Work Hard…. Then we publish.

මුස්තාෆා කෙමල් අටටුර්ක් (අතතුර්ක්) යනු නුතන ලෞකික (secular) තුර්කියේ නිර්මාතෘවරයාය. ඔටෝමාන් තුර්කි අධිරාජ්‍යවාදයට හා තුර්කි අධිරාජයාට විරුද්ධව දේශපාලනය කල කෙමල් අටටුර්ක් විප්ලවවාදියෙකි. තම මව විසින් ආගමික අධ්‍යාපනය සඳහා යැව්වද එය ප්‍රතික්ෂේප කල ඔහු ආගමික නොවන පෞද්ගලික විදුහලක ඉගෙනුම ලබා තුර්කි ඔටෝමන් ආරක්ෂක ඇකඩමියට ඇතුළු විය. රජුට විරුද්ධව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් සිරභාරයට පත් වුවද පසුව නිදහස් වී ඔටෝමන් අධිරාජ්‍යය යටතේ වූ සිරියාවේ දමස්කස් නගරයේ කපිතාන් ධුරයට හා පසුව ජ්‍යෙෂ්ඨ කපිතාන් ධුරයටත් පත්විය. 1908 ජුලි මස තරුණ තුර්කින්ගේ විප්ලවය දෙවන සුල්තාන් අබ්දුල් හමීඩ් ගෙන් බලය ගෙන ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් පිහිටුවන ලද අතර එහි සෑහෙන වැදගත් කාර්යභාරයක් කෙමාල් විසින් ඉටු කරන ලදී.

ඉතාලි තුර්කි යුද්ධය (1911-1912), බෝල්කන් යුද්ධය (1912-1913) හා පළමුවැන් ලෝක යුද්ධය යන යුද වල සටන් කල ඔහු ඉන් පසු ලෙෆ්ටිනන්ට් කල්නල් වරයෙකු විය. මෙහිදී මතක තබා ගත යුත්තේ ඔහු ලිබියාවේ කැරැල්ලක් ද මැඩ පැවැත්වූ බවයි. ලිබියාව අයත් වුනේද තුර්කි අධිරාජ්‍යයටය. තුර්කි 7 වන හමුදාවේ අණදෙන නිලධාරී ධුරයට පත් වූ ඔහු පළමු ලෝක යුද්ධයේදී තම හමුදා පරාජයට පත් කර නොගත් එකම තුර්කි ජෙනරාල් වරයා විය. දෙවන ලෝක යුද්ධයේදී ජර්මානුවන් ගේ පැත්තේ සිටි තුර්කිය පරාජයට පත් වූ අතර අධිරාජ්‍යය බිඳ වැටී සිරියාව, ලිබියාව වැනි රටවල් නිදහස ලැබිය.
ජයගත් බ්‍රිතාන්‍ය, ප්‍රංශ ඇමෙරිකානු හමුදාවන්ට තුර්කිය යටත් වූ අතර කේමල් තුර්කි රජුට විරුද්ධව කටයුතු කර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන කතානායක විය. මෙහිදී මිත්‍ර පක්ෂය විසින් කැලිපෙට් නමින් හමුදාවක් සාදන ලදී. (දැනට අයිඑස්අයිඑස් ද ඉස්ලාමික කලිපෙට් රටක් බිහි කර ඇත.) විකිපෙඩියාවේ මේ විස්තර ලබා ගත හැක. වැඩි දුර නොගොස් මා කියන්නට තැත් කරන්නේ අටටුර්ක් (අතතුර්ක්) විසින් 1922 දී තුර්කි සමුහාණ්ඩුව පිහිටුවන ලද බවත් මුලදීම රජය ඉස්ලාම් ආගමින් වෙන් කල ඔහු තුර්කිය ආගමික නොවන නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද බවත්ය. ඔහු විසින් තුර්කියේ සංස්කෘතික, සමාජීය විප්ලවයක් ඇති කල අතර පාසල් ගොඩ නැගීම, ප්‍රථමික අධ්‍යාපනය අනිවාර්ය කිරීම මෙන්ම නිදහස් කිරීම, ගොවීන්ගේ බදු ලිහිල් කිරීම වැනි ක්‍රියාමාර්ග තුලින් වත්මන් තුර්කි රාජ්‍යයේ අඩිතාලම දැමිය. තුර්කි කාන්තාවට සම අයිතිය ලබා දීම (රැකියා කිරීම ආදී), නිකාබය (මුහුණ වැසීම) තහනම් කිරීම ද නීතිගත කරන ලදී. අදද තුර්කි ජාතියේ පියා හැටියට ඔහු තුර්කි වරුන් විසින් ගෞරව කරති.

