ශ්‍රී ලංකාවේ කොළඹ කේන්ද්‍රීය බුද්ධිමය කව තුළ ජාක් ඩෙරීඩා පිළිබඳ න්‍යායික සංවාදයට දශක දෙකයි දශම පහක පමණ කාලයක් ගත වී ඇත. ශ්‍රී ලංකාව තුළ පළමුව ඩෙරීඩා පිළිබඳ සංවාද තලයක් ආරම්භ වූයේ, 1990 වසරේ දී සාමයික කේන්ද්‍රය ආශ්‍රිතව පැවති ‘යාත්‍රා’ සඟරාව පැවති වැල්ලවත්ත රෙදි මෝල අසළ පැවති කාර්යාලයේදී ය. එම කාර්යාලයට ඩෙරීඩාගේ නම මුලින්ම රැගෙන ආවේ නිහාල් පීරිස් විසිනි. ඒ අනුව, ඩෙරීඩා පිළිබඳ ප්‍රථම අදහස් නිල වශයෙන් ලිඛිතව පළ වූයේ ‘යාත්‍රා’ සගරාවේ වන අතර ඉන්පසුව, එම අදහස් නිහාල්ගේ ‘අමරදේවලා, නන්දා මාලිනීලා, රූකාන්තලා සහ අපි’ නම් කෘතියේ පළ විය. මෙහි, සුවිශේෂයක් ඇත. ලංකාවේ ඩෙරීඩාගේ නම මුලින්ම පළ වූයේ, සිංහල භාෂාවෙන් වන අතර ඉංග්‍රීසියෙන් ඩෙරීඩා පිළිබඳව සඳහන් වන්නේ, මීට වසර 5 කට පමණ පසුව ය. නිදහස ලැබීමෙන් පසුව බටහිර චින්තකයෙක්ව පළමුව සිංහලෙන් පළ වූයේ, මෙම අවස්ථාවේදී ය. 80 දශකයේ මැද දී නව-මාක්ස්වාදය පිළිබඳව විජේවීරවාදය අන්දමන්ද කරන ලද ලිපි ලියූ දයාන් ජයතිලකගේ දේශපාලන සාහිත්‍යය තුළ දී පවා මෙම නව ප්‍රංශ දාර්ශනිකයන්ගේ නම් ඇතුළත් නො විණි. මෙම ‘නම්’ පිටුපස ඇති ඉතිහාසය යනු, පුද්ගලානුබද්ධ ආරෝපණයක් නොව නව-දේශපාලන තර්කනයක ආරම්භයකි.
‘යාත්‍රා’ සඟරාවෙන් ඉවත් වී ඩෙරීඩා පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරන විට දී නිහාල්ගෙන් මට දැනගන්නට ලැබුණේ, ඩෙරීඩා පිළිබඳ සංවාදය ඔවුන් වෙතට රැගෙන ආවේ රොහාන් පෙරේරා බවයි. රොහාන් පෙරේරාට ඩෙරීඩා මුණ ගැසුණේ කෙසේ ද යන්න පිළිබඳව සඳහනක් ඔහු සඳහන් කර නැති නිසා ඒ පිළිබඳව අන්තර්වියමන්භාවය – inter- texuality – අපට සලකුණු කළ නො හැකිය. නමුත්, ඔහු එකල දේශපාලනය කළ මහනුවර කම්කරු-ගොවි ආයතනයේ නිව්ටන් ගුණසිංහ මිචෙල් ෆූකෝ පිළිබඳව සටහනක් ‘56 විපර්යාසය’ ලිපිය තුළ සඳහන් කර ඇත. එම නිසා, සිංහල සමාජය තුළ ඩෙරීඩාට පියෙකු නැත. [Symbolic Crisis] එබැවින්, ඩෙරීඩාට අදාළව සිංහල සමාජය නිරූපණය වන්නේ, ප්‍රහේලිකාවක් වූ මවගේ ආශාවක් හැටියට ය.
