හිතවත් දීප්ති,
මා මෙය ලියන්නේ වඩාත්ම දීප්තිගේ මේ ගැන අදහස දැනගන්න. පලකරන්න සුදුසුනම් කරත් කමක්නැහැ.
අද (20) උදෑසන මට මගේ මිතුරියකගේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවියක් වන ඇගේ දියණියගෙන් දුරකථන ඇමතුමක් ලැබුනා. ඇය මට දන්වා සිටියේ අවතැන් වූවන්ට ඇයගේ අංශයේ සිසු සිසුවියන් වියලි ආහාර සහ ඇදුම් ප්‍රදානය කරනවා මටත් කැමතිනම් සහභාගී වෙන්න කියල. 
මම ඇයට මුලින් කිසිවක් නොකීවත් පසුව නැවත ඇය අමතා කිව්වේ මම එයට සහභාගී වන්න කොහෙත්ම කැමති නැති බවයි. මෙයට හේතුව, මේක මම දකින්නේ අපී රටේ මිනිසුන්ගේ එක් ප්‍රධාන සිම්ප්ටෝමයක් වන රැල්ලේ යාම හෙවත් ජන හිස්ටිරියාව (mass hysteria) නිසා ඇතිවුණු ජන පරාර්තකාමිත්වයක් (mass altruism) විනා සැබෑ පරාර්තකාමිත්වයක් ලෙස නොවෙන නිසයි.
ඇයි මම මෙහෙම කියන්නේ?
එදිනෙදා ජිවිතයේදී මහපාරේ අපට හමුවෙන වීදිළමුන්, මහල්ලන්, යාචකයින් ඇතුළු දුගී දුප්පතුන්ගේ කුසගින්න, හා අනෙකුත් අවශ්‍යතා කිසි සේත්  ඇස නොගටෙන, අහම්බෙන් අස ගැටුනත්, නොදැක්කා වගේ අහක බලාගෙන යන, තමන්ට අතපාන දුගියාගෙන් ඔහුගේ හෝ ඇයගේ ‘පැටිකිරිය’ විමසන හෝ ඔරවා අහක බලාගන්නා, වැඩිම වුනොත් රුපියල් 5ක් දෙන, මහත්වරු, නෝනලා  වැල නොකැඩි අනේ අපොයි කියමින් (මම කලින් හිස්ටිරියාව කිව්වේ ඉංග්‍රීසි භාෂාවේ hysteria කියන වචනයේ අර්ථගැන්වෙන මේ අදහසින්, න්‍යායාත්මික හිස්ටිරියාව නෙවෙයි) හාල් පොල් පරිප්පු සිනි සහ නොයෙකුත් දේ  උස්සගෙන, ප්‍රධාන වශයෙන් සිරසට හෝ අනෙකුත් තැන වලට දුවන දිවිල්ලට එකතුවෙන්න මට කොහෙත්ම වුවමනාවක් නැහැ
මේක මම දකින්නේ ‘දන්සැල් මේනියාවේ’ අනිත්පැත්ත හැටියට. 
සිරස ගැන යමක් කිවහොත්, රට වටේ ආධාර එකතුකරමින් විපතට පත්වූවන්ට පිහිටවීමට ‘මහත් පරිශ්‍රමයක්’ දරන ඔවුන් අනෙක් පැත්තෙන් ලක්ෂගනනක් වියදම් කරමින් ධාතුන් වහන්සේලා කොළඹට වැඩම්කරනවා! කමක් නැහැ එකත් ‘සමාජ සත්කාරයක්නේ’ – බුද්ධාලම්බන ප්‍රීතිය නිසා කොළඹ සහ ඒ අවට විපතට පත්වූවන්ට මේ සිදුවූ අලකලන්චියේ පිඩාව දැනෙන් නැතුව යාවි!  
මම දීප්තිගේ න්‍යාය මෙතෙක් වටහාගෙන ඇති අකාරය අනුව බැලුවොත් 95% මේ ‘පරිත්‍යාග’ කරන්නේ gaze එක නිසා (“අනෙකා මා මේ වෙලාවේ දැකිය යුත්තේ අනුන්ගේ විපතේදී හිත උණුවෙන පරිත්‍යාගශීලී කෙනෙකු හැටියට”). Gaze as a love object.
මම ඊයේ රුපවාහිනී චැනල් එකක දැක්කා අපේ විප්ලවවාදී JVP සහෝදරවරු, රතු තොප්පි දාගෙන රතු shirt ඇඳගෙන බෝට්ටු, ඔරු වල නැගල කෑම බෙදනවා  -“ශා කොතරම් සුන්දරද?” ඒක දැක්කහම මට ජිජැක් ගේ You tube ක්ලිප් එකක title එක මතක් වුනා – “first as a tragedy, then as a farce!” (පළමුව ඛේදවාචකයක් ලෙස , ඊළඟට ප්‍රහසනයක් ලෙස). මේ අවස්ථාවට හරි අදහස එන්න මේක මේවිදිහට වෙනස්කරන්න පුළුවන් “First the Tragedy then the Farce” (පළමුව ඛේදවාචකය, ඊළඟට ප්‍රහසනය නැතහොත් විකාරය). 
මෙරටේ සියලු පස්චාත් ඛේදවාචක තත්වයන්  අනිවාර්යයෙන්ම ප්‍රහසනයක්, විකාර තත්වයක් නෙවේද?

