කතිකා විශ්ලේෂණය මුලින්ම දේශපාලන ක්ෂේත්‍රයට භාවිතා කලේ අර්නෙස්ටෝ ලැක්ලොව් සහ ශාන්තාල් මුෆ් යන දාර්ශනිකයන් දෙදෙනාය. ඒ Social Strategy නමැති ග්‍රන්ථය හරහා ය. එහිදී ඔවුන් විසින් කතිකාව යනුවෙන් පැහැදිලි කලේ හැඟවුම්කාරක වල එකතුවක් (significance system) ලෙස යි. කතිකාව තුළින් කරුණුමය සත්‍යයක් ඉදිරිපත් නොකරන අතර යමක් වීමේ හැකියාව (posibility) පැහැදිලි කරයි. ඒ අනුව කතිකාවේ ප්‍රධාන අණුව බවට පත්වන්නේ හැගවුම්කාරකය (signifier) යි. කතිකාව විසින් කිසිඳු විටෙක සාරයන් නිර්මාණය නොකර අතර ඇත්තේ හැගවුම්කාරක අතර වෙනස කි. (diferance without positive terms). මෙම කතිකාව සර්ව සම්පුර්ණ දෙයක් නොවන අතර ඒ තුළ අඩුවක් ඇත. එනම් ඒ සඳහා කේන්ද්‍රයක් (center) නොමැති වීමයි. එම අඩුව නිසා හැගවුම්කාරකයන්ට අර්ථයක් නොලැබෙන අතර එම අඩුව පුරවන්නේ අනුභූති උත්තර හැගවුම්කාරකයක් (a trancesendantal signifier) විසිනි. මෙම අනුභූති උත්තර හැගවුම්කාරකය යන්න ඩෙරීඩා නමැති දාර්ශනිකයා ට අනුව කතිකාවේ හැඟවුම් කාරකයන්ට කේන්ද්‍රය සපයන අර්ථයක් නොමැති හැඟවුම්කාරකයකි. කතිකාව තුළින් යමක සාරයක් හමු නොවෙයි. සාරය වෙනුවට ඒ තුළින් හමුවන්නේ කේන්ද්‍රය ට අදාළ ස්ථානයකි.
කතිකාව යනුවෙන් මිචෙල් ෆුකෝ නමැති දාර්ශනිකයා පවසන්නේ ප්‍රකාශනයක් හෙවත් statement එකක් ලෙසයි. එහිදී එම ප්‍රකශනය පදනම් වන්නේ කිසියම් දැනුම් සම්භාරයක් මත වේ. යමෙක් ප්‍රකාශ කරන වාක්‍ය එම දැනුම් සම්භාරයට අනුව පිළිගැනීම සිදු කරයි. උදාහරණ ලෙස වෛද්‍ය වරයෙකු විසින් රෝග නීර්ණයක් සිදු කල විට එය විද්‍යාත්මක වන්නේ ඔහු පදනම් වන විද්‍යාත්මක දැනුම මතය. වෛද්‍යවරයකු ඔබට පිළිකාවක් යයි කී විට එය සත්‍යයක් වන්නේත් එම වාක්‍යම සාමාන්‍ය මිනිසකු කී විට අදහසක් ඇති නොවන්නේත් ඇයි ? ෆූකෝට අනුව කතිකාවේ ප්‍රධාන අණුව වන්නේ භාෂාමය ප්‍රකාශනය වේ.
