කෙටි හැඳින්වීමක් – 

  ලංකාවේ බොහෝ දේශපාලන ව්‍යාපාර වලට සහ සිවිල් බුද්ධිමතුන්ට විජේවීරවාදය නම් පහළ මැදපාන්තික දෘෂ්ටිවාදය සමඟ දේශපාලන ගනුදෙනු බේරා ගන්නා ආකාරය සඳහා සත්භාවවේදයක් [ontology] නැත. අපි වසර කිහිපයක සිට උත්සාහ කරන්නේ, විජේවීරවාදී සත්භාවවේදය විශ්ලේෂණය කරන න්‍යායික ආයුධ තියුණු කිරීමට ය. දැනට, අපි විජේවීරවාදයේ මූලික ලක්ෂණ දෙකක් හඳුනා ගනිමු. විජේවීරවාදය යනු, ලාංකීය ග්‍රාමීය ආර්ථිකයේ නිදන්ගත ඌණ සංවර්ධනය නිසා හට ගත් භූමිය සහ කුලිය මත පරායත්ත ජනශ්‍රැතිය හදවත කරගත් ග්‍රාමීය දේශපාලන දෘෂ්ටිවාදයකි. එය, ලංකාවේ සිංහල පොදු ජනයාගේ කැඩපත සහ ලෝක දෘෂ්ටිය යි. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ පැරණි නායකයෙකු වන කීර්ති බාලසූරිය මෙම දෘෂ්ටිවාදය පදනම්වාදී මාක්ස්වාදී දෘෂ්ටිවාදයකින් විවේචනය කරන ලදී. මේ, ඔහුගේ නිර්වචනය යි.

          “ ජනතා විමුක්ති පෙරමුණ බිහිව ඇත්තේ, ඔවුන් ‘ජනතාව’ යැයි හඳුන්වන ලංකාවේ සිංහල සුළු ධනපති පන්තියේ දුක් වේදනා තුළින්ම ය. මේ සංවිධානය සිංහල සුළු ධනේශ්වර තට්ටුවේ ‘විමුක්තිය’ සඳහා සටන් කරන සංවිධානයක් පමණි. ඔවුන් ‘ජනතාව’ කියන්නේ, ඉහත සමාජ තීරයට ය. මාක්ස්වාදීන් විසින් ‘නිර්ධනයා’ යනුවෙන් සංකල්පගත කරන්නේ, ඉහත තට්ටුව නොවේ.”

ජවිපෙ දේශපාලනය සහ පන්ති ස්වභාවය; 39– 

 

         ඉහත පොත කියවා ඇති ජවිපෙ සාමාජිකයෙකු අපට හමු වී නැති අතර, ඔවුන්ගේම පන්ති සගයෙකු වූ අසෝක හඳගමගේ අදහසකින් ඔවුන්ගේ දේශපාලනය මෙලෙස සම්පිණ්ඩනය කළ හැකි ය.

       “ යමෙකු වෘත්තයක් දිගේ ගමන් කරන විට එකම දේ යළි යළිත් හමු වෙයි. එම නිසා, එම පුද්ගලයා වරක් දුටු දේ නැවත හමු වීමේ භ්‍රාන්තියෙන් සදාකාලිකව පෙළෙයි.”

  • සින්තටික් සිහින ටෙලි නාට්‍යය-

 