ඩෙරීඩා පිළිබඳව විධිමත් දෙවන අධ්‍යයනයන් මම පටන් ගන්නේ, මතක තරමින් 1995 වැනි වසරක අර්ජුන පරාක්‍රම සමඟින් ය. ඔහු ළඟ ‘Of Grammatology’, ‘Limited Inc’, ‘Positions’ වැනි මුල් කෘති පැවති අතර ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය සඳහා ඒවා යොදාගෙන තිබුණි. ඩෙරීඩාව අර්ජුන හදාරා තිබුණේ, දාර්ශනිකයෙකු ලෙස නොව වාග් විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකිනි. ඔහුගේ පශ්චාත්-උපාධි නිබන්ධනයට අදාළ උප මාතෘකාව වූයේ, භාෂාව පිළිබඳ පශ්චාත්-ව්‍යුහවාදී විශ්ලේෂණයක් යන්න ය. ඔහු භාෂාවේ පවතින අධිපති තර්කනය සහ පුරුෂෝත්තමවාදය පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය. උදාහරණයක් ලෙස, ඔහු මහාචාර්ය ගම්ලත්ගේ ‘සීගිරි කාව්‍ය සේවනයට’ අදාළව කරන ලද රසවින්දන ආකෘතියේ පුරුෂ-මූලික උප පරමාණුක ව්‍යුහය මැනවින් විසංයෝජනය කරන ලදී. ඊට අමතරව, අර්ජුන සිංහල වියමන්වල සිංහල උත්තමභාවය ද රැඩිකල් ලෙස ප්‍රශ්න කරන ලදී. මින් අදහස් වන්නේ, අර්ජුන විසින් ස්ත්‍රීවාදී සහ විශ්ව සාධාරණ නීති ඔස්සේ සිංහල භාෂාව සහ එහි කතුවරුන් විශ්ලේෂණය කළ බවයි. 97 වැනි කාලයක් එන විට දී ඔහු සහ මා අතර විරසකයක් හට ගන්නා ලදී. ඒ සඳහා මූලික වූයේ, පශ්චාත්-නූතනවාදය අරබයා අප අතර පැවති පසමිතුරුභාවය යි. ඔහු, එය යුරෝපීය නූතනත්වය සහ යටත්විජිතභාවය සමඟ බද්ධ කළ අතර මා එය ධනවාදය සමඟ සංකලනය කරන ලදී. ඒ මැද ලංකාවේ විජේවීරවාදය මැදිහත් වූ අතර වම්මුන් තමන්ගේ ගැලවුම්කාරයා ලෙස අර්ජුනව භෞතීෂ්ම කළ අතර ඉන් අර්ජුනගේ විචාර බුද්ධිය තනුක විය. මින් අදහස් වන්නේ, ඔහු පිළිබඳ මගේ අර්ථකථනය යි.
ඉන්පසුව කරළියට ආවේ, නලින් සුවාරිස් ය. මේ ගැන මම මීට පෙරත් ලියා ඇති නිසා මෙහි දී කෙටි සාරාංශගත කිරීමක් පමණක් කරමි. නලින් සුවාරිස් මට හමු වූයේ, එවකට කොළඹ බිෂොප්වරයෙකු වූ කෙනත් ප්‍රනාන්දු පියතුමාගේ නිල නිවසේ දී ය. මතක තරමින්, 89 අවසන් කාලයේදී ය. පියතුමා එවකට 89යේ සමහර සැකකරුවන්ව ස්විස්ටර්ලන්තයට පටවමින් සිටියේ ය. නෙදර්ලන්තයේ සිට පැමිණි සුවාරිස් මට හඳුන්වා දුන්නේ, මාර්ෂල් ප්‍රනාන්දු මහතා ය. බුද්ධිය පිළිබඳව මිස මිනිස් සබඳතා සහ සමාජ සබඳතා පිළිබඳව බොළඳයෙකු වූ මා ඒ දක්වා ලංකාවේ පැවති අලුත් බුද්ධිමය නිර්මිතය පිළිබඳව හෑල්ල ඔහු ඉදිරියේ දිග හරින ලදී. ඔහු, නව චින්තකයන් කිසිවෙකු පිළිබඳව එවකට දැන සිටියේ නැත. මේ කාලයේ දී, මම නිර්මාල් රංජිත් යනුවෙන් කෙනෙකු පුද්ගලිකව හඳුනන්නේ නැත. මෙම කරුණ පසුව වැදගත් ය. උපායශීලී මිනිසෙකු වූ නලින් සුවාරිස් නිවාඩුව අවසන් කර යළිත් නෙදර්ලන්තයට ගිය අතර මා විසින් ලබා දුන් චින්තකයන්ගේ නම් ලැයිස්තුවට අදාළව පොත්පත් හදාරන්නට විය. දේවධර්මය පිළිබඳ ප්‍රාමාණික උගතෙක් වූ ඔහු ඉක්මනින් පහසුකම් වැඩි රටකදී ‘සංඥාව’ (Sign) සහ ‘භක්ති විද්‍යාව’ (Faith) අතර සම්බන්ධය බුද්ධිමත්ව වටහා ගන්නා ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස, ඔහු අතින් “ඩෙරීඩාගේ විසංයෝජන රීතිය සහ බුදුන්ගේ අනන්තාවාදය සමාජ විවේචනයක් ලෙස” යනුවෙන් කටු සටහනක් සකස් විය. මෙය පදනම් කරගෙන, ඔහු පසුව මා සහ තවත් කුඩා කණ්ඩායමක් සහභාගි වූ කවයකට සාමයික කේන්ද්‍රයේ දී දීර්ඝ දේශනයක් ද කරන ලදී.
