පසුගිය කාලයේ මහපොළොවට ඇදවැටුණු ජලයට ගමන් කරන්නට තැනක් නැති වීම නිසා ඒවා එක තැන රැුස්වී කොළඹ නගරයේ ජීවත් වන මහජනයාට මහා විනාශයක් සිදු විය. ලංකාවේ අතිබහුතර ජනතාවක් තමා ජීවත් වන සමාජ ක්රමය ‘ධනවාදය’ : capitalism කියා දන්නේ නැත. ඕනෑම කපටි වැඩක් ශූර ලෙස කිරීමට දන්නා බහුතරයක් මිනිසුන් තමන්ගේ නිවෙස් සඳහා රක්ෂණ ආවරණයක් ගෙන තිබුණේ නැත. තමන්ගේ අවශ්යතාවලට සරිලන පරිදි රක්ෂණ සමාගම් ප්රතිව්යුහගත කර ගැනීමට ඔවුන් දන්නේ නැත. දැන් ඉතින් ඔවුන් ජීවිත කාලයක් හම්බ කරගත් දෙය විනාශ කරගෙන ඇත. වන්දි සඳහා රාජ්යයට දෙන්නට දෙයක් නැත.
සකර්බර්ග්ගේ පිස්සු කෝච්චිය වන Face book සමාජජාල වෙබ් අඩවිය මෙම පරිසර භීෂණ යුගයේ හැසිරුණේ කතරගම දෙවියන් සේ ය. ‘මහජනයාව’ ස්වයංව සංවිධානය කිරීමේ දී Face book උසේන් බෝල්ට්ටත් වඩා ප්රවේගකාරීය. සැබෑ මිනිස් ගැටුම්වලට බිය සහ සැබෑ මිනිස් සම්මුඛ වීම්වලින් පලා යන මිනිසුන්ගේ ඩිජිටල් අවකාශය වන්නේ Face bookය. ලංකාව පරිසර ගැටලූවකට මුහුණ දී ඇත්තේ ‘ධනවාදය’ නම් සමාජ – ආර්ථික ව්යුහය නිසාය. එබැවින් ධනවාදය ඇති කරන ප්රතිවිරෝධතා විසඳීමට උණුසුම් හදවත්, සිරිසඟබෝ ධනපතියන්, බොරු කකුල්කාර වාණිජ ජනමාධ්ය සහ හමුදා වේශයෙන් ගංවතුරට බසින ජනතා විමුක්ති පෙරමුණ අදාළ නැත. ලංකාවේ ‘පරිසරය’ දේශපාලන ප්රශ්නයක් වී ඇත්තේ රට පාලනය කරන මිනිසුන්ගේ හදවත සවුත්තු නිසාද? නැත. මහජනයා පිළිගත් සමාජ – ආර්ථික ප්රතිපත්තියක් නිසාය.
ලංකාවේ මිනිසුන් බොහෝ දෙනෙක් විසින් පටලවා ගෙන ඇති අදහසක් මෙහි දී පැහැදිලි කළ යුතුය.
බොහෝ දෙනාට අනුව නූතනකරණය යනු ධනවාදයයි. පහළ මැදපාන්තිකයකු alto මෝටර් රථයක් මිලට ගැනීම ඔහුගේ/ ඇයගේ විස්තෘත පවුලට අනුව ‘අපේ පුතා/දුව ඔන්න දැන් දියුණු වෙන්න පටන් අරගෙන’ වැනි ආකල්පයකි.
ඔවුන්ට අනුව පාරිභෝගික භාණ්ඩයක් මිලට ගැනීම පවා නූතන ආකල්පයකි. එනිසා ආසියාවේ බහුතරයක් දෙනා පාරිභෝගික භාණ්ඩ සමඟ රමණය කරති. ඔවුන්ට අනුව ධනවාදය සහ නූතන වීම එකම කාසියේ දෙපැත්තකි. කෙනෙක් Mod වීමට මේ යුගයේ උමතුවෙන් මෙන් ජංගම දුරකථනයක් පාවිච්චි කළ යුතුය.
