ලෙනින් දුම්රියෙන් පෙත්රෝග්‍රාඩ් වලට පැමිණ , ස්ටාලින් මුල් පින්තුරයේ හිටියේ නැත. මෙය ව්‍යාජ එකකි

පසු ගිය ලිපියක කුඹියො ගැන  කරන ලද සංවාදයක වාමාංශික පක්ෂ ශාක්‍යා හෝල්ඩින්ග් එකේ දුන්න ගේම වගේ දේ සැබෑවට කරන්නේ නැහැ කියල මතයක් ඉදිරිපත් වුනාලු. ඒකට මම දුන්  පිළිතුරත් එතනම තියනවා.

වාමාංශික පක්ෂ විතරක් නෙමේ  සාමාන්‍යයෙන් නූල් අදින්නේ. එක කොම්පැනියක් තමන්ට තරඟයක් දෙන තවත් කොම්පැනියක් තියනවා නම් ඒවාට දෙන ගේම්  ඔයිට වඩා දරුණුයි සමහර විටක. කර්මාන්ත රහස් සොරකම් කිරීම (industrial espionage), අකර්මණ්‍ය  කිරීම් ආදිය බොහෝ විට හැටේ දශකයේ පටන්ම සිදු වුන දේවල්.

මේ කියන්න යන්නේ ලෝක ඉතිහාසය වෙනස් කරපු තවත් ගේමක් ගැන. ජර්මනිය පළමු ලෝක යුද්ධ සමයේ තමන්ගේ රට බේරා ගැනීමට ට ජෙහාන් කෙනෙකුගෙන් උදව් ගත් සැටි. ජර්මන් කයිසර් විල්හෙල්ම් II ගේ ජර්මනිය යුද්ධයෙන්  හොඳටම බැට කාල හිටියේ 1917 වන විට නමුත් පැරදිලා නැහැ. රුසියාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය යුද්ධය අමාරුවෙන් ඇදගෙන යනවා. නමුත් රුසියාව වත් බ්‍රිතාන්‍යය වත් සම්පුර්ණයෙන් වැටිලා හිටියෙත්  නැහැ. ජර්මනිය යුද්ධයට ආවේ ඔස්ට්‍රෝ හංගේරියානු අධිරාජ්‍යයේ සහයට.

ඉතා ප්‍රසිද්ධ වෙස්ටර්න් ෆ්‍රන්ට් හෙවත් බටහිර පෙරමුණේ තමා ප්‍රධාන යුධ ක්‍රියා සිදුවුනේ.  “බටහිර පෙරමුණේ හැම දෙයක්ම නිසලයි” All Quiet on the Western Front කියන ප්‍රසිද්ධ නවකතාව අහල ඇති හුඟක්  අය. එනමින් චිත්‍රපටයකුත් හැදුනා. යුද්ධයේ දරුණු කම සහ යුද්ධයක ජයග්‍රාහකයෙක් නැත යන්න තමා තේමාව.

බටහිර පෙරමුණේ අරාස් වල සිදුවූ  යුද්ධය මින් ප්‍රධාන එකක්. එය සිදුවුනේ 1917 වසරේ අප්‍රේල් 9 සිට 12 දක්වා. ජර්මන් සොල්දාදුවෝ 20,000 සහ කැනේඩියන් සොල්දාදුවන්  10,000 පමණ මියගොස් තිබෙනවා. ව්ලැඩිමීර් ඉලිච් ලෙනින් කියන රුසියානුවා තමන්ගේ බිරිඳ සමග රුසියාවට  යන්න ස්විට්සර්ලන්තයේ සූරිච් වලින් දුම්රියට නගින්නේ එදා, අප්‍රේල් 9 , 1917.

ලෙනින් ගිය පෙට්ටියේ තවත් විප්ලවීය රුසියානුන් හිටියා. පෙට්ටිය ජර්මන් සොල්දාදුවන් විසින් මුර කලා. හේතුව ජර්මනිය හා රුසියාව එකිනෙකා  සමග යුධ කරන සතුරු රටවල් දෙකක් නිසාම නෙමෙයි. විල්හෙල්ම් කයිසර් ගේ අන්තිම තුරුම්පුවත් මේක නිසා.

