I dress for the image. Not for myself, not for the public, not for fashion, not for men.

Marlene Dietrich.

Maani.

1998 වර්ෂය වන විට අප දේශපාලන සංවිධානයේ ව්‍යුහය සකස් කර අවසන් විය. මෙහි දී ව්‍යුහය (Structure) යනුවෙන් අදහස් කරන ලද්දේ, සමාජයේ තාර්කික ව්‍යුහය සහ එහි ම අතිරික්තය වූ ජනප්‍රිය සංස්කෘතිය විචාරය කළ හැකි සංඝටක සමූහයක් එකට එකතු කිරීමයි. එය, එවකට ලංකාවේ පැවති සම්භාව්‍ය සංස්කෘතිය මත පමණක් පදනම් වූ සමාජ-දේශපාලන ව්‍යාපාරවලට එරෙහිව ගිය එකකි. මෙහි අනෙක් අන්තය වූයේ, සමානතා පදනමක් මත ලිංග බෙදුම සහ ලිංගිකත්වය දේශපාලන සාධක ලෙස පිළිගැනීමයි.

                මා මේ විභාග කරන්නට යන සිදුවීම සිදු වූයේ, ප්‍රථම වතාවට X කණ්ඩායමට පිරිමි කිහිපදෙනෙක් නිවසක නතර වී වැඩ කරන්නට පටන්ගත් අවධියේ ය. මෙම නිවස පැවතියේ නාවල හන්දියට තරමක් ඈතිනි. මෙම නිවසට එනතුරු ස්ථාවර සාමාජිකයන් අපට සිටියේ නැත. 93 වර්ෂයේ සිට 98 වර්ෂය දක්වා සංවිධානයට න්‍යායික රාමුවක් තිබූ මුත් අරගල රාමුවක් නො තිබිණි. නාවල මෙම නිවස තුළ මූලික වශයෙන් පිරිමින් හතරදෙනෙක් පමණ සතිය පුරා ස්ථාවරව වැඩ කරන ලදී. නිර්මාල් දේවසිරි, බුද්ධික බණ්ඩාර, රුවන් බස්නායක සහ නලින්ද සෙනෙවිරත්න යන අය මෙම පිරිමි හතරදෙනා වෙයි. මෙම ස්ථානයට සති අන්තයේ සහ පොහොය දිනවල දී විශේෂ අමුත්තියක් පැමිණි අතර ඉහත පිරිමි හතර දෙනාගෙන් නලින් ද හැර ඉතිරි තිදෙනා හද්ද ගැමියන් ය. (ඒ කාලයේ) එවකට බණ්ඩාර සිටියේ අතෙහි බ්‍රේස්ලට් දමා බෙල්ලේ රත්තරන් මාලයක් දමා රත්නපුරයේ මැණික් මුදලාලි කෙනෙකු ලෙසිනි. බස්නායකගේ කලිසමේ ඉණ පැවතියේ වකුගඩු වලට ඉහළින් වන අතර කමිසයේ අත් කර නැව්වේ අඟල් දෙකක පමණ ප්‍රමාණයෙනි. ඔහුව එවකට ගිරිඋල්ල ප්‍රදේශයෙන් අමු අමුවේ කොළඹට ප්‍රවාහනය කළ තරුණයෙකි. නිර්මාල් ඒ වන විට, කොළඹ නගරයේ වසර 10 ක් පමණ සැරිසරා හෝටල්වලින් කා බී එපා වී ගෙදර ගැහැණියක් ලවා කෑම සාදාගෙන කන්නට විවාහ වූ පැන්ෂන් ගිය වාමාංශිකයෙකි. මේ කියන්නේ 1998 වර්ෂය ගැන ය.

                අප කලින් කී විශේෂ අමුත්තිය අප වෙතට ආවේ වස වැරැද්දකිනි. ඇගේ නම ඇගේ සිහින් සිරුරට ගැළපෙන පරිදිම නුරා ය. ඇය ‘නුරා ජයවීර ‘ය. කොළඹ පාසලකට ගොස් පසුව කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඉතිහාසය විශේෂ උපාධිය හදාරා පසුව ලිබරල් පක්ෂයට ගොනු වී සිටියා ය. ඇගේ යහළුවෙකුට අපේ පන්තියට එන්න යැයි නිර්මාල් කී විට ඇය සිතා ඇත්තේ එය ඇයට කීවා කියා ය. දිනක්, අනපේක්ෂිතව ඇය අපගේ පන්තියට ආවා ය. වෙන කෙනෙකුට එන්නට කී විට ඇය ආවේ මන්ද කියා විමසූ විට ඇය පන්තියේ අදහසකින්ම මෙසේ පැවසුවා ය. “සංඥාව දෙය නිරූපණය කරන්නේ නැත. ඔබගේ ඇමතීම අසමත් වීම නිසා මා හැරී බැලුවා නිර්මාල්”. ඇත්තටම, ඇය ඇමතීමට ‘කෙළ ගසන’ ඇමතීමේ ‘අසමත්කමට පසු බිහි වන හිස් බවට- Void – ආදරය කරන මනෝවිශ්ලේෂණ ආත්මයකි. අල්තූෂරියානු ආත්මය යනු, ඇමතීමට හැරී බලන්නන් ය.

