සාම්ප්‍රදායික හෝ යටත් විජිත නොවන නුතන ධනවාදී සමාජය ගැන ශ්‍රේෂ්ඨම සොයා ගැනීම් දෙක කළ චින්තකයන් දෙදෙනා වන්නේ, කාල් මාක්ස් සහ සිග්මන් ෆ්‍රොයිඩ් ය. අන්හැම දෙයකදීම වගේ, අපේ වාසනාවට හෝ අවාසනාවට හෝ මේ චින්තකයන් දෙදෙනා ගැනම රටේ තිබෙන්නේ, නිශේධනාත්මක ආකල්පය. මේ චින්තකයන් දෙදෙනාම ගැන ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළත් උගන්වන්නේ නැත. පොඩ්ඩක් හරි උගැන්වූවත් ඒ උගන්වන්නේ බොරු ය. උදාහරණයක් ලෙස, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ෆ්‍රොයිඩ් කියන්නේ, ළමා ලිංගිකත්වය ගැන සිතට එන සිතුවිලි කියන්නෙක් ය නැතිනම්, ෆ්‍රොයිඩ් කියන්නේ, පිස්සෙක් ය. අනෙක් පැත්තෙන්, මාක්ස්ටත් සිදු වී තිබෙන්නේ මේ දෙයම ය. මාක්ස් කියන්නේ, ජේවීපී කාරයන් කියන දේවල් පොත්වල ලියපු කෙනෙකි.

    ලංකාවේ ගොඩනැගී ඇති ඓතිහාසික සන්දර්භය ඇතුළේ ලෝකයේ විශිෂ්ටඨතම බුද්ධිමතුන් දෙදෙනාගේ ඉරණම තීරණය වී තිබෙන්නේ, සරලමතිකයන්ගේ ඝෝෂා මතින් ය. විද්‍යාවක් ගොඩනගපු මේ චින්තකයන් ලංකාවේ දී සහමුලින්ම දෘෂ්ටිවාදී කතන්දරකරුවන් බවට පත් වී තිබේ.    මාක්ස්වාදය සහ මනෝ විශ්ලේෂණවාදය ලංකාවේ හණමිටිකාර බුද්ධිමතුන්ගේ බුද්ධිමය අගතීන් සමඟ ගැට ගැසී මේ විද්‍යාවන් දෙකම අද විකාරයක් වී තිබේ. මෙහි කටුක පරාවර්තනය රටේ මධ්‍යම පන්තිය මතට වැටී තිබේ. අතුරු ඵලයක් ලෙස, මධ්‍යම පන්තිකයන්ට ජීවිතය යනුවෙන් “මුදාගත් ප්‍රදේශයක්”  නැති අතර ජීවිතය සහ රංචු අගතීන් එකට පෑහීමෙන් ‘‍පවුලට’ දෘෂ්ටිය නැති අනාථාගාරයක් සාදා තිබේ. 

         මාක්ස් හෝ ෆ්‍රොයිඩ් නොදන්නා ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ ”පුද්ගලිකත්වයෙන් ඓතිහාසික සිදුවීම්” වෙන් කිරීමට නො හැකිය. කවියක් ලියන්න ගියත් දුප්පත්කම, ගම‍, 71 කැරැල්ල, 87- 89 කැරැල්ල නැතිව ඒක ලියන්න බැරි එම නිසා ය.[power struggle]

