‘සිනහව අතරින්’ චිත‍්‍රපටය ගැන මා විසින් මතු කරන ලද සාකච්ඡුාවට සනත් ගුණතිලක මහතා ලිපි දෙකකින් ප‍්‍රතිචාර දක්වා ඇත. 80 දශකයේ දී විජය කුමාරණතුංග මහතා තම දේශපාලනයට ප‍්‍රතික‍්‍රියා දැක්වූවාට පසු ජනප‍්‍රිය සංස්කෘතියේ ප‍්‍රකාශකයකු දාර්ශනික මැදිහත් වීමක් කළ පළමු අවස්ථාව මෙය විය හැකිය. පොදුවේ ගත් කල ලංකාවේ වාම සංස්කෘතිය උද්ඝෝෂණ කේන්ද්‍රීය සහ භාවිතාවට මුල්තැන දෙන සංස්ථාපිතයකි. දශක හතක පමණ වාමාංශික දේශපාලන උරුමයක් ලංකාවට ඇත. ‘සිනහව අතරින්’ චිත‍්‍රපටය පාදක කරගෙන මා ගොඩනැගීමට උත්සාහ කළ කතිකාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට මම දැන් උත්සාහ කරමි. (LSSP කාර්යාලයට දකුණෙන් Dialog Teleshop එකකි.)
ලංකාවේ දශක 7 ක පමණ ඉතිහාසයක් සිංහල සිනමාවට තිබේ. 80 දශකයෙන් පසු සිනමාව කර්මාන්තයක් ලෙසත් කතිකාවක් ලෙසත් බිඳ වැටෙමින් පවතියි. අද චිත‍්‍රපට නළු නිළියන් යනු රූපවාහිනී නාලිකා හිමියන්ගේ සාක්කු පුරවන කරපිංචා කොළ ලෙස සැලකිය හැකිය. තමන්ගේ වෘත්තියට සිදු වූයේ කුමක්ද කියාවත් ඔවුහු නොදනිති. මෙම තත්ත්වයම අද වාමාංශික දේශපාලනය කරන පුද්ගලයන්ටත් සිදු වී තිබේ. ඔවුන් ද අද දවසේ නාලිකා හිමියන්ගේ රාත‍්‍රී වැඩසටහන්වල සාක්කු පුරවන විගඩම්කාරයෝ වෙති.
මෙසේ වූයේ ඇයි?
නිදහසින් පසු ලංකාවේ මිනිස් සබඳතා විෂය එන්න එන්නම ඌන සංවර්ධනය වෙමින් පවතින අතර පරායත්ත ආර්ථිකයේ ප‍්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථිකය අසමානව සහ අසාධාරණව වර්ධනය වෙයි. නිෂ්පාදනය ගෝලීයව සංවිධානය වීමට පටන් ගත් පසු අප රට තුළ පැවැති කර්මාන්ත ශාලා අතුරුදන් විය. ඒ වෙනුවට අසංවිධිත සේවා ආර්ථිකයක් සහ අසංවිධිත සමාජ සබඳතා ක්ෂේත‍්‍රයක් විකාශය විය. මෙහි අතුරුඵලයක් ලෙස සම්මත කම්කරු පන්ති ජනගහනය වඩ වඩා සංකෝචනය වූ අතර අවිධිමත් අංශයේ අස්ථිර රැකියා ප‍්‍රමාණය වර්ධනය විය. පවුලකට ලැබෙන ආදායම පටු වූ අතර කුටුම්භ සංරක්ෂණය සඳහා ස්ත‍්‍රියට පවුල අතහැර අවිධිමත් සේවා ආර්ථිකයේ රැුකියාවලට අවතීර්ණ වීමට අවකාශය විවෘත විය. ඒවා මැදපෙරදිග ගෘහ සේවයේ සිට ත‍්‍රීවීලර් රියැදුරන් දක්වා පරාසයක විශාල විය.
