විසිවන සියවසේ මිය ගිය පරමාදර්ශ සලකා බලන කල්හි ඒවායේ ක‍්‍රියාත්මකභාවය මතින් අපි වෙත අද දවසේ ප‍්‍රක්ෂේපණය වන්නා වූ පාඩම්වලින් එකක් නම් පැවති පසමිතුරුභාවයේ පරිමාව ඔස්සේ අද වන විට 21 වන සියවස වෙනුවෙන් අසල්වැසි ආදරය මනෝ විශ්ලේෂී අර්ථයකින් ප‍්‍රතිස්ථාපනය කිරීම කෙතරම් මෝඩ සහ දුෂ්කර දෙයක්ද යන්නයි. The Neighbor (2006) කෘතියේ ජිජැක් කියා සිටින්නේ එවන් ප‍්‍රතිසංස්කරණ ව්‍යායාමයක් කෙතරම් ආචාරධාර්මික හදිසියක් ජනනය කළ ද (Ethical urgency), සමකාලීන සමාජය සහ සංස්කෘතිය වෙනුවෙන් එය කෙතරම් වැදගත් වුව ද, මේ සම්බන්ධයෙන් ගොඩනැඟී ඇති ෆ්‍රොයිඩියානු විප්ලවය (Freudian revolution) කෙතරම් මෙම මාතෘකාව වෙනුවෙන් අභ්‍යන්තර (Internal) වුවත්, විසිවන සියවසේ සියලූ‍ පාඩම් අපිට උගන්වන්නේ අසල්වැසියා තම ‘අහිංසක බව’ අහිමි කරගෙන ඇති නිසා බව යැයි ජිජැක් පෙන්වා දෙයි. (ඉහත කෘතිය; දෙවන පිටුව). අසල්වැසියා සම්බන්ධයෙන් අපි දක්වන අභ්‍යන්තර මනෝ විශ්ලේෂී වෛරීසහගතභාවය හුදෙක් ගංවතුරෙන් විපතට පත්වූවන් වෙනුවෙන් අසවල් නාලිකාවට ගෙනැවිත් දෙන සබන් කැට ලොරිවලින් මිනිය නොහැකි බව ලාංකික අපි මේ වන විටත් ඔප්පු කර හමාර බව මුස්ලිම් පල්ලි කැඞීමේ සිට මුල්ලිවයිකාල් දක්වා වන සිදුවීම්වලින් පැහැදිලි කරගත හැකිය.

මෙලන්කොලිකයෙක් මිය ගිය ශරීරය සමඟ ශක්තිමත් ජීවමාන ආදරයක් ගොඩනැඟීම සහ සෝරන් කියකිගාර්ඞ් සඳහන් කරන ‘සියලූ‍ යහපත් අසල්වැසියන් යනු මිය ගිය අසල්වැසියන්ය’ යන කියමන අතර මනෝලිංගික සම්බන්ධයක් පැනනඟින්නේ ඇතැම් එක්සත් ජනපද රැුඩිකල් සමාජ තුළ ‘මළ මිනී සමඟ ලිංගිකව එකතු වීම’ (Necrophilia) නැවත සලකා බැලීමේ ප‍්‍රවණතාවක් යළිත් ඇති වී තිබීම සැලකිල්ලට ගැනීම තුළින් බව ජිජැක් ඉහත කෘතියේ තුන්වන පිටුවේ පෙන්වා දෙයි. ඇතැම් මිනිස්සු තම හදිසි මරණයකින් පසු සිය ශරීර අවයව ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා ප‍්‍රදානය කරනු සේ ම තම ශරීරය මරණයෙන් මතු ලිංගික කටයුතු වෙනුවෙන් ලබා දීමත් මේ අනුව සලකා බැලිය හැකි ක‍්‍රියාවක්ද යන්න රැුඩිකල් මණ්ඩප තුළ සංවාදයට බඳුන් වෙයි. මේ අනුව යහපත් අසල්වැසියෙක් යනු මිය ගිය අප‍්‍රාණික සිරුරකි. නැතිනම් මළමිනියකි. එවැන්නෙක් කුමන ලිංගික ක‍්‍රියාවක් වුව ද වධ බන්ධන, හිංසා පරපීඩක කාමුක බව සහ ලජ්ජාවට පත්කිරීම් යනාදී යටපත් කළ අපේ  ඕනෑම ආශාවක් ඉවසනු ඇත. මේ අනුව සාරය අහිමි කරන ලද මළමිනියක් යනු පසු නූතන යුගයේ හොඳම ලිංගික සහකරුවා වෙනු ඇත යන්න පුදුමයක් නොවේ. එනම් ‘විනෝද නොවන ශරීරයක්’ සමඟ රමණය කිරීම තුළින් අනෙකාගේ අතිරික්ත ප‍්‍රමෝදය පිළිබඳ අපේ මාරාන්තික භීතිය මෙයින් අහෝසි වී යනු ඇත. එනම්, ‘විනෝද නොවන ශරීරයක්’ යනු තවදුරටත් සජීවී ප‍්‍රාණවත් පුද්ගලයෙක් නොවේ. එවැන්නක් යනු ‘නො-මිනිසෙකි.’ මිනිස් නොවන එහෙත් මිනිස් රූපය සහිත වස්තුවක් සමඟ රමණය කිරීම තුළින් අනෙකාගේ අතිරික්ත ප‍්‍රමෝදය (Excessive Enjoyment) නම් ‘මිනිස් බව’ අප විසින් බහිෂ්කරණය කරනු ලබයි. මිනිසා මිනිස් බවට පත් වන්නේ ඉහත ‘මිනිස් නොවන’ ප‍්‍රමෝදය සමඟය. මෙලන්කොලික මළමිනියක් අපගේ ආශා වස්තුව ලෙස තෝරාගත් මොහොතේ අනේකත්වය පිළිබඳ අපේ මාරාන්තික භීතිය අහෝසි වී යනු ඇත.