       ධනවාදී සමාජයක අපි ජීවත් වන විට දී, ඒ සඳහා අපට මානසික මිලක් ගෙවීමට සිදු වෙයි. මන්ද, ඔබ අසාර්ථක වන සෑම තැනකදීම ඔබ ඔබටම දෝෂාරෝපණය කරන ආත්මයක් නිසා ය. බහුතර දෙනා සිතන්නේ, මිනිසෙක් උපදින්නේ මවගේ ගර්භාෂයෙන් කියා ය. නමුත්, සිග්මන් ෆ්‍රොයිඩ්ගේ විග්‍රහයට අනුව මිනිසෙක් උපදින්නේ, ‍‍’ක්ෂතිමය සිදුවීමක්’ මගින් ය. ඔබේ චින්තනයේ, සිතුම්- පැතුම්වල DNA එක නිර්මාණය වෙන්නේ, ඔබගේ මෙම දෙවන උප්පත්තිය නිසා ය. ඔබට ඔබේ ‘ක්ෂතිමය සිදුවීම’ යළි හමු වන්නේ, මනෝවිශ්ලේෂණය තුළ දී පමණි. මාක්ස් සහ   ෆ්‍රොයිඩ්ගේ සමාජ විශ්ලේෂණය තුළ එක් පොදු සාධකයක් තිබේ. එනම්, ඔවුන්ගේ දැනුම පැරණි හෝ සාම්ප්‍රදායික – Traditional – නොවන එකක් වීමයි. ඔවුන්ට තිබෙන්නේ, නූතන දැනුමකි. මේ නුතන දැනුමට – modern epistemology – අනුව, මිනිසා ඒකී ය ජීවියෙක් නොව උභය ජීවියෙකි. [amphibian]මාක්ස් සහ  ෆ්‍රොයිඩ්ගේ විග්‍රහයන්ට අනුව, මිනිසා යන උභයජීවී සත්වයා රජවරුන්ගේ පාලනයෙන් නිදහස් වූවාට පසුව නූතන ධනවාදී ලෝකය තුළ මායාවන් දෙකක පැටලෙයි. මේ මායාවන් දෙක නැතිව අනෙක් පසින් ජීවත් වන ක්‍රමයක් මිනිසා දන්නෙත් නැත. ඒ අගති දෙක මෙලෙස හඳුනා ගනිමු. 

 

A) අතිරික්ත ශ්‍රමය -ශ්‍රමය විකුණන්නේ නැතිව අපිට ජීවත් වීමට නොහැකිය. [Exchange value]

    

B) අතිරික්ත විනෝදය– අපගේ අනෙකා අපගේ වියදමින් එක්කෝ අපට වඩා විනෝද වෙයි, නැතහොත් අපි විදින විනෝදය මදසරු කරයි.[Surplus enjoyment]

“The fundamental superiority of Lacanian doctrine over the multitude of other psychoanalyses on offer, including Freud’s original one, lies in the way it grasps the Other as being structurally internal to subjectivity itself” — Jameson

“ෆ්‍රොයිඩ්ගේ මුල් මනෝවිශ්ලේෂණයන් ඇතුළුව ඉදිරිපත් කර ඇති අනෙකුත් මනෝවිශ්ලේෂණ රාශියකට වඩා ලැකානියානු මූලධර්මයේ මූලික උසස් බව පවතින්නේ එය ව්‍යුහාත්මකව ආත්මීයත්වය තුළම අභ්‍යන්තර වශයෙන් අනෙකා ග්‍රහණය කර ගන්නා ආකාරය තුළය.”

  

       ඉදිරි ධනවාදී වර්ධනය සමඟ මනෝවිශ්ලේෂණය ඉගෙන ගැනීම ජීවිතයේ අංගයක් බවට පත් කර ගැනීම විලාසයක් බවට පත් වෙයි. නමුත්, ෆ්‍රොයිඩ් සහ මාක්ස්ගේ දැනුමේ විශේෂ පොදු සාධකය වන්නේ, ඔවුන් තුවාල කට මැහුම් වලින් මැහීම කරනවා වෙනුවට තුවාල කට වඩා විවෘත කිරීමයි. ඔවුන් විග්‍රහ කරන්නේ, තුවාලය සුව නොකළ යුතු දෙයක් ලෙසිනි. ඔවුන්ගේ දැනුම අපට පෙන්වා දෙන්නේ, මිනිසුන් අතර පෑස්සිය නොහැකි පසමිතුරුභාවයක් – antagonism – තිබෙනවා මිස ඔවුන් අතර නෛසර්ගික සුසංවාදයක් නොමැති බවයි.