මේ මාසයේ තමයි ඇමරිකාවත් යුධයට ඇවිත් තිබුණේ. මේ නිසා අනිවාර්යයෙන්ම ජර්මනිය පරදින්න නියමිතයි. රුසියාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, කැනඩාව , ඔස්ට්‍රේලියාව පමණක් නොව ඇමෙරිකාවටත් මුහුණ දෙන්න ජර්මනියට සහ තුර්කිය ඔටෝමන් අධිරාජ්‍යය ට  බැහැ.

ඉතින් කයිසර් ගේ සූදුව තමයි මේ ලෙනින් කියන මාක්ස්වාදී විප්ලව වාදියා රුසියාවේ පිටර්ස්බර්ග් හෙවත් පෙට්‍රොග්‍රාඩ් (පෙබරවාරි විප්ලවයෙන් පසු) නුවරට හොර රහසේ යැවීම. මොකද පිටර්ස්බර්ග් වල ඒ වන විටත් කලබල. වැඩ වර්ජන, පෙළපාලි, ගොවි විරෝධතා, සහ ආණ්ඩුවේ අගමැති  කෙරෙන්ස්කිට හමුදාවේ ජෙනරාල් ලා  වත් ඇමතිවරු වත් පාලනය කර ගන්න ට බැරි වීම.  (මේ වනවිට පෙබරවාරි විප්ලවයෙන් සාර් ගේ ආණ්ඩුව බලයෙන් පහ කරලා රුසියානු සමුහාණ්ඩුවක් පිහිටුවල ඉවරයි. දුර්වල සාර් රජු, දුෂිත ඇමතිවරු,  සිටුවරු  හා ඒ මදිවට හිටි රස්පුටින් එළවලා ඉවරයි.) .

ඉතින්මේ  දුම්රිය මැදිරියේ රුසියානු රාජ්‍යයේ කැරලි ඇති කරන්න ලෙනින්ට දුන් විශාල මුදල් සම්භාරයකුත් තිබුන(ලු). ලෙනින් ගෙන් ජර්මනිය අපේක්ෂා කළේ තව තවත් වර්ජන ආදිය ඇති කරලා, සොල්දාදුවන් කළකිරවල කෙරෙන්ස්කි ගේ  ආණ්ඩුව අස්ථාවර කරන්න.  එතකොට දුර්වල ඒ පැත්ත ජයග්‍රහණය කරලා ඇමෙරිකාවට මුහුණ දෙන්න.

ලෙනින් පිටුවහල් කළ අයෙක් නිසා කොහොමටත් රුසියාවට යන්න  පුළුවන් කමක් තිබ්බේ නැහැ. මුදල් අතිනුත් අමාරුවෙන් හිටියේ. නමුත් රුසියාවේ තිබ්බ තත්වය අනුව ලෙනින් නොයාත් බැහැ. එනිසා ලෙනින් ඩීල් එක ගැහුවා.

ආවට පස්සේ මොකද වුනේ. මේ ටික වොල්කගොනොව් හෙම තමන්ගේ “ලෙනින්” කියන පොතේ මෙන්ම “ට්‍රොට්ස්කි” කියන පොතේත්  රසවත්ව විස්තර කරනවා. මේ දත්ත දැන් ඕන කෙනෙකුට බලන්න පුළුවන්. පූටින් පරණ ලියවිලි ආදිය මුදා හැරලා තියෙන්නේ. ලෙනින් රුසියාවට ඇවිත් අර කියපු විධිහටම වැඩේ කරගෙන ගියා . නමුත් පැමිණ මාස දෙකක් යනකොට ලෙනින්ට තේරුම් යන්න ගත්ත කෙරෙන්ස්කිගේ ප්රොවින්ෂල් ආණ්ඩුව දුර්වල බව. ඔහු ට්‍රොට්ස්කිට කිව්වා බෝල්ෂෙවික් පක්ෂය සෑහෙන්න විනය ගරුක එකක්. ඕන නියෝගයක් පිලි පදින්න පුළුවන් විධිහට කාඩර්  වරු හදල තියෙන්නේ. විප්ලවයක් කරල කෙරෙන්ස්කි ආණ්ඩුව පහ කරලා බලය ගමු කියල.

