‘සිරා එපා කීවට – අපි ආවා නුවරට
රනිල එපා කීවට – අපි යනවා කොළඹට‘
සබුද්ධික විශ්වයේ ඛණ්ඩාංක තුලින් වියෝවීම නම් තත්වය මතින් මර්සෝ ගමන් කරන්නේ කුමන දිශාවකට ද යන්න විශ්ලේෂණය කිරීම පශ්චාත් යටත්විජිත ආසියාතික සන්දර්භයක ජීවත් වන අපට වැදගත් වන කරුණකි. මන්ද තවමත් අප නිර්-යටත්විජිත අසමත්භාවය (failure of decolonization) හා එහි සමස්තතාවාදී ශක්යතාවය සමඟ සටන් කරන හෙයිනි. සංකේතීය විශ්වයේ තත්වයන් තම ශරීරය හරහා ප්රශ්න කරන මර්සෝ අවසානයේ ගොදුරු වන්නේ ‘ජනතාව‘ නම් නිරීක්ෂයේ විනෝද වස්තුව බවට පත්විම නම් අතාර්කික සමස්තතාවාදී අර්චනයටය. බටහිර සබුද්ධික මනෝරාජිකයෙන් (නැතහොත් උතෝපියාව පිලිබඳ ෆැන්ටසියෙන්) ඉවත් වන අයෙකුට මුණ ගැසෙන්නේ එම මනෝරාජිකයේ පරිපුර්ණත්වය පිණිස එයින් පිටමං කල අතාර්කික ගුප්ත ෆැන්ටස්මතිකයයි. එවිට ‘දැනුම‘ විසින් තීරණය කළ නුතන පැවැත්මේ බොහෝ සාධක ‘විනෝදය‘ විසින් තීරණය කරනු ලබන බව මර්සෝගේ ජීවිතය දෙස බලන විට පැහැදිලි වේ. මෙම ආතාර්කික පැවැත්මේ විනෝදය නම් මධ්යය (core) පුරවා දමනු ලබන්නේ අත්තනෝමතික කේන්ද්රයක නැත්නම් ආත්මයක නිරීක්ෂය විසින් ය. ආසියාතික පැවැත්මේ කේන්ද්රය තේරුම් ගැනීම පිණිස අගනා බටහිර උදාහරණයක් මේ අනුව ‘පිටස්තරයා’ නවකතාව සපයයි. අනුභූතික ලෙස ගත්විට උදාහරණ ලෙස මහින්ද රාජපක්ෂ නම් අත්තනෝමතික නිරීක්ෂණය විසින් තීරණය කළ ලාංකික පශ්චාත් යටත්විජිත ජාතිකවාදී ආත්මයේ ආතාර්කික විනෝදය ඔහුගේ පරාජයෙන් පසුව හිස්ටීරියාවක් (තමාගේ ප්රමෝදය පාලනය කරන ලෙසට හිස්ටරිකයා ‘අසරණ’ ලෙස ස්වාමියා ප්රකෝප කරයි) දක්වා වර්ධනය වී ඇති බව අද්යතන දේශපාලන ප්රවණතා ඔස්සේ පෙනී යයි . කදිම උදාහරනයක් – ගොලු හදවත[ඔබ මේ වනවිට නිෂ්පාදනය කරමින් හා ප්‍රති නිෂ්පාදනය කරමින් සිටින දැනුම ෆේස්බුක් වෝල් එකෙහි පළ කර අවධානය දිනා ගැනීමට ටැග් කිරීමේ දී මහින්ද පතිරණ, චරිත හේරත් හා ධම්ම දිසානායක පවා ඊට ඈදුවත් ඔබේ විශ්ව විද්‍යාල ගෝලයකු වන මා හට නිකමට හෝ අසන ගැටළුවකට පිළිතුරක් නොදෙන්නේ කුප්‍රකට බැසිල් රාජපක්ෂගේ ගෝලයා වන මහින්ද පතිරණ තරම්වත් මා නව ලිබරල්කරණයට එරෙහි නොවන නිසා බව ඔබ විශ්වාස කරන නිසාද? …..මගේ ගුරුවරයෙකුට අගෞරව කිරීමට තුන් හිතකවත් නැති අතර මහ ඇදුරු එදිරිවීර සරත්චන්ද්‍ර ප්‍රශ්න කරමින් හොදම ගෝලයා බවට පත්වූ සුචරිත ගම්ලත් ගිය මග අනුගමනය කරමින් පේරාදෙණි සම්ප්‍රදාය මත බුද්ධිමය පරිසරයක් නිර්මාණය කර ගැනීම එකම අරමුණ බව කාරුණිකව පවසමි ]