              විජේවීරවාදය නම් දෘෂ්ටිවාදය දැන් දශක 5 ක් පමණ ලංකාවේ වර්ධනය වී රටේ ඌණ- සංවර්ධනයට සහ බිඳ වැටුණු රාජ්‍ය ආයතන පද්ධතියට අනුකූලව ස්මාර්ට් පරිණාමයකට ලක් වී ඇත. කීර්ති බාලසූරිය දැක්කේ, විජේවීරවාදයේ එක් පැත්තක් පමණි. එනම්, ඔහු දැක්කේ එහි බුද්ධිමය නිර්මිතය පමණි.[Rationalism] එහි නරුමවාදී පැත්ත ඔහු දුටුවේ නැත.විජේවීරවාදියෙක් යනු, ප්‍රබුද්ධ නරුමවාදියෙකි . [Enlighten Cynic] ඔහු, සමාජයේ සිදුවන හරි වැරදි දන්නා මුත් නොදන්නවා සේ අහක බලාගෙන සිටින්නෙකි. කීර්ති අධ්‍යයනය කළේ, විජේවීරවාදයේ අනන්‍යකරණ පැත්තයි. එනම්, එහි සබුද්ධික පැත්තයි. නමුත්, විජේවීරවාදය නොව ඕනෑම දෘෂ්ටිවාදයක පැවැත්ම සහතික වන්නේ, එමගින් සපයන අර්ථය මඟින් නොව එමගින් අවිඥාණක තලයක සපථ කරන විනෝදය මඟිනි. උදාහරණයක් ලෙස, විජේවීරගේ පක්ෂ සාමාජිකයෙකු පක්ෂ කාර්යාලය තුළ බඩු ගසන්නේ නැත. ඔහු එම කර්තව්‍යය කරන්නේ, රාත්‍රියට නවතින්නට යන පක්ෂ සාමාජිකයෙකුගේ බිරිඳට හෝ සහෝදරියකට ය. මෙමඟින් තහවුරු වන්නේ, විජේවීරවාදීයා ”දෘශ්‍යමානය”[appearance] තුළ බඩුකාරයෙකු නො වන බවයි. මෙමඟින්, ඔහු තුළ හට ගන්නා වරදකාරී හැඟීම ඔහුගේ සදාතනික වේදනාත්මක සතුට වෙයි. [Pleasure in Pain] නමුත්, ඔහු පක්ෂ මතවාදය හිස දරා සිටින්නේ, එහි ඇති කුමන හෝ යථාර්ථයක් නිසා නොව රාත්‍රියට වෙනත් තැනක දී අවිඥාණිකව ලබන ලිංගික සතුට නිසා ය. මේ නිසා, ජවිපෙ සාමාජිකයා සමාජ සංවාදයේ දී තමන්ගේ ජීවිතයේ දෙබෙදුම -split- වන දහවල/ රාත්‍රිය මකන අතර තම සංවාදයේ සිටින අනෙකාගේ පැල්ම සඳහා – or stain- එනම්, දූෂකයා, හොරා, දේශද්‍රෝහියා යන ලේබල් අලවයි. මෙතැන දී, ”ජවිපෙ අනෙකා” [දූෂකයා, හොරා, දේශද්‍රෝහියා]නිරුත්තර වන්නේ, ජවිපෙ සාමාජිකයාගේ දෙබෙදුම පිහිටන තැන එනම්, පක්ෂ සාමාජිකයාගේ බිරිඳ හෝ සහෝදරිය හෝ දුව සමඟ නිදා ගන්නා බව නො දන්නා නිසා ය. අප විසින් කීර්තිට වෙනස්ව සොයා ගත්තේ, විජේවීරවාදියාගේ මේ රාත්‍රී විනෝදය යි. එවැන්නන්, පක්ෂය තුළ නිහඬව දශක ගණන් සිට එක්වරම බඩුකාරයන් වනවා සේ පෙනුණත් ඔවුන් පක්ෂය තුළදී ම බඩුකාරයන් වී ඇත. සමාජය ඒ අංශය දන්නේ නැත. ඒ අනුව, විමල් බඩුකාරයෙකු යැයි ජවිපෙ කියන විට දී, එය ආරම්භ වූයේ ජවිපෙ තුළ සිටියදී ම යන්න කාටත් අමතක වෙයි. [Arche-writing – පුරාණ- ලිවීම- refers to a kind of writing that precedes both speech and writing. Derrida argued that arche-writing is, in a sense, language, in that it is already there before we use it, it already has a pregiven, yet malleable, structure/genesis, which is a semi-fixed set-up of different words and syntax] විජේවීරවාදයට අනන්‍යකරණය වන බාහිර බුද්ධිමතුන් පවා ඊට ආකර්ෂණය වන්නේ, දෘෂ්‍යමානය තුළ බැලූ බැල්මට පෙනෙන අතාර්කික අදහස් නිසා නොව එමඟින් රහසිගතව යෝජනා කරන අශ්ලීල විනෝදය තමන්ට ද අනුකූල වන නිසා ය. මේ අශ්ලීල විනෝදයන් පසුගිය දශකය තුළ දී දෝරෙ ගලා ගොස් ඇත.

