ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා උද්ඝෝෂකයෝ සංවිධානය විසින් පසුගියදා ගාල්ලේදී පැවැත්වූ සම්මන්ත‍්‍රනයේදී ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය නියෝජනය කරමින් දිනුක සපුතන්ත්‍රි සහෝදරයා දැක්වූ අදහස් පහත දැක්වේ.

ප්‍රජාතන්ත්‍රවාදි අරගලය වෙනුවෙන් මැදිහත්වීමේදී අප අවධාරණය කරගත යුතු කරුණක් තමයි මේ පශ්චාත් ධනවාදී යුගය තුල අප වැනි රටවල් වල ධනවාදයට ප්‍රජාතන්ත්‍රවාදය සමග සම්බන්ධයක් නැති බව.
ලාංකිකයා නිතරම කියවන සිංගප්පූරූ මොඩලය වගේ වර්තමාන ලාංකීය රනිල් වික්‍රමසිංහ මොඩලයේත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමග කිසිදු සම්බන්ධයක් නැත යන්න තේරුම් ගත යුතුයි.
බොහෝ දෙනා ආදර්ශයට ගන්නා යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදයට දේශීය සාරයක් නැති බව අප වටහා ගත යුතුයි.
මාක්ස් කිව්වේ ධනවාදය ශුද්ධ වූ සියල්ල කෙලෙසනවායි කියායි, එහෙත් දැන් වෙද්දි අප වටහාගත යුතු දේ තමයි ධනවාදයේ එම විප්ලවීය ගතිකයන් හමාර වී ඇති බව සහ එය මේ වන විට ප්‍රතිගාමීත්වය වර්ධනය කරන්නක් බව.
එ කියන්නේ ධනවාදය මගින් ඉතිහාසයේ වර්ධනයට තවදුරටත් සහායක් නැති බවයි.

අප පසුගිය දශකය දිහා බැලුවොත් රාජපක්ෂ යුගය තුල ජාතිවාදය සහ සියළු පසුගාමිත්වයන් තිබියදී ධනවාදය ඉතා හොඳින් ක්‍රියාත්මක වූ සැටි අප දුටුවා.

එසේනම් අපගේ මේ මැදිහත්වීම කුමක්ද? අප මැදිහත් වන්නේ ඇයි?

අප කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙත යොමුවූ විපර්යාසයන් නොකලහැකි බව නොවේ,නමුත් වර්තමාන මේ පවතින සාම්ප්‍රදායික ධනේශ්වර කියා ගන්නා දේශපාලන අධිකාරයන්ට මෙය නොකල හැකි බවයි.
එනම් අපගේ මැදිහත්වීම සිදුවන්නේ පලමුව මෙහි ඔවුන්ගේ අසමත් භාවය පෙන්වීමටයි.
දැන් අපි මෑත ඉතිහාසයේ ඉඳලා බැලුවොත් 94 ඉඳලා පහුගිය ජනවාරි 8 වෙනකන් ගත්තම, 94 චන්ද්‍රිකා එන විට 89 අරගලය මර්ධනය කරලා චප්ප කරලා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලොකු කතිකාවක් නිර්මාණය වෙලා තිබුණු මොහොතක්.ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම,විවෘත ආරථිකයට මානුශික මුහුණුවරක් දෙනවා කියලා තමයි චන්ද්‍රිකා ආවේ.ලංකාවේ තමයි මේ අපූරු මානුෂික සංකල්ප දෙන්නේ.ඒ කියන්නේ ‘මානුෂික සුරාකෑම’,’මානුශික මිනීමැරුම් හෙවත් මානුෂික මෙහෙයුම්’ අන්තිමට හාස්‍යජනක ‘යහපාලනය’ ඔහොම අළුත් අළුත් සංකල්ප ලංකාවේ කොහොමත් ගේනවා..
මේ හැම මොහොතෙම සියළු දෙනා විශ්වාස කරා ලංකාවේ ධනේශ්වරයට මේ කියන ප්‍රජාතන්ත්‍රවාදී එහෙම නැත්නම් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කල හැකියි කියා.අප ඉදිරිපිට පෙන්වා තිබෙනවා එය මුලාවක් බව.මෙතනදි අප සැලකිල්ලට ගතහොත් සෑම විටම ඔවුන්ගේ ආරක්ෂාවට ආවේ සිවිල් සමාජය.ඔවුන් ජනතාව සහ පාලකයින් අතරට පැමිණ කියූ දෙයක් තමයි මෙය කිරීමට හැකියාව තිබේ යන්න.
අන්න ඒ නිසා තමයි මම කලින් කිව්වෙ මෙහි අසමත් භාවය අප පෙන්නුම් කල යුතුයි කියා නැත්නම් සිදුවන්නේ අර තක්කඩියන්ට නැවත වතාවක් අවස්ථාවක් දෙන එක.
එසේ නම් ප්‍රජාතන්ත්‍රවාදය දෙසට යොමුවූ විපර්‍යාසයන් වෙනුවෙන් අපගේ අරගලය කෙසේ කල යුතුද? එහිදී අප දිගින් දිගටම අරගල කර යුත්තේ පංති ස්වාධීනත්වය රැකෙන අයුරින් සහ නිර්ධන පංතිය දේශපාලන අධිකාරිත්වය හිමිකරගත යුතු බව අවධාරනය කිරීම ඔස්සේ අප මේ අරගලයෙහි යෙදිය යුතුයි.එය ධනවාදයට එරෙහි අඛණ්ඩ අරගලය සමග බද්ධ කල යුතුයි.

