ප්‍රතිසංස්කරණය යන අදහස බොහෝ අවස්ථාවාදීන් තමන්ට අවශ්‍ය අයුරින් නිර්වචනය කරනවා. නමුත් ලෙනින් විසින් ප්‍රතිසංස්කරණය යනුවෙන් අදහස් කරන්නෙ අරගලය තුළ දි ‘පන්ති සටන’ අතහැර දැමීම යන්නයි. අපි මෙය කරන්නෙ නැහැ. අපි කරමින් ඉන්නෙ පන්ති සටන ත්‍රීවෘර කිරීමයි.
2009 මැයි 18 වනදායින් පසු ලාංකීය සමාජයේ එතෙක් පැවති සමතුලිතතාවය බිඳ වැටුනි. 89 අරගලයෙන් පසු වේගයෙන් වෙලඳපලට විවෘත වෙමින් පැවති දකුණද ඇතුළුව ලංකාව සමතුළිත කරමින් සිටියේ එල් ටී ටී ඊ සංවිධානයයි.
2009 ‘චීනය- ඇමරිකාව – ඉංදියාව’ සමග එකතුව මහින්ද රාජපක්ෂ රජය උතුරේ සන්නද්ධ අරගලය පරාජය කර බිඳ දැමුවේ එම සමතුළිතතාවයයි.
2009 න් පසු ලංකාවට හමුවුවන්නේ ප්රතිවිරෝධතාවයන් රහිත ධනවාදයයි.
යුරෝපය සහ ඇමරිකාවේ ධනවාදයට ප්රතිවිරෝධය ලෙස ශ්‍රමය හමුවෙද්දී ලාංකීය ධනවාදය යනු ප්රතිවිරෝධතා රහිත ධනවාදයකි.
දිවියන් සියල්ලම විනාශ කල කැලයේ මුවන් ගහණය අසීමිත ලෙස වැඩිවී හටගන්නේ අසමතුලිතතාවයකි.
දිවියන් නොමැති ලංකාව තුළ මුවන් පිස්සු කෙලමින් සිටී. මුවන් තම අංතට්ටු එකිනෙක පටලවා ගනිමින් වෘක්ෂ කඳන් මත හඬනගන්නට උලමින් සිටිති.
ප්රතිවිරෝධතා රහිත සමාජයක පාලනය කියා කරන්නට දෙයක් නොමැත. පාලකයින්ට වැඩ නැත. පාර්ලිමේන්තුවේ ගුටි ඇන ගැනීමත් ජනතාවට විහිළු සැපයිමත් හැර කරන්නට කිසිවක් නැත. ඒ වෙනුවට වෙලඳපල පාලනය සියතට ගෙන ඇත.රජය දිනෙන් දින තම ග්‍රහණය ලිහිල් කරමින් සිටී (වමාංශික අර්ථයකින් නොවේ ලිබරල් අර්ථයෙන්)
වෙලඳපොල විනෝදය වටා සංවිධානය වී ඇති මහජනයා ඒ සඳහා තව උඩ ගෙඩි දෙමින් සිටිති.
නහුතයක් බදු ගෙවන අතරේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි සේවා සැපයිම රජයේ වගකීමක් නොව තමුන් විසින්ම සපුරා ගත යුතු දෙයැක් යැයි සිතන මෝඩයින් සිටිති. මේ මැට්ටන් නොදන්නේ අධ්‍යාපනය ,සෞඛ්‍යය සහ නොයෙක් යටිතල පහසුකම් අපගේ ජීවිත උන්නතිය වෙනුවෙන් දෙන දායාද නොව අවසානයේ ධනේෂ්වර නිෂ්පාදනය සහ වෙලඳපොල වෙනුවෙන් ශ්‍රමය සංවිධානය කිරීම සමග බැඳී ඇති කාරණා බවයි.
ඊනියා යුද ජයග්‍රහණ සමරුද, ආදර සහෝදර මැයි, ජූලී විකාරයන්ද එකම ආකෘතියක අන්තර්ගතයන් දෙකක් පමණි.
මේ දෙකෙහිම ආකෘතිය දෙමලාට නිකුත් කරන යටත් වීමේ විධානයයි.
මල්ටිබැරල්, ෂෙල් වෙඩි සහ පොස්පරස් සහිත විද්‍යාව හෝ කවි, සිංදු චිත්‍රපටි ආදරය , සහෝදරත්වය පාලුුව තනිකම නැති වාරිත්‍ර , නොයෙකුත් නාඩගම් සහිත විඥ්ඥාණවාදය වත් විසඳුම් නොවේ.
කල යුත්තේ දෙමල ජාතික විමුක්ති සංකල්පය භෞතිකයක් බව පිළිගැනීමයි.භෞතිකවාදී දේශපාලනය එයයි.
AK 47 සහ විග්නේශ්වරන් යන්නෙහි දයලෙක්තිකය ඒ දෙමල විමුක්ති ආත්මයයි.
අප එකඟ විය යුත්තේ එම ආත්මීය නිදහසටයි.
අවසාන අර්ථයෙන් නිදහස ඉල්ලිය යුත්තේ ශ්‍රමයයි. එහෙත් දැන් ගංජා, LSD ග්සමින් නිදහස ඉල්ලන්නේ නිකමුන්ය.මේ නිකමුන් ඉල්ලන නිදහස දැනටමත් ධනවාදය ඔවුන්ට වැඩි වැඩියෙන් තහවුරු කර ඇත.විපරීතයින් නිදහස ඉල්ලා පන්නල ගංජා දුමෙන් පුරවද්දී තුල්හිරිය ෆැක්ටරිය තුල ටාගට් වෙනුවෙන් ශ්‍රමය කොටු කර තිබේ.අරගලයන් මර්ධනය කර ශ්‍රමය තව තවත් සිර කරමින් ධනවාදය තහවුරු කරන්නේ විපරීතයින්ගේ නිදහස මිස වෙන කුමක්ද?
නන්දිකඩාල් කලපුවේ පා කර යැවූ සිරුරු මතින් දකුණට හමා විත් ඇත්තේ විපරීතත්වයයි.
කොයිතරම් දුෂ්කර වුවත් නැවත දකුණට අප දේශපාලනය සොයාගත යුතුව තිබේ. ඉතුරුව ඇත්තේ අප සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය පමණි.
ප්රගිතිශීලී සංස්කෘතික සොම්බින්ගේ විකාර ක්‍රියා සහ තදබල මානසික රෝගීන් සමග අපට කිසිදු පෑහිමක් නැත.
ඒ වෙනුවට ප්රතිගාමී ශ්‍රමිකයා ප්රගිතිශීලිත්වය දෙසට සංවිධානය කිරීම අපට බෙහෙවින් වටී.කොයිතරම් දුෂ්කර වුවත් කල යුතුවනු ඇත.
මන්ද ඉතිහාසයේ ගමන් මග වැටී ඇත්තේ නිෂ්පාදනය ඔස්සේ බැවිනි.
අවසානයට හමුවනු ඇත්තේ ශ්‍රමය සහ ප්රාග්ධනය අතර ගැටුමයි.
උතුර දකුණ නැවත හමුවනු ඇත්තේ එවිටය.
දම්පාට තරැව – (සංස්කරණය කරන ලදි )