අපගේ දේශපාලන ලිපි ලේඛනවල ‘විනෝදය’ (Enjoyment) යනුවෙන් වචනයක් සහ සංකල්පයක් සඳහන් වීම ඇරඹි මේ වන විට වසර 20ක් පමණ වේ. අපෙන් බාහිරව පවතින කිසිදු ඊනියා නව-නිර්මාණ ශිල්පියෙකුට මෙම වචනය සහ සංකල්පය නිවැරැදිව වහරන්නට නො හැකි වී ඇත.  බහුතරය ‘විනෝදය’ නම් අදහස අවිඥාණයට තල්ලු කිරීම හැර වෙනත් දෙයක් කරන්නට දන්නේ නැත.  දාර්ශනිකයන්ගේ සිට දේශපාලන දාර්ශනිකයන් හරහා කලා විචාරකයන් දක්වා බහුල පරාසයක පුද්ගලයන් ”විචාරය” යනුවෙන් අදහස් කරන්නේ කාන්ට්ගේ අදහසයි. එනම්, තමන්ට ස්වාධීනව බාහිරින් තිබේ යැයි විශ්වාස කරන ‘යථාර්ථය’ නිවැරදිව තේරුම් ගැනීම විචාරය යනුවෙන් හැඳින්වේ. එවිට, ‘බාහිර සීමාව’ වටහා ගැනීම යනු, නිදහසයි. මෙම නිදහස බාහිර නිදහසකි.

               නමුත් ‘අභ්‍යන්තර නිදහස’ (Inner freedom) යනු කුමක්ද? අභ්‍යන්තර නිදහස යනු, බාහිරත්වය නිශේදනය කරමින් අනවරතව ඉදිරියට යාම ද? නිශේධනය (Negation) සතු සිත්ගන්නා සුලු චමත්කාරය යනු, බාහිරත්වය හිස් කිරීම පමණක් ද? හේගල්ගේ දාර්ශනික සන්නතිය ඇතුළත ‘නිෂේධනයට’ ධනාත්මක පැවැත්මක් නොමැති ද? පුද්ගලයාගේ පැත්තෙන් ගත් කළ සමාජ විප්ලවය යනු, ‘නිශේධනයට’ නිෂ්ඨාවක් යෝජනා කරන විනෝදය නොවේ ද?

                      පසුගිය වසර 15 ක පමණ කාලයක් තිස්සේ අපගේ දේශපාලන ව්‍යාපාරය ‘තාවර’ (එක තැන ලැග සිටියේ-Tarring) වූයේ ‘විනෝදය’ සමඟ බවට විවාදයක් නැත. අප හැර අන් සියලු දෙනාම තම තමන්ගේ සිත-Mind- තුල දී රාජ්‍ය විරෝධීන්, ක්‍රම විරෝධීන්, ධනපති විරෝධීන්, ආයතන විරෝධීන් බවට කිසිදු විවාදයක් නැත.

                      Rebel  නැතහොත් ‘කැරලිකාරයා’  යන පදය සමඟ ලංකාවේ වාම චින්තනය දිගු කලක් තිස්සේ ( වසර 70ක්) පාරභෞතික ස්වරූපයකින් ගැට ගැසී ඇති බව අපට දැන් පෙන්වා දිය හැකිය.‘සමාජ-ක්‍රමයෙන්’ නැතහොත් ‘ධනවාදයෙන්’ කැඩී වෙන් වී ඇතැයි සිතන පුද්ගලයන් කොන්දේසි විරහිතව ඒ තුළම ජීවත් වන්නේ කෙසේද? අපගේ පර්යේෂණ ගැටලුව මෙයයි.


කැරලිකාරයන්ට බිය නොවන අප ගැන ඔබට කුතුහලයක් ඇතිවාට සැක නැත. ‘කැරලිකාරයන්’ මේ පවතින ධනවාදී ප්‍රතිනිෂ්පාදනයට අත්‍යවශ්‍ය සංඝටකය. 