Vasantha Premaratne

ඔබේ අදහස කියන්න...

14 COMMENTS

  1. මම මේ කතාවේ සමහර තැන් වලට විරුද්ධයි. සමහර ඒවාට පක්ෂයි. සිරස, දෙරණ ආදී මාධ්‍ය සංදර්ශන විකාරයක්. එතන වෙන්නේ මාකටිං. ආණ්ඩුවට කලින් සමාජ ජාලා හරහා මිනිසුන් එකතු වීම අවතක්සේරු කරන්න එපා. වැඩියෙන්ම තරුණ තරුණියන්. දේශපාලකයන් කලේ වන්දනාවේ ගිය එක විතරයි. එක හරි. නමුත් රජය හේදී යාම අවතක්සේරු කරන්න එපා. අපට අවශ්‍යත් එයයි. මිනිසුන්ට තේරුණාම ආපදා අවස්ථාවක ඔවුන්ට ස්වයං සංවිධානයක් හදන්න අනිත් අවස්ථා වලත් ඒක වෙයි. මොමන්ටම් සංවිධානය, නගර චතුරශ්‍රයේ සිටින් ඉන් ව්‍යාපාර ආවේත් එහෙමයි. මේ ධනවාදී ක්‍රමය තුල එය වැඩෙන්නට ඉඩ දිය යුතුයි. වාමාංශික පක්ෂ වලට වැරදුන තැනට දිප්තිලා යන්නත් හොඳ නැහැ. මේ සංවිධානය වීම විවේචනය කරන එපා. (සිරස ආදී මාධ්‍ය ආයතන හා අනිකුත් විකාර හැර ) . මිනිසුන් ඉන්පසු හදිසියේම තේරුම් ගන්නවා ඔවුන්ට සංවිධානය වීමට පුළුවන් බව.

