LTTEය හේගල් විසින් ප්‍රචලිත කළ දයලෙක්තික ක්‍රමය ගැන දැඩි අවබෝධයකට නොයෑම 2009 වර්ෂයේ ඔවුන්ගේ පරාජයට බලපෑ ආකාරය අපි විශ්ලේෂණය කරමු.
Tet ප්‍රහාර යනු වියට්නාම් ජාතික විමුක්ති අරගලකරැවන් දකුණු වියට්නාම් රාජ්‍යය සුණු විසුණු කිරීම සදහා එකවර කරන ලද ප්‍රහාර මාලාවයි. එහිදී වියට්නාම් රාජ්‍යය සදහා එක්සත් ජනපද රාජ්‍යයද, වියට්නාම් සිවිල් නිලධාරීන්ද අයත් විය.
 
ප්‍රහාරයේ අරමුණ 1968 වන විට වියට්නාම් යුද්ධය කිසිවෙකුට ජය -පරාජයක් අත්පත් නොකර එකතැන පල්වී මරපුඩුවක හිරවී පැවතියේය. වියට්කොං ජාතික විමුක්ති අරගලකරැවන් සතුව පැවති චින්තනයේ සුවිශේෂ කොටසක් වූයේ චීනය හරහා වියට්නාමයට පැමිණි හේගලියානු දයලෙක්තිකයයි. මේ ඓතිහාසික තත්ත්වය තුළ එකතැන පල්වෙන යුද්ධයට නව සකේත යථාර්තයක් හිමි කිරීමට වියට්නාම් ගරිල්ලා නායකයන් තීරණය කරන ලදී. පක්ෂ නායකයකු වන ජෙනරාල් වොන්තායි එක්තරා උපක්‍රමයක් මෙම මංසන්ධියේදී තෝරන ලදී. ඔහුගේ ප්‍රහාර චින්තනය සකස් වූයේ පහත පරාමිතීන් දෙකෙනි.
 
1. සටන දිනුවොත් එහි ජයග්‍රහණය මහජනතාවට.
2. සටන පැරදුනොත් පරාජය වන්නේ පක්ෂයේ සටන්කාමීන් = පරාජය = පක්ෂයේ පරාජය.
 
ප්‍රහාරයේ ප්‍රධාන අරමුණ වූයේ යුද්ධයේ ‘තීවෘතාවය’ උත්සන්න කිරීමට සතුරාට ඉඩ නොදී තමන් විසින් එය කිරීමයි. ඒ අනුව 1968 වර්ෂයේ ජනවාරි මස අග නිවාඩු දිනයකදී දකුණු වියට්නාමයේ නගර 40 කට පමණ එකවර ප්‍රහාර එල්ල කරන ලදී. ප්‍රහාරය සදහා පක්ෂයේ ඉතාම හොද සටන්කාමීන් 35000ක් පමණ යොදා ගන්නා ලදී. ප්‍රහාරය මාස දෙකක් පමණ දියත් වූ අතර සටනින් පක්ෂය පරාජය විය. නමුත් සටන නිසා ඇමරිකානු ජනමාධ්‍ය හරහා යුද්ධයේ මිලේච්ඡත්වය ඇමරිකානු මහජනයා වෙතට සංක්‍රමණය විය. ඉන් පසු ඇමරිකාවේ යුද- විරෝධය උච්ච වූ අතර එමගින් ඇමරිකානු දේශපාලනය මගින් එහි මිලිටරි මැෂිම පරාජය කරන ලදී.
 
අවසානයේ ටෙට් ප්‍රහාර සම්බන්ධීකරණය කළ ජෙනරාල් ගියැප් පසු කලෙක මෙසේ කීවේය. ‘අපි පක්ෂය තුළ ඒ  වන විට පරාජය වෙලා හිටියේ. නමුත් ඇමරිකාව එකවරම  යුද්ධයේ තීවෘතාවය අඩු කරා. ඒක අපේ පැත්තෙන් ප්‍රාතිහාර්යයක්.
 
ඒ අනුව හේගල්ගේ දයලෙක්තිකය සදහා අලුත් අර්ථකතනයක් දිය හැක.
 
1.වියට්කොං උපක්‍රමය විසින් ඔවුන්ව ජයග්‍රහණය කරා යොමු කළේ නැත.
2.ටෙට් ප්‍රහාර පරාජය කළ ඇමරිකානු හමුදාව ජයග්‍රහණය කළේද නැත.
Vietcong 2
 
සිදුවූයේ ‘පක්ෂයට විනාශය අත්කර සතුරාට පහර දිමයි. එමගින් සතුරා අන්දමන්ද වී පක්ෂයට හිතකර සමපේක්ෂණයක් බිහි විය. එබැවින් දයලෙක්තිකය යනු පක්ෂය සහ සතුරා ගැටී නිශේධනීය අංග හලා සාධනීය අංග සංස්ලේෂණය කොට’යුද්ධය’ සමතික්‍රමණය කිරීම නොවේ. සිදු වූයේ යුද්ධය හරහා පක්ෂයට යමක් අඩු වීමයි. පක්ෂයට හොදම කාඩර්වරැ අහිමි විය. එම අහිමිවීම මගින් පක්ෂය 1975දී ජයමාවතට අවතීර්ණ විය.
 
LTTEය නොදැන සිටියේ හේගල්වය. ලෝකය වෙනස් කිරීමට වඩා 21 වැනි සියවසේදී වඩා වැදගත් වන්නේ එය අර්ථකතනය කිරීමයි. ජෙනරාල් ගියැප් යනු ගේම්කාරයෙක්ද? තීන්දුව ඔබ සතුය.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.