ඕකට ට්‍රොට්ස්කි මුලදී අකමැති වුනත් ලෙනින් ගේ පැහැදිලි කිරීම් හමුවේ ඔහු එකඟ වුණා. කොමියුනිස්ට් වාදී රජයක් හදල නිර්ධන  පන්ති ආඥා දායකත්වයක්  පිහිටුවනවා කියල ලෙනින් කිව්වේ ඔහුගේ බෝල්ෂෙවික් පක්ෂයට පාලනය භාර අරගෙන ඒකාධිපති පාලනයක් ගෙන යන එකට. නිර්ධන පන්ති ආඥා දායකත්වය (dictatorship) කියල කිව්වේ ඒකට. කොටින්ම පෙබරවාරි මාසයේ සිට තිබ්බ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අහෝසි වෙනවා. ට්‍රොට්ස්කි මේකට එකඟ වුණා. එනිසා අන්තිමට වුනේ ජර්මනිය වත් හිතුවේ නැති දෙයක්.

හැබැයි ලෙනින් ජර්මනිය අමතක කලේ නැහැ. ට්‍රොට්ස්කි යවල බ්‍රෙස්ට්-ලිතොව්ස්කි සාම ගිවිසුම 1918 මාර්තු 3 වනදා  අත්සන් කලා . ළඳරු සෝවියට් ආණ්ඩුව එක පසෙකත් ජර්මනිය, ඔස්ට්රෝ හංගේරියාව, බල්ගේරියාව, තුර්කිය   එක පසෙකත්.  මෙහිදී ලිත්වා, ලැට්වියා , ලිතුවේනියා කියන රටවල් ජර්මනියට දෙන්න වුණා. යුක්‍රේනය ට නිදහස දෙන්න  වුණා. තුර්කියට කෑල්ලක් ගියා.  මේ නිසා සමහර රුසියානුන් ලෙනින් ව සලකන්නේ දේශ ද්‍රෝහියෙක් හැටියට.  පුටින් අර කිව්වේ ලෙනින් රුසියාව යට බෝම්බයක් තැන්පත් කරලා බිඳලා දැම්ම කියල. ඒ මේකට.

නමුත් ඔහු සෝවියට් රාජ්‍යය ඉන් පස්සේ ගොඩ නැගුවා. (යුක්‍රේනය 1922 දී නැවතත් දීර්ඝ සිවිල් යුද්ධයකින් පස්සේ  සෝවියට් දේශය යටතට ආව)

ජර්මනිය පළමු ලෝක යුද්ධයෙන් පරාජය වුණා 1918 දෙසැම්බරයේ දී.  අර ගිවිසුම අහෝසි වුණා. නමුත් සෝවියට් දේශයට හෝ රුසියාවට ට අහිමිවූ රටවල් නැවත ලැබුනේ නැහැ.

ජෙහාන් ලෙනින්  ගේ හොඳම ගෝලයා ජෙහාන් ස්ටාලින්, ලෙනින් වෙඩි වැදිලා පස්සේ හෘදයාබාධයක් හැදිලා  අසනීප වෙච්ච ගමන් නිවාස අඩස්සියට දැම්ම බිරිඳ නදෙෂ්දා  එක්ක.  ඒ කියන්නේ කෙලින්ම නෙමේ. වක්‍රව කාටවත් වැඩිය හමුවෙන්න යන්න නොදී. ට්‍රොට්ස්කි එළවලා  පොලිටි බියුරෝ එකේ භාගෙකටත් වැඩිය මැරුව.

හැබැයි මේ සෝවියට් දේශයම, මේ ස්ටාලින් ගේම  නායකත්වය යටතේ දෙවන  ලෝක යුද්ධයේ දී හිට්ලර් ගේ ජර්මනිය පරදවන්න ලොකු කාර්යභාරයක් කලා. අර පළමු ගිවිසුමින්  නැතිවුණු රටවල් සියල්ල 1945 වෙන කොට නැවත අල්ල ගත්ත පමණක් නොවේ. ජර්මනියේ දේශ සීමාව දක්වා වන රටවල් සමාජවාදී පාලනයකට යටත් වුණා.

ජෙහාන් ල පාවිච්චි  කරන එක බොහොම පරිස්සමින් කරන්න  ඕන වැඩක්.

ලෙනින් ගේ දුම්රිය ගමන

පුටින් ගේ බෝම්බ  කතාව 

  ඔය උඩ පින්තූරය එඩිට් කරපු එකක්. ස්ටාලින් විසින්.

