ගොඩක් අය අපෙන් අහන ප්‍රශ්ණයක් තමයි ඔයාලගේ භෞතිකවාදය මොකක්ද කියලා. අපිට නම් පේන්නේ ඔයාලා විඥාණවාදීන් වගෙයි. මෙහෙම කියන්නම් අපි ද්‍රව්‍ය වලින් තොර භෞතිකවාදීන් ( Materialism Without Matter ) ඒ කියන්නේ මොකක් ද? අපි මේක උදාහරණයකින් තේරුම් ගමු.
Alfred Hitchcock කියන ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද Vertigo (1958) ච්ත්‍රපටියේ කතා නායකයා දවසක් පාලමක් අසලින් මගන් කරන විට ඒ පාමුලින් ජලයට පනින තරුණියක් දැක ඇයව බේරගෙන තම මෝටර් රථයෙන් ඔහු ඇයව නිවසට රුගෙන එනවා. පසුව මේ ච්ත්‍රපටියේ රූපරාමුවක් කාන්තා ඇදුම් කිහිපයක් වෙත යොමු වෙනවා. ඊළග රූපරාමුව ඇදේ වැතිරිලා ඉන්න පෙරකී කාන්තාවගේ රූපයකින් ඡේදනය වෙනව. මේ ච්ත්‍රපටිය නරඹපු එරට රැගුම්පාලක මණ්ඩලය මේ ඇදුම් වේලෙන්න දාලා තියෙන දර්ශනය ඉවත් කරන්න යැයි කියනවා. අධ්‍යක්ෂකවරයා ඒ කුමටදැයි අසනවා. ඔවුන් පවසන්නේ එම දර්ශණය මගින් මේ දෙදෙනා අතර ලිංගික සංසර්ගයක් සිදුවූ බව පිළිඹිබු වන නිසා බවයි. මේ අය මොන අහිංසක මිනිහවද වල් විදිහට හිතෙන එකෙන් මේ බේරගන්න හදන්නේ. අපි වල් වෙනවද නැද්ද කියන එක බලාගෙන ඉන්නේ කවුද? ඇත්තටම එහෙම බලාගෙන ඉන්න කෙනෙක් නැහැ. ඒ වුනත් අපි හිතනවා එහෙම කෙනෙක් ගෙන් අපිව පාලනය වෙනවා කියලා. ඒක ඇත්තක් නෙමෙයි. මෙතනදී වෙන්නේ අදහසක් ද්‍රව්‍යයක් ආකාරයෙන් අපිව පාලනය කරන එකයි. අපේ භෞතිකවාදය ආත්මීය විඥාණවාදයක් නෙමෙයි.
අපි දැන් දොස්තරලගේ ප්‍රශ්ණයට එමු. ඒ අය ගිය ආත්මයේ පිං කරපු නිසා තමයි මේ ආත්මයේ මේ රැකියාව ලැබිලා තියෙන්නේ. ඒ අයට ඉගෙන ගන්න මුදල් වියදම් කරන්නේ පොදු ජනතාව නෙමෙයි. දෙවියෝ. ඒ අය ප්‍රතිකාර කරනවා නෙමෙයි. දේව කැමැත්තට අනුව වැඩ කරනව. එතකොට ජනාධිපති ගේ ඉදන් ඇමති සුදු බණ්ඩා දක්වා ඕකකොම අය හිතන් ඉන්නේ දොස්තරලා කියන්නේ දෙවියෝ,අපි දෙවියන් ගෙන් පාලනය වෙනව. ඒ නිසා දෙවියන්ට විරුද්ධව යන්න බයයි. හැබැයි දොස්තරලා දන්නවා තමන් දෙවියන් නෙමයි කියලා. ගාණක් හොයා ගන්න ලැබුන මේ චාන්ස් එකෙන් උපරිම ලාභයක් ගරාගන්න එක තමයි මේ අයගේ වැඩේ. එක පැත්තකින් දොස්තරලා දෙවියෝ කියලා හිතන මෝඩයන් පිරිසක් ඉන්නවා. අනෙක් පැත්තෙන් තමන් දෙවියන් කියලා හිතන මෝඩයන් පිරිසක් ඉන්න නිසා ගාණක් හම්බකර ගන්නට පුළුවන් බුද්ධිමතුන් පිරිසක් බවට දොස්තරලා පත්වෙලා ඉන්නවා.
ඇත්තටම දොස්තරලා ඹෞෂධ සමාගම් එක්ක කරන පොඩි බිස්නස් එකක් නිසා රෝගීන් ගේ ජීවිත පරදු තියනව. ග්ලැක්සෝ වගේ සමාගම් වලින් දොස්තරලට තුටු පඩුරු පූජා වට්ට් විදහට කාර් ලබා දෙනවා. පිටරට සවාරි ලබා දෙනවා. මුළු ලෝකයේම දෛනිකව මියයන මිනිසුන්ගෙන් බහුතරයක් කියන්නේ බේරා ගන්නට හොදටම පුළුවන්කම තියෙන නමුත් මිය යන්නට සිදුවන අයයි. උදාහරණයක් විදිහට වයස අවුරුදු 30 ක තරුණයෙක් හදිසියේ අසනීප වෙලා රෝහල් ගත කරනවා. ඔහුට ඇත්තේ Hypertension රෝගයයි යැයි අපි උපකල්පනය කරමු. මේ රෝගයේ රෝග මූලයට හේතු විය හැකි මානසික කාරණා ගනනාවක් තියෙනවා. ඒ වගේම හදිසියේම මේ වගේ තත්ත්වයක් ඇතිවෙලා පසුව සුව වන්නට පුළුවන්කම තියෙනවා. නමුත් දොස්තරලා කරන්නේ දිගටම බෙහෙත් ගතයුතු බවට නිර්දේශ කිරීමයි. දිගින් දිගටම ඖෂධ භාවිතය නිසා මේ තරුණයාට දියවැඩියාව,කොලෙස්ටරෝල්,වකුගඩු ආසාදන,අක්මාමේ ආසාදන, ඇතුලු රෝග දාමයකට මුහුණ දෙන්නට සිදු වෙනවා. මෙවැනි තරුණයෙක් වසර 60ක් ජීවත් වුවහොත් අවුරු තිහක්ම බෙහෙත් බොනවා. එය ලෝකයේ ඖෂධ සමාගම් වලට අතිශයින්ම වැදගත් ත්ත්වයක්. මේ ගැන මේ දොස්තරලා නොදන්නවා නෙමෙයි. දැන දැනම නොදන්නවා වගේ ඉන්නවා. .තමන්ගේ කොමිස් කුට්ටිය නිසා.
සමහර දොස්තරලා රෝගියාට ප්‍රතිකාර කරන්නේ පවුලේ සහ සමාජ තත්ත්වය අනුවයි. යම් රෝගියෙකු කිසිවක් කරකියා ගත නොහැකි පීඩිත පවුලේ අයෙකු නම් ඔහු මරණය තෝරා ගතයුතු යැයි දොස්තරලා තීරණය කරනවා. රෝගියා ගේ පවුලේ කිසිවකු නීතිඥවරයෙකු,ඉංජිනේරුවරයෙකු වගේ තනතුරුක් දරණ අයෙකු නම් විවිධ පරියේක්ෂණ කරමින් රෝගියාට හොද ප්‍රතිකාර ක්‍රම ලබා දෙන්නට දොස්තරලාට පුළුවන් වෙනවා.
දොස්තරලා දෙවියන් වගේ යැයි සිතන නිසා මේ අයට තමන්ට කැමති දෙයක් ලබා ගන්නට පුලුවන් වෙලා තියෙනවා. මේ අය ගොඩක්ම බය මේ අයට පිටරට වගේ හෙදියන් සහ සාස්තු සේවකයන් තමන් ගේ නමින් අමතාවි යැයි කියලයි. ඒ කියන්නේ දැන් සර් යැයි කියන ගෞරවය මේ අයට නැති වේ යැයි කියලයි මේ අය බය වෙලා ඉන්නේ. දොස්තරලාට සිය වෘත්තියේ ඇති වැදගත්කම මොකක්ද කියලා හරිටම වැටහෙන්න නම් පාලනය අපේ අතට දෙන්න! මේ අලුත් පාලකයෝ දොස්තරලා කියන්නේ මනුෂ්‍යයන් කියලා දන්න කට්ටටියක් කියලා එතකොට දොස්තරලා දැන ගනිවි.
