Seattle’s Democratic mayor has joined others, including many Republicans, in Seattle’s Democratic mayor has joined others, including many Republicans,calling for removal of the city’s statue of Vladimir Lenin.

 

ලංකාවට ‘ධනපති විරෝධය’ ආගන්තුක’ නැත. නමුත් ඊට පරස්පරව රොමෑන්තික ධනපති විරෝධයක් ද ක්‍රියාත්මක වෙයි. තරුණ කාලයේ කෙනෙක් කොමියුනිස්ට්වාදිකයකු නොවන්නේ නම් ඔහුට හදවතක් නැත. නමුත් ඔහුම පරිණත අවධියට පත් වන විටත් කොමියුනිස්ට්වාදියකු වන්නේ නම් ඔහුට මොළයක් නැත. මේ වනාහී මහජනයා අතර ඇති ධනපති විරෝධයේ දයලෙක්තික ස්වරූපයයි. ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ වන විට කැරළි දෙකක් මෙහෙයවා ඇත. ඒවා පරාජය වූයේ මන්දැයි කිසිවකු ගැඹුරින් සොයා බලා නැත. මාක්ස්වාදී න්‍යාය ගැන තරමක් විචක්ෂණ වන කෙනෙකුට ජනතා විමුක්ති පෙරමුණ කිසිම විද්‍යාත්මක න්‍යායක් මත පදනම්ව ක්‍රියා කරන සංවිධානයක් නොවන බව වටහා ගැනීම දුෂ්කර නැත. ඔවුන් ක්‍රියා කරන්නේ මතුපිට තලයේ ප්‍රකාශ වන විවිධ ප්‍රකාශනයන්ට අනුවය. එක් මොහොතක ඔවුන් ඉන්දීය විරෝධීන් වන අතර තව මොහොතක ඔවුන් අධ්‍යාපනය පුද්ගලිකකරණය වීමට විරුද්ධ වෙති. මීට අමතරව ඔවුන් තමන්ගේ ‘ජනතාව’ යන පදයෙන් විග්‍රහ කරන මිනිසුන් වෙනස් කරති. විටෙක මේ ජනතාව වියළි කළාපයේ වහ බොන ගොවියන්ය. තවත් විටෙක විරැකියාවෙන් පෙළෙන තරුණයන් මේ ජනතාව වෙති. දැන් මේ ජනතාව වෛද්‍ය අධ්‍යාපනයේ යෙදෙන ශිෂ්‍යයන්ය.

මේ වන විට දශක හතරක් පමණ කාලයක් ජනතා විමුක්ති පෙරමුණෙත්, අනෙක් වාමාංශික සංවිධානවලත් ධනපති  විරෝධය හොඳින් ක්‍රියාත්මක වී ඇත. ඒ අනුව එක වරෙක වියළි කලාපයේ වහබොන ගොවියා ධනපති විරෝධයෙකි. තවත් වරෙක ධනේශ්වර ධවල  පත්‍රිකාවට එරෙහි වන ශිෂ්‍යයා ධනපති විරෝදියෙකි. ධනපති විරෝධියා මේ වන විට ඇතුළු වී ඇති පැස වන්නේ මුහුණු පොතයි. මුහුණු පොත දැන් පිරී ඉතිරි ගොස් ඇත්තේ ධනපති විරෝධීන්ගෙනි.

ධනවාදයට බිය නැතිව ඇද වැටෙන මිනිසුන් අද දවසේ අපට අවශ්‍යයි. 80 දශකයේ ධනේශ්වර විරෝධය අවසන් වූයේ සාමකාමී විප්ලවයක් සඳහාය. ඒ සඳහා අවශ්‍ය මානව රූපය ලෙස ජනතා විමුක්ති පෙරමුණ 90 දශකය මුල ඉදිරිපත් කරන ලද්දේ ඩලස් අලහප්පෙරුමය. ඔහු නම් ඒ කාලයේ නියම ධනපති විරෝධියෙක්ය. ඉන්පසු මේ පෝළිමට එකතු වූයේ විමල් වීරවංශය. පසුව මේ ධනපති විරෝධය මහින්ද රාජපක්ෂ හරහා කොටි විරෝධය බවට පරිවර්තනය විය. ඉන්පසු සියලු දෙනා එකවර කොටි විරෝධීන් වී ධනේශ්වරය සහ එහි සංස්කෘතිය හොඳින් වැලඳ ගත්තේය. ධනපති විරෝධී ජනතාව අතරමං විය.