මේ ‘මිනිසත් බව’ වනාහී ‘මිනිස් නොවන’ අන්තර්ගතයක් සමඟ බහි – සංසේචිත සම්බන්ධයක් (ex-tempted relationship) පවත්වයි. මෙයින් අදහස් කරන්නේ කාන්ටියානු මිනිසා නම් ‘හේතුවේ පැවැත්මට’ (හේතුවේ ජීවීන් – Beings of reason) අතිරික්ත වශයෙන් මිනිස් නොවන සත්ව අන්තර්ගතයක් ද සහිත පැවැත්මක් අපි තුළ ම අසල්වැසියෙක් වශයෙන් අන්තර්ගතව තිබේ යන්නයි. මිනිසා තුළ පවතින මේ අතිරික්ත සත්ව ආශාව අනෙකා බියපත් (Terrifying) කරනසුලූ‍ ය. නමුත් අපි ‘සත්ව’ යැයි ඉවත දමන, ප‍්‍රතික්ෂේප කරන, පිළිකුල් කරන මේ අන්තර්ගතය ම මිනිසා මිනිසා ලෙස හඳුනා ගැනීමේ අනිවාර්ය අංගයකි. (ඉහත පිටුව 09) මිනිසාගේ අඳුරු අභ්‍යන්තරය (Inner dark core)  වනාහි සත්ව ආශාව සහ දිව්‍යමය උමතුව අතර විෂයකරණය වී ඇති බව සිහිපත් කරන ජිජැක් මේ තත්ත්ව ඔස්සේ ම අසල්වැසි ආදරයේ දේශපාලනික විෂමතාව අපි හඳුනාගත යුතු බව ප‍්‍රකාශ කර සිටී. දෙවියන් වෙත දක්වන ආදරය පවා සකස් වී ඇත්තේ පූර්ණ වශයෙන් ම ‘ආදරය’ ඔස්සේ නොව යම් ප‍්‍රමාණයකට දෙවියන් කෙරෙහි දක්වන බියක් ද පාදක කරගෙන ය. දෙවියන් විසින් ම අඳුරට එරෙහිව ආලෝකය ප‍්‍රාදුර්භූත කරනු ලැබීම තුළ ම ‘මිතුරා’ සහ ‘සතුරා’ යන බෙදුම්කඩනයක් ඇති වූ [සතුරු/මිතුරු – සුදු/කළු – යහපත/අයහපත – අඳුර /ආලෝකය] අතර මෙම ආලෝකයේ ‘නිමේෂය’ ‘සතුරු – මිතුරු’ බව පදනම් වූ දේශපාලන ලෝකයේ ආරම්භය ද සනිටුහන් කරයි. මේ අනුව ‘සතුරා’ යනු අවශ්‍යයෙන් ම ‘නපුරක්’ නොවන අතර ඉහත බෙදීමේ (Separation) තවත් එක් අන්තයක නියෝජනයක් වේ.