අධෝ ව්‍යුහයේ ඉහත සිදු වූ විපර්යාසය නිසා මෙතෙක් ලංකාවේ පැවති ඊට අදාළ උපරි-ව්‍යුහයේ න්‍යාය ඌන සංවර්ධනයට ලක් විය. 80 දශකයට පසු සිංහල නවකතාව සහ සිංහල සිනමාව මීට කදිම උදාහරණ ලෙස සැලකිය හැකිය. අතීතයට පෙරළා ගමන් කිරීමට ඇති ආත්මීය වුවමනාව සිංහල ජාතිකත්වය සහ අතීත සභ්‍යත්වය හරහා ප‍්‍රකාශ විය. එය වාර්ගික යුද්ධයේ සැහැසි අවසානයෙන් කෙළවර විය. ගෝලීය නිෂ්පාදන බලවේග (විදේශීය තාක්ෂණය සහ විද්‍යාව) සංවර්ධනය සහ ඒවායේ සීමා පිළිබඳව අපට දැන ගැනීමට ඇති උපරි-ව්‍යුහ න්‍යාය ඉතා දුප්පත් බව වටහා ගැනීමට දේශීය බුද්ධිමතුන්ට නොහැකි විය. වමේ දේශපාලන පක්ෂ මෙම ගෝලීය නිෂ්පාදන බලවේග (අන්තර්ජාලය, Facebook, Google) හමුවේ එක්කෝ අකර්මණ්‍ය විය. නැතහොත් අතීතකාමයට ඇදී ගියහ
.
80 දශකයට පසු ක‍්‍රම ක‍්‍රමයෙන් වර්ධනය වන අවිධිමත් ආර්ථිකය සහ ගම / නගරය අතර භේදය නිසා මිනිසාගේ ආත්ම මූලික ක්ෂේත‍්‍රයේ දී (Subjectivity) විප්ලවීය විපර්යාසයන් සිදු විය. සම්භාව්‍ය සංස්කෘතිය ජනප‍්‍රිය පරිභෝජන සංස්කෘතියක් මඟින් වෙළා ගැනීම මෙහි මතුපිට ප‍්‍රකාශනයයි. ගෘහ නිර්මාණය සහ කොළඹ නගරය නැවත ප‍්‍රාග්ධනයට අවශ්‍ය අයුරින් ප‍්‍රතිනිර්මාණය වීම බොහෝ දෙනකුට සංවේදනය වන්නේ නැත. මෙම අවධිමත් ආර්ථික ක‍්‍රියාවලිය තුළ පන්ති ගැටුම සිදු වන්නේ කෙසේද? සූත‍්‍රගත කළ යුත්තේ එයයි.
20 වන සියවස පුරා මාක්ස්වාදය මහජනයාට අවධාරණය කරන ලද්දේ (මාක්ස්වාදය යනු මහජනයාට යථාර්ථය ගැන දැනුම ලබා දෙන විද්‍යාව ලෙස සාමාන්‍යකරණය කළහොත් ධනවාදය සමාජ ක‍්‍රමයක් ලෙස පළමුවෙන් විග‍්‍රහ කරන ලද්දේ වංශාධිපතියන් විසිනි. ඔවුන් විසින් එය කරන ලද්දේ නාගරික නිදහස් මිනිසා වන බුර්ෂුවා පන්තියේ අදේවවාදයට එරෙහිවය. මාක්ස්වාදය යනු ධනවාදී සමාජයේ පුරෝකථනය කළ නොහැකි ආපතිකත්වය සහ එමඟින් නිපදවන ලද අතිරික්තය (රෝග ලක්ෂණය) න්‍යායගත කළ උපන්‍යාසයයි) පශ්චාත්-හේගලියානු දර්ශනයක්ය. එමඟින් උත්කර්ෂයට නංවන ලද්දේ වැඩවසම් සමාජයේ ස්වාමි-සේවක සම්බන්ධයයි. එනම් සමාජ සම්බන්ධයක් ලෙස එය අවසන් බවත් ඒ තැනට ප‍්‍රාග්ධන හිමියා සහ කම්කරුවා ආදේශ වී ඇති බවත් මාක්ස්වාදීහු ප‍්‍රකාශ කළහ. නමුත් විසි වන සියවස මුල් භාගයේ ෆැසිස්ට්වාදය හරහාත්, විසිවන සියවසේ අගභාගයේ සමාජවාදය හරහාත් ‘මිනිස් සමාජයට’ අවබෝධ වූයේ කුමක්ද? මිනිස් චින්තනයට ‘නිශේධනය’ පසුකළ නොහැකි බවයි. 20 වන සියවස පුරා තර්කය හරහා යටපත් කළ මිනිස් චින්තනයේ ප‍්‍රතිජනනාත්මක නිශේධනය නැවත මතුපිටට ආවේ ජාතිවාදය සහ ස්ත‍්‍රියගේ ආත්මමූලිකත්වය හරහාය. මෙම ප‍්‍රපංච දෙක ආත්මීය පක්ෂයෙන් න්‍යායගත කරන්නට ලෙනින්වාදය අසමත් විය. මේ හේතුව නිසා බොහෝ ප‍්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර ජාතිකත්වය සහ ස්ත‍්‍රිය ඉදිරියේ නිරුත්තර විය.
