දෙවියන් මිය ගිය ලෝකයක දේශපාලනය කරන්නේ කොහොමද?
ජාතික ගැටළුව අරබයා පසුගිය දිනෙක පැවති සම්මන්ත්‍රණයකදී මහාචාර්ය ගණනාථ ඔබේසේකර මෙසේ ප්‍රකාශ කළේය. ‘නියට්ෂේ අනුයමින් මා වඩාත් කැමැතියි කියන්න අපි මේ ජීවත් වන ලෝකයේ දෙවියන් මිය ගිහින් කියන්න.’ නමුත් ගැටළුව වන්නේ දෙවියන් නොමැති නූතන ලෝකය සාරවත් යැයි සිතන මිනිසුන් බහුල වීමයි.
ගණනාථගේ අදහසට අප ලැකාන්ගේ උධෘතයක් එකතු කරන්නේ නම් එය මෙසේය. ‘සිහි කල්පනාව සහිත ලෝකයකදී අපි දන්නව දෙවියන් මිය ගිහිල්ල කියල. ඒත් අපේ අවිඥාණික ලෝකයේදී දෙවියන් තවමත් ජීවමානයි.’ ගැටළුව වන්නේ මෙම නූතන විශ්වාසයක් වන අවිඥාණික දෙවියන් සහිත ලොවකදී දේශපාලනයට සිදුවන විපර්යාසයි.
තර්ක ලෝකයකදී වහාම අන්ධ විශ්වාසයක් ලෙස හෙළා දකින ‘දෙවියන්’ අපගේම අවිඥාණික ෆැන්ටසීන් හරහා පස්සා දොරෙන් අපේ නිවසට ඇතුල් වෙයි. ‘ඔබ සකසුරුවම් වන්න! මම වියදම් කරන්නම්’ කී මහින්ද රාජපක්ෂ පියා වෙනුවට ‘මම සකසුරුවම් වන්නම්! ඔබ වියදම් කරන්න’ කියන මෛත්‍රීපාල සිරිසේන පියා අපට සම්මුඛ වී ඇත. සවිඥාණිකව ප්‍රතික්ෂේප කරන දෙවියාට වඩා අවිඥාණකව විශ්වාස කරන දෙවියා අප තුළ වඩා ප්‍රභලව වරදකාරී හැගීමක් ජනනය කරයි. අප වඩා විනෝද වන්නේ මහින්දගෙන්ද? මෛත්‍රීගෙන්ද? අපට විනෝදවීමට අණ කරන්නේ මහින්ද ද? මෛත්‍රී ද? ආර්ථික දියුණුව කළ හැක්කේ ඉහත කුමන පියාටද?
මහින්ද නැති නිසා දැන් හැමෝටම අලුත් සතුරෙක් හොයාගන්න අවශ්යි. අලුත් සතුරා දීප්තිද ?
මොනවා වුනත් මහින්ද වගෙ දේශපාලන ප්‍රතිරූපයක් පස්සේ බහුතර ජනතාව දිගින් දිගටම දුවාවි.
Comments are closed.