මෙයින් අදහස් වන්නේ අපේ පැවැත්ම සඳහා අවශ්‍ය ස්ථාවරභාවය සතුරා රැුගෙන එන බවයි. මෙය රැුඩිකල් විෂය මූලික අවශ්‍යතාවක් වන අතර මේ සඳහා මෑතකාලීන සම්භාව්‍ය උදාහරණය නම් සීතල යුද සමයේ බල කඳවුරු දෙක අතර ඇති වූ ස්ථාවර සාමය යි. සතුරකු සහිත අවස්ථාවට වඩා සතුරකු රහිත අවස්ථාවක් ගෝලීය සයිකෝසික තත්ත්වයක් නිෂ්පාදනය කරන බව පවසන කෙනෙත් ෙරෙන්හාඞ් (ඉහත ග‍්‍රන්ථයේ 17 වන පිටුව) වර්තමාන ඇමරිකානු ජීවිතය මෙයට හොඳ උදාහරණයක් බව පෙන්වා දෙයි. අද්‍යතන ‘ත‍්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටන්’ තුළ මෙම අභ්‍යන්තර ස්ථායිකරණය කිරීමේ ශක්‍යතාව අහෝසි බව (සමාජවාදී අනෙකාට සාපේක්ෂව) කෙනෙත් ෙරෙන්හාඞ් පෙන්වා දෙයි. මේ අනුව දේශපාලනය ස්ථානගත වන්නේ අසල්වැසියා නම් රූපය තුළ ය. නැතිනම් අපේ මිතුරා/සතුරා, පවුල/පිටස්තරයා, ස්වාත්මය/අනෙකා යන බෙදුම්කඩනවල අවිනිශ්චිත බව ද්‍රව්‍යාත්මක කරන්නා වූ අසල්වැසි රූපය තුළ ය. අපේ පවුල විනාශ කළ හැකි පාරේ තැන තැන ඇවිදින රස්තියාදුකාරයෙක් අපි පරිකල්පනය කරන මොහොතේ ම අපි සත්‍යය සතුරකු නැතිනම් අසල්වැසියෙක් නිර්මාණය කරගනී යන්න අපි වටහාගත යුතු අමිහිරි සත්‍යය යි. බයිබලයට (සහ ඩෙරිඩාට) අනුව අපිට ශාප කරන්නා හට අපි ආශිර්වාද කළ යුත්තේ එබැවිනි.

“Thou shalt  love thy neighbor, and hate thine enemy. But I say unto you, Love your enemies, bless them that curse you.”

Jerusalem

 

අපි විසින් බාහිරකරණය කරන ලද ශූන්‍යත්වයක් විසින් ම නැවත අපේ අභ්‍යන්තර සංස්ථිතික බව රැුගෙන ඒම ෙරෙන්හාඞ්ට අනුව බහි-ශූන්‍යතාව (Ex-nihilo) කි.