සාමාන්යයෙන් මනෝ විශ්ලේෂී තත්වයක් යටතේ පශ්චාත් රාජපක්ෂ ප්රපංචය ලාංකික සන්දර්භයක මෙතෙක් ක්රමානුකුලව තේරුම් ගෙන නොමැති නිසා රාජපක්ෂ රෙජිමය විසින් මිලියන ගණනක් වු මිනිසුන්ගේ ආත්මීය අන්තර්ගතය සහ සමතුලිතතාව තීරණය කරනු ලැබීම සහ එය අහිමි වීමෙන් ඇති වු ‘මධ්යයේ හිස්බව‘ (void at its core) විශ්ලේෂී අර්ථයකින් නිර්වචනය කර ගැනීමට හැකි වී නැත (මෙම ‘නොදැනුම’ විසින් යම්කිසි මොහොතක යහපාලනයේ අවසානය තීරණය කරනු ලබයි). එක් අතකින් අත්තනෝමතික සර්ව බලධාරී පාලකයා යනු ආසියාතික අර්ථයකින් ෆැන්ටසියකි. අපගේ විනෝදය පුර්ණ ලෙස කැපකරමින් ලබා ගන්නා වු වේදනාත්මක විනෝදය යනු විෂය විසින් නිරන්තරයෙන් බලාපොරොත්තු වන්නා වු උන්මාදි මෙන්ම මායාකාරී තෘප්තියකි. එනම් තමාට අහිමි වු විනෝදය නැවත සපයා දෙන්නා වු (procure) වස්තුව මෙය යැයි විෂය උපකල්පනය කළත් (සමස්තතාවාදී කේන්ද්රය වෙත ප්රක්ෂේපණය කලද) එයට සත්ය වශයෙන් තෘප්තිය රැගෙන ආ නොහැක. රාජපක්ෂ රෙජිමය විසින් මෙය දිගින් දිගටම ඔප්පු කරනු ලැබුව ද යටත් විජිත විෂය විසින් එය ම ආශා කරන්නේ ඇයි? එයට හේතුව නම් මෙම සර්ව බලධාරි අත්තනෝමතිකත්වය විසින් අපව ‘ෆැන්ටසි උගුලක‘ නැත්නම් ‘ෆැන්ටසි සංසරණයක‘ (loop of fantasy or circularity of fantasy) සිරගත කර තිබිමයි. අපගේ ෆැන්ටසියේ අයිතිය අපෙන් උදුරා ගෙන එය නැවත අපවෙත ලබා දෙනවා යැයි වන පොරොන්දුවකින් මෙම ඒකාධිපති පාලකයා අපව පොරොත්තු කරයි. උදාහරණ ලෙස සිංහල බෞද්ධයින් ලෙස ශිෂ්ට සම්පන්න ආචාර-ධාර්මික විශ්වයක තිබු අපගේ පැවැත්ම අපෙන් උදුරාගත් ඔවුන් (ආශාවෙන් අශ්ලීලත්වය දෙසට ෆැන්ටසි තරණයක නියුක්ත වු රාජපක්ෂ) නැවත අපට ආශා කිරීමේ වරය දෙන බවට දස අතේ පොරොන්දු වෙයි. ඒ මත පිහිටා සෑහෙන පමණ ලාංකිකයින් පාද යාත්රාෙවන් මහින්ද සමඟ කොළඹ බලා යයි. නැත්නම් ඔහු යන දෙස ආශාවෙන් බලා සිටී. හඬ (voice) සහ දැක්ම (gaze) අර්චන වස්තු බවට පත්කර ඇත