  2. හිතවත් ගමයා, ඔබගේ comment එකට ස්තුතියි. “මිනිසුන්ගේ සංවිධානය වීමේ හැකියාව ගැන ඔවුන්ට ‘පෙරහුරුවක්’ මේවගේ අවස්ථා වලින් ලැබෙන එක ගැන ඔබගේ අදහස මම පිලිගන්නවා. නමුත් මේක ‘සංවිධානය’ වීමක් ද “රැල්ලේ යාමක්’ ද? අපි දැන් 2004 සුනාමියේ ඉඳල සංවිදානය වෙනවනේ මේ වගේ. ඒ වුනාට අද ‘බ්ලුමැන්ඩල්’ කුණු තවත් පැත්තක දමනකොට අඩු ගන්නේ ඒපැත්තේ මිනිසුන්වත් සංවිධානය වෙනවද? අනිත් අතට ටහීර් චතුරශ්‍රයේ (මෙය මට මතක හැටියට සමහරුන් හැදින්වුයේ සමාජ වෙබ් අඩවිවල-විශේෂයෙන් Face Book – උත්කර්ෂය විදිහට “මීටපස්සේ ආණ්ඩු සෙල්ලම් කරලා හමාරයි” වගේ අදහසකින්. අවසානයේ වුනේ Mark Zuckerberg ගේ වටිනාකම තවත් ඩොලර් මිලියනන ගණනකින් ඉහලගිය එක විතරයි), Zuccotti උද්‍යානයේ 2011’Occupy Wall Stree’ වගේ සමාජ ව්‍යාපාර දිහා ආපසු හැරී බලනකොට ඒවා පවා හුදෙක් ප්‍රසහනයන්ගෙන් කෙළවර වුයේ නොවේද? නැවතත් අපේ සන්දර්භයට අවොත්, මේක සංවිධානය වීමක්ද? නැත්නම් මාධ්‍ය සන්දර්ශන මේනියාවේ ඉත්තන් වීමක්ද? දීප්ති ගේ න්‍යාය අනුව මේ ප්‍රශ්නය නැවත ඇසුවොත් “මේක අර්ථයෙන් කල දෙයක්ද? ‘විනෝදයට’ කල දෙයක්ද? ඔබ කියනවා “රජය සේදීයාම අවතක්සේරු කරන්න එපා කියල” මම හිතන්නේ මේ සහනාධාර බෙදීමේ ක්‍රියාවලියෙන් මාධ්‍ය ආයතන සම්පුර්ණයෙන් ඉවත්කොට එය හමුදාව විසින් කල යුතුව තිබුණු බවයි. මම එහෙම කියන්නේ අද අපේ මිනිසුන්ට ගැහැනුන්ට අදින්න, කන්න බොන්න ඕනේ මොනවද කියන එක විතරක් නෙවයි, හිතන්න ඕනේ මොනවද කියල කියන්නේ මාධ්‍ය ආයතන. අද මේවා තමයි රාජ්‍ය දෘෂ්ටිවාදයේ නිල නොවන ප්‍රවර්ධන කරුවන් (the unofficial promoters of the ideologies of the State). උදාහරණයක් වශයෙන් සිරසෙන් ම රට පුරා ගඩොල් එකතු කරමින් ගිය හැටිත් අපේ ජනතාව ‘සංවිධානය’ වී පාර දෙපැත්තේ අව් වැසි නොබලා ඉඳිමින් ඒ ගඩොල් ඉම්බිමින්, නළලේ තියා ගනිමින්, වදිමින් එකිනෙක අතිනත ලොරියට යැවු හැටිත් මතක් කරගන්න පුළුවන්. 3මාන වෙබ් අඩවියේ එක තැනක දීප්ති හරි කවුරුහරි කියල තිබුණා “සියලු සමාජ ව්‍යාපාර අවශෝෂණය කරගැනීමේ සුවෙසේශී හැකියාවක් මේ නව ලිබෙරල්වාදී ධනවාදයට තියනවා” කියල, මේක කරන්නෙත් ඔය මාධ්‍ය ජාල හරහාම නොවේද? ඔබට “රජය සේදී ගියා” වගේ පෙනෙනවානම්, ඒක මේ නව ලිබෙරල්වාදී වෙළදපොල ආර්ථික ක්‍රමයේ ජයග්‍රහණයක් හැටියට මමනම් දකින්නේ. රජයක් මැදිහත් වියයුතු අවස්ථා වලදී මිනිසුන් කියනවනම් “අනේ ඔගොල්ලන් කරදර වෙන්න එපා මේක අපිම කරගන්නම්” කියල රජයට “ආතල්” නැද්ද? මේ විදිහට රජයක කාර්යක්ෂමතාව/අකාර්යක්ෂමතාව (efficiency/inefficiency of a government)මතුපිටට එන අවස්ථා ජනතාවම “සංවිධානය” වෙලා ශේප් කරනකොට මේ ක්‍රමය පෙරලන්න සංවිධානය කරන්න කට්ටිය සොමාලියාවෙන්වත් ගෙනෙන්න වෙයි. මම හිතන්නේ දීප්ති පෙරටුගාමී පක්ෂ කාර්යාලයක් සෝමාලියාවේ දාන එකගැන seriously හිතුවොත් හොඳයි කියල.