කෙසේ වෙතත් මෙම උමතු පාරිභෝගික සමාජයට අධික වර්ෂාවක් පතිත වූ විට එම සමාජය වහාම පැරණි ස්වාභාවික ලෝකයට ගමන් කරයි. නූතනත්ව ව්යාපෘතිය තමන්ගේ ළඟම හිතවතාව පවා අත හරින මේ යුගයේ දී අධික වර්ෂාවක් පතිත වූ වහාම පාරේ බත් පැකට් බෙදන මිනිසුන් අපට අවශ්ය වෙයි. එක පැත්තක යාචකයන් සිටින අතර අනෙක් පැත්තේ සිටින්නේ පිං කර ගැනීමට පුල පුලා බලා සිටින උපාසක මහත්වරුන්ය. මේ උපාසකයන් විටෙක ජනප්රිය මාධ්යකරුවන්ය. තවත් විටෙක රතු සහෝදරවරුන්ය. මේ සමාජ ක්රමය තුළ අව්යාජ මනුෂ්යත්වය නැතැයි කියා මුර ගාන ලද මිනිසුන්ටම ගංවතුර පැමිණියාට පසු උණුසුම් හදවත් සහිත මානුෂික මිනිසුන් යළි හමු වෙයි. නූතනත්වයට පෙර පැවති උණුසුම් සාමූහික පූර්ව – නූතනත්වය නූතන සංකල්ප ලෙස යළි අපට මුණ ගැසෙයි. සිංහල ජාතිවාදීන්, විප්ලවවාදී පක්ෂ කාඩර්වරුන්, දෛනිකව ජනයා සූරා කන ජංගම දුරකථන සේවා සමාගම් යනාදී සියලූ දෙනා එක පෙළට යහපත් මිනිසුන් බවට පෙරළෙයි.
සමකාලීන ලාංකේය සමාජය දිගින් දිගට මුහුණ දෙන මෙම පරිසර ගැටලූව විසඳීමට අවශ්ය නම් පවතින ‘රාජ්ය ව්යුහය’ වෙනස් කළ යුතුය. ඒ සඳහා වෙනත් විකල්ප පාරවල් නැත. ඒ සඳහා උණුසුම් හදවත්වලට කළ හැකි කිසිවක් නැත. ඊළඟට එන වර්ෂාව නැවතත් ඔවුන්ගේ වහල්භාවය සහතික කරනු ඇත.
‘රාජ්යය’ සමාජයට සැපයිය යුතු යුතුකම් ලැයිස්තුවට දේශපාලන පක්ෂ, සංවිධාන, පුද්ගලයන් අත පෙවිය යුතු නැත. ජාතික ආපදාවකට පෙර සූදානමින් සිටිය යුත්තේ අවංක, උණුසුම්, හිත රිදෙන මිනිසුන් නොවේ. ඒ සඳහා සූදානමින් සිටිය යුත්තේ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව, ති්රවිධ හමුදාව සහ සෞඛ්ය දෙපාර්තමේන්තුවයි. මෙම ක්ෂේත්රයට වාණිජ අරමුණු සහිත ජනමාධ්ය සහ පුද්ගලයන් චිත්රපට නළුවන් සේ ආදේශ වූ විට සිදු වන්නේ රාජ්ය යන්ත්රය ප්රතිසංස්කරණය නොවීමයි. රාජ්යය ප්රතිව්යුහගත නොවූ විට සිදු වන්නේ ඊළඟ වර්ෂාවටත් මේ දෙයම යළි සිදුවීමයි. රාජ්යය නිර්මාණය කර ඇත්තේ පුද්ගලයාට කළ නොහැකි දෙය කිරීමටය. එඩිතර රාජ්ය නායකයකු කළ යුත්තේ මෙවැනි මහා විපත් වන විට ඉන් ජනමාධ්ය සහ තනි පුද්ගලයන්, දේශපාලන පක්ෂ ඉවත් කර ඒ තැනට ති්රවිධ හමුදාව සහ රාජ්යයේ ආයතන ආදේශ කිරීමයි. එමඟින් ‘රාජ්යයට’ අත්දැකීම් ලබා ගැනීමට ඉඩ දිය යුතුය. නමුත් දැන් සිදු වන්නේ හිත හොඳ මිනිසුන්ට බබා හම්බ වීමයි. රටේ පරිසරය මේ තත්ත්වයට ඇද දමන හොර තක්කඩින් ‘ගොළු හදවතේ’ දම්මි සුගත් චරිත රඟපාන්නට පටන් අරගෙන ඇත. කළ යුතු වන්නේ අසරණ වීම නොව රාජ්යය සහ රාජ්ය ආයතන ප්රතිසංස්කරණය කිරීමය. හමුදාව කළ යුතු දේවල් පුද්ගලයන් ඉටු කිරීමට යාමෙන් සිදු වන්නේ රාජ්යය තම වගකීම්වලින් ඉවත් වීමයි. අප රාජ්යයට බදු ගෙවන්නේ වගකීම් ඉටු කරන්නටය. එසේ නැතිව වැරැුදිර හෘද සාක්ෂිය සැඟවීමට නොවේ.