එර්ඩොගන් 2002 දී බලයට පත් වන තුරුම තුර්කිය පාලනය කලේ හමුදාවට හිතැති ආණ්ඩු මගිනි. ඔවුන් මුස්ලිම් අන්තවාදීන්ට ඉඩක් නොදුන්හ. නමුත් ඔවුන් විසින් කුර්දි වරුන්ට එරෙහිව ගෙන ගිය මර්දනයන් එතරම් ජනප්‍රිය වුයේ නැත. දුෂිත යයි කිවූ හමුදා නිලධාරීන් අයින් කරමින්, සමහරුන් හිරේ දමමින්, සමහර විට අසත්‍ය තොරතුරු සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් තුර්කි හමුදාවෙන් ආණ්ඩුවට තිබු බලපෑම අයින් කල එර්ඩොගන් තමන්ගේ ඉස්ලාමිකකරණය පටන් ගත්තේය. එර්ඩොගන්ට වඩාතම උදව් කලේද චන්දය දුන්නේද ග්‍රාමීය තුර්කි ජනතාවයි. ඔවුන්, මුළු ලෝකයම මුස්ලිමුන්ට එරෙහි යයි පවසන එර්ඩොගන් ට මුලාව ඔහුව චන්දය දුන් අතර කාන්තාවන්ට නැවත හිස රෙද්දකින් වැසීමට අණ කරන නීති මෙන්ම අනිකුත් ඉස්ලාම්ක නීතිද පැනවීමට පටන් ගත්තේය. මෙයට විරුද්ධව නොයෙකුත් අරගල ඇති වුවද පසුගිය මැතිවරණ සියල්ලම ජය ගැනීමට ඔහු සමත් වුයේ ග්‍රාමීය ජනතාවගේ හා ඉස්ලාමික වාදීන්ගේ චන්දයෙනි. ඔහු රට ගොඩ නැගීමට තැත් කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය ආයතනයෙන් ණය 19ක් පමණ ලබා ගනිමිනි. ඔහු විසින් නව මහාමාර්ග (motor way – high-way) බොහොමයක් සෑදු අතර ගුවන් තොටුපළවල් ද සැදිය. මේවා ගැන නොයෙකුත් දුෂණ චෝදනාද ඔහුට ඔහු ගේ පුතාට හා නෑදෑයන්ට එල්ලවී ඇත.

එර්ඩොගන්ගේ ලොකුම හීනය ලෙස ඔහු පවසන්නේ නැති වී ගිය ඔටෝමන් රාජාණ්ඩුව නැවත බිහි කිරීමයි. සිරියාව ගැන බොහෝ අය නොපවසන දෙයක් තිබේ. එනම කටාර් – තුර්කි ගෑස් නළ මාර්ගය ගැනයි. ස්වභාවික වායු එවීමට සවුදි අරාබිය, ජෝර්දානය, සිරියාව හරහා නල මාර්ගයක් යෝජනා කල අතර ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර මෙයට කැමැත්ත පල කළහ. දෙවන නල මාර්ගය වුයේ සවුදිය මග හැර සිරියාව, ඉරානය හරහාය. එය තුර්කියට වාසිදායක නමුත් එර්ඩොගන්ගේ රජවීමේ සිහිනයට එය වැදගත් වුයේ නැත. සවුදිය සිරියාවට එරෙහිව ඇමෙරිකාවට කල චෝදනාවේ ප්‍රතිපලය වුයේ හදිසියේම සිරියානු ජනාධිපති අසාඩ් මිනිසුන් මරණ, බෝම්බ දමන ඒකාධිපතියෙකු බවට එක රැයින්ම පත්වීමයි. සවුදිය හා තුර්කිය එක්ව සිරියානු කැරලිකරුවන් පුහුණු කල අතර තමන් ගේ මිතුරන් නිසා ඇමෙරිකාව ඔවුන්ට උදව් කළේය. තම රජය බේරාගැනීමට කැරලි කරුවනට කරන ප්‍රහාර වලින් අසාද් අතින් සාමාන්‍ය මිනිසුන්ද මියගිය අතර එයට එරෙහිව ලෝක ජන මතය ගොඩ නැගිණි.