              දර්ශනය පැත්තෙන් කිවහොත්, විජේවීරවාදීන් යනු, ‘යථාර්ථය තමන්ගේ සම්බන්ධයකින් තොරව ගොඩනැගී ඇති බව පෙන්වා දෙන්නවුන් ය.[OBJECTIVE REALITY] උදාහරණයක් ලෙස, “ මහින්ද චින්තනය” යනු, ජවිපෙ මැදිහත් වීමකින් තොරව උත්පාද වූ ප්‍රපංචයකි. එම යථාර්ථයට ඔවුන්ගේ සම්බන්ධයක් නැත. එම නිසා, අනුර රාජපක්ෂ, ටිල්වින් රාජපක්ෂ, කුමාර රාජපක්ෂ, දුමින්ද රාජපක්ෂ, පුබුදු රාජපක්ෂ වැනි අය ලංකාවේ නැත. ඉන්නේ, රනිල් රාජපක්ෂ, වජිර රාජපක්ෂ, සාගල රාජපක්ෂ, විමල් රාජපක්ෂ වැනි අය යි. ඔවුන්, තමන් තුළ බෙදීමක් -SPLIT- නො පෙන්වන අතර තම අනෙකා තුළ බෙදීමක් පෙන්වයි. මෙවන් ආත්මීය ව්‍යුහයක් සායනික තලයක ඇත්තේ, විපරිත ආත්මයන්ටයි.[Pervert- මිථ්‍යා දෘෂ්ටිකයා] විපරිතයා සෑම විටම, ව්‍යාධිවේදී මට්ටමෙන් අනෙකාගේ ආශාව සහ විනෝදය රඟ දක්වයි. විජේවීරවාදියා දේශපාලන තලයේ දී ආත්මීයව යථාර්ථයට සම්බන්ධ වන්නේ, විපරිත ආකෘතියකින් වීම ඒ අනුව අහම්බයක් නොවේ. මේ තාක්ෂණය ගැන අවබෝධයක් හෝ ඒ ගැන විද්‍යාව අහිමි අනෙකා, සෑම විටම විජේවීරවාදියා විසින් පෙන්වා දෙන අනෙකාගේ දෙබිඩි බව පිළිගෙන නිහඬ වෙයි. උදාහරණයක් ලෙස, විජේවීරවාදියා තම අනෙකා හොරෙකු බව පවසන විට දී, තමන්ගේ පුද්ගලික ජීවිතය තුළ කරන හොර වැඩ අනෙකාට සඟවයි.

               සුමිත් චාමින්ද යනු ද විජේවීරවාදියෙකි. 2008 වැනි දුර යුගයක සිට විවිධ විජේවීරවාදීන් සහ විජේවීරවාදී මාධ්‍ය (මේ සමහර මාධ්‍යකරුවන් කොළඹ ඉඩම් වලට හොර ඔප්පු ලියා උසාවි ගිය අය යි. මේ අයගේ ලිපි පළ කරන්නේ, මෙවැනි දූෂිතයන් ය. නමුත්, සුමිත් තම ලිපි වලින් පෙන්වා දෙන්නේ, අනෙකාගේ පැල්ම මිස තමාගේ පැල්ම නොවේ.) මොහුගේ ලිපි මාධ්‍යවල පළ කරයි. මෙහි විශේෂ ලක්ෂණය මොහුගේම ආප්තයකින් පැහැදිලි කළ හැකි ය. ‘ මොහු ලියන්නේ කුමක්දැයි නො දන්නා මාධ්‍ය මොහුගේ ලිපි පළ කරයි.’ පුබුදු ජයගොඩ විසින් රුවන් ෆර්ඩිනන්ඩ්ස්ට දුරකථන පණිවුඩයක් දී මෙසේ අසයි: “ මේ අර ලිපිය දාන්න පුළුවන්නේ.” අනුන්ගේ අඩුපාඩු දකින මේ තක්කඩින් තමන්ගේ ඇහෙන පේන අඩුපාඩු නොදැක්කා සේ ඉඳීමට ගම්වල සිටම පුහුණු වී ඇත. සුමිත් චාමින්දට දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටීමට ඇති අයිතිය අපි පිළිගනිමු. නමුත්, ඔහුට X එකේ අඩුපාඩු පෙන්වීමට හැකි වූවත්, පෙරටුගාමීන්ගේ අඩුපාඩු පෙන්වීමට තවම හැකි වී නැත. පක්ෂයේ පොඩි එකා පෙන්වන්නේ, මේ පැල්ම අවිඥාණක ෆැන්ටසියක් නිසා හට ගත් ආකාරය යි. න්‍යායික දේවල් කියවීම පිළිබඳ මාර්ගඋපදේශ කිහිපයක් ද පොඩි එකා පෙන්වා දී ඇත. 