දැන් අපි මූලිකව ගත්තොත් මේ වෙලාවෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරන කිසිවෙකුට මග හැර යා නොහැකි ප්‍රශ්නයක් ලෙස අපි ලංකාවේ ජාතික ගැටළුව දකිනව.
දැන් මේ ආණ්ඩුව පත් වෙද්දි පොරොන්දු උනු ප්‍රධාන දෙයක් තමයි ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීම.එහෙත් දැන් වෙලා තියෙන්නේ මොකක්ද?
උතුරේ ජනතාව ජාතික පීඩනයෙන් නිදහස් වීමට කරන ඉල්ලීම,තම දේශපාලන නිදහස වෙනුවෙන් කරන අරගලය, ජාතීවාදයකට ලඝු කරලා පෙන්වලා නැවත දකුණේද ජාතිවාදය අවුස්සලා මග හැර යාමයි.ඒ ප්‍රතිවිරෝධය මගින් ඉතිහාසයේ සිට කලාක් මෙන් අනිත් සියළු ප්‍රතිවිරෝධයන් මග හැර පාලනය කිරීමට යාමයි.
දැන් මෙතනදි අප වාමංශිකයින් ලෙස පෙරටුගාමිත්වය ගත යුතුයි.මන්ද මාක්ස්වාදීන් ලෙස පීඩකයාගේ පැත්ත අපට ගැනීමට බැහැ.අප සි‍යළු පීඩනයන්ට,සුරාකෑම් වලට විරුද්ද විය යුතුයි.අප ජාතික පීඩනය තේරුම් ගෙන ඔවුන්ට එම පීඩනයෙන් නිදහස්වීමේ අයිතිය පිළිගත යුතුයි.ඔවුන්ගේ දේශපාලන අයිතිය,නිදහස වෙනුවෙන් අප සටන් කල යුතුයි.
ඒක ජාතිවාදයට දාලා යටපත් කරන්න හදන එක තක්කඩි කමක්.පීඩිතයාගේ ජාතිවාදය සහ පීඩකයාගේ ජාතිවාදය කියන්නේ දෙකක්.
ලෙනින් කියලා තියෙනවා වගේ වියුක්ත සත්ය්‍යන් නැහැ,තියෙන්නේ සංයුක්ත සත්‍යයන්.
ලංකාවේ ධනේෂ්වරයට කරනවානම් සිදු කල හැකි  එකම ප්‍රගිතිශීලී කාර්‍ය ලෙස අපි දකින්නේ අඩුම තරමේ බලය හෝ බෙදීම.එය දෙසට අප ඔවුන් තල්ලු කල යුතුයි.එහිදී ඔවුන්ගේ අඩුම තරමේ එයට ඇති අවංකභාවය අපට පරීක්ෂා කල හැකියි.
සියළු අයිතීන්නි,නිදහසින් දේශපාලන අයිතීන්,නිදහස තමයි වඩා වැදගත්.මන්ද අනෙකුත් සියළු නිදහසවල් සහ අයිතීන් බැඳී ඇත්තේ දේශපාලන නිදහසත් සමග නිසා.
දැන් දකුණට වෙලා තියෙන්නේ ඒක අමතක වීම.ද්‍රව්‍ය ලෝකය දිගේ ඔහේ ව්‍යාප්ත වෙනවා මිසක් දේශපාලනය ගැන අදහසක් දකුණට නැති වෙලා තිබෙනව.දකුණ දේශපාලනයෙන් වේගයෙන් නිෂ්ක්‍රීය වෙමින් යනවා.දේශපාලනය හෝ ප්‍රජාතන්ත්‍රවාදය ඡන්දය පැවැත්වීම යන එකට ලඝු කරලා බලා සිටිනවා.
ධනේශ්වර ක්‍රමය විසින් නිර්මාණය කර තිබෙන අසහනකාරී සමාජ සම්බන්ධතා, දෘෂ්ටිවාදයන්ට ඇදවැටීම මගින් හෝ ආගම් ඇසුරෙන් විග්‍රහා කරන්නට සහ විසඳාගන්නට උත්සහ කරමින් සිටිනවා.
එය වෙනස් කල හැක්කේ විප්ලවවාදී භාවිතාවකින් පමණක් බව අප වටහාගත යුතුයි.
ජේසුස් වහන්සේ කුරුසයේ තබා ඇණ ගසන මොහොත මගින් අපට තහවුරු කරේ දෙවියන් නැති බවයි.
එය අප තේරුම් ගත යුතුයි.අපට ඉහලින් අප දෙස බලා සිටින කවුරුවත් නැති බව.විමුක්තිය උදා කරගත යුත්තේ අප විසින්ම බව.අප පංතිය ඒ වෙනුවෙන් සව්ඥඥාණික කල යුතුයි.
අවසානයේ කිව යුත්තේ ඉතිහාසය නිර්මාණය කර ඇත්තේ කැප කිරීම් කරන ලද මිනිසුන් විසින් බවයි.
මේ යුගයේ අපගේ කැපවීම විය යුත්තේ තනි තනි හෝ පවුල් සාර්ථකත්වයක් වෙනුවෙන් නොව සමාජයක් ලෙසයි.කවුරුන් හෝ එම කැපවීම කල යුතුයි.මන්ද නැත්නම් ඔබට අවසානයේ සමාජයක් නැතිවේවි.

