Traditionally “Traversing the fantasy” involves the “talking cure” where an analyst helps the analysand come to realize the fantasy’s which structure their ego are just that, wherein we can finally overcome them and obtain a healthy balance between our object petit a and the Autre A — gaining a healthy sense of ourselves and the world; both of which are incomplete and imperfect and bound to failure and violence.

“Traversing the fantasy”

දේශපාලනය සම්බන්ධයෙන් තිබෙන පොදු ගැටලුව වන්නේ, රාජ්‍යය පිළිබඳ ගැටලුවයි. ලෙනින්ගේ ‘රජය සහ විප්ලවය’ කෘතියේ හරය තනි වාක්‍යයකට කැටි කළහොත් ඉන් අදහස් වන්නේ, පන්ති අසමානතාවය රජ කරන ලොවකදී විමුක්තිය දිශානත වී ඇත්තේ පන්ති සහයෝගීතාවය සංරක්ෂණය කරන පීඩක රාජ්‍යයට එරෙහිව බවයි. එය විනාශ කිරීම නිර්ධන පන්තියේ විමුක්තිය යි.

           පසුගිය වසර 15ක කාලය තුළදී අප ශ්‍රේෂ්ට ලෙනින්ගේ ඉහත ප්‍රවාදය (Opinion පත්‍රිකාව) කණපිට හරවා ඇත. ලංකාවේ දී වමේ ගැටලුව (Question of left) යනු, රාජ්‍යයේ පීඩකභාවය හෝ එහි මර්ධිතභාවය පිළිගැනීම නොව ”සිවිල් සමාජයේ දේශපාලන-ආර්ථික ව්‍යුහය” රාජ්‍යය තුළ තාර්කික වී ඇති ආකෘතිය වෙනස් කිරීමයි. පටු ලෙස කියන්නේ නම්, ලංකාවේ රාජ්‍යය විනාශ කිරීම සිවිල් සමාජයේ අරමුණයි. අපේ අරමුණ වසර 2009 ට පසු රාජ්‍යය ප්‍රතිවූහගත කිරීමයි.[restructuring our State] එය අපගේ දේශපාලන පීඩිතයන්ට පවා තවම දිරවා ගත නො හැකි X වූ විට දී, පීඩකයන්ගේ විපරිත දර්ශනය [Pervert Philosophy] වෙනුවෙන් පෙනී සිටින හිස්ටෙරික දාර්ශනික ප්‍රවේශය විජේවීරවාදය යි. අපි සමාජයේ ශ්‍රමය විනයගත කළ යුතු යැයි ද, එය රාජ්‍යයේ මෙහෙයුම් බලයට යටත් කළ යුතු යැයි ද කියන්නෙමු. එසේ කියන්නේ, වැඩකරන ජනතාවගෙන් 60% කට ඇත්තේ ආකෘතික ප්‍රජාතන්ත්‍රවාදයක් පමණක් නිසා ය. දේශපාලන විද්‍යාඥයෙක් යැයි පවසන (අප ද ඇතුළත්ව) ජයදේව උයන්ගොඩ පවා ‘අධ්‍යාපනයෙන්’ සිවිල් සමාජයට ඇතුළු වී අද කඹුරන්නේ, රාජ්‍යය දියකර හැරීමට ය. ඔහු සහ ලෙනින් අතර ආකෘතිමය වශයෙන් වෙනසක් නැත. ඔහු තවමත් සාම්ප්‍රදායික මාක්ස්වාදියෙකි.

         ව්‍යාපාරයක් ලෙස අපගේ සංවිධානයට හිස්ටෙරික දර්ශනවාදයන් දෙකකට මුහුණ දීමට ඉතිහාසය පුරා සිදු විය.

 

1.රොහාන් පෙරේරාගේ හිස්ටෙරික දර්ශනය.

 