  3. මම මේ දැන් කියෙව්වා “දිවියන් විනාශ කල පසු මුව ගහණය වැඩිවීම (3 මාන, Posted: 10:37 am, May 20, 2016) මේක ඉහත මගේ comment එකට සම්බන්ධිතයි කියල හිතෙනවා.

  4. ජිජැක්-දීප්ති න්‍යාය වැනි සැබෑ විප්ලවවාදී දැක්මකින් තොරව [විරෝධතා, පෙළපාලි සහ අනෙකුත් ක්‍රියාකාරී අරගල (activism) සඳහා] ජනතාව සංවිධානය වීමේ අවසාන ප්‍රතිපලය සදහා ආසන්නතම [ජායාරූප සහිත] උදාහරණයක් සඳහා බලන්න: http://www.bbc.com/news/uk-england-york-north-yorkshire-36356245 මේ නිසා තමයි ජිජැක් කියන්නේ මේ යුගයේදී ඉතා ප්‍රබල අරගලකාරී ක්‍රියාව නම් නම් කිසිවක් නොකර සිතීම (refuse to participate and think) කියල (බලන්න How to Read Lacan, Slavoj Zizek, pp26,27; සහ https://www.youtube.com/watch?v=IgR6uaVqWsQ)

  5. Dear Admin, Thanks for the info on Fred Jemeson’s You Tube clip. I will watch/listen. Mahesh’s article?, you mean “අගේ ඇස අග: ආත්මයන් තුනක් කතිකාවන් තුනක්…”.I still could not see the film. So I did not want to read it until I do. I saved the Pdf version. I hope to see the film this Friday. I definitely do not think I’m qualified to comment on what Mahesh or Pushpajith write but I will surely ask questions!THANKS SO MUCH for all the GOOD WORK all you guys are doing. I Wish all you guys the VERY BEST!

  6. නමුත් මේක ‘සංවිධානය’ වීමක් ද “රැල්ලේ යාමක්’ ද?
    සමහරු රැල්ලේ යන්න ඇති. ඒක වලක්වන්න බැහැ.
    අපි දැන් 2004 සුනාමියේ ඉඳල සංවිදානය වෙනවනේ මේ වගේ. ඒ වුනාට අද ‘බ්ලුමැන්ඩල්’ කුණු තවත් පැත්තක දමනකොට අඩු ගන්නේ ඒපැත්තේ මිනිසුන්වත් සංවිධානය වෙනවද?
    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහෝදරවරු මම දන්නා විධිහට උදව් කරනවා සංවිධානය වෙන්න
    //අනිත් අතට ටහීර් චතුරශ්‍රයේ (මෙය මට මතක හැටියට සමහරුන් හැදින්වුයේ සමාජ වෙබ් අඩවිවල-විශේෂයෙන් Face Book – උත්කර්ෂය විදිහට “මීටපස්සේ ආණ්ඩු සෙල්ලම් කරලා හමාරයි” වගේ අදහසකින්. අවසානයේ වුනේ Mark Zuckerberg ගේ වටිනාකම තවත් ඩොලර් මිලියනන ගණනකින් ඉහලගිය එක විතරයි), /
    ඔඅබට වැරදිලාද මෙතන. මැද පෙරදිග චතුරශ්‍ර කෙලිය සංවිධානය කලේ සී අයි ඒ සංවිධානයයි.

