1948 වර්ෂයේ සිට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ දා පටන් ගෙන වසර 2005 දක්වා පුරුද්දක් හැටියට ලංකාවේ රාජ්‍ය නායකයන් ඡන්දයෙන් පරාද වූවාට පසු තමන්ගේ ජෙම්ස් බොන්ඩ් බෑගයේ තම පුද්ගලික දේවල් දමාගෙන ගෙදර ගියේය. 2004 වර්ෂයේ දී රනිල් වික්‍රමසිංහද මෙලෙස තම බෑගය ගෙන ගෙදර ගියේය. ඒ නිසා සිංහල ඡන්ද දායකයා දිගටම දැන සිටියේ පරාජයෙන් පසු ගෙදර යන පාලකයන්වය. මිනිසුන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යැයි කියන්නේ මෙම චාර්ත්‍රයටයි.

ප්‍රභාකරන් නැමති පිලිකාව සිංහල ජාතිවාදය නම් ලේසර් කිරණ පාවිච්චිකර  විනාශ කළ වීරයන් 2009 ට පසු ලංකාවේ ජීවත් වෙයි. ලෝකය පාලනය කිරීමට තනි පොලිස්කාරයෙකු වෙනුවට පොලිස්කාරයන් කිහිපදෙනෙකු සිටින භූදේශපාලන යථාර්ථයක් තුළ අපගේ ‘වීරයා’ කවටයෙකු ලෙස විදේශ බලවේග හදුනා ගත්තත්, ඒ අයට ද සිදු වී ඇත්තේ ඔහේ බලා සිටීමට පමණි.

එබැවින් අද අප මුහුණ දෙන්නේ අලුත් ඓතිහාසික මංසන්ධියකටය. ලංකාවේ සිවිල් සමාජයටත්, දේශපාලන සමාජයටත් මුහුණ දීමට සිදු වී ඇති ‘සතුරා’කලින් මෙන් තම බෑගය අරගෙන ගෙදර අරගෙන ගෙදර යන වර්ගයේ කෙනෙකු නොවේ. කිසියම් සමාජයක දේශපාලන ඒජන්තයන් එම සමාජයේම යහපත් පරමාදර්ශයක් ලෙස කෙනෙකුට අඩ ගැසීම සහ ඒ කෙනා එම පරමාදර්ශයට නුසුදුසු නම් යළි එම ස්ථානයෙන් ඉවත් කිරීමක් සිත් ගන්නා සුළු දේශපාලන ප්‍රශ්ණයකි.

ඩෙන්මාර්ක් ජාතික ලාස් වොන්ට්‍රියර්  විසින් නිර්මණය කළ ‘Dogvill ‘ නම් ච්ත්‍රපටයේ දී සාකච්ඡා වන්නේ ඊනියා ප්‍රජාවක් තමන් විසින්ම නිර්මාණ කරන පරමාදර්ශය තුළ වියැකී යන ආකාරයයි. බොහෝ දෙනා මෙම ච්ත්‍රපටිය සලකා බලන්නේ සැබෑ ප්‍රජාවක් ( Real Community ) පිළිබද ගැටළුවක් ලෙසිනි. නමුත් මෙය හොලිවුඩ් ප්‍රබන්ධයකි. ප්‍රබන්ධය යනු සැබෑවක් නොව ඉන් ගැලවෙන උපක්‍රමයකි. මේ නිසා වොන්ට්‍රියර් ගේ ආදර්ශ ගම්මානය සැබෑ ප්‍රජාවක් නොව ප්‍රබන්ධගත කරන ලද කල්පිත ප්‍රජාවකි.

ඇත්තටම එම ප්‍රජාව තුළ නැත්තේ “සැබෑ පසමිතුරුභාවයට”  (Pure Antagonism ) විසදුම් දෙන දේශපාලන ඒජන්තයන්ය. එබැවින් ඩොග්විල් ප්‍රජාව තුළ සිටින්නේ ව්‍යාජ දේශපාලන ඒජන්තයතයෙකි. ඔහු ලිබරල් ටොම්ය. ඔහු තමන්වත් ඇතුලත් කරගෙන දෙන දේශපාලන විසදුම වන්නේ යථාර්ථය තුළ මිනිසුන්ට සතුරකු සම්මුඛ කරවීමයි. එවිට ශුද්ධ පසමිතුරුභාවය යථාර්ථයේ පවතින පසමිතුරුභාවයක් බවට විස්ථාපනය වෙයි. මින් පලමුවන පසමිතුරුභාවය එනම් ශුද්ධ පසමිතුරුභාවය අපට දරාගත නොහැකි ආත්මීය තත්ත්වයකි. දෙවැන්න එනම් යථාර්ථයේ පවතින පසමිතුරුභාවය ආත්මය පැත්තෙන් ගත් විට සහනදායකය. උදාහරණයක් ලෙස කෙනෙකුට තමන්ව හිස්ටෙරික මානසික ව්‍යුහයක ප්‍රතිඵලයක් ලෙස ගැනීමට වඩා තමන්ගේ දවසේ වැඩකටයුතු කරගෙන යාමට ‘ප්‍රභාකරන්’ ( වර්ථමානයට අනුව තමිබියා තමයි අපේ නිදහස නැති කලේ) බාධාවක් යැයි සැලකීම සුවදායකය.

