හේගල් කියවීම පිළිබඳ ලිපි කියවූ බහුතර දෙනෙක් අපගෙන් ඉල්ලා සිටියේ, එහි තිබෙන දැඩි වියුක්ත ස්වභාවය තනුක කර යම් සංයුක්ත විශ්ලේෂණයක් කරා අපට යා නො හැකිද යන්න ය. දශක දෙකක් තිස්සේ අපගේ දේශපාලන ව්‍යාපාරයේ ආධ්‍යාත්මික ප්‍රකාශකයන් වූයේ, කලාකරුවන් කිහිපදෙනෙකි. මුග්ධයන් වැලක් තද පීඩනයක් යොදද්දීත් මෙම කලාකරුවන් අප සමඟ එකට ම සිටියේ ය. එය තදාත්මික සමාජීය මිත්‍රත්වයකි.
සමන් වික්‍රමාරච්චි, අසෝක හදගම, එරික් ඉලියප්ආරච්චි යන කලාකරුවන් අප සමඟ දිගටම සිටියේ ය. ඊට අමතරව, මා සමඟ මරාගෙන මැරෙන සටනක නියැලෙමින් හෝ සුජිත් ඇතුළුව දෘශ්‍ය කලාකරුවන් විශාල සංඛ්‍යාවක්ද සිටියේ ය.
පළමුවෙන්ම කියන්න තියෙන්නේ, ‘බාහිර අධිකාරීත්වය’ – External Authority- ගැන නිමක් නැති පැමිණිලි සාගරයක් ඇති කරන්නා යනු, සමකාලීන ‘හිස්ටෙරිකයෙක්’ යන්න ය. දියුණු ධනවාදය ක්‍රියාත්මක වන විට, බාහිර අධිකාරිය හෝ මාස්ටර්වරයාගේ අතුරුදහන් වීම සිදු වෙයි. එවිට, ආත්මයට තමන්ගේ අහම (ego) පිළිබඳ සීමා-මායිම් මැකී යයි. තමන් සහ බාහිර ලෝකය අතර සීමාව බොඳව යයි. සමකාලීන සායනික අවකාශය මෙම තත්ත්වය හඳුනා ගන්නේ, ‘සීමා-මායිම්-ගැට්ටෙහි’ ජීවත්වන (borderline personality disorder ) ආත්මයන් ලෙසිනි. එබැවින්, නූතන ධනවාදය තුළ අපට යළිත් හිස්ටෙරිකයන් හමු නොවන අතර ‘සීමා-මායිම්’ බොඳ වූ පශ්චාත්-නූතන හිස්ටෙරිකයන් “වාමාංශිකයන්, රැඩිකලුන්, ජාතිවාදීන්, ලිබරල්වාදීන්” ලෙසින් විද්‍යාමාණ වෙයි.
Self- love.
සමන්, හඳගම, එරික් සහ අනෙකුත් දෘශ්‍ය කලාකරුවන් සම්බන්ධයෙන් ‘සාධාරණ න්‍යායක්’ ගොඩ නැගීම ඔවුන්ගේ කෘති කියවීම සඳහා නව සන්දර්භයක් සලකුණු කිරීමකි. අපි පළමුවෙන්, සමකාලීනත්වය තුළ කලාවේ පොදු අර්බුදය සූත්‍රගත කරමු.
කලාව තවදුරටත් මිනිසුන්ගෙ අධ්‍යාත්මික, බුද්ධිමය ජීවිතය තුළ සප්‍රයෝජනවත් දෙයක් නොවේ. මෙමඟින්, කලාව යථාර්ථය අවබෝධ කර ගැනීමේ හෝ යථාර්ථය සමතික්‍රමණය කිරීමේ විද්‍යාවක් යන ”ගම්ලත්-පියසීලි” තිසීසය යල්පැන ගිය න්‍යායක් වෙයි. සරලව කිවහොත්, 60 දශකයේ රජයේ ලිපිකරුවෙකුට පරස්පරව සමකාලීන පහළ මැද පන්තිකයෙකුට ‘මනමේ’ නාට්‍යයට වඩා ‘වැගන් R’ මෝටර් රථයක් අධ්‍යාත්මික ය. ඉන් අදහස් වන්නේ, ‘මනමේ’ නාට්‍යය යථාර්ථය අවබෝධ කර ගැනීමේ දී එය යල් පැන ගොස් ඇති බව ‘පානදුරේ ලාල්’, සේපාල් වැනි ‘සුන්දර ආත්ම’- Beautiful Souls = පවා දන්නා බවයි. මේ තත්වය ධනේශ්වර-ක්‍රමය පිළිබඳ සරච්චන්ද්‍රගේ ‘ධර්මිෂ්ඨ සමාජය’ තිසීසය අවලංගු කරයි. ඔහුගේ දරුවන් පවා දැන් ජීවත් වන්නේ, බටහිර සමාජ වල ය.
Our Heart.