කතිකාව යනු මේ යුගයේ දී භාවිතාවක් (practice) ද වේ. එනම් යමෙක් කතිකාවට ඇතුළු වීම යනු භෞතිකව එම කතිකාවේ අංගෝපාංග ක්‍රියාත්මක කිරීම විනා මානසිකව කතිකාවේ අංගෝපාංගයන් අභ්‍යන්තරිකරණය කරගැනීමක් නොවේ. මේ නිසා යමෙකුට වාමාංශිකයෙකු බවට පත්වීමට වාමාංශික කතිකාව අභ්‍යන්තරිකරණය කරගත යුතු නැත. වාමාංශික කතිකාවට අනුව හැසිරීම පමණක් ප්‍රමාණවත් ය. උදාහරණයක් මේ යුගයේ වාමාංශිකයෙක් වීම යනු කොණ්ඩය නොකැපිම, සුවද විලවුන් භාවිතා නොකිරීම, බෑග් එකක් එල්ලන් දවස පුරාම බුලත්විට කමින් දාඩිය දාගෙන පාරේ ඇවිදීම වැනි දෑ සිදු කිරීමෙන් පමණක්ම වාමාංශික විය හැක. මෙය තවත් උදාහරණක් මගින් පැහැදිලි කල හැකිය. එනම් ආචාර්ය උපාධියක් ලබා ගැනීම යනු තව දුරටත් දැනුම ගොඩනැගීමට ඇති ආශාව නිසා සිදු වන්නක් නොව එය තමන්ට බාහිර සමාජයේ අනන්‍යතාවයක් අත්කර ගැනීම සඳහා පවතින්නකි. මේ නිසා මුහුණු පොතේ(Facebook) ඇති තරම් මෝඩ කතාවන් කිවීම ඔස්සේ එම අනන්‍යතාවය ලඟ කර ගැනීමට කටයුතු කල හැකිය. දර්ශන අශෝක කුමාර දාර්ශනිකයා මුහුණු පොත සහ Colombo Think Tank තුළ එම අනන්‍යතාවය ලබා ගැනීමේ මෙහෙයුමක නිරතව ඇත. දර්ශන අශෝක කුමාර නමැති ගුවන් විදුලි සංස්ථා සේවකයා මහා දාර්ශනිකයෙක් ලෙස සිතන්නේ ඔහු zoom වීඩියෝව තුළ තඩි පොත් පෙන්වීම නිසාය. එලෙසම සෑම think tank එකක් ආරම්භයේදීම ඔහු විසින් සිය උන්නතිකාමය සංඛ්‍යාත්මක ලෙස ප්‍රකාශ කරයි. “අද දින think tank එක සඳහා 50ක් සහභාගි වී ඇත” යනුවෙන් නිතැතින්ම ප්‍රකාශ කරන්නේ මේ නිසාය.
කතිකාව පිළිබඳ ඉහත අවබෝධය සමඟ කතිකා විශ්ලේෂණය කිරීම දෙසට යොමුවිය හැකිය. ඒ සඳහා ඕනෑම කතිකාවක් වියමනක්(text) ලෙස ගෙන විශ්ලේෂණය කල හැකිය. මෙම වියමන ඔහු හෝ ඇය විසින් ගොඩනංවනු ලබන දෙයක් බැවින් එහි ඇති කේන්ද්‍රය සඳහා ආදේශ කරන අනුභූති උත්තර හැඟවුම්කාරකය ගවේෂණය කිරීම කල යුතුය.
ඒ ඔස්සේ චින්තන ධර්මදාස විසින් රචනා කල වියමනක් කතිකා විශ්ලේෂණයට බඳුන් කල හැකිය.
චින්තන ධර්මදාස Lady Leader නමැති බ්ලොග් අඩවියට අගෝස්තු 24 වන දින “නැතුවම බැරි මිනිහෙක්” යනුවෙන් මංගල සමරවීර පිළිබඳ ලිපියක් පලකරන ලදී.
චින්තන ධර්මදාස සිය ලිපිය ආරම්භ කරන්නේ ”මාතොට” සඟරාව පිළිබඳ සඳහන් කරමිනි. ඔහුට අනුව මාතොට යනු මංගලගේ සඟරාව යි.
“මංගලව මං මුලින්ම දැනගන්නේ අනුගනන්වල. අවුරුදු ගැන මතක නැති වුනත් ඒ දැනගැනීම සිද්ධ වෙන්නේ මාතොට සගරාව හරහා. මාතොට කියන්නේ මගේ පරම්පරාවේ සිතීමේ සංස්කෘතිය වෙනස් කරපු සඟරාව. විජේවීරගේ උරුමය සහ කරුමය කියන ලිපිය මගේ අදහස් වල තීරණාත්මක වෙනස්කමක් ඇති කළා. ඒ තරම් දැවැන්ත වීරයෙක් වුනු විජේවීරව ඒ තරම් සංස්කෘතික දේශපාලනය ඇතුලේ ලිහලා දාන්න නිර්භීත කමක් ඒ පුංචි සඟරාවට තිබුණා.
මේ වගේ සඟරාවක් කරන්න සල්ලි දාන දේශපාලකයා කවුද? මේක පිටිපස්සේ ඉන්නේ මංගල කියලා දැනගත්තම මට ඇතිවුනු මුල්ම ප්‍රශ්නේ ඒක…..”