2. ප්‍රභා මනුරත්නයන්ගේ හිස්ටෙරික දර්ශනය. (මේ සඳහා, 2005 ජනවාරි-පෙබරවාරි London අවසාන සඟරාව කියවන්න. ඊට පෙර සඟරාව සමඟ සසඳමින් මෙම සඟරා දෙකෙහි උද්ධෘත පාඨ දෙකෙහි වෙනස මඟින් එහි දර්ශනවාදයන් දෙක අතර පරතරය [gap] කියවිය හැකිය. ‘ලන්ඩන්’ ආරම්භක සඟරාවේ සටන් පාඨය වූයේ, ‘ශිෂ්ටත්වයේ සිහිනය’ යි. නමුත්, අවසාන සඟරාවේ නැගලා ගිය සටන් පාඨය වූයේ, ‘ශිෂ්ටත්වය ෆැන්ටසියෙන් ඔබ්බට’ යන්න ය. පළමුවැනි සටන් පාඨය යනු, හිස්ටෙරික දර්ශනය යි. එනම්, ආශාව සහ අවිඥාණික නීතිය අතර පවතින මර උගුලයි. හිස්ටෙරිකයා  සෑම විටම කරන්නේ, ආශාවේ අවසන් නිෂ්ටාව වන ‘විනෝදය’ (අහිමි දේ ලැබීම) සෑම විටම ප්‍රශ්න කිරීමයි. එනම්, ‘විනෝදය’ සැක කිරීමයි. නැතහොත්, අවසන් විනෝදය දින නියමයක් නැතිව කල් දැමීමයි. නමුත්, දෙවන සඟරාවේ සටන් පාඨය වන ‘ශිෂ්ටත්වය ෆැන්ටසියෙන් ඔබ්බට’ යාමක් ජනිත කරයි. මෙය, ප්‍රභාගේ ආශාව නොව සඟරාවේ පිරිමි අයිතිකරුවන්ගේ වැඩකි. ෆැන්ටසිය සහ ආශාව යනු, පුපංච දෙකක් නොව එකකි. ෆැන්ටසිය ද ආශාවකි. එම නිසා, අවසන් සඟරාවේ සටන් පාඨයෙන් ගම්‍ය කරන රැඩිකල් ප්‍රවේශය දාර්ශනික අර්ථයකට ගෙන ආ විටදී එය, විපරිත දර්ශනයකි. එනම්, ආශාව හෝ එහි මාස්ටර්වරයාගේ සීමාව ඉක්මවා ගොස් අපරිමිත විනෝදය විඳින්න යන්න ය! මෙය, සාද්ගේ , මිචෙල් ෆූකෝ සිට පශ්චාත්-යටත් විජිතවාදීන් දක්වා වූ දර්ශනය යි. බොහෝ විට, ජාතිවාදීන් ද අයත් වන්නේ මෙම විපරිත දර්ශනවාදී (Pervert Philosophy) ප්‍රවේශයට යි. සැක කිරීම සහ අනවරත ඉල්ලීම් වලට එහායින් ලබන විනෝදය පිළිබඳව ප්‍රශ්න කිරීමක් විපරිතයන් දන්නේ නැත.)

1st London. Miracles do happen.

Philosophy of Hysteria.

Final London- Enjoy your life without limits.

Philosophy of Perversion.

 

           මෙහිදී, අවධාරණය කළ යුතු වැදගත් කරුණක් ඇත. අප ප්‍රශ්න කරන්නේ හෝ හෙළි කරන්නේ, මානසික රෝග පිළිබඳව නොව යථාර්ථය සමඟ ගැටෙන ආත්මමූලික[MENTAL Structures] ව්‍යුහයන් පිළිබඳව ය.

           20 වැනි සියවසේ අවසාන කාර්තුව අවසන් වන විට දී, චින්තනයට මුණගැසෙන මර උගුල් තුනක් තිබේ. ඒවා මෙසේ ය:

 

1. ප්‍රථම ආතතිය – රැඩිකල් වාමාංශිකයන් විසින් යෝජනා කරන පන්ති අරගලය සහ පශ්චාත්-නූතන අනන්‍යතා දේශපාලනය අතර පෑස්සිය නොහැකි පරතරය.[x and JVP]

 

2. දෙවන ආතතිය – ජර්මානු විඥාණවාදය සහ ප්‍රංශ දර්ශනයේ පශ්චාත්-ව්‍යුහවාදී සහ විසංයෝජන න්‍යාය අතර පවතින පෑස්සිය නොහැකි පරතරය.

[X AND Sinhala Academia]

 

3. තෙවැනි ආතතිය – ලැකාන් විසින් සායනය තුළ දී හඳුනා ගන්නා චරිත ව්‍යුහයන් දෙකක් වූ හිස්ටීරියාව සහ විපරිතභාවය අතර පෑස්සිය නොහැකි පරතරය. කෙනෙකු මගෙන් ඔබේ ආත්මීය ස්ථාවරය කුමක්දැයි ඇසුවහොත්, ඊට කෙටි පිළිතුරක් මෙසේ ගොනු කළ හැකි ය. එය, ග්‍රස්ථික-හිස්ටීරියාව ලෙසින් හැඳින්විය හැකි ය. ශිෂ්ටත්වයේ සිහිනය යනු, හික්මීම හෝ විනයගත වීම නොවේ. ඉන් අදහස් වන්නේ, සැබෑවේ කලාපයට අයත් ප්‍රාතිහාර්යයන් සිදු වීමට ඉඩ ඇත යන්න විශ්වාස කිරීමයි. ඩෙරීඩා, කාන්ට් සහ ලුබ්යානා ගුරුකුලය අයත් වන්නේ හිස්ටෙරික-ග්‍රස්ථික ආත්මීයත්වයට ය. මෙම හිස්ටෙරික-ග්‍රස්ථික ආත්මීයත්වය හා විපරිත ආත්මීය ව්‍යුහය අතර ක්‍රියාවේ දී පහත පරිදි ඇත්තේ, රැඩිකල් වෙනසකි.

 

1.හිස්ටෙරික-ග්‍රස්ථික ආත්මීයත්වයේ ආචාරධර්ම (Ethics) පක්ෂය සම්බන්ධ වන්නේ, තමන්ටම ය.