Face Book එක ගැන මම දැකපු හොඳම අර්ථදැක්වීමක් සහ අපදා අවස්ථාවකදී රජය,ජනමාධ්‍ය, දේශපාලන සංවිධාන සහ ජනතාව ඉන්න ඕන තැන ගැන ඉතා හොඳ පැහැදිලි කිරීමක්. එත් ඉතින් මේ TV channels අල්ලාගෙන ෆේස් බුක් එකේ එල්ලීගෙන පිස්සුකෙලිනෙක ජීවිතය කරගත් කට්ටියකට මේවා පැහැදිලි කරන එක Heroin overdose වෙච්ච එකාලට මාක්ස්වාදය උගන්වනවා වගේ වැඩක්.
yes
ඔයාල සල්ලිවලින් කෑමවලින් බක්පැකට්වලින් රෙදිවලින් උදව් කළේ නැති වුණාට විවේචනය කරල හරි උදව් කළානෙ. එහෙම තමයි කවුරුත් මේ වගේ වෙලාවල තමන්ට පුළුවන් විදිහට දායක වෙන්ට ඕනෑ හිටං. සිස්ටම් එකේදි කාටවත් තමන්ගෙ නට් එක අතඅරින්න බෑ. ඔයාලත් නට්එක තද තර ගැනීම ගැන මාගේ ස්තූතිය.
ඔව් ගමයා (තුන) සහෝදරයා, අපි හැම වෙලේම ලූස් මොන නට් ද කියල සවිඥාණිකව ඉන්න නිසා ලූස් නට් තදකරගන්නවා. මම අහල තියනවා මෙහෙම කතාවක් “න්‍යාය (අපි කරන ‘විවේචන’) ටොන් එකකට වඩා භාවිතය (බත් පැකට් වලින්, රෙදිවලින් උදව්කිරීම වගේ) අවුන්සයක් වටිනවා කියල හිටං” එත් මට අනුව න්‍යායෙන් තොර භාවිතය ටොන් 1,000 කට වඩා න්‍යාය ග්රෑම් 100 වටිනවා (භාවිතය නැතිව හෝ ඇතිව). අවුරුදු 68 තිස්සේ කරලා තියන ඉදිරියටත් කරන්න නියමිත ‘භාවිතය’ ම අහෝ සැපයි අහෝ සැපයි කියමින් අපුර්ව ආශ්වාදයක් ලබමින් ඉන්න අයට මේක නොතේරෙන එක එතරම්ම අරුමෙකුත් නෙවෙයි කියල හිටං තමයි කියන්න තියෙන්නේ.
/‘රාජ්යය’ සමාජයට සැපයිය යුතු යුතුකම් ලැයිස්තුවට දේශපාලන පක්ෂ, සංවිධාන, පුද්ගලයන් අත පෙවිය යුතු නැත. ජාතික ආපදාවකට පෙර සූදානමින් සිටිය යුත්තේ අවංක, උණුසුම්, හිත රිදෙන මිනිසුන් නොවේ. ඒ සඳහා සූදානමින් සිටිය යුත්තේ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව, ති්රවිධ හමුදාව සහ සෞඛ්ය දෙපාර්තමේන්තුවයි.// මේ කොටසට එකඟයි. හැබැයි වසන්ත සහෝදරයට නැවතත් කියන්න තියෙන්නේ ඔබ ෆේස්බුක් සහ සමාජ ජාල වල ඔය ඉහත කි නළුවන්, ගුවන් විදුලි නාලිකා, රුපවාහිනී ඇරුනහම එක්තරා තරුණ කොටසක් එකතු වී උදව් දුන් බව. ෆේස්බුක් නැති කාලයේ රුසියානු විප්ලව වලට පෙර , පසු හා කියුබාවේ පවා මෙවැනි විපත් වලදී මුලින්ම ඉදිරිපත් වුන කොටසක් සිටි බව. සමාජ ජල වල දාන්නට ඒ කාලේ ඒවා තිබුනේ නැහැ. දැනුත් ඒවාට විරුද්ධව කතා කිරීම වෙනුවට ඒවා පාවිච්චියට ගැට යුතුයි කියන අදහසේ මම ඉන්නේ . එහෙම නොකරන අය වැළලිලා යන එක විතරයි වෙන්නේ.