“……..මම හිතන්නේ මංගල එදා සල්ලි යෙදෙව්වේ අවුරුදු විසිපහක් අනාගත බලාපොරොත්තුවකින් කියල.”
මංගල චින්තනගේ වියමනේ අනුභූති උත්තර හැගවුම්කාරකය යි. මෙම හැඟවුම් කාරකය ඔස්සේ චින්තානගේ ලිපියේ අදහස විසංයෝජනයට ලක්වේ.
මාතොට සඟරාව මංගල මේ අවධියේදී අසා තිබුනේ හෝ නැත. මේ කාලයේදී මාතොට සඟරාව සඳහා උදවු කලේ රුවන් සහ ගාමිණී විජේතුංග යන පුද්ගලයන් දෙදෙනාය. මොවුන් දෙදෙනාගේ මුල්‍ය සහය නොමැති වුවේ නම් එදා මාතොට සඟරාවක් නිර්මාණය වන්නේද නැත.
එසේම චින්තන තවත් තැනක මෙසේ ද සඳහන් කරයි.
“ ….. සිරිමල්ගේ කයිකතන්දර ඇතුලේ ආපහු නිතර නිතර මංගලව ඉස්මතු වුණා. ඒක එක්තරා අදෘශ්‍යමාන සංස්කෘතික ධාරාවක්. ලිංගිකත්වය, ජිවිතයේ ආස්වාදය, විඳීම, නිදහස ගැන කතිකාවක් ඒ පුංචි කණ්ඩායම් ඇතුලෙ තිබුණා. පස්සේ එක්ස් කණ්ඩායම වෙන්නෙත් එතනින් එක එක නම් වලින් විවිධ නිකායන් හැදෙමින් යන්නෙත් මංගල විසින් ඇති කරපු ප්‍රවණතාවය.”
චින්තන ධර්මදාස ඉතිහාසය නැවත අලුතින් ලිවීමට යාමේදී ඔහුට අමතක වන්නේ X කණ්ඩායමේ නිර්මාතෘ තවමත් ජිවත් වන බවයි. එහෙත් චින්තන ගේ මංගල සෑම දෙයකම ආරම්භකයා බව පවසයි. සෑම ගංගාවක් ම සමනළ කන්දේ සිට පැන නගින්නා සේම සෑම බුද්ධිමය විප්ලවයක්ම මෙරට ඇතිකර ඇත්තේ මංගල සමරවීර විසිනි. නමුත් මංගල සමරවීර එලෙස දාර්ශනික බුද්ධියක් හෝ ඒ පිළිබඳ හැදෑරීමක් සහිත වුවෙක් නොවේ. ඔහු කිසිඳු දාර්ශනිකයෙකු පිළිබඳ හැදෑරීමට උත්සහයක් හෝ දරා නැත. එසේනම් මංගල X කණ්ඩායම නිර්මාණය කිරීමට කිසිඳු අයුරකින් සම්බන්ධ වී නැත. X කණ්ඩායම ආරම්භ කලේ දීප්ති ගේ ස්වාධින හැදෑරීම් වලින් බව චින්තන අමතක කරයි. මෙය අත්වැරදීමක් හෝ නොදැනුවත් භාවය නිසා ඇතිවන්නක් හෝ නොව දැනගෙන සිදු කරන්නකි.
“මංගල ගැන නිතරම අහන්න ලැබුනෙ රැඩිකල් කතන්දර විතරයි. කිසිම දවසක මැද පතෝල තැනක පිහිටන්න එයාට ඕනේ වුනේ නෑ. ජාතිය ගැන, ආගම ගැන, බහුතරයේ බලය ගැන මංගල බය නැතුව කතා කළා….”
කවුරුත් දන්නා කාරනාව වන්නේ මංගල සමරවීර යනු මාතර දේශපාලනය කුලය නැමති මහ අනෙකා මත පදනම් වෙමින් සිදු කල බවයි. එබැවින් මංගල යනු කුල වාදියෙකි. චින්තක වැන්නනන්ට මංගල අලුත් පරම්පරාව නියෝජනය කරනු ලබන්නෙක් ලෙස ඔප්පු කිරීමට අවශ්‍ය වුවත් යතාර්ථය ඊට ප්‍රතිපක්ෂ වේ. මංගල සමරවීර යනු අඩුම තරමේ ලිබරල් වාදියෙකු හෝ නොවන බව ඔහුගේ දේශපාලන ප්‍රචාරක කටයුතු සහ මංගලගේ දේශපාලනය ගැන සොයා බලන්නෙකුට දැකිය හැකි වන්නෙකි.
