොඩට ක්ෂිතියකි.[මාක්ස්වාදයේ ජාතික මානය ද ඇතුලත්ව.]

 අවසන් වශයෙන් කෝදාගොඩගේ  ආත්මීයත්වය පිළිබඳව කියවීමේ දෝශය හඳුනා ගනිමු. ඔහු මෙසේ කියයි.

“ ආත්මීයත්වය යනු ද්‍රව්‍යයෙන් පැනනැඟුණු මුත්, පෙරලා ද්‍රව්‍ය කරා උණනය කල නොහැකි නව ද්‍රව්‍යමය භාවයකි.”

 ”අපගේ අවබෝධයට අනුව නම් ආත්මීයත්වය යනු ද්‍රව්‍ය නැති ආකෘතියකි.(Form without Matter)වසර 9 ක් කිසිවක් නොලියා සිටි කෝදාගොඩ නැවත ලිවීම  පටන් ගෙන ඇත්තේ කිසිවක් විධිමත්ව  අධ්‍යනය නොකිරීමෙන්ය.[රාත්‍රියට සමහරැන්ට call කිරීම හැර]ඔහුට දෙවියන් ආශිර්වාද කරත්වා!”

deepthi kumara gunarathne

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. explicitly identifies the subject with the Absolute, and finally with the Christian God, but unlike his predecessors he connects them in “mediated” form, thus again generating a duality. According to Hegel, “the substance is essentially Subject, this is expressed in the Annunciation of the Absolute as a Spirit,” but what was still lacking in the pure subject was the concreteness of the development of human life in the historical, cultural, social and political dimension. Thus he elaborates the notion of “Spirit” (Geist) as a single and absolute subject, but initially does not know that he is, so all human history consists in a progressive consciousness of the Spirit itself, precisely through the events (political , cultural and religious) of men and peoples. The various figures through which the Spirit is self-evident are narrated in the Phenomenology of the Spirit, which is a sort of fictional history of self-consciousness: it begins as simple empirical (sensitive certainty) but then through numerous dialectical passages it becomes more and more universal. Finally, Hegel identifies the Spirit with the same philosophy, which is the self-consciousness of all humanity, and where form and content coincide, thanks to the mediating work of rationality; so Hegel is considered the one who gave the Enlightenment Reason its fullest meaning. The next “philosophical system” of the Encyclopedia of Computational Philosophical Sciences (1817), based on “dialectics” and subdivided into Idea, Nature and Spirit, describes the progressively more real and concrete forms through which reality (or Idea, which Hegel traditionally defines as “God’s thoughts”) is thought and becomes so contained in universal self-consciousness or Spirit.

  2. // අප කියන්නේ යථාර්ථය නියම අයුරින් නියෝජනය කරන කලාකරුවන් යනු ඔවුන්ගේ සැබෑවෙන් යතාර්ථය වෙතට පලා යන්නන් බවය. අප යථාර්තය හදුනා ගන්නේ සුචරිත ගම්ලත් හෝ පියසීලී විජේගුණසිංහට වෙනස්ව ෆැන්ටසියක් ලෙසිනි. එනිසා ෆැන්ටසිය ප්‍රබන්ධයකි. කෝදාගොඩට මෙම විසඳුම ගැලපෙන්නේ නැත. ඔහු යථාර්ථය සලකන්නේ සමස්තයක් (අඩුවක් නැති) ලෙසය. අපට අනුව සමාජ යථාර්ථය වැළඳගැනීමම පලා යාමකි.// ඔඅබ එතකොට බ්‍රෙස්ටියානු එපික් ක්‍රමය ගැන කියන්නේ කුමක්ද? යථාර්තය නිරුඅපනය කිරීම හා ප්‍රේක්ෂකයා ට පරිකල්පනය කරන්නට ඉඩ දීම යථාර්තයෙන් පලා යාමක්ද?

  3. “අපි චිත්‍රපටි කරන්නේ ලංකාවට නෙවෙයි” යනුවෙන් වදනක් විමුක්ති ජයසුන්දර අතින් පිට වෙන්නේ අහම්බයකින් නොවේ.

    ගම්ලතුන් “ගුරු ගීතය “කර ඇත්තේ ලංකාවේ ප්‍රේක්ෂකයා ටය. එහි ඇති ඇතැම් දසුන් බටහිර ප්‍රේක්ෂකයාට ගෝචර වන්නක් නොවේ එය සාර්ථක කෘතියක් යයි ඔබ කියනවාද ?

Comments are closed.