                X කණ්ඩායමේ ඇමතීමට හැරී බැලූ පිරිමින් හතර දෙනෙක් සහ එවන් ඇමතීමකට මහ හඬින් හිනා වන කෆ්කාමය ආත්මයක් බවට පත්වන්නට ‘නුරා ජයවීර’ රුචි වූ අතර X අම්බලමේ ආරම්භක පදිංචිකරුවන් වූයේ මේ පස්දෙනා ය.

                නුරාගේ කඳෙන් නුරාව විහිදෙන මුත් ඇගේ විඥාණයෙන් පිට වූයේ, අධික සිනහව සහ පිරිමින් සමච්චලයට පත් කිරීමයි. පිරිමියෙකු ඩෙරීඩාගේ පොතක් මේසය මත තබා කියවමින් සිගරැට්ටුවක් උරමින් සැහැල්ලුවෙන් සිටින විට, නුරා එකවරම එතැනට කඩා වැදී සිගරැට්ටුව උදුරාගෙන එම ඩෙරීඩියානු මේසය මත කකුල් උඩට දමාගෙන වාඩි වී සිගරැට්ටුව උරන්නට පටන් ගනියි. මේ හේතුව නිසා, අම්බලමේ සිටි පිරිමි හතරදෙනා ලිංගිකකරණයට ලක් විය. කල්ගත වන විට, නුරාගේ මේ නත්තල් රංගනයන්ට පිරිමින් පුරුදු විය. මේ වන විට, X හී ඥාණ විභාගය වූයේ ව්‍යුහවාදය සහ පශ්චාත්-ව්‍යූහවාදය පමණි. එබැවින්, මේ පිරිමින් නාගරික ස්ත්‍රිය ලෙස වටහා ගත්තේ මේ නුරාගේ අතාර්කික චර්යාවන් ය. පිරිමියෙකු පාරේ ගමන් කරන විට විහිලුවක් කළහොත්, නුරා තම වතුර බෝතලේ කට හැර වතුරෙන් එම පිරිමියා නහවන ලද අතර ඒ කාලයේ අප සමඟ සිටි පිරිමින් සහ ගැහැණුන් ස්ත්‍රීවාදය ලෙස විභාග කරන ලද්දේ, නුරාගේ අතාර්කික හිංසනීය පිරිමි විරෝධය යි. එක අතකට, වර්තමානයේ සිට අතීතය පසු ආවර්තිතව කියවන විට X කණ්ඩායමේ ස්ත්‍රීවාදී චර්යාව සකස් වූයේ නුරාගෙනි.

                කවි බසකින්ම කියනවානම්, මේ ඉහත සන්දර්භය ගැන කිසිවක් නො දැන දස්කොන් කුමාරයෙකු ද මේ කාලය වන විට මෙතැනට යන්නට එන්නට පටන් ගත්තේය. 

                ගම්වල මිනිසුන්ට අපහාස කරනවා යන චෝදනාවට මම මෙතැන දී සංයුක්ත උත්තරයක් ලබා දෙමි. 

                ගම්වලින් කොළඹ පැමිණ කොළඹ නගරය පදිංචියට තෝරා ගන්නා මිනිසුන් වර්ගයක් ලංකාවේ සිටිති. ලංකාවේ මාධ්‍ය සහ වෙනත් මතවාදී උපකරණ හරහා තමන්ගේ පුද්ගලික ප්‍රශ්න රටේ ප්‍රශ්න බවට තාර්කිකරණය කරන්නේ මෙම සමාජ තට්ටුවයි. මේ අය තම අධ්‍යාපනය සහ රැකියාව යොදා ගන්නේ, උන්නතිකාමය සහ තම අනෙකාව තරඟකරුවෙකු කර ගැනීමට ය. මෙහි විශිෂ්ට උදාහරණය වන්නේ, ‘සියබස්ලකර’ තම ආචාර්ය උපාධිය කරගෙන ඇති දන්නේ නැති ඩෙරීඩා ගැන වල්පල් දෙසන ලියනගේ අමරකීර්ති නම් පරපුට්ටා ය. ඔබට ඔහුගෙන් ඩෙරීඩා ගැන නොව එළවළු ගැන නම් දැන ගැනීමට හැකි ය. 