‘//////////////////////////////////////////???????????????????????????????

Post-Modern Antonio Gramsci –Italian philosopher.

 
 

චාමින්ද-ලැක්ලෝවාදය.

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කථිකාචාර්යවරයකු වන සුමිත් චාමින්ද විසින් මෑතකදී “පක්ෂය, මහජන ව්‍යාපාරය සහ පොදුජනාවබෝධය” යනුවෙන් ලිපියක් පළ කර ඇත. අප මෙය අර්නෙස්ටෝ ලැක්ලෝගේ  කතිකා විශ්ලේෂණයට (discourse analysis) අනුව විශ්ලේෂණයට බඳුන් කරමු.

පළමුව ලංකාවේ වාමාංශය සම්බන්ධයෙන් වැදගත්වන ව්‍යුහාත්මක කාරණාවක් මතු කළ යුතුය. ලංකාවේ වාමාංශය තුළ දිගින් දිගටම මනෝ විශ්ලේෂණය යන විෂය ප්‍රතික්ෂේප වී ඇත. මෙය අතපසුවීමක් හෝ න්‍යායික ලෙස අදාළ නොවන්නක් ලෙස බැහැර කරන ලද්දක් නොවන අතර ඊට වඩා ව්‍යුහාත්මක කාරණාවක් නිසා සිදුවන්නකි. උදාහරණයකට සමන් පුෂ්පකුමාර යන ශ්‍රේෂ්ඨ මහාචාර්යවරයා හේගල් සම්බන්ධයෙන් ලියන ලිපි වලට කොතෙකුත් ජිජැක්ගේ පොත් උපුටා දැක්වීම සිදු කළ ද ඔහුගේ ලිපි තුළ ජිජැක්ගේ මනෝවිශ්ලේෂණය [ On Unconscious] සම්බන්ධයෙන් වන අදහස් ඇත්තේ නැත.(යමෙකු ජිජැක්ගේ ලැකානියානු මනෝවිශ්ලේෂණය කොටස අතහැර හේගල් සම්බන්ධ කොටස් පමණක් වෙන් කිරීමේ දී ඔහුට මුළුමනින්ම ජිජැක්වද මඟ හැරී යයි). සුමිත් චාමින්ද ජිජැක්ගේ පොතක් පවා සිංහලයට පරිවර්තනය කර ඇත. ඔහු ඔහුගේ ලිපිය තුළ භූපති (මොහු ජිජැක්ගේ නම පමණක් දන්නා ගිරවෙකි) සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්නයක් අසයි.

 

‘1960 දශකයෙන් පසු යුරෝපය තුළ වර්ධනය වූ රැඩිකල් සමාජ න්‍යායේ විවිධ ධාරාවන් මගින් තේරුම් කරන්නට ප්‍රයත්න දැරූ ගැටළුවක් වූයේ ’68 ශිෂ්‍ය අරගල හමුවේ සංස්ථාපිත වාමාංශික පක්ෂ අසමත් වූයේ මන්ද යන්නයි. අර්නෙස්ටෝ ලැක්ලාවූ සහ ශන්තාල් මූෆ්ගේ පශ්චාත්-මාක්ස්වාදී න්‍යායික ව්‍යාපෘතිය මගින් විසඳන්නට ප්‍රයත්න දැරුණු ගැටළුව වූයේද නව සමාජ ව්‍යාපාරවල යුගයේදී සමාජවාදී දේශපාලනයේ උපායමාර්ගය විය යුත්තේ කුමක්ද යන්නයි.

මෙම න්‍යායික සංවාදය මුළුමනින්ම නොතකා හරින භූපති…”

සුමිත් චාමින්ද විසින් මෙසේ උලුප්පා දක්වන 68 ශිෂ්‍ය අරගලයේ නායකයින් අවසානයේ දී නැවතුනේ ඉන්දියාවේ යෝගීවරුන් ළඟය යන කාරණය අප මදක් පසෙකින් තබමු.