Ajith Dharmakeerthi

……./////////////////////////………………..////////////////

Lenin and his local ideas

මෙම ලිපියෙහි අරමුණ “සංකේතීය පියා ගොඩනැගීමේ”[Lenin] දේශපාලන ව්‍යාපෘථිය මනෝ විශ්ලේෂණය ආශ්‍රයෙන් විග්‍රහ කිරීමයි.

ශ්‍රී ලංකාව තුළ “සංකේතීය පියා” පිළිබඳ සංවාදය ආරම්භ කරනු ලබන්නේ 2002 ජූනි-ජූලි ලන්ඩන් කලාපයට Zizek යන ලේඛකයා විසින් ලියන ලද “පියාගේ භූමිකාව ගැන නැවත සිතා බැලීමක්” යන ලිපියෙනි. මින් පසුව ඉතා වේගයෙන් වර්ධනය වූ මෙම සංවාදය විශාල වශයෙන් zizek සාහිත්‍ය තුළත්, ඉන් පසුව එම සාහිත්‍ය ආශ්‍රයෙන් පුවත්පත් හා සඟරා තුළ පල කරන ලද වෙනත් ලිපි තුළත් දැකිය හැකිය. මෙම සංවාදයෙහි මූලික පාර්ශ්වකරු වන්නේ Zizek බැවින් සංකේතීය පියා පිළිබඳව ශ්‍රී ලංකාව තුළ මතු වූ සංවාදය zizekගේ අදහස් පදනම් කරගෙන විග්‍රහ කරමු. උක්ත කතුවරයා ඇතුළු zizek විසින් රැගෙන එන ලද සංවාදයේ මූලික කරුණු කිහිපයක් වෙත අප මුලින්ම හැරෙමු:

1) සංකේතීය පියා පිළිබඳව zizek  නිර්වචනය:
“නූතන සමාජයේ මහ අනෙකා බලවත් යන්නෙන් අදහස් වන්නේ එම සමාජය තුළ පියාගේ භූමිකාව ප්‍රබලය යන්නයි. යම් බලාධිකාරයක් දරනවා යන්නයි. මෙයින් අදහස් කරන්නේ ලංකාවේ අය හිතනවා වගේ පියා ශරීරයෙන් ශක්තිමත් හෝ තමන්ට කැමති ඕනෑම දෙයක් කරන්නට පුළුවන් වැනි අදහසක් නොවන බව අප වටහා ගත යුතුය. මෙතන අදහස් වන්නේ පියා මානසික වශයෙන් බලවත් කියන එකයි. එනම් පියාගේ මානසික ලෝකය ඉතා පුළුල්ය කියන එකයි … ඒක කරන්න පුළුවන් වෙන්නේ නූතන සමාජයේ මානසික පියෙක් සිටි නිසයි. යම් කිසි සමාජයක පියා මානසිකව පුළුල් ශක්තිමත් බලයක් දරන්නේ නැත්නම් එම සමාජයේ මිනිසුන් අනන්‍යතා අර්බුදයකට ගොදුරු වෙනවා. ඒ සමාජයේ දියුණු පුද්ගලිකත්වයක් සහිත මිනිසුන් බිහිවන්නේ නෑ.”

2) සමාජය තුළ සංකේත පියා විනාශ වීම:
2-1 “සංකේත පියා – එනම් භාෂාවේ හා සංස්කෘතියේ පිළිවෙල – නිකම්ම මිනිසුන් විසින් සමාජයීයව ප්‍රචලිත කරනු ලබන අදහස් මත පමණක් රඳා නොපවතියි. එම අදහස් ඓයින්ද්‍රීයව දරාගත් ශරීර, එනම් සමාජ ආයතන, ශික්ෂණ ව්‍යාපාර, සමාජ පරමාදර්ශ යනාදිය නොමැතිව යථාර්ථයට පැවතිය නොහැකිය. සංකේතීය පියාගේ මෙම භෞතික රූපකාය ඒ අනුව සමාජීයව නිෂ්පාදනය කරන ලද්දකි… යුරෝපයට අදාලව ගතහොත් අද අප හඳුනා ගන්නා යථාර්ථයෙන් සංකේතීය පියා ගොඩනැගුනේ කාර්මික නිෂ්පාදනය සමාජීයව සංවිධානය කිරීම මගින්ය.”