              මේ පන්ති ස්තරයේ විශේෂ ලක්ෂණය වන්නේ, තම අධ්‍යාපන සුදුසුකම් සහ රැකියාවේ සිවිල් බලය තම ජීවිතයේ ඉහළ තලවලට නැගීමේ දී උපයෝගීතා විදිහට පාවිච්චි කිරීමයි. මෙය ආදරය සහ ලිංගිකත්වය යන සාධක වලට ද අදාළ වේ.දාහරණයක් වශයෙන්, දෙනියාය ප්‍රදේශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණ අපගේ පන්තිවලට සහභාගි වූ සිරිමලී ලියනගමගේට හම සුදු, කොණ්ඩය බොකුටු , ඉංග්‍රීසි වචන තම සංවාදයට ඇතුල් කරන අරවින්ද හෙට්ටිආරච්චිව 1998 වැනි යුගයක දී පෙනී ගියේ චාල්ස් කුමාරයා සේ ය. මෙහිදී වැදගත් වන්නේ, මෙම පන්ති ස්තරය විවාහය, ලිංගිකත්වය, ආදරය වැනි රොමෑන්තික මිනිස් අඩවිවල දී පවා තම අනෙකාව සලකා බලන්නේ සමාජ බලය, සිවිල් බලය, මුදල් යන “බලය සහ ආධිපත්‍යය” කේන්ද්‍ර කොටගත් සමාජ ආධිපත්‍යයන්ගෙන් බවයි. සරලව කිවහොත්, මෙම දෙමුහුම් ජීවියා තම අධ්‍යාත්මික තලය පවා පරීක්ෂා කරන්නේ බලය සහ ආධිපත්‍යයේ පර්යාවලෝකනයෙන් මිස මිනිස් සාධක විභාග කිරීමෙන් නොවේ. මා බණ්ඩාරට ‘පාදඩයා’ කීවේ මේ අර්ථයෙනි. ඔහු ප්‍රභා සමඟ විවාහ වූයේ, ඇය සතු සිවිල් සහ වෙනත් ආධිපත්‍යයික කරුණු නිසා මිස (හම සුදු වීම, මැදපාන්තික වීම, ඉංග්‍රීසි භාෂාව දැන සිටීම) ඇයට කරන අවංක ආදරය නිසා නොවේ. මේවා මා දන්නේ කෙසේ ද කියා ගොන් ප්‍රශ්න අසන්නේ, මිචෙල් ෆුකෝගේ ‘බලය’ සංකල්පය නො දන්නා මැට්ටන් ය. නැත්නම්, කුහකයන් ය.

                    අපි නැවත සිරිමලීට එමු. ඇය වැනි ගමෙන් ආ ස්ත්‍රියක් බාහිරට තරමක් හැන්සම් ලෙස පෙනෙන ‘අරවින්ද’ වැනි පිරිමියෙකු ඇයට නගරය තුළ ඉතිරි වූයේ මන්ද කියා මොහොතක් සිතුවේ නම් එන මන්දහාස පිළිතුර කුමක්ද? සරලව, ගැටලුව මෙසේ ය. නුගේගොඩ හෝ ඒ අවට සිටින නාගරික ස්ත්‍රියක් අරවින්දට ආදරය නො කළේ මන්ද? පසුකලෙක, තම විවාහය තුළදී ම සිරිමලී මේ සඳහා උත්තර සොයා ගන්නට ඇත. 

                    සැබවින්ම, කොළඹ සමාජ විද්‍යාව තුළ බණ්ඩාර වැනි පිරිමින්ට ඉතුරු වන්නේ, කොළඹ මැදපාන්තික පිරිමින් කිට්ටු නො කරන කුමන හෝ ඇදයක් පලුද්දක් ඇති (සිරිමලයානු සමාජ විද්‍යාව) ස්ත්‍රියක් සමඟ විවාහ වීමට ය. එය ඔවුනට ද ගැටලුවක් නො වන්නේ, විවාහය සහ ආදරය යනු ඔවුන්ට හැඟීම් නොව බලය සහ ආධිපත්‍යයට අදාළ ගැටලුවක් වන නිසා ය. පව්කාරයන්ට හමු වන්නේ, පව්කාරියන් ය. 