කෙසේ වුව ද පතුලක් නොපෙනෙන මෙම විනෝදයේ උත්පාදනය සඳහා සතුරු අනේකත්වයක් අවශ්ය වේ. එම පසමිතුරු අනේකත්වය මරා දැමීම සඳහා අවශ්ය දෘෂ්ටිමය දුරස්ත බව ද එවිට ම අප අපගේ බාහිර ලෝකය සමඟ පවත්වා ගෙන යෑම ද අත්යාවශ්ය කොන්දේසියකි. එම දුරස්තබව විසින් අප කරන්නාවු කුමන තරමේ හෝ අපරාධයක වරදකාරිත්වයෙන් මිදීමට අපට හැකිවේ. වෙනත් වචනයකින් කිවහොත් අපගේ සුපිරි අහම ක්රියාත්මක වීම නතර වන මොහොතේම අපගේ වරදකාරිත්වය ද අපට බාධා කිරීම නතර කරයි (බලන්න ඩෙලුස් සහ ගතරි Anti-Oedipus 2000: 143 පිටුව). මර්සෝ තම මව වෙතින් කරන දුරස්වීම, මවට ආදරය කරන පෙරස් වෙතින් වන දුරස්වීම, මරි සමඟ ගත කරන දුරස්තභාවයේ නිමේෂයන්, සලමානෝ සහ ඔහුගේ බල්ලා කෙරෙහි දක්වන උපේක්ෂා සහගත දුරස් බව, රේමන්ඩ් සහ ඔහුගේ පෙම්වතිය ගැන ඇති උපේක්ෂා සහගත මධ්යස්ථභාවය (නැත්නම් උදාසීන බව) අවසානයේ කෙළවර වන්නේ ගිණියම් අව්ව හා දක්වන අතිසමීප වීමකිනි. මෙතැන් පටන් දෘෂ්ටිවාදය වැඩ කිරීමට පටන් ගනී. තමා කරන අපරාදය සඳහා ආවරණය ලබා දෙන්නේ මෙම ව්යාජ හේතුව විසිනි (මෙය කුඩා කාලයේ තමාට විදීමට සිදුවූ ගැහැට, දුෂ්කරතා, අපචාර දක්වා ඕනෑම දෙයක් විය හැක. උදාහරණ ලෙස හම්බන්තොට නම් ප්රදේශය නොසලකා හැර තිබීම නම් හේතුව අතාර්කික මිලියන ගණනක ආයෝජන සඳහා වැරදි ලෙස පාවිච්චි කිරීම). ඔහුට දරාගත නොහැකි එම ගිණිකූටක අව්ව නම් දෘෂ්ටිමය සළුපිලි ඉරා දමමින් මර්සෝ තමා ඉදිරිපිටට එන වාර්ගික අනෙකා හට තම ගිණි අවියෙන් කිහිප විටක් ම වෙඩි තබයි. වෙඩි තබා මරා දමනු ලබයි. වාස්තවික ලෝකය සමඟ ඔහු එකවිටම දුරස්තභාවයක් ද අතිසමීපභාවයක් ද පවත්වා ගෙන යයි. එහි දී බාහිර ලෝකයේ මානව සම්බන්දතා කලාපය සමඟ තබා ගත යුතු අත්යාවශ්ය දුර විසින් ඔහුගේ වෙඩි තැබීම පහසු කරනවා පමණක් නොව (හොරකම් කිරීම ද ආදේශ කළ හැක) ඒ සම්බන්දයෙන් පසුතැවිලි නොවී සිටීමේ, මානසික සමතුලිතතාවය අසමබර නොකර ගැනීමේ යාන්ත්රණය ද එකවිටම පුහුණු කරයි. මෙම තත්වය තවත් පැහැදිළි කරන කුඩා කතා වස්තුවක් ද මර්සෝට තම සිරමැදිරියේ දී අහම්බයෙන් හමුවන පත්තර පිටුවක තිබී සම්මුඛ වේ.

