වසන්ත පේ්රමරත්න සහෝදරයා මෙයට මාසයකට පමණ පෙර විමසන ලද දේශපාලන ප්රශ්න කිහිපයක් සඳහා මගේ ප්රතිචාර පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. ඔහුගේ ප්රශ්නයේ හරය මෙසේ කැටි කළ හැකිය. සම්භාව්ය මාක්ස්වාදී න්යාය විසින් සමාජය හෝ දේශපාලනය සංවිධානය කළ යුත්තේ යම් සමාජ පන්තියක් (කම්කරුවන්) කේන්ද්ර කරගනිමින් යැයි ප්රකාශිතය. නමුත් ඔබලා නූතන ධනවාදය (මෙහි සමකාලීන ස්වරූපය ගෝලීයකරණයයි) විශ්ලේෂණය කිරීමේ දී අවධානය යොමු කරන්නේ ආත්මීය ස්ථාවර දෙකකටය. ඒවා නම් (1) හිස්ටෙරික (2) විපරිත. මින් හිස්ටෙරික යනු පවතින සමාජ ආධිපත්යයන්ට අනන්ය නොවන ආත්මයයි. සමාජ හෝ ආයතනික ආධිපත්යයන් අනවරතව අතාර්කික වන මට්ටමට ප්රශ්න කරන ආත්මීය ස්ථාවරය හිස්ටෙරිකය. අනෙක් අතට විපරිත යනු සමාජ සංකේත නීතිය උල්ලංඝනය කරන්නාය. මේ මොහොතේ ගෝලීයකරණය තුළ ජනගහනයෙන් බහුතරයක් ඉහත කාණ්ඩ දෙකට වගුගත කළ හැකිය.
මෙසේ කිරීමෙන් ඇති ඵලය කුමක්ද? සම්භාව්ය මාක්ස්වාදය පැත්තේ සිට ගත් කල ‘පන්තිය සංවිධානය’ කරනවා වෙනුවට මේ යෝජනා කරන විකාරය කුමක්ද? මේ ප්රශ්න දේශපාලනික වශයෙන් ඉතාම සාධාරණ ප්රශ්නය. මුළු මහත් දේශපාලන සමස්තයම ව්යාකූල වී ඇති පරිසරයක මේවා ඉතාම තාර්කික ගැටලූය.
ශ්රමයට වඩ වඩා අරාජික වීමට ඉඩහැර ප්රාග්ධනයට ඉතාම තාර්කික ස්වරූපයක් ලබා දීමට මේ මොහොතේ දකුණු ආසියානු රටවල් බොහොමයක් උත්සාහ කරයි. නමුත් චීනය සහ රුසියාව අතර වෙනස සලකුණු කිරීම වැදගත්ය. චීනයේ ශ්රමය කොමියුනිස්ට් පක්ෂය සංවිධානය කරයි. රුසියාවේ දී ශ්රමය අරාජකය. මෙම හේතුව නිසා මේ රටවල් දෙක තුළම පාලන තන්ත්ර සර්වාධිකාරී වුවත් ‘ප්රාග්ධනය’ පැත්තෙන් විෂමය. චීන ප්රාග්ධනය රුසියානු ප්රාග්ධනයට වඩා ද්රවශීලය. ගෝලීයකරණයට පෙර පැවති ධනවාදයට එකම විකල්පය වූයේ සමාජවාදයයි. එය නූතනවාදී ව්යාපෘතියකි. නමුත් 89 බර්ලින් තාප්පය බිඳවැටුණු පසු බිහි වූ නව ලෝක රටාව තුළ දී ධනවාදයට එතෙක් හිමිව තිබූ නූතනවාදී විචාරකයා (සමාජවාදය) අහිමි විය. ඉන්පසු එතැනට ආදේශ වූයේ පූර්ව-නූතන (Premodern) ව්යාපෘතිය. ඒවා නම් ජාතිකවාදය, ජාතිවාදය, වර්ගවාදය, ගෝත්රවාදය, ත්රස්තවාදය, ලිංගික මූලධර්මවාදය, ආගමික මූලධර්මවාදය යනාදියයි. මේවායේ පොදු ලක්ෂණය මෙසේ සාරාංශගත කළ හැකිය. මේවායේ තාර්කික පදනම අතාර්කිකත්වයයි. නැතහොත් නරුමවාදය යි. මෙය පැරණි මාක්ස්වාදයේ භාෂාවෙන් ප්රකාශ කළහොත් මෙලෙස සටහන් කළ හැකිය. අධෝ-ව්යුහයේ ගැටලූ නිෂ්පාදන සබඳතාවලට තාර්කිකව විසඳාගත නොහැකි සන්දර්භයක් තුළ ඒවා උපරි-ව්යුහය තුළට සංස්කෘතික ප්රතිවිරෝධතා ලෙසට විසරණය වෙයි. මෙය අපට සමස්ත දේශපාලනය තුළත්, මාක්ස්වාදී දේශපාලනය තුළ සුවිශේෂවත් සලකුණු කළ හැකිය. මෙම තත්ත්වය සමස්ත දේශපාලනය තුළ බහුසංස්කෘතිකවාදය ලෙසින් ප්රකාශ වන අතර නව-මාක්ස්වාදය තුළ සංස්කෘතික හැරවුම ලෙසින් විද්යාමාන වෙයි.