              අපි නැවතත් කතාවට ඇතුල් වෙමු.

               

              මින්නේරියේ සිට පැමිණි දස්කොන් කුමාරයා නොහොත් සිංහල-බෞද්ධ ග්‍රාම්ස්චි නැතහොත් සුමිත් චාමින්දයන් නාවල X නිවසට එන්නේ ‘නුරා ජයවීර’ ගැන කිසිවක් නොදැන ය. නාගරිකයන්ට එරෙහිව චාමින්ද ‘ස්ත්‍රිය’ නම් ප්‍රපංචය වටහා ගන්නේ, අනුභූතික තලයක සිට ය. එනම්, ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂතාවයෙනි. නමුත් ජර්මන් විඥාණවාදයට අනුව නැතහොත් එම්මෑනුවෙන් කාන්ට් වැනි දාර්ශනිකයෙකුට අනුව ශුද්ධ චින්තනය (Pure Thinking) යනු, අනුභූතිය හෝ අත්දැකීම අත්හිටුවීමෙන් ලැබෙන දෙයකි. නාගරිකයන් ස්ත්‍රිය පිළිබඳ ‘ශුද්ධ චින්තනයට’ එන්නේ, කතිකාව හරහා ය. නමුත් මින්නේරියෙන් එනකෙනාට ස්ත්‍රිය පිළිබඳ කතිකාව හමු වන්නේ, පසු ආවර්තිතව ය. මේ අර්ථයෙන් ගත් විට, ‘ධනාත්මක ස්ත්‍රිය’ යනු හුදු දෘශ්‍යමානය පමණි. සැබෑ ස්ත්‍රිය යනු, නිශේධනාත්මක ස්ත්‍රිය යි. ඇය ස්වභාව ධර්මය සහ සංස්කෘතිය සමතික්‍රමණය කළ තැනැත්තියකි. මේ අර්ථයෙන්, ‍’ස්ත්‍රිය’ යනු නිදිවදින ස්ත්‍රිය නොව සංවාද කරන ස්ත්‍රිය යි. ගැමියාට ‘ස්ත්‍රිය’ යනු, තම තර්කය උසාවි ගෙන ගොස් විනිශ්චයක් දෙන උපකරණයක් පමණි. බණ්ඩාර 2005 දී ඇති තරම් සදාචාර විනිශ්චයන් ගැන කතා කළේ මේ ආතතියෙන් ගැලවීමට ය. මන්ද, මේ වන විට ඔහු සැමියෙකුට වඩා ආවතේවකරුවෙකු වී ඇති නිසා ය. හේගල්ට අනුව හේතුව ව්‍යුත්පන්නයක් ලෙස සලකන හැමවිටම එය අර්ථකථනය කරන්නේ බාහිර යථාර්ථය යි. නමුත් ‘හේතුව’ යම් මොහොතකට පසුව තමන් දෙසට හැරෙන්නේ නම් එතැන් සිට එකතු වන දැනුම ‘පරමත්වය’ ගැන දැනුමයි. 

          මිනිසාගේ මුළු මහත් ප්‍රායෝගික ලෝකයම හේගල්ට අනුව බුද්ධිමය ලෝකයකි. මේ අර්ථයෙන්, ආලෝකය තුළ මෙන්ම අඳුර තුළ දී ද මිනිසුන් ක්‍රියා කරන්නේ බුද්ධිමත්ව ය. නමුත් මෙම බුද්ධිමය ලෝකය තුළ සමහර සිදුවීම්වල දී ක්‍රියා කරන්නේ අතාර්කිකව ය. උදාහරණයක් ලෙස, Vertigo චිත්‍රපටයේ ‘ස්කොටී’ නම් පිරිමියා ස්ත්‍රියගේ දෘෂ්‍යමානය සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ අන්ධ භක්තියකිනි. ඒ අනුව, තර්කය එහි අතිරික්තය එනම් අතාර්කික, මෝඩ, අඳුරු, අශ්ලීල තැන්වල දී වඩා හොඳින් ක්‍රියාත්මක වෙයි. එබැවින්, මිනිසාට පාරභෞතික ලොවක් හිමි වී ඇත.

