ජන රැලේ යනවා වමේ සංවාදයක්. වැඩේ සැහෙන්න හොඳයි. ඒක  කියන්න එපයි ඉස්සෙල්ල. සුමිත් චාමින්ද කියල මහත්මයෙක් මහා පතරංග ජාතකයක් ලිය තිබුන වමේ එක්සත්භාවයක අවශ්‍ය කම ගැන. පලවෙනි කොටස දාල  තිබුන 2014 මාර්තු 30 පත්තරේ. තියෙන  වැඩ අස්සේ කියවන්න සෑහෙන කාලයක් ගියා. දෙවන  කොටස එනකන් හිටිය උත්තරයක් ලියන්න. නමුත් මගේ “නිර්මාණශීලි ශක්‍යතාවයන් හා මානුෂ  ශක්තින් පිලිබඳ එතුමා කියන්න වගේ අත  හැර  දමා දෙවියන්ට යාඥා  කරන්නේ නැති නිසා අර්නෙස්ටෝ ලැක්ලව්  කියන්නේ මොකක්ද කියල හෙව්වා.  හැබැයි ඒ මහත්මය මේ කියන්න මොනවද කියල  මම තවම තේරුම් ගන්න උත්සාහ  කරනවා. (උපුටාගැනීම  ජනරළ පත්තරෙන්)
“පශ්චාත් පෙරේස්ත්රෝයිකානු සහ පශ්චාත් තෘෂ්නි යුද කාලින විමුක්ති දේශ පාලනය මුහණ දී තිබෙන්නේ ද ඉහත කි ආකාරයේ භාව සත්තවාදී  නිමේෂයකටය. ” – මේ කියන්නේ ලිපියේ මුලින් තියෙන දෙයියෝ හොයන්  යන්න එපා කියන එකද  නැති එකද?
ඊළඟට එයා  කියනවා මෙහෙම. “ධනවාදී භාණ්ඩ හුවමාරුකරණයේ ක්‍රියාවලිය හුදු ආර්ථික අර්බුදයකින්  ඔබ්බට ගොස් සමස්ත ශිෂ්ටාචාරය අර්බුදයක් කර ඉමහත් විනාශකාරී ලෙස ගමන් කිරීම අනිත් අතින්  දිස් වෙමින් පවතී.”  මේ නම් කියන්නේ අර කොල්වින්ගේ කේනමන් ගේ ඉඳන් සෝමවංශ අමරසින්හ දක්වා කියන මේ කුණු ගඳ ගසන ධනවාදී සමාජය විනාශයට යනවා කියලනේ.  ප්‍රශ්නේ ඒක  නෙමේ. එක තවම උනේ නැති නිසා ධනවාදය , යුද්ධ කරමින්, යුද්ධ අවුලවමින් තවම වැජඹෙන නිසා ඒකට උත්තර හොයන එක නෙමෙයිද?
එතකොට ඊට පස්සේ කියනවා “හොර්කයිමර් සහ අඩනෝ පසුගිය  සියවසේ  මැද භාගයේදී විශිෂ්ට ලෙස විශ්ලේෂණය කල පරිදි බටහිර ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතියෙහි නිශේධනීය තර්කනයවූ අධිපතිවාදය එහිම සාධනීය තර්කනය වූ මානව විමුක්තිවාදය යටපත් කරලමින් පෙරට එමින් පවතී.”  හෝක්හයිමර් ගේ විවේචනාත්මක ප්‍රමේය? (critical theory) එක මෙතනට අදාල වෙන්නේ කොහොමද කියල පැහැදිලි කලා  නම් හොඳයි. නැත්නම් මෙතන සුමිත් චමින්ද කියන්න හදන්නේ මොකක්ද කියන එකට අර්ථ කතන දහයක් විතර දෙන්න පුළුවන්.
ඊට පස්සේ ඒ ලිපියේ එන ඊළඟ කරුණු ටික සංයුක්ත කරලා ගත්තම මෙහෙම දෙයක් වැටහෙනවා.
1. වමට ප්‍රජාතාන්ත්‍රික බහු විධාත්වයක් අවශ්‍ය බව.
2. ඒ පිළිබඳව චාමින්දගේ  පක්ෂය හා පෙසපේ සංවාද කල බව.
3. වම නැවත එකතු කල යුතු බව.
4. තමන් x (එක්ස්)  “x  සාමාජිකයෙක් වෙලා හිටි බව.”
දැන් මෙතන පොඩි විමසුමක් කලොත් මං  අර කලින් “පිචන් ඇමෙරිකන් ” ලිපියේ කිව්වා වගේ , මන්  රෝයල්, මං  ආනන්දේ , මන් තර්ස්ටන් , මන් ගුරු  කුලේ , මන් කටුබැද්දේ වගේ මන් හිටියේ එක්ස් කණ්ඩායමේ ටයිටල් එක එනවා.  දැන් වම එකතු වෙනවා කියන්නේ පශ්චාත් එක්ස් දේශපාලනයේ කඩා  ගත්ත ඒවා ආයි  හදා  ගන්නද? මොකද අවසානයේ මෙහෙම කියුමක් තිබෙනවා. – ත්‍රිමාණ වෙබ් අඩවියේ පලවූ විශිෂ්ට දේශපාලන විශ්ලේෂණයක් (මේකට මම එකඟයි ඒකෙ  හොඳ ලිපි  යනවා)  මගින් අවධාරණය කර තිබු කරුණක් එනම් -“ප්‍රජාතාන්ත්‍රික අරගලයන් තුලට ඇතුල්වී ඒවා නව- ලිබරල් ධනවාදී හෙජමොනික සැකැසුමකට එරෙහි ගෝලීය ප්‍රති-හෙජමොනික ව්‍යාපාරයන් බවට පරිවර්තනය කිරීමේ උපාය මාර්ගය පිළිබඳව ” අවධානය යොමු කරන බව.  මං  ත්‍රිමානේ  හොයල බැලුව මේ ලිපිය.  දැක්කොත් දැක්ක කෙනෙක් ලින්ක් එක දාන්න.
එතකොට හෙජෙමොනි කියන්නේ කණ්ඩායමක් මගින් කිසියම් ක්‍රියාවලියක් පාලනය කිරීමක් : leadership or dominance, especially by one state or social group over others.  දැන් එතකොට අපිව ධනවාදී සමාජ කොටසකින් කරන සැකැස්මට  එරෙහිව ඒවාම  ප්‍රති හෙජෙමොනික ව්‍යාපාර කිරීම. කාටවත් තේරෙනවද  මේ මොකක්ද කියල. දන්නවනම් කොමෙන්ටුවක් දාන්න.