අද්‍යතන සමාජය ගැන මූලික නිරීක්ෂණ කිහිපයක් පළමුවෙන් පසුබිම් යථාර්ථය ලෙස මම මෙලෙස ඉදිරිපත් කරමි. අලුත් තත්වය තුළ ‘සමාජ බුද්ධියේ’ කාර්යය විද්‍යාවේ පැත්තෙන් උපදේශන සේවාවක් බවට ව්‍යුහාත්මකව වෙනස් වෙලා තිබේ.
1. සමකාලීන යුගයේ දී අසාමාන්‍ය ලෙස බුද්ධිමතුන් සහ දාර්ශනිකයන් ජනප්‍රිය වෙමින් පවතියි. මින් ඉඟි කරන්නේ කුමක්ද? එය ධනාත්මක හෝ ගුණාත්මක විපර්යාසයක් ද? නැත. මෙමඟින් ප්‍රකාශ වන්නේ, සමාජ බුද්ධියේ සංස්කෘතික සහ බුද්ධිමය පරිහානිය යි. සරලව කිවහොත්, 60 දශකයේ පොදු ජනයා සමකාලීන පොදු ජනයාට වඩා බුද්ධිමත් ය. දැන් ඉන්න ‘පොදු ජනයා’ කියන්නේ, මෝඩයෝ රංචුවකට ය. ගෝත්‍රිකයෝ පිරිසකට ය. මේ අය සිතීමට උදාසීන ය. මේ නිසා, තමන්ගේ හැම කටයුත්තකටම බාහිරින් විශේෂඥ බුද්ධියක් අවශ්‍යය. ව්‍යාධියක් ලෙස මහජනයා සිතිය යුතු, කළ යුතු, සිතිය යුතු දේවල් කියා දෙන වෘත්තිකයන් පිරිසක් බිහිවෙලා තිබේ. මෙවැනි සමාජයක දී ‘සත්‍යයට’ ලොකු වටිනාකමක් හිමි වන්නේ නැත.
2. ඊළඟට, ‘විද්‍යාව’ වෙනුවට තාක්ෂණික යාවත්කාලීන වීම විද්‍යාවේ වර්ධනය ලෙස වටහා ගනී. විද්‍යාව කියන්නේ, ස්වභාව ධර්මය කියවීම ය. එයට කිසිසේත් ආත්මීයත්වය කියවීමේ හැකියාවක් නැත. තාක්ෂණය අපට හඳුන්වා දෙන්නේ, පශ්චාත්-මනුෂ්‍යත්වයකි.
3. ඊළගට, ‘ආදරය’ වඩ වඩා ලිංගිකත්වයෙන් ආදේශ වෙමින් තිබේ. ‘ලිංගික ආලය’ පිළිබඳ මාර්ගෝපදේශ ආදරය පිළිබඳ බුද්ධිමය සංවාද සමඟ පැටලිලා තිබේ. ‘ආදරය’ සමකාලීන වෙළඳපොළ යථාර්ථය විසින් ලිංගිකත්වයේ කාව්‍යමය සීමා දක්වා පළවා හැර ගැටුමකින් තොර අනෙකා යන්න පරමාදර්ශයක් කොට තිබේ. ආදරය යනු, හදිසි තත්වයක්, කඩාකප්පල්කාරී ක්‍රියාවක් නම් ලිංගිකත්වය යනු, ඝර්ෂණයෙන් තොර තත්‍යසමාන යථාර්ථය යි. මේ නිසා, තත්කාලීන ලිංගිකත්වය තුළ මිනිසුන් තව තවත් හුදෙකලා වීම වැළැක්විය නොහැකිය.
4 . දේශපාලනය ‘පරිපාලනය’ බවට ඌනනය වෙලා තිබේ. මිනිසුන් පාලනය කිරීම මිනිසුන් අතර ගැටුම් කළමනාකරණය කිරීමක් බවට ඌනනය වෙලා තිබේ. විශේෂඥයන් මඟින් පාලනය වීමේ සුරතාන්තය ලෙසින් මෙම නව තත්වය හඳුනාගත හැකි ය. මේ හේතුව නිසා, විවිධ දෘෂ්ටිවාදයන්ට ඇති ඉල්ලුම අධිකතර වෙලා තිබේ. මාක්ස්වාදය පවා සමකාලීනත්වය තුළ දෘෂ්ටිවාදයකි.
5. අපගේ සංවාදයට අදාළ තිසීසය වන්නේ, අද්‍යතන සිතීම් තුළ ‘කලාව’ වඩ වඩා සංස්කෘතිය මඟින් නිර්වචනය වීමයි. සූත්‍රය මෙසේ ය. /කලාව= සංස්කෘතිය. / උදාහරණයක් ලෙස, සුළු ධනේශ්වර ලෝකය තුළ උන්නතිකාමය සහ තම සමීප අනෙකා තරඟකරුවෙක් ලෙස දැකීම ඔවුන්ගේ පවුල් අවකාශය තුළ සංස්කෘතික නිර්මිතයකි.