2-2 “අද මාධ්‍ය විසින් කරනු ලබන්නේ, මිනිසාට හුස්ම ගැනීමට ඉඩ දෙන මෙම සංකේතීය අවකාශය විනාශ කිරීමයි. නූතන මාධ්‍ය මිනිස් ශිෂ්ඨාචාරයේ ප්‍රධානතම සතුරා බව අප මතක තබා ගත යුතුය. 80 දශකයේ විවෘත ආර්ථිකයත් සමඟ නගර වලට රිංගාගත් ග්‍රාමීය මැට්ටන් හා පාරවල් අයිනේ ගංජා ගැසූ ලක්ෂපති වැනි නාගරික ලුම්පනුන් වැනි අය විනාශ කරමින් සිටින්නේ ඉංග්‍රීසි පියා විසින් අමාරුවෙන් ශික්ෂණය කර ගොඩනගා ගිය අපගේ සංකේත විශ්වයය.”

2-3 “තවද, ඉහත නීතිය හා සංස්කෘතික පිළිවෙල ප්‍රධාන වශයෙන්ම කාර්මික නගරවල නිදහස් සමාජ පංතීන් විසින් නායකත්වය දී ගොඩනගන ලද්දකි… කෙසේ වුවද මෙහි අදහස නම්, මෙම සංකේත පිළිවෙල යථාර්ථයක් වන්නේ එය හුදෙක් අදහස් තුළ ප්‍රකාශයට පත් වන නිසා නොවේ. එම යථාර්ථය දරාගත් භෞතික ශරීර ලෙස නූතන නාගරික දේශපාලන ව්‍යාපාර, ආයතන, ශික්ෂණයන් යනාදිය තහවුරු වීම නිසාය. යුරෝපීයයන් තම ජීවන පරමාදර්ශය නගරය තුළ දකින්නේ සහ එයට ගරු කර්න්නේ නිෂ්පාදනය (දේශපාලන ක්‍රියාව) මගින් භෞතිකව නගරය විසින් ගම පරාජය කිරීම නිසාය.”

2-4 “යුරෝපයට අදාලව ගතහොත් ඉහත පරිවර්තනය (කාර්මීකරණය නිසා ඉහත සංකේතීය පිළිවෙල ගොඩනැගීම) ලංකාවේ සිදු වී නැත‍. . . නමුත් ඉංග්‍රීසි යටත්විජිත පාලනය යටතේදී යුරෝපීය නූතනවාදී යථාර්ථය කැඩපත කරගත් රාජ්‍ය ආයතන ලංකාවේදී ස්ථාපිත කෙරිනි… ලංකාවේ නූතන පාර්ලිමේන්තුව, සර්වජන ඡන්දය, රාජ්‍ය පරිපාලනය, පොලීසිය, පාසැල් සහ පොදු සුභසාධන ආයතන, කලාව, ජාතිය, කොළඹ කේන්ද්‍රීය බුද්ධාගම, නීතිය සහ පොලීසිය යනාදී සියල්ලම යටත්විජිත පාලනයේ නිර්මිතයන් ය. මෙම සමාජ – දේශපාලන පිළිවෙල දරාගෙන සිටි භෞතික ශරීරය අන් කිසිවක් නොව බ්‍රිතාන්‍යයේ නූතනවාදී දේශපාලනයයි.”

3) ලංකාවේ සංකේතීය පියා නැති බැවින් සිටින්නේ දෙබිඩි මිනිසුන්ය:
(මෙම කරුණ සාධනය කරන zizek ලියවීම් ඉතා බහුලය. එපමණකුදු නොව මේවා විවිධ ස්වරූපයන්ගෙන් පෙනී සිටියි. අප මෙහිදී කරන්නේ ඉන් කිහිපයක් උපුටා දැක්වීම පමණි.)

3-1) ඒත් ධම්මගෙන් ප්‍රශ්න අහන්න යන්න එපා. අපිත් එක්ක හිටපු ධම්ම දැන් ඉන්නේ අපේ මානසික ලෝකයේ මිසක් කඩවත ඉඳන් කොළඹ විශ්ව විද්‍යාලයට එන ශරීරය ඇතුළෙ නෙවෙයි. කැමති නම් ප්‍රශ්න අහන්න. එතකොට ඒ ශරීරය තුළින් බට්ටි උත්තර දෙයි. කාරෙක උත්තර දෙයි.