 

2. විපරිත ආත්මමූලිකත්වය ප්‍රශ්න කරන්නේ, තමන්ව නොව තමන්ට සම්බන්ධ අනෙකාගේ සදාචාරය යි. නිවැරදිව කියන්නේ නම්, ඔවුන් ප්‍රශ්න කරන්නේ තම මාස්ටර්වරයා විසින් තමන්ගේ විනෝදයට තහංචි පැනවීමක් පිළිබඳ පැමිණිල්ලකි. මේ අර්ථයෙන්, මෙය පවතින සමාජ සදාචාරය ආරක්ෂා කරයි. මේ හේතුව තව තරමක් දිගු කළ විට දී, තවත් සූත්‍රයක් නිමවා ගත හැකිය. ඔවුන්ගේ පැමිණිල්ල වන්නේ, තමන්ගේ විනෝදය පිළිබඳව නොවේ. ඔවුන්ගේ තිසීසය වන්නේ, මාස්ටර් නිසා කල්පිත අනෙකෙකු නොමඟ යනවා සහ ඔවුන්ට විනෝදය අහිමි වන බවයි. ඔවුන් අනෙකාගේ විනෝදය ආරක්ෂා කිරීමේ ප්‍රජාතාන්ත්‍රික අරගලයක පැටලී සිටිති. ඔවුහු ශුද්ධ විපරිතයන් ය. අත්දැකීම්වලින් පිරිපහදු කරන ශුද්ධ විනෝදය ඔවුන්ගේ සටන් පාඨය යි.

[x and Former x]

 

             මා ඉහතින් විදාරණය කරන ලද්දේ, 2005 වර්ෂයේ සිට ගතවූ වසර 18ක පමණ කාලය තුළදී මගේ අධ්‍යයන අරගලයේ දිශානතිය පිළිබඳ කෙටි සාරාංශයකි. මෙහිදී, මා විසින් පැහැදිලි ලෙස ලංකාවේ වාම අගතීන්ගෙන් ගැල වී ගියේ ඉහත න්‍යායික සූත්‍රකරණය පදනම් කොටගෙන ය. මේ න්‍යායික ජයග්‍රහණයේ පදනම රඳා පවතින්නේ, අන්තර්ගතය (Content) පිළිබඳ අධිනිශ්චයක් හරහා නොව ආකෘතිය (Form) පිළිබඳ ද්විත්ව සංශයක් උපයෝගී කරගෙන ය. 2005 වැනි වසරක වංගීස මගේ දාර්ශනික ස්ථාවරය ප්‍රශ්න කරන ලද්දේ, ඔබ කියන දේ නිවැරදි වී අන් අය කියන දේ වැරදි වන්නේ කෙසේ ද කියා ය. අපි මෙය ගැටලුවක් ලෙසින් ගනිමු. ඔහු වහරන්නේ, මෙවන් ගැටලුවකි: ඔබ නිර්වචනය කරන ඩෙරීඩා, ලැකාන්, ෆූකෝ හරි වී අන් අයගේ අර්ථකතන වරදින්නේ ඇයි?