මේ දීර්ඝ ලිපියේ  දෙවන කොටස පලවෙලා තිබෙනව ජනරල අප්‍රේල් 13 කලාපයේ.  ලිපියේ මුල හරියේ  x කණ්ඩායමේ ඇතිවුන  ප්‍රශ්න හා x -men  සහ x -women  සමග දීප්ති කුමාර ඇති කර ගෙන  තිබෙන (වෙබ් අඩවිවල රඟ  දැක්වෙන) ප්‍රශ්නත් සාකච්චා කරන අතර පුද්ගලිකව පහර දෙනවට වඩා න්‍යායික සංවාදයකට එළඹෙන ලෙස කරන ඉල්ලීමක් තිබෙනවා. ඒක  දැනට අපට අදාල නැති x -men ලා  බේරා  ගත යුතු දෙයක් නිසා ලිපියේ අගට යමු. මෙහි වැදගත්ම කරුණක් හැටියට සාකච්චා කරන්නේ ලැක්ලාව් ‘On Populist Reason ” පොතේ ඉදිරිපත් කරන ලද තර්කයකුයි. අවශ්‍ය කෙනෙකුට මේ පොතේ pdf කොපියක් මෙතනින් බාගන්න පුළුවන්.
http://doublesession.net/indexhibitv070e/files/laclau-on-populist-reason.pdf
මෙහි සුමිත් චමින්ද මහතා කරන පැහැදිලි කිරීමට අනුව D  යනු සමාජයීය ඉල්ලීම්ය. ඒවා අබ්යන්තරිකව බෙදී ඇති බව ග්‍රීක් අක්ෂරයක් වන තේටා 
වලින් පෙන්වයි. Ts යනු පසමිතුරු බලවේගයයි. ඉල්ලීම් ඉදිරිපත්වන්නේ මෙම බලවේගයට එරෙහිවයි.  ලැක්ලාව් විසින් ඉදිරිපත් කල රූප සටහන්  ලිපියේ 1 සහ 2 යනුවෙන් පලවී ඇත. ඒවා පහත දැක්වේ.