                         සිග්මන් ෆ්‍රොයිඩ් හට ට්‍රොට්ස්කිවාදීන්ගෙන් එල්ල වූ චෝදනාව වූයේ, මනෝවිශ්ලේෂණය බුර්ෂුවා විද්‍යාවක් බවයි. එමඟින් ඔවුන් අදහස් කරන ලද්දේ, මනෝ විශ්ලේෂණය යනු මිනිසාව යළි පවතින සමාජ බල රටාවට ගතානුගතිකව ගැට ගසන බවයි. උදාහරණයක් ලෙස, ෆ්‍රොයිඩ් තමන්ගේ ප්‍රකට විශ්ලේෂණය වූ ඩෝරාගේ වාර්තාව තුළ දී ඩෝරාට කියන්නේ ඇයගේ පියාගෙන් වෙන් වී ඔබ නිදහස් වන්න! කියාය. 

                       එය ඩෝරාගේ පැත්තෙන් ගතානුගතික සමාජයට යළි ගැට ගැසීමකි. ස්ත්‍රීයක් විඳින වේදනාව ෆැලික අර්ථයකට රැගෙන ඒම ඇගේ වේදනාව නිශේධ කිරීමකි. වේදනාව ආත්මීය පැත්තෙන්  ගැලවුමකි.

                      එසේ නම්, අප කළ යුත්තේ ‘වේදනාවෙන් සතුටු වීමට’ ධනාත්මක පැවැත්මක් ලබා දීමයි. එලෙස කිරීමට නම්, අප අපගේ ‘විචාර අවධිය’ අවසන් කළ යුතුය. පුද්ගලයෙකු තම අනෙකාගේ අනවරත අර්ථකතන වලින් මිදීමට විචාරයේ පිහිට පැතිය හැකිය. නමුත් ‘වේදනාව’ යනු, ස්වයං ප්‍රතිවිරෝධයක් නම්[Dialectical]; එවිට, අපට එම වේදනාවට ධනාත්මක පැවැත්මක් ලබා දීමට සිදු වෙයි. ‘ඥාණ-විභාගය’ පැත්තේ ඇත්තේ අන්‍ය-නිදහසයි. සද්භාවවේදය පැත්තට පැමිණි විට  ආත්මීය නිදහස හමු වෙයි. එනම්, critique පැත්තේ සිට පරමත්වය-Absolute-පැත්තට එන විට සාරාත්මක නොවන නිදහස හමු වෙයි. පවතින සමාජ-ක්‍රමයේ කොහේ හෝ අඳුරු මුල්ලක ආත්මයට ‘අනුසාරිකයෙක්’-conformist- නොවී සිටීමක් නැත.[Ideology criticism as a positive factor]

කුමාර් ගුණරත්නම් නම් ‘කැරලිකාරයාව’ අපි ගාලු පාරේ දී දකිමු. අප වෙනුවෙන් ඔහු අරගල කරන විට මට නිහඬව පුටුවක් මතට වී එය රස විඳීමට හැකිය. ඒ ගැන පත්තරේට කවියක් හෝ ලිපියක් ලිවීමට හැකිය. නමුත් ඔහු මේ ‘සමාජ-ක්‍රමය’ ධනාත්මකව රස විඳින නිශාචර ස්ථානය අපි නොදනිමු. හේගල්ට අනුව අවධානය යොමු විය යුත්තේ, මිනිසෙකු ‘අනුසාරිකයෙකු’ වන තැනයි. අප සමාජ-ක්‍රමයට අවසන් තල්ලුව දෙන්නේ එතැනිනි. මනෝවිශ්ලේෂණය විප්ලවකාරී වන්නේ එවිටය.