    //Zuccotti උද්‍යානයේ 2011’Occupy Wall Stree’ වගේ සමාජ ව්‍යාපාර දිහා ආපසු හැරී බලනකොට ඒවා පවා හුදෙක් ප්‍රසහනයන්ගෙන් කෙළවර වුයේ නොවේද?//
    මේවා ප්‍රහසන නොවේ. අත්දැකීම් ය. එක අත්දැකීමකින් ඊළඟ එකට යා යුතුය. දීප්ති හැඟවුම්කාරක ගැන ලිවූ ලිපිය මතකද.
    මෙන්න ලින්ක් එක:
    http://104.244.127.152/~mana/%E0%B7%83%E0%B7%91%E0%B6%B8-%E0%B6%B8%E0%B6%9F%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8-%E0%B6%B8%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%92%E0%B6%BA/
    ලැක්ලාව් මෙහිදී කියන්නේ මේ හැම D1, D2 යන්නක්ම එක හා සමාන බවයි.) “All of them, however, are equivalent to each other in their common opposition to the oppressive regime (this is what the upper semicircle represents -Ernesto Laklav ) මෙතන ඔය සංවිධානය වීම් වාමාංශික ව්‍යාපාරයක් අතුලටැහැ පමණක් සිදුවෙනවා යැයි කීම නිකම් පොතේගුරු වාදයකි.

  7. //නැවතත් අපේ සන්දර්භයට අවොත්, මේක සංවිධානය වීමක්ද? නැත්නම් මාධ්‍ය සන්දර්ශන මේනියාවේ ඉත්තන් වීමක්ද? දීප්ති ගේ න්‍යාය අනුව මේ ප්‍රශ්නය නැවත ඇසුවොත් “මේක අර්ථයෙන් කල දෙයක්ද? ‘විනෝදයට’ කල දෙයක්ද? ඔබ කියනවා “රජය සේදීයාම අවතක්සේරු කරන්න එපා කියල” මම හිතන්නේ මේ සහනාධාර බෙදීමේ ක්‍රියාවලියෙන් මාධ්‍ය ආයතන සම්පුර්ණයෙන් ඉවත්කොට එය හමුදාව විසින් කල යුතුව තිබුණු බවයි. මම එහෙම කියන්නේ අද අපේ මිනිසුන්ට ගැහැනුන්ට අදින්න, කන්න බොන්න ඕනේ මොනවද කියන එක විතරක් නෙවයි, හිතන්න ඕනේ මොනවද කියල කියන්නේ මාධ්‍ය ආයතන.//
    මා මෙහිදී කියන්නේ මාධ්‍ය ආයතන ගැන නොවේ. මිනිසුන්ගේ සංවිධානය වීම් ගැනයි. මාධ්‍ය ගැන ඔබගේ මතයට මම එකඟය.

    // ඔබට “රජය සේදී ගියා” වගේ පෙනෙනවානම්, ඒක මේ නව ලිබෙරල්වාදී වෙළදපොල ආර්ථික ක්‍රමයේ ජයග්‍රහණයක් හැටියට මමනම් දකින්නේ. //
    ඔබගේ සම්පුර්න වරදවා වටහා ගැනීමක් පමණකි මෙතන ඇත්තේ. මා කතා කරන්නේ මාධ්‍ය ගැන නොවේ. මුල් දින දෙක තුනේම රජයේ මැදිහත්වීමකින් තොරව සමනය ජනතාව විශේෂයන් තරුණ තරුණියන්ගේ මැදිහත්වීම ගැනයි.

    //රජයක් මැදිහත් වියයුතු අවස්ථා වලදී මිනිසුන් කියනවනම් “අනේ ඔගොල්ලන් කරදර වෙන්න එපා මේක අපිම කරගන්නම්” කියල රජයට “ආතල්” නැද්ද? මේ විදිහට රජයක කාර්යක්ෂමතාව/අකාර්යක්ෂමතාව (efficiency/inefficiency of a government)මතුපිටට එන අවස්ථා ජනතාවම “සංවිධානය” වෙලා ශේප් කරනකොට මේ ක්‍රමය පෙරලන්න සංවිධානය කරන්න කට්ටිය සොමාලියාවෙන්වත් ගෙනෙන්න වෙයි. මම හිතන්නේ දීප්ති පෙරටුගාමී පක්ෂ කාර්යාලයක් සෝමාලියාවේ දාන එකගැන seriously හිතුවොත් හොඳයි කියල.//