ධනවාදය තුළ අපිට ශේෂ වී ඇත්තේ සියල්ල ඉවසා වදාරනසුලූ‍ අසල්වැසියෙකි. සියල්ල ඉවසන එම අසල්වැසියා විසින් මිනිස් ශිෂ්ටාචාරය නිෂ්පාදනය කළ සියල්ල පාරිභෝගික භාණ්ඩ බවට විපරිණාමය කරයි. ඇලන් බදියුට අනුව නම් අධිරාජ්‍යයා කිසිවක් වාරණය නොකරන අතර සියලූ‍ කලා කෘති සහ සියලූ‍ අදහස් පරිභෝජනය කරන ලෙසත්, සන්නිවේදනය කරන ලෙසත්, අවසානයේ ඒවා සමඟ විනෝද වන ලෙසත් අපිට අධිරාජ්‍යයා අවසර දී ඇත. මිනිස් විෂයේ නෛසර්ගික සියලූ‍ අදහස් ප‍්‍රකාශමාන වීමට ඉඩ නොදී තෝරාගත් අදහස් පමණක් විකාශනය කිරීම තුළින් මිනිස් විෂයය සත්‍යය ලෙස ම විකසිත කිරීම මේ යුගයේ යල්පැන ගිය දෙයක් බවට පත්ව ඇති අතර ස්වයං ප‍්‍රකාශනය, ස්වයං අවබෝධය, ස්වයං විකසිත වීම යුගයේ නව පුරුෂාර්ථ ලෙස ක‍්‍රමය විසින් ම ඉස්මත්තට නංවනු ලැබ ඇත. ශේෂ වී ඇත්තේ ක්ෂමා විරහිතව අප වෙතට පනවා ගන්නා ලද ස්වයං වාරණයක් යන බදියුදියානු ආස්ථානය වඩා වැදගත් වනු හැක්කේ සත්‍යය අසල්වැසියා යන්න මේ යුගයේ අහෝසි වි, වාෂ්ප වී ඇති නිසා බව අපිට පෙනී යන කරුණකි. මේ ස්වයං වාරණය විමුක්ති දේශපාලනය උදෙසා ද අතිශයින්ම අදාළ බව ජිජැක් ඉහත “Neighbors and Other Monsters: A Plea for Ethical Violence” නමැති ලිපියේ පෙන්වා දෙයි. ලංකාවේ කුඩා වාමාංශික කල්ලි තුළ නැත්තේ ද ඉහළ ස්වයං විනය යි. තත්‍යසමාන අවකාශයේ වාරණයක් නොමැති ඉඩකඩක සන්නිවේදන ධනවාදයේ කොන්දේසි සපුරන මෙම පිරිස් පිළිබඳ කතා කිරීම පවා අදේශපාලනයකි.

අනෙක් අතට ලාංකික වම කුඩා කුඩා අංශුවලට බෙදී ගොස් එම හුදෙකලා කොටස් තමාගේ ම කතිකා ලෝකවල ජීවත් වෙයි. ඔවුන්ගේ අතිමූලික දුර්වලකම (ඔවුන්ට අනුව ඔවුන්ගේ අනන්‍යතාව) නම් අසල්වැසියා සැක කිරීමේ සයිකෝටික ආස්ථානය යි. එනයින්: එකතු වී වැඩ කිරීම (Unity), සාමූහික (Collectivity) බව සහ ඒකාග‍්‍රතාව (Solidarity) යන වචන ඔවුන්ට තිත්ත කෂාය වැනි ය. ලාංකික වමේ එකමුතුවක් පිළිබඳ යෝජනා ඔවුන් මායිම් නොකරන අතර එය සැක කිරීම ඔවුන්ගේ පුරුද්දයි. අනෙකා තමා විනාශ කිරීමට සිටින රාක්ෂයෙක් සේ පෙනීම මේ අනුව මේ සයිකෝටික (බාහිර ලෝකය සැක කිරීම* බව විසින් ඇති කරනු ලබන අතර එය අනන්‍ය ගැටලූ‍වක් දක්වා මේ වන විට ප‍්‍රධාන වමේ ධාරාවලට බලපෑම්සහගතව ඇත. දීප්ති සහෝදරයා විසින් අනුදකින ජාතිවාදයෙන් තොර වමේ එකමුතුවක් බිහි කිරීමේ උත්සාහය ද මේ තරමට ම දුෂ්කර වී ඇත්තේ මෙම වමේ පක්ෂවල ව්‍යුහාත්මක ගැටලූ‍වක් වන ඔවුන්ගේ සයිකෝටික අනෙකා සැක කිරීමේ මනෝවිශ්ලේෂී මෙලන්කොලික ස්වභාවය හේතුවෙනි. විශේෂයෙන් ම මෙම වමේ කොටස් නව දැනුම සැක කරයි. එම දැනුම ඇමරිකානු ඔත්තු සේවාවල උගුලක් යැයි තම සගයන්ට කියා දෙයි. එම දැනුම අධිරාජ්‍යවාදී වුවමනාව වෙනුවෙන් භාවිතා කරන බවට කැට තියයි. දැනුම නැතිව දේශපාලනය කළ හැකි යැයි ඔවුන් කල්පනා කරන අතර එම ‘බුද්ධි විරෝධය’ සමස්ත පශ්චාත් යටත්විජිත දේශපාලන දේහය පුරා ම පැතිර ගොස් ඇත. ඒ අනුව ඔවුන්ගේ සටන් පාඨය පැරණි මා ඕවාදයේ එන ‘වැඩිපුර පොත් කියැවීම භයානක බවට’ වන නිරීක්ෂණය සමඟ සමපාත වී ඇත. බුද්ධිය වෙනුවට ඉදිරියට පැමිණ ඇත්තේ ශරීරය යි. ශරීර දේශපාලනයට යා හැකි උපරිම දුර රන්ජන් සහ තෙවරප්පෙරුම යන මහත්වරු අපිට මේ යුගයේ පෙන්වා දෙමින් පවතී [නමුත් ආකර්ෂණීය ශරීර දේශපාලනයක් අනවශ්‍ය යැයි මින් අදහස් නොකෙරේ ]