        වංගීස යම්කිසි දාර්ශනික ගැටලුවක් (එනම්, සත්‍යය) ආත්මමූල තැනකින් වස්තුමූල තැනකට විස්ථාපනය කරයි. සරලව කිවහොත්, ගැටලුව සද්භාවවේදයෙන් ඥාණ-විභාගයට මාරු කරයි (Old leftist problem). එනම්, පුද්ගලයෙකුගේ ආත්මීය මර උගුලක් ශුද්ධ වාස්තවික  ප්‍රබන්ධයක් වෙතට තල්ලු කරයි. මෙහි ප්‍රතිශාන්තිකරණ ප්‍රවේශය මෙයාසු මඟින් තහවුරු වෙයි. මේ මෑතක දී, කෙනෙක් අතින් අහම්බයකින් යම් සත්‍යයක් කියවුණි. “ මම මෙයාසුගේ පොත ගත්තා. කියෙව්වේවත් නැහැ. සහසම්බන්ධතාවාදය කියන වචනය මට වේදනානාශක පෙත්තක්. මට හරි සනීපයි ඒ පොත සිංහලෙන් තියෙන එක.” සාරය සම්මුඛ වනවාට බිය ආත්මමූලිකත්වය කුමක් ද? මෙතැන දී, හිස්ටෙරිකයා සහ විපරිතයා අතර ප්‍රාථමික තලයේ ගැටුමක් ඇත. එනම්, හිස්ටෙරික ආශාවේ මර උගුල ‘අවසාන විනෝදය’ දක්වා රැගෙන යාමට බියෙන් පෙළෙයි. එහිදී, හිස්ටෙරිකයා තම විනෝදය පිළිබඳ ප්‍රහේලිකාව තම මාස්ටර්වරයාට පවරයි. එමඟින්, මාස්ටර්වරයා අවශේෂ හෝ අඩපණ වනු ඇතැයි අපේක්ෂා කළ ද සැබැවින්ම සිදු වන්නේ එහි විලෝමය යි. එනම්, මාස්ටර්වරයාව සහ පවතින මර්ධිත සමාජ-සංකේතීය පද්ධතිය යළිත් නව වටයකින් සන්නද්ධ කිරීමයි. ‘නිම්මි නාලිකා මැණිකේ’ ඩෙරීඩා කියවීමේ දී, ලාංකීය අර්ථයෙන් අමතර දුරක් ගමන් කරන බව සත්‍යය. ඇයට අනුව අනෙකා (Other) යනු, අන්තරස්ථ – immanent- නැතහොත්, තමාගේම කල්පිත අනෙකෙකි.[FANTASMATIC OTHER] ඇය එතැන දී තම අනෙකාව ආත්මීයත්වය තුළට නැතහොත්, තම පැවැත්මේම කොටසක් ලෙසින් වටහා ගනියි. එබැවින්, ඇය තම ඩෙරීඩා කියවීමේ දී බාහිර අනෙකාගෙන් (Outside other- objective other) ඉවත් වෙයි. නමුත්, මේ නිසා ඇය වෙනත් තලයක මුලාවකට ගමන් කරයි. එනම්, එම්මෑනුවෙල් ලෙවිනාස්ගේ අදහසක් වන ‘අනෙකා විවෘත ය’ යන ප්‍රවාදය සමඟ ගැලපී යාමට උත්සාහ කිරීම නිසා මේ අභ්‍යන්තර අනෙකා යනු, ආත්මීය ෆැන්ටසියක් බව ඇයට නොපෙනී යයි. නමුත්, ලැකාන්වාදීන් වන අප කියන්නේ, ඔබට විමුක්තිය අවශ්‍ය නම්, මේ අභ්‍යන්තරික ෆැන්ටාස්මැතික- ෆැන්ටසිමය නොවේ- අනෙකාගේ නහයෙන් ලේ එන්නට මුහුණට පහර දිය යුතු බවයි. [VIOLENCE IS POSITIVE] අනෙකාගේ මුහුණ යට ඇත්තේ, මස් වැදැල්ලක් සහ නහර පන්තියක් පමණි. ‘සංශය’ හොඳ දාර්ශනික පිළිතුරක් නොවේ. අප සත්‍යය දෙසට ගමන් කරන්නේ නම්, සංශය ද සංශයට (doubting the doubt) භාජනය කළ යුතු ය. ගැටලුවේ අන්තර්ගතය පමණක් නොව ගැටලුවේ ආකෘතිය ද දෙවරක් සංශයට භාජනය කළ යුතු ය. ලෙවිනාස් අනෙකාගේ ආශාවේ අපරිමිත විවෘතභාවයට ඉඩ දෙන විට දී ඔහුගේ පස්ස දොරෙන් ඇතුල්වන අගතිය වන්නේ, මගේ ආශාවේ මර උගුල නැතහොත්, ප්‍රෙහේලිකාව අනෙකාගේ හදවතේ සටහන් වී ඇතැයි යන සමපේක්ෂණය යි. නමුත්, ලැකාන්වාදීන් වන අපි මේ පශ්චාත්-නූතන අනෙකාගේ ආශාව (කීර්තිය සහ යසස උදෙසා ඉදිමෙන මාධ්‍ය සංදර්ශන අනෙකා- විපරිත අනෙකා) සංශයට ලක් කළ යුතුය යන ආස්ථානයේ සිටින්නෙමු. එපමණක් නොව, මැණිකේ ගමන් නො කරන ඉතිරි දුර වන ”මාගේ ආශාව යන්න ද”- එනම්, මාගේ අවිඥාණික ආශාව ද වාස්තවික- සංශයට භාජනය කළ යුතුය. ඒ අර්ථයෙන්, අපගේ අනෙකාව පමණක් නොව අපව ද ගලවා ගැනීමේ වගකීම ඇත්තේ, අපටම ය. මැණිකේ තමන්ගේ ගලවා ගැනීම විපරිත අනෙකෙකුට භාර දී ඇත. ඇගේ දිශාණතිය නිවැරදි ය. නමුත්, තබන පියවරවල් වැරදි ය.

          අපි දැන්, වංගීස වෙතට යොමු වෙමු. ඔහුට අනුව, අනෙකාට අදාළ වරද නිවැරදි කිරීමේ ඥාණ-විභාගයක් මෙලොව ඇත. නමුත්, ලැකාන්වාදීන් වන අපට අනුව අනෙකා දන්නේ නැත. ඒ හේතුව නිසා, මමත් දන්නේ නැත. එම නිසා, මට අනෙකා පිළිබඳව කළ හැක්කේ අනුමානයක් පමණි. එනම්, මනෝවිශ්ලේෂණයේ දී කතා කරන්නේ, බාහිර අනෙකෙක් (External Other) පිළිබඳව නොව අභ්‍යන්තරිකව පැවතී එළියට විසි වූ අනෙකෙක් පිළිබඳව ය. (Extimated intimate  Other- බහි අනෙකා) හෛඩගර් කතා කරන සත්තාව (Being) පවතින්නේ, පිටත ය. මෙම සන්දර්භයට අදාළව ගත් විට දී, මිනිසෙකුගේ ආත්මමූලිකත්වයට බලය- power- යන අදහස අභ්‍යන්තරික ය. එය, ධනාත්මක ය. ‘බලයට’ විරුද්ධ පාර්ශවය පැමිණෙන්නේ, බලයටම අභ්‍යන්තරිකව යන්න ලෙස ෆූකෝ පහදන්නේ මේ නිසා ය. මෙම තත්ත්වය පිළිබඳව ජූඩීත් බට්ලර් ඇයගේ ‘The Psychic Life of Power’ පොත තුළින් පහදන ලදී. ඇයට අනුව, ආත්මමූලිකත්වය නිෂ්පාදනය වන්නේ ම බලයේ ක්‍රියාකාරීත්වය තුළින්ම ය. ඒ අර්ථයෙන්, ඇය ප්‍රශ්න කරමින් සිටින්නේ හිස්ටීරියාවේ දර්ශනය යි. එනම්, හිස්ටෙරිකයාගේ මාස්ටර් සිටින්නේ, බාහිර ලෝකයක නොව ඇයගේ ම ආත්මීයත්වය තුළ බවයි. මෙම තත්ත්වය මඟින්, X කණ්ඩායමේ විමතිකයන් මතු කළ ස්වාමියා-වහලා සම්බන්ධය පිළිබඳ වැරදි කියවීම ද හෙළිදරව් විය. මේ ස්වාමි-වහල් සම්බන්ධය යනු, විඥාණ ආකෘතියක් මිස බාහිර බල සම්බන්ධයක් නොවේ. මේ පිළිබඳව සමන් පුෂ්පකුමාරගේ අවබෝධය නිවැරදි ය.  බට්ලර්ට අනුව, හිස්ටීරියාව අවිඥාණය පැත්තට දිශාණත වන බව සැබෑ ය. නමුත්, අවිඥාණක අදහස් වලට පවා බලයේ සරණ නොගොස් ක්‍රියාත්මක වීමට නොහැකි නම් අවිඥාණය සත්‍යය නිරූපණය කරන්නේ කෙසේ ද?[negativity]