                       උදාහරණයක් ලෙස, පසුගිය කාලයේ දී Netflix හී පවා ප්‍රචාරය වූ ට්‍රොට්ස්කිගේ ජීවන කතාව ඇතුළත් ටෙලි නාටක දාමය තුළ උත්සාහ දරා තිබුනේ ඔහුගේ යක්ෂාවේශ වූ බඩු ගැසීමයි. මෙම ටෙලි නාට්‍යයට බොහෝ බටහිර බුද්ධිමතුන් පවා විරුද්ධ විය. ජිජැක් පවා ඊට එරෙහි විය. ටෙලි නාට්‍යයේ පෙරඹිම ”ඔක්තෝබරය” වන විට එහි පසුබිම වූයේ ”වියරුවෙන් බඩු ගැසීමයි”. බොහෝ දෙනා කියන්නේ, මෙය පූටින් විසින් යුදෙව්වන්ට එරෙහිව කළ අපහාසයක් බවයි. සද්භාවාත්මක තලයක-Ontological Level– ට්‍රොටිස්කිට තම ජීවිතයේ අර්ථය ඇත්තේ බඩුගැසීම තුළ මිස ”ඔක්තෝම්බර් විප්ලවය” තුළ නොවේ. මන්ද, සද්භාව තලයේ විප්ලවය ඔහුට නිශේධනයක් වන විට ‘බඩුගැසීම’ ධනාත්මක පැවැත්ම වන නිසාය. ඔක්තෝබරයේ ඊළඟ උරුමක්කාරයා වීමට ඔහුට නොහැකි වූයේ, මෙම සන්දර්භයයි. ආත්මයට අසංගත බව රැගෙන එන්නේ, බාහිරත්වයක් නොව අභ්‍යන්තරත්වයකි. ‘පරමත්වය’ යනු, බාහිරට සීමාවක් හෝ අවසානයක් ලකුණු කර (ඉතිහාසයේ අවසානය) අභ්‍යන්තරත්වය තුළට වැදීමයි.

What is this serious Politics ? What is that science?

2

නිහඬබව මඟින් කන් බිහිරි කිරීම

පක්ෂයක් ලෙස අප හඳුන්වා දුන් දැනුම තමන්ගේ විනෝදය හා අනන්‍යතා අර්බුද විසඳා ගැනීම සඳහා ඇතැමුන් අවභාවිතා කරනු ලබන ආකාරය අපට ආදරය කරනු ලබන බොහෝ දෙනා කලක සිට අපට පෙන්වා දෙමින් සිටියි. සමාජය වෙනස් කිරීම සඳහා අප හඳුන්වා දුන් එම දැනුම අපගමනයට ලක් කරමින් ඇතැමුන් කරනු ලබන මෙම ක්‍රියා සඳහා අප ප්‍රතිචාර නො දක්වන්නේ ඇයි ද යන්න අපට ආදරය කරන අය මතු කරනු ලබන ප්‍රධාන ගැටලුවයි. ඒ පිළිබඳ පිළිතුරක් ගොනු කිරීම මෙහි අරමුණයි.

ඒ සඳහා මුලින්ම යමක් විශ්ලේෂණය කිරීම සඳහා ඔවුන් භාවිතා කරන ක්‍රමවේදය සහ අපගේ ක්‍රමවේදය අතර වෙනස සලකුණු කළ යුතු ව ඇත. හේතුව ඇසුරින් විචාරය කිරීම හෙවත් මානව හේතුව විචාරය කිරීම (අභ්‍යන්තරය වෙනුවට බාහිරත්වය විවේචනය කිරීම) කාන්ටියානු ක්‍රමවේදයයි. මෙහි දී යථාර්ථය යනු කල් තියා හඟින ලද දෙයක් ලෙස සලකන නිසා එය සෑම විටම එහි වස්තුවට ඌනනය කළ නො හැකි ආඛ්‍යාන රාමුවක් මඟින් තැනී ඇති බව පෙන්වා දෙයි. එවිට එම පූර්ව කල්පනාව කිසි විට නැවත සද්භාවාත්මක (Ontological) යමක් ලෙස යථාර්ථය තුළට අන්තර්ගත කළ නො හැකිය. අප සිටින ධනවාදී සමාජයේ කථන (ලාංකේය විචාරවේදය) ව්‍යුහය සලකා බැලීමේ දී පෙනී යන්නේ ඒ තුළ සමාජය හෝ පුද්ගලයා යනු ඓන්ද්‍රීය සමස්තයක්ය යන පූර්ව කල්පනය අඩංගු ව පවතින බව ය. එවිට සමාජය යනු පැල්මක් ය යන අදහස මඟ හැරේ. එනම්, එය පාදක වී ඇත්තේ පූර්ව-හේගලියානු අදහසක් මත ය. වෙනත් අයුරකින් සඳහන් කරන්නේ නම් මෙම ක්‍රමවේදය ලාංකේය සාම්ප්‍රදායික වමේ විචාර ආස්ථානය ලෙස ද හැඳින්විය හැකිය. එය යථාර්ථය විවේචනය කිරීමේ ක්‍රමවේදයයි. එනම්, ඔවුන් විචාරය කරනු ලබන්නේ යමක ඵලය මිස[Even With Negation] එහි මූලය නො වේ. එය සම්බන්ධ වන්නේ ඥානවිභාගයට (epistemology) ය.

නමුත් අපගේ ක්‍රමවේදය වන්නේ බාහිරත්වය වෙනුවට ඇතුළත විචාරය කිරීම ය. එය සමපාත වන්නේ පරම දැනුම (Absolute Knowledge) සමඟ ය. එය බාහිර ලෝකය සමඟ සම්බන්ධ වන යමක් නො ව ”මම” මා පිළිබඳ අධ්‍යයන කිරීමක් වේ. එමඟින් ලබාගත හැකි මූලික අවබෝධය නම් බාහිර බාධාව යනු මා තුළම පවතින අසම්පූර්ණබාවය නිසා හමු වන දෙයක් බව ය. නිදසුනකට කෙනෙකුට අශෝක හඳගමගේ සිනමා භාවිතය යනු බාහිරයෙන් හමු වන බාධාවක්, අගතියක් වුව ද අපගේ ක්‍රමවේදයට අනුව හඳගමගේ සිනමා භාවිතය යනු අපගේ ම අසම්පූර්ණබාවයේ ප්‍රතිඵලයකි. හේගල් පෙන්වා දී ඇති නෛසර්ගික ව්‍යුහාත්මක අසංගතිය අනුව යථාර්ථය අතිරික්තයක් සමඟ සම්බන්ධ නො වන අතර එමඟින් පෙන්වා දෙන්නේ නෛසර්ගික පසසමිතුරුතාවයකි. මෙම බැරියාව (impossibility) හෙවත් සංකේතනය හරහා ඇති කැපුම මැජික් බලයකින් ඉක්මවා යා නො හැකිය. ඒ වෙනුවට එය සංකේතනය තුළ පවතින සැබෑවක් ලෙස වටහා ගත යුතු ය.

මෙහි දී සිදු වන්නේ ඥානවිභාගාත්මක බාධාව (epistemological obstacle) සද්භාවාත්මක බැරියාවක් (ontological impossibility) බවට පත් කිරීමයි. එනම්, දෙය (the Thing) අල්ලා ගැනීමට දරන උත්සාහයන් බිඳවැටීම දෙයෙහිම ලක්ෂණයක් ලෙස තේරුම් ගැනීම යි.[so we are not in position of the master ; of ”The thing”.] එය සැබැවේ මදයෙහි පවතින බැරියාවයි. මෙමඟින් දෙය (the Thing) හි සැඟවුණු යමක් පවතින්නේය යන අදහස් ලබා නො දෙන අතර අප දකින බාධාවෙන් ඔබ්බෙහි පවතින්නේ හිස් බවක් යන අදහස පමණක් ලබා දෙයි. වස්තු ව්‍යුහගතව පවතින්නේ එවැනි ස්වයං බැරියාවක් වටා ය. එය අවබෝධ කර ගැනීම සහ පෙන්වාදීම අපගේ ක්‍රමවේදයයි. ඒ අනුව අප ලාංකේය සාම්ප්‍රදායික ”විචාරවේදයේ” සිට ”පරමාර්ථවේදය” දක්වා පියවරක් ඉදිරියට තබා ඇත්තෙමු.

තව ද අප වටහා ගත යුතු වන්නේ ගැටලුවක් දෙස බැලීමේ දී ස්ත්‍රී ආස්ථානයට (non-All) වඩා පුරුෂ ආස්ථානය (All) වඩා දේශපාලනිකය යන්න හෝ පුරුෂ ආස්ථානයට වඩා ස්ත්‍රී ආස්ථානය දේශපාලනිකය යන්න තීරණාත්මක නො වන බවය. මන්ද යත් ස්ත්‍රී-පුරුෂ පසමිතුරුතාවය යනු සහසම්බන්ධ ප්‍රතිපක්ෂයක් නො ව එක (one) යන්න එකට වඩා වැඩි දෙයක් (one plus) බවට පත් වීමක් මිස එක දෙක (one-two) බවට පත් වීමක් නො වේ. අප වටහා ගත යුතු වන්නේ ස්ත්‍රී-පුරුෂ ඇතුළු සියලු පසමිතුරුතාවයන්ට වඩා පන්ති පසමිතුරුතාවය අතිමූලිකබව ය. එනම්, ස්ත්‍රී ආස්ථානය හෝ පුරුෂ ආස්ථානය අවසානයේ දී තීරණය වන්නේ පන්ති පසමිතුරුතාවය මත ය. එවිට කෙනෙකුගේ දැක්ම (gaze) සඳහා බලපෑම් සහගත වන්නේ ස්ත්‍රී-පුරුෂ පසමිතුරුතාවයට වඩා පන්ති පසමිතුරුතාවය ය. එවිට පන්ති පසමිතුරුතාවය යනු බාහිර සීමාවක් නො ව අභ්‍යන්තර සීමාවක් බව වැටහේ. එමඟින් පන්ති පසමිතුරුතාවය යනු පන්ති සමාජයක සිටින කෙනෙකුගේ පන්ති සලකුණෙහි නො වැළැක්වියහැකිතාවයයි. මෙහි දී පසමිතුරුතාවය යන්න සායනික මානයකින් දේශපාලන මානයකට ද විතැන් වේ. එනම්, එය පුද්ගල මට්ටමකින් සමාජීය මට්ටමකට විතැන් වේ.

තව ද කලාව හා ධනවාදය යනු පංති පසමිතුරුතාවය වන බැවින් දේශපාලන පක්ෂයක් නො මැතිව හුදෙකලා දූපත් ලෙස මතු වී ධනවාදී කතිකාව වෙනස් කළ නො හැකි බව අපගේ අදහසයි. අවසාන වශයෙන් අපට කිව හැක්කේ සතුරා විනාශ කිරීම සඳහා ද අප අනුගමනය කරනු ලබන්නේ හේගලියානු ක්‍රමවේදයක් බව ය. එනම්, සතුරාට හැකි තාක් තමන්ගේ විභවයන් විකසිත කර ගන්නට ඉඩ හැරීමයි. ඒ අනුව ස්වකීය ආස්ථානයේ සංගතභාවය තුළ නෛසර්ගික ව පවතින බාධාව සමඟ කිසිඳු බාහිර බාධාවක් ඔහුට අභිමුඛ නො වන බැවින් ඔහුගේ සාර්ථකත්වයම ඔහුගේ අසාර්ථකත්වය බවට පත් වේ. මෙය සතුරා සමඟ සටනේ දී අත්දුටු හා ප්‍රත්‍යක්ෂ උපක්‍රමයකි. එය ද අප විසින් මෙරටට හඳුන්වා දෙන නව දැනුමකි.

PARTY TEAM

]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

 

ඔබේ අදහස කියන්න...