    ඔතන තමයි වැරද්ද. පෙරටුගාමී සමාජවාදීන් නම හොරකම් කරනකොට අඩුම ගානේ දිප්තිලා අනිල්ලා කියන එකවත් කවුරුත් ඇහුවේ නැහැ. ඇයි ? ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය තිබ්බේ සෝමාලියා වේද කොහෙද?
    //මේ විදිහට රජයක කාර්යක්ෂමතාව/අකාර්යක්ෂමතාව (efficiency/inefficiency of a government)මතුපිටට එන අවස්ථා ජනතාවම “සංවිධානය” වෙලා ශේප් කරනකොට මේ ක්‍රමය පෙරලන්න සංවිධානය කරන්න කට්ටිය//
    මේ තියෙන්නේ අර හරියටම මම කියන තමන් විප්ලවය කරලා විමුක්තිය ලබා දෙන්න හදන ජනතාවට භය වාමාංශික පොතේ ගුරු වාදී තර්කය. පෙරලන්න සංවිධාන කරන කට්ටිය දීප්තිගේ කට්ටිය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉන්නේ ජනතාවට ගව් ගානක් ඈතින්. ජනතාව සංවිධානය වීමට භය – ඒ ගොල්ලෝ අපේ යටතේ නෙමේනේ සංවිධානය වෙන්නේ. එතකොට අපි අවන්ගාර්ඩ් කාර්යය කරන්නේ කොහොමැයි. මනුස්සයෝ ජනතාව අතරේ ඉඳන් ඒ කාර්යය කරන්න ඕනේ. ඈත්වෙලා ජනෙල් පඩි උඩ සිගරට් බිබී තර්ක කර කර නෙමෙයි. න්‍යාය හා භාවිතාව කියල දෙකක් තියනවනේ. න්‍යාය විතරක් හරි ගියාට වැඩක් නැහැ. සමාජයේ නෙමේ නම් ඉන්නේ.