සාම්ප්‍රදායික දැනුම් පද්ධතීන් සෑම විටම උත්සාහ කරන්නේ, තුවාලයේ තර්ජනයෙන් ඔබව ආරක්ෂා කිරීමට ය. නමුත්, මිනිස් ජීවිතය යනු, තුවාලයක් මිස යහපත් පැවැත්මක් නොවේ. එය, කීර්තිය, බලය, මුදල්  හඹා යන අතාර්කික මරණීය මෙහෙයුමකි. ස්ත්‍රීය සහ පුරුෂයා එකට සුසංගත වන්නට නියමිත පාරවිලනයක් නොව, ගෙම්බාගේ හිස මත ගමන් කරන ගෝනුස්සෙකි. 

    මිනිසාගේ මානසික සෞඛ්‍යය නොව එහි අන්තය වන මානසික රෝග සම්බන්ධයෙන් ලාංකීය මානසික වෛද්‍යවරුන් දෘෂ්ටිවාදීන්ය. ඔවුන් කෙතරම් දෘෂ්ටිවාදී ද කිවහොත්, ‘අංගොඩ මානසික රෝහල’ අංගොඩ මානසික විද්‍යායතනය ලෙස නම වෙනස් කර ඇත. සෑම මිනිසෙකුම සොබාදහමෙන් එකවර සංස්කෘතියට පනින්නේ නැත. ඒ අතරමැද නවාතැනක් ඇත. එය, උමතුවයි.[Madness] එම නිසා, වඩාත්ම උමතු මිනිසා පවා මිනිසෙක් මිස සතෙක් හෝ සොබාදහම නොවේ. 

  සිග්මන් ෆ්‍රොයිඩ් යනු, ස්නායු වේදයට අදාළ භෞතික චිකිත්සකයෙකි. නමුත්, ඔහුට වියානා හී රෝහල්වල හමු වූයේ, අහේතුකව ශාරීරික වේදනාවකින් පෙළෙන ස්ත්‍රීන් ය. කලක් යන විට, ඔහුට වැටහෙන්නේ, මේ ස්ත්‍රීන්ගේ මානසික පීඩාවට විසඳුමක් නැති නිසා ඒවා ශරීරය වෙතට ඔවුන් සංක්‍රමණය කරන බවයි. ඔහු, මොළයේ නියුරෝප්ලාස්තිකභාවය [Neuroplasticityt is defined as the ability of the nervous system to change its activity in response to intrinsic or extrinsic stimuli by reorganizing its structure, functions, or connections after injuries, such as a stroke or traumatic brain injury (TBI)] සොයාගත් පළමුවැන්නා ය. ෆ්‍රොයිඩ්ගේ නිගමනය වන්නේ, මේ ස්ත්‍රීන්ගේ රෝග නිධානය ඇත්තේ, ශරීරයේ නොව මනසේ බවයි. එම නිසා, එයට ප්‍රතිකාර කළ හැකි සාර්ථකම ක්‍රමය වන්නේ, භාෂාව බව ද ඔහු සොයා ගත්තේය. හිස්ටීරියා රෝගීන් නිසා ඔහු ශරීරයෙන් මනසට මාරු වූ අතර එතැන දී මනසේ ගුප්ත රටාව හැඳින ගන්නා ලදි. පසුව, තම රෝගීන්ගේ සිහින අර්ථකථනය කළ ඔහු අවිඥාණය 1900 දී සොයා ගත්තේය. මෙම කෘතිය 1900 දී ‘Interpretation of Dreams’ නමින් පළ විය. මෙය, මාක්ස්ගේ ‘Capital’ කෘතියට සමාජ තලයේ දී තුල්‍ය කළ හැකිය. මනෝවිශ්ලේෂණය ඉගෙන ගැනීම අභ්‍යන්තරිකවත්, බාහිරවත් දුෂ්කර වැඩකි. එවැනි දෙයකට සමාජ තෙරපුමක් නොමැත. 

Adieu Lacan (Adieu, Lacan), based on the book The Parrot And The Doctor, aka Lacan’s Parrot, and the play Goodbye, Doctor by Betty Milan, who was in analysis with Jacques Lacan in the 1970s in Paris, addresses a number of vital issues that are as relevant today as they were then. “Now she has stopped being against herself” concludes the analyst (David Patrick Kelly, resembling Sam Shepard, Samuel Beckett or John Huston) about Seriema (Ismenia Mendes) when it is time to say adieu Lacan.

At one point in the film the Lacan character tells her “You’re as ashamed of your body as of your origins.” It’s a central point!

+++++++++++++++++++++++++++++++++++++++++

      2002-2004 වර්ෂ දෙක තුළ අපගේ සංවිධානය තුළ මනෝවිශ්ලේෂණය න්‍යායික මට්ටමින් ඉගැන්වීමට අප දරන ලද උත්සාහය ‘ජනතාව’ – people – නම් සමපේක්ෂණ මහාඅනෙකා හරහා විශාල ප්‍රතික්ෂේප කිරීමකට ලක් විය. ගැහැණුන්ට හිස්ටීරියාව ඇතැයි දීප්ති කියනවා යන තැන සිට ලැකාන්ගේ ‘යථ’ වත් හරියට දන්නේ නැත යන සටන් පාඨය දක්වා පරාසයක විරෝධය ප්‍රකාශ විය. මේ සියල්ල සිදු වූයේ, ‘කල්පිත ජනතාවකගේ’ යහපත උදෙසා ය. අනෙක් පසින්, යෝජනාව වූයේ, දීප්ති නම් සංකේත පියාගේ ආධිපත්‍යය විනාශ කිරීමයි. හාස්‍යයක තරම වන්නේ, දශක දෙකකට පසුව ඔවුන් අශ්ලීල පියවරුන් රජ කරන දේශපාලන පක්ෂවල සුවච කීකරු බළලුන් සේ නිහඬව යටත් වී සිටීමයි. 

         මින් ඉදිරියේ දී අප උත්සාහ කරන්නේ, ‘න්‍යායික මනෝවිශ්ලේෂණය’ පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලාංකිකයන්ට ලබා දීමටය. ඒ සඳහා, අවශ්‍ය සියලුම න්‍යායික කෘති අප විසින් අධ්‍යයනය කර අවසාන ය. මනෝවිශ්ලේෂණය ඉගෙන ගැනීමේ දී, ඒ සඳහා විශාල කාලයක් ගතවන බැවින් පවුල් බර සහ ආර්ථික පීඩා වලින් ඔබ නිදහස් නම් වඩා යථාර්ථවාදී ය. අනෙක් අතට, ඔබට ඉංග්‍රීසි භාෂාවෙන් කියවීමට හැකි විය යුතුය. මූලික පාඨමාලාව අවසන් වන විට, සායනික අධ්‍යයන කටයුතු සඳහා ඔබ විදේශ රටකට යා යුතු අතර ඒ සඳහා අවශ්‍ය කරන යුරෝපීය ශිෂ්‍යත්ව ක්‍රමයට ඔබව අපගේ සාමාජිකයෙකු විසින් සම්බන්ධීකරණය කරනු ඇත. නැවත ලංකාවට පැමිණීමෙන් පසුව නිදහස් පුද්ගලයෙකු ලෙස ඔබට වැඩ කළ හැකිය. එමගින්, ඔබට ‘ශ්‍රී ලංකා මනෝවිශ්ලේෂණ සංගමය’ ආරම්භ කළ හැකි අතර පසුව එය විශ්ව-විද්‍යාලයට අනුබද්ධ දෙපාර්තමේන්තුවක් බවට පත් කළ හැකිය.

Samabima.

ඔබේ අදහස කියන්න...