 රූප සටහන  1
 රූප  සටහන 2
සාර්වාදය නමැති Ts නමැති පසමිතුරු බලවේගයට එරෙහිව D1, D2, D3,, D4
යන ඉල්ලීම් යම් සාම්‍යතා දාමයකට එක්ව ඇති බව චමින්ද කියයි. (ලැක්ලාව්  මෙහිදී කියන්නේ මේ හැම D1, D2  යන්නක්ම එක හා සමාන බවයි.) “All of them, however, are equivalent to each other in their common opposition to the oppressive regime (this is what the upper semicircle represents -Ernesto Laklav ).  “නමුත් මෙවැනි සාම්‍යතා දාමයක් යම්කිසි හෙජමොනික දේශපාලනික මැදිහත්වීමකින් තොරව ඉබේම නිර්මාණය විය නොහැකි බව චාමින්දගේ අදහසයි.  ලැක්ලාව් කියන්නෙ මෙසේයි ?
“In that case, the same democratic demands receive the structural pressure of rival hegemonic projects” එනම් මෙවැනි තත්වයකදී ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම් ඊට ප්‍රතිවාදී  සංවිධිත හෙජමොනික ව්‍යාපාරයන්ට මුහුණ දෙන බවයි.  චාමින්ද මෙය වර්තමාන රාජ්‍ය බලාධිකාරයට සමාන කරමින්  එම බලාධිකරයේ එහිමවූ හෙජමොනික  තර්කනයක් ඇති බව වටහා ගත යුතු බවක් කියයි. මෙවැනි බලාධිකාරයක් පවතින බව සත්‍යයකි.
මෙහි දෙවැනි රූපය පිලිබඳ චාමින්දගේ විස්තරය බලමු.  චමින්ද කියන්නේ D1 ඉල්ලීම, a , b ,c  යන විකල්ප සාම්‍යතා දාමයට සම්බන්ධ කර ගැනීමේ ප්‍රයත්නයක් පෙනෙන බවත්, ඒ අනුව D1 කුමන සාම්‍යතා  දාමයට සුසම්බන්ධ කරගත හැකිවේදැයි යන්න නිශ්චය වනු ඇත්තේ සංයුක්ත හෙජමොනික අරගලය මගින් බවත්ය.  එසේම එකිනෙකට පසමිතුරු සාම්‍යතා  දාමයන්  දෙකක  පවතින බව කෙටි ඉරි මඟීන් පෙන්වන බවත් එහි පිඩනයට ලක්වීමට D1 හට සිඳුවන බවත් ඔහු පවසයි.  (ලැක්ලාව් පවසන්නේත් මෙයයි.) චාමින්ද කියන්නේ  මෙසේ සුසම්බන්ධිය තර්කනයන් දෙකක්  අතර අස්ථාවර තත්වයකට පත්වූ හැඟවුම්කාරකයක්  (signifier ) ලැක්වියානු  අරුතින් පාවෙන හැඟවුම්කාරකයක්  වේ.   ලැක්ලාව් පවසන්නේ I shall call signifiers whose meaning is ‘suspended’ in that way ‘floating signifiers’. මට තේරෙන විධිහට හිස් හැඟවුම්කාරක හෙවත් “අර්ථය  තාවකාලිකව අත් හිටවූ “හැඟවුම්කාරක පාවෙන හැඟවුම්කාරක වෙන බවයි.
සුමිත් චාමින්ද ඉන්පසු මෙසේ කියයි. එනම් ඔහු කලින් ඉදිරිපත් කල න්‍යායික පසුබිම තුල (ලැක්ලාව් ඇතුළුව) දීප්ති කුමාර ගුණරත්නගේ විශ්ලේෂණය කල පරිදි , ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ කාරණය  ගෝලීයවත් දේශීයවත් පාවෙන හැඟවුම්කාරකයක් බවට පරිවර්තනය වී ඇති බවයි.
දීප්ති කුමාර  ගුණරත්නගේ මුල් ලිපිය මා  කියවා  නැති නිසා චමින්ද කියන දේ ( දීප්ති ලියු බව කියන ) හරි කියා පිලි ගනිමු.  හැබැයි ලැක්වියානු  අරුතින් එතකොට මේ ප්‍රජතන්ත්‍රවාදය අර්ථය අත්  හිටවා  ඇති හිස් හැඟවුම්කාරකයකි.
ඊළඟට ඔහු ප්‍රශ්න දෙකක්  අසයි.
1. මෙවන් තත්වයක් තුල වාමාංශික බලවේග විසින් කල යුත්තේ හුදෙක් ධනපති අධිරාජ්‍යවාදි බලවේගයන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන බැවින් එය මුලුමන්න්ම ඉවත දමා වඩා  පිරිසිදු වාමාංශික සටන් පාඨ  තේරීමද ?
2. නොඑසේ නම් සැබෑ හෙජමොනික අරගලය තුලට නොබියව ඇතුළුවී ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්කරණයක්  සඳහා  සටන් කිරීමද?
අංක එකට එකඟ වුනොත්  සුම්ත් චාමින්දට අනුව මේ සංයුක්ත අරගලය නිර්දේශපාලනීකරණය කරා  යයි. එයට හේතුව ලෙස ඔහු පවසන්නේ එයින් රතුපස්වල, තුන්නන ආදී “සැබෑ  සමාජ අරගල අවකාශය” මග හැර යාමක්  වන බවයි.
ලක්වියානු අර්ථයෙන් ගත කල මෙය මෙසේ විය හැකියි. එහෙත් සෑම ප්‍රජාතන්ත්‍ර අරගලයකටම වාමාංශික පක්ෂ වලට සහභාගී විය නොහැකියි. සුමිත් චමින්ද මේ පවසන්නේ ධනවාදී පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කරන ඊනියා සටන් වලටත් වාමාංශික පක්ෂ සහභාගී විය යුතු බවද? ඔහු මෙහිදී පැහැදිලි කිරීමක් කල යුතුයි? ජනතාවගේ ප්‍රශ්න – එදිනෙදා  ප්‍රශ්න – වතුරට සටන් කිරීම, කුණු ඉවත් කිරීම ගැන , ඩෙංගු ගැන ඉදිරිපත් විය යුතුයි. ඒ ගැන විවාදයක් නැත. නමුත් ඉන් එහාට යාමෙන් වික්‍රමබාහු වගේ රනිල් සමග එකම වේදිකාවකට ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නගින්නට හේතුවක් නැත.

