ධනවාදයෙන් පසු එළඹෙන සමාජය කුමක්ද?  කියන ප්‍රශ්නය මම හුඟක් දුරට කල්පනා කල දෙයක්. මේ බ්ලොගයෙම මම ප්‍රාග්ධනය හා මාක්ස් කියන්නේ මොකක්ද කියල විමසන නිසා සහ බොහෝ අය මොන වගේ සමාජවාදී හෝ  කොමියුනිස්තවාදී සමාජයක්ද ගැන අහන්නේ කියන ප්‍රශ්නයට උත්තර දීමක් වශයෙනුත් විටින් විට යාවත්කාලින කරන අභිප්‍රායෙන් මේ පිටුව පටන් ගත්තේ.
අපි සමාජවාදී කියල නම් කරන දැනට තිබෙන රටවල් (චීනය, වියට්නාමය , කියුබාව වගෙව් ) වල ක්‍රමය පිලි ගන්නෙත් නැත්නම්, කඩ වැටුණු සොචියට් ක්‍රමය පිලි ගන්නෙත් නැත්නම් මොකක්ද අපි කියන්න හදන්නේ.

මම කියන්න හදන දේ මෙයයි.

1. මාක්ස්ට අනුව විශ්වය පරිණාමය වූ ආකාරයෙනුත්, ජිවයා  පරිණාමය වූ ආකාරයෙනුත් , එකිනෙක තුල ප්‍රතිවිරෝධයෙන් ඇතිවන සින්තසිසය හරහා ඇතිවන නවතම අවධිය ඇසුරෙනුත් සමාජ ප්‍රගමනය විස්තර කල හැකියි. මෙය මාත්  පිලි ගන්න නිසා ඒ අනුව කරන විග්‍රහයක් තමා  ඇතුලත් වන්නේ.
2.  පොදු දේපල බෙදා හැරීමක් තියෙනවද.   නැහැ . රජයට ප්‍රාග්ධනය පවත්වා ගන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා  මිනිසුන්ගේ ගෙවල්, ඉඩම් ආදිය  රාජ්‍යය සතු නැහැ. මුලදී සතු වුනත් ක්‍රමයෙන් ජනතාවට පැවරිය  යුතුයි ගම්  සභා ආදිය  හරහා . සමාජවාදී සමාජය හෝ කොමියුනිස්ට්  සමාජය කියන්නේ රොබින් හුඩ් ගේ ශර්වූඩ් කාලය හෝ සරදියෙල් ගේ අඩවියක් නොවේ.
3. ධනය අයත් සියලු දෙනා  ශ්‍රමය සූරා  කන ධනපතින්ද ?  නැහැ . ප්‍රාග්ධනය හිමි , කර්මාන්ත ශාලා හිමි, ශ්‍රමය විවුර්ත වෙළඳ පොලෙන් මිලදී ගෙන (වැටුපක්  ගෙවා), භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන අතිරේක ලාභයක් ලබා එය තම ප්‍රාග්ධනය වැඩි කිරීමට යොදවන්නා  තමයි ධනපතියා. තමන්ගේ පෞද්ගලික දක්ෂතා වලින් ධනය රස කර ගැනීම (ගායකයන්, නළු නිලියන්, ක්‍රීඩකයන්, ග්‍රන්ථ කතුවරුන් ආදීන් ) මේ ධනපති වර්ගයට අයත් වන්නේ නැහැ. නමුත් ඔවුන් ආයෝජනය කරනවානම් ඉහත ව්‍යාපෘතියකට එයින් ඔවුනුත් ධනපතියන් බවට පත් වෙනවා.
4. ගමක, නගරයක සෝවියට් සභාවේ (ගම්  වැසි නගර වැසි ජනයාගේ සහභාගිත්වය ඇති සභාව  – ගම්  සභාව, නගර සභාව යනුත් මෙයයි) වෙනත් විරුද්ධ අදහස් තියෙනවද? වෙනම කණ්ඩායම් තියෙනවද? ඔව් . නමුත් බහුතරයේ අදහසට සුළුතරය එකඟ විය යුතුයි. බහුතරය , සුලුතරය නොසලකා නොහැරිය යුතුයි .