// න්‍යායෙන් තොර භාවිතය ටොන් 1,000 කට වඩා න්‍යාය ග්රෑම් 100 වටිනවා (භාවිතය නැතිව හෝ ඇතිව).// එකඟයි.
හැබැයි ඔබට වැරදුන තැන මේ ගංවතුරට උදව් දීම් ආදිය “භාවිතය” සේ ගැනීම. ඔබට නොකියන දෙය හෝ නොතේරෙන දෙය – විපලවවාදියෙක් කියන්නේ මනවවාදියෙක් කියන එක. ජනටහ්වට ආදරය කරන්නෙක් මිස වෙඩි තබන්නෙක් නොවේ කියන එක. එහෙම විපලවවාදියෙකුට ගංවතුරක් දැක නිකන් ඉන්න බැහැ. ලංකාවේ ඉන්නේ විප්ලවාවදියෝ නොව පොතේ ගුරු වාදියෝ වෙන්නේ ඒ අනුව. මිනිසුන්ට වෙඩි තියන්න විතරක් හිතන මිනිස්සු විප්ලව නොකලාට කමක් නැහැ.
වසන්ත නොවන අය වෙත
ෆේස්බුක් ගැන වාමවාදී සංකල්ප විවිදයි. සෘණාත්මක අදහස් නව වාමවාදීන් පවා දරන බවක් පේනවා. මම ඔබට ප්‍රයෝගික යමක් කියන්නම්. මිනිස්සු ගංවතුරට යටවෙලා සියලු දේ ගහගෙන ගියාම අපිට සිදුවුණා උදව් කරන්න. රටේ තිබෙන්නෙ කොමියුනිෂ්ට් රජයක් නෙමෙයි. අපිට සිදුවුණා උදව්කළ හැකි අයගෙන් උදව් ගන්න. ඒ සදහා තිබුණ ක්‍රම පාවිච්චි කළා. මිනිස්සු බේරගත්ත. අපි දන්නව මේ බේරගත්ත මිනිස්සු සමාජවාදී අදහස් නොදරන බව. මම හිතනවා ඔබේ මව හෝ පියා බේරගැනීම වගේ දෙයක් තමා වුණේ. අපිට න්‍යායාත්මකව කල්පනා කළා නම් කෙනෙක් මැරෙන හැටි නරඹන්න තිබුණා. හදවත උනුසුම් කරනවට වඩා මොළය තමා අවශ්‍ය වෙන්නෙ. ඔබට අවස්ථාවක් ලැබුණොත් මිනිස්සු මැරෙන හැටි නරඹන්න. නමුත් අපි එහෙම කරන්නෙ නෑ. අපි ඔබව හෝ විපතට පත් අයවත් විශ්වාස කරන්නෙත් නැහැ. මේ කාරනයෙදි ඔබ තවමත් සමාජ ව්‍යාපාරයකට නුසුදුසු කෙනෙක්. වාමාවාදීන් ආදාරය කරනකොට මේ සතා ද මිනිසද කියල බෙදා වෙන්කරන්නෙ නෑ. ජීවී වස්තු සහ අජීවි වස්තු සියල්ලම බේරාගතයුතුයි. මම මේ ටික කියන්නෙ වසන්තට නෙමෙයි. වසන්ත දිහා බලන අනෙක් අයටයි. වසන්ත ටොන් ටොන් කීවට මිනිහ දන්න ටොන් එකක් නෑ. එ්ක හිස් ටින් එකක්.
ගමයා තුන (3මාන site එක ඇතුලේ ගමයින් කී වර්ගයක් ඉන්නවද කියන එක Admin සහෝදර සහෝදරියන්ගෙන් දැනගන්න කැමතියි.) හෝ වෙනත් නමක් සහෝදරයා වෙත,ඕකට ඉතින් අඬන්න දෙස් දෙවොල් තියන්න උවමනා නැහැ “ගංවතුර ගැලුවා, මිනිසුන් යටවෙන්න ගියා ඔබ සහ අනෙත් අය එගොලලන්ව බේරගත්තා” කෙතරම් ශෝක්ද? ඔබ කියන දේ හරියට හරි. මම ‘තවමත්’ නෙවේ කොහෙත්ම ඔබ ඔය කියන වර්ගයේ ‘සමාජ ව්‍යාපාර’ වලට සුදුසු කෙනෙක් නොවේ. ඒවගේම එක්තරා විදිහක ‘හිස් ටින්’ එකක්. මානවවාදය කියන්නේ දෘෂ්ටිවාදයක්. ඒකයි ලකාන් “Practical anti-humanism” කියල දෙයක් යෝජනා කරන්නේ. නොයෙක් දෘෂ්ටිවාදී කුණු කන්දල් ඔලුවේ පුරවාගෙන “සමාජ ව්‍යාපාර” කරනවාට වඩා මගේ හිස්බව හොදයි කියන එක මට තවත් ප්‍රත්‍යක්ෂ කර දුන්නට බොහොමත්ම ස්තුතියි. හැබැයි මේක කියන්න ඕනේ (මේක කියන්නේ අර ඔබ ගාව තියන ආදරය වගේ ඒත් එතරම්ම quality නැති ආදරයකින්, තරහකින් එහෙම නොවේ ) ඔය ‘හිස් ටින්’ වගේ කට්ටිය කියන දේවල් වලින් අනිත් අයට මොකක් හරි දෙයක් වෙයි කියල ඒ අයත් (අර ගංවතුරින් කට්ටිය බේරගත්ත වගේ) ‘බේරගන්න’ ඕනේ කියල හිතන එක ප්‍රතිකාර ගතයුතු සයිකොසියාවක්. පොඩ්ඩක් ආරංචි කරලා බලන්න එහෙම නෙවෙයිද කියල.
Dear Admin, Please CORRECT the “Practical Inhumanity” in my comment above as “Practical anti-humanism”. Sorry for the mistake. Thanks
මේ සංවාදය නිසා මගේ නම කැතවෙන්න ඉඩ තියෙන නිසයි මට කියන්න හිතුණෙ. මෙතන ඉන්න වසන්ත ප්‍රේමරත්න කියන්නෙ මම නෙමෙයි, ඒ වෙන කෙනෙක්.
පක්ෂයට සියල්ලම වැඩ කල යුතුයි. ළමයින් පවා දෙමාපියන්ට නොව පක්ෂයට නතු විය යුතුයි කිව්ව සයිකොසිකයෙක් ළමයි ලවා දෙමාපියන්ටත් වෙඩි තියෙව්වා. එයාගේ නම පොල්පොට්. අපි දන්නා විප්ලවවාදීන් මානව හිතවාදීන්. පක්ෂ හිතවාදීන් වීමට කලින් ඔවුන් මිනිසුන් ගේ දුක පිලිබඳ සංවේදී හිත් ඇත්තවුන් නිසා යමක් කරන්න හිතපු වුන්. ලෙනින්ට කලින් හිටපු විප්ලවවාදීන් එහෙමයි. ලෙනින් ඔවුන් ප්‍රයෝජනයට ගත්ත. මොකද ලෙනින්ටත් ඕන වුනේ ඒකම නිසා. කස්ත්‍රෝ හා චේ ගුවෙරත් එහෙමයි. ඔක්කොටම කලින් ඔවුන් මානව හිතවාදීන්. මාක්ස් ලොකූ පොතක් ලිව්වා දාස් කැපිටල් කියල. එංගලන්තේ පතල් වල දුක් විඳින කම්කරුවෝ හා ළමයි ගේ පන්ති වෛරය විසින් පන්ති අන්ගරය ලකින් මේ පිඩිතය පෙලන සමාජය ඔවුන් උදුරා දමාවි කියල. ඒත් මානව හිතවාදියෙක්. විප්ලවවාදියා කියන්නේ තවත් පක්ෂය ගැත්තෙක් උනාම ඌ කරන්නේ පක්ෂ කඩාගෙන යන එක. ගිහිල්ල අලුත් එකකින් ඒවා කරන්න පුළුවන් කියල හිතන එක. මිනිසුන් ගෙන් කොටසකට තමයි විමුක්තිය දෙන්න හදන්නේ. ඉතිරි කොටස මරල දායි. ඕක තමයි වුනේ. ඔහොම යං.
Comments are closed.