ඉහත කොටස් දෙක මා ලියුවේ එර්නෙස්ටෝ ලැක්ලාව් ගේ රූප  සටහන් දෙක ඇසුරින් සුමිත් චාමින්ද මහතා වාමාංශික පක්ෂ එක්සත් වී අරගල වලට මුහුණ දිය යුතු බව නිගමනය කල බව පැහැදිලි කරන්නයි. මගේ අදහස නම් මේ රූප සටහන් දෙකෙන් ප්‍රජාතාන්ත්‍රික අයිතීන් හා සමාජවාදය පිලිබඳ අරගල පැහැදිලිව නොපෙන්වන බවයි. එයට හේතුව මේ හැම අරගලයක්ම සැලසුම් සහගත ඒවා නොවෙන නිසා සහ සෑම  අරගලයකම තීව්‍රතාවයන් එකිනෙකට වෙනස් නිසයි. මේක වෙනත් විධිහකට කියනවනම් විශ්වයේ පරිණාමය ගත්තත් ජීවීන්ගේ පරිණාමය ගත්තත් සමාජ පරිණාමය ගත්තත් හුඟක් දේ සිදුවන්නේ අවිධිමත් ආකාරයට (chaotic ). අපි නොයෙකුත් ගණිතමය සමීකරණ, තර්කන ආදියෙන්  මේවා පැහැදිලි කර ගන්නවා පමණයි.  මෙය මෙහෙම උදාහරණයකින් පැහැදිලි කරන්නම්.
සෝවියට් දේශයෙන් 1934දී ඇමෙරිකාවට ගිය තාරක විද්‍යාඥයෙකු වන ජෝර්ජ් ගැමොව් (1904-1908) තාරකාවල ඇති මුලික අංශුන් පිලිබඳ සොයා ගැනීමක් කලා. තාරක තුල න්‍යෂ්ටික දහනය සිදුවීමේදී පරමාණුක අංශුන් එකිනෙක ගැටෙනවා. මේ ගැටීම සඳහා අංශුන් ගමන් කරන්නේ ඉතාමත් අසංවිධිත (chaotic) ආකාරයට. මේ ගැටීමක් වෙන්න කලින් (ක්වොන්ටම්  උමගක්) Quantum tunnelling තුලින් ගමන් කිරීම හෙවත් බාධක විනිවිද යාමක්  (barrier penetration ) කියා දෙයක් සිදු වෙනවා. උදාහරණයක් ගත්තොත් අපි බෝලයක් තාප්පයකින්  එහාට විසි කරනවා කියා හිතන්න. අපි අවශ්‍ය ප්‍රමාණයට ගතික බලයක් (චාලක ශක්තිය – kinetic energy ) තාප්පයට වඩා උඩින් බෝලය ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ බෝලයේ චාලක ශක්තිය උඩදී ගුරුත්වාකර්ශන  විභව ශක්තියට පෙරලෙන අතර එය  තාප්පයේ ගුරුත්වාකර්ශන  විභව ශක්තියට වඩා  වැඩි  විය යුතුයි. මෙය ක්වොන්ටම් චලිතයේදී සිදුවන්නේ මදක් වෙනස් විදියකට. අංශුව න්‍යෂ්ටියේ වැදීමට නම් අංශුවේ සම්පුර්ණ ශක්තිය බාධකයේ ශක්තියට වඩා  වැඩි විය යුතුයි. නමුත් ඇත්තටම සිදුවන්නේ මේ සම්පුර්ණ ශක්තිය නැති වුනත් එක්තරා අවස්ථාවක න්‍යෂ්ටිය හෝ ඉලෙක්ට්‍රෝනය තව න්‍යෂ්ටියක ගැටීම සඳහා මේ බාධකය උඩින් ගමන් කරන බවයි. මෙහිදී අංශුව ලබා ගන්න ශක්තිය ට ගැමොව් ශක්තිය හා එහි උච්චතම අවස්ථාවට  ගැමොව් මුදුන (Gamov  peak – රූප සටහන බලන්න.) කියා කියනවා. එතැනදී අංශුව බාධකයෙන් පැන  න්‍යෂ්ටිය හා ගැටෙනවා. මෙය සිදුවුනේ නැත්නම් තාරකාවල වෙන මුලද්‍රව්‍යය ඇති වන්නේ වත් කොටින්ම ග්‍රහලෝක, ජිවය පවා ඇති වන්නේ වත් නැහැ.

 (ප්‍රස්ථාරය 1)

මෙතන අපට වැදගත් මෙන්න මේ හරිය. තාරකාවල ඇතුලේ අංශුන් වල අසංවිධිත ගමන වගේම තම අරගලත්. ඒවා සැලසුමකට කොතන හරි ඇති වන්නේ නැහැ. ඇති වන හේතූන්  තිබෙනවා. ඇතිවුනාට  පස්සේ නොයෙකුත් ක්‍රමවලින් එහි තීව්‍රතාවය වැඩි කර ගන්න පුලුවන්. උදාහරණයක් වශයෙන් යුක්රණයේ මයිඩන්  වල ඇතිවුන යනුකොවිච් විරෝධී රැලි මුලදී සුළු විරෝධතාවයක් ලෙස පටන් ගත්තත් පසුව වෙනත් EU  හා ඇ.එ .ජනපදයේ මුදල් ආධාර හා මීඩියා  අනුග්‍රහයෙන් එය වැඩි කරගෙන යනුකොවිච්  එලවා  දැමීම.  (මෙහි හරි වැරැද්ද මෙතැනදී සාකච්චා නොකෙරේ).  දැන් නැවත සුමිත් චාමින්ද මහතා  ඉදිරිපත් කල ලක්ලාව්  ගේ පින්තුර විග්‍රහයට යමු. එහි D1, D2 ආදී අරගල සාම්‍යතා දාමයක තිබුනත් එහි  තීව්‍රතාවයන්  වෙනස්.  (ප්‍රස්ථාරය 2  බලන්න)