ඩොග්විල් චිත්‍රපටයේ කතා වස්තුවට අනුව ග්‍රේස් නම් අහිංසක තරුණිය ඩොග්විල් නම් ප්‍රජාවේ සාමාජිකත්වය ලබා ගැනීමට සිය කායික ශ්‍රමය මුදා හරියි. ඕනෑම ප්‍රජාවක සාමාජිකත්වය ලබා ගැනීමට මෙම අශ්ලීල කර්තව්‍ය සිදු කළ යුතුය. එය ප්‍රතික්ශේප කරන්නේ හිස්ටෙරිකයෙකු පමණි. නමුත් කලක් ගතවන විට ග්‍රේස් ඩොග්විල් ප්‍රජාවේ සිරකාරියක් වෙයි. බොහෝ දෙනෙකු මෙතනදී ඇයගේ ආත්මීය ස්ථාවරයට අනන්‍යකරණය වෙයි. මේ අය මෙසේ කල්පනා කරයි. ඇය ප්‍රජාව ඉදිරියේ යහපත් කාන්තාවක් වීමට ගොස් ඇගේ ජීවිතය විනාශ කර ගත්තා! බොහෝ දෙනාට මෙතනදී දයලෙක්තික පරාවර්තනය අවබෝධ නොවෙයි. ඩොග්විල් යනු ඇගේ ජීවිතය මහදුකක් ලෙසින් ඇයටම ඇත් විදින්නට ඇයම තනාගත් කල්පිත සුසංවාදී ප්‍රජාවක් විය නොහැකි ද?

පසමිතුරුභාවය නම් සංකල්පය අපට මුණ ගැහෙන්නේ වාස්තවික විග්‍රහයන්ගේ සීමාව පසුකළ පසුවය යන අවබෝධය අපට ඇත්නම් ඩොග්විල් හී ප්‍රජාව යනු ග්‍රේස් ගේ ආත්මීය ප්‍රක්ශේපණයක් මිස එහි විරුද්ධ පැත්ත නොවේ. ඩොග්විල් ප්‍රජාව ග්‍රේස්ට මර්ධනය,හිංසනය, සම්මුඛ කරනවා නොව ඇයට තමාගේම ආත්මීය මර උගුලෙන් ගැලවීමට මර්ධනය කරන,හිංසනයට ලක් කරන ප්‍රජාවක් අවශ්‍යය. ඒ අර්ථයෙන් ගත්කල ඩොග්විල් යනු යථාර්ථයේ පවතින පසමිතුරුභාවයක් මිස ශුද්ධ පසමිතුරුභාවයක් නොවේ.මනෝවිශ්ලේෂණය යනු හිස්ටීරියාව නොවේ. එය ඉක්මවා යන්නකි.

ච්ත්‍රපට කතාවේ දෙවන කොටස තුළ අපූර්ව පෙරළියක් සිදුවෙයි. ච්ත්‍රපටය අවසාන භාගයට එන විට ග්‍රේස්ව නැවත මැර කල්ලි නායකයාට බාර දීමට ටොම් නම් දාර්ශනිකයා ( ඔහු ඇගේ පෙම්වතාද?) මැර කල්ලි නායකයාට දුරකථනයෙන් කතා කරයි. ඉන් පසුව මැර කල්ලි නායකයා ග්‍රේස්ව අල්ලා ගැනීමට ඩොග්විල් වෙත පැමිණෙයි. කතාව අනපේක්ෂිත අන්තයකට හැරෙන්නේ මෙහිදීය. මේ මැර කල්ලි නායකයා ටොම් නොදන්නා මුත් ග්‍රේස්ගේ සතුරකු නොවන අතර ඔහු ඇගේ පියාය. ච්ත්‍රපටිය අවසන් වන්නේ ඩොග්විල් ප්‍රජාවට ආදරය කළ ග්‍රෙස්ම එය විනාශ කිරීමටත් අණ දීමෙනි. අවසානයෙ දී ඇය තම පෙම්වතා වන ටොම්ව වෙඩිතබා ඝාතනය කරයි. ( මෙය තවම සැබෑ ලෝකයේ සිදුවී නැත.) ච්ත්‍රපටියේ රැඩිකල් මානය කණපිට හරහා මෙලෙස හැදින්විය හැක. නගරයට ග්‍රේස්ව අවශ්‍ය වූවාට වඩා ග්‍රේස්ට නගරය අවශ්‍ය විය.  ඩෝග්විල් යනු ග්‍රේස්ගේ ආත්මීය ස්වයං-බාධාව ජය ගැනීමට බාහිර ලෝකයේ නිර්මාණය   කළ තත්‍යසමාන නාගරික ප්‍රජාවකි. ඇයට අපට මෙසේ පැවසිය හැක. “මෝඩයා” ! ඔබට දේශපාලන ආර්ථිකය ගැන වැටහීමක් නැහැ.