3-2 zizekට තැන් තැන්වල සෙට්වෙලා බනින කට්ටිය ගොඩක් ඉන්නවා. .. මේ ගොල්ලෝ එකට එක් වෙලා මොන මොන දේ කථා කළත් මේ ගොල්ලෝ එකිනෙකාට නොකියන දෙයක් තියනවා. ඒක තමයි “අරුන් මගේ නියම තැන දන්නවා” කියන එක … අපිට පුළුවන් වෙලා තියනවා අනිත් අය තුළ අපි ගැන මේ වගේ අදහසක් ඇති කරවන්න. .. ලාංකිකයාගේ සැඟවුණු මනස සෙවීමේ ක්‍රමවිද්‍යාව හැමෝටම කියලා දෙන්න ඕනි කියලා අපි තීරණයකට ආවා… ලාංකීයත්වය මනෝ විශ්ලේෂණාත්මකව හිස්ටරිකයි. සමාජ විද්‍යාත්මකව පාදඩයි.
(මෙම ලිපියේ ඉතා සිත් ගන්නාසුළු කොටසක් නම්, මෙහි ‘ස්වාමියා’ සහ ‘කැප කිරීම’ පිළිබඳව ගෙනෙන අදහසයි. සත්‍යය ඇත්තේ පිටත, සැමටම පෙනෙන ලෙස යයි ලැකාන් පවසන විට ඔහු කෙතරම් නිවැරදිද?)

 

4) ස්ත්‍රිය සහ සංකේත පියා:

4-1 “සංකේත පියෙකු නිර්මාණය කිරීමට තරම් නිෂ්පාදන ආර්ථිකයක් නොමැති හේතුවෙන් ලාංකික පිරිමියාට ගැහැණිය වෙනුවෙන් වෙස් මුහුණක් නිර්මාණය කිරීමට නොහැකි වීම හා ඒ පොළොව තුළ රොහානියානු කථිකාව අධිනිෂ්වය වීම.”

4-2 ඒ වගේම “ස්ත්‍රිත්වය යනු වෙස් මුහුණක්”, යන ප්‍රවාදයත් “ස්ත්‍රිය යනු පුරුෂයාගේ රෝග ලක්ෂණයක්” යන ප්‍රවාදයත් මෙතනදී අපට වැදගත්. වේෂනිරූපණයත්, දුකත් පීතෲ භූමිකාවේ ගැටළු සහගත පරාවර්තනයත් බව අප සාඛච්ඡා කළා. එවන්නෙකුට ස්ත්‍රියකට වෙස් මුහුණක් තනා දෙන්නට සමත්වන සංකේතීය ඛණ්ඩාංකයක් නොමැති වීම අනිවාර්යතාවයක්‍. මෙහි ප්‍රතිඵලය තමයි ස්ත්‍රිය හිස්ටෙරික විශ්වයයක් තුළට ගමන් කිරීම. හිස්ටෙරිකයෙකු අනිකෙකු තුළින් ඉල්ලා සිටින්නේ පරිපූර්ණ පිරිමියාය. හිස්ටෙරිකයෙකුගේ අතෘප්තිමත් ප්‍රශ්න කිරීම ඉදිරියේ පරිපූර්ණ පුරුෂත්වයක් අත් කර ගැනීමට නම් අයෙකුට විශාල සංකේත විශ්වයක් තිබිය යුතුය. හිස්ටෙරිකයා වෙනුවෙන් වන පරිපූර්ණ පිරිමියා සඳහා වඩාත් උචිත වන්නේ පූර්වජ පියාය.