එකම රෝගයකින් පෙලෙන අය ස්ථරය අනුව රෝගලක්ෂන වෙනස් විදියට ප්‍රකට කරනවා. ඔය ඉස්පිරිතාල වලම ඉන්න අනෙක් අය හෙවත් හෙදියෝ සහ ඇටෙන්ඩන්ලා ඉල්ලන්නෙ මොකද්ද? ඔවුන් කැමතිද ඔවුන්ට නම කියලා අමතනවට?
මම අත්දැකපු විදියට ඉස්පිරිතාල වල ඉන්න සුලු සේවකයා වුනත් කැමතියි සර් හෝ මහත්තයා කියල අමතනවාට. හෙදියෝ වුනත් කැමති නැහැ ඔවුන් මිනිස්සුන්ගේ කුනු අතගාන මිනිස්සුන්ගේ ජරාව ඉවත්කරලා පිරිසිදු කරන ජාතියේ අය කියලා පිලිගන්න. එයාල හිතන්නෙත් අපි දොස්තරලට වඩා මිලිමීටර් ගානකින් විතරයි කොට කියලා. ඉස්පිරිතාල වල ඉන්න හැමෝම ඉන්නෙ මාන්නයකින්. උඩ සිට පහලටම එහෙමයි. ඔය මුදල් තියෙන අයෙක් ඉස්පිරිතාලෙට ගියාම සැලකෙන විදිය රදාපවතින්නෙ දොස්තර මතම නෙමෙයි. ඒකට වෙනත්හේතුත් බලපානවා.
එක් අතකින් ගත්තොතින් අපේ සල්ලි වලින් ගිහින් නිදහස් අද්‍යාපනයේ අග්‍රපල විදියට සලකන දොස්තරලා මීට වඩා සමාජය ගැන පුලුල්ව හිතන්න ඕනි. නමුත් තාමත් නිදහස් අධ්‍යාපනය හෝ කවර හෝ අධ්‍යාපනයක් ලැබූ අයට සමාජයේ අනික් මිනිස්සු ගෞරව කල යුතුයැයි වැඩවසම් මානසිකත්වයක් අපේ රටේ තිබෙනවා. එය ඉගෙනගන්නා අය තුල වගේම ඉගෙනගන්නෙ නැති අය තුලත් තිබෙනවා.
කොටින්ම කිව්වොත් අපේ ලංකාව අද අත්දගින්නේ එක්තරා කලකදී යුරෝපය මුහුනුදුන්න තත්වයක්. එක්තරා කොටසක් ඉඩම්හිමියන් ධනපතියන් වෙලා ඉන්නවා. ඔවුන්ගේ ස්ථරයට එන්න අනික් අය වෙනත් ක්‍රම වලින් උත්සාහ ගන්නවා.
ලංකාවෙදි ඒ ධනපතියන් සහ ප්‍රභූන් බිහිකරන රේඛීය ක්‍රමයක් නැහැ. ඒ අතරින් තියෙන ස්වීප් ක්‍රමයක් තමයි නිදහස් අධ්‍යාපනය.
මේ රටේ වාමාංශික ව්‍යාපාරය හෝ වෙනත් බොහෝ බොහෝ දේ අවට ලෝකයට වඩා හාත්පසින්ම විකෘති ආකාරයට ක්‍රියාත්මක වන්න මේ අනවශ්‍ය ස්වීප් ක්‍රමයට පොත් කටපාඩම් කරන්නට ඉඩ ලබාදීම හේතුවාසනා වෙලා තිබෙනවා.
Comments are closed.