අපගේ දේශපාලන සංවිධානය තුළ සිදු වූ විචාරක අක්ෂයේ සුසමාදර්ශී විතැන්වීමක් ගැන සටහනක් පළ කිරීමට මෙය අවස්ථාවක් කොට ගන්නෙමු. අප ගැන දන්නා බෙහෝ දෙනෙකුට අනුව වෙනත් ඕනෑම වාමාංශික සංවිධානයක් සහ අප අතර ඇති ප්‍රධාන වෙනස්කම වන්නේ අප දේශපාලන විචාරය සදහා මනෝවිශ්ලේෂණ න්‍යායික භාවිතය යොදා ගැනීමයි.
නමුත් ඉහත මනෝවිශ්ලේෂණ න්‍යායික භාවිතය තුළ පවා ඛණ්ඩනයක් සිදු වී ඇත. මෙම ඛණ්ඩනය ගැන සිහියක් සංවිධානය තුළ සිටින අයට පවා නැත. ඛණ්ඩනයන් ( Ruptures ) ඉතා තීරණාත්මකය. ඒවා ගැන විශාල පිරිසකට ඉගැන්වීම ඉතා අපහසුය. අපි මෙම තත්ත්වය උදාහරණයක් හරහා වටහා ගනිමු.
2004 වර්ෂයේ දී සංවිධානයෙන් ඉවතට ගිය අය සංවිධානය විවේචනය කරනු ලැබුවේ ඔවුන්ට දීප්ති විසින් ලබා දෙන ලද පොත් කිහිපයක වූ න්‍යායික ආකල්ප මතය. තමා වෙනස් වූයේ කාගේ ඇගේ හැපී දැයි ඒ කිසිවකු කියන්නේ නැත. එබැවින් ඔවුන්ගේ ‘වෙනස්වීම‘ පවා ඕපපාතිකය. උදාහරණයක් වශයෙන් ගතහොත් සුමිත් චාමින්දගේ ඕනෑම රචනාවක ‘ග්‍රාමිස්චිගේ‘ නම සදහන් වුවත් ‘දීප්තිගේ‘ නම සදහන් වන්නේ නැත. මෙය හුදු ඇකඩමික පුරුද්දක් නොව ( මෙය පුද්ගලික ප්‍රශ්නයක් ද නොවේ ) යටත්විජිත පහළ මැදපන්තිකයාගේ දේශපාලන පුරුද්දකි. මේ පුරුද්ද තවත් සමහරුන්ට අනුව වාමාංශිකය. අපට අනුව නම් මේ පුරුද්ද යනු පන්ති විඥාණය අරගලය තුළ දී විකෘති වීමකි. යම් දිනෙක තම රචනාවක් තුළ ‘දීප්තිගේ‘ නම සුමිත් ලිව්වහොත් ඔහුගේ වාමාංශිකභාවය එතැනින් කපෝති වන බව ඔහු දනියි. එබැවින් සුමිත්ගේ වර්ගයේ රචනා වල වාරණ ආකෘතිය නිපදවන්නේ ‘දීප්ති‘ය. නිව්ටන් ගුණසිංහ විසින් 1983 ට පසු පන්ති දේශපාලනය වෙනුවට ජාතික දේශපාලනය ආදේශ වූයේ යැයි කියනු ලබයි. නමුත් ගැටලුව වන්නේ ජාතිවාදය පරාජය කරන දේශපාලනයක නිරත වූ ‘දීප්ති‘ ගැන සටහනක් සුමිත්ගේ රචනා තුළ නොමැතිවීමයි. අතිධාවනකාරී සාරාත්මක ගම්-බයි මාක්ස්වාදියකු මේ තත්ත්වය සුමිත්ගේ ගොබ්බකමක් ලෙස සැළකිය හැකිය.
යටත්විජිත හිමියාගේ ආශාව සමග යටත්විජිත වැසියාගේ බද්ධවීම අප හිතනවාට වඩා සංකීර්ණය. සුමිත්ගේ ලිපිවල අන්තර්ගතයට වාරණය එන්නේ දකුණෙන් නොව වමෙනි. ඔහු ඉතා නිදහසේ ග්‍රාමිස්චිගේ, අල්තුෂර්ගේ නම් ලියන විට රොහාන් ගැන, දීප්ති ගැන, බුද්ධික ගැන ලියන්නේ නැත. කොටින්ම ඔහු විශ්ව-විද්‍යාලයට ආ පසු දීපාල් , සුදත් වැනි මිතුරන් හරහා X එකට සම්බන්ධ වූ ආකාරය මතක නැති වී ඇත. මේ අමතකවීම ‘වාමාංශික‘ අමතකවීමකි. මේ රෝගය ලංකාවේ බොහෝ අයට ඇත. ෆ්‍රාන්ස් ෆැනන් වැනි දාර්ශණිකයන් මේ රෝගය ගැන විශාල වශයෙන් කථා කර ඇත.
2004 වර්ෂයේ දී ‘දීප්තිවාදය‘ සංවිධානයේ නිශ්චිත පිරිසක් ( සුමිත් ද ඇතුළත්ව ) විසින් විවේචනය කරන විට එහි මූලික අංශුව වූ මූලධර්මය ගැන නාමකරණයක් කිරීමට ඒ කිසිවකුට හැකිවූයේ නැත. හුදු අනුකාරකයන් ලෙස ඔවුන් පුනරුච්චාරණය කරන ලද්දේ ආශාව වෙනුවට හඹායාම නම් අදහස දේශපාලනයේ දී වැදගත් වන බවයි. එනම් Desire වෙනුවට Drive. 2002 වර්ෂයේ සිට 2004 දක්වා ‘දීප්ති‘ විසින් ලංකාවට ආනයනය කරන ලද පොත්වල අන්තර්ගතය වූයේ ‘ආශාව‘ වෙනුවට ‘හඹායෑම‘ නූතන ධනවාදය තුළ අධිනිශ්චය වන බවයි. මෙම පොත් තමන්ට වැටහෙන තරමට කියවා වටහා ගත් සුලු පිරිසක් X කණ්ඩායම නිර්වචනය කළේ මෙසේය. X එක යනු ආශාව වටේ භ්‍රමණය වන ව්‍යාපාරයකි. තදබල මානසික රෝගයක් නිසා ඔද්දල වූ ස්ත්‍රියක් තමන්ගේ පන්ති සගයන් ප්‍රතික්ෂේප කරන නිසා ( ඇයට අනුව පන්තිවාදය යනු යම් පන්තියක් කෙනෙක්ව පිටමන් කරන විදිහයි ) දේශපාලනයට අනුරාගික වී පසුව ප්‍රකාශ කළේ ‘න්‍යායට‘ වඩා මිනිස් සබදතා වැදගත් වන බවයි. මෙය මාක්ස්වාදය නොව නීට්ෂේවාදයක් බව ඇයට කියා දෙන්නට කෙනෙක් නොවීය.
‘පරමාදර්ශ‘ වටා ගොනු වූ සමාජයක් බිද වැටී ඉන්පසු ‘විනෝදය‘ වටා භ්‍රමණය වන සමාජයක් තුළ දී අපට මිනිසෙකුට ‘නරක වැඩ‘ අතහැර හොද මිනිහෙකු වන්න යැයි කිව නොහැක. සරළව කිවහොත් මනෝවිශ්ලේෂණ සායනය තුළ දී හමු වූ ගැටලුව මෙලෙස සංක්ෂිප්ත කළ හැක. ‘රෝග ලක්ෂණය‘ නිසා පීඩා විදින කෙනෙකුට නූතන සමාජයක් තුළ කළ හැක්කේ ඉන් ‘විනෝදවන‘ හැටි ඉගැන්වීම පමණි. ‘මානසික රෝගීන්‘ සමකාලීන සමාජය තුළ වීරයන් සේ අදහන්නේ මේ නිසාය.
දැන් අපි සංවිධානයක් ලෙස අපට හමු වූ ප්‍රථම මනෝවිශ්ලේෂණ ප්‍රතිකාරය විභාග කරමු. ෆ්‍රොයිඩ්ගේ යුගයේ දී පරමාදර්ශ [Phallic Master Signifiers ] පිළිගත් නිසා ඔහුගේ ප්‍රතිකාර ක්‍රමය වූයේ පරමාදර්ශය මගින් රෝග ලක්ෂණය අර්ථකථනය කර පවතින සමාජයට විදවන්නාව අනුගත කිරීමයි. මේ ක්‍රමය පරමාදර්ශ විනාශ කරන ධනවාදී සමාජය තුළ ප්‍රතිකර්මයක් ලෙස තවදුරටත් යොදාගත නොහැක. මේ සන්ධිස්ථානයේ දී තමයි ලැකානියානු විශ්ලේෂකයකු වන ජාක්-ඇලන් මිලෙර් විසින් නව-ප්‍රතිකාර ක්‍රමයක් යෝජනා කරන්නේ. එම ප්‍රතිකාර ක්‍රමයේ නම මෙහෙමයි. ෆැන්ටසිය තරණය කිරීම. (Traversing Fantasy)
2004 වර්ෂයේ දී සංවිධානයෙන් එළියට ගිය න්‍යාය මෙහෙයවූ කිහිපදෙනා හුදු වාචාලයන් ලෙස ( පසුබිම ගැන මෙලෝ හසරක් නොදැන වල්මත් වී ) දෙඩෙව්වේ ඉහත සුසමාදර්ශී විතැන්වීමයි. ඔවුන් බොහෝ දෙනා සිතුවේ ෆැන්ටසිය තරණය කිරීම ජිජැක්ගේ න්‍යායක් බවයි. ( ඒ බවට ඔවුන්ගේ ලිපි ලේඛන සාක්ෂි දරයි).
ජිජැක් විසින් 89 වර්ෂයේ සිට 1998 වර්ෂය දක්වා දේශපාලනය විග්‍රහ කළේ ඉහත මිලර්ගේ න්‍යාය භාවිතාවේ යොදවමින්ය. මේ පිළිබදව හසරක් නොදැන සිටි X විමතිකයන් සිතුවේ ෆැන්ටසි තරණය යනු පරම න්‍යායක් බවය. ඔවුන් ‘ආශාව‘ වෙනුවට ‘හඹායෑම‘ පසුපස ගොස් බළහත්කාරයෙන් සංකේතීය ( පොත් කියවා සංකේතීයව මියගිය පළමු මිනිසුන් මොවුන් විය හැක) මියගිය මොවුන් පසුකාලයකදී පවතින සමාජයට එරෙහි කැරළිකරුවන් වීම පසෙකට ගොස් මේ සමාජයට හොදටම ගැළපෙන නරුමයන් පිරිසක් විය. මෙය ජිජැක් ද අත්විදි අත්දැකීමක් විය. ෆැන්ටසි තරණය කරා කියා මිනිසුන් හෝ සමාජය විප්ලවවාදීව වෙනස් නොවන බව ජිජැක්ට පසක් විය. සිදුවන එකම දෙය පුද්ගලයා නරුමවාදීව පවතින සමාජය සහ තමන් අතර පරතරයක් තබා ගැනීමයි. බාහිර සමාජ නීතිය යනු සෘජු ලෙසම විනෝදයේ උපකරණයක් බවට මින්පසු පත්වෙයි. 21 වන සියවසේ මුල වන විට ජාක්-ඇලන් මිලෙර් ඉතා පැහැදිළිවම ලිබරල්වාදියෙක් වූ අතර ඔහුගේ ලැකාන්වාදය දෘෂ්ටිවාදයක් බවට පත් විය. මේ සිදු වූ දේශපාලන විපර්යාසය ලාංකීය නිශ්ක්‍රීය ප්‍රේක්ෂිකාවට එතරම් වැදගත් නොවුණත් ‘ මිනිසුන් ශික්ෂණය ‘ කිරීමේ ගැටලුවට අදාළව මෙය සුසමාදර්ශී විතැන්වීමකි. කෙටියෙන් කිවහොත් ජිජැක් සහ ඔහුගේ තීරණාත්මක ශිෂ්‍යයන් ‘‘මිලෙර්වාදය‘‘ දෘෂ්ටිවාදයක් ලෙස ගෙන එය ප්‍රතික්ෂේප කළේය. මෙය නොදැනුවත්ව මිලෙර්වාදීන් වී දීප්තිවාදයට පහර දුන් අය අදටත් නොදන්නා සාධකයකි.
ඉහත ඛණ්ඩනයට අදාළ සිදුවීමක් මේ මොහොතේ ඔබට මතක් කිරීම වැදගත්ය. ඉහත සිදු වී ඇති ඥාණ-විභාගාත්මක ඛණ්ඩනයට පසුව තමයි ‘දීප්ති‘ විසින් රචිත ‘‘ඇසිඩ් වැස්ස‘‘ (2014) කෘතිය ප්‍රකාශයට පත්වෙන්නේ. ඉන් පසුව නව- නගර ශාලාවේ දී දීප්ති විසින් කරන ලද දේශනය පදනම් වන්නේ ද පශ්චාත්- මිලෙර්වාදය හෝ ෆැන්ටසි තරණයට පසු දේශපාලනය නිර්වචනය කිරීමටයි. 2004 වර්ෂයට පසු සංවිධානයෙන් පිටතට ගිය අයටත් වඩා න්‍යායික භාවිතය ගැන ඌණසංවර්ධනයට ලක් වූයේ සංවිධානය තුළ රංචු ගැසුණු පිරිසයි. ඔවුන් වනාහි රෝග ලක්ෂණය නැවත පැමිණීමකි. එනම් 2004 ට දැක්වූ සංවිධානයේ ප්‍රතිචාරය වූයේ X එකට පෙර වමේ භාවිතාව නිවැරදිය යන ප්‍රවාදයයි. මේ නිසා සංවිධානය තුළට කොටු වූ පිරිසට මිලෙර්වාදයක් තියා දොර පලුවක්වත් හමුවූයේ නැත. එසේ නමුත් නව රගහලේ ‘දීප්ති‘ පැවැත්වූ දේශනය සංවිධානය තුළ නිර්වචනය වූයේ මෙසේය. ‘‘පහුගිය දවස් වල සිදුවෙච්ච එක එක දේවල් නිසා දීප්ති දැන් fade up .‘‘ මිලෙර්වාදී ඛණ්ඩනයට පසු සංවිධානයේ අභ්‍යන්තරයේ විසුලු ප්‍රතිචාරය එතරම් සංකෝචිතය.
දැන් අපි ගත කරන්නේ මිලෙර්වාදයට පසු තත්ත්වය තුළය. එනම් ෆැන්ටසි තරණ න්‍යායට පසු තත්ත්වය තුළය. සංවිධානය තුළ අලුතින් පන්ති පටන් ගැනීමේ සැබෑ අවශ්‍යතාවය මතු වූයේ මෙම මංසන්ධියට පසුවය. ඒ තුළ වෙනත් කිසිදු පුද්ගලික ආරෝවක් නැත. පැරණි දෙය නිවැරදිව මියගොස් නැති නිසා අලුත් දෙය තවම ඉපදී නැත. එතෙක් අපට මුණ ගැසෙන්නේ ධවල පතාකයන්ය (Monsters). මේ ධවල පතාකයන් යනු ජපන් සමන්ලාගේ සිට විවිධ වර්ගයේ වාමාංශික හොල්මන්ය. මේ හොල්මන් සමග සටන් කිරීම පහසු නැත.
අපගේ සංවිධානය මුහුණ දුන් දෙවැනි න්‍යායික ඛණ්ඩනය (මනෝවිශ්ලේෂණ අර්ථයෙන්) මෙසේ හැදින්විය හැකිය.
(A).විප්ලවවාදී මොහොත ජයගත් පසු- (Day after )- භක්තිය පිළිබඳ ලෙනින්වාදී සංවිධාන ගැටලුව .
ඉහත ප්‍රවාදය, එනම් විප්ලවය ජයගත් මොහොතට පසු අපි මොකද කරන්නෙ ? යළිත් පැරණි සමාජ හර පද්ධතිය පෝෂණය කරනවාද ? නැතිනම් ලද ජයග්‍රහණය ජය ගැනීම සදහා මර්දනීය පාලන ක්‍රමයක් බිහි කරනවාද? ( උදා – ස්ටැලින්වාදය- Perversion) අද වාමාංශිකයන් ලෙස අප මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ කවුරු විදවනවාද යන්න නොව, අලුත් ලෝකයක් බිහි කිරීමට යෑමේ දී අපි කොහොමද පැරණි සමාජ බල රටාවෙන් මිදෙන්නෙ කියන සාධකයයි. ‘‘ ඇසිඩ් වැස්ස‘‘ පොත තුළ පටන් ගන්නා අලුත් ප්‍රවේශය ඇත්තේ මෙම දෙවැනි හැරවුමයි. එය ආචාර විද්‍යාව (හැසිරීම පිළිබද විද්‍යාව) පිළිබද ප්‍රශ්නයක් නොව දේශපාලන ප්‍රශ්නයකි.
මෙම දෙවැනි හැරවුමට පසු අප ගමන් කරන්නේ මාක්ස් ද තම ජීවිතයේ අවසාන යුගයේ මුහුණ දුන් ප්‍රශ්නය දෙසටයි. මාක්ස් තම විචාරය පටන් ගත්තේ ආගම විචාරය කිරීමෙනි. සියලු විචාර පටන් ගත යුත්තේ ආගම විචාරය කිරීමෙන් පසුව බව යන ආස්ථානය ඔහු දැරුවේය. නමුත් මාක්ස් තම ජීවිතයේ අගට එන විට එනම් Capital ග්‍රන්ථය රචනා කරන විට වටහා ගත් සත්‍යය වූයේ කුමක්ද ? විශේෂයෙන් ඔහු ධනවාදී සමාජ ක්‍රමයේ සෛලය පාරිභෝගික භාණ්ඩය සේ සළකන විට එම සමාජය තුළ ‘ආගම‘ යනු එහි ස්වයං-විචාරය බව පසක් කර ගත්තේය. සරළව කිවහොත් මාක්ස්ට අනුව අවසානයේ දී ආගම යනු දෘෂ්ටිවාදයක් නොව දෘෂ්ටිවාදය විචාරය කරන අවියක් බව වටහා ගත්තේය. (මෙතැන ආගම යනු ආගමික සංස්ථා නොවේ)
එබැවින් ආගම යනු කුමක් ද යන්න අපි අලුතින් නිර්වචනය කළ යුතුය. එය මෙසේය-
‘‘ අප විශ්වාස කරන අපගේ ආශාවේ රහස දැනුමක් ලෙස කලින්ම දන්නා මහා අනෙකෙකු මෙලොව හෝ ස්වර්ගයේ නොමැත. ‘’
ආගම පිළිබද ඉහත අලුත් නිර්වචනය අල්ලා ගත් විට( එනම් අපගේ විදවීමේ හෝ දැනුමේ අඩුව දන්නා ආත්මයක් මෙලොව සිටීය යන විශ්වාසය- මෙය මුළාවකි- නමුත් මේ විශ්වාසය වාස්තවිකය. සුමිත්ගේ ලිපි කියවන කෙනෙකු හිතන්නේ එම ලිපිය කියවන්නියගේ ආශාවේ ප්‍රෙහේළිකාව සුමිත් කළින්ම දන්නා බවකි. මෙය මුළාවකි. එවිට සුමිත් සිටින්නේ දෘෂ්ටිවාදය පිළිබද පැරණි ආස්ථානයකය. එනම් දේශපාලන රසිකාවිය මේ දහදුක් විදින්නේ දැනුමේ අඩුවක් නිසාය. සුමිත් නම් මහා අනෙකාගේ ඇමතුම හරහා මේ විදවන රසිකාවිය බුද්ධියේ ආලෝකය වෙත සම්ප්‍රාප්ත වෙයි.) අපගේ විදවීම් වල හෝ උගුල් වල අවසාන ගැටය ඇත්තේ සමාජය තුළ නොව තමන් තුළමය යන ප්‍රවාදය හමුවෙයි. එබැවින් අපගේ න්‍යායික අවලෝකනය ඉලක්ක කළ යුත්තේ සමාජය තේරුම් ගැනීමට නොව අපගේම දේශපාලන සංවිධානය සහ එහි සංස්කරණ නීතීන් ගැන ඉගෙන ගැනීම වෙතටයි. මිනිසකුව දේශපාලනිකව වෙනස් කිරීමේ දී බාධාව ලෙස සැළකිය යුත්තේ කාඩර්වරයාගේ ආශාව නොව සංවිධායකයාගේ ආශාවය. ඒ අර්ථයෙන් ‘දීප්තිවාදය‘ යනු සංවිධායකයාගේ ආශාව හැකිතාක් පාරදෘෂ්‍යකරණයකට ලක් කිරීමකි. එය පාරාන්ධ කිරීම නොවේ. විජේවීර හෝ වෙනත් වාම ක්‍රියාකාරිකයෙකු ඉදිරිපිට ‘දීප්තිව‘ පලු ගැසිය හැක්කේත්, ඔහුව හාස්‍යයට ලක්කර අවිඥාණයට සම්බන්ධ විනෝදයක් ලැබිය හැක්කේත් මේ නිසාය. දීප්ති සහ වෙනත් වාම සංවිධායකයකු අතර වෙනස පහත ආකාරයේ ඇස් රතුවන විහිලුවකින් විදහා දැක්විය හැකිය. ඔහු කිසිදිනක තම සාමාජිකයෙකුගෙන් මෙසේ නොඅසයි. ‘‘ ඇයි ඔබ අර ස්ත්‍රියගෙ කකුලේ නියපොතු දිහා බැලුවේ ? ‘‘ ඒ වෙනුවට දීප්ති කරන්නේ වෙනත් වැඩකි. ඔහු තම සාමාජිකයාට යෝජනා කරන්නේ නියපොතු නොබලා බඩුව ගහපන් යන ස්ත්‍රී විරෝධී ආස්ථානයයි. එවිට සාමාජිකයා ස්ත්‍රිය පිළිබද තම ෆැන්ටසිය තරණය කරනවා නොව සමාජය තුළ ඇතැයි සිතන ස්ත්‍රී සාරය සමාජ නිර්මිතයක් නොව ස්වනිර්මිතයක් බව වටහා ගැනීම සිදුවේ. මෙහිදී සිදු වූයේ ‘ස්ත්‍රිය‘ ආගමක් ලෙස සළකා විචාරය කිරීම නොවේ. ඒ වෙනුවට ‘ස්ත්‍රී-ආගම‘ මගින් සමාජයේ ස්ත්‍රිය ගැන ඇති සාරවාදයට ඇති තම ආශාව මුලාවක් බව වටහා ගැනීමට සාමාජිකයාට හැකිවීමයි. ස්ත්‍රීවාදීන්ට වඩා ස්ත්‍රීවිරෝධීන් ස්ත්‍රීපක්ෂපාත බව දැන් ඔබට වැටහෙනු ඇත. මෙමගින් වටහා ගත යුත්තේ අවසාන නිමේෂයේ දී සමාජය වෙනස් කිරීමේ ‘ බාධාව‘ සමාජය තුළ පවතින්නක් නොව තමන් තුළම පවතින්නක් බවයි. (දීප්තිවාදය)
මනෝවිෂ්ලේෂණ න්‍යාය හරහා ඉහත අප සාකච්ඡා කළ දෙවැනි ඛණ්ඩනය ගැන කිසිදු අවබෝධයක් අප පක්ෂයේ අයටත් ඉන් බාහිර අයටත් නැත. මේ අලුත් අවබෝධයට අනුව ගත්විට අප ජීවත් වන්නේ පශ්චාත්-ධනවාදී සමාජයක මිස ධනවාදී සමාජයක නොවේ. ඒ නිසා මේ මොහොතේදී ධනපති විරෝධී වීම යනුම ධනපති අදහසකි. ධනපති විරෝධීන් යනු සවිඥාණිකව එයට විරුද්ධ වී අවිඥාණිකව එම ක්‍රමය රසවිදින්නන්ය. අවශ්‍ය අය මේ ධනපති විරෝධීන්ගේ අවිඥාණික ආශාව කියවන්න. පරමාදර්ශ අහිමි වූ සමාජයකට දිය හැකි ප්‍රථම විසදුම වන්නේ යළිත් පරමාදර්ශ නිර්මාණය කිරීමයි. ඒ සදහා පළමු පියවර වන්නේ දෘෂ්ටිය විචාරය කිරීමට පෙර ‘‘දේශපාලන සංවිධානය‘‘ (තමන්වම) විචාරය කිරීමය. ‘ප්‍රාග්ධනය‘ විසින් සමාජය සංවිධානය කරන දේශපාලන තර්ක වටහාගත හැක්කේ එවිටය. සමන් පුෂ්පකුමාර සහෝදරයා අගහරුවාදා (15) පවත්වන දේශනයේ හරය ඉහත පසුබිම නොමැතිව වටහා ගත නොහැක.
//මේ අලුත් අවබෝධයට අනුව ගත්විට අප ජීවත් වන්නේ පශ්චාත්-ධනවාදී සමාජයක මිස ධනවාදී සමාජයක නොවේ. ඒ නිසා මේ මොහොතේදී ධනපති විරෝධී වීම යනුම ධනපති අදහසකි. ධනපති විරෝධීන් යනු සවිඥාණිකව එයට විරුද්ධ වී අවිඥාණිකව එම ක්‍රමය රසවිදින්නන්ය. අවශ්‍ය අය මේ ධනපති විරෝධීන්ගේ අවිඥාණික ආශාව කියවන්න.//
සෑහෙන වැදගත් කියමනක්. නොසෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්.
කොහෙ හරි ඉන්න ෆොයිඩ් හරි ලැකාන් හරි ජිජැක් හරි එක එක ජාතියෙ පක්කුන්ව කරේ තියාගෙන තොපි ඇරගන්නව. තොපිට ඔහොම වෙලා මදි. මරාගෙන කාපියව්. පොන්න හුකන වේසිගෙ පුතාල තොපි මොනවද දන්නෙ? ජාතිවාදෙ ඉවර කරපු දීප්ති? පකට හුකයි. එක එක බැල්ලිගෙ පුතාලගෙ පත්තරවල නයට කහින පකේ දීප්ති ද ජාතිවාදෙ ඉවර කෙරුවෙ? තොපිට ඔය වෙන්ඩ පටන් ගත්ත විතරයි. බලාගෙන හිටපියව්. තොපි පඩ ඇර අැර ලියන එ්ව කියවල නෙමේ පඩින සද්දෙ ඇහිල සිංහලයො නටයි.
Could you pls share Saman’s lecture?
we did it . refer our older post.
Comments are closed.