             අපගේ දස්කොන් කුමාරයා නොහොත් චාමින්ද ද ‘දස්කොන්’ මෙන් උල්ලංඝණය (Transgression) හරහා විනෝද වන්නෙකි. විනෝදය යනු, මේ උල්ලංඝණය හරහා අපරිමිත විනෝදය ලැබෙතැයි මනස අල්ලන ඔට්ටුවයි. යම් මොහොතකට පසුව නාවල X නිවසට චාමින්ද ද එන අතර එහි දී නුරාව ඔහුට මුණ ගැසෙයි. චාමින්දගේ ආශා කරන ආත්මය මෙහි දී ඉදිරියට පනින අතර ග්‍රාම්ස්චි හදාරන තාර්කික විඥාණය පසුපසට යයි. නුරා ජයවීර යනු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංකේත නීති-රීති සහමුලින්ම උල්ලංඝනය කරන්නියකි. කොළඹට ගමෙන් එන පිරිමියාට කොළඹ ස්ත්‍රියව විද්‍යාමාණ (Presence) වන්නේ, බටහිර සුදු පිරිමියෙක් ලෙසිනි. මොවුන්ට ස්ත්‍රීත්වය තුළ ඇති අවිද්‍යාමාණය (Absence) සම්මුඛ වන්නේ නැත. ඒ නිසා, චාමින්ද වැනි ගැමි-සුබුර්බියාවන්ට ඇත්තේ ස්ත්‍රිය ගැන විද්‍යාමාණයන්ගේ පාරභෞතික (Metaphysics of Presence) පමණි. 

            නාවල ගෙදර දී ටික කලකින්ම චාමින්ද ‘නුරා ජයවීරගෙන්’ යාලු වීමට අසන අතර එය ‘ගොලු හදවතේ’ දම්මිගේ හඬින්ම ඔහුට ප්‍රතිනාද දෙයි. දෙවරක් නොසිතා ‘නුරා’ කැමැත්ත පළ කරන අතර ප්‍රේමය ලියලයි. “වචන වලට ඇති අර්ථ ලිවීම” කවි යැයි සිතන චාමින්ද වාගීශ්වර තාලයට තම ආලය පටන් ගනියි. නමුත් ස්ත්‍රිය නම් සංඥාව තුළ අවිද්‍යාමාණය රජ කරන බව ඔහු දැන සිටියේ නැත.

            සතියකට පමණ පසුව ‘නුරා’ වාගීශ්වර චාමින්දට තම ස්ත්‍රී විනෝදය මෙලෙස ප්‍රකාශ කරයි. “මම අද රෑට Club එකක තියෙන පාටියකට යනවා”. මින්, වාගීශ්වර තිගැස්සෙයි. තම ග්‍රාමීය ෆැලික හැගවුම්කාරකයේ නැග්මට අනුව ඔහු මෙසේ කිය යි. “ඔයා කොහොමද එහෙම යන්නේ මට නොකියා”. (ඔහුගේ අවසරයකින් තොරව) එවිට, නුරා ජයවීර විසින් තමා හිස් හැඟවුම්කාරකයක් බවත් ඒ තුළ වඩා ආත්මීයත්වයක් ඇති බවත් තහවුරු කරමින් මෙසේ පවසයි. “තමුසේ කවුද මට එහෙම කියන්න?” එතැනින්, ඒ ප්‍රේමය අවසන් වූ අතර අපගේ දස්කොන් කුමාරයා මාස හයක කාලයක් සංවිධානයේ ඇඳක ඔත්පළව වැඩ වාසය කරන ලදී. ස්ත්‍රියකට පිරිමියාගේ මාස්ටර් හැඟවුම්කාරකය සතු බලය විසංයෝජනය කරන්නට ගත වන්නේ නිමේෂයකි. මාස 6ක කාලයක් චාමින්දව රැක බලා ගත්තේ සංවිධානය විසිනි. එතැන දී, ඔහුගේ මේ ආදර ජවනිකාව විකට ජවනිකාවක් සේ සලකා හාස්‍යයෙන් වැඩියෙන්ම සිනහ වූයේ ‘බණ්ඩාර-බස්නායක’ ජෝඩුවයි. නමුත් ‘පරස්පරයන්ගේ එකමුතුව රැඩිකල් ය’ යන මාඕගේ ආප්තය සිහි කරමින් චාමින්දගේ හොදම යාලුවන් බවට 2004 දී පත් වූයේ ද මොවුන්ම ය.

                පක්ෂයේ ව්‍යුහය (Structure) සකස් කර තිබුණේ දේශපාලනය කිරීමට ය. 1995 සිට 2004 දක්වා මන්දගාමීව හෝ මෙම ව්‍යුහය විසින් බාහිර සමාජ යථාර්ථයේ යම් යම් බල රේඛාවන් වෙනස් කරන ලදී. විශේෂයෙන්, පක්ෂය සිවිල් චින්තනයට එරෙහිව විශාල වැඩ කොටසක් කළ අතර පසුව නමට හෝ ජනතා විමුක්ති පෙරමුණට අපගේ ශෛලිය අනුගමනය කරන්නට සිදු විය.