මෙම ක්‍රියාවලිය මෙසේ සිදුවෙද්දී, ශාන්තුවරයෙක් වන ගමන්ම උපායශීලී චින්තකයෙකු වූ සුනිල් විජේසිරිවර්ධන මහතාට ඉහත දේශනය පිළිබඳව අසන්නට ලැබී, ඔහු සහ ශ්‍යාමා ජයවර්ධන සොඳුරු කත විසින් විභවියේ දේශනයක් සඳහා සුවාරිස්ට ආරාධනා කරන ලදී. එමඟින්, උපායික සත්වයන් දෙදෙනෙකුගේ මුහුව ආරම්භ විය. සුවාරිස්ගේ වචන වලින් කියනවා නම්, ඔහු ලංකාවේ ඩෙරීඩා පිළිබඳ උප්පත්තිය ලද යෝනිය අමතක කර බ්‍රාහ්මණ මුඛයක් වූ විජේසිරිවර්ධනගේ මුඛයෙන් පොරක් ලෙස ජාතක විය. ඉන්පසු, සුවාරිස් පොරක් වූ අතර මට විරුද්ධව ඔහුව කොළඹ බුද්ධිමය සමාජය තුළ තක්කඩි වම යොදවන ලදී. දේවසිරි උරුමය සහ ආභාෂය ලබන්නේ, මෙම මුලාශ්‍රයෙනි.
සුවාරිස්ට ඩෙරීඩා පිළිබඳව තිබූ න්‍යායික අවබෝධය ප්‍රශ්න කරමින් ‘සුවාරිස්ගේ සුන්නත්කරණය’ යනුවෙන් ලිපියක් ලන්ඩන් සඟරාවකට මා ලියූ අතර ඔහු මිය යනතුරු ඒ සඳහා පිළිතුරක් ලබා දුන්නේ නැත. ඔහු තක්කඩින්ට මුවා වෙමින් විවිධ වෙස් ගනිමින් අවසානයේ ජාතිවාදයට ද කඩේ යමින්, සිය ජීවිතය චීනයේ දී නිමා කර ගත්තේය. සුවාරිස්ගේ ඩෙරීඩා පිළිබඳ අවබෝධය ගැන ප්‍රශ්න කරමින් සමන් පුෂ්පකුමාර විසින් ලියන ලද දීර්ඝ න්‍යායික විවරණයක් මෙම ලිපියේ අගට එකතු කර ඇත. සුවාරිස්ට ඩෙරීඩා පිළිබඳව ප්‍රමිතිගත ඇකඩමික් විනයක් නො තිබූ අතර ඔහු සංඥාව සහ දෙය (Thing) අතර පරතරය නො දුටුවේය. ව්‍යුහවාදය සහ ප්‍රපංචවේදයට අයත් බුදුදහම අතර න්‍යායික සම්බන්ධයක් ගොඩ නැඟිය නො හැකි බව ද ඔහු නො දුටුවේය. එම නිසා ම, ඔහු ඩෙරීඩා නාමයෙන් ලියු බහුතර දේවල් සිංහල දෘෂ්ටිවාදයට සහ ජාතිවාදී වමට සේවය කරන ලදී. ඩෙරීඩා කිසිදාක කතා නොකළ ස්වයං-විසංයෝජනය පිළිබඳව ද ඔහු කතා කරන ලදී. මෙහි උත්පත්ති දෝෂය හටගන්නේ, තමන්ගේ මූලාශ්‍රය මැකීම තුළ ය. ඔහුම කිවු ඊර්ෂ්‍යාව ඔහුට ම අදාළ වන ප්‍රමාණය පිළිබඳව ද ඔහුට දැනීමක් තිබුණේ නැත.