ඉහත අප විග්රහ කළ ඓතිහාසික වර්ධනය හමුවේ වඩා වැදගත් වන්නේ නිවැරැදි ප්රශ්න ඇසීම මිස නිවැරැුදි පිළිතුරු දීම නොවේ. සමකාලීන ධනවාදී සමාජයේ අධික අරාජකත්වය තුළ පිළිතුරු පොට්ටනි ගණනින් ලැබේ. සමහර මිනිසුන් තවත් අය මුහුණු පොතේ දමන කොමන්ට්ටු පවා දේශපාලන උත්තර ලෙස බාර ගනියි. අවශ්ය නම් මත්ද්රව්ය වෙළෙඳාම රාජ්යයෙන් පුද්ගලයන්ට මාරු වීම ගැන පශ්චාත්-මාක්ස්වාදී පිළිතුරක් ගොනු කළ හැකිය. බොහෝ වාදවලට මෙකල හිමි වී ඇත්තේ සරදම්කාරී දෛවයකි. බොහෝ වචනවලට ඇත්තේ හිස් අර්ථයකි. ‘වචන’ පාවිච්චි කරන්නා සහ ඒ පුද්ගලයාගේ දෘශ්යමානය අතර පරතරය බොහෝ දෙනකුට කියවිය නොහැකිය. නම් විසි කිරීම (Name Droping) සුලබ සංසිද්ධියකි. එක සිද්ධියක දී A නම් ආකාරයට ක්රියා කරන පුද්ගලයා තව සිද්ධියක දී B නම් ආකාරයට ක්රියා කරයි. මෙම ක්රියා දෙක අතර පරස්පරය ගැන කිසිවකුට වගක් නැත. සම්මතයක් නඩත්තු කරන බුද්ධිමතුන් සමාජ සංවාදයෙන් වඩ වඩා ඉවත් වී යන අතර ඒ තැන පුරවන්නට ඉදිරිපත් වන්නේ උමතු වාචාලයන්ය. එම වාචාලයන්ට හුරේ දමන ඒ මට්ටමටම කැපිය හැකි මෝඩයන් සනුහරයක් ද බෝ වී ඇත.
ඉහත සන්දර්භය සිහි තබාගෙන අපි දැන් වසන්ත සහෝදරයාගේ ප්රශ්නවලට පිළිතුරක් සොයමු. පැරණි සහ සම්භාව්ය මාක්ස්වාදී වම විසින් තම ක්රියාකාරිකයාට අමතන්නේ කෙසේද? ඔවුන්ට අනුව තම ක්රියාකාරිකයා හෝ ක්රියාකාරිනිය තුළ විමුක්තිය ලැබීම සඳහා පේ්රරණයක් (පෙළඹවීමක්) බාහිරින් ඇති කළ හැකිය. මේ බාහිරින් ඇති කරන පොලඹවා ගැනීම සඳහා යම් යම් ක්රියාමාර්ග ගැනීම යුක්තිසහගතය. එම ක්රියාමාර්ග මර්දනීය යැයි කිසිවකු සලක්නේ නැත. විමුක්තිය සඳහා යම් මිලක් ගෙවිය යුතුය. මෙම මිල ගෙවීම සඳහා යම් මර්දනීය පැසේජයක් හරහා ආත්මය ගමන් කළ යුතුය.
අප මේ සඳහා උදාහරණයක් සලකා බලමු. මෙය මම උපුටා ගන්නේ සාම්ප්රදායික ලෙනින්වාදී කෘතියකින් නොවේ. ඒ සඳහා අදාළ කරගන්නේ ගුණදාස අමරසේකර විසින් රචිත ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද? කෘතියයි. එහි පහත සඳහන් වන්නේ ‘විමුක්තිය’ ලබා ගැනීමට අවශ්ය කෙනකු සඳහා ඉදිරිපත් කළ හැකි මර්දනීය බෙහෙත් තුන්ඩුවකි.