ලංකාවේ ධනපති විරෝධී දේශපාලනය මේ වන විට එහි හරය දක්වා පල්ලම් බැස ඇත. ගාමිණී වියන්ගොඩ මහතා විසින් පසුගිය සතියේ ලංකාවේ ධනපති විරෝධය අලුත් අන්තයක් කරා ගෙන ගොස් ඇත. අපි ඔහුව උපුටා දක්වමු.

“අර්ජුන ඇලෝසියස්ට තවම වයස 31ලු. මහින්ද රාජපක්ෂගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා වන දේශපාලන යෝධයන් ඍජුව හෝ වක්‍රව ආම්බන් කර ගැනීමට තරම් ගජ මිතුරු ධනවාදය තුළ ඔහු ‘වැඩිහිටියකු’ බව පෙනේ. ලංකාවේ ව්‍යාපාරික ලෝකය යනු හුදෙක් ඉල්ලුම සහ සැපයුම මත තීන්දු වන, පූර්ණ තරගකාරිත්වයක් ඔස්සේ ක්‍රියාත්මක වන ප්‍රපංචයක් නොවේ. සම්භාව්‍ය ධනවාදය වෙනුවට අප තවම ගත කරන්නේ, පරපුටු ධනවාදී අදියරකි. එය වැඩවසම්, ජරවත් ධනවාදයකි. යම් කිසි දේශපාලනික බල කේන්ද්‍රයක හාස්කමක් නොමැතිව ගොඩ ඒමට බැරි ගතියක් මේ මජර ක්‍රමය තුළ ස්ථාපිතව තිබේ.” [ ලෙනින් කියවා නැති වියන්ගොඩට අනුව දියුණු ධනවාදය තරඟකාරීය. එය ඒකාධීකාරී ඛව කියන්නට අසල කෙනෙක් නැත.බැංකු ගැත කිසිවක් ඔහු නොදනියි. ]-ල් මෝරු රජ යන ගජ  මිතුරු ධනවාදය රාවය 2017/8/13-

 මූල්‍ය ප්‍රාග්ධනය ගැන පුංචි හෝ වැටහීමක් කෙනෙකුට තිබේ නම් අර්ජුන් ඇලෝසියස් සමඟ රනිල් වික්‍රමසිංහ යා කරන්නේ නැත. රනිල් වික්‍රමසිංහ සමඟ යා වී ඇත්තේ අර්ජුන් පමණක් නොවේ. රනිල් සමඟ සුභාෂ් පින්නපොළ ද යා වී ඇත. ගැටලුව ඇත්තේ අප සිතන රොමෑන්තික ධනපති විරෝධය තුළ නොවේ. දිලිත් ජයවීර විසින් ජෝර්ජ් සුටුවර්ට් සමාගම අත්පත් කර ගැනීමේ සිට ධම්මික පෙරේරා හේලීස් සමාගම අත්පත් කර ගැනීම දක්වා කටුක යථාර්ථය අපට උගන්වන්නේ කුමක්ද? ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම එය අත්පත් කර ගන්නා මොහොත වන විට හුදු ‘සන්නාහ නාමයක්’ පමණි. ලංකාවේ මූල්‍ය ප්‍රාග්ධනය ආශ්‍රිත වෙළෙඳපොළ පටුය. සරලව කිවහොත් ලංකාවේ (Capital Market) එක තවම පාලනය කරන්නේ රජයේ බැංකුය. කෙනෙකුට තමන්ගේ ආයෝජනයක් සඳහා ‘මූල්‍ය ප්‍රාග්ධනය’ ඇත්තේ බැංකුවල පමණි. ලංකාවේ බැංකුවකින් ණයක් ගන්නට කොච්චර අමාරුද? ඉන් අදහස් වන්නේ  ලංකාවේ ‘මූල්‍ය ප්‍රාග්ධනය’ ලිබරල්කරණය වී නැති බවයි. දේශපාලන අර්ථයෙන් කිවහොත් ලංකාවේ මූල්‍ය ප්‍රාග්ධනය ප්‍රජාතාන්ත්‍රික නැත. එය බැංකුවල වාණිජ ප්‍රාග්ධනය මඟින් යටත් කරගෙන සිටියි. ලංකාවේ ‘මූල්‍ය ප්‍රාග්ධනය’ (Fin ance Capital) බැංකුවල දෛනික සිල්ලර වෙළෙඳාමට සීමා  වී ඇත. මේ හේතුව නිසාම ලංකාව වැනි රටවල මූල්‍ය සමපේක්ෂණිය (කොටස් වෙළෙඳපොළ) සඳහා මහජනතාව ඉදිරිපත් නොවෙති. මූල්‍ය සමපේක්ෂණය සඳහා ප්‍රජාතන්ත්‍රික ඉඩක් නැති නිසා ඒ සඳහා ඉදිරිපත් වන කිහිපදෙනො දේශපාලකයන් පසුපස යති. පසුගිය කාලයේ මහින්ද පිටුපස ගිය අය දැන් රනිල් පසුපස යති.  මෙය ගජමිතුරු ධනවාදයක් නොවේ. මේ වන විට ලංකාවේ ධනපති විරෝධයේ ආකල්මය ගැටලුවකි. ලංකාවේ ධනපති විරෝධීන් ‘මූල්‍ය ප්‍රාග්ධනය’ වාණිජ ප්‍රාග්ධනයට යටත් කර එය තමන්ගේ ධනේශ්වර විරෝධය ලෙස හංවඩු ගසති.