එම කතාවට අනුව ද ආපතික බව විසින් අපට අවශ්ය අවබෝධය රැගෙන එන අවස්ථාවක් නිරූපණය කරයි. වසර විසි පහකින් පමණ පසු පොහොසත් වී නැවත පැමිණි තම පුත්රයා මෙන්ම තම සහෝදරයා මරා දැමීම අවශ්ය දුරස්ථ බව ‘කාලය’ නම් ප්රපංචය විසින් අමතක කර දමනු ලබන ස්මෘතිය (memory) ඔස්සේ ඉහත චෙකොස්ලොවැකියානු කතාවේ එන හෝටල් අයිතිකාර මවට හා සොහොයුරියට ලබා ගැනිමට හැකිවේ. මෙය මුදලට දක්වන අතිසමිප බව විසින් තවතවත් කුළුගන්වනු ලබයි. නමුත් ‘සත්ය‘ දැන ගැනීමට ලැබුණාට පසුව එහි වරදකාරිත්වය විසින් ඔවුන් දෙදෙනාම ස්වකීය ආත්ම ඝාතනය සඳහා සත්යයේ යථ විසින් මෙහෙයවනු ලැබේ. නමුත් මර්සෝ හට වරදකාරිත්වය පිළිබඳ හැඟිමක් ජනනය නොකරන්නේ (ඉහත මව හා සොහොයුරිය ට ප්රතිපක්ෂව) තමාගේ බාහිර ලෝකය සමඟ පවත්වන සම්බන්දයේ ඇති ‘උපේක්ෂා සහගත‘ දුරස්තබව නම් සාධකය නිසාය. මර්සෝගේ ජීවිතයේ නැත්නම් පැවැත්මේ විරුද්ධාභාෂය සකස් වී ඇත්තේ ඔහු ගතකරන මෙම බාහිර යතාර්ථය සමඟ ගණුදෙනු කිරීමේ සහ එම ගණුදෙනු කිරීම තුලට පවත්වා ගෙන යන දුරස්ථබව සමඟය (මේ සඳහා බලන්න ජිජැක් ගේ The Sublime Object of Ideology කෘතියේ 24-25 පිටු).

උදාහරණ වශයෙන් මරී සත්ය වශයෙන්ම ඔහුට ආත්මීය ලෙස ආදරය කරන්නේ නම් ඇයගේ ජීවිතය සම්බන්දයෙන් ඔහුගේ වගකීම කුමක් ද යන්න මර්සෝ ට වැදගත් නොවේ. තමා රේමන්ඩ් ට ලිපි ලිවීම ට උදව් කිරීම තුල ඔහුගේ පෙම්වතියට අත්විය හැකි ඉරණම පිළිබඳ විශ්විය අර්ථයකින් නොසිතයි. තමා මවගේ සුවදුක් බැලීමට නොයෑම තුල ඇයට එය කෙසේ දැනේවිද යන්න මර්සෝ වැදගත් ලෙස නොසිතයි. මෙහි දී සිදුවන්නේ ඉහත ආත්මීය දුරස්ථ බව යනු යතාර්ථය සමඟ ඔහු ගොඩනඟා ගන්නා නරුමවාදී (cynical) සම්බන්දය විසින් තමා ද ඇතුලත් බාහිර ලෝකය නොපෙනනවා සේ සිටීමට (ඇස් පියා ගැනීමට – overlook) හෝ යතාර්ථය යනු ශුන්යතාවයේ දියවී යාහැකි (dissolve itself into nothingness) දෙයක් ලෙස අවනිශ්චය කිරීමට අවශ්ය දෘෂ්ටිවාදී පිටුබලය ලබා ගන්නා අවස්ථාවකි. මේ සඳහා අප ඉතාම මෑතක සිදුවූ ලාංකික උදාහරණයක් සෙට යොමු වෙමු. මුල්ය වංචා චෝදනා යටතේ අත් අඩංගුවට පත් වු නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා විසින් සිර ගෙදර සිට ගත්තා යැයි සැලකෙන යෝගී භාවනා ජායාරූපය ඔබට මතක ඇතැයි සිතමු (නාමල් පමණක් නොව නොයෙක් චෝදනා යටතේ පසුගිය දිනවල සිරගත වු බෝහෝ දේශපාලඥයින් සම්බන්දයෙන් මෙය අදාල වේ). එම ජායාරූපයේ දැක්වෙන ආකාරයට කුමන චෝදනා තමන්ට තිබුණ ද, තමන් පිළිබඳව බාහිර සමාජය කුමක් සිතුව ද, තමාට එරෙහිව ඇති චෝදනාවල බරපතලකම කුමක් වුව ද, එයින් තම පෞරුෂයට කුමන අගතියක් වුව ද, මේ සියල්ල සිදු නොවුවා සේ ඔහු භාවනායෝගීව, මානසික සමබරතාවය පවත්වා ගෙන යමින් සිටින අයුරු පෙන්නුම් කරන්නේ පෙරදිග බුද්ධාගමේ ‘ආශ්චර්යයයි’. අන් සියලු ආගම් පසෙකට විසිකිරීම ට අද්යතන පසු-ධනවාදී යුගයේ විගලිත මානව ශිෂ්ටාචාරය ට බටහිර බුද්ධාගම විසින් බලකරනු ලැබ තිබීම මේ අයුරින් පුදුමයක් නොවේ.