‘‘පන්ති කිහිපයකින් සෑදුණු සමාජයක් තුළට ඒ පන්ති කිහිපයට ම නන් අයුරින් විෂය වන දර්ශනයක් පිවිසි විට. ඒ පන්ති අතුරින් බලවත්ම පන්තිය විසින් එය සිය අභිමතාර්ථය සඳහා යොදවා ගැනීම සදහටම සිදු වන්නකි. මෙය මාක්ස්වාදී චින්තකයන් (විශේෂයෙන් යූරෝ මාක්ස්වාදියෙක් වන ග්රාම්ස්චි) හඳුන්වා දී ඇත්තේ ‘චින්තන ආධිපත්යය’ යන වදනෙනි.
මෙවැනි තත්ත්වයක් උද්ගත වනු වළක්වාලිය හැක්කේ – කිසියම් බහුජනතාවකගේ හිත සුව පිණිස දේශනා කරන ලද දහමක් අන් සුළු පිරිසක් විසින් දඩමීමා කරගනු වැළැක්විය හැක්කේ එකම ක්රමයකින් පමණි. එම දර්ශනය හැමටම පොදු වූ දෙයක් නොව කිසියම් පන්ති දර්ශනයක (Class Ideology) තත්ත්වයට පත් කළහොත් පමණි. මේ සඳහා ‘සමාජය’ යනු හිස් ගොඩකින් සැදුණු එකම රාශිභූත වීමක් ලෙස නොව විවිධ පන්තිවලින් සැදුණු, විවිධ එකිනෙකට පටහැනි අපේ්ක්ෂාවලින් සැදුණු පොර පිටියක් ලෙස දැකගත යුතු වෙයි. එවැනි දෘෂ්ටියක් ලබාගත හැක්කේ මාක්ස්වාදී චින්තනයක් – විග්රහයක් ඇසුරෙන් පමණි. මේ කරුණු නොවටහාගෙන අරඹන සෑම සත් ව්යාපාරයක්ම, හැම උතුම් ව්යාපාරයක්ම වරප්රසාද ලද පන්තිය විසින් සිය අභිමතාර්ථ සාධනය පිණිස දඩමීමා කරගැනීම නොවැළැක්විය හැක්කකි. එවැනි ව්යාපාර ඒවා ඇරඹි උතුමන් නොසිතු දුර්විපාක ගෙන දෙන ඒවා හෝ හුදු මනෝරාජික ව්යාපාර හෝ බවට පත්වනු වැළැක්විය නොහැකිය.’’
ඉහත අදහස අප වෙත රැුගෙන එන්නේ ට්රොට්ස්කි, ලෙනින්, ග්රාම්ස්චි හෝ අල්තූෂර් නොවේ. මෙය ලියන්නේ ගුණදාස අමරසේකර විසිනි. ඒ 1980 දීය. ඉහත අදහස දරන වාමාංශිකයන් පමණක් නොව UNP කාරයන්, ශ්රී ලංකාකාරයන් ද මේ රටේ සිටිති. ලංකාවේ කිසිදු වාමාංශික පක්ෂයක් ඉහත අදහස නැතිව පවතින්නේ නැත. සමාජය හෝ මහජනයා වෙතට දර්ශනය රැගෙන යනවාට වඩා පන්තිය (නිශ්චිත විප්ලවවාදී පන්තිය) වෙතට දර්ශනය ගෙන යාම ඕනෑම වමේ ව්යාපාරයක් දෙසන අභිධර්මයකි. මෙම අභිධර්මය වෙනුවෙන් ශික්ෂණය වීමට කැමැති පිරිස් ද තවමත් අඩුවක් නැත. ගම්භීර ලෙස මෙම අභිධර්මය දෙසන අයගෙන් ද අපට අඩුවක් නැත. ගැටලූව වන්නේ විවිධ උමතු රෝගවලින් පෙළෙන්නන් ද මෙම මතයම දේශනා කිරීමයි. ‘තර්කය’ එය යෙදිය නොහැකි ස්ථානවලට යෙදූ විට (ආත්මයට, ලෝකයට, දෙවියන්ට) න්යාය විරෝධයන් බිහි වේ යැයි කීවේ කාන්ට්ය. කාන්ට් නම් දාර්ශනිකයාට අනුව ‘නිදහස’ නම් ක්ෂේත්රය තර්ක බුද්ධියට අසු නොවේ. නිදහස පටන් ගන්නේ තර්ක බුද්ධිය අවසන් වූ විටය.