2005 වර්ෂයට පසුව මගේ බුද්ධිමය පෞර්ෂයට විකල්පයක් ලෙස, ගමෙන් කොළඹට පැමිණ කොළඹ පදිංචි වූ තක්කඩින් පිරිසක් විසින් අලුත්ම ආකාරයේ බුද්ධිමය අංකූරයක් සොයා ගන්නා ලදී. මේ අංකූර බුද්ධිමතා දාර්ශනික ප්‍රවණතා පහක් පමණ එකලස් කළ හැකි ඔලු පහේ සත්වයෙක් විය. දේවසිරි විසින් මෙම ඔලු පහේ සත්වයා හන්දියක් හන්දියක් ගානේ ප්‍රදර්ශනය කළ අතර විවිධ Roadshow පවා සංවිධානය කරන ලදී. මෝඩයන් සමූහයක් මේ Roadshow වටා සංවිධානය වූ අතර show එක අවුරුදු 10 ක් පමණ කාලයක් ඇදී ගියේ ය. දේවසිරි නොදැන සිටියේ, හිච්කොක්ගේ ‘Psycho’ දෙවන වර හැදූ විට එය ප්‍රහසනයක් වන බවයි. චින්තකයෙකුගේ ඉදිරිපත් කිරීම තුළ උපුටා ගත නො හැකි දෙය වන්නේ, ඒ තැනැත්තාගේ විනෝදය යි. අන් සියල්ල උපුටා ගත්තත්, මේ විනෝදය රඟ දක්වන්නට නො හැකිය. ඉරියව් උපුටා ගත්ත ද මේ විනෝදය සංවිධානය කරන්නේ ආත්මය බැවින් එය උපුටා ගන්නට යන විට නිහාල් සිල්වාගේ විකට ජවනිකාවට එහා දෙයක් නිර්මාණය වන්නේ නැත. කෙසේ වෙතත්, ඔලු පහේ සත්වයා අවසන් ගමන් ගියේ දේවසිරිගේ ද කලිසම ඉරාගෙන ය.
නමුත්, දේවසිරි ඉන් නැවතුනේ නැත. ඔහු අලුත් සෙල්ලමක් පටන් ගන්නා ලදී. ඒ සඳහා, මගේ කැමැත්තෙන් මාව ද ගාවා ගත්තේ ය. ඕනෑම වැඩක් නැගලා යනවා නම් ඒ වැඩෙහි පිටෙහි නගින්නට දෙවරක් නො සිතන ව්‍යාපාරිකයෙකු වූ ජනක ඉණිමංකඩ මහතාව ද මේ වැඩයට දේවසිරි පටලවා ගත්තේ ය. මඟුල් ගෙදරක යනවා සේ අන්දවා තම බිරිඳව පවා මේ වැඩයට පූට්ටු කරගන්නට තරම් දේවසිරි දක්ෂ විය. ඔහුගේ මෙම රංගනය මට රැචිය. එය Disgrace නවකතාවේ ප්‍රධාන භුමිකාවයි.
[Disgrace- J.M. Coetzee- Set in post-apartheid South Africa, J. M. Coetzee’s searing novel tells the story of David Lurie, a twice divorced, 52-year-old professor of communications and Romantic Poetry at Cape Technical University. Lurie believes he has created a comfortable, if somewhat passionless, life for himself. He lives within his financial and emotional means. Though his position at the university has been reduced, he teaches his classes dutifully; and while age has diminished his attractiveness, weekly visits to a prostitute satisfy his sexual needs. He considers himself happy. However, when Lurie seduces one of his students, he sets in motion a chain of events that will shatter his complacency and leave him utterly disgraced.]
එය මේ යුගයේ ජීවත් විය හැකි එක විදිහකි.