මේ අර්ථයෙන් සිරගත වී සිටින මර්සෝ සහ පාද යාත්රාවේ යන නාමල් මන්ත්රීවරයා අතර ඇති වෙනස කුමක් ද? එකම වෙනස නම් මර්සෝ තමා දෙස බලා සිටින ඔක්කාරය දනවන සමස්තතාවාදී ජනතාව නම් ප්රපංචය ඉදිරියේ ස්වයං-උච්ජේදයක් (self-annihilation) සඳහා ප්රාර්ථනා කරන විට නාමල් මන්ත්රීවරයා මීලඟ ලාංකික වැඩවසම් රාජ්යයේ රජු බවට පත්වන්නේ කෙසේ ද යන්න සිහින දැකීමයි. භාවනාව ඔස්සේ තම ආත්මයේ කළු කුහරය වෙත රිංගන මෙම පශ්චාත්-නුතන ආත්මය අත්දකිනු ලබන්නේ ‘තමාට වඩා වැඩි වු තමා‘ නම් වු සින්තෝමයයි. මෙම සින්තෝමය (sinthome) නම් ‘නව හැඟවුම’ (අන් හැඟවුම්කරනයන් නම් දාමයෙන් වෙනස් වු) විසින් විනාශ වී යන තමාගේ සංකේතීය ලෝකය තුලින් ම සංගතභාවයක් ලබා ගැනිමේ විරුද්ධාභාෂී කාර්යය ඉෂ්ඨ කරනු ලබයි (මෙයට ජිජැක් යෝජනා කරන නම ‘රැඩිකල් සයිකෝටිකය’ යන්නයි. බලන්න ඉහත The Sublime Object හි 81 පිටුව). අද දවසේ බොහෝ අය වැරදි ක්රියා මගින් පොහොසතුන් වී වරදකාරිත්වයකින් තොරව ජීවත් වන්නේ තමා තුල ඇති තමාට වඩා වස්තුව බෞද්ධ අර්ථයකින් සොයා ගැනීමෙනි. කොටින්ම මෙම මඟහැරීමේ තාක්ෂනය විසින් අදාළ පෞරුෂය උමතුව කරා යෑම වලක්වයි. එවිට යථ මුණ ගැසීම විසින් (තමාගේ මුල්ය වංචා, මිනීමැරුම් වැනි ක්රියා සඳහා චෝදනා ලැබීම) අප ක්ෂිතිමය සම්මුඛවීමට යෑම වලක්වා හෝ යථ වැරදි හඳුනා ගැනීමකට ලක්කර හෝ විපරීත ප්රමෝදයක් කරා යොමු කරවයි. මුල්ය අපරාධ කොට්ඨාශයෙන් විලංගු අහසට ඔසවමින් යන පෞරුෂයන් තේරුම් ගැනීමට ජිජැක් උපයෝගී වන්නේ මේ අයුරිනි.