Ajith Dharmakeerthi

 

මම හිතන විදිහට රුසියාව ඇතුලු නැගෙනහිර යුරෝපීය කදවුර වරද්ද ගන්න එක තැනක් තමයි අංක 4. වැඩකරන ජනතාවගේ පාලනයක් ගැන කථා කලත් ඒක යථාර්ථයක් කරන ආකෘතියක් නිර්මානය වෙලා තිබුනෙ නැහැ. ඒකෙ අවසාන ප්‍රතිඵලය වුනේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ආඥාදායකත්වයක් නිර්මානය උන එක. නිර්ධන පන්තියේ ආඥාදායකත්වය වෙනුවට පක්ෂ නිලධරයේ ආඥාදායකත්වයක් ගොඩ නැගුනා.

මේ ඒ ගැන මගේ අදහස :

රුසියානු විප්ලවය ආරම්භ වෙන්නෙ සෝවියට් සභා මත පදනම් වූ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් සහිතවයි. සෝවියට් සභා වලට බලය පවරන්න කියලයි බොල්ෂෙවික්වරු ඉල්ලුවේ. එතකොට පරමාධිපත්‍යය බලය ලැබෙන්නේ කම්කරුවන්ගේ සෙබලුන්ගේ හා ගොවීන්ගේ නියෝජිතයින්ගෙන් සමන්විත සෝවියට් සභා වලට. මේක ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයට වඩා සිය ගුනයකින් ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක්. සෝවියට් සභා ඇතුලේ එතකොට බොල්ෂෙවික් පක්ෂයට අමතරව වෙනත් පක්ෂත් ක්‍රියාත්මක වුනා.

ඒත් සිවිල් යුද්ධය කාලයේදී ඒ වෙනත් පක්ෂ යටපත් කරන්ට බොල්ෂෙවික්වරුන්ට තත්වයන් විසින් බල කරනු ලැබුවා. සිවිල් යුද්ධය ඉවර වෙද්දී සෝවියට් සභා ඇතුලෙ වැඩ කරමින් හිටියෙ කොමියුනිස්ට් පක්ෂය පමනයි. ඊට පස්සේ අධිකාරියක් විදිහට පක්ෂය මෝදු වෙන්න ගත්තා. නිලධාරිවාදයට කැපුනු එක පාරක් ඒක.

ලෙනින් පවා මේ ප්‍රශ්නය ඒ බරින්ම වටහා ගත්තෙ නැහැ කියන එකයි මගේ අදහස. ලෙනින් ජීවිතයේ අන්තිම කාලයේ නිලධාරිවාදය එක්ක හටන් කරන්න ස්ටාලින්ට විරුද්ධව විවිධ වැඩ තේරුවා. ඒත් ඒ යෝජනා සියල්ල ඉලක්ක කලේ පක්ෂ ව්‍යුහයේ අභ්‍යන්තර වෙනස්කම් සිදුකිරීමට. සෝවියට් සභා වලට බලගන්වා පක්ෂය ඊට යටත් කිරීමේ වැදගත්කම එතැනදී ලෙනින් ස්පර්ශ කලේ නැහැ ( රුසියානු මහජනයා එවකට ගිලී සිටි සංස්කෘතික පසුගාමීකම මේකට සමහර විට ලෙනින්ට බලපෑවා වෙන්නත් පුලුවන් )

කොහොම කොහොම හරි සමාජවාදය ගැන ආපහු හිතනවා නම් ලෙනින්ට අතහැරුනු මේ කාරනේ ගැන බැරෑරුම්ව සලකා බලන්න සිදුවේවි. වැඩකරන ජනතාවගේ පාලනය යථාර්ථයක් කරගන්න ආකෘතියක් ගොඩනගන්නෙ කොහොමද? පක්ෂය ජනතාවට ඉහලින් සිටින අධිකාරියක් වීම වලක්වා එය ජනතාව අතර ගිල්වා දමන්නේ කෙසේද? නිලධාරිවාදය ඇතිවීම හා එය ඒකාධිපතිත්වයක් දක්වා වැඩී යාම වලක්වන්නේ කෙසේද? බලතල බෙදීම වගේ ලිබරල් න්‍යායන්ගෙන් මේ ප්‍රශ්නයට උත්තර හොයන්න ආලෝකයක් ගන්න පුලුවනි.

