[dropcap color=”orange”]පෙ[/dropcap]රටුගාමි සමාජවාදී පක්ෂයේ ගුරුත්ව කේන්ද්‍රය ආශ්‍රිතව ඇති වී ඇති දේශපාලන අර්බුදය නිසා දේශපාලනයට සංවේදී වන බොහෝ තරුණ කණ්ඩායම් මේ මොහොතේ දී අර්බුදයට ගොස් ඇත. මෙවැනි මංසන්ධියක දී එවැනි අය කළ යුත්තේ මොහොතකට එකතැන නතර වී මෙතෙක් ලංකාවේ සිදු වූ දේශපාලන අරගල වල ඉතිහාසය යළි හැදෑරීමයි.
90 දශකයේ සිට සමාජ ව්‍යාපාරයක් ලෙස වැඩ කරත්දී අපට හොදින් දැනුන දේ වූයේ ධනවාදය නම් සමාජ ව්‍යුහයත්, එය මිනිසාගේ ආත්මයට සම්බන්ධ වන ආකාරයන් සිදු වූ මහා වෙනසයි. මේ වෙනස පැහැදිලි කිරීමට අප වචන කිහිපයක් යොදා ගත්තේය. ඒවා නම් පශ්චාත්-නූතනවාදය, ආත්මීය ස්ථාවර, කතිකාව, ලිංග-භේදය, ශිෂ්ටාචාරය අර්බුදයට යාම, සංස්කෘතිය මිලේජ්ජ වීම, ෆැසිස්ට්වාදය අධිපති සමාජ බල රටාව බවට පරිවර්තනය වීම, ප්‍රජාතන්ත්‍රවාදය ඛාදනය වීම, ජාතිවාදය මතුවීම.
තවමත් ලංකාවේ බොහෝ වාම කණ්ඩායම්, පක්ෂ සහ පුද්ගලයන් ක්‍රියාත්මක වන්නේ ධනවාදයේ සම්භාව්‍ය ව්‍යුහය සිහි තබාගෙනය. එනම් කම්කරුවා සහ ෆැක්ටරිය තුළදී වන ප්‍රතිවිරෝධය හරහා කම්කරුවා සංවිධානය කිරීම පිළිගත් ප්‍රමිතිය ලෙස සලකා බැලෙයි. නමුත් නූතන ධනවාදය තුළ ශ්‍රමිකයා සහ ප්‍රාග්ධනය අතර ගැටුම නිරූපණය වන්නේ අධෝ-ව්‍යුහයෙන් පලා යන ෆැන්ටසි පිළිතුරක් ලෙස උපරි-ව්‍යුහය තුළය. අධෝ-ව්‍යුහය සහ උපරි-ව්‍යුහය යනු අප කලින් කල්පනා කල ආකාරයට සහසම්බන්ධ ප්‍රති පක්ෂයක් නෙවී. අධෝ-ව්‍යුහයේ පිපිරීමක් වොල්කනයිස් කිරීමට උපරි-ව්‍යුහය යෙදවේ. උදාහරණයක් ලෙස ධනවාදයේ මූලික පසමිතුරුතාවයෙන්(පිපිරීම) ගැලවීමට නම් එය දෙමලාගෙන් වොල්කනයිස් කරනු ලැබේ. එවිට දෙමලා යනු ෆැන්ටසි පැච් එකකි.
කුමාර් ගුණරත්නම් තම පක්ෂයේ ජාතික ගැටළුව සම්බන්ධ මතය එහි නායකත්ව ගොනුවට සංවාදය සදහා එකතු කර ඇත. එවිටම පක්ෂය පිපිරී ගියේය. ජාතික ගැටළුව තවමත් දේශපාලන පක්ෂ තුළ බෝම්බ යථාර්ථයක් බිහි කරන්නේ මන්ද? කුමාර් ට අනුව බලය බෙදීම අනාගත සමාජවාදයට අනතුරකි. [dropcap color=”green”]ම[/dropcap]න්ද යත් සිංහල-දකුණ සමාජවාදයට යන විට අධිරාජ්‍යවාදය තමිල් ඊළම ධනවාදයට ගෙන යන නිසාය. අනුමාන කිරීමක් ලෙස ගතහොත් කුමාර් ගේ අදහස නිවැරදිය. නමුත් ව්‍යවහාරය න්‍යායට වෙනස්ව ක්‍රියා කරන තැන් ඇත. ( ජ.වි.පෙ තුළම ලාල්කාන්තගේ ජාතිය පිළිබද අදහස පක්ෂයේ අදහස නෙවී.)