පන්ති අරගලයෙන් කම්කරුවා ඉවත් වී ඒ තැනට ස්ත‍්‍රිය ආදේශ වූ පසු පන්ති අරගලයට නව ආකෘතියක් හිමි වෙයි.[New Antagonism] මමත්, සනත් ගුණතිලකත් , ලංකාදීපයේ දෙයියෝ සාක්කි කොලමත්, බොහෝ ගොසිප් වෙබ් අඩවිත්, නිල් සිනමාවත්, දෛව ස්ත‍්‍රියත්, විවිධ අනන්‍යතා අර්බුද සහිත සීමා මායිම් නොදන්නා හිස්ටෙරිකයන්මත් යළි යළිත් ඔප්පු කරන්නේ පන්ති අරගලයේ මෙම නව ආකෘතියයි.[Boder Line Disoder] එහි අන්තර්ගතය වන්නේ ශරීරය ඉක්මවා ගිය ආත්මීය ලිංගිකත්වයකි.[Psycho-Sexual Drama]
පන්ති අරගලයේ පැරණි ආකෘතිය ප‍්‍රාග්ධනය සහ ශ‍්‍රමය අතර ගැටලූවක් නම් (අතිරික්ත වටිනාකම් පිළිබඳ න්‍යාය) ගෝලීය ධනවාදයේ සංස්කෘතිය වන පශ්චාත්-නූතනත්වය තුළ දී පසමිතුරුභාවය (එක පැත්තකින් සතුරු සහ ඊට පරස්පරව අනෙක් පැත්තෙන් සතුරු – පසමිතුරුභාවය නොහොත් (Antagonism) යන පදයේ දයලෙක්තික නිරුක්තිය මෙයයි) ස්ත‍්‍රී-පුරුෂ පසමිතුරුභාවයක් බවට පොලා පැන ඇත. මෙම නව සන්දර්භය නිසා දෘෂ්ටිවාදයේ උත්කර්ෂවත් වස්තුව ලෙස ‘ස්ත‍්‍රිය’ පුරුෂ මනසේ කෙටී ඇත. සනත් ගුණතිලක තම ලිපිය පුරා අවධාරණය කරන අනුභූතික උදාහරණ මාලාවම මෙම තත්ත්වයට සාක්ෂියකි. 94 වර්ෂයේ චන්ද්‍රිකා ආණ්ඩුව සම්බන්ධයෙන් ගත් කල සනත් ගුණතිලකත් මීට සංයුක්ත සාක්ෂියකි. එම වසරේ දී ඉතුරු සියලූ දෙනාගේ (විශේෂයෙන් වික්ටර් අයිවන්) දේශපාලනයේ ඔපයහරණය වූයේ ද ඉහත සන්දර්භීය වෙනස නිසාය.
පන්ති අරගලයේ ඉහත ආකෘතිකමය වෙනස ගැන කිසියම් අවබෝධයක් මා ලියන දේවල් හරහා එන්නේ නම් දේශපාලනය තුළ හට ගන්නා රහසිගත ස්ත‍්‍රී-පුරුෂ පසමිතුරුභාවයන් ගැන මම අවධාරණය කරන දේවල් ඉදිරිපිට ‘බුදු අම්මෝ’ කියා තපසට ගමන් කළ යුතු නැත. දේශපාලනය තුළ මේ හට ගැනී ඇති මෙම නව ස්ත‍්‍රී-පුරුෂ පසමිතුරුභාවය පැරණි වාම චින්තනය සලකන්නේ දේශපාලන දේහයෙන් ශල්‍යකර්මීයව කපා ඉවත් කළ යුතු විෂ ගෙඩියක් ලෙසය. ස්ත‍්‍රී-පුරුෂ පසමිතුරුභාවයන් දේශපාලනය තුළ හට ගැනීම වාමවාදීන් බහුතරය සලකා බලන්නේ සදාචාර දෘෂ්ටියෙන්ය. දේශපාලනයේ හේතු-ඵල සම්බන්ධය උඩුයටිකුරු කරන සමකාලීන ස්ත‍්‍රී හේතුව ගැන අධ්‍යාපනික අවබෝධයක් ලාංකේය වාම චින්තනයට තවම නැත. එක්කෝ ඔවුහු එය බියෙන් තැති ගෙන හෙළා දකිති. නැතහොත් සදාචාර සම්මතය ඉදිරියට ගෙන වාම චින්තනයට සහ භාවිතාවට එය අදාළ නොවන බව පෙන්වයි. පශ්චාත්-නූතන ධනවාදී යුගයක දී එහි සමාජ සම්බන්ධය (ගැඹුරු අරුතින් ප‍්‍රාග්ධනය) නිරූපණය කරන්නේ ස්ත‍්‍රියයි.