මේ අනුව මර්සෝ තම ක්රියාව සම්බන්දයෙන් වන වරදකාරීත්වය යථක් දක්වා යෑම වලක්වමින් (උපේක්ෂාව පදනම් කර ගනිමින් යථාව මුණගැසීම වැළක්වීමේ ලාංකික අරවින්ද සින්තෝමය=Aravinda Sinthome) එය නරුමවාදී සමස්තතාවාදී අපගමනයක් දක්වා වු වැරදි හඳුනා ගැනීමක් වෙත ගමන් කරවයි. එනම් තමා අතින් මියගිය අනෙකා සම්බන්ධ අත්තනෝමතික අතාර්තික බව විසින් ඇතිකර ඇති දුරස්තබව ඔස්සේ මර්සෝ අවසානයේ ගමන් කරන්නේ ඉහත සඳහන් බටහිර විසින්ම බහිස්කරණය කරනු ලැබු ෆැන්ටස්මතිකය වෙතය. විශ්වයේ කාරුණික උපේක්ෂා සහගත බව වෙත ඔහුගේ හදවත විවර කරන මොහොතේ ඔහු සතුටින් සිටින බව ඔහු ට පසක් වේ. මර්සෝගේ ඒකායන බලාපොරොත්තුව නම් ඔහු මරා දමන දිනයේ දී විශාල නරඹන්නන් පිරිසක් විසින් කරන සාපකිරීමේ මොරදීම මධ්යයේ සතුටින් සිය මරණයට මුහුණදීමයි. මර්සෝ හසුවී ඇති උගුල වාමවාදී අර්ථයෙන් ස්ටාලිනියානු එකකි. එනම් තමා දෙස බලා සිටින විශාල ජනකාය නම් නිරීක්ෂයේ වස්තුව බවට තමා පත්වීම නම් ටිබෙටියානු යාඥා චක්රයේ (Tibetan Prayer Wheel) තර්කයට ඔහු අවිඥානික ලෙස හසුවීමයි.

Tibet 2-

‘මා විසින් යාඥා චක්රය ට මා වෙනුවෙන් යාඥා කිරීම බාර දී ඇත. දැන් මා කුමක් සිතුව ද, මාගේ අභ්යන්තර සිතුවිලි කෙසේ සකස් වී තිබුණ ද කමක් නැත. මන්ද මා කුමන අශ්ලීල දෙයක් (හොරකම, මිනීමැරීම, හොර අඹුවන්) සිතුවත් යාඥා චක්රය මා වෙනුවෙන් ශුද්ධ වූ එම කාර්යය ඉටු කරනු ලබයි. එම නිසා මා බියවිය යුතු නොවේ. වෙනත් විදියකින් කිවහොත් දැන් මා සිතන්නේ යාඥා චක්රයේ හඬ තුලිණි. ඒ නිසා කුමක් සිදු වුව ද කම් නැත.’
බටහිර විසින් ම ඉවත හල තම ෆැන්ටස්මතිකය පුනරුදයේ දයලෙක්තිකය ට පසු මර්සෝ ගේ ආත්මය විසින් නැවත ඔවුන්ට ම අවතාරමය අරුතකින් සම්මුඛ කරනු ලැබ ඇත. මර්සෝ අපේක්ෂා කරන මොරදෙන ජනතාව මෙන්ම නාමල් ගමන් ගන්නා යාත්රාවේ ගී කියන ජනතාව ද (තලු මරමින් ඒවා ඉදිරිපත් කරන ජනමාධ්ය සමඟ ම) ඉටු කරන්නේ ඉහත ස්ටාලිනියානු – ටිබෙටියානු කාර්යය යි.

Mahesh Hapugoda

අවසානයි

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. නාමල් ඇතුලු මෙම පිරිස මෙලෙස සන්දර්ශන පවත්වමින් පාදයාත්‍ර යාම තුලින් ඔවුන් පාර්ලිමේන්තුව දක්වා රැගෙන පැමිණි ජනතාවටවත් සාධාරණය ඉටු වෙනවා ද? ඔවුන්ව කඩේ යැවීම තවත් මෙම පිරිස විසින් කර ගෙන යනවා නොවේ ද? මෙමඟින් කරනුයේ රටේ උද්ගත වී තිබෙන සැබෑ තත්වය වෙනතකට ඔවුන් විසින් ම රැගෙන යාමයි. නැතිනම් අමතක කරවීම යි. එනම් පාදයාත්‍රා යන කාලය තුල සිදු වූ සිදු වීම් (රැස්විම තියන්න පිට්ටනියක් නොදීම, සමහර නගර හරහා ගමන් කිරීමට නොදීම) ඔස්සේ වෙනත් මාතෘකා කරළියට ගෙන ඒමයි. මහජන නියෝජිතයින් වන ඔවුන් විසින්කළ යුත්තේ මෙවන් ක්‍රියා ද?
    විශේෂයෙන් හිටපු ජනාධිපතිවරයෙකුගේ භුමිකාවවත් මහින්ද රාජපක්ෂ මහතා විසින් තවමත් හඳුනා ගන නැත.

Comments are closed.