කොටින්ම, මේ වැඩය වෙනින් මොකවත් නොව සමකාලීන ඉතිහාසය දේවසිරි කේන්ද්‍රීයව නැවත කටු ගැසීමයි. ඔහු මෙම ස්ටේපල්කරණයට නම් තබා ඇත්තේ, ‘ලංකාවේ නව ප්‍රති ජාතිකවාදී චින්තනයේ දස වසක්’ ලෙසිනි. ඇත්තටම, මම සිතුවාට වඩා දේවසිරි ඉතාම උපායශීලී බුද්ධිමතෙකි. එපමණක් නොව, ඔහු ඉතිහාසය නැවත ලිවීම පිළිබඳව නිරා වික්‍රමසිංහටත් වඩා දක්ෂයෙකි. ඉහත කෘතියේ දෙවන වෙළුම ඔහු පුදන්නේ නලින් සුවාරිස්ට ය. ඔහු මෙසේ ප්‍රශංසාවක් ලියයි:
“ මේ කෘතිය තුළ සාකච්ජාවට ලක් වන බුද්ධිමය කතිකාව වෙත ආකර්ෂණය වූ තරුණ ක්‍රියාධරයන්ට දැවැන්ත බුද්ධිමය උත්තේජනයක් සැපයී ය. මා ද පුද්ගලිකව ඔහුගේ තියුණු බුද්ධිමය මැදිහත් වීම මඟින් උත්තේජනයට ලක් විය. එබැවින්, මේ කෘතිය ඔහු පිළිබඳ මතකය වෙනුවෙන් කැප කරමි.” (2021)
-
දේවසිරිගේ දෙවැනි මඟුල් ගෙදර සටහනක්-
ඉහත කෘතියේ පළමු වෙළුම පූජා කර ඇත්තේ, චාල්ස් අබේසේකර මහතාට ය. දේවසිරි ඔහුගෙන් ලබා ඇති ආභාෂය සටහන් කර ඇත්තේ, ‘මුල් පාඩමක්’ ලෙස ය. ‘මුල් පාඩම’ යන සංකල්පය අයත් වන්නේ, වාස්තවික ප්‍රබන්ධ තලයට ය. දේවසිරි සුවාරිස් මගින් උත්තේජනයට ලක් වූවා යැයි කියන විට එය අයත් වන්නේ, ‘ආත්මීය තලයට’ ය.[subjective logic]
දේවසිරිගේ ඉතිහාසය නැවත ලිවීම අයත් වන්නේ, ‘කතුවරයා අවිද්‍යාමානය’ යන අදහස ඇතුව ය. ඊට අමතරව, ඉතිහාසය ලිවීම යනු, එක අතකින් අනෙකාගේ විනෝදය පැහැර ගැනීමක් වන අතර අනෙක් අතට, අනෙකාගේ විනෝදය තර්ජනයකට ලක් කිරීමකි. මෙම තලය අයත් වන්නේ, අවිඥාණකත්වය සංසිද්ධියට ය.
දේවසිරිට අනුව, මම ඩෙරීඩා පිළිබඳ දැනුම සුවාරිස්ගෙන් කොල්ලකා ඇත. මගේ විග්‍රහයට අනුව, ඩෙරීඩා පිළිබඳව දැනුමක් ඊට අදාළ නැත. 90 වැනි ඈත යුගයක ඩෙරීඩා පිළිබඳව මට තිබුණේ ද අල්පෝන්සු දැනුමකි. නමුත්, ඩෙරීඩා යන සංඥා නාමය මුලින්ම සුවාරිස් ඇසුවේ මගේ කටහඬෙනි. දීපාල් චන්ද්‍රරත්න මීට සාක්ෂියකි. නමුත්, මගේ මෙම උච්චාරණය සුවාරිස් මකා දමා එහි මුල් සංඥාව [mark] ලෙස ඔහුගේ නම ආදේශ කරන ලදී. මෙම සංඥා නාමය අලුතින් භෞතීෂ්ම කිරීමක් හරහා අලුත් දෙවියෙකු සුවාරිස් මවන අතර මා කියන්නේ, එය බුද්ධිමය වංචාවක් බවයි. මෙම බුද්ධිමය වංචාව මකා එය මත අලුත් කේන්ද්‍රයක් ලිවීම, දේවසිරිගේ නව-ඉතිහාසය ලිවීමයි. ඊට අමතරව, ඩෙරීඩා පිළිබඳව සුවාරිස් ලියන දේවල් අයත් වන්නේ, පාරභෞතික ක්ෂේත්‍රයකට මිස පාරභෞතික විසංයෝජනය කරන ක්ෂේත්‍රයකට නොවේ. අවශ්‍ය නම්, මේ පිළිබඳව මට කරුණින් කරුණ ලිවිය හැකිය. සමන් පුෂ්පකුමාර ඒ ගැන දැනටමත් ලියා ඇත. වියමනක් විසින් යටපත් කරන සහ යළි පාදන සංකේත යනු, වියමනේ කතුවරයාගේ ඊර්ෂ්‍යාවයි.