Fake නම්වලින් Facebook වෙබ් අඩවියට ප‍්‍රවිශ්ට වන මිනිසා ගවේෂණය කරන්නේ දඩයම සඳහා ස්ත‍්‍රී ශරීරය මිස ස්ත‍්‍රී ආත්මයක් නොවේ. පෙරළා අනෙක් පැත්තට ස්ත‍්‍රිය ද Facebook හරහා අගතියට (Perverse) යමින් යොමු වන්නේ තමා ගැන උනන්දු ‘පිරිමි’ කවුද යන්නය. මෙම නව තත්ත්වය වම/ දකුණ යන දෘෂ්ටිවාදී බෙදුම සමතික‍්‍රමණය කරමින් ස්ත‍්‍රී ප‍්‍රශ්නාර්ථිකයක් බවට දේශපාලනය තුළ විකරණය වී ඇත. එබැවින් දේශපාලනය ඔපයහරණය කරන හේතුව ඇත්තේ දේශපාලනික වශයෙන් අප යථාර්ථය සමඟ කරන ගනුදෙනුවේ දී නොවේ. එය ඉක්මවා යමින් යථාර්ථයේ ග‍්‍රහණයෙන් මිදී අභ්‍යවකාශගත වන ශේෂයක් (සැබෑව – Real) හේතු කරගෙන දේශපාලන ප‍්‍රතිඵලයක් අපට හිමි වෙයි. මෙහි දී සාම්ප‍්‍රදායික චින්තනයට (සිතීමට) අදාළ හේතු-ඵල සම්බන්ධය උඩුයටිකුරු වෙයි. මේ හේතුව නිසා දේශපාලන කතිකාව මෙම ‘අතිරික්ත-විනෝදය’ හරහා යළිත් පැහැදිලි කළ යුතුය. දැන් අපට ‘අතිරික්ත වටිනාකම්’ පාලනය කරන නව පාලකයා ලෙස ‘අතිරික්ත-විනෝදය’ (ස්ත‍්‍රිය) විග‍්‍රහ කළ යුතුය. මෙම කටුක ඇත්ත මර්දනය කරන 21 වන සියවසේ ඕනෑම දේශපාලකයකුට ඉතිහාසය ඉදිරියේ දී දඬුවම් කිරීමට නියමිතය.
පුවත්පතක සීමාව තුළ රැුඳෙමින් මම චිත‍්‍රපට හරහා අවධාරණය කරන්නේ ඉහත සත්‍යයයි. දහවල් කාලයේ දේශපාලනය කරමින් ‘අර්ථය’ වෙනුවෙන් පිල් බෙදී සටන් කරන පිරිමියා රාත‍්‍රියට මෙම අර්ථයේ සටන අතහැර ‘විනෝදය’ (රහසින් අශ්ලීලව සතුටු වීම) වෙනුවෙන් තමන්වම පාවා දෙයි. එසේත් නැත්නම් එසේ කරන පිරිමින්ට තාර්කිකව කඩේ යයි. එය මේ යුගයේ අධිපති දේශපාලන සංස්කෘතියේ නරුම ස්වභාවයයි. මෙම නරුමත්වයේ දී ලිබරල්වාදීහු සහ වාමවාදීහු එක නිදි ඇඳේ සයනය කරති. මේ ගැන විචාරය කරන අය බොළඳ මිනිසුන් ලෙසින් හංවඩු ගසයි.