සයිකෝටිකයා සෑම විට ම තමා විසින් ම ගෙඩනඟන ලද මායාවක ගොදුරක් වන අතර තමා විසින් ම බාහිරට ප‍්‍රක්ෂේපණය කරන ලද යථාර්ථයක් සත්‍යයක් ලෙස බාරගනී. එක් යුගයක ජනතා විමුක්ති පෙරමුණ ‘අධිරාජ්‍යවාදයේ මර උගුල’ ලෙස ද්‍රවිඩ සතුරා නම් සයිකෝටික යථාර්ථය නිෂ්පාදනය කළ අයුරු සිහිපත් කරන්න. සත්‍යය ලෙස ම ගත්විට මෙය ජවිපෙ තමන්ට ම කළ ස්වරූපරාගයක සයිකෝටික ප‍්‍රකාශනයකි. ‘තම මිථ්‍යාවට තමන් විසින් ම (අසල්වැසියා වෙනුවට) ආදරය කරනු ලැබීමකි’. තමන් නිෂ්පාදනය කළ යථාර්ථයේ ම යථ සහ පරිකල්පනය අතර සිරගත වීමකි. (කියවන්න අන්තර්ජාලයේ ඇති Psychosis in a Cyberspace Age නම් ලිපිය) ලාංකික වර්තමාන සයිකෝටික යථාර්ථයේ සත්‍යය පීතෘත්වය හිමි වන්නේ ජවිපෙට වීම මේ අනුව අවාසනාවන්ත තත්ත්වයකි. අදටත් අපි අසල්වැසියාට වෛර කරන්නෙමු. මනෝ විශ්ලේෂී විශ්වයක නිර්මාණය වූ ඉහත ‘රෝගී දේශපාලනයේ රාත‍්‍රිය’ පරාජය කළ හැකි වන්නේ මනෝ විශ්ලේෂණය පදනම් කරගත් දේශපාලන ව්‍යාපාරයකට පමණි. මෙම පුළුල් දේශපාලන ක‍්‍රියාව හුදු ව්‍යවස්ථා වෙනසකින් පමණක් කළ හැකි එකක් නොවේ.

Fire 2

 

මතු සම්බන්ධයි

Mahesh Hapugoda

සාකච්ඡාව – ජයසිරි අලවත්ත

 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. // දීප්ති සහෝදරයා විසින් අනුදකින ජාතිවාදයෙන් තොර වමේ එකමුතුවක් බිහි කිරීමේ උත්සාහය ද මේ තරමට ම දුෂ්කර වී ඇත්තේ මෙම වමේ පක්ෂවල ව්‍යුහාත්මක ගැටලූ‍වක් වන ඔවුන්ගේ සයිකෝටික අනෙකා සැක කිරීමේ මනෝවිශ්ලේෂී මෙලන්කොලික ස්වභාවය හේතුවෙනි. විශේෂයෙන් ම මෙම වමේ කොටස් නව දැනුම සැක කරයි.එම දැනුම ඇමරිකානු ඔත්තු සේවාවල උගුලක් යැයි තම සගයන්ට කියා දෙයි. එම දැනුම අධිරාජ්‍යවාදී වුවමනාව වෙනුවෙන් භාවිතා කරන බවට කැට තියයි. දැනුම නැතිව දේශපාලනය කළ හැකි යැයි ඔවුන් කල්පනා කරන අතර එම ‘බුද්ධි විරෝධය’ සමස්ත පශ්චාත් යටත්විජිත දේශපාලන දේහය පුරා ම පැතිර ගොස් ඇත// අත්දැකීමෙන්ම දන්නවා ඇත්ත කියල.

Comments are closed.