මෙම සම්මන්ත්‍රණය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ සංවිධානය වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර තිබූ අතර එහිදී චමීර කොස්වත්ත,මහින්ද දේවගේ,ධම්මිකා ද සිල්වා සහ සනත් බණ්ඩාර යන සහෝදර සහෝදරියන්ද අදහස් දැක්වූහ.

galle1 galle2

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. මට දිනුකගේ අවසන් නිගමනයත් එක්ක එකඟවෙන්න ටිකක් අමාරුයි. හේතුව කවුරුහරි (Jean Baudrillard?) කියලා තියෙනවා නේද “සමාජය” යනුවෙන් ඒකකයක් නැති බව? (“there is no homogeneous entity that we can call ‘society'” වගේ කියමනක්?). මට හිතෙනවා මේක හරි කියලා. මොකද අපි මෙහෙම ගමු අපි “සමාජය” කියන ඒකකයේ ඉන්නවා සිංහල, දෙමල, මුස්ලිම් මිනිස්සු, දොස්තරලා, නීතිඥ මහත්වරු සහ කුලී සේවකයින් කම්කරුවන්, සහ හිගන්නන්. එතකොට දොස්තර කම්කරුවා දිහා බලල හිතනවද අනේ මේ මගේ “සමාජයේ” එකෙක් කියලා? මම හිතන්නේ අපි කැපවිය යුතු වන්නේ පන්තියක් ලෙසයි. එය සියලු ජාතීන්ගේ පීඩිතයින් ගේ පන්තිය සහ දැන් කොතන හිටියත් එම පන්තියට ඇති මුල් අම්තක නොකරන මිනිසුන්ගේ පන්තියයි.
    ඉහත කරුණ හැරෙන්නට දිනුක කියන අනිත් කාරණා බොහොමයක් සමග මම එකඟයි. අපි “දේශපාලනය” නිවැරදිව අර්ථ දැක්විය යුතු අතර (එනම් “දේශපාලනය” යනු “අපි උඇන්පි”, “අපි මහින්ද මහත්තයාගේ”, “අපි ශ්‍රීලංකා”, කියාගෙන මරාගෙන ගිහින් පට්ට පල් හොරෙකුට කතිරෙගහල ඊ ළඟ අවුරුදු දහය මොකක්හරි ගේමක් ගහගෙන ජීවත්වෙන ඒක නෙවෙයි කියන එක) ඒ අර්ථ දැක්වීම ගැන හැකිතරම් මිනිසුන් දැනුවත් කළ යුතුයි. මෙතැනදී තමයි මට හිතෙන්නේ අපේ රටේ එක නිර්ධනයෙකුට දීප්තිලා අඩුගනනෙ 5 දෙනෙක්වත් ඕනෙම කියලා!
    දිනුක කියනවා “උතුරේ ජනතාව” ගේ අරගලයක් ගැන. මේක ඇත්තටම “උතුරේ ජනතාවගේ” අරගලයක්ද? නැතිනම් උතුරේ දේශපාලඥයන්ගේ අරගලයක්ද?