ධනවාදය තුළ අවසාන අහිමිවීම යනු ජාතියයි. කෙනෙකුට ජාතිය අහිමි වූ පසු සම්මුඛ වන්නේ ආත්මීය ලෝකයේ අවසන් ගිමන් හල වන හිස් බවයි. බොහෝ දෙනා සිතන්නේ මිනිසාගේ අවසාන ස්ථානයට අර්ථයක් තිබිය යුතු බවයි. නමුත් මනුෂ්‍ය ආත්මයේ අවසාන තැන ‘හිස් තැනකි’. [Empty Place] කුමාර් වැනි දේශපාලන නායකයෙකු පවා සිතන්නේ මිනිසාට කුමන හෝ අවසාන සාරයක් තිබිය යුතු බවයි. අනුගාමිකයන්ට මෙවැන්නක් නැත්තේ ඔවුන්ගේ ‘සාරය’ නායකයා නිසයි. ඒ නිසා නායකයා සහ සාමාජිකයන් අතර ගැටුම පසමිතුරුතාවයකි. එය ප්‍රතිවිරෝධයක් නොවේ. අයෙකු තමාට තම අනන්‍යතාවය පූර්ණ කිරීමට ඉඩ නොදෙනු ඇත්තේ අනෙකා යැයි විශ්වාස කරයි. නමුත් මෙය තමන්ගේම හිතලුවක් පමණි. කෙනෙකු මෙසේ කරන්නේ තමන් තමා තුළම අත් විදින හිස් බව දරාගත නොහැකි නිසාය. එබැවින් මනුෂ්‍යයා තමාට පරිපූර්ණ වීමට ඉඩ නොදෙන්නේ බාහිර අනෙකෙක් යැයි අනුමාන කර ඒ තැනැත්තාව විනාශ කිරීමට සියල්ල කරයි. ( ඒ හින්ද තමයි මේ අප ජීවත් වන යුගයේ පන්ති දේශපාලනයටත් වඩා දෘෂ්ටිවාදය විචාරය කිරීම ප්‍රබල වෙලා තියෙන්නේ.) සිංහලයාට පරිපූර්ණ වීමට ඉඩ නොදෙන බාහිර බාධකය මේ යුගයේ දෙමළා වෙලා තියෙන්නේ මේ හින්දයි. කිසිවකු වටහා නොගන්නේ දෙමළා යනු තමන්ගේ ස්වයං-බාධාව පිටතට බහිෂ්කරණය කිරීමක් බවයි.
LankaNewsWeb එකේ දාල තිබුන වරුණ දීප්ත රාජපක්ෂ කුමාර් කණ්ඩායමට චෝදනා කරනවා කියල ඔවුන් තවම ජාතික ප්‍රශ්නය පිළිබඳව ජවිපෙ මතයේ ඉන්නේ කියලා . මන් එක පාරක් වරුණ දීප්ත කල කතාවක් ඇහුවා අධිරාජ්‍යවාදය පිළිබඳව . එතැනදී මට තේරුනේ වරුණ ඉන්නේ ජවිපෙටත් එහා සම්ප්‍රදායක වම එක්ක කියල (අර හැලි ගිය පක්ෂ වල) එහෙම නැත්නම් වරුණ අමිල හාමුදුරුවන්ගෙන් නයට කතාව ඉල්ලා ගෙන කියල. ඒ නිසා මා නම් කියන්නේ ඔය පෙරටුගාමී සමාජවාදී එකේ කට්ටියට තව ඉගෙන ගෙන තර්ක කරන්න කියලා .
gamayo, eka oya ahapu kathavaka thibunu deyak ne.mama varuna ekthara rasveemakade kivva kathavak ahuva.ekedi eya mehema kiyanava(api rajapakshata shayogaya deela jatee vaadi madagode erila ape athmaya nethi karagatha kiyala!api ahala thiyena vidiyata eya jvp eke oyala vage maha loku deval danne nathuva athi.namuth eya thamange sagayinta katha vada karala neha kiyala presiddiyak thiyenava!
ඉහත කොමෙන්ටුවේ වැරදි නිවැරදි කිරීමක්. මම jvp කෙනෙක් නෙමේ. වරුණ දීප්ත ජාතිවාදියෙක් නෙවේ කියල මන් පිලිගන්නවා . ඔහු පුදුවෙයි කියන දෙමල (අතුරුදහන් වුන) කවියා ගැන ලියපු හොඳ සංවේදී ලිපියක් මන් කියෙව්වා මතකයි. මෙතන වෙන දෙයක් ගැන මං කතා කරන්නේ . ඉතාමත් සංකීර්ණ යුද්ධ පවා ඇතිවුන ජනයා ඝාතනය වුන ප්‍රශ්නයක් ගැන වාද හා සංවාද කල යුත්තේ හා න්‍යායාත්මකව ප්‍රශ්නය දිහා බලලයි. මේක තවමත් සංවාද කල යුතු බැරෑරුම් දෙයක්. උදාහරණයකට ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ මතය ට (ජාතික ප්‍රශ්නය පිළිබඳව) මම තවම එකඟ නැහැ. එහෙම වුනාය කියල ත්‍රිමාණ නොබලා ඉන්නවනම් ඔවුන්ගේ අදහස් නොකියව ඉන්නවනම් ඒක මගේ මෝඩ කමක්. පහුගිය කාලය පුරා අහපු පෙසපේ කතා වලින් මට නම් වැටහුනේ කිසියම් න්‍යායාත්මක දැනුමේ දුර්වල කමක් හා ජවිපෙ න්‍යායවල් තවම කර පිටින් ගෙන යාමක් . ඒක ගැන සංවාදයකට අවකාශයක් නැති කම පාඩුවක්.
Comments are closed.