                අනෙක් පසින්, අභ්‍යන්තරිකව පක්ෂයේ ව්‍යුහයේ චලනය (Movement) සිදු වූයේ ගැමි-සුබුර්බියාවන්ගේ මිනින්දෝරු කටයුතු හරහා ය. ඔවුහු නොම්බර එකේ සංකේතීය මිනින්දෝරුවන් ය. ඔව්හු තමන්ගේ ආදරය සහ ලිංගිකත්වය සකස් කර ගන්නේ බාහිර සමාජයේ සමාජ පිළිගැනීම ඉලක්ක කරගෙන ය. මේ බොහෝ පිරිමින් උත්සාහ කරන ලද්දේ විශ්වවිද්‍යාලයට සම්බන්ධ සිවිල් කාන්තාවන් සමඟ විවාහ වීමට ය. ඉන් වඩා සතුටු වූයේ ඔවුන්ගේ ගම්වල සිටින දෙමාපියන් ය.

                  1998 සිට 2004 දක්වා පක්ෂයට ව්‍යුහයක් පැවති අතර එය අභ්‍යන්තරයෙන් ස්ථිතික (Static) විය. ඉන්, එකතැන පල් වීමක් සිදු විය. එසේ සිදු වූයේ, දයලෙක්තික (Dialectics) චලනයන් ඊට හිමි නොවූ නිසා ය. ගැමි-සුබුර්බියාවන්ගේ විනෝද ආර්ථිකය නැතහොත් ‘ලුබ්ධි-ආර්ථිකය’ පැසවන තුරු පක්ෂ ව්‍යුහය ආරක්ෂා විය. ‘X දේශපාලනය’ ඉතිහාසයේ යම් යුගයකට පමණක් අයිති බව (Historicity of X) තහවුරු කරන්නට කොල්ලන් බල්ලන් උත්සාහ කරන්නේ මේ නිසා ය. නමුත් ‘X දේශපාලනය’ හරහා මතු වූ සාර්වත්‍රිකයන් (Universals) ගැන කිසිවෙකුට අවබෝධ නො වීම අහම්බයක් ද?

            2004 වර්ෂයේ අග වන විට, සංවිධානයේ විමතිකයන් විසින් පසමිතුරුභාවයන් දෙකක් අවධාරණය කරන ලදී. එකක් වූයේ, ව්‍යුහයට එරෙහිව ‘ජර්මන් විඥාණවාදී’ [subjectivity]දහස් (ඔවුන්ට ඒ යුගයේ නොව අදටත් දයලෙක්තිකය සංකල්පගත කිරීමට නො හැකිය) මතු කිරීමයි. එනම්, ව්‍යුහයේ ජීවමානත්වයට එරෙහිව අස්වාභාවික (Unnatural) දයලෙක්තික අදහස් මතු කිරීමයි. අනෙක් පසින්, ඒ යුගයේ දී බණ්ඩාර-ප්‍රභා ජෝඩුවට හරියට දිරවාගත නො හැකි වූයේ, ආශාව සහ හඹා යාම (Desire and Drive) නම් ලැකානියානු සංකල්ප දෙක ‘ආත්මීය ව්‍යුහයන්ට’ යොදන ආකාරය යි. මොවුන්ගේ අපගමනය කෙතරම් ආන්තික වූවා ද යත් කල්‍යානන්ද පවා එපා කියද්දි (මෙය කීවේ කල්‍යානන්දම ය) බණ්ඩාර විසින් මාව ‘හිට්ලර්’ කෙනෙක් ලෙස අභිෂේක කරන ලදී. බැලූ බැල්මට, නියුරෝසික ලෙස පෙනෙන මාගේ ආත්මීයත්වය ‘විපරිත ආත්මීයත්වයක්’ (Pervert Structure) බවට පරිවර්තනය කර ජිජැක් විසින් පහදන ලද සමස්තතාවාදී – Totalitarianism-රෙජීමය ‘X කණ්ඩායමට’ සම්පාත කරන ලදී. අද මේවා සහමුලින් ම දෝෂ සහගත බව ඔප්පු වී ඇත.

                  මේ අයගේ ‘අතට’ ඒ අයට නොයා යුතු (ව්‍යුහාත්මකව- ගැමියා දැනුම ද විභාග කරන්නේ සමාජ අනන්‍යතාවයට අනුකූලව නිසා) පොත් කිහිපයක් ගියේ කෙසේද? එය, චාමින්දගේ සිදුවීමටත් වඩා හාස්‍යජනක ය. 2001 වර්ෂය වන විට, රොහාන් පෙරේරාගේ ආත්මීයත්වය සහ සමාජ යථාර්ථය අතර පවතින පසමිතුරුභාවය ගැන තීරණාත්මක අධ්‍යනයක මා නිරත විය. රොහාන් පෙරේරා කිසිදු ආකාරයකට X හි ආරම්භයට සම්බන්ධ නැත. ඇත්තටම, X බිහිවූයේ ම රොහාන්ගේ න්‍යාය සමතික්‍රමණය කිරීමට ය. ගැමි මැට්ටන් විසින් මේ විපර්යාසය පවා සූත්‍රගත කරන ලද්දේ මා හට 1 වීමට අවශ්‍ය වූ නිසා එය සිදු කළ බව ය. X කණ්ඩායමේ ඉතිහාසය විශ්ලේෂණය කරන අනාගත විශ්ලේෂකයෙකුට සත්‍යය හමුවනු ඇත.

                  ෆ්‍රොයිඩ්ට සිය විද්‍යාව හමු වූයේ, හිස්ටෙරික ගැහැණුන් නිසා ය. ලැකාන්ට සිය විද්‍යාව හමු වූයේ, මිනිස් ජීවිතයේ උමතු අතිරික්තය බිහි කරන ‘හේතුවේ අතාර්කික බව’ සයිකෝසික ගැහැණුන් හරහා හමු වූ නිසා ය. ස්ලාවොජ් ජිජැක්ට සිය විද්‍යාව වූ ‘ලැකානෝ-හේගලියානුවාදය’ හමු වූයේ, ජෝසප් ස්ටාලින්ගේ විපරිත දේශපාලන රෙජීමය නිසා ය. මා හට ‘ලාංකික විද්‍යාව’ හමු වූයේ, රොහාන්ගේ පුරුෂ හිස්ටීරියාව නිසා ය. මේ සත්‍යයන් කිසිදා ඉතිහාසයෙන් මැකීමට නොහැකි ය.

                ප්‍රංශයේ එවකට ජීවත් වූ දේශපාලන සගයෙකු වූ ප්‍රංශ ප්‍රියන්ත සහෝදරයා මා විසින් ලියා දන්වන ලද පොත් 5ක් මා හට 2001 අගෝස්තු මස එවන ලදී.

  1. Fright of the Real Tears- Zizek.

  2. Male Hysteria- Juan David Nasio.

  3. Ridiculous Sublime of David Lynch- Zizek.

  4. Did Somebody Say Totalitarianism- Zizek.

  5. Ethics of the Real- Alenka Zupancic.



                      ඒ මොහොතේ දී, ඉහත පොත් 5න් මා කියවූයේ, අධ්‍යයනය කළේ දෙවැන්න වන අතර ‘ප්‍රභා-බණ්ඩාර’ 4 සහ 5 යන පොත් දෙක කියවන ලදී. X එකට සුනාමිය ආවේ ඔහොම ය. ප්‍රභා සහ බණ්ඩාර නිසා තව බොහෝ දෙනෙකුට බොහෝ දේවල් සිදු වූ බව ද මම දනිමි. ආමෙන්!

   මෙතැනින් මෙම සංවාදය අවසන් වේ. 

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

               

.

ඔබේ අදහස කියන්න...

13 COMMENTS

  1. ගෑනු හා පිරිමින් විවාහ වීමෙදි හො යාලු වීමෙදී , ඔබ සලකා බලන “මිනිස් සාධක” මොනවාද?

  2. මම කියන්නෙ නෑ රොහාන් පෙරෙරා “X” එක හැදුවකියලා ඔහු “නිශේධනය” රොහාන්ගෙ සිතිමෙ සීමාව ,, දීප්තිට ඒ නීශේධනය නැතිව චින්තනයෙ අදිරි පියවරට යන්න බෑ දීප්ති රොහාන්ගෙ සීමාව ජය ගන්න්වා!!
    නමුත් දීප්තිගෙ හීන මානය නිසා ඔය අභ්‍යන්තරික තර්කනය වෙනුවට ඔහුගෙ ආත්මය (by default)කියලා ඔහු හිතනවා! ඒකයි මම කිව්වෙ බටහිර පොත් කියෙව්වට ඔහුට බටහිර වර්චු එක ඇවිල්ලා නෑ කියලා!

  3. මම කියන්නෙ නෑ රොහාන් පෙරෙරා “X” එක හැදුවකියලා ඔහු “නිශේධනය” රොහාන්ගෙ සිතිමෙ සීමාව ,, දීප්තිට ඒ නීශේධනය නැතිව චින්තනයෙ අදිරි පියවරට යන්න බෑ දීප්ති රොහාන්ගෙ සීමාව ජය ගන්න්වා!!
    නමුත් දීප්තිගෙ හීන මානය නිසා ඔය අභ්‍යන්තරික තර්කනය වෙනුවට ඔහුගෙ ආත්මය (by default)කියලා ඔහු හිතනවා! ඒකයි මම කිව්වෙ බටහිර පොත් කියෙව්වට ඔහුට බටහිර වර්චු එක ඇවිල්ලා නෑ කියලා!

  4. //මේවා මා දන්නේ කෙසේ ද කියා ගොන් ප්‍රශ්න අසන්නේ, මිචෙල් ෆුකෝගේ ‘බලය’ සංකල්පය නො දන්නා මැට්ටන් ය. නැත්නම්, කුහකයන් ය.//
    ඒ කියන්නේ ඔයා ෆුකෝ කියවල තියෙනව කියලනෙ.එතකොට ෆුකෝ බේසික් කියල ගන්නේ සමානාත්මතාවනේ
    Equality is always better than inequality.
    ඒ අනුව බැලුවොත් ප්‍රශ්න අහන අය මැට්ටො කුහකයො කියන්න බැහැනෙ.අනිත් එක ඔයා දන්න කීප දෙනෙක් ගැන කියල මුලු මද්යම පන්තික ගැහැනු ගැන නිගමන දෙන්න පුලුවන්ද කියල තමයි ඇහුවේ.ඒක හරි කියල කියන්න බැහැනේ.
    //ෆ්‍රොයිඩ්ට සිය විද්‍යාව හමු වූයේ,//එයා කියපු දේවල් විද්යාත්මකව ඔප්පු කරන්න බැහැ.

  5. Nura Jayaweera ,දැන් මොකද කරන්නෙ එයා බලන්න ආසය්,, දීප්ති අය්යා එයා FB ඉන්නවාද?

    • මචන් දීප්ති තවත් අවුරුදු 5කින් විතර දැන් උබලගෙ ඉන්න එවුන් ගැනත් මේ වගේම ඕපදූප ටිකක් උබෙන්ම අහන්න ලැබෙය් කියන දැඩි විශ්වාශයක් මට තියෙනවා. ස්තුත්‍ය්!

  6. //ෆ්‍රොයිඩ්ට සිය විද්‍යාව හමු වූයේ, //
    //ලැකාන්ට සිය විද්‍යාව හමු වූයේ//
    ෆ්‍රොයිඩ් වයිද්ය විද්යාව හදාරලා උපාදියක් අරගෙන සයිකියැට්‍රි වෝඩ් එකක වැඩ කරලා නියුරොලොජි ස්පෙශලයිස් කරලා පස්සේ තමයි තමන්ගේම අදහස් ඉදිරිපත් කලේ . ලැකාන් වයිද්ය උපාදියට පස්සෙ සයිකියට්‍රි ස්පෙශල් කරලා කාලයක් සයිකියැට්‍රි ප්‍රැක්ටිස් කරලා තියෙනවා. එතකොට දැන් ඔයා…

    • ඇයි දීප්තිව කියවන්නෙ? අමතක කරන්න. ටිල්වින් දෙසට හැරෙන්න.

      • ඕක මට නෙවේ ප්ලේටෝ දීප්තිට කියන්න. අවුරුදු 17 කට කලින් ත්මන්ව දාලා ගිය අයට බනින එක අමතක කරන්න කියන්න. ටිල්වින් ගැන කියනවා නම් තමන් අහුන්ගල්ලේ හෝටල් කම්කරුවෙක් කියලා එයා තවම කියනවා.දවසක් සම්මුඛ සාකච්චාවකදි තමන්ව දාලා ගිය විමල්ලා ගැන ඇහුවහම මිනිහට ඇඩුනා. තමන්ව දාලා ගිය අයට පාච්චල් කතා කිය කියා බැන බැන යන අයට වඩා ඒක වැදගත්.අනික මිනිහා යම් ප්‍රමානයකට රැශනල්. (එදිනෙදා ජීවිතයේ සයිකොඇනලිසිස් පාවිච්චි කරන්න බැහැ. එතනදී වැදගත් තමන් කොච්චර රැශනල්ද කියන එක)

        • තමන්ට තේරැම් ගන්න බැරි දේවල් ගැන නිශ්ශබ්ද වන්න.

Comments are closed.