එසේම මංගල සමරවීර යනු 2004 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ දිනවීමට විශාල ප්‍රචාරක කටයුතු දියත් කල පුද්ගලයා ය. එහිදී ඔහු අවිය කරගත්තේ සිංහල ජාතිවාදයයි. මෙවන් පුද්ගලයෙකු ලිබරල් වාදියෙක් ලෙස සැලකිය හැකි ද? මෙය චින්තන ට අමතක වන්නේ ඇයි?
“ඒ වගේම තමන් නිසා යම්කිසි හිත රිදීමක් ඇතිවුණු කෙනෙකුට ආපසු ඇමතුමක් දීලා සමාව ඉල්ලන රටේ ප්‍රධාන දේශපාලකයෙකුගෙන් කිසි දවසක බලාපොරොත්තු විය නොහැකි ගුණයක් මංගල ලඟ තිබුණා.”
එලෙසම මංගල සමලිංගික ප්‍රජාවේ අයිතීන් තහවුරු කිරීමට උත්සහ නොකළේ “ එහෙම කලොත් මේකේ ආතල් එක නැති වෙනවා” කියමිනි. මේ නිසා වර්තමානයේ සමලිංගික සහ සංක්‍රාන්තික ලිංගිකයන් ගේ නිදහස යනු සමලිංගික මංගල විසින් සටන්කොට ලබාගත් නිදහසක් නොව විෂමලිංගික දීප්ති විසින් සටන්කොට ලබාදුන් නිදහසකි.
George Michael-Private concert-Careless Whisper live-2007
මේ ආකාරයට චින්තන විසින් ‘මංගල මංගල මංගල’ යනුවෙන් දිගින් දිගටම අනුභූති උත්තර හැගවුම්කාරකයක් භාවිතා කරමින් ඉතිහාසය නැවත ලිවිම සිදු කර ඇත. එහිදී චින්තන විසින් මංගල නමැති හැගවුම්කාරකය භාවිතා කරමින් සහ සිරිමලී විසින් මෙම ලිපිය සිය බ්ලොග් අඩවියේ පළකරමින් මකා දමන එසේ නැතිනම් හලා දමන හැගවුම්කාරකය වන්නෙ දීප්ති නමැති හැගවුම්කාරකය වේ. එසේ දීප්ති නමැති හැගවුම්කාරකය මකා දැමීම සිදු කලත් මොවුන් සියලු දෙනාම දීප්ති ව මාස්ටර් හැගවුම්කාරකයක් (Master signifier)ලෙස අවිඥානික ව ප්‍රාර් තනා කරයි. මන්ද දීප්ති නමැති හැගවුම්කාරකය නොමැතිව ඔවුන්ට අර්ථයක් නොමැති බැවිනි.
බුද්ධික.
Careless Whisper
Song by George Michael
I’m never gonna dance again
Guilty feet have got no rhythm Though it’s easy to pretend I know you’re not a foolI should’ve known better than to cheat a friend
And waste the chance that I’d been given So I’m never gonna dance again
The way I danced with you, oh
Time can never mend
The careless whispers of a good friend To the heart and mind Ignorance is kind There’s no comfort in the truth Pain is all you’ll findI’m never gonna dance again
Guilty feet have got no rhythm Though it’s easy to pretend I know you’re not a foolI should’ve known better than to cheat a friend (should’ve known better, yeah)
And waste the chance that I’d been given So I’m never gonna dance again The way I danced with you, oh
Never without your love
Tonight the music seems so loud
I wish that we could lose this crowd Maybe it’s better this way We’d hurt each other with the things we’d want to sayWe could have been so good together
We could have lived this dance forever But now, who’s gonna dance with me? Please stayAnd I’m never gonna dance again
Guilty feet have got no rhythm Though it’s easy to pretend I know you’re not a foolI should’ve known better than to cheat a friend
And waste the chance that I’d been given So I’m never gonna dance again The way I danced with you, oh