BERLIN, GERMANY – SEPTEMBER 15: Judith Butler poses for a photo at the Jewish Museum on September 15, 2012 in Berlin, Germany. Butler is a philosopher and professor awarded the Theodor W. Adorno Award this year. (Photo by Target Presse Agentur Gmbh/Getty Images)

           බට්ලර් විසින් මිචෙල් ෆූකෝට එරෙහිව අවිඥාණය නම් ප්‍රපංචය පවතින්නක් ලෙසින් පිළිගනී.[positivity] ඇය විසින් මිනිසාගේ ආත්මමූලිකත්වය ආරම්භ වන නිශ්චිත මොහොත පිළිබඳ ෆ්‍රොයිඩ් විසින් ඉදිරිපත් කරන වැදගත් විවාදය කරළියට නැවත කැඳවන ලදී. ෆ්‍රොයිඩ්ට අනුව, මිනිසාගේ ආත්මමූලිකත්වය[subjectivity] හට ගන්නේ බාහිරින් ඇතුළට ක්ෂතියක් [trauma] ලෙස කඩා වදින වැඩිහිටියෙකුගේ අවිඥාණක ආශාවක් නිසා ය. බට්ලර්ට අනුව, මෙම වැඩිහිටි අවිඥාණක ආශාව කුඩා දරුවා වැඩිහිටි වන විට දී කුමක්දැයි අර්ථකතනය කිරීමට උත්සාහ කරයි.[nameless trace] එනම්, දරුවා බාහිරින් ඇතුළට කඩා වදින ආශාවේ සිදුවීම නිසා ඊට ලාලසීයව බැඳෙයි. මෙම තත්ත්වය මේ හේතුව නිසා, මනුෂ්‍ය ජීවිතයේ ලාලසීය බැඳීමක්- passionate attachment- ලෙසින් බට්ලර් හඳුන්වන ලදී.

           ලැකාන් විසින් බට්ලර් විසින් හඳුනා ගන්නා ‘ලාලසීය බැඳීම’ නම් කරන්නේ, ප්‍රාථමික ෆැන්ටසිය (Fundamental Fantasy) නමිනි. ආශාව සහ නීතිය අතරත්, මර්ධනය -repression- සහ විමුක්තිය – liberation -අතරත් පවතින විසඳිය නොහැකි මර උගුල ගැට ගැසී ඇත්තේ, වැඩිහිටියාගේ ආශාව දරුවා විසින් අර්ථකතනය කිරීමට දරන උත්සාහය තුළ ය. බට්ලර්ට අනුව, වැඩිහිටියාගේ ආශාවට යටත් වීමට දරුවාට සිදු වීම නිසා මිනිස් ආත්මමූලිකත්වයේ ආරම්භය අවනතභාවය හෝ කීකරුභාවයට අනුරාගිකව බැඳීමයි. මෙම අනුරාගික බන්ධනය කඩන්නේ නම්, බාහිර මර්දනයට එරෙහි සටන පටන් ගන්නේ දෙවැනි පියවරක් ලෙසිනි.

උදාහරණයක් ලෙස, ‘තුන්වෙනි යාමය’ චිත්‍රපටයේ කුඩා දරුවා බාහිර විදුලි කෙටීමක් නිසා මැදියමේ දී අවදි වෙයි. ඔහු ඊට බිය වී තම මව්පියන් නිදාගන්නා ඊළඟ කාමරයට ගමන් කරන අතර එහිදී ඔහුට හමු වන්නේ, තම දෙමාපියන් ලිංගික සබඳතා පවත්වන නිදි ඇඳයි. ඔහුගේ ආත්මමූලිකත්වය හට ගන්නේ, නිදන කාමරයෙන් ඔහුට ඇසෙන ”කෙඳිරිලි ශබ්දය” නිසා වන අතර දෙවනුව ඔහුට ලැබෙන්නේ පියාගෙන් කම්මුල් පහරකි. දරුවාගේ පළමු අනෙකා වන්නේ, මෙම කෙඳිරිලි ශබ්දය වන අතර ඔහු ඊට ලාලසීයව බැඳෙයි. ඉන්පසු, ඔහු උත්සාහ කරන්නේ මෙම කෙඳිරිලි ශබ්දය හිමි වැඩිහිටි දෙමාපියන්ගේ ආශාව අර්ථකතනය කිරීමට ය. එය, ඔහුට ද ප්‍රහේලිකාවකි.