ලංකාවේ ප්රධාන පක්ෂයක නායකයා සමකාමියෙකි. මේ දිනවල ඔහුට වඩාත්ම සමීප සමකාමී තරුණයාට පක්ෂයේ ඉහළම ගෞරවය හිමි වෙයි. රටේ සංවර්ධනය සමඟ මෙම තරුණයාගේ ව්යාපෘති බැඳී ඇත. මෙම ක්රියාවලිය හරහා අර්බුදයට යන්නේ අර අප ඉහත කී අමරසේකරගේ අදහස නොවේද? එක පැත්තකින් ‘සමාජය’ (Society) යන අදහස වියැකෙමින් යයි. තව පැත්තකින් පුද්ගලයා/ සමාජය යන භේදය අහෝසි වෙමින් යයි. මෙවැනි තත්ත්වයක් තුළ පන්තිය වෙතට දර්ශනය හෝ දේශපාලනය ගෙනයාම පෙර මෙන් පහසුවෙන් කළ හැකිද? අර මා කලින් කී පක්ෂය වෙනුවෙන් දැඩි ලෙස වෙහෙස මහන්සි වූ අය දැන් සිටින්නේ බකංනිලාගෙනය. විනය, ශික්ෂණය, සංවිධානය කිරීම පෙර දී මෙන් අපට කළ හැකිද? ඉහත පක්ෂයේ නායකයා ඉවත් කළ විට එම පක්ෂය පොදු අරමුණු කරා ගමන් කරයිද? මා දන්නා තරමින් අර තරුණයා සමකාමීයෙක් නොවේ. ඔහු සමකාමීයකු ලෙස වසඟකාරීව හැසිරෙන කෙනෙකි. ඔහු සහ සමකාමීත්වය අතර ඇත්තේ දුරස්ථ සම්බන්ධයකි. මුදල් සහ වෙනත් අරමුණු සඳහා සමකාමීත්වය රඟ දැක්වීම සමකාමීත්වයක්ද? ලංකාවේ සමහර සමකාමීන් විවාහ වී දරුවන් ලබා තවදුරටත් සමකාමීන් වී ඇත්තේ ගාණක් හොයා ගැනීමටය. පක්ෂ නායකයා බඩුකාරයෙක් වූ විට ඒ සඳහා පක්ෂ සාමාජිකයන් කැප විය යුතුය. ඔහු කොලූකාරයෙක් වූ විට ඒ සඳහා වෙනත් ආකාරයට පක්ෂ සාමාජිකයන් කැප විය යුතුය. ඒ අනුව ‘සමාජ බන්ධනය’ සවිඥානයෙන් අවිඥානයට මාරු වී ඇත. පන්තියට දේශපාලනය හෝ දර්ශනය ගෙන යාම අහවර වූ යුගයක් අප වෙතට පැමිණ ඇත. එය වාම/ දක්ෂිණාංශික භේදයකින් තොරව සමසේ සිදු වෙයි. ෆැක්ටරියෙන් සුරාකෑමේ යාන්ත්රණය නාගරික අවකාශයට විතැන් වී ඇත. මේ යුගයේ දී ධනවාදී සුරාකෑමේ අවකාශයට පක්ෂ නායකයන් ද ඇතුළත් වී ඇත. පක්ෂ සාමාජිකයා ශ්රමිකයෙක් කර ඔහුව/ ඇයව සුරාකෑම අද දවසේ දේශපාලන නායකයන්ගේ ධනේශ්වර භාවිතාවයි. මෙවැනි උමතු ආධිපත්යයන්ට භක්තිමත් ලෙස ආදරය කිරීම මේ යුගයේ ශ්රමිකයාගේ ලුබ්ධි ආර්ථිකයයි. දේශපාලන-ආර්ථිකය සමඟ ලුබ්ධි-ආර්ථිකය වෙළී පවතින නූතන ගෝලීයකරණය තුළ UNP, ශ්රී ලංකා, පෙරටුගාමී, JVP, TNA භේද මායාවන්ය. ඔවුන් අයිති වන්නේ ආත්මීයව කාණ්ඩ දෙකකටය. අයෙක් හිස්ටෙරිකය. අයෙක් විපරීතය. ප්රාග්ධනය දන්නේ එපමණය. තමාගේ ශ්රමය හරහා පක්ෂ නායකයා විනෝද වීම මේ යුගයේ දේශපාලන – ආර්ථිකයයි.
බුකියට ගිය විට නායකයාගේ සරනිං ලොකු තැන් ගත් සුකොමල පිරිමින් දැක බලා ගත හැකිය. ඒවා ප්‍රශ්න වන්නේ රටේ පාලනයට ඉන් හොඳක් නොවන විටය.
Comments are closed.