මේ අතර ඉරාකයේ ඇමෙරිකානු හමුදා ඉවත දමාගිය ආයුධ රැගෙන සිරියාවට හා ලිබියාවට එරෙහිව සටන් කිරීමට සවුදු අරාබිය පුහුණු කරන ලද කැරලි ජරුවන්, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය වැනි රටවල ඉස්ලාමික අන්තවාදීන්, පුටින් අතින් පරාජයට පත්වූ චෙචේනියානුවන් දහස් ගණනින් පැමිණියහ. ඉන් පසු සිදුවූ සියල්ල දැන් හැමෝම දන්නා දෙයයි. අවසානයේ පුටින්ට සිරියාවට බෝම්බ දැමීමට සිදු වන්නේ රුසියාවේ චෙචේනියානු යුද්ධයෙන් හා අනිකුත් පැරණ සෝවියට් දේශයට අයත්ව තිබු මුස්ලිම් රටවලින් පැමිණි සිටින ඉස්ලාමික අන්තවාදීන් පසුව රුසියාවට තර්ජනයක් විය හැකි නිසා වන අතරම, තමන්ගේ මිතුරු අසාද් ව බේරා ගැනීමටත්ය. සිරියාවේ වරායවල් ද පුටින් ට උපක්‍රමශීලිව වැදගත් ඒවා වේ. ඉහත සිරියාව හරහා ගෑස් නල මාර්ගය දැමුවොත් එයත් රුසියාවට ආර්ථික වශයෙන් වාසි දායකය.

එර්ඩොගන් ට අවශ්‍ය සිරියාව හා ලිබියාව තමන්ගේ යටතට ගෙන තුර්කි අධිරාජ්‍යයක් නැවත ගොඩ නැගීමටය. පුටින් ක්‍රිමියාව තමා යටතට ගත් අතර ක්‍රිමියාව සුළු කාලයක් තුර්කි අධිරාජ්‍ය යටතේ තිබුණි. ඔවුන් රුසියන් අධිරාජ්‍යයට පරාජය වීමෙන් ක්‍රිමියාව අහිමි විනි. (බොහෝ කලකට පෙර) පුටින් තමන් ගේ විදේශ ප්‍රතිපත්තියේදී දැන් තරමක් දුරට හැසිරෙන්නේ සාර් රජු ක්‍රියා කල ආකාරයටමය. පරණ රුසියන් අධිරාජ්‍යයට අයත්ව තිබු භූමින් ගේ පාලනය තමන් අතට නැත්නම් අවම අශයෙන් ඒවාට බල පෑම් කිරීම ඔහුගේ පිළිවෙත වී ඇත.

පුටින් චෙචේනියානු අන්තවාදීන් පරාජය කලේ දැඩි ලෙස මර්දනය කරමිනි. ඔහු චෙචේනියාවට රුසියානු සමුහාණ්ඩුව යටතේ ස්වතන්ත්‍ර පාලන ක්‍රමයක් ලබා දුන්නද ඔහුගේ මර්දනකාරී ක්‍රියා විවේචනයට ලක්විණි. නමුත් පුටින් යෙල්ට්සින් ගේ අසමත් පාලනයෙන් රුසියාව බේරාගෙන ධනවත් රුසියාවක් නිර්මාණය කළේය. ඔහු තම දියණියන් හෝ නෑදෑයන් රාජ්‍ය පරිපාලනයට කෙලින්ම සම්බන්ධ කර ගත්තේ නැත. ඔහු විසින් අනුමත කරන අයට මිස තමන්ගේ දේශපාලන විරුද්ධ වාදීන්ට එතරම් වෙළඳ කටයුතු වලදී අනුබල දුන්නේද නැත. එහෙත් ඔහු නව රුසියානු හමුදාව නවීකරණය කිරීම, අධ්‍යාපනයට, වැඩිහිටියන්ට මුදල් වෙන් කිරීම, ආදී ජනප්‍රිය ක්‍රියාමාර්ග බොහොමයක් ගත්තේය. ඔහු තවමත් ඉතා ජනප්‍රියය.

යුද්ධය දිනුවද යුද්ධයේ අවසන් අදියරේ සිටම ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පුටින් මෙන් මහත්මා ලෙස සතුරාට සැලකුවේ නැත. (පුටින් තමන්ට හිතවත් අයෙකු වන රම්සන් කදිරෝව් චෙචේනියාවේ පත් කලද ඔහුගේ පාලනයට ඇඟිලි ගසන්නට ගියේ නැත. ඒ වෙනුවට ඇති තරම් මුල්‍ය ආධාර දුන්නේය.) දෙදෙනාම යුද්ධය දිනීම නිසා ජනප්‍රිය වුවද පුටින් තමන්ගේ ජනප්‍රිය භාවය රට කරවීම පිණිස මැනවින් යොදා ගත්තේය. මට පෙනෙන්නේ මහින්ද මහතා අනුගමනය කලේ එර්ඩොගන් බවය.

දැන් එර්ඩොගන් ට සිදුවී ඇත්තේ වහ කන්නටය. මගේ තුර්කි මිතුරෙකු මට ලියා එව්වේ එර්ඩොගන් තවතවත් ජනප්‍රිය භාවයෙන් පහලට වැටෙන නිසා ඔහු ලාභ ජාතිවාදය හා ආගම්වාදය ඇවිස්සීමට රුසියානු යානයට පහර දුන් බවයි. එයට තුර්කියේ ග්‍රාමීය ජනතාව ප්‍රීතිඝෝශා කරති. නමුත් තුර්කියට වැඩියෙන්ම එන රුසියන් සංචාරකයන් ඒම මින් නවතිනු ඇත. රුසියාවේ ගොඩනැගිලි වැඩියෙන්ම සාදන්නේ තුර්කි ව්‍යාපාරයන් මගිනි. ඒවාටද දැන් රුසියාව තුල වසා දැමීමට බල කෙරී ඇත. දැන් තුර්කින්ට රුසියාව රැකියා කිරීම තහනම් කර ඇත.ජර්මනියට පසු රුසියාව වැඩියෙන්ම ආහාර හා අනිකුත් දේ ආනයනය කරන්නේ ද තුර්කියෙනි. ඒ ඩොලර් බිලියන වලිනි. දැන් එය ද නැවතී ඇත.

එර්ඩොගන් කර ඇත්තේ තමන් ගේ කකුලට තමන්ම වෙඩි තබා ගැනීමයි. මෙය හරියටම රාජපක්ෂ මහතා අවුරුදු දෙකකට කලින් මැතිවරණයක් කැඳවා ඉල්ලන් කෑවාක් මෙනි.

Ajith Dharmakeerthi

 

 

ඔබේ අදහස කියන්න...

6 COMMENTS

  1. “…..මා කියන්නට තැත් කරන්නේ අටටුර්ක් (අතතුර්ක්) විසින් 1922 දී තුර්කි සමුහාණ්ඩුව පිහිටුවන ලද බවත් මුලදීම රජය ඉස්ලාම් ආගමින් වෙන් කල ඔහු තුර්කිය ආගමික නොවන නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද බවත්ය…”

    conflicting with

    “…(after the Second World War, in 1945)ජයගත් බ්‍රිතාන්‍ය, ප්‍රංශ ඇමෙරිකානු හමුදාවන්ට තුර්කිය යටත් වූ අතර කේමල් තුර්කි රජුට විරුද්ධව කටයුතු කර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන කතානායක විය…”

  2. දීප්ති ඉස්සර කවුලුව හැර තිබේ ලියන විට සමහර පාඨකයන් අමාරුවෙන් ඒවා තේරුම් ගන්නට උත්සාහ ගත්හ.ඒ සමහර විට දර්මකීර්ති එස්ටැබ්ලිෂ් වන්නට උත්සාහ කරන කාලය වන්නට ඇත.එස්ටැබ්ලිෂ් වූ පසු දර්මකීර්ති ලියන්නට පටන් ගත් අතර ඒවා 3මාන හි පලවන්නට විය.මේ ලිපිවල පොඩි ඔඩ් ගතියක් තියෙනවා නේදැයි ඉහත පාඨකයා ප්ර්ශ්න කලේය .ලැබුනු උත්තරය මෙහෙමය.එහෙම එකක් නැහැ,එයා පශ්චාද් මාක්ස්වාදියෙක්.විතන්ඩවාදී ප්ර ශ්න අහන ඔයා බූරුවෙක්.
    ධනවාදයේ හැටි එහෙමය .එය සමහර සබදතා කන්ඩනය කරයි.උදා; ලේඛක දීප්ති සහ දුප්පත් පාටකයා
    සමහර අලුත් සබදතා වර්ධනය කරයි.උදා;පක්ශ නායක දීප්ති සහ පිටරට සල්ලිකාර ලේඛකයා

    • “So you remember that Freud asked himself the famous question, “What do women want?” As a man, he asked himself this question; and perhaps as a woman too. We do not have the answer, in spite of thirty years of Lacan’s teaching. We tried. So it’s not a discriminating question. I have another question, which has been troubling me for years, which is —What do Americans want?—I have the answer! A partial answer. They want Slavoj Zizek! They want the Lacan of Slavoj Zizek. They like it better than the Lacan of the Freudian Field, for the time being perhaps. The question is, do they want very definite concepts? Or do they want some room to wrangle? Some negotiating space? And that is the case with the concepts of psychoanalysis.”

      • ඔබව හදුනාගැනීමට ලැබීම සතුටක් ඇලන් මිලර් මහත්මයා,3මාන ඇඩ්මින් ඔබ කියා මා දැන සිටියේ නැහැ

  3. //උදා;පක්ශ නායක දීප්ති සහ පිටරට සල්ලිකාර ලේඛකයා// රමල් මල්ලි , පිටරටක තමන්ගේ මොළය (හෝ දැනුම) විකුණලා පඩියක් අරගෙන සමාගමක වැඩ කරන අයෙක් සල්ලිකාරයෙක් වෙනවද? පඩිය වැඩි වෙන්න පුළුවන්. ඒත් ඒ ධනපතියෙක්ද? ඒත් ශ්‍රමිකයෙක් නොවේද?

Comments are closed.