පසුගිය දශක එකහමාරක පමණ කාලය තුළ ලියැවුණු බොහෝ නවකතාවල මුඛ්‍ය ආඛ්‍යානය වී ඇත්තේ, යම් චරිතයක් ආරම්භයේ දී දුක් විඳ පසුව ජීවිතය ජය ගන්නා හපනෙක් ලෙසය. අප මේ තත්වයට කියන්නේ, දවසේ ජීවිතයේ සංස්කෘතිය හෝ පුරුද්ද කලාත්මක ශානරයක් බවට පත්කිරීම කියා ය. ඇරිස්ටෝටල්ට අනුව කතාවක සිදු විය යුත්තේ, කතා නායකයා පළමුව ‘මුලාවකට’ රැවටී (ඊඩිපස්, මනමේ, හැම්ලට්- I am dead, Horatio ; ඉන්නවද? හැමනෙනවාද?- To be, or Not to be- That is the question- මේ අදහස් වල ඇත්තේ, ඊඩිපස්, මනමේ, හැම්ලට් යනු මනෝවිද්‍යාත්මක භූමිකා නොවේ යන්න ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරච්චන්ද්‍ර පුටුවේ වාඩි වී සිටින මෝඩයා සමඟ හේගල් කියවූ සමන්ට ඇති බුද්ධිමය සම්බන්ධය කුමක්ද? සුන්දර ස්ත්‍රීන්ගේ ‘සුන්දර’ යන සංකල්පය විසංයෝජනය කළ නොහැකි පුද්ගලයෙකුට අපගේ බදු මුදල් වියදම් කළ යුත්තේ ඇයි? මොකද බුලත් විට කනවට ද?) කතාව දිග හැරෙන විට, එම මුලාවෙන් ඉවත් වී ප්‍රබුද්ධත්වයට පත් වීමයි. ලංකාවේ නවකතාවල කතා නායකයා වැගන් R එකක් මිලට ගැනීමෙන් කතාව නිෂ්ටාවට පත් වෙයි. මෙවන් කතා විශ්ලේෂණය කිරීමට හපනා වී ඇත්තේ, ජයසිරි අලවත්තයන් නම් නව චීන ජාතිකයා ය.
‘කලාව’ කියන්නේ කලාත්මක ඥානය දෛනික ජීවිතයේ හුරුපුරුදු, සංස්කෘතිය, ජනශ්‍රුතිය බවට ඌනනය කිරීම නොවේ. කලාව කියන්නේ ‘සංස්කෘතිය’ නිෂේධනය කිරීමකි. හඳගමගේ කෘති භ්‍රමණය වන්නේ, ‘අර්ථය’ වටා නොව අරුත් රහිත විනෝදයක් වටා ය. අද්‍යතන ධනවාදී වෙළඳපොළ ආර්ථිකය තුළ දී ‘කලා නිර්මාණ’ මඟින් පොදු ජන ක්ෂෙත්‍රයට ඥාණ-විභාගාත්මක විභවයක් ඇති කරන්නේ නැත. මිනිසුන්ට ‘කලාකෘති’ කියන්නේ තවදුරටත් ‘ආධ්‍යාත්මික නිෂ්පාදන’ නොවේ. සරච්චන්ද්‍ර, අමරසේකර හරහා ගම්ලත්, පියසීලි දක්වා යුගය තුළ දී කලාව කියන්නේ අඩුම වශයෙන් පහළ මැද පන්තියට හරි සප්‍රයෝජනවත් වන දෙයකි. නමුත්, අද දවසේ පාරිභෝගික භාණ්ඩ විශේෂයෙන්, සංස්කෘතික පාරිභෝගික භාණ්ඩ (Land Rover Jeep, ස්ටාර් බක්ස් කෝපි, Apple ටෙලිෆෝනය) මිනිසුන්ට ආධ්‍යාත්මික ය. මේ හේතුව නිසා, කලාත්මක නිෂ්පාදන සංස්කෘතියට ඌනනය වෙන්න වෙන්න ඒවා අධිපති දෘෂ්ටිවාදයේ සමාජ සංකේත මිසක් ආධ්‍යාත්මික නිෂ්පාදන නොවේ. ඒවා හුදු වසඟකාරී ප්‍රචාරක වස්තුන් පමණකි.
එසේ නම්, අපි මොකක්ද කළ යුත්තේ?
දීප්තිට දර්ශනය මෙතරම් අධිනිශ්චය උනෙ ඔහුට වෙන ඔප්ශන් එකක් නොතිබු නිසා, දනවාදයෙ නිසා නොවෙ දනවාධයේ ඌන සන්වර්දනය නිසා!(even he was not eligible to University entrence )ඔහු අනිත් මිනිසුන් පහත් කොට සලකන්නෙ ඒ නිසා! ධනවාදි රටවල මෙවැනි දාර්ශනිකයන් නැත..
වැදගත් ලිපියක්
Comments are closed.