Ramachandra

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. ස්තුතියි updated version:
    ධනවාදයෙන් පසු එළඹෙන සමාජය කුමක්ද? කියන ප්‍රශ්නය මම හුඟක් දුරට කල්පනා කල දෙයක්. මේ බ්ලොගයෙම මම ප්‍රාග්ධනය හා මාක්ස් කියන්නේ මොකක්ද කියල විමසන නිසා සහ බොහෝ අය මොන වගේ සමාජවාදී හෝ කොමියුනිස්ට්වාදී සමාජයක්ද ගැන අහන්නේ කියන ප්‍රශ්නයට උත්තර දීමක් වශයෙනුත් විටින් විට යාවත්කාලින කරන අභිප්‍රායෙන් තමා මේ පිටුව පටන් ගත්තේ.
    අපි සමාජවාදී කියල නම් කරන දැනට තිබෙන රටවල් (චීනය, වියට්නාමය , කියුබාව වගෙව් ) වල ක්‍රමය පිලි ගන්නෙත් නැත්නම්, කඩා වැටුණු සෝවියට් ක්‍රමය පිලි ගන්නෙත් නැත්නම් මොකක්ද අපි කියන්න හදන්නේ.

    මම කියන්න හදන දේ මෙයයි.

    1. මාක්ස්ට අනුව විශ්වය පරිණාමය වූ ආකාරයෙනුත්, ජිවයා පරිණාමය වූ ආකාරයෙනුත් , එකිනෙක තුල ප්‍රතිවිරෝධයෙන් ඇතිවන සින්තසිසය හරහා ඇතිවන නවතම අවධිය ඇසුරෙනුත් සමාජ ප්‍රගමනය විස්තර කල හැකියි. මෙය මාත් පිලි ගන්න නිසා ඒ අනුව කරන විග්‍රහයක් තමා ඇතුලත් වන්නේ.
    2. පොදු දේපල බෙදා හැරීමක් තියෙනවද. නැහැ . රජයට ප්‍රාග්ධනය පවත්වා ගන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මිනිසුන්ගේ ගෙවල්, ඉඩම් ආදිය රාජ්‍යය සතු නැහැ. මුලදී සතු වන දේපල වුනත් ක්‍රමයෙන් ජනතාවට පැවරිය යුතුයි ගම් සභා ආදිය හරහා . සමාජවාදී සමාජය හෝ කොමියුනිස්ට් සමාජය කියන්නේ රොබින් හුඩ් ගේ ශර්වූඩ් කැලය හෝ සරදියෙල් ගේ අඩවියක් නොවේ.
    3. ධනය අයත් සියලු දෙනා ශ්‍රමය සූරා කන ධනපතින්ද ? නැහැ . ප්‍රාග්ධනය හිමි , කර්මාන්ත ශාලා හිමි, ශ්‍රමය විවෘත වෙළඳ පොලෙන් මිලදී ගෙන (වැටුපක් ගෙවා), භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන අතිරේක ලාභයක් ලබා එය තම ප්‍රාග්ධනය වැඩි කිරීමට යොදවන්නා තමයි ධනපතියා. තමන්ගේ පෞද්ගලික දක්ෂතා වලින් ධනය රැස් කර ගන්නා ගායකයන්, නළු නිලියන්, ක්‍රීඩකයන්, ග්‍රන්ථ කතුවරුන් ආදීන් මේ ධනපති වර්ගයට අයත් වන්නේ නැහැ. නමුත් ඔවුන් ආයෝජනය කරනවානම් ඉහත ව්‍යාපෘතියකට එයින් ඔවුනුත් ධනපතියන් බවට පත් වෙනවා.
    4. ගමක, නගරයක සෝවියට් සභාවේ (ගම් වැසි නගර වැසි ජනයාගේ සහභාගිත්වය ඇති රැස්වෙන සභාව – ගම් සභාව, නගර සභාව යනුත් මෙයයි) වෙනත් විරුද්ධ අදහස් තියෙනවද? වෙනම කණ්ඩායම් තියෙනවද? ඔව් . නමුත් බහුතරයේ අදහසට සුළුතරය එකඟ විය යුතුයි. බහුතරය , සුලුතරය නොසලකා නොහැරිය යුතුයි.
    5. යුගෝස්ලාවියාවේ පැවති ක්‍රමයක් තමා පස් දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් එකතු කරගෙන තමන්ගේම සුළු කර්මාන්තයක් ඇරඹීමේ හැකියාව. එහිදී සූරාකෑමට ඉඩක් නැති වෙන අයුරින් නීති සම්පාදනය කර සුළු කර්මාන්තය ආරම්භ කල තැනැත්තාට අනිත් අයගේ අනුමැතියෙන් වැඩි වැටුපක් ලැබෙන ක්‍රමයක් තිබුනා. ඒ ක්‍රමය සුළු කරමාන්ත දියුණු කිරීමේදී භාවිතා කල හැකියි. එසේම මෙම කර්මාන්ත මහජනයාට කෙලින්ම බලපාන අමුද්‍රව්‍යේ හා භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන.
    6.ගොවින්ට හැකි තරම් උදව් දෙන ගමන් ඉහත ආකාරයටම ගොවින් වෙනත් ගොවින් සමග එකතුවී භෝග නිෂ්පාදනය කිරීමට අනුබල දිය යුතුයි. ඔවුන් ස්ව කැමැත්තෙන් එකතුවී ගොවි ජනපද පිහිටුවීමට විශේෂ ආධාර දිය යුතුයි. ඔවුන්ගේ භෝග මිලදී ගැනීම හා විකිණීම ඔවුන්ගේම සමාජ ජාලයකින් කලයුතු අතර ඒ සඳහා රාජ්‍ය ප්‍රතිපාදන වෙන් කල යුතුයි මුල් කාලයේදී. ඉන්පසු තමන්ට ලැබෙන ලාභයෙන් ඒවා නඩත්තු කල යුතුයි. මෙහි ලාභය යනුවෙන් අදහස් වන්නේ ගොවියා තම භෝග විකුණා ඉතුරු වියදම් කපා හැරීමෙන් පසු
    ඉතිරිවෙන් මුදලින් කොටසකුයි.
    7. මහා කම්හල් වල පරිපාලනය උගත් හා ඒ සම්බන්ධ පළපුරුදු අය වැඩ කරන අය අතුරින් හෝ පිටතින් ගෙන්වා විනිවිද භාවයෙන් යුතුව සේවයේ පිහිටුවිය යුතුයි. එවන් කම්හල් හෝ විශාල ආයතන වල ලාභය වැඩ කරන අය අතර තමන්ගේ හැකියාව හා ශ්‍රම ඵලදායකත්වය මත බෙදී යා යුතුයි. (වැටුප් වෙනුවට)
    …. මතු සම්බන්ධයි.

  2. ති‍්‍රමාන වෙබ් අඩවියේ රංජිත් ධර්මකීර්ති විසින් ධනවාදයෙන් පසු එළඹෙන අවධිය සම්භන්දයෙන් අදහස් දක්වා තිබුනා මෙහි අදහස් සම්භන්දයෙන් රාමචන්ද්‍ර ද අදහස් දක්වා තිබුනා මෙහි දක්වා ඇති සම්භන්දයෙන් අපට සිතෙන්නේ මෙහෙමයි
    ධනවාදයෙන් පස්සේ අප හිතන්නේ එළඹිය යුත්තේ කොමියුනිස්ට්වාදී සමාජයක් ඒ අතර සංක‍්‍රමණික කාලයට සමාජවාදය කියනවාට අපි විරුද්ධ නෑ පරණ අදහස තිබුනේ රාජ්‍ය බලය අල්ලා ගැනීමෙන් පසු සමාජවාදය ආරම්භ වන බවයි අපට අනුව එය බලය ලබා ගැනීමට පෙර සිටම අවශ්‍යවෙනවා කොමියුනිස්ට්වාදී සමාජයක් සඳහා අරගලය පක්‍ෂයක වගකීම විය යුතුයි.
    රාමචන්ද්‍ර අදහස් දක්වා තිබුනේ පක්‍ෂයක් සම්භන්දයෙන් ලෙනින්වාදී අදහස සම්භන්දයෙන් විවේචනාත්මක වීමක් සහ පක්‍ෂයක අධිකාරීත්වය ජනතාව අතර ගිල්වා තබන්නේ කෙසේද? අපට හිතන්නේ එම අදහස ඉතා වටිනා අදහසක් බවයි. ලෙනින්වාදී සංවිධාන ප‍්‍රතිපත්තියට අනුව ති‍්‍රකෝනාකාර සංවිධාන ව්‍යුහයක් තුල තීරන ගැනීම ඉහල මණ්ඩල වලට හිමි වන අතර එම අයිතිය පක්‍ෂ සමුළුවක් හරහා යම් කාලයකට පක්‍ෂයේ ඉහල මන්ඩල වලට පවරයි. තීරණ ගැනීමේ දී පහල මණ්ඩල වලට ඒවාට බලපෑම් කිරීමට හැකියැයි ව්‍යවස්ථා තුල පැවතියද අපේ අත්දැකීම් වලට අනුව සිදුවන්නේ පක්‍ෂ වල ඉහල මණ්ඩල පොදු ජනතාවට කෙසේ වෙතක් පක්‍ෂයේ පහල මණ්ඩල වලට පවා ආධිපත්‍ය පතුරන බවයි.
    එසේ නම් අප යොජනා කරන්නේ සාමුහිකව තීන්දු තීරණ ගන්නා සංවිධාන ව්‍යුහයක් අපි විශ්වාස කරන්නේ පක්‍ෂයකට සම්භන්දවෙන්නේ කොමියුනිස්ට්වාදය සඳහා අරගල කිරීමට කැමති මිනිසුන් එසේ නොවන අයෙකු පක්‍ෂයට ඇතුළු වූ පසු පක්‍ෂය පක්‍ෂයේ ව්‍යවහාරික දේශපාලන වැඩපිළිවෙල හරහා ඔහු කොමියුනිසුට්වාදය වෙනුවෙන් අරගල කරන්නෙකු බවට පත්කල යුතුයි.
    ඒසේ එකතුවන සාමාජිකයින් ගොඩනගන සංවිධානය තුල තීරණ ගැනීමේදී සියල්ලටම එකඟ විය හැකි අවම අවස්ථාව තුල තීරණ ගත යුතුබවයි. එවිට කිසිවෙකුට අනෙකුගේ තිරණයක ආධිපත්‍යට නතු නොවේ. ගන්නා තීරණ ව්‍යවහාරය තුල අසාර්ථක වුවද එයට සියල්ලන්ගේම වගකීමක් ඇති නිසා පක්‍ෂයේ ඒකාබද්ධතාවය ආරක්‍ෂා වන අතර සියල්ලටම ඒම අත්දැකීම හරහා නව දේශපාලන තීරණයකට එළඹිය හැක. අපට ඇති අත්දැකිම් වලට අනුව වාමාෂික පක්‍ෂ වල සිදුවූයේ යම් දේශපාලන පරාජයකට පසුව පක්‍ෂයේ ඉහල මණ්ඩල වලට විවේචනාත්මක වෙමින් පක්‍ෂ වලින් පිරිස් විසිරීම හා ඒ අනුව වමේ ව්‍යාපාර ඇමීබාකරණය වීමයි.
    පැරනි වාමාෂික පක්‍ෂ වල න්‍යායික ඒකාබද්ධතාවය හා ව්‍යහාරික දේශපාලන වැඩ පිළිවෙලවල්ද ඒකාබද්ධ කරණයක් පැවතිනි. ඒවා ඉහල මණ්ඩල වල සිට පහල මණ්ඩල වලට සම්පේ‍්‍රශනය කරන අතර පහල මණ්ඩල මේවා ප‍්‍රශ්න කිරීමකින් තොරව භාර ගත යුතුව තිබිනි. අප යෝජනා කරන්නේ නායකත්ව මණ්ඩල ඉහල පහල මණ්ඩල වෙනුවට සමාන වගකීම් සහිත මණ්ඩල වල එකතුවක් පක්‍ෂයක් විය යුතු හා ඒවා ප‍්‍රාදේශිය විවිධත්වයන් ,වාර්ගික විවිධත්වයන් අනුව සංවිධානය විය යුතු බවයි. එය ධනවාදයට එනම් ආධිපත්‍යක් සහිත සමාජයකට එරෙහිවීම හා කොමියුනිස්ට්වාදය සඳහා වූ අරගලයක් සඳහා න්‍යායික එකගතාවයක් පැවතිය යුතු බවයි. ඒ සදහා වන ව්‍යවහාරික දේශපාලන වැඩ පිළිවෙල සාමුහිකව මණ්ඩලයන් තුල තීරණය කල යුතුය. නමුත් අප කියන්නේ න්‍යායික ඒකාබද්ධතාවයක් අවශ්‍ය බව හා දේශපාලන ව්‍යාවහාරික වැඩපිලිවෙලවල් මණ්ඩල වල තීරණය විය. යුතු බවයි.
    ඒ අනුව කොමියුනිස්ට්වාදය සඳහා විවිධ අයුරින් අරගල කරන ප‍්‍රජාවන් පක්‍ෂයක් වන අතර ඒවා අතර දේශපාලන අත්දැකීම් හුවමාරු කර ගැනීම් හරහා ඒවා අතර සම්භන්දතාවයන් ඇති වනු ඇත.
    වාමාෂික පක්‍ෂ වලට ඇතුළු වන බොහෝ දෙනාගේ අරමුන වන්නේ සමාජයෙන් අනන්‍යතාවයක් ලබා ගැනීමයි. පක්‍ෂ වල නායකක්වයට පත් වන බොහෝ දෙනා මේ සඳහා පක්‍ෂ බිලි දිමේ ඉතිහාසයක් අප අත්දැක ඇත. විවිධ අනන්‍යතාවයන් බිහිකරන ඉහල පහල ආධිපතයන් හා ඒවාට ගොදුරු නිර්මානය කරන සංවිධාන ව්‍යුහයන් වෙනුවට ආධිපත්‍ය වෙනුවට සාමූහිකත්වය හා විශ්්වාසය මත ගොඩනැගුනු සංවිධාන ව්‍යුහයක් වාමාෂික සංවිධාන ආකෘතිය විය යුතුය.

  3. පව්කාරයාගේ අදහස් වලට එකඟ විය හැකියි මටත්./තීරණ ගැනීමේ දී පහල මණ්ඩල වලට ඒවාට බලපෑම් කිරීමට හැකියැයි ව්‍යවස්ථා තුල පැවතියද අපේ අත්දැකීම් වලට අනුව සිදුවන්නේ පක්‍ෂ වල ඉහල මණ්ඩල පොදු ජනතාවට කෙසේ වෙතක් පක්‍ෂයේ පහල මණ්ඩල වලට පවා ආධිපත්‍ය පතුරන බවයි.// මේක තමා හැම වමේ පක්ෂයකම අන්තිමට වෙන්නේ. අමිබකරන කතාව සම්පුර්ණ ඇත්ත.

Comments are closed.