මෙහිදී සුමිත්, භූපති විසින් ”අර්නෙස්ටෝ ලැක්ලෝ සහ ශන්තාල් මූෆ්ගේ” පශ්චාත් – මාක්ස්වාදී  සංවාදය මගහැර ඇති බවට සඳහන් කරයි.  නමුත් අපට අනුව නම් ඔවුන් දෙදෙනාටම පොදු කාරණයක් වන්නේ මොවුන් දෙදෙනාටම ජිජැක් සහ ලැකානියානු මනෝවිශ්ලේෂණය මග හැරී තිබීමයි. මේ ලංකාවේ න්‍යාය වහරන වාමාංශිකයන් අතර පවතින ව්‍යුහාත්මක පොදු කාරණාවකි. සමන් පුෂ්පකුමාර ජිජැක් ව උපුටා දැක් වුව ද ඔහු ජිජැක්ගේ මනෝවිශ්ලේෂණය මඟහරී (මොහු ජවිපෙ න්‍යායාචාර්යවරයෙකි). සුමිත් චාමින්ද ජිජැක්ගේ පොත් පරිවර්තනය කළ ද ඔහුගේ ලිපි තුළ හෝ ඔහුගේ ප්‍රායෝගික ජීවිතයේ මනෝවිශ්ලේෂණය යන්න නැත. විදර්ශන කන්නන්ගර ජිජැක්,ලැකාන්, ෆ්‍රොයිඩ්  යන නම් තම ශරීරයේ පච්ච ගසාගෙන සිටින්නෙකු වුවද ඔහු ද ප්‍රායෝගික තලයේදී මනෝවිශ්ලේෂණය මගහැර යයි (මොවුන් දෙදෙනා පෙසප  න්‍යායාචාර්යවරුන් ය). සරලව පැවසුවහොත් මනෝවිශ්ලේෂණය අයත් වන දෘෂ්ටිවාදී විචාරයේ දී සිදුවන්නේ බාහිරින් සිටින අනෙකකුට ඇඟිල්ල දික් කිරීම හෝ විචාරය කිරීම නොව පළමුව තමන්ව විචාරය කරගැනීමයි.[self-critique as a self-revolution.] සුමිත්ගේ ලිපිය තුල ඔහු ඇතුළු පෙසප යනු නෙළුම් මල් වලින් උපත ලද මේ ක්‍රමයට සම්බන්ධ නැති ලංකාවේ අර්බුදයට වගකිව යුතු නැති බුදු බව පෙරුම් පුරමින් සිටින පිරිසකි. නමුත් අපට කීමට ඇත්තේ අප එසේ නොවන පිරිසකි. අපගේ වැරදි වලට අප විසින්  වගකීම  බාර ගනියි. උදාහරණයකට  2009 යුද්ධය අවසාන වන විට දී මාගේ වයස වූයේ අවුරුදු 13 කි. එහිදී  අප යුද්ධය දිනීම වෙනුවෙන් මම ජාතිවාදී ලෙස සතුට පළ කරන ලදී. මට දැන් ” ඒ කාලේදී  මම මුකුත් නොදන්න පොඩි කොල්ලෙක්” යනුවෙන් පැවසීම තුළින් එහි වගකීමෙන්  නිදහස් විය හැකිද? නැත. මම එයට වගකීම බාර ගනිමි. බටහිර චින්තකයන්ගෙ නම් මතුරමින් අනන්‍යතාවය හිඟාකන පිරිසක් බිහිවීම තුළින් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට සිදු වූ හානියට දීප්ති සහෝදරයා විසින් වගකීම භාරගනියි.  මනෝවිශ්ලේෂණය යනු සුමිත් චාමින්ද සහ පෙසප, ජවිප වැනි සුජාත පුත්‍රයන් හට අවශෝෂණය කරගත හැකි විෂයක් නොවන අතර එය අප වැනි නරක බෙදුනු (split) කළු මිනිසුන් වෙනුවෙන් පවතින විෂයකි.