    මටනම් හිතෙන්නේ මහා ජාතීන්ගේ දේශපාලඥයන් “මහජාතික දේශපාලනය” (majority politics)- අපි නැත්නම් සිංහල ජාතිය, සම්බුද්ධ ශාශනය ඉවරයි” – කරනවා වගේම සුළු ජාතීන්ගේ දේශපාලඥයන් “සුළු ජාතික දේශපාලනය (minority politics) කියන ගේම් එක කරගෙන යනවා – අපි නැත්නම් තොපිට සිංහලයෝ ගහල කම්බස් කරනවා – අන්තිමට මේ දෙගොල්ලොම කරන්නේ System එකේ පැවැත්ම තහවුරු කීරීම නේද? එක දෙමළ දේශපාලඥයක් කියලා තියනවද ඒ ජනතාවට “අපේ කොල්ලෝ විතරක් නෙවෙයි සිංහල කොල්ලොත් 60,000 විතර සිංහල ආණ්ඩුව මරල දැම්ම” කියලා? ඇයි කියන්නේ නැත්තේ? එතකොට ඒ ජනතාව කල්පනා කරනවා ඒ ඇයි කියලා. එතකොට ඔවුන්ට තේරෙනවා “අරගලය” කුමක් සඳහා විය යුතුද කියලා. මේකට මුන් ඔක්කොම බයයි. අද විගනේශ්වරන් කරන්නේ “අරගලයක්ද”? මට අනුව කිසිසේත්ම නැහැ! විගනේශ්වරන් කරන්නේ “diviation” එකක්. එනම් අරගලය නොමග යැවීමට උපකාර කිරීමක්.
    අවසන් වශයෙන් කවුද මේ “සිවිල් සමාජය”. ආචාර්ය සරත් විජේසුරිය වගේ ඔස්තාර්ලද? නැතිනම් NGO මුදලාලිලද? නැත්නම් ලස්සන ගැහැණු ළමයින්ට, SUV වාහන වලට, සල්ලි වලට, තනතුරු වලට, ලොකු ගේට්ටු දාපු ගෙවල් වලට දවස පුරා කෙල හලමින් ඉන්න විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්ය වරු, දොස්තරලා සහ නීතිඥ මහත්වරුද?, එහෙම කෙනෙක්එ කසාද බැඳගෙන “upper class” ජිවිතයක් ගතකරන්න සිහින මවන ඒ categories වලම සහ අනෙකුත් නොනලාද? එක එකාට ලාම්පු අල්ලන “ජන මාධ්‍ය වේදීන්” කියාගන්නා කම්බ හොරුද? අප මුලින්ම කළ යුත්තේ “අරගලය” වෙනුවෙන් පෙනීසිටින තක්කඩින් හදුනාගෙන උන්ගේ කලිසම් ගලවා ගෙදර යැවීමයි. එවිට ඔය කියන “සිවිල් සමාජයේ” බොහෝ දෙනෙක් කලිසම් නැතුව (හෝ සාරි නැතිව) ගෙදර යන හැටි පිඩිත ජනතාවට බලාගත හැකි වනු ඇත.

Comments are closed.