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. විශ්ලේෂණයට ස්තූතියි. ලෙනින් එවැන්නක් කලේ නම් එය කලේ තමන්ගේ පවුල් සංස්ථාව ගොඩ නැංවීමට හෝ ජිවත් වෙන්න වෙන කරන්න දෙයක් නොමැති තත්වයක් තුඅල නෙමෙයි. අවුරුදු ගණනක අප්‍රතිහත කැපවීම තුලින් ලැබුණු අවස්ථව ප්‍රයෝජනයට ගෙන සමාජවාදී රටක් පිලිබඳ ඔහුගේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමක්. මේ ලිපිය කියවන ඇතැම් මාක්ස්වාදීන් වටහා ගන්නේ එය ලෙනින්ට පහරදීමක් හෝ විවේචනයක් හැටියට. එහෙම නැත්නම් ලෙනින් ජෙහාන් නමැති චරිතයකට සමාන කිරීමක් ලෙස. විනයගරුක පක්ෂයක් සෑදීම හා ඔවුන් තමන් සත්‍ය ලෙස හඳුනාගත් මතවාදයෙන් පෝෂණය කරීම තමයි ලෙනින් ගේ ලොකුම ගේම් එක. ජර්මනිය සමග ගහපු ගිවිසුම තමයි ඉනිමග. නැත්නම් කෙරෙන්ස්කි රජයේ වල කැපූ උදැල්ල.
    ත්‍රිමාණ සඟරාවට ස්තූතියි. පසුගිය අවුරුදු ගණනාවක දීප්ති, මහේෂ්, සමන් ආදීන්ගේ ලිපි මගින් බොහෝ දේ දැන ගත්ත. සමහර දේවල් ඉගෙන ගත්ත. ඒක මම ඕනෑම තැනක කියනවා.

  2. ලංකාවේ සංකේතීය පියා නැති බැවින් සිටින්නේ දෙබිඩි මිනිසුන්ය:
    මෙය තේරුම් ගන්නේ කෙසේද?
    http://www.independent.co.uk/voices/russian-revolution-100-lenin-bolshevik-capitalism-marxism-communists-soviets-a8040136.html
    Perhaps the key achievement of Lenin was that he silently dropped the orthodox Marxist notion of revolution as a necessary step in historical progress. Instead he followed Louis Antoine Saint-Just’s insight that a revolutionary is like a seaman navigating in uncharted territories.
    This was Lenin’s answer to the big problem of western Marxism: how is it that the working class does not constitute itself as a revolutionary agent? Western Marxism, at the time, was in a constant search for other social agents who could play the role of the revolutionary agent, as the understudy replacing the indisposed working class: third-world peasants, students and intellectuals; and the excluded … up to the refugees hailed today by some desperate leftists as “nomadic proletarians”.

  3. ඔබ පවසන්නේ symbolic father යන අදහසද නැත්නම් name -of-the father යන්නද?
    http://www.lacan.com/essays/?page_id=393
    The exclusion of the fundamental signifier, the Name-of-the-Father, does not constitute a repression in the sense that the exclusion, the zero reduction of the Name-of-the-Father effected by foreclosure, is not homogeneous in relation to the exclusion brought about by repression. We should then consider two sorts of exclusions that are structurally different. There exists a profound difference between exclusion of the Name-of-the-Father from the unconscious of the subject and the exclusion of the repressed from the consciousness of the subject. Whereas in the latter what is excluded—the repressed—could cause a process of re-appropriation by the subject (it is what Freud defines as the purpose of the analytic treatment of neurosis), in the case of psychotic foreclosure exclusion prevents any possibility of subjective re-appropriation. In other words, what is at stake is totally inert and irreversible exclusion.

    The first is a dialectical exclusion—what is excluded belongs to the essence of the subject—the second one is an exclusion devoid of dialectics—what is excluded does not belong to the subject because it has never been inscribed in it. This different status of exclusion in foreclosure and in repression also explains the diverse modalities of what is excluded. In repression what is excluded returns in the symbolic formations of the unconscious (dreams, symptoms, parapraxis, lapses…). In foreclosure there is no return of the excluded as symbolic formations, in foreclosure the excluded returns in the real. Whereas the symptom holds vis-à-vis the subject a status of extimacy (extimité), of ­interior-­exterior or “foreign internal territory” as Freud noted, the elementary phenomena of psychosis (hallucination, delirium) get control of the subject by coming from the outside.

  4. symbolic father: Lacan starts out from the threshold of history when the imago of the father appears who is bound up with the pacifying function of the ego ideal.[2] Coming as he does on the threshold of history, this must be the symbolic Father. Lacan thinks that it’s the reason in the contemporary family as an institution that the Oedipus can only appear in patriarchal form.[3] The one who does not accept castration, namely the primal father, triggers the formation of the set whose members do accept it.[4]
    http://www.lacanian-forum.org.uk/tag/symbolic-father/
    ඔබ පවසන්නේ මේ ගැන කියා මගේ වටහා ගැනීම නිවැරදිද?

Comments are closed.