  8. හිතවත් ගමයා, ඔබගේ responses කියවනකොට මට දැනෙන්නේ ඔබත් මමත් රේල් පිලි දෙකක එකම දිහාවට ඇවිදන් යමින් ඉන්නවා වගේ කියල(we can agree to disagree). ඒක ධනාත්මක හැගීමක්. හැබැයි මේක ටිකක් නිවැරදි කරන්න අවශ්‍යයි. එනම් මුලින්ම මම පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයෙක් නොවේ (තවම). දෙවනුව ඔබ පක්ෂ ගැන කියනදේ අනිත් පක්ෂ සම්බන්ධව සාධාරන වෙන නමුත් මට ඉතා විශ්වාශයෙන් කියන්න පුළුවන් දීප්ති ඇතුළු පෙරටුගාමී පක්ෂයට මිනිසුන් තමන් පස්සෙන් දක්කා ගැනීමේ සහ ඒ අනුසාරයෙන් පොරවල් වීමේ කිසිම උවමනාවක් කොහෙත්ම ඇත්තේ නැහැ කියල. ඇයි මම එහෙම සහතිකයක් දෙන්නේ? දීප්තිගේ න්‍යාය අනුව අපි පිළිගන්න මූලික දෙයක් තමයි මේ අවධියේදී මිනිසුන් සංවිධානය වෙන්න ‘විනෝදය’ කියන සාධකය වටා මිසක් ‘අර්ථය’ කියන සාධකය වටා නොවෙයි කියල. ඔබ හොඳින්ම දන්නවා දීප්ති ඇතුළු පෙරටුගාමී පක්ෂය මේ ‘විනෝදය’ සපයන්නේ නැති බව. මට පෙනෙන හැටියට ඔබ දීප්තිගේ දේශනයක් අහල නැහැ වගේ. දීප්ති කවදාවත් අනෙත් පක්ෂ නායකයින් වගේ “මා පසුපස එන්න මා ඔබේ විමුක්ති දායකයා වෙමි”/ “අප සමග එක්වන්න අප ඔබට ස්වර්ග රාජ්‍ය උදාකර දෙන්නෙමු” කියල නෙවයි කතාකරන්නේ. දීප්ති කියන්නේ මෙච්චරයි “තොපිට දේශපාලනිකව විමුක්තිය උදෙසා සංවිධානය විය යුතුනම්, මේ නව ලිබෙරල්වාදී ධනේශ්වර ක්‍රමය යටතේ එය සාර්ථකව කල හැකි න්‍යාය මෙන්න මේකයි, කැමතිනම් මේක ඉගනගෙන වැඩක් කරපල්ලා නැත්නම් පලයල්ලා”. දීප්තිගේ සහ පෙරටුගාමී පක්ෂයේ මහේෂ්, පුෂ්පජිත් වගේ අයගේ කතා වල බටර් ගාපු බනිස්, සිනිසම්බෝල් දාපු පාන්, කිරිකෝපි, අයිස්ක්‍රීම්, අග්ගලා , මුන්කැවුම් එහෙම නැහැ. “ජනෙල් පඩි උඩ සිගරට් (හෝ සිගරට් සහ බියර්) බිබී වුනත් තර්ක කරන එකේ ඒහැටි වැරැද්දක් මමනම් දකින්නේ නැහැ. මොකද තර්ක කිරීම් තුලින් කාඩර් වරයා න්‍යාය පන්නරය ලබන නිසා. (හැබැයි ඇත්තම කියන්න මටනම් පුද්ගලිකව බියර් හරියන්නේ නැහැ. මට විප්ලවය ගැන හිතන්න වයින් සහ සුන්දර ලඳුන් අවශ්‍යයි. මේකයි මම තාම පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයෙක් නොවුනේ!). පෙරටුගාමි සමාජවාදීන් ගැන නම් මන් දන්නේ නැහැ එත් දීප්ති සහ දීප්තිගේ කට්ටිය ජනතාවට ගවු ගණනක් ඈතින් ඉන්නේ කියල මට හිස් මුදුනින්ම පිළිගන්න වෙනවා. මගේ ප්‍රශ්නය මේ හරක්රැල දිප්තිලා ඉන්න තැනට දක්කගන්නේ කොහොමද කියන එක. කලයුතුවන්නේ එය මිසක් දිප්තිලා ආපස්සට මේ හරක්රැල ගාවට ගන්න එක නොවේ(දැන් ගමයා සහෝදරයා හිතන්න එපා මම මේ “හරක් රැල” කිව්වේ ජනතාවට සාපේක්ෂව මම මහා බුද්ධිමතකු කියල හිතාගෙන කියලා, නැහැ කොහෙත්ම නැහැ. මම හරකෙකු නොවීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටින තවත් හරකෙක් විතරයි). මේ ලංකාවේ “ජනතාව අතරේ ඉඳගෙන” වීප්ලවය කරන එක කොතරම් සාධ්‍යද (feasible), ප්‍රායෝගිකද කියල ඔබට පෙන්වන්න තිබුණා පහුගිය දවස් කිහිපය තුල මහනුවර මාර්කට් එක ඉස්සරහ තිබුණු “දර්ශනීය තෝරන් රාජයා” ගාවදී අපි දෙන්න සෙට් වුනානම්. කමක් නැහැ ගමයා සහෝදරයා මොනවා නමුත් ඔබ අවංකව විප්ලවයක් ප්‍රර්ථනා කරන්නෙක් බව පෙනෙනවා. අපි දෙන්නා ඉන්න රේල් පීලිදෙක කිසිදා හමුනොවුනත් ඔබට සුභ ගමන්!