           ඔහුට කම්මුල් පහර එන්නේ, දෙවනුව ය. කෙඳිරිලි ශබ්දය නිසා දරුවා ලබන ස්නායු ස්පර්ශය බාහිරින් මර්ධනය වන්නේ, පියාගේ කම්මුල් පහර හරහා ය. ඒ අනුව, ආශාව සහ නීතිය අතර දයලෙක්තිකයක් හට ගනියි. ආශාවේ තෘප්ත වීම නීතිය උල්ලංඝනය කිරීම ලෙසින් දරුවා හඳුනා ගනියි. ආශාවට එය තෘප්ත කර ගැනීමට එක් පසෙකින්, තහනම අවශ්‍ය අතර අනෙක් පසින්, එම තහංචිය අවලංගු වූ වහාම තෘප්තිය ද මිය යයි. මිනිසාගේ ආත්මමූලිකත්වය බිහිවන නිමේෂය තුළදී එකවර මර්දනයට ආශා කිරීම (ස්වපීඩාව) සහ ඊට එරෙහි වීම හටගනියි.[sadism]

               මනෝවිශ්ලේෂණ න්‍යායට අනුව, දරුවා වැඩිහිටි වූ පසු යළි යළිත් ආවර්ජනය කරන්නේ තමන්ගේ ‘ආත්මය’ බිහි කළ නැතහොත්, තම ජීවිතයට හිස්තැනක්, මැකිය නොහැකි කැළලක් නිර්මාණය කළ ඒ මොහොතට නැවත ගමන් කිරීමට ය. ඒ මොහොතේ, වැඩිහිටියා තමන්ට කළ දෙය නැවත දර්ශනයක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට දරුවෙකු ලෙස ගොතන ප්‍රබන්ධයට අපි කියන්නේ ෆැන්ටසිය කියා ය.[Fantasy]

               ලැකානියානු මනෝවිශ්ලේෂණයට අනුව, මිනිස් ආත්මමූලිකත්වයේ ආරම්භයන් සනිටුහන් වන්නේ වැඩිහිටියාගේ අවිඥාණක එනම්, ලිංගික ආශාව නිසා ය. වැඩිහිටියාගේ මෙම ආශාව දරුවාගේ පැත්තෙන් ගත් කළ පාරාන්ධ ය. දරුවාගේ සාමකාමී ලෝකය කඩා විසුරුවා හරින කලු පැල්ලම වන්නේ, මෙම වැඩිහිටි ආශාවයි. මේ ආශාව කුමක්ද කියා දරුවා නොදන්නා නිසා එය ඔහුට/ ඇයට සාධනය වන්නේ ගැටලුවක් ලෙසිනි. ඔබට අවශ්‍ය කුමක් ද? ෆැන්ටසිය පිළිතුරු සපයන්නේ, මෙම ගැටලුවට ය. ප්‍රාථමික ෆැන්ටසිය යනු, දරුවා දෙන පළමු පිළිතුරයි. වැඩිහිටියාගේ ආශාවේ පාරාන්ධ ප්‍රහේලිකාවට පිළිතුරු සෙවීමට දරුවා දරන උත්සාහය තුළ ඔහු තමාවම විඳවන ආත්මයක් (Make/ sees himself suffering) ලෙසින් දකියි. ඇත්තටම බාහිරින් සිදුවීමක් වුවත් නැතත්, මෙම අවධිය වන විට දී මෙවැනි ස්වපීඩා ෆැන්ටසියක් තම වැඩිහිටියන් සම්බන්ධයෙන් දරුවා නිපදවයි. එනම්, අනෙකාට නැතිනම්, වැඩිහිටියාට අවශ්‍ය මම විඳවනවා දැකීමට (Other wants me to suffer) ය. අනෙකාට අවශ්‍ය වන්නේ, මේ වේදනාකාරී ගැටලුව දරුවා අත්විඳිනවා දැකීමට ය. දරුවාගේ පැවැත්මට මුලින්ම පැමිණෙන අන්තර්ගතය වන්නේ, මෙම ස්වපීඩා ෆැන්ටසිය යි. එහි තර්කනය මෙසේ ය. බලන්න! මම විඳවනවා. එම නිසා, මම පවතිමි. මෙමඟින්, දරුවාට බාහිරින් ධනාත්මක පැවැත්මක් එන්නත් වෙයි. බාහිර වැඩිහිටියාගේ අඥාත ආශාව දරුවා තුළ අභ්‍යන්තරිකව පරාවර්තනය වීම නිසා දරුවා ස්වයං-යටත්කරණයට ලක් වන අතර එය දරුවාට වේදනාත්මක සතුටක් නිසා බාහිර මර්දනයට දරුවා ආශා කරයි.

