[dropcap color=”yellow”]වි[/dropcap]යට්නාම් ජාතික විමුකති අරගලයේ ජීවතුන් අතර සිටි අවසාන විප්ලවාදී නායකයා වූ ජෙනරාල් සියැප් පසුගිය සිකුරාදා මිය ගියේය. යටත්විජිතවාදය තහවුරු වූ වියට්නාමය ඉන් මුදවා ගැනීමේ විරෝධාර දේශපාලන උපාය-උපක්‍රම සකස් කරන ලද්දේ හෝචි මින් සහෝදරයාය. ඔහුගේ දේශපාලන වැඩසටහන භූමිය මත මිලිටරි උපායක් සහ යථාර්ථයක් බවට පත් කළේ ජෙනරාල් සියැප් ය.
1911 දී උගත් ගොවියෙකුගේ පුතෙක්ව ඉපදුණු සියැප් ( මෙහි ‘ස’ ශබ්දය උචාචාරණය කළ යුත්තේ Z ස්වරයෙනි.) වසර පහළොව වන විට විමුක්ති අරගලයට සම්බන්ධ විය. ඔහුට පළමුවෙන් මුහුණ දීමට සිදු වූයේ ප්‍රංශ අධිරාජ්‍යවාදීන්ටය. 1954 වසරේ දී ඉතාම සූක්ෂම උපක්‍රමික සටනකට පසු ඩියැෆ් බියැෆ් ෆූ හිදී සියැප් ප්‍රංශ අධිරජ්‍යවාදීන් පරාජය කලේය. නමුත් මේ සටනට පසු රට දෙකට බෙදුණු අතර දකුණු වියට්නාමයට ඇමරිකන් අධිරාජ්‍යවාදීන් ක්‍රම ක්‍රමයෙන් ඇතුල් විය.
දෙවන අධිරාජ්‍ය විරෝධී සටන ආරම්භ වූයේ ඇමරිකාව සමගය. එය දික්ගැස්සෙමින් විශාල ජන ඝාතනයක් සිදු කරමින් ඉදිරියට ඇදෙන විට එය නැවැත්වීම සදහා ජෙනරාල් සියැප් අපූරූ උපායක් යෙදෙවිවේය. ඔහුගේ නීරීක්ෂණයට අනුව ඇමරිකාවේ ජනමතය පහත දෙයාකාරයට ධ්‍රැවීකරණය වෙමින් පැවතුනේය. ( දෘෂ්ටිවාදය හැසැරවීම)
01-ඇමරිකාවේ වියට්නාම් යුධ විරෝධී බලවේගය.
02- ඇමරිකන් රූපවාහිණිය සහ ගුවන් විදුලිය මගින් ප්‍රකාශ වන වියට්නාම් යුධ මලේඡ්චත්වය.
ජෙනරාල් සියැප් ටෙට් ප්‍රහාර මගින් ඉලක්ක කරනු ලැබුවේ දකුණු වියට්නාමය තුළ පැවති සියළුම ඇමරිකාණු කදවුරු වලට එකවර පහර දීමයි. එමගින් දකුණු වියට්නාමයේ සිවිල් වැසියන්ට දුන් පණිවිඩය වුයේ තම රට වැසියන් වෙනුවෙන් සටන් කරන වියට්කොන් ගරිල්ලන් ගේ අධිෂ්ඨානයයි. ටෙට් ප්‍රහාර වල ඊලග පරාමිතීන් වූයේ ඇමරිකානු මාධ්‍ය හරහා ඇමරිකානු ජනයා ඇමරිකානු පාලකයන්ගෙන් දුරස්කොට ඇමරිකාව තුළ පැවති වියට්නාම් යුධ විරෝධී උද්ඝෝෂකයන්ව බලවත් තැනකට පත් කිරීමයි.
මිලිටරි වශයෙන් ටෙටි ප්‍රහාර යනු අන්තිම අසාර්ථක ප්‍රහාර මාලාවකි. මුල් වැඩසටහන අනුව උතුරු වියට්නාම් නිත්‍ය හමුදාවේ උදව් නැතිව ගරිල්ලා කණ්ඩායම් පහර නොදිය යුතු බවට උපායක් තිබුනත් ගරිල්ලන් තමන්ට සිතුන සිතුන පරිදි පහර දුන්නේය. අවසානයේ පහරදුන් සෑම තැනකදීම ඔවුන් කිච වී පරාද වුවත් ඇමරිකන් හමුදාවේ සම්පූර්ණ චිත්ත ධෛර්ය මෙම ප්‍රහාර නිසා කඩා වැටුනේය. ඔවුන් ගේ සියළුම හමුදා අනුඛණ්ඩ වලට තිබූ කිර්තිය අහිම විය. පරාජය සමග වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයට තමන්ගේ කාඩර්වරු 40,000 ක් පමණ නැති විය.
නමුත් ටේට් ප්‍රහාර වලට පසු ඇමරිකාවේ දේශපාලන නායකත්වයට වැටහුනේ එය දිනිය නොහැකි යුද්ධයක් යන්නය. ජාතික විමුක්ති අරගලයකදී, මහජන යුද්ධයක් හැසැරවීමේ දී භූමිය අල්ලා ගැනීම අනතුරුදායකය. මෙම වැරැද්ද ජෙනරාල් සියැප් කිසිදිනෙක නොකළේය. තමන් ගේ විමුක්ති අරගලය වෙනුවෙන් අධික ජනතාවක් මියගියත් ජෙනරාල් සියැප් ඉන් සැලුනේ නැත. මන්ද යත් කොහොමටත් මිනිසුන් මිය යන නිසාය. මිලියන 32 ක ජනගහනයක් සහිත වියට්නාමයේ යුද්ධය නිසා මිය ගිය ගණන මිලියන 3.2 කි. ජාතියක් විමුක්තිය ලැබීමට ගෙවිය යුතු එම මිළ සදහා ජෙනාල් සියැප් කිසිද්‍රා පසුතැවිලි නොවුනේය. බටහිර ජෙරාල්වරුන් සියැප්ව විවේචනය කරන්නේ මෙම අධික මිනිස් වියදම නිසාය. තාක්ෂණය අතින් ඉතා දියුණු ජාතියක් පැරදවීම සදහා අදටත් වෙනත් විකල්ප නැති බව චීනය අපට අලුතින් කීයා දී ඇත.
ජෙනරාල් සියැප්! පීඩිතයන්ට ඔබ මතක තිබෙනු ඇත. මන්දයත් ඔවුන්ට සටන් කරන්නට තවත් සටන් භූමි ඇති නිසාය.