දේවසිරිගේ ඉතිහාස ව්‍යාපෘතියේ තවත් අපූර්ව ලක්ෂණයක් ඇත. එය නම්, ඉතිහාසය ස්ත්‍රීකරණය කිරීමයි. දේවසිරි තම බුද්ධිමය ව්‍යාපෘතිය නම් කරන්නේ, ‘නව ප්‍රති ජාතිකවාදී චින්තනය’ ලෙසිනි. නමුත්, එම ස්ටේපල්කරණය තුළ නලීන් සුවාරිස් නම් රහසිගත ජාතිවාදියාගේ වියමනක් ද ඇතුළත් කර ඇත. එනම්, කෘතියේ ‘පිටත’ (Outside) ‘ඇතුළට’ (Inside) රැගෙන ඇවිත් ඇත. එය, ස්ත්‍රී වැඩකි. ස්ත්‍රිය යනු, දෘශ්‍යමානයට යටින් වෙනත් සාරයක් නැතැයි විශ්වාස කරන්නියකි. මෙම අර්ථයෙන්, ඉතිහාසය ලිවීම අලුත් සංසිද්ධියකි. ජාතිවාදයට විරෝධය පාන බුද්ධිමතුන් 30 කගේ පමණ රචනා අඩංගු කෘතියක් තුළ ජාතිවාදියෙකුගේ ලිපි ද අමුණා ඇත. මෙසේ ඇමිණීම ද සියුම් වර්ගවාදයකි. එනම්, අනෙකා පිලිකුල් කිරීමයි. ලිබරල්වාදය අනෙකා ඉවසනවා නොව, අනෙකාගේ අතිශය සමීපත්වය නොරුස්සන බව විද්‍යාමාන කරන දෘෂ්ටියකි. නිර්මාල්, මා සහ මගේ බුද්ධිය අවිඥාණකව පිළිකුල් කරයි. එය, ඔහුට තර්ජනයක් යැයි සමපේක්ෂණය කරයි. එමඟින්, නව-ඉතිහාස ලිවීම් ව්‍යාපෘතියක් බිහි වී ඇත. ඊට අනුව, ඩෙරීඩා පිළිබඳ ලංකා ඉතිහාසයේ මැකිය නො හැකි සලකුණක් සුවාරිස් සටහන් කර ඇත. එසේ කිරීමේ දී, දේවසිරිට අනුව ඩෙරීඩාගේ කිසිදු ලිපි එකතුවක් කියවීමට අවශ්‍ය නැත. ඩෙරීඩාව සිංහලෙන් සමපේක්ෂණය කිරීම පමණක් සෑහේ. එබැවින්, ජාතිවාදියෙකුට පවා සිංහල ලෝකය තුළ ඩෙරීඩාවාදියෙක් විය හැකිය. මන්දයත්, ඩෙරීඩා සම්බන්ධ වෙනත් ඉතිහාසයක් දේවසිරි මකන බැවිනි. ‘මහාවංශය’ ප්‍රබන්ධයක් යැයි කියන අය වටහා ගත යුත්තේ, සමකාලීන ඉතිහාසය යන්න ද ප්‍රබන්ධයක් බවයි. ඉතිහාසය ස්ත්‍රී කෝණයෙන් ලියනවා යනු, ඉතිහාසය මඟ හරින ක්ෂතිමය සිදුවීම ද ඉතිහාස ලේඛනයට ඇතුළත් කිරීමයි. මේ නව සන්දර්භය තුළ, දේවසිරි අලුත් වැඩක් කරයි. ඔහු ‘ක්ෂතිමය අත්දැකීම’ ඉතිහාස ආඛ්‍යානයෙන් පිටත නො තබා එහි ඇතුළතින්ම එය තබයි. මෙමඟින්, ඔහුගේ දෘෂ්ටිකෝණයේ පාර්ශවීයභාවය නම් සලකුණ ඉතිහාසයට අභ්‍යන්තරික බව හඟවයි. මෙය, ඉතිහාසය ලිවීම ‘වාස්තවික ප්‍රබන්ධ’ වලින් ‘ආත්මීය ප්‍රබන්ධ’ වලට මාරු වීමකි.
චින්තකයාට අදාළ කෘති නොකියවා ඔහු හෝ ඇය ගැන ලිවීම මේ යුගයේ විලාසිතාවකි. ඕනෑම චින්තකයෙක් පිළිබඳව රූපමය වශයෙන් පහදන මාර්ගෝපදේශ කෘති (Graphic Guides) බහුල ය. ඩෙරීඩාගේ කෘති අවධියෙන් නො කියවන සුවාරිස් වැනි වට්ටාඩියෙකු කුශාග්‍ර බුද්ධිමතෙකු බවට දේවසිරි වර්ගයේ ඉතිහාසය ලියන්නන් පත් කරන්නේ නම්, එම ආභාෂය ලැබූ අල්පෝන්සු වර්ගයේ මහින්ද පතිරණ ලා මෙසේ ලිවීම අහම්බයක් ද?
[a] ඇත්තටම ITN මැදිරියක දීප්ති කතා කරන දේ ‘හම්’ ගාන්න විතරක් දන්න ගැහැණු ළමයෙකු එක්ක විතරක් ඉන්න ගමන් දීප්ති කියන ‘ප්‍රභූවාදී කතාව’ ගැන මට ලැජ්ජ හිතුනා. ඒක කියපු දීප්තිට කොච්චර ලැජ්ජ හිතෙන්න ඇද්ද?
සටහන – මෙහෙම ලියන්නේ, ඩෙරීඩා තමන් කියවූවා කියන පුද්ගලයෙකි. කාන්තා බුද්ධිය (හිස්ටෙරිකයන්ගේ අනවරත ප්‍රශ්න කිරීම නොවේ) පිළිබඳව අවඥාවෙන් කතා කරන පතිරණ ඩෙරීඩාගේ Phallogocentrism පිළිබඳව දන්නා තරම ඔහුගෙන්ම ප්‍රකාශ වීම අහම්බයක් ද? අනෙක් පසින්, අනෙකාගේ ප්‍රමෝදයේ උපකරණයක් වීමට යාම ව්‍යාධිවේදයක් [pervert] කියලත් පතිරණට අවබෝධයක් නැත.
විසංයා්ජනය යනු අර්ථකතනවේදයක් නොවේ. එය පදනම් වන්නේ ව්‍යුහවාදී චින්තනය මතය.
භාෂාව ගැන, ඩෙරීඩාගේ විසංයෝජනය ගැන පතිරණට තිබෙන්නේ අල්පොන්සු අවබෝධයකි. අඩුම තරමේ, හැඟවුම්කරණය කියන්නේ කුමක් ද කියලවත් දන්නේ නැත. නමුත්, පතිරණගේ ඩෙරීඩා පිළිබඳ දර්ශනය ආභාෂය ලබන්නේ, දේවසිරි විසින් ප්‍රබන්ධගත කරන සමකාලීන ඉතිහාස ප්‍රබන්ධය හරහා ය. මෙම, ඊනියා අනෙකා නො ඉවසන, අනෙකාගේ විනෝදය රඟ දැක්වීමට යන ප්‍රතිබුද්ධිවාදී කතිකාව සතුව පහත ආකාරයේ ලක්ෂණ කිහිපයක් තිබේ:
1. මේ අය ලියන හැම තේමාවක් ම මගෙන්ම ගත්ත දෙයකි – දේවසිරිගේ සිට චාමින්ද හරහා ඕනෑම අලුත් යැයි හැඟෙන ලියන්නෙකු ලියන්නේ, මා මේ රටට ගෙන ආ නව තේමා ය. උදා:- අවිඥාණයේ දේශපාලන මානය, ඉතිහාසයේ අසමත් වූ දේශපාලන සංසිද්ධීන් යළිත් ඇති වීමේ විභවය, මිනිසාගේ විශ්වාසයන් සහ ආධිපත්‍යයන්වල ඇති තිරෝහරණීය තර්කනය. උදා:- වසර 10 ක පමණ කාලයක සිට විකාරසහගත ලෙස ගුරුවරයෙක් නැති අධ්‍යාපනය සහ නායකයෙක් නැති සංවිධාන ගොඩනඟන්න තටමන බහුතර දෙනා නො දන්නේ, ඔවුන් මැද තබා ඇති ‘හිස් පුටුව’ වෙන්කර ඇත්තේ දීප්තිට බවයි. මේ අය නො දන්නේ, සවිඥාණයෙන් නායකත්වය සහ ගුරුවරයා පැන්නීමට දරණ සියලු උත්සාහයන් අවසන් වන්නේ අවිඥාණකව ගුරුවරුන් සහ නායකයන් ඉල්ලීම තුළ බවයි. චාමින්ද ‘කුමාර ගුණරත්නම්ව’ නායකයෙක් ලෙස අවිඥාණකව විශ්වාස නො කරන්නේ නම්, ඔහුට කඩේ යන්නේ මන්ද? කුමාර් යනු, පූර්වජ-පියෙත් මිස නායකයෙක් නොවන බව නො දන්නේ චාමින්ද-විදර්ශන බාන තොත්ත බබාලා නිසා ද? (Father or Worse…..)
2. හැමවිටම දීප්ති නම් නම මකා දැමීම (දීප්තිව ලද සෑම විටම බලු කිරීම- Bastardization) – සමකාලීන පරම්පරාව පුද්ගලිකව මාව හඳුනන්නේ නැති වූවත්, ඔවුන් ඉතා ඉක්මණින් හේතු විරහිතව මාව බලුකරණය කරයි. මෙය, අතේ ගැසීමට ඉතා සමීපය. විදර්ශන වැනි තක්කඩින් වේදිකා මත බෙරිහන් දෙන්නේ, ඔවුන් ප්‍රායෝගිකව මානසික මුහුණුවරක් සහිත දීප්ති කෙනෙක්- Deepthi with a human face – සමාජයට හඳුන්වා දෙන බවයි නැතහොත්, චතුරිකාගෙන් අපවිත්‍ර නො වූ පිරිසිදු දීප්ති කෙනෙක් ඔවුන් මවන බවයි.
3.දීප්තිවාදයේ රැඩිකල් හරය ඉවත් කිරීම – දීප්තිවාදයේ මූලික හරය වන්නේ, වාස්තවික ප්‍රබන්ධ වෙනුවට දෘෂ්ටිවාදය විචාරය කිරීමට ආත්මීය ප්‍රබන්ධ යොදා ගැනීමයි. චාමින්ද, දේවසිරි, විදර්ශන සහ සීතල හදවතක් සහිත පෙට්‍රෝල් පෝලිමට තම සැමියා යවා නිවසේ සුවපහසුවට නිදන බිරිඳක් වූ ප්‍රභා මනුරත්නට අනුව දීප්ති කරන්නේ, මිනිසුන්ගේ පුද්ගලික කුණු ඇවිස්සීමයි. ආත්මීයත්වයේ දේශපාලනය මේ අය සලකන්නේ, කුණු ලෙස ය. ෆ්‍රොයිඩ්ගේ ‘සිහින අර්ථකථනය’ පොතේ සිහින ටික පමණක් කියවූයේ නම්, ආත්මීය කුණු අපගේ සමාජ සබඳතා ව්‍යුහගත කරන ආකාරය පිළිබඳව වටහාගත හැකි ය. චාමින්ද තවදුර යමින් දීප්ති යනු, නව-පුරුෂෝත්තමවාදයක් බව සඳහන් කරයි. අපට ඇසීමට ඇත්තේ, කුමාර් ගුණරත්නම් නව ලෝකයේ ස්ත්‍රිය ද කියා ය. තමන්ගේ දවසේ ජීවිතය තුළ ගඳගහන පුරුෂ න්‍යාය වහරන චාමින්ද මෙන් පිරිමින්ගේ පුරුෂවාද අපත් සෙවිය යුතු ද? ඔහුගේ රහසිගත ජීවිතයම ගඳගහන පුරුෂවාදයක් නොවේ ද?
4. දීප්තිවාදය විජේවීරවාදය සමඟ මිශ්‍ර කර ග්‍රාම්‍යකරණය කිරීම (Vulgarization) –
2005 වර්ෂයේ සිටම චාමින්ද මූලික කොටගෙන X හී අදහස් සහ විජේවීරවාදය නැතහොත්, පශ්චාත්-මාක්ස්වාදය සමඟ විජේවීරවාදය බලුපූට්ටුකරණය කිරීමට උත්සාහ කරන ලදී. මෙම පූට්ටුකරණය හන්දිවල දී දුටු විට මිනිසුන්ගේ මුහුණු විස්සෝප වූවා මිස දේශපාලනීකරණය වූයේ නැත. දැන්, මෙම බලු පූට්ටුව ගැලවී ඇති අතර පශ්චාත්-මාක්ස්වාදයේ විභවය නිදහස් වී ඇත. මෙහි අවසන් උත්සාහය දේවසිරි විසින් දරණ අතර විජේවීරවාදීන් දේවසිරි සමඟ පූට්ටු වීමට අකමැතිය. මේ නිසා, දේවසිරි ප්‍රසිද්ධ මංසන්ධිවලට පැමිණ තම හස්ත මෛථූන ව්‍යාපාරය ආරම්භ කර ඇත.
5. දීප්තිවාදය නැවත සකස් කර මාර්කට් කර විකිණීම – ආත්ම වංචනිකයෙකු සහ ස්ත්‍රී විරෝධීයෙකු වන සේපාල සභ ප්‍රකට අධ්‍යාපන ගුරෙකු වන සන්නස්ගල දීප්තිවාදය ටින් කර මහා පරිමාණයෙන් විකිණීම ආරම්භ කර ඇත. මේ සඳහා, වඩාත් උනන්දු වන්නේ පශ්චාත්-නූතන මඩෙන් උපන් නෙළුම් මල් (Beautiful Souls) ය. සේපාල මනෝවිශ්ලේෂණ පවිත්‍රකාරක (Psychoanalytic Detergent) වලින් විජේවීරවාදයේ කුණු රෙදි සෝදන අතර සන්නස්ගල පහළ මැද පන්තිකයන්ගේ මුහුණු facial කිරීම ආරම්භ කර ඇත. ඒ සඳහා, විශාල පෝලිම් සකස් වී ඇත.
-
දීප්ති කුමාර ගුණරත්න (2023/ 08/ 17) –
- Derrida Document or
- Refer our Facebook Page.