‘සිනහව අතරින්’ චිත‍්‍රපටය නම් මූලාශ‍්‍රය හරහා මා කළ න්‍යායික මැදිහත් වීම ගැන යමක් ද අවසානයට කිව යුතුය. මම කතා කරන්නේ චිත‍්‍රපට ගැන නොවේ. මම චිත‍්‍රපට විශ්ලේෂණය කරන්නට යන්නේ ද නැත. චිත‍්‍රපටයේ කර්මාන්තමය පැත්ත ගැන ද මට අවධානයක් නැත. මා උනන්දු වන්නේ සංස්කෘතික භාණ්ඩයක් ලෙස චිත‍්‍රපටයක් විසින් සමාජය තුළ බිහි කරන ආකෘතිගත සම්බන්ධයක් ගැනය. මගේ විශ්වාසයට අනුව චිත‍්‍රපටයක් සමාජ ප‍්‍රශ්නයක් මතු කරයි. එවිට එම චිත‍්‍රපටය (Film) තවදුරටත් චිත‍්‍රපටයක් නොව එය ‘සිනමාවකි’ (Cinema). දැන් මෙතැන දී හේතු-ඵල සම්බන්ධය කණපිට පෙරළී ඇත. එවිට අප සැබෑව යැයි සිතන ජීවිතය ප‍්‍රබන්ධයක් බව චිත‍්‍රපටය පෙන්වයි. ‘ගම්පෙරළිය’ චිත‍්‍රපටය නරඹන පේ‍්‍රක්ෂිකාවත් චිත‍්‍රපටය හරහා පෙම්වතියක් බවට පොලා පනියි. එමඟින් ගමක පෙරළිය ද්විතීයික වී පේ‍්‍රමය ප‍්‍රාථමික වෙයි. නවකතාවේ හේතු-ඵල සම්බන්ධය කණපිට පෙරළෙයි. ගම පෙරළී යන්නේ ආර්ථික සබඳතා යැයි සිතන අපට ගම්පෙරළිය තුළ ඇති පේ‍්‍රම කතාව මඟින් වෙනත් සත්‍යයක් විද්‍යමාන කරයි. ස්ත‍්‍රී ආශාව (අවිඥානික) කෙතරම් ක්ෂතිමය අත්දැකීමක් ද යත් ‘ගමක පෙරළිය’ ඊට වඩා යථාර්ථවාදීය. ඒ අනුව ස්ත‍්‍රී ආශාවේ ප‍්‍රහේලිකාවෙන් පලා යන්නට පියල් සහ පේ‍්‍රක්ෂක අප ‘ගමක පෙරළියට’ අවනත වෙයි. ‘ගම්පෙරළිය’ චිත‍්‍රපටය ජෝඩුවක් නිෂ්පාදනය කිරීම අපට සහනයක් වන්නේ මේ නිසාය. ‘ගම්පෙරළිය’ යනු අපව ස්ත‍්‍රී ආශාවෙන් ගලවා ගන්නට ආශාව අගතියට පත් කිරීමකි. දැන් ගම්පෙරළිය චිත‍්‍රපටයක් නොව කතිකාවකි. එම කතිකාව ගමක වෙනස් වීම ගැන ඇති අධිපති කතිකාව දෘෂ්ටිවාදී යැයි නම් කරයි. මෙවැන්නක් චිත‍්‍රපටය කරන නිසා එය සිනමාවකි. සිනමාව යනු චිත‍්‍රපටයට වෙනස්ව විචාරකයා හරහා නව කතිකාවක් බිහි කිරීමයි. මම කරන්නේ දේශපාලන වැඩකි. මට තව කෙනකුගෙන් පිළිගැනීමක් අවශ්‍ය නැත.[Liberal Hegelian-ism] ‘සිතීම’ වෙනස් කළ විට ‘සමාජය’ වෙනස් වෙයි. එවිට මේ ක‍්‍රමයට අපව ගැට ගසා ඇති ලුබ්ධි-ආර්ථිකය (පගාව) ද විචාරයට ලක් වෙයි. මා පසුපස පිළිගැනීමක් අපේක්ෂාවෙන් එන අය අනාගතයේ දී විනාශ වනු ඇත. මම ස්වාමියකු නොවේ. චිත‍්‍රපට ඉදිරියේ මා විශ්ලේෂකයෙක් පමණි. ස්ත‍්‍රී ආශාව ඇයවත් නොදන්නා බව (ලින්ච් හරහා) හැර අන් යමක් මම කියා නැත. ඔබ දුවන්න! මම නවතිමි.
Deepthi Kumara Gunaratne
//20 වන සියවස පුරා තර්කය හරහා යටපත් කළ මිනිස් චින්තනයේ ප‍්‍රතිජනනාත්මක නිශේධනය නැවත මතුපිටට ආවේ ජාතිවාදය සහ ස්ත‍්‍රියගේ ආත්මමූලිකත්වය හරහාය. මෙම ප‍්‍රපංච දෙක ආත්මීය පක්ෂයෙන් න්‍යායගත කරන්නට ලෙනින්වාදය අසමත් විය.// මෙය ඉතා “bold” යමෙකුට “සාහසික ” යමෙකුට “එඩිතර ” විය හැකි ප්ප්‍රකශයකි. අප ඉදිරියට ගෙන සාකච්චා කළ යුතු වැදගත් අදහසක් වශයෙන් සලකමි.
Comments are closed.