          ලැකාන් සහ බට්ලර් අතර ආත්මමූලිකත්වය බිහි වීම පිළිබඳ වෙනස ලකුණු කිරීම මෙතැනදී වැදගත් ය. ලැකාන්ට අනුව, ආත්ම මූලිකත්වයට වඩා ප්‍රාථමික පැවැත්මක් මිනිසාට ඇත. එය, හිස් ආත්මය යි. ආත්මමූලිකත්වය යනු, මේ හිස් ආත්මය පුරවා දමන ප්‍රථම ප්‍රබන්ධය යි නැතහොත්, ආඛ්‍යානය යි. ක්ෂතිමය සිදුවීමක දී මෙම ආත්මමූලිකත්වය නම් ප්‍රබන්ධය ද ආත්මයෙන් ගැලවී ඉවතට විසි වී යා හැකිය. එය, ආත්මීයත්වය පවා අහිමි වීමයි. එනම්, ආත්මය (Subject) සහ ආත්මමූලිකත්වය (Subjectivity) අතර පරතරයක් (Gap) පවතියි. ෆැන්ටසිය යනු, මේ පරතරය නිසා හට ගන්නා ගැටලුවට දෙන පිළිතුරයි. ඒ අනුව,   ෆැන්ටසිය පාරදෘශ්‍යකරණය සහ පාරාන්ධ කරන්නේ, කල්පිත අනෙකෙකුගේ අවිඥාණක ආශාවකි. බාහිර අනුභූතික අනෙකෙකු ආත්මයට හමු වීම ද්විතියික ය. උදාහරණයක් ලෙස, දෙමාපියන්ගේ නිදන කාමරයට ඇතුල් වන දරුවා කෙඳිරිලි හඬ නිසා විනෝද වෙයි. එම විනෝදය සීමා කර ගැනීමට පිටතින් එන පියාගේ අහඹු කම්මුල් පහර මර්දනය යි. මෙතැන, අනෙකුත් වර්ග දෙකක් සිටියි. එක් අයෙකු සද්භාවාත්මක ය. එනම්, තම පැවැත්මේම කොටසකි. අනෙකා, බාහිර ලෝකයෙන් එනම්, වාස්තවික ප්‍රබන්ධ ලෝකයෙන් පැමිණෙයි. එය, අනෙකා වරදවා වටහා ගැනීමකි. එය, පරපීඩක ය.

            ජීන් ලැප්ලාන්ච් නම් මනෝවිශ්ලේෂකයා ඉහත අනෙකාගේ ආශාවේ ප්‍රහේලිකාව තවත් සංකීර්ණ අඩවියකට ගෙන යයි. ඔහුට අනුව, මෙම අනෙකාවත් ඔහුගේ/ ඇයගේ ආශාව කුමක් ද කියා දන්නේ නැත. එවිට, අනෙකාට මගෙන් කුමක් වුවමනා ද? යන ප්‍රශ්නයට පිළිතුර වන්නේ, අනෙකාත් එය නොදනී යන්න ය. අවිඥාණය යනු, අනෙකාගේ කතිකාවක් යැයි ලැකාන් කියන්නේ මේ නිසා ය. මෙහි අදහස වන්නේ, වැඩිහිටියාගේ ක්‍රියාවන් සහ වචනවල අර්ථය ඔහුවත් දන්නේ නැත යන්න ය. එම නිසා, කොගීටෝව පිළිබඳ සංශයවාදය තව රැඩිකල් කළ යුතුය. ඊට අනුව, මම සිතන තැන මට මාව වටහාගත නො හැකි ය. මම නැති තැන මම සිටියි. එය, අවිඥාණය යි. My Other is not, therefore I am not. විසඳුම වසඟකාරී වීමයි.[seduction]