බෑග් එක අරගෙන ඡන්දයෙන් පැරදුන පසු පාලකයෙකු බවට පත් වූ මහින්ද රාජපක්ෂ බහුතර සිංහල-බෞද්ධ සමාජයේ නිර්මාණයක් ද? නැතහොත් ධනවාදයේ ගෝලීයකරණය තුළ විකල්පයක් නැති නිසා සිංහල දේශපාලන ඒජන්තයන් විසින් ෆැන්ටසිකරණය කරන ලද ‘ග්‍රේස්’ කෙනෙක් ද? ( උදාහරණ – මංගල සමරවීර,ජනතා විමුක්ති පෙරමුණ, හෙළ උරුමය) සමාජයක් ලෙස අප සියළු දෙනා පරාරෝපණය වී සිටින්නේ ‘ග්‍රේස්’ යනු අපගේ ෆැන්ටසි වස්තුව නොවන නිසාය. නිවරදි ලෙසම මෙම ග්‍රේස් පළමුවෙන්ම වෙඩ් තැබුවේ තමන් සමග අශ්ලීල ක්‍රීඩාවකට පැටළුණු මංගල සමරවීරටය. එබැවින් ග්‍රෙස් යනු ( අධික ලෙස තම අරමුණට කැපවූ පිරිමින් යනු ස්ත්‍රී මානසිකත්වයක් ඇති අය නිසාය.) සමාජයට සාපේක්ෂව නොව ජනතා විමුක්ති පෙරමුණට සාපේක්ෂව එක්තරා ආකාරයකට වෙස්වලාගත් දෛව ස්ත්‍රියකි.

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. මම 3මාන වෙබ් අඩවිය ආරම්භයේ සිටම එහි සියලු ලිපි කියවා ඇති පාඨකයෙක්මි. වසර 10කට වැඩි කාලයක සිට ශ්‍රීලංකා පෙරට්ගාමි පක්ෂයේ සියලු පොත පත කියවා ඇත්තෙමි. නමුත් මා කිසිඳු දිනක මෙම වෙබ් අඩවියට එකදු කමෙන්ටුවක් හෝ දමා නැත. ඊට හේතු වුයේ මා හට ඇති අවබෝධය මදි යයි මටම සිතුන බැවිනි.

    නමුත් මේ වන විට 3මාන වෙබ් අඩවියෙහි පලවන සියලු දේ අවබෝධ වන බවක් වැටහෙන්නට පටන්ගෙන තිබේ. ඒ අනුව අද සිට 3මාන වෙබ් අඩවියට මාගේද නිර්මානාත්මක දායකත්වය සැපයීමට මම තීරණය කලෙමි.

    අද දින මා විසින් කියා වූ මෙම ලිපිය තුලින් මා අවබෝධ කරගත් “සැබෑ පසමිතුරුභාවයට” (Pure Antagonism ) එසේ නොමැතිනම් “සත්‍ය” ( මට වැටහෙන විදියට ) වන්නේ, “ලංකාවේ සිවිල් සමාජයටත්, දේශපාලන සමාජයටත් මුහුණ දීමට සිදු වී ඇති ‘සතුරා’කලින් මෙන් තම බෑගය අරගෙන ගෙදර අරගෙන ගෙදර යන වර්ගයේ කෙනෙකු නොවේ”. යන්නයි. එබැවින් මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින්ට එරෙහිව සියලු දෙනා එක පැත්තක් අරගත යුතු බවය. එනම් එම ඉතා වැදගත් ලියවිල්ලෙන් මා හට පසක් වනුයේ එහි නායකත්වය රනිල් වික්‍රමසිංහ වෙත පැවරිය යුතු බව සහ එහි න්‍යායික කාර්ය සඳහා නායක දීප්ති කුමාර ගුණරත්න සහ ශ්‍රීලංකා පෙරටුගාමී “පක්ෂය” මූලික වී කටයුතු කල යුතු බවය.

  2. දියුණු ලිබරල් ධනවාදී සමාජයක් මංකොල්ල කාරී දුෂිත විකෘති , ඒකාධිකාරී ධනවාදයකට වඩා හොඳයි. නමුත් අරගලය සාක්ෂාත් වෙන අවස්ථවක සමාජවාදී සමාජයක් පිටුවන්න පුලුවන්නම් එයට මිස දියුණු ධනවාදී විප්ලයක් හෙවත් orange විප්ලයක් කරන්න හෝ සහය දෙන්න මාක්ස්වදියෙකුට බැහැ. ප්‍රශ්නය එහෙම වාස්තවික තත්වයක් තිබෙනවද? නැත්නම් එහෙම නැති තත්වයක් යටතේ වඩාත් ප්‍රගතිශීලි කියල හිතන දක්ෂිණාංශික නායෙකයෙකුට සහය දෙනවද? එහෙම සහය දුන් වාමාංශික පක්ෂ ඔක්කොමදිය වෙලා ගියා.

Comments are closed.