නව වමක් ගැන අප සිතිය යුතු නිමේෂය අන් කවරදාකටත් වඩා අද අපට දැනෙමින් ඇත. මන්ද අන් කවරදාකටත් වඩා අධ්‍යතන ධනවාදය අපව ශාරීරිකවත් මානසිකවත් ( අධ්‍යාත්මිකවත් ) සූරාකන මොහොතක අපි ජීවත් වෙමු. ” අනන්තය කරා ඉගිලෙන්න ” යැයි කියන ගමන්ම, ” පාරේ වෙට්ටු දමමින් චන්ඩියෙක් වෙන්න ” යැයි එය අපට අණකරන අතරේම රවී කරුණානායක රුපියල් 25000කින් අපව සූරාකයි. විනෝදය පමණක් නොව විනෝදයේ යතුරේ හිමිකරුද ඔහුය. විනෝදය අපට කේවල් කරන්නේ ද ඔහුය.
මෙම විරුද්ධාභාෂය තේරුම් ගැනීම සඳහා භාෂාවක් අනුර කුමාර අපට නිෂ්පාදනය කරදී ඇත්ද ? මෙය අපට පැහැදිළි කර දෙන්නේ මළු තුනක් අතේ දරාගෙන අනුරාධපුර සිරගෙයින් පසුගිය දා එළියට පැමිණි කුමාර් ගුණරත්නම් ද ? නැත්නම් මුහුණු පොතේ සැරිසරණ සොම්බී ( Zombie ) වාමාංශික ප්‍රාණකරුවන්ද ?
නැවතත් අපට මුණගැසෙන්නේ කිසිවෙක් නම සඳහන් කිරීමට අකමැති සැමදා නම වාරණය කර ඇති නමුත් හැමෝම රහසින් කියවන දීප්ති විසින් නිෂ්පාදනය කළ දැනුම නොවේද ? එය මේ යුගයේ මහත්ම වූ විරුද්ධාභාෂය විය නොහැකිද ? වසර 20ක් තිස්සේ ගුප්තකරණය කර ඇති දීප්තිගේ දේශපාලනය නිර්-ගුප්තකරණය කිරීම සහ පැරණි වමෙන් සහ එහි නිරීක්ෂයෙන් අප තීරණාත්මක ලෙස ඛණ්ඩනය වන්නේ කෙසේද යන්න සාකච්ඡා වීම මෙවර ජිජැක් අධ්‍යනය කෘතිය හඳුන්වාදීමේ සම්මන්ත්‍රණයේ ප්‍රධාන කාර්යයයි.