          දර්ශනය නම් විෂයෙහි සාරය වන ‘සත්‍යය’ කරා එය ළඟා වන විට දර්ශනය එම සාරය සඟවයි. මනෝවිශ්ලේෂණය කතා කරන්නේ, දර්ශනය කතා නොකරන එහි බහිපැවැත්ම වූ සාරය (Extimated Core) යි. එනම්, සාරයක් නොමැති ආත්මය දර්ශනය නම් කතිකාව තමාගෙන් ඉවත් කරයි. එසේ වන්නේ, දර්ශනය අවිඥාණය මඟ හරින නිසා ය. එනම්, ‘මම ඉන්න තැන නොවේ වේදනා විදින තැන!’. එසේ වන්නේ, මගේ පැවැත්ම මටම අවිනිශ්චිත නිසා ය. ඒ අනුව, ආත්මය කරන්නේ ‘කටහඬ අනෙකා’ නම් ලාලසීය බැඳීමට අනුරාගී වීම නිසා හට ගන්නා වේදනාත්මක සතුටෙහි වගඋත්තරකරුවා කම්මුල් පහර දුන් වැඩිහිටියාට පැවරීමයි. මෙම කටහඬ අනෙකා ද දෙකට බෙදී ඇති නිසා, එම ආශාව කුමක්දැයි අප නොදන්නා තරමට දරුවාට කම්මුල් පහර දුන් බාහිර අනෙකාගේ ආශාව ද දෙකට පැලී ඇත. ලැකානියානු යථ යනු, මෙම අනෙකුන්ගේ පැල්ම පසමිතුරුභාවය තුළ ස්ථානගත කිරීමයි. එනම්, අනෙකා ඔහු හෝ ඇයගේ ආශාව කුමක්දැයි නොදනී. අනෙක් අතට, එම හේතුව නිසා ම මම මගේ ආශාව කුමක්දැයි නොදනී. මැණිකේගේ ඩෙරීඩා කියවීම තුළත්, වංගීසගේ දර්ශනය කියවීම තුළත් දෝෂය වන්නේ (වැරදීම නොවේ), ඔවුන් තමන්ගේ ආත්මීය අනෙකාගේ අවිනිශ්චිත සහ අසම්පූර්ණ පැවැත්ම චූදිතයෙකු ලෙස බාහිර අනුභූතික අනෙකෙකුට පැවරීමයි. අනෙකාගේ මුහුණට තැලෙන්නට පහර දීම යනු, අනෙකාට පහර දීම නොව තමාට ම පහර දීමයි. ලෙවිනාස්ගේ සහ මෙයාසුගේ පාරභෞතික කියවීමට අවශ්‍ය නම්, සිය අනුභූතික අනෙකාට නරුමවාදයෙන් සහ උපයෝගීතාවයෙන් ගැල වී පහර දිය යුතුය. නැතහොත්, මෙම වරද කරන විට දී සිදු වන්නේ, අපගේ මිනිස් සබඳතාවල වක්‍රතාවය බිහි වන්නේ තමන්ට චින්තනයෙන් සමීප අනුභූතික අනෙකෙකු නිසා ය යන අනුමානයෙනි. මා යෝජනා කරන්නේ, මේ සංඥාව වරදවා වටහා ගැනීමක් බවයි.

           ලංකාවේ දශක ගණනක බුද්ධිමය ඉතිහාසය තුළ දෘෂ්‍ය කලා කෘතීන් සඳහා ස්වාධීන සහ සාධාරණ න්‍යායක් ගොඩ නංවා තිබුණේ නැත. ඒ වෙනුවට, අප රටේ ඇත්තේ අනුභූතියට මුල් තැන දෙන සහ දේශපාලනමය වශයෙන් විජේවීරවාදය සමඟ අනන්‍ය වන අනන්‍යතා දේශපාලනයකි. නගරයේ ඉංග්‍රිසි ආධිපත්‍යය බිඳ දමා අපි දැනුමේ සමාජීය තලය සිංහල ලෝකයට රැගෙන ආවෙමු. නමුත්, අවාසනාවන්ත අහඹුවක් සිදු විය. එම පොදු උරුමය 2004 ට පසු තක්කඩි ග්‍රාමීය විශ්ව විද්‍යාල ගුරුවරුන් පිරිසක් විසින් යළි ඩැහැ ගන්නා ලදි. ඉන් නොනැවතී ඔවුහු රටේ පවතින සූරාකෑමේ දේශපාලන-ආර්ථිකය ද පුනස්ථාපනය කරන ලදී. මෙම කෘතිය, මෙම දේශපාලන-ආර්ථිකයට එරෙහි පළමු ප්‍රහාරය යි. එය, සත්‍යයේ මාර්ගය යි.

          ඒ වෙනුවට, කෘතිය විසින් දෘෂ්‍ය කලාවන් විචාරය කිරීමට නව න්‍යායක් බිහි කර ඇත. ඒ සඳහා, රොබට් පිපින්, බොරිස් ග්‍රොයිස්, ගිල්ස් ඩලූස්, ජාක් රොන්සියාරේ සහ තවත් බටහිර චින්තකයන් රාශියකගේ ආභාෂය ලබා ඇත. අප කර ඇත්තේ දෘෂ්‍ය කලාවන් ‘දෘෂ්‍යත්වයෙන්’ මුදවාගෙන එය, විඥාණයේ භාෂාව වන කතන්දර කලාවට (Narrative Art) විස්ථාපනය කිරීමයි. එය, කලාව දාර්ශනිකකරණය කිරීම ලෙසින් ද වටහාගත හැකිය.

 

1. රොහාන් පෙරේරාගේ හිස්ටෙරික දර්ශනය පදනම් වූයේ, ස්ත්‍රී-පුරුෂ සංසර්ගය සතුව ශේෂ වී ඇති ‘සත්ව පූච්චය’ මත ය. රොහානියානු ලිංගික පාරභෞතිකයේ අනවරත ප්‍රශ්න කිරීම සහ මාස්ටර්වරයා වෙතට එල්ල කරන ඉල්ලීම්වල සාරය වන්නේ, මෙම ‘සත්ව පූච්චයෙන්’ ඉවතට ගොස් භාෂාව මත පදනම් වූ ස්ත්‍රී ලිංගික භාෂාවක් සහ ආශාවක් නිපදවීමයි. අපගේ ඊළඟ උත්සාහය වන්නේ, මෙම ගැටලුවට අනාගතයේ දී සංයුක්ත පිළිතුරක් ලබා දීමයි. අප මෙය හඳුන්වන්නේ, පශ්චාත්-සංසර්ග ස්ත්‍රී සංවාද භාෂාව ලෙසිනි.

Deepthi KUMARA GUNARTHNE.

ඔබේ අදහස කියන්න...