ලංකාව තුළ මේ මොහොතේ දේශපාලනය කිරීම මාරක ළිදේ මෝටර් බයිසිකල් ධාවනයටත් වඩා දුෂ්කරය. දේශපාලන පක්ෂයක විධිමත් ව්‍යුහය තුළ වැඩ කළ හැකි පිරිස දැන් ඉතාම කුඩාය. ජනවාරි 08 වැනි දාට පසු අප උත්සහ කරමින් සිටින්නේ හැකිතාක් ‘පිස්සන්‘ මගහැර, කපුටාගේ කූඩුවේ කොවුලන් දැමූ බිත්තර විනාශ කර පක්ෂ නායකත්වයේ කේන්ද්‍රික බලය වටා සමාජය සංවිධානය කිරීමටය. එම උවමනාව මේ වන විට ක්‍රම ක්‍රමයෙන් අපි ඉටුකරගනිමින් සිටින්නෙමු.
පක්ෂයේ ‘මතය‘ වෙනුවට තනියෙන් සර්කස් පෙන්වන අයට ප්‍රහාර එල්ල කරන මෙන් පාන් බේකරි හිමියන් අපගෙන් ඉල්ලා සිටියත් එවැන්නක් මේ මොහොතේ අපට අවශ්‍ය නැත. සියලු දෙනා තම තමන්ගේ විවිධ මතයන් ඉදිරිපත් කිරීම සමාජයටත් අපටත් හොදය. මයිලස් ෆෝමාන්ගේ ඇමරිකානු චිත්‍රපටයක් වන One Flew චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මැක්ය. වඩා දුෂ්කර හිරගෙදර ජීවිතය වෙනුවට තම සිරගත කාලය ගෙවීමට ඔහු තෝරාගෙන ඇත්තේ උමතු රෝහලකි. චිත්‍රපටය අවසානයේ මේ උමතු රෝහලෙන් ගැලවී යන්නේ මැක් නොව ‘රතු ඉන්දියානුවෙකි‘. මේ අයුරින්ම ශ්‍රී ලංකාව තුළ දී එක පැත්තකින් පුරුෂ හිස්ටෙරික ලුබ්ධි භාවිතාව මාක්ස්වාදය ලෙස සළකන අතර අනෙක් පසින් ලිබරල් ලුබ්ධි භාවිතාව මගින් සමාජයම විපරිත වෙමින් සිටියි.
රතු ඉන්දියානුවන් යනු පීඩිත ජනයාය. අපගේ පක්ෂ නායකයාටත් පක්ෂයටත් ශ්‍රී ලංකාව නම් උමතු රෝහලෙන් පිටවීමට මගක් ඇතිදැයි අපි නොදන්නෙමු.