න් අයට සේම අපටද දේශපාලන න්‍යායපත්‍රයක් ඇත. අප සහ අන් අය අතර වෙනස වන්නේ අපගේ දේශපාලන වැඩසටහන දිගුකාලීන එකක් වීමයි. දේශපාලනයේදී ආපතිකතාවයන්ට මුහුණ දීමට සිදුවීම අනිවාර්යය. 2004 සිදුවීමේ දී පක්ෂ නායකත්වය තුළ තිබුණු විශාලතම දුර්වලතාවය වූයේ ආපතිකතාවයට සංවිධානය තුළ ඉඩක් නොතිබීමයි. නමුත් එම වැරැද්ද මගින් ලද විශාලතම අවබෝධය වූයේ ආපතිකතාවයන්ට ඇති ඉඩ පුලුල් පරාසයකට ගමන් කිරීමයි. 
සංවිධානයේ ඉතිහාසය ඉහත පසුබිම මගින් වටහාගත් විට යුග දෙකකට වෙන් කළ හැකිය.
Duminda-
1. බල සබදතා අධිනිශ්චය වූ අවධිය – ( 1996 – 2004 )
වෘත්තීය සමිති දේශපාලනය සහ කාඩර්වරයා සංවිධාන ගෘහය තුළ රදවා නොගන්නා පැරණි සහ නූතන වමේ ව්‍යාපාරයට වඩා අපගේ සංවිධානය නූතනය. එය ජ.වි.පෙ හෝ වෙනත් වාම දේශපාලනයක් සමග සැසදීම නොන්ඩි ගසනසුලුය. ‘‘බල සබදතා‘‘ (Power Relations) යනු නූතන ආයතනික රටාව තුළ බිහිවන ආත්මීය නිශ්පාදනයකි. ලංකාවේ පවතින වමේ චින්තනයට මෙම බල සබදතා පිළිබද අවබෝධයක් නැති අතර එවන් චින්තනයක් දරන අය අතින් බිහි වන්නේ ‘බලය‘ සංකල්පයට පූර්වයෙන් පැවති සබදතාය – ඉදිරියට වැඩි විස්තර.
2. දැක්ම අධිනිශ්චය වූ අවධිය – (2004 – 2014)
සංවිධානය තුළ මිනිස් සම්බන්ධතා පෙළ ගැස්සවීමට යාමේදී මිනිස් ප්‍රවර්ග දෙකක් ලංකාවේ දී හමුවීම අනිවාර්යය.  
(1) ග්‍රාමීය       (2) නාගරික .
මින් සංවිධානය තුළ පර්යේෂණාත්මකව ඉඩ විවෘත වූයේ ග්‍රාමීය ප්‍රවර්ගයටය. ග්‍රාමීය මිනිසා අන් මිනිසුන්ව සංවිධානය කරන්නේ ‘‘දැක්ම‘‘ (Gaze) කේන්ද්‍ර කොටගෙනය. මේ නිසා ‘මහා අනෙකා‘ සහ ‘විද්‍යාත්මක දැනුම‘ අතර වෙනස වියැකී ගොස් මහා අනෙකාගේ දැක්ම ‘දැනුම‘ වෙනුවට ආදේශ වෙයි. ඉන්පසු සංවිධානය ආකෘතිගත වන්නේ දැක්මට අනුව මිස නිශ්චිත දැනුමකට අනුව නොවේ. මෙය ව්‍යාපාරය තුළ දැනුම අධිනිශ්චය වීම නොව ‘දැක්ම‘ දෘෂ්ටිවාදය බවට පත්වීමයි. මේ සදහා පර්යේෂණාත්මක ඉදිරිපත් කිරීමක් ලෙස ‘‘ඇසිඩ් වැස්ස‘‘ කෘතිය සමාජගත කරන ලදී. එම කෘතිය නෝමන් බේට්ස්ගේ දෘෂ්ටිකෝණයට අනුව නාට්‍ය විශ්ලේෂණයකි.
ඉදිරියේ දී අප කළින් සිතා නොසිටි බොහෝ දේවල් සිදුවිය හැකිය. 2004 වර්ෂයේ දී ආපතිකතාවයන්ට අපගේ සංවිධාන ව්‍යුහය විවෘතව පැවතියේ නැත. ශේෂ-පත්‍රයට අනුව මේ වසරෙන් පසු ඇරබෙන්නේ අපගේ තෙවන අදියරයි. එම අවදිය ලංකාවේ මෙතෙක් තහවුරු වූ වමේ භාවිතාව ප්‍රතික්ෂේප කරන නව වැඩසටහනකි. එය සමාජවාදය නොව කොමියුනිස්ට් හර පද්ධතියක් යෝජනා කරන වැඩ ශෛලියකි. 

ඔබේ අදහස කියන්න...