කොටස් වෙළෙඳපොළ මහජනයා අතර ජනප්‍රිය කර ඒ සඳහා ඔට්ටු ඇල්ලිය හැකි ප්‍රජාතන්ත්‍රික වපසරියක් බිහි කළ වහාම අර්ජුන්ලාව පෙරළා ගෙන ඉදිරියට යන තරුණයන් අපට සම්මුඛ වෙයි. එවැනි අය රනිල් නොව කිසිවකු පස්සේ නොයනු ඇත. නමුත් ලංකාවේ ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ’ පුළුල් කිරීමට කිසිම දේශපාලන පක්ෂයක කෙනෙක් කැමැති නැත. ඔවුන් ණයක් ගැනීමට තවම දන්නේ බැංකුව හෝ ලීසිං කොම්පැණියක් හෝ පොළීකාරයෙක් හෝ පමණි. ලංකාවේ මූල්‍ය ප්‍රාග්ධනය ආශ්‍රිත සමාජ සම්බන්ධතා පුළුල් කිරීමේදී යූඑන්පී ය පවා සිටින්නේ ධනේශ්වර විරෝධයක් තුළය. තම මුදල් හා ධනය ආයෝජනය කරමින්, ඒවා අවදානමට ලක් කරමින් ව්‍යවසායයන් ආරම්භ කිරීමට සුදුසු  මිනිසුන් ඉහත හේතුව නිසා ලංකාවේ බිහි වන්නේ නැත.

ලංකාවේ ජනතාව සිතුම් පැතුම් වෙනස් කර ගත යුතුය. ධනවත් වීම ලැජ්ජා සහගත දෙයක් ලෙස කාලාන්තරයක් මුළුල්ලේ සැලකිණි. අර්ජුන් ඇලෝසියස් යනු ධනපතියකුට වඩා මසුරෙකි. වියන්ගොඩ මහතා ඔහු ගැන හොඳින් හදාරා නැත. ඔට්ටු ඇල්ලීමට ඔහු බිය පුද්ගලයෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ඔහු අල්පේච්ඡවාදියෙකි. මූල්‍ය ප්‍රාග්ධන වෙළෙඳපොළ පටු තැනක හිර වී ඇත. අර්ජුන් අනුන්ගේ සල්ලිවලින් (OPM) ‘අනුන් සඳහා’ අවදානම බාරගෙන ඇත. දක්ෂ මූල්‍ය ධනපතියෙක් පත්තරවලට සල්ලි දානවාද? එසේ නම් සිදු වී ඇත්තේ කුමක්ද? අර්ජුන් ඇලෝසියස් යනු රනිල් වික්‍රමසිංහගේ ඉත්තෙකි. නූල කෙළවර ඇති අත රනිල්ගේය. වියන්ගොඩට මෙම තත්වය වටහා ගැනීමට අවශ්‍ය නම් සුභාෂ් පින්නපොළ මහතා හමු විය හැක. ධනපති විරෝධීන්ගේ වැස්සක ධනපතියකු වීම දුෂ්කරය. හිතන පතන මූල්‍ය සමපේක්ෂණවාදියෙක් වෙළෙඳ දැන්වීම හරහා මාධ්‍ය පාලනය කරනවා මිස මාධ්‍ය හිමිකරුවකු වන්නේ නැත.

ඔබේ අදහස කියන්න...