[dropcap][/dropcap]මියුනිස්ට් විප්ලවය යනු “සමාජය” මුදල් නම් මාධ්‍යයෙන් භාෂාව නම් මාධ්‍යයට විතැන් කර නැවත ලිවීමයි. එය සමාජ භාවිතාවේ තලය මත සිදු වන ව්‍යවහාරික භාවිතාවකි. මේ අර්ථයෙන් ගත් විට මෙතෙක් පැවති සියළුම කොමියුනිස්ට් පක්ෂ ( චීන,ප්‍රංශ,බ්‍රිතාන්‍ය ආදී වශයෙන් ) මුදල් නම් මාධ්‍යයට ඇතුල් වී ඇත. මේ දක්වා පැවති සාම්ප්‍රදායික සහ නූතන සමාජයන්ගේ සංගතභාවය පැවතියේ ‘එකගතාවය’ නම් කාරණය මතය. මෙම එකගතාවයට කියන ප්‍රමිතිගත සංකල්පය වන්නේ ප්රජාතන්ත්රවාදයයි.එවැනි සමාජයක් මේ දක්වා පරිපාලනය කිරීමේ හැකියාවක් තිබුනි. බටහිර නම් මෙම එකගතාවයට පදනම ආවේ වෙළෙදපොල යාන්ත්‍රණයෙනි. නමුත් බටහිර සහ පෙරදිග යා කළ බොල්ෂෙවිකයන් මෙම වෙළෙදපොල අහෝසිකර ලීය. වෙළෙදපොල අහෝසි කළ සමාජයක් පාලනය කළ හැක්කේ භාෂාවෙනි. මුදල් මගින් මිනිසුන්ව පාලනය නොවන්නේ නම් එතැනදී මිනිසුන්ව පාලනය වන්නේ, පාලනය කළ හැක්කේ ‘භාෂාව’ හරහාය. පොදු එකගතාවයක් නැති තරමට වර්ධනය වූ සමාජයක එවැනි එකගතාවයක් ඇති කර ගත හැක්කේ ‘භාෂාව’ මගින් බව මුලින්ම අවබෝධ කර ගන්නා පුද්ගලයාට බටහිරදී දෙන නම වන්නේ දාර්ශණිකයාය. පවතින තත්ත්වය පිළිනොගෙන එයට වෙනත් අනාගතයක් යෝජනා කළ හැක්කේ දාර්ශනිකයාටය. ව්‍යාජ ප්‍රශ්ණ වෙනුවට ඔහුට හමු වන්නේ අර්බුද පිළිබද සැබෑ ප්‍රශ්ණය.
ඉතිහාසය සාරාංශගත කරන්නේ නම් සමාජවාදය යනු පොදු එකගතාවය රාජ්‍ය බලය මගින් පාලනය කිරීමයි. ධනවාදය යනු පොදු එකගතාවය වෙළෙදපොලෙහි අදිසි හස්තය මගින් පාලනය වන්නට ඉඩ දීමයි. සමාජයක ගුණාත්මක වර්ධනය බිහි කළ හැක්කේ පොදු එකගතාවයක් තුළය. ( මේ තත්ත්වය ශාන්ත සිමොන්,ශාන්ත ෆුරීයේ,ටෘෘදොන් අවබෝධකර ගෙන ඇත.) ඊට අනුව පොදු අවබෝධය හරහා අපට මෙම නරක ජීවිතය අවසන් කළ හැක. නමුත් මාක්ස් මෙම සූත්‍රයට එකග නැත. ඔහුට අනුව පොදු අවබෝධය ලැබීම නූතන සමාජයක් තුළ සිදු නොවේ. මන්ද යත් විවිධ සමාජ පංන්තීන්වල උවමනාවන් ( සමාජ පන්තීන් යනු සමාජ කණ්ඩායම් නොවේ) එකිනෙකට පරස්පර නිසාය. ඒ නිසා ඔහු යුතෝපියානුවෙක් නොවේ. එබැවින් ඔබ ධනවාදී සමාජයක පොදු එකගතාවය පසුපස යන්නේ නම් ඔබ පූර්ව-මාක්ස්වාදියෙකි. ‘සමාජය’ යන්න යළි පිළිසකර කළ නොහැකි මට්ටමට බෙදී ඇතැයි ඔබ සිතන්නේ නම් ඔබ ගෙදර සිටියත්, පුටුවක් මත සිටියත් ඔබ පශ්චාත්-මාක්ස්වාදියෙකි. එවිට ගැටළුව වන්නේ මෙම දෙබෙදුම පරිපාලනය කරන්නේ කෙසේද කියාය. මෙය පශ්චාත්-මාක්ස්වාදී ගැටළුවයි. ‘ෆැන්ටසිය’ කරළියට එන්නේ මින් පසුවය.
දැන් ගැටළුව වන්නේ කොමියුස්ට් අධ්‍යාපනය සදහා අවහිර කරන ආයතනික බුද්ධිමතුන් කවරහුද යන්න වටහා ගැනීමයි. ගග ගලන්නේ අතීතයෙන් වර්ථමානය දෙසට නොවේ. ගගෙහි අතීතය යනු වර්ථමාන වතුර බවුසර් වලින් “අතීත ගග” පිරවීමයි. බොහෝ දෙනෙකුට අමතක වී ඇත්තේ තම අතීතය යනු අතීතය නොව බවුසර් -වතුර-අතීතය බවයි. ‘ජලයට’ දුහිවිලි වළාවන් මැකිය හැකි මුත් බුද්ධිය අඩපණ කළ නොහැක.