අපි දැන් සුමිත් ගේ ලිපිය තුල අර්නෙස්ටෝ ලැක්ලෝ  සම්බන්ධයෙන් පවසන කොටස් වෙතට එමු. ලැක්ලෝ සහ මූෆ් ඔවුන්ගේ “සමාජවාදී උපායමාර්ග” යන පොත තුලින් පැවසුවේ ‘සමාජය යනුවෙන් දෙයක් නොපවතියි'( Society does not exist) යන්නයි. එනම් සමාජය යනුවෙන් පරිපූර්ණ සමස්තයක් නොමැති බව සහ සමාජය යනු කතිකාමය ගොඩනැංවීමක් බවයි.[Social as A fantasy] මෙහිදී කතිකාව යන්න වටහා ගැනීම වැදගත්ය. යම්කිසි එකිනෙකට වෙනස් කරුණු හෝ අංග(elements) අතර සම්බන්ධතාවයක්(relation through articulation) සාදන ඕනෑම භාවිතාවක්(practice) කතිකාවක් ලෙස ලැක්ලෝ හඳුන්වයි. මෙහිදී වැදගත් කරුණක් වන්නේ මෙම එකතු කරන elements වලට එහිම වූ අනන්‍යතාවක් නැති අතර ඒවාට අනන්‍යතාවක්(identity) ලැබෙන්නේ කතිකාව සෑදීමෙන් පසු පසු ආවර්තිතවයි(retroactive). මෙම කතිකාවේ ව්‍යූහාත්මක ස්වරූපය සැලකුවහොත් ඕනෑම කතිකාවකට කේන්ද්‍රයක්(center) ඇති අතර -මෙම කේන්ද්‍රය හිස් තැනකි- මෙම කේන්ද්‍රයට ආදේශ වන element එකක් වටා අනෙක් elements ගොනුවෙයි. මේවා හැඟවුම්කාරක ලෙස ගතහොත් හැඟවුම්කාරක කිහිපයක් කතිකාවක් ලෙස ව්‍යුහගත කරන්නේ එහි කේන්ද්‍රයට ආදේශ වන එක් හැඟවුම්කාරකයක් වටා ගොනු වෙමිනි. මෙම ආදේශ වන එක් හැඟවුම්කාරකය ස්වාමි-හැඟවුම්කාරකයක්(master signifier) ලෙස හැඳින්විය හැකිය.

අප මෙය සරල උදාහරණයකින් වටහා ගනිමු . සුමිත්ට අනුව රනිල් වික්‍රමසිංහ විසින් නීතිය ක්‍රියාත්මක කිරීම ”මර්දනයක්”  ලෙස පෙනෙන අතර නමුත් අන්තරේ විසින් උද්ඝෝෂණ වලට ඔලු ගෙඩි පෙන්වීම සඳහා විශ්වවිද්‍යාලවල සිදුකරන නවක වදය මර්දනයක් ලෙස නොපෙනේ. මෙය ලැක්ලෝ  ට අනුව විස්තර කළහොත්,  සුමිත්, සමාජය සහ යථාර්ථය ලෙස දකින දෙය බාහිර ලෝකයේ අනුභූතිකව පවතින සමාජයක් නොව එය කතිකාමය ගොඩනැංවීමකි. [private fantasy] මෙම කතිකාවේ කේන්ද්‍රයට ආදේශ වී ඇති ස්වාමි හැඟවුම්කාරකය වන්නේ කුමාර් ගුණරත්නම් ය. මෙම ස්වාමි හැඟවුම්කාරකය විසින් එකිනෙකට වෙනස් සාරයක් නැති තවත් හැඟවුම්කාරක දෙකක් (රනිල් නීතිය ක්‍රියාත්මක කිරීම, අන්තරේ නවක වදය ක්‍රියාත්මක කිරීම), පළමුවැන්න මර්දනයක් ලෙසටත් දෙවැන්න සමාජ සත්කාරයක් ලෙසටත් අර්ථ තීන්දු කරයි. අප මෙම කේන්ද්‍රය දෙසට තවදුරටත් අවධානය යොමු කළහොත් ලැක්ලෝට අනුව මෙම කේන්ද්‍රය යනු හැඟවුම්කාරකයක් නොව එය යම්කිසි සුවිශේෂී වූ ක්‍රියාවක් සඳහා වෙන් වූ ස්ථානයකි(empty place designated for a special function). මෙම හිස් ස්ථානයට ඕනෑම හැඟුම් කාරකයක් ආදේශකයක් ලෙස ආදේශ විය හැකිය. උදාහරණයක් ලෙස ජනාධිපති පුටුව නමැති හිස් ස්ථානයට (කේන්ද්‍රය) වසර පහකට වරක් යමෙකු (හැඟවුම්කාරකයක්) ආදේශ වීම වැනි ය. ඒ අනුව සුමිත් චාමින්ද අපට ගොඩනංවා පෙන්වන සමාජ කතිකාවේ කේන්ද්‍රයට ආදේශ වී ඇති කුමාර් ගුණරත්නම් ස්වාමි හැඟවුම්කාරකය යනු ස්වභාවික දෙයක් නොව ඊට පෙර පැවැති ස්වාමි හැඟවුම්කාරකය (දීප්ති- old mater-signifier) වෙනුවