මනෝවිශ්ලේෂණය හරහා අප සාකච්ජා කරනු ලබන්නේ සත්‍ය (truth) පිලිබදවයි. අපගේ සාකච්ජාව සිත්ඇදගන්නා සුළු දෙයක් නොවිය හැක. එමගින් අපගේ ජීවිත සහ සමස්ථයක් ලෙස අප දේශපාලනය කිරීමට උත්සහ කරන අවකාශය ඉතා නීරස,කටුක දේවල් බව පෙන්වා දෙයි. නමුත් සමාජය වෙනස් කිරීම සදහා අපව පොලබවන්නේද මෙම සත්‍ය විසිනි. භාෂාව මේම සත්‍ය හෙළි කිරීම සදහා ප්‍රමාණවත් නොවේ. මන්ද භාෂාව ගොඩනැගෙන්නේ අපගේ ආත්මීයත්වයට බාහිර ස්ථානයක බැවිනි. භාෂා ලෝකයට ඇතුළු වීමේදී සියලු දෙනා පොදුභාවයකින් එයට ඇතුළු වන්නේ නැත. භාෂාව සාර්වත්‍රිකයක් වුවත් ඊට ඇතුළු වන පුද්ගලයන් විවිධාකාරයෙන් අපගමනය වීම් වලට ලක් වේ. මෙම අපගමනය වීම භාෂා ලෝකයට ඇතුළු වීමේදී ආත්මය විසින් අනුගමනය කරන ආරක්ෂක උපක්‍රමයකි. ඉන් එක් උපක්‍රමයක් වන නියුරෝසියාව පිළිබද පසුගිය ලිපියේදී අප සාකච්ජා කළෙමු. අද අප සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන්නේ සයිකෝසියාව (Psychosis) පිලිබදවයි.
සයිකෝසියාව නම් රෝගයේ යාන්ත්‍රනය වන්නේ අවුරාලීමයි (Foreclosure). සංකේත පිළිවෙලෙහි සමස්තයටම බලපාන එක්තරා වැදගත් කොටසක් ප්‍රතික්ෂේප කිරීම මින් අදහස් වෙයි. එය ලැකාන් විසින් හදුන්වන්නේ ‘පීතෘ ක්‍රියාව’ (Paternal Function ) ලෙසයි. පියෙකු විසින් සිදුකල යුතු කාර්යයක් හෝ ඔහුගේ පවුලේ භූමිකාව මින් අදහස් නොකරයි. න්‍යෂ්ටික පවුලක පිතෘ ක්‍රියාව පැමිණෙන්නේ මව සහ දරුවා අතරටය. පියා විසින් මවගෙන් දරුවා වෙන් කර සංකේත ලෝකය වෙත රැගෙන යයි. පීතෘ ක්‍රියාව යනු සංකේතීය ක්‍රියාවකි. මවක් තම දරුවන්ට මෙසේ කියයි; ‘පියා නිවසට පැමිණි විට ඔබට දඩුවම් කරාවි’. මෙම පියා යනු භාෂාවේ පවතින පිතෘ හැගවුම්කාරකයයි. මේ නිසා ජීව විද්‍යාත්මක පියා මියගියද පීතෘ ක්‍රියාව සිදු වේ. පියා මියගිය පවුලක බිරිදක් දරුවන්ට මෙසේ කියයි; ‘ඔයාගේ තාත්තා හිටියනම් මොනවා කියයිද දන්නේ නැහැ, ඔයාගේ තාත්තා හිටියනම් මේකට කොහොමත් කැමති වෙන්නේ නැහැ’. මෙම කතාව මගින් එම බිරිද පියාව ජීවීව තබා ගනී. පියා යනු කථනයේ (Speech) කොටසකි. පීතෘ ක්‍රියාව සිදුවන්නේ ‘පියා’ නම් නාමපදය මගිනි. ලැකානියානු අර්ථයෙන් පීතෘ ක්‍රියාව එක්කෝ සම්පුර්ණයෙන් සිදුවන්නකි. නැතිනම් එය සම්පුර්ණයෙන්ම සිදු නොවේ. ඒ අතරමැද තත්වයක් නැත. පීතෘ ක්‍රියාව = පියා නම් ‘නාම පදය’, පියාගේ ‘නම’, පියාගේ ‘එපා’ කියන අණ.
අප භාෂාවක් තුලට උපතින්ම ඇතුල් වේ. අපගේ දෙමාපියන්ගේ භාෂාව ඉගෙන ගැනීමට අප බැදී සිටී. එම භාෂාව මගින් අපගේ ආශාවන්, සිතුම් පැතුම් වල හැඩය තීරණය කරනු ලබයි. නමුත් එක්තරා කාලයකට පසු අපට හැගී යන දෙයක් වන්නේ අප දන්නා භාෂාව අපට හැගෙන සියලු දේ ප්‍රකාශ කිරීමට ප්‍රමාණවත් නැති බවයි. ලැකාන් මෙය හදුන්වන්නේ භාෂා පරාරෝපනය (Language alienation) යනුවෙනි. නියුරෝසිකයෙකු භාෂාව තුල වාසය කිරීම සාර්ථක වේ. භාෂාවෙන් සියලු දේ කියන්නට නොහැකි වුවද අප සිතන්නේ භාෂාව තුල අප ජීවත් වන බවයි. නමුත් භාෂාව විසින් අපව ජීවත් කරවන බව සිතන්නේ නැත. මීට පටහැනිව සයිකෝසිකයා භාෂාව විසින් සම්පුර්ණයෙන්ම යටත් කරගනී. තමාට සිතුවිලි පැමිණෙන්නේ අභ්‍යන්තරයෙන් නොව බාහිර තැනකින් බව ඔහු /ඇය සිතයි. තමාට එන සිතුවිලි බාහිර දෙයක් මගින් තමාගේ ඔලුවේ තැන්පත් කර ඇති බව ඔහුට/ ඇයට දැනෙයි.
සයිකෝසිකයාට භාෂාවේ රූපික (metaphors) භාවිතා කිරීමට හැකි වුවත් අලුත් රුපික ගොඩනැගීමට නොහැකි වේ. සයිකෝසික කතිකාවට අලුත් රූපික ගොඩනැගිය නොහැකි වනවා සේම ඒවා මගහැරී යයි.සයිකෝසිකයාට අනෙක් අය කතා කරන අකාරය අනුකරණය කිරීමට හැක. අනෙක් අය කතා කරන අකාරය ඉගෙන ගැනීමට හැකිය. නමුත් භාෂාවේ වැදගත්ම ව්‍යුහය එකතු නොවේ. මීට හේතුව ලෙස ලැකාන් පෙන්වා දෙන්නේ සයිකෝසිකයාට භාෂාවේ වැදගත්ම රූපිකය වන පිතෘ රුපිකය අසමත් වීමයි. පිතෘ රුපිකය විසින් පාවෙමින් තිබෙන එක්තරා වචන කිහිපයකට නිශ්චිත තේරුමක් මසයි. එලෙස නිර්මාණය කරන යථාර්ථයට ඉහලින් වෙනත් යථාර්තයක් තිබුනද පිතෘ රූපිකය විසින් චලනය කල නොහැකි අත්තිවාරමක් මෙන් වූ තේරුමක් නිර්මාණය කරයි. නැංගුරම් ලක්ෂය (Anchoring point, Button tie) ලෙස හදුන්වන්නේ එයයි. පසුකාලීනව වෙනත් තේරුම් ඇති බව තර්ක කලද , සියලු දේ ප්‍රශ්න කලද ඒවා සියල්ල පැමිණෙන්නේ මෙම මැස්ම නිසාය. කෙනෙකුට භාෂාව දරා ගත හැකි වන්නේ මෙම මැස්ම නිසාය. නැතිනම් සියලු දේ අසම්පුර්ණ වේ.
සයිකෝසියාවෙදී පිතෘ කියාව සිදු නොවන නිසා රෝගියාට භාෂාවේ ව්‍යුහය ග්‍රහණය කරගත නොහැකි වේ. එවිට විවිධ බාධා වීම් ඇති වේ. උදාහරණයකට සයිකෝසිකයෙකු කතා කරන විට වැදගත්ම දෙය කියන්නට යන විට ඛණ්ඩනයකට ලක්වේ. සයිකොසිකයාට වචන යනු දේවල් ය. ඔහුට / ඇයට පැරණි වචන භාවිතා කර නව වාක්‍ය ගොඩනගා නව තේරුම් බිහි කිරීමට නොහැකිය. සාමාන්‍යයෙන් වචනයක් හෝ ප්‍රකාශයක් තවත් තේරුමක් සමග බැදී පවතී. සයිකෝසිකයා භාවිතා කරන වචන වෙනත් දන්නා හෝ පැහැදිලි කල හැකි තේරුමක් සමග සම්බන්ධ නොවේ.
මේ දක්වා අප සාකච්ජා කරනු ලැබුවේ සයිකෝසියාව පිළිබද සම්ප්‍රදායික න්‍යායයි. ලැකානියානු වකවානුවේ කවිච්චිය මත සයිකෝසිකයන් මුණ ගැසුනද වර්තමානය වන විට එසේ විශ්ලේෂණයට සහභාගී වන්නන් අපට හමු වන්නේ නැත. ඉදිරියේදීද කිසිදා හමු නොවනු ඇත. අද වන විට මනෝවිශ්ලේෂණය නව සන්ධිස්ථානයකට ළගා වී ඇත. ඒ අනුව වර්තමානයේ සායනික අවකාශය යනු සමාජ අවකාශය වේ . පවතින සමාජ ක්‍රමය තුල පැවැත්ම සදහා රෝග ලක්ෂණය අනිවාර්ය වූ යුගයක එමගින් තව දුරටත් එදිනෙදා ජීවිතය ගත කිරීමේ ගැටළුවක් ඇති කරන්නේ නැත. මේ නිසා සමාජය තුල අද අප කතා කරන රෝග ලක්ෂණ ව්‍යාප්ත වී ඇත.
දැන් අප සම්ප්‍රදායික න්‍යායික දැනුම සමගින් සමාජ අවකාශය වෙත ගොස් සයිකෝසික කතිකාව ක්‍රියාත්මක වන අකාරය සහ සයිකෝසික පුද්ගලයන් කවුදැයි යන්න හදුනා ගනිමු.
වර්තමානයේ වමේ දේශපාලනයට එන බොහෝ දෙනෙක් පිස්සන් බව හොදින්ම පෙනෙන්නට තිබේ. වමේ දේශපාලනය යන්නෙහි අර්ථය වෙනස් වී ඇත. වමේ සාකච්ජා යනු පිස්සු නාඩගම් බව හැමෝම හොදින් දනී. අද තමන් වාමාංශිකයන් යැයි හදුන්වා ගන්නා බොහෝ දෙනා වාමාංශික දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවේ. ඒ වෙනුවට ඔවුන් තමාගේ පුද්ගලික අදහස් වමේ දේශපාලන අදහස් යැයි හදුන්වයි. පක්ෂයක සාමාජිකයෙකු නොවන එවැනි කිසිදු අයෙකුට පිතෘ රුපිකයක් නැතිනම් මහා අනෙකෙකු හමු වන්නේ නැත. එමනිසා දේශපාලනික භාෂාවේ මුලික අඩිතාලම ගොඩනැගී නැත. ඒ අනුව ඔවුන් සයිකෝසිකයන්ය. අප විසින් ගොඩනැගු න්‍යායික දැනුමේ වචන අර්ථයකින් තොරව භාවිතා කිරීම, දීප්තිව අනුකරණය කරමින් කතා කිරීම මෙවැනි සයිකෝසිකයන් තුල දැකිය හැක. ඔවුන්ගේ ලිවීම් සහ දේශන සංයුක්ත භාවයකින් තොරය. සයිකෝසිකයාට වචන යනු දේවල් බැවින් මෙම වාමාංශිකයන්ගේද කතාව සහ ලිවීම තුල දැකිය හැක්කේ වචන තොගයක් පමණි. ඒවා එකිනෙකට සම්බන්ධ වෙමින් තේරුමක් බිහි නොකරයි. තවද මෙම සයිකෝසික වාමාංශිකයන්ට අලුත් වචන ගොඩනැගීමට නොහැකිය. ඔවුන් ග්‍රාම්ස්චි ග්‍රාම්ස්චි , ලැක්ලාව් ලැක්ලාව් කියමින් සිටියාට ලංකාවේ සමාජය නිර්වචනය කිරීම සදහා එම සමාජයට ගැලපෙන න්‍යායික පදනමක් ගොඩනැගීමට නොහැකි වී ඇත. මේ අය පිස්සන් බව දැන දැනත් ඔවුන් කතා කරන තැන පුබුදු ජයගොඩත් වාඩි වී සිටී. දක්ෂිණාංශික පක්ෂයක සාමාජිකයෙක් නම් හොරකමක් වංචාවක් කරලා නවතිනවා , අඩුම ගානේ ඒ මිනිහා හොරා කියලා හිරේ දානවත් පුළුවන්. එත් පුබුදු යන්නේ අංගොඩ පිස්සන් කොටුවට. පිස්සන් කොටුවට ගිහින් පිස්සොත් එක්ක දේශපාලනය කරන්න සංවාද කරනවා.
දේශපාලනිකව සයිකොටික් කාණ්ඩය අර්ථ දැක්වෙන්නේ ‘ලෝකය සහ මිනිස්සු ගැන තමාගේම අර්ථයක් (private meaning )ඇති පුද්ගලයන්’ ලෙසයි. කුමාර් කියනවා UN එක කියන්නේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් බව. UN එක කියන්නේ මොකක්ද කියලා කුමාර් දන්නේ නැහැ, විමල් වීරවංශ දන්නෙත් නැහැ, ඔවුන්ට තිබෙන්නේ ඒ ගැන පුද්ගලික අදහසක්. රටේ පොලිසිය උදේට භාවනා කරනවා, ඇමතිට මුකුත් කරන්න බැහැ. පොලිසිය තියෙන්නේ භාවනා කරන්නද? පොලිසිය ගැන පොලිස්පතිට තියෙන්නේ පුද්ගලික අදහසක්. රනිල්ට ඉල්ලා අස්වෙන්න කියනවා. එත් එක්කම පක්ෂයේ ලේකම්ගේ ඥාතියෙක් BMW එකක් ඇලට දා ගන්නවා. ඇමති කෙනෙක් ව්‍යග්‍රා බීලා වැඩි වෙලා රෝහල් ගත කරනවා, තිස්ස අත්තනායක කියනවා රනිල්ට ඉල්ලා අස්වෙන්න කියලා , එත් එයා දන්නේ නැහැ තමන් වගේ ලේකම් කෙනෙක් හිටපු නිසා තමා පක්ෂයට මේ ටික වුනේ කියලා. කසාද 4 ක් කැඩිලා , හොරකම් වලට අහුවුනු අයට , මිනීමරුවන්ට පක්ෂය භාර දෙන්නද? රනිල්ගෙන් පස්සේ යු . එන්. පී එක භාර ගන්න ඉන්නේ සයිකෝසිකයන් පිරිසක්. ඔවුන් කිසිවෙකුටත් දේශපාලනය පිළිබද සාර්වත්‍රික අදහසක් නැහැ. තියෙන්නේ පුද්ගලික අදහස් පමණයි. මෙම තත්වය ලංකාවට පමණක් පොදු තත්වයක් නොවේ. ඉතාලියේ බර්ලුස්කොනි , රුසියාවේ පුටීන්, ඇමරිකාවේ ට්‍රම්ප් , සෞදි රජා මේ සියලු දෙනා සයිකෝසිකයන්.
මෙම තත්වය ගෝලීය ධනවාදයේ ප්‍රතිඵලයකි. සමාජීය සංකේත පිළිවෙල කඩා වැටීම, සංකේතීය කාර්යක්ෂමතාව එනම් සංකේත මගින් ඉටු කරන කාර්යය නැති වී යාම සමාජය සයිකෝසික වීමට හේතු වේ. දැන් අපට ඇතිවන ගැටලුව වන්නේ මේ සදහා ඇති විකල්පය කුමක්ද යන්නයි. අප මේ දක්වා අසීරු වෑයමක නිරත වී සිටින්නේ එම විසදුම වෙනුවෙනි. එනම් නැවත දේශපාලන පක්ෂය ගොඩනැගීමයි. වාමාංශික දේහයේ ගල් සැත්කම් වලින් ඉවත් කරමින් අප මේ දක්වා ඉදිරියට ගෙන යමින් සිටින්නේ එම අනාගතවාදී ව්‍යාපෘතියයි.
බොහෝ දෙනා අද අපට කරන චෝදනාවක් වන්නේ අප යු. එන්. පී එකට කඩේ යන බවයි. නමුත් අපට අපගේ දේශපාලන මතවාදය නිදහසේ සමාජ ගත කිරීමට වැඩි අවස්ථාවක් උදා වුයේ විශේෂයෙන්ම යු. එන්. පී එක බලයේ සිටි වකවානු වලදී බව සිහිපත් කල යුතුය. එය සයිබර් අවකාශයට වී චෝදනා කරන අයටත් අදාලය. රාජපක්ෂ මතවාදයක් යලි හිස එසවුවහොත් අපට නැවතත් පසුබැසීමට සිදුවේ. පවතින සමාජ ක්‍රමය කුමක්ද යන්නත් , අපගේ ඉදිරි දර්ශනය කුමක්ද යන්නත් අප හොදින්ම දන්නා නිසා රනිල් ගැන පමණක් නොව ඕනෑම දක්ෂිණාංශික දේශපාලකයෙන් ගැන කතා කිරීමට අප භිය වන්නේ නැත. අපගේ පක්ෂය යනු ධනවාදය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති , පක්ෂයට අනාගත වැඩපිළිවෙලක් නැති පුබුදුලා මෙන් සදාකාලික ආණ්ඩු විරෝධීන් ලෙස විදවීමේන් සතුටු වන පක්ෂයක් නොවේ. බොහෝ දෙනාට දරාගත නොහැකි මෙන්ම අපට කැමති බොහෝ දෙනාත් අවසානයේ අකමැති දෙයක් දැන් සිදුවෙමින් තිබේ. එනම් අපගේ වැඩපිළිවෙල සාර්ථක වෙමින් තිබීමයි. ඉදිරියෙදේ දේශපාලනය ලෙස සියලු දෙනාට ඇහුම්කම් දීමට සිදුවන්නේ අපගේ අදහස් වලට පමණි.
Anushka Ariyarathna
<<<<>>>>
ඈත්තටම UN කියන්නෙ මොකක්ද ? UNඑක පිහිටුවා ගත්තේ මොකටද ? UN එකෙන් අද වෙන්නෙ මොකක්ද ? UN එක තියෙද්දි ලෝක පරිමාන ගෑටුම් ඈති වෙන්නේ මොන හේතුවක් නිසාද, UN එක තියෙද්දි දුබල රටවල් ආරක්ශිතයිද ?
Comments are closed.