සිරි ගුණසිංහ ප්‍රස්‌තුතව ගනිමින් ලියන මෙම ලිපිය ඔහුගේ හෙවනැල්ල නවකතාව නැවත කියවීමකට සීමා කිරීමට මම අදහස්‌ කරගෙන සිටියෙමි. සිරි ගුණසිංහ පිළිබඳ ධර්මසිරි බණ්‌ඩාරනායක විසින් නිර්මාණය කරන ලද වාර්තා වීඩියෝ පටයක්‌ විද්යුත් තැපෑල ඔස්‌සේ නැරඹීමට අවස්‌ථාව ලැබෙන්නේ ඒ අතරතුරය. මගේ ලිවීම හෙවනැල්ල නවකතාව නැවත කියවීම නම් සන්දර්භයෙන් ඉවත්ව නොගියත් ධර්මසිරිගේ වාර්තා වීඩියෝව මගේ ලිවීමේ දිශානතිය වෙනස්‌ කිරීමට සමත්විය. වෙනස්‌ ආකාරයකින් කිවහොත් හෙවනැල්ලෙන් පසු සිරි ගුණසිංහ හොඳ නවකතාවක්‌ නොලියන්නේත් සත් සමුදුරට පසු ප්‍රශස්‌ත නිර්මාණ කිරීමේ අසමත් වන්නේ මන්ද යන්නත් ගැන නැවත සිතීමට ධර්මසිරිගේ වීඩියෝ පටය අප මෙහෙයවයි.

සිරි ගුණසිංහ මහතා බොහෝ කාලයක සිට කැනඩාවේ පදිංචිව කැනඩාවේම ජීවත් වෙමින් කැනඩාවේදීම මරණයට පත් වෙමින් කැනඩාවේම තම කුණුකය වැළලී යැමට ඉඩ හල විද්වතකු බව හැමෝම දනිති. ධර්මසිරිගේ වීඩියෝව තුළ සිටින සිරි ගුණසිංහ ලංකාවේ දැනට ක්‍රියාත්මක වන සිංහල බෞද්ධ ජාතිවාදය සහ ආගම්වාදී ක්‍රියාන්විතයන් හෙළා දකී. මෙහිලා ඔහු පළ කරන අදහස්‌ ජාතිවාදය පිළිකෙව් කරන කවර වූ හෝ කෙනකු තුළ ප්‍රහර්ශයක්‌ ඇති කිරීමේ සමත් බව සැබෑය. එහෙත් එම අදහස්‌ පළ කරන්නේ කැනඩාවේ ජීවත් වී කැනඩාවේදී මියගිය අයකු විසින් නොවන්නේද යන ප්‍රශ්න කෙනෙකු තුළ හැඟෙන්නට පිළිවන.

බැලූ බැල්මට සිරි ගුණසිංහගේ ජාතිවාදී විරෝධය එකී ප්‍රවාද පිළිබඳ ලිබරල් කියවීමකි. වෙනත් ලෙසකින් කිවහොත් බහු ජාතිවාදයට එරෙහි වන්නේ ලිබරල් චින්තකයකු ලෙසය. එය දේශපාලනික නොවන්නේ ඔහු මේ අදහස්‌ පළ කරන්නේ කැනඩාවේ ජීවත් වෙමින් සිsටියදී වීම නිසා නොවේ. ගුණසිංහ හුදු ලිබරල් චින්තකයකු මිස මාක්‌ස්‌වාදය ඇසුරු කළ අයකු නොවීම නිසාය. ගුණදාස අමරසේකර ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම්වලදී භීන්නෝන්මාදී රෝග ලක්‌ෂණ (paranoid Symptoms) පළ කරන අමු ජාතිවාදියකු ලෙස පෙනී ගිය ද මේ කාලයේ වුව ඔහු කරන නිර්මාණයකින් කැපී පෙනෙන්නේ මාක්‌ස්‌වාදී දේශපාලන ශික්‌ෂණය විසින් නඩත්තු කරන ලද ප්‍රශස්‌ත නිර්මාණ වේශයකි. (ඔහුගේ විල්තෙර මරණය මීට කදිම නිදසුනකි.) අමරසේකර ජාතිවාදියකු වීමට පෙර මාක්‌ස්‌වාදී දේශපාලනයක්‌ කළ අයෙකි. එහෙත් සිරි ගුණසිංහ එබඳු දේශපාලන ඉතිහාසයක්‌ සහිත අයකු නොවේ.

අමරසේකරට උග්‍ර ජාතිවාදියකු ලෙස පෙනී සිටිමින් වුවත් නිර්මාණකරණයේදී විරුද්ධභාෂී ලෙස ස්‌වකීය සමාජ කියවීමේ ඉසියුම් දැක්‌මක්‌ බවට පෙරළයි. කොටින්ම ඔහුගේ දෘශ්‍යමාන ජාතිවාදය ඒවාහි ගෑවුන තැනක නැත. ඔහුගේ සමහර නිර්මාණයන් කියවන විට පෙනී යන්නේ එබඳු තියුණු කියවීමකට අද සිටින කිසිදු ලේඛකයකුට නොහැකි බවය. අමරසේකර ප්‍රෙAමයේ සත්‍ය කතාව කෘතියේ තැනක රෝලන්ඩ් බාත් ගැන සඳහන් කරන්නේ මෙරට එක්‌ස්‌ කණ්‌ඩායම හෝ වෙනත් කිසිවකු බාත් හැදැරීමට බොහෝ කලකට පෙරය. අමරසේකරගේ වර්තමාන නිර්මාණවල විචක්‌ෂණශීලි බව ඔහුගේ පටු ජාතික චින්තනය අභිබවා යතත් සිරි ගුණසිංහගේ පුළුල් ලිබරල් චින්තනයට පටහැනි ලෙස හෙවනැල්ලෙන් පසු ඔහුගෙA නිර්මාණකරණය පිරිහී යයි. තමාගේ විවේචනයට ලක්‌වන වාණිජ සමාජය මතම පරායත්ත වූ ලිබරල් චින්තකයකුගේ ඉරණම එයයි.

අප හෙවනැල්ල නවකතාව පිළිබඳ කතා බහට පෙළඹෙන්නේ එබඳු චෝදනාත්මක පූර්විකාවක්‌ සමඟ වූවත් ඉන් පළවන සමාජය හා ජීවිතය පිළිබඳ කියවීම අව තක්‌සේරුවට ලක්‌ කළ නොහැකි බව අවධාරණය කළ යුතුය. එසේම සිරි ගුණසිංහ මේ රටේ කලාවට කර ඇති සම්ප්‍රදායන් ඉහළින්ම ඇගැයීමට පසු බට විය යුතු නැත. පළමුව හෙවනැල්ල කියවීම සඳහා ප්‍රවේශයක්‌ ලෙස මීට පෙර හෙවනැල්ල පිළිබඳ කර ඇති වෙනත් කියවීම් දෙකක්‌ මම උපුටා දක්‌වමි. පළමු උපුටා දැක්‌වීම 1994 දී පළවූ හෙවනැල්ල නවකතාවේ 4 වන මුද්‍රණය සඳහා සෝමරත්න බාලසූරිය ලියූ පෙරවදනින් කොටසකි.

”සිරි ගුණසිංහ හෙවනැල්ල නවකතාවෙන් සාකච්ඡා කිරීමට උත්සාහ කළේ එම සමාජ ස්‌ථිර පිළිබඳ ඝට්‌ටනයේ පවත්නා සංකීර්ණ තත්ත්වයයි. ඔහු ඇතැම් විටෙක ගැමි සමාජ සාරධර්ම මෙන්ම නාගරික චර්යාද දැඩි විවේචනයට හසු කරන්නේ වූවද දෘෂ්ටිමය වශයෙන් මධ්‍යස්‌ථභාවයක සිටිනු පෙනේ. තරුණියකට ආදරය කිරීම වරදක්‌ නොවන බව ජිනදාස වටහා ගත්තද තමා හැදුණු වැඩුණු පරිසරයේ ගති විසින් තමා ආපස්‌සට ගෙන යැම ගැන කෝපයට පත්වේ. තමා පසු පස එන ගැමි සාරධර්ම නමැති හෙවනැල්ලට ද්වේශ කරයි. සියලු බැඳීම්වලින් මිදී නිදහස්‌ ලෝකයට පා තැබීමේ ආශාවෙන් පෙළෙන ලද්දේ වුවද තම මව හෝ නායක හාමුදුරුවන් සිහිවන විට ඔහු අත පා හකුලා කටුව තුළට රිංගා ගනී. යථාර්ථය බුද්ධියෙන් අවබෝධ කර ගත්තද ක්‍රියාවෙන් ඔහු එම යථාර්ථයේ පිහිටීමට අපොහොසත් වේ.”

මාර්ටින් වික්‍රමසිංහ 1969දී පළ කළ සිංහල නවකතාව හා ජපන් කාම කතා හෙවනැල්ල කෘතියේ මෙම අදහසට වෙනත් සන්දර්භයන් තුළ ප්‍රකාශයට පත් කරන්නේ මෙසේය.

”සිරි ගුණසිංහගේ හෙවනැල්ල අරවින්දගේ චරිතයත් බෞද්ධ සංස්‌කෘතියත් උපහාසයට හසු කරන කතාවකි. ඒ කතාවේ නායක ජිනදාස ගමේ පන්සලේ හාමුදුරුවන්ද උපාසිකාවක වන මවද පරිසරයද විසින් හික්‌මුණු තරුණයෙකි. ගමේ බෞද්ධ සමාජ පරිසරය හා පන්සලේ හාමුදුරුවන් ඇසුරෙන් උකහාගත් අපිස්‌ හැඟීම් ඇති ජිනදාස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී උපාසක කුහකයෙක්‌ වෙයි. ජීවිතයට මුහුණ පාන්නට නොදන්නා ඔහු කාමුකයෙක්‌ වෙයි. මරදානේ වෙසඟනක කරා ගොස්‌ බියෙන් පලා ගොස්‌ හිස නරක්‌ කර ගනියි. හෙවනැල්ල වනාහි විරාගයේ අරවින්ද හා බෞද්ධ සංස්‌කෘතිය උපහාසයට හසු කරන පිණිස රචිත නවකතාවකි. ”
සිංහල නවකතාව හා ජපන් කාම කතා? හෙවනැල්ල 106 පිටුව

mao

ඉහත උපුටා දැක්‌වීම් දෙකේදීම පළ වන්නේ හෙවනැල්ල නවකතාවේ ජිනදාසගේ චරිතය පිළිබඳ තත්කාලීන කියවීම්ය. යම් කලා කෘතියක විශිෂ්ට බව මතු කළ හැක්‌කේ එම කලා කෘතිය සමකාලීන විචාර සන්දර්භය තුළ කියවීමෙන් බව ටෙරී ඊගල්ටන් නම් විචාරකයාගේ අදහසයි. එම අර්ථයෙන් ගත් කළ අවුරුදු පනස්‌ හතකට පසු හෙවනැල්ල කියවන අපට පසු ආවර්තිත ලෙස (Retrospectively) සිංහල ගැමි ආත්මයේ ගුප්ත ස්‌වරූපය කියවීමට පිළිවන. සෝමරත්න බාලසූරිය සහ වික්‍රමසිංහ යන දෙදෙනා පළ කර ඇති ඉහත කියවීම් තුළ විදාරණය වන්නේ එහි ප්‍රාථමික මුහුණුවරය.

වෙනත් ලෙසකින් කිවහොත් මෙම නවකතාව තුළ ජිනදාසගේ වේෂයෙන් අපට හමුවන්නේ පේරාදෙණිය නවකතාව තුළ යළි යළිත් වර නැගුන මෙලන්කොලික පිරිමියාගේ ආත්මීය ස්‌වභාවයයි. මෙහි ප්‍රධාන චරිතය වූ ජිනදාස යනු මීට දශක පහමාරකට පෙර සිටි නූතනවාදී ආත්මයයි. අප අද පසු ආවර්තිත ලෙස දකින්නේ එකී නූතනවාදී ආත්මයක මෙලන්කොලික ස්‌වභාවයයි. මෙහිදී මෙම කියවීම සඳහා මෙලන්කොලියාව නැතහොත් සන්තාපයේ ව්‍යqහය Structure of Melancholy පිළිබඳව වැටහීමකA තිබිය යුතුය. ජුඩිත් බට්‌ලර් මෙලන් කොලියාව (සන්තාපය) සහ වැළපීම වෙන්කර දක්‌වමින් වැළපීම සමඟ සිටින්නන්ට වඩා මෙලන්කොලියාවෙන් පසුවන්නන් වස්‌තුව (Object) කෙරේ මහත් රැඩිකල් ලෙස අචපලව බැඳෙන බව දක්‌වයි. එහෙත් මෙලන් කොලික ආත්මය වස්‌තුවට විශ්වාසවන්තව බැඳී සිටින බව ෙµ්‍රdයිඩ් පිළිනොගනී. ඔහුට අනුව මෙලන්කොලියාව යනු වස්‌තුව තමාට අහිමි වීමටද පෙර කරන වැලපීමකි. මෙලන්කොලිකයා වස්‌තුව (Object) ජීවමානව තමා අබියස පවතිද්දීම එය අහිමිවී තිබෙන කිසිවක්‌ සේ සලකා කටයුතු කරයි. නිදර්ශනයක්‌ ලෙස හෙවනැල්ල නව කතාවේ 122 පිටුවේ ජිනදාසගේ මෙලන්කොලික පසුගාමී බව ප්‍රකාශමාන වන්නේ මෙසේය.

“විමලා බලන්න යන්න ඕනෑ. හෙට හවසටම යන්න ඕනෑ. දින කීපයක්‌ම ජිනදාස විමලා හම්බවෙන්න යා යුතු යයි ඉටා ගත් නමුත් පසුදා නැගිටින විට ඒ අධිෂ්ඨානය ඔහුගේ සිතින් තුරන් වී යයි. හිතේ ඇති කරදර ගතිය විමලාගේ මාර්ගයෙන් තුරන් වෙනවා වෙනුවට වැඩි වෙන්නත් පුළුවන්ය යන අදහස ඔහුගේ අධිෂ්ඨානයට යටින් ඇති වුණා විය හැක. හේතුව කුමක්‌ වුවත් විමලා බැලීමට ජිනදාස ගියේ නැත. එහෙත් අඳුරු ගුහාවෙන් මිදීමට කුමක්‌ හෝ උපායක්‌ වුවමනාය. නැත්නම් විභාගයෙනුත් අසමර්ථ වී පිස්‌සෙක්‌ වෙන බව ජිනදාසට විශ්වාසය.”
122 පිටුව

හෙවනැල්ල නවකතාව ලියෑවුණ කාලවකවානුවට සමරූපීව ප්‍රකාශයට පත්වුණ නවකතා වන ‘විරාගය’ (වික්‍රමසිංහ), ‘මළගිය ඇත්තෝ’ (සරච්චන්ද්‍ර), ‘යළි උපන්නෙමි’ (අමරසේකර), ‘සෙවණැලි ඇද මිනිස්‌සු’ (සුනන්ද මහේන්ද්‍ර), ‘පරාජිතයෝ’ (කේ. ජයතිලක) ආදී වූ පේරාදෙණි යුගයේ නවකතාවල චරිත මෙලන්කොලික ආත්මයන්ය.

යට සඳහන් කළ නවකතාවල සේම හෙවනැල්ල නවකතාවේද අපට දැකිය හැකි තත්ත්වයක්‌ නම් තහනමයි.මෙහි තහනම යනු නීතියයි. ලැකාන්ට අනුව ආශාව (desire) අත්‍යවශ්‍යයෙන්ම නීතිය (තහනම) විසින් ව්‍යqහගත කරන්නකි. නීතිය ආශාව නිර්මාණය කරන්නේ මූලිකවම තහංචිය (interdiction) නිර්මාණය කිරීමෙනි. ආත්මය (Subject) පියාගේ නාමකරණයට (Name of the Father) නතුවීම ඉන් ප්‍රකාශමාන වේ. ඉන් අදහස්‌ වන්නේ දරුවා සංකේතීය විශ්මය තුළට ඇතුළු කරනු ලබන්නේ පියා විසින් බවය.

ජිනදාස යනු පියාගේ නාමකරණය අහිමි වන්නෙකි. ඔහු විෂයෙහි තහංචි පනවන්නා වන්නේ ඔහුගේ මවයි. එම අර්ථයෙන් ඇය Phaලික මවකි (Phallic Mother). එනම් පියකු මෙන් ක්‍රියා කරන මවකි. ඔහුගේ සංකේත ලෝකයේ පැවැත්ම තීරණය කරන්නිය ඇයයි. ඇගේ තහනම නිසා සිදුවන්නේ තව තවත් ඔහු සංකේතීය ලෝකය වෙත ආකර්ෂණය වීම වුවත් එයට ප්‍රවේශවීම ඔහු ප්‍රමාද කරයි. ජිනදාසගේ විගලිත චරිත ස්‌වභාවය අපට සිහි ගන්වන්නේ විරාගයේ අරවින්දය. තත්කාලීන නවකතා තුළ නිරූපණය වූයේ මේ අරවින්දයානු බෙලහීන බවයි. සැබැවින්ම මෙහි සිදුවන්නේ වික්‍රමසිංහ කියන පරිදි හෙවනැල්ල ලිවීමෙන් අරවින්ද සහ බෞද්ධ සංස්‌කෘතිය උපහාසයට ලක්‌වීම නොව අරවින්ද සමඟ අනන්‍ය වීමය. කෙටියෙන් කිවහොත් විරාගයේ සේම හෙවනැල්ල නවකතාවෙන් ද ප්‍රකට කළේ ආසියාතික ගැමි ගුප්ත භාවයයි.

හෙවනැල්ල නවකතාව අවසන් වන්නේ එහි ප්‍රධාන චරිතය වූ ජිනදාස කිසියම් සයිකෝසික තත්ත්වයකට (උමතු බවකට) ඇද වැටීමෙනි. ඔහුගේ ගැටලුව නම් අනෙකාගේ ආශාවේ ප්‍රහේලිකාව නොවැටහීමය. ඔහු කාන්ති නමැති තරුණියකට ප්‍රේම කරයි. ඇයද ඔහු සමඟ කතාබහ කරන්නේ ගමන් බිමන් යන්නේ ඔහුට ප්‍රේම කරන්නියක මෙනි. එහෙත් ඇගේ ආශාව, පැහැදිලිව කියන්නේ නම් ඇගේ අවිඤ්Æණික ආශාව කුමක්‌දැයි වටහා ගැනීමට ඔහු අසමත් වෙයි. එබැවින් තම ප්‍රේමය ප්‍රකාශයට පත්කිරීමටත් පෙර ඇය වැළඳ සිප ගැනීමට පෙළඹෙයි. ඇය ඔහු ප්‍රතික්‍ෂේප කරන්නේ තමා ඔහු ඇසුරු කළේ සහෝදරයකු ලෙස පමණක්‌ බව කියමිනි. ඔහු තමා වැළඳ ගැනීම ඇයට ව්‍යභිචාරී (Incest) ක්‍රියාවක්‌ බඳුය. ඒ අනුව ඇගේ ආශාව සම්බන්ධ වන්නේ ඔහුගේ මවගේ ආශාවටය. ඒ අනුව කාන්ති යනු ඔහුගේ අවිඤ්Æණික ආශාවේ (මව කෙරේ වන බැඳීම) පිළිබිඹුවකි. එය අමරසේකරගේ යළි උපන්නෙමිහි රණතුංග සහ නන්දා නමැති වෙසඟන අතර සම්බන්ධයෙහි වෙනත් කියවීමකි.

පිරිමි දරුවකු තම මව කෙරේ බැඳීම ඊඩිපස්‌ ආලයක්‌ ලෙස ෙµ්‍රdයිඩ් හඳුනා ගනී. එය වළක්‌වනු ලබන්නේ කප්පාදු භීතිකාව (Castration) මගිනි. එසේ වතුදු ලැකාන්ට අනුව පිරිමි දරුවකු තම මව සමඟ පවත්වන සබඳතාව එතරම් සරල නැත. මවගේ ආදරය ලැකාන් දකින්නේ දරුවා තුළ කාන්සාව (anxiety) වඩවන ප්‍රොබ්ලමැතිකයක්‌ ලෙසය. දරුවා යනු මවට සමීප වස්‌තුවක්‌ බව සැබෑය. එහෙත් ඔහුගේ කාන්සාවේ මූලාශ්‍රය ඇයයි. තම ආදරය සහ රැකවරණය තමාට රිසි පරිදි ලබාදීමේ වරම ඇය සතුය. මෙය ඇයට යම් අධිපති භාවයක්‌ ප්‍රදානය කරයි. කිරි දීමේ ක්‍රියාවලිය තුළ මෙය තීව්‍රව මතුවේ. දරුවාට ආහාර සපයන්නිය ඇය වෙතත් ඇය හුදු සපයන්නියක නොවේ. ආහාර (මව් කිරි) සැපයීම තීරණය කරන්නේ ඇයයි. ඔහුගේ පැවැත්ම ඇය මත පරායත්ත වේ. ඇයට කිරි දීමටත් පිළිවන. නොදී සිටීමටත් පිළිවන. මේ නිසා ආහාර යනු ආදරයේ සංඥව බවට පත්වෙයි.

එවිට දරුවා සහ මව අතර මූලික විශ්වාසයක්‌ ගොඩනැඟේ. ඒ අනුව මවගේ ක්‍රියාකාරකම් (කිරිදීම හා රැකවරණය) සිදුවන්නේ ඇගේ කැමැත්තට අනුවය යන කල්පනාව දරුවා අවරෝධනය කර ගනී. මෙම විශ්වාසය කොතෙක්‌ ප්‍රබලද යත් එය සංකේතීය නීතියටද යටත් නැත. එහෙත් මේ මූලික විශ්වාසය බිඳ වැටෙන අවස්‌ථා ඇත. සමහර තැනක මව අණ කරන්නියක ලෙස දරුවාගේ ජීවිතය පිළිබඳ තීරණ ගන්නේ තමා බව පෙන්නුම් කරයි. හෙවනැල්ල නවකතාවේ ජිනදාස විෂයෙහි මවගේ භූමිකාව එවැන්නකි. මෙම සන්දර්භය තුළ ජිනදාස ඩී. එච්. ලොරන්ස්‌ගේ Sons and Overs නම් නවකතාව කියවීම අහම්බයක්‌ නොවේ. නව කතාකරුවා ලොරන්ඩියානු ප්‍රවාද කැඳවීම තුළ එය තීව්‍රවීමට ඉඩහරී. ලෝරන්ස්‌ගේ නවකතාවෙහි කියවෙන මව බිඳ වැටෙන විවාහයක්‌ තුළ ගෘහය තම අණසක යටතට ගත් මවකි. මේ නිසාම එම නවකතාවේ කතා නායකයාටද වෙනත් ස්‌ත්‍රියක සමඟ ස්‌ථාවර සබඳතාවකට යාම අසීරුවේ.

භින්නෝන්මාදයෙන් (Schizophrenia) පෙළුණ රෙනී යනුවෙන් සඳහන් එක්‌තරා ස්‌ත්‍රියකගේ මතක අතර එබඳු මවකගේ පාලනයක්‌ පිළිබඳ කියවෙන බව මනෝ විශ්ලේෂකයකුද වූ ඩේරියන් ලීඩර් නම් විචාරකයා වාර්තා කරයි. ඒ අනුව ඇගේ මව මෙසේ කියා තිබිණි. “ඔයා ගැන බලය තියෙන්නෙ මට. ඕන නම් මට ඔයාව මරන්න වුණත් පිළිවන්. ඔයා හිතන්නෙ මොනවද කියල මම දන්නව. ඔයා හීනෙන් දකින්නෙ මොනවද කියල දැන ගන්න මට අයිතියක්‌ තියෙනවා. රෑට ඔයා ඇඳ උඩ හෙළ වුණත් මට දැනෙනවා. ඔයාගේ ශරීරය ඔයාගේ මනස, ඔයාගේ ආත්මය. ඒ සේරම මගේ.” අවසානයේදී එම ගැහැනිය මුහුණ දෙන ෙ€දවාචකය නම් සයිකෝසියාවට ගොදුරු වීමය.

හෙවනැල්ල නවකතාවේ 128 පිටුවේ මෙසේ සඳහන්ය.

“නැත්නම් අම්මාට සියල්ලම කියා සමාව ඉල්ලා ගත යුතුය. කුඩා දවස්‌වල කොලු රැළ සමඟ සෙල්ලමට ගිය එකම වතාවේ, නැත්නම් දෙවතාවේ අම්මා තරවටු කරද්දී ‘නෑ අම්මා තවත් යන්නේ නැහැ. යන්නෙම නෑ’යි කිව්වා මෙන් දැනුත් වරද පිළිගෙන ‘නෑ අම්මා තවත් එහෙම වැඩවලට යන්නෙ නැහැ’යි කිය යුතු යයි ඔහුට සිතිණ. ‘පුතා තවත් ජංගිය තෙමාගන්න එපා’ යයි කී විට එය උවමනාවෙන් කරන දෙයක්‌ මෙන් ‘තවත් නැහැ’යි පොරොන්දු වුණා වගේ අම්මාට තවමත් කීකරු බව හැඟවිය යුතුය. අම්මා යාළුකර ගැනීමට හොඳම මාර්ගය එයයි. ඒත් මොකක්‌ද මං කරපු වරදැයි ඔහු තමාගෙන්ම ප්‍රශ්න කළේය.”
128 පිට හෙවනැල්ල

ජිනදාසගේ සිතිවිලි තුළ අපට හමුවන්නේ යට කී රෙනී ගේ ෙ€දවාචකයේම පැති කඩක්‌ නොවේද? එය තීව්‍රව නැඟෙන්නේ නවකතාව අවසානයේදීය. නවකතාවේ අවසන් ඡේදය පියාගේ නාමකරණය අහිමි වූ µeලික මවකගේ ආධිපත්‍යයට යටත්වන පිරිමියකුගේ ඉරණම විශද කරයි. එය ලෝරන්ස්‌ගේ නවකතාවේ පෝල් මොරල්ගේ ඉරණමට වඩා බරපතළය.

එහෙත් සයිකෝසික ආත්මයක (Psychotic Subject) ෙ€දනීය ඉරණම පිළිබඳ මේ ඉසියුම් කියවීම එතෙකින් අහවර වෙයි. මන්දාරම යනුවෙන් සිරි ගුණසිංහ පසුව ලියන මෙහි දෙවන කොටස එබඳු තියුණු කියවීමක්‌ බවට පත් නොවීම තුළ ප්‍රකාශමාන වන්නේ මුල් අහිමි කරගත් ලිබරල් චින්තකයකුගේ අදේශපාලනික ෙ€දවාචකය නොවන්නේද?

Saman Wickramaarachchi

ඔබේ අදහස කියන්න...