ඒ හැම අරගලයක්ම  මේ මුදුනට එන්නේ නැහැ. ලංකාවේ අධ්‍යාපන කප්පාදුවට හා %6 ක පඩි වැඩි වීම සඳහා ගිය අරගලය බලන්න. එය ශක්තිය මුලදී එකතු කර ගත්තත් මුදුනට එන්න බැරිව මිය ගියා . අනික් හැම අරගලයක්මත් එහෙමයි. එසේ නම් කල යුත්තේ චාමින්ද කියන ආකාරයේ හැම ප්‍රජාතන්ත්‍රවාදී හෝ අනිකුත් මෙකි නොකී ආකාරයේ අරගල වලට  ධනපති හෝ වෙන ඕනෑම පක්ෂයක් සමග එකතුවීතිබෙන ශක්තියත් වැය කිරීමද? එසේ නැත්නම් කල යුත්තේ අසංවිධිත ආකාරයෙන් ඇතිවන අරගල තෝරා බේරා අකාලයේ අවසන් වෙන ඒවාට සාපේක්ෂ මැදිහත් වීමක් කර නිශ්චිත වාස්තවික තත්වයන් තුල ඇතිවන අරගල වලට වාමාංශය එකතුවී ගැමොව්  පීක්  එකට යාම නොවේද ? එහිදී දයලේක්තික වාදී  ලෙස වඩාත් ඉදිරියෙන් සිටින පක්ෂයට හෝ  පක්ෂ සමුහයට ගන්න නිවැරදි ක්‍රියාමාර්ග තුල  බාධකයෙන් අනිත් පැත්තට යාමට හැකි වෙනු ඇත.
(මම මේ ලිපියේ මුල හරියේ චාමින්ද මහතාගේ ලිපිය පතරංග ජාතකයක් ලෙස හැඳින්වුවත් මගේ පිළිතුරත් ඒ ආකාරයටම දික් වීම ගැන කණගාටුයි.)

මුලාශ්‍ර : ‘The origin of chemical elements’ (1948) by Alpher, Bethe & Gamow,
‘On Populist Reason’ – Ernesto Laclau

දීප්ති කුමාර ගුණරත්න මහතාගේ  ලිපිය: http://104.244.127.152/~mana/%E0%B7%83%E0%B7%91%E0%B6%B8-%E0%B6%B8%E0%B6%9F%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8-%E0%B6%B8%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%92%E0%B6%BA/

ඔබේ අදහස කියන්න...

15 COMMENTS

  1. මෙහිදී න්‍යායාත්මක භාවිතයෙන් හා වාස්තවික තත්වයන් අධ්‍යනය ඇසුරෙන් වඩාත් ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය වන අතර සංවිධානාත්මක ශක්තියෙන්, බිම් මට්ටමේ අරගල හා මාක්ස්වාදී එකමුතුවක් සඳහා ඉදිරියෙන්ම සිටින්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. ජවිපෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ශේවික් පක්ෂයක් බවට පරිවර්තනය වෙමින් පවතී. ට්‍රොට්ස්කිවාදය යනු සමාජවාදය නමැති ගොඩ නැගිල්ල සැදීමේදී අවශ්‍ය ගඩොල් කීපයක් හෝ බිත්තියක් පමණකි. ඒ නිසා ඒ පක්ෂ වලට එකමුතු වී හෝ නොවී කරන්නට පුළුවන් දෙයක් නැත.

  2. මිනිසාගේ සැබෑ ස්වභාවිකත්වය තේරුම් නොගෙන වියුක්තව ගොඩනගාගත් සංකල්ප මත කෙතරම් තර්ක කලද වැඩ කලද අර්ථයක් නැත. නිදහස් වෙළඳ පොළ ආර්ථිකයකයක අවශ්‍යතාව සහ ශක්‍යතාවය තේරුම් ගැනීම මීට වඩා වැදගත්

  3. එතකොට ඔයා මිනිසාගේ සැබෑ ස්වභාවිකත්වය තේරුම් අරගෙනද ඉන්නේ. අපිද දන්නේ නැත්තේ ? වියුක්ත සංකල්පයක් වෙන්නේ කොහොමොද මනුස්සයෝ අරගල වලට සම්බන්ධ වෙන්නෙත් මිනිස්සු කොට.
    අනික මේ සාකච්චා කරන අරගල ප්‍රමේය මුලින් ලියු ලක්ලැව් හිටියේ නිදහස් වෙළඳ පොළ ආර්ථිකයකය ඉතා දියුණු රටක. එතකොට මේ ලියුම ලියු එකා ඉන්නෙත් එහෙම රටක. නිදහස් වෙළඳ පොළ ආර්ථිකයකයක අවශ්‍යතාව සහ ශක්‍යතාවය මැනලා වෙන්නැති ඔහෙලා 1977 ඒක ගෙනාවේ.

  4. Editor

    You should see that your writers get their facts correct when you criticize people on the basis of their personal and professional lives even though it is not good political practice even from a Zizekian perspective to resort to low-level personal attacks on people. One should not slander former friends just because they have fallen out with you and now you consider them enemy. This is not the Marxist –Leninist politics you claim to be engaging in.

    I am referring to the anonymous attack on your pages on Dr. Kumudu Kusum Kumara.
    I write here because you don’t allow to comment under that article without four types of accounts. (Also, even though you say there are 14 comments there are none there.) Pl.place this comment under the relevant article with the attack on Dr. Kumudu.

    For your information if Dr. Kumudu had a philosophy degree he could not have joined the Dept. of Sociology at Colombo under the rules prevailing in Sri Lankan public universities. From what I know, after obtaining his first degree from Kelaniya university Dr. Kumudu worked as a member of the research team headed by Dr. Newton Gunasinghe on a project on the agrarian question of Sri Lanka under an international research project carried out by the Social Scientists’ Association. Dr. Kumudu also obtained post graduate qualification in Economic Development for which he wrote an essay on Marxist debates on Agrarian Change. Later, Dr.Kumudu obtained a Masters degree in Sociology from the University of British Columbia writing a dissertation on Agrarian Change in Sri Lanka before he went onto obtain his Ph.D in Sociology from York University, Toronto.

    If Dr. Kumudu wanted favours from Dr. Arjuna Parakrama he need not have gone behind the X Group. You may not know that long before X Group came to know Dr. Parakrama, he was Dr. Kumudu’s batch mate at Kelaniya University studying together at the Department of English. During the repression of the Kelaniya student union under the JRJ regime, both Dr. Parakrama and Dr. Kumudu as independent activists represented student community, and student union leaders who had gone into hiding, in dealing with the JRJ regime.

    University academic appointments are made by an interview board consisting of an array of academic and administrative representatives from the university system including the Ministry of Higher Education and the UGC, and the Vice Chancellor, the Dean of the relevant faculty, Head of the relevant Department, Senior Professors in the relevant Department, representatives from other faculties among others.

  5. එහෙම අදහසක් කිව්ව ගමන් භුමතෙල් ගෑවුනා වගේ වෙන බව මමදන්නව .සමාජවාදය නැත්නම් මාක්ස්ගෙ න්‍යායන් හරහා ලගාඩනැගෙන සියලු ව්‍යාපාර අතහරින මූලිකම දේ තමා ඒකීය පුද්ගලයා කියන සංකල්පය මෙයිදී බැස්ටියාට් යොදන වචනය මංකොල්ල කෑම යනුයි මා වෙනුවෙන් ඔබට තීරන ගැනීමේ අයිතිය කුමක්ද? නිදහස් ආර්ථිකයක් කියමින් 77 දී මහා පරිමානව කල රාජ්‍ය මැදිහත් වීම් සැබෑ නිදහස් ආර්ථිකයක් ලෙසට ඔබ පටලවා ගත්තාට මට කරන්න ‍දෙයක් නැත.ඩේවිඩ් නෝර්ත් පවා ලාභයේ මූලික දේ ශ්‍රමය ලෙසයි ගන්නෙ එහෙත් ශ්‍රමය වෙළඳ පොළ තුල තවත් හක භාන්ඩයක් පමණක් බවත් ප්‍රාග්ධනය මූලික බවත් ඔවුන් මග හරිති .

  6. අපොයි නැහැ. භූමිතෙල් ගෑවුනා වගේ දඟලන්න දෙයක් නැහැ. ඔය කතාව ගැන වාදයක් අරුණි ශාපිරෝ එක්කත් ගියා. ඉතින් කට්ටියම එකමදේ නේ කියන්නේ. තව ලැකාන් මල්ලි කෙනෙකුත් (පරණ X කෙනෙක් ) කුත් ඔය කතාවම කීව. ම වෙනුවෙන් ඔබට තීරණ ගැනීමේ අයිතිය කුමක්ද? – මේ ලිපිය හරියට කියෙව්වා නම් තේරෙයි. . මාක්ස් ගේ නියමයන් ඒ තත්වයන් වලදී සාධාරණව ඔප්පු කලාට වෙනස් තත්වයන් වලදී එහෙම නොවෙන්න පුළුවන්. ලෙනින් සමහර දේවල් වෙනස් කලේ ඒ නිසයි. මන් හිතන්නේ විජේවීරත් උත්සහ කලා. නමුත් මහා ජනතාවගෙන් වියුක්ත අරගල සාර්ථක වෙන්නේ නැති මුලික සංකල්පය අමතක කරන්න හොඳ නෑ. කොටින්ම මිනිසුන්ට ඕනේ නැති දේ බලෙන් දෙන්න අපි කියන්නේ නැහැ. අරගලයක් සාර්ථක වෙන්නේ වැඩි ජනතාවක බහුතරයක් සහභාගී වුනොත් විතරයි. කාටවත් බලෙන් දෙන්නේ නැහැ. උමබල සටන් කර පල්ලා. එතකොට 77 නිදහස් ආර්ථිකය නෙමේ කියමු. තැචර් ගේ එකද. එයත් කලේ ඕකනේ. අද එංගලන්තයට මොකද වෙලා තියෙන්නේ. නිදහස් ආර්ථිකය නිසා ඔක්කොම කම්හල් වහල කොච්චි පුද්ගලික අයිතියට දීල බැලුව. අන්තිමට තචර්ටම යන්න වුන. නිදහස් ආර්ථිකයෙන් ප්‍රයෝජන ගත්තේ චීනය අන්තිමට. කාල එන්න මල්ලි. ප්‍රාග්ධනය ගැන අපි වෙනුම කියල ඔයාල වගේ කියවල නැති කට්ටියට. අනික බස්ටියට් අනුගමනය කරන්න ගිහිල්ල වෙන්න ඇති ප්‍රන්ශේ තවම ඇන ගෙන ඉන්නේ. මම ඉන්නේ ප්‍රශයට පැය තුනක දුරින්. ඔයාගේ නිදහස් ආර්ථිකය , ඒකීය පුද්ගලයා අම්බානක ඇන ගන්නවනේ අනේ.

  7. බොහොම හොඳයි හැබැයි ප්‍රංශෙට පැය තුනක් ඔයා දුරින් ඉන්නව කිව්වහම මට මතක් උනේ මගෙ නංගි එයා ඉන්නෙ එංගලන්තෙ ඒත් එයා ඒ රට ගැන දන්න කෙහෙල්මලක් නෑ.ඒ කෙන් අදහස් වෙන්නෙ හුදෙක් රටක හිටියට මේ මෙලෝදෙයක් දන්නෙ නැති අය තව කොච්චර ඉන්නවද
    අනික මාක්ස් ලෙනින් විජ්වීර කියවලා නෑ කියල මට කියන ඔයාලගෙ මාක්ස වාදය ගැන කියෝල තියෙන තරම හිනායනතරම් මොකද විජේවීරල මාක්ස්වාදයෙනුත් කොව්වර ඈත් වෙචිච අයද කියල දැනගන්න ඉතාම පොඩ්ඩක් මාක්ස්වාදය දැනගත්තත් ඇති.මම ඔය ස‍හෝදරය (මහත්ත‍යද දන්නෙ නෑ )තරම් කියවල නෑ සමාවෙන්න

    නිදහස් ආර්ථිකයක් කිව්වම ගොඩක් අතේ තියන් පොඩ්ඩක් අතහැරීම නෙමෙයි 77 නිදහස් අාර්ථිකය ගැන කතා කර අනික් පැත්තෙන් සැලසුම් හදපු හැටි ඔයාට නොපෙනීම ගැන මම පුදුම වෙන්නෙ නැහැ.තැචර් ගැනත් ඒ කම තමයි කියන්න තියෙන්නෙ බය නැතිව ඇමෙරිකාව ගන්න රාජ්‍ය මැදිහත්වීම් අඩුවෙන්ම තිනයනව.එතකොට ඔබ කියයි දුප්පත් එවුන් කොච්චර ඉන්නවද? ඔව් අපතයො කොහෙත් ඉන්නව හැබැයි කෙනෙකුට දියුණුවෙන්න ඔනැනම් ඒ වගේම අවස්ථා අනික් රටවල් වලට සාපේක්ෂව ඇති තරම් තියෙනව

    අනික් ගැටලුව මහත්තය/සහෝදරය ඔයාගෙ අරගලය මොකද අරගලය පැන නගින තැන ඔයාල අල්ලගන්නෙ පුද්ගලික දේපොල නැතිකීරීම යන්නෙන් අපි පුද්ගලික දේපොල ආරක්ෂා කිරීමෙන්

  8. @gamaya1
    //එතකොට මේ ලියුම ලියු එකා ඉන්නෙත් එහෙම රටක//
    //මම ඉන්නේ ප්රුශයට පැය තුනක දුරින්.//
    අරුනි ශපිරෝත් උදිත මීගහතැන්නත් හැම තිස්සෙම කියන්නේ ඔය කතාවම තමයි.ඒ අය ඉන්නේ දියුනු රටවල කියලා.න්යායික සන්වාද වලදී මෙවැනි කතා කියන්නේ ඇයි කියලා පහදන්නට පුලුවන්ද.

  9. තමන් ඉන්න රට කන ජාතිය බොන්නෙ ෂිවාෂ් රීගල් මේවා වැඩක් නෑ අනික ප්‍රංශය ඇණ ගත්තෙ බැස්ටියාට් ගිය පාරෙ ගිහිල්ලද? මම කියවල නෑ මේව වැඩක් නෑ අදාළ ප්‍රස්තූතයට කතා කරන්න

  10. රමල් මල්ලි, මාත් කියන්න හදන්නේ ඕකම තමා. මේ නිදහස් ආර්ථික ක්‍රමයට පක්ෂව කතා කරන අයයි අරුනියි ඇතුළු ගොඩක් අය එක්ක සංවාදයට ගියාම මුලින්ම ඒ ගොල්ල හිතනවා ඒ ගොල්ල විතරයි මේ රටවල් ගැන දන්නේ කියල. හිතල කතා කරනවා.ඊළඟට ඒ ගොල්ල හිතනවා ඒ ගොල්ල විතරයි ඉංග්‍රීසි දන්නේ කියල. ඊළඟට ලොකු ලොකු බර හාර පොත් කියවල තියෙන්නෙත් ඒ ගොල්ල විතරයි. මන් දැක්ක අර අජිත් පැරකුම් (මගෙයි එයාගෙයි අදහස් හා මතවාද වෙනස්) ට එහෙම ගරහන හැටි ලංකාවේ ගුරෙක් කියලා . අනික ලංකාවේ ඉඳන් සංවාදයට එන කොල්ලන්ට කෙල්ලන්ට ගරහන හැටි. ලංකාවේ ඉන්නවා නම් ඒ ගොල්ලන්ට මේ දියුණු රටවල් ගැන කතා කරන්න බැහැ වගේ. ඒ නිසා තමා මම මේ ගොල්ලන්ට කියන්නේ. අපිත් ඉන්න ඕගොල්ල ඔය මහා ලොකුවට උඩ දාන නිදහස් ආර්ථිකේ තියන රටවල, අපි නොදකින ඕගොල්ලෝ දකින මේ අරුමය කුමක්ද? ඊළඟට අපි ඒ ගොල්ල ඉංග්‍රීසියෙන් කියවන එක ගැන කිව්වහම , ඒ ගොල්ල ට අප්සෙට් යනවා. යකෝ මුනුත් කියවනවානේ කියල. උස්මුරුත්තාව හැදිලා ඒ ගොල්ලන්ගේ පුරාජේරුව (ලංකාවේ තිබ්බ හෝ තියන ) කියන්න පටන් ගන්නවා. මේ ගොල්ල හිතන් ඉන්නේ මාක්ස් ගැන කතා කරපු ගමන් අපි කොන්දේ බැඳපු චීන්නු කියල. මේවා ලියන්නේ එකයි. න්‍යායික සංවාද වුනත්.

  11. මාක්ස් කොහොම වෙතත් මේ ක්‍රිෂ්ණ නෝනා හෝ මහත්තය මගේ උත්ත්රයවත් හරියට කියවල නැහැ. එය කියනවා //න මාක්ස් ලෙනින් විජ්වීර කියවලා නෑ කියල මට කියන ඔයාලගෙ මාක්ස වාදය ගැන කියෝල තියෙන තරම හිනායනතරම් මොකද විජේවීරල මාක්ස්වාදයෙනුත් කොව්වර ඈත් වෙචිච අයද කියල දැනගන්න ඉතාම පොඩ්ඩක් මාක්ස්වාදය දැනගත්තත් ඇති.මම ඔය ස‍හෝදරය (මහත්ත‍යද දන්නෙ නෑ )තරම් කියවල නෑ සමාවෙන්න// මගේ උත්තරේ නැවත ලියනවා කියවල බලන්න හොඳ කන්නාඩි දෙකක් දල. . මෙංන් //මාක්ස් ගේ නියමයන් ඒ තත්වයන් වලදී සාධාරණව ඔප්පු කලාට වෙනස් තත්වයන් වලදී එහෙම නොවෙන්න පුළුවන්. ලෙනින් සමහර දේවල් වෙනස් කලේ ඒ නිසයි. මන් හිතන්නේ විජේවීරත් උත්සහ කලා. නමුත් මහා ජනතාවගෙන් වියුක්ත අරගල සාර්ථක වෙන්නේ නැති මුලික සංකල්පය අමතක කරන්න හොඳ නෑ. // ක්‍රිෂ්ණ නෝනා හෝ මහත්තයෝ -හා ජනතාවගෙන් වියුක්ත අරගල සාර්ථක වෙන්නේ නැති මුලික සංකල්පය අමතක කරන්න හොඳ නෑ.- කියල කිවේ ක ගැන කියලද හිතන්නේ. අනේ guess කරන්නකෝ. මේ උඩින් ලියන ලිපියේ තියෙන්නෙත් විජේවීරගේ ජාතියේ අරගල කරන්න එපා කියල තේරෙන්නේ නැත්ද. මාක්ස් කියවල ඊට පස්සේ අපු ඒවත් කියවන නිසා තමා මිනිස්සු ඕව ලියන්නේ. එතකොට එංගලන්තෙත් නැති නිදහස් ආර්ථිකේ ඇමෙරිකාවේ තියෙන්නේ. දුප්පත් මිනිස්සු කියන්නේ අපතයෝ. උන් දුප්පත් වෙලා තියෙන්නේ පෙර කර්මෙන් වෙන්න ඇති නේද? නැත්නම් උන් කම්මැලි ඇති නේද? වැඩි පඩි ඉල්ලලා මැක්ඩොනල්ඩ් එකේ වැඩ කරන වුන් පෙළපාලි යන්නේ උන්ට දියුණු වෙන්න ඕනේ නැති නිස වෙන්නැති නේද? ඔයාගේ නැඟී වගේ අය එංගලන්තේ ඕන තරම් ඉන්නවා. මේක තමයි සුර පුර්රේ කියාගෙන. මුකුත් හොයන්නේ නැතුව. හැබැයි මෙහෙ තව හොඳයි ඇමෙරිකාවට වැඩිය. නිදහස් සෞක්‍ය සේවාවක් හරි තිබෙනවා. මැරෙන්න යන එකාට රක්ෂණය නැහැ කියල අමානුෂික විධිහට එළවන්නේ නැහැ. අනිතිමට කියන්න තියෙන්නේ මාක්ස් කියල නැහැ හැම පුද්ගලික දේපලක්ම ජනසතු කරනවා කියල. ස්ටාලින් එක කලාට. ප්‍රාග්ධනය හිමි සුරකන ධනපති පන්තියේ අයටයි ඒක වෙන්නේ. නමුත් ඒක ආණ්ඩුවට ගැනීමක් නෙමෙයි ඒකෙන් අදහස් වෙන්නෙත්. කම්මල් කාරයෙකුගේ කම්මලක් කවුරුත් ජනසතු කරන්න යන්නේ නැහැ ඒක පුද්ගලික දේපලක් වුනාට. අනික ජනසතු කරනවා කියල ආණ්ඩුවට භාර දෙන්න කියල මන් කියන්නෙත් නෑ සමගි පෙරමුණ ආණ්ඩුව වගේ. ඒ මාක්ස්වාදය නෙමේ.

  12. ඒ රටවල් තුල ප්‍රාග්ධනය එකතු කර‍ගෙන ඒවා අවධානමකට ලක් කරමින් කළ ආයෝජන නිිසා තමයි ඔයගොල්ලො ඹය පැය දෙක තුනකට ප්‍රංශයට ඉන්න එහෙ ගියේ නැත්තම් ලංකාවෙ ඉන්න එපායැ අනික මම ලිපි ලියද්දි හෝ සංවාද වලට එද්දි කාටවත් ගරහන්නෙ නෑ එහෙම උනානම් සමාවෙන්න.හොඳයි අපි ආයෙත් පටන් ගනිමු මිනිසාගේ සහජය හා මිනිස් ස්වභාවය වඩාත් ළංවෙන්නෙ මාක්ස්වාදී න්‍යයන් තුලින් එන සමාජ ආර්ථික ක්‍රමවේදයකද නොඑසේනම් තරඟකාරි වෙළඳපොළ ආර්ථිකයකටද

Comments are closed.