  9. /දීප්ති ඇතුළු පෙරටුගාමී පක්ෂයට මිනිසුන් තමන් පස්සෙන් දක්කා ගැනීමේ සහ ඒ අනුසාරයෙන් පොරවල් වීමේ කිසිම උවමනාවක් කොහෙත්ම ඇත්තේ නැහැ // එකඟයි.
    //මට විප්ලවය ගැන හිතන්න වයින් සහ සුන්දර ලඳුන් අවශ්‍යයි. මේකයි මම තාම පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයෙක් නොවුනේ!)// ඔබ දීප්තිගේ දේශනා අසා නැත.
    මම නම් මට හිතෙන ඒවා අසමි. (මේ වෙබ් අඩවියේ පලවෙන) හැබැයි දේව වාක්‍ය ලෙස නොවේ.
    //ජනෙල් පඩි උඩ සිගරට් (හෝ සිගරට් සහ බියර්) බිබී වුනත් තර්ක කරන එකේ ඒහැටි වැරැද්දක් මමනම් දකින්නේ නැහැ// නැහැ වරදක් නැහැ. මාත් කරනවා. නමුත් එතනින් ඒක ඉවර වෙනකොට ඔය ඔබ කියන පෙරටුගාමී කාර්යය හිර වෙනවා. දිප්තිලා පහුගිය අවුරුදු දෙක තුල එක තැන හිරවෙලා හිටියේ. එහෙම හිරවෙන හැම වෙලේම වෙන්නේ පක්ෂ සහ සංවිධාන කැඩෙන එක.

  10. දැන් ලෝකයේ යන්නේ වෙනාස් ක්‍රමයක් . දැනට ඒ ගැන වටහාගෙන ඉන්න පක්ෂයක නායකයා දීප්ති කියල මාත් හිතනවා. නමුත් සමහර තනවල් සම්ප්‍රදායික පක්ෂයක කාර්යභාරය එයාලත් කරන්න හිතනවා ඇති. නමුත් පිරිස් බලය මදි. ඒ නිසා දැනුවත් කිරීමේ කාර්ය භාරය පමණක් කරනවා.
    දැන් මෙහෙම හිතන්න.
    “අවුරුදු දෙකකට කලින් වෙනත් පක්ෂයක් සාකච්චා කරණව. පෙරටුගාමී එවුන් අලුත් අදහස් දානවා. උන් ජනප්‍රිය වෙනවා. උන්ගේ නම ගමු. කොහොමත් පොඩි පක්ෂ කවුද ගණන් ගන්නේ. කවුරුත් දන්නේ නැහැ.”
    ඔක්කොම එකඟ වෙනවා.

    අපි හිතමු ඔය සිද්ධියම වෙනවා මේ මාසේ. දිප්තිලා පක්ෂේ ලියාපදිංචිය ගන්න චන්දෙ ඉල්ලලා. ඒ මදිවට ගංවතුර සහනාධාරේට දෙතුන් දෙනෙක් සංවිධානය වෙලා අනිත් අයගේ උදව් ඇතුව මිනිසුන්ට උදව් කරනවා. ඕකට බුකියේ හෙන කැපිල්ලක් යනවා. මෙන්න බලන්න දිප්තිලත් විප්ලවේ අත හැරලා සහනාධාර වලට ඇවිත්. බැනුම් අහනවා . ගෝරි ගොඩයි.

    දැන් අර සිද්ධියම වෙනවා. නම ගන්න එක. යෝජනාව එනවා.
    එතකොට කුස්සි කැබිනට් එකේ අනිත් අය කියනවා.
    “පිස්සුද චන්දෙ 49 ලැබුනත් චන්දෙ ඉල්ලලා නිසා මිනිසු දන්නවා. අනික අර සහනාධාර බෙදන්න ගිහින් විප්ලව කාරයෝ නෙමේ කියල නෝන්ඩිත් වෙලා. එත් මිනිස්සු නම දන්නවා. ගත්තොත් අහුවෙනවා.”

    ඔය ලක්ලැව් ගේ පාවෙන හැඟවුම් කාරක ගැන දීප්තිමනේ ඉස්සෙල්ල කිව්වේ. හරි අපට තේරෙන්නේ නැහැ කියමු. නමුත් අරගල හා සංවිධාන වීම් වල මෙහෙමම වෙන්න ඕනේ කියල නීතයක් කොහෙහරි තියනවද? පක්ෂ වලින් විතරක් සංවිධාන විය යුතුය කියල නීතියක් තියෙනවද ?

Comments are closed.