අප ජීවත් වන්නේ, අපූරු යුගයක ය. සෑම අතකින්ම අපට ඇසෙන්නේ, ‘අවසානයන්’ ගැන ය. ෆුකුයාමාට ඉතිහාසය අවසන් වී ඇති අතර ඉතිරිව ඇත්තේ, මිනිස් ශිෂ්ටාචාරය යළි සකස් කර ගැනීම ය. නික් බීම්ස්ට අනුව සංවිධානාත්මක ධනවාදය අවසන් වී පුද්ගලික ධනපතියන් බිහිව ඇත. [End of political parties]‘මිනිසා’ යන සංකල්පය අවසන්ව ඇත. සොබාවික ලිංගික සබඳතා වලින් ‘ආතතිය’ නිසා මිනිසා ඉවත් වෙමින් සිටිති. පරිසරය අවසන්ව ඇත. ඉඩමට ආධ්‍යාත්මිකව බැඳී පැවතී කෘෂිකර්මය අවසන්ව ඇත. විද්‍යාවට දැන් අලුතින් කරන්නට දෙයක් නැත. කලාව සහමුලින්ම සංස්කෘතිය බවට පත්ව අවසන් වී ඇත. ජාතික රාජ්‍යය යථාර්ථයක් ලෙස නව ජාත්‍යන්තර සබඳතා නිසා ක්ෂය වෙමින් පවතී. ඒ නිසා, කලින් සිටි අභ්‍යන්තර සතුරන් වෙනුවට දැන් බාහිර සතුරන් පෙන්විය හැකි ය. නමුත්, ජීවිතය එකතැන පල් වෙයි. 

                      ඊ.එච් කාර් නම් ඉතිහාසඥයා ‘ජෝසෆ් ස්ටාලීන්’ නම් බොල්ෂෙවික් නායකයා ගැන මෙසේ ප්‍රකාශ කරන ලදී.

       “පසුවිපාක විසින් ‘මිනිසෙකු’ නිර්මාණය කරනවා මිස මිනිසෙකු විසින් පසුවිපාක නිර්මාණය කරන්නේ නැත”

 

                    ‘ස්ටීවන් කොට්කින්’ නම් ඉතිහාසවේදියා විසින් ඊ.එච්. කාර්ගේ ඉහත ‘ස්ටාලීන් ප්‍රවාදය’ අභියෝගයට ලක් කරමින් මෙසේ කියයි.

             “බොල්ෂෙවිකයන්ට ස්ටාලීන් අවශ්‍ය වූවා මිස ස්ටාලීන්ට බොල්ෂෙවිකයන් අවශ්‍ය වූයේ නැත”.

 

                   ඉන් අදහස් කරන්නේ, බොල්ෂෙවිකවාදයේ අපගමනයට ස්ටාලීන් වගකිව යුතු නැති බවයි. භෞතික විද්‍යාඥයෙක් වූ ස්ටීවන් වයින්බර්ග් මෙසේ කීවේය. “ආගම නැති තැන හොඳ මිනිසුන් හොඳ වැඩ කරනවා. නරක මිනිසුන් නරක වැඩ කරනවා. නමුත් ආගම ඇති විට, හොඳ මිනිසුන් නරක වැඩ කරනවා ආගමේ නාමයෙන්”. මෙය, ලෙනින්වාදයටද අදාළ ය. ලෙනින්වාදයේ බල ව්‍යුහයට – power structure-අවශ්‍ය කරන ලද්දේ ස්ටාලීන් මිස ට්‍රොට්ස්කි නොවේ.

party office.

                   ඉහත ප්‍රවාදය ‘X දේශපාලනයට ද’ අදාළ ය. එය විසින් වෙනත් කිසිම වාමාංශික ව්‍යාපෘතියක් නිෂ්පාදනය නො කළ ‘නරක මිනිසුන්’ නිර්මාණය කරන ලදී. ඔවුන් නරක් වූයේ, ‘අප’ නිසා මිස ගෙදරින් රැගෙන ආ නරකක් නිසා නොවේ. අපි ලෙනින්ට වඩා වාසනාවන්තයන් වන්නෙමු. මන්ද, අප විසින් නිෂ්පාදනය කළ නරක මිනිසුන්ගේ ක්‍රියාවන් අපට දැන් අර්ථකථනය කළ හැකි නිසා ය. අපි දැන් අලුත් තැනකට ගොස් ඇත්තෙමු. වැඩි විස්තර පසුවට. 

 

  • සමබිම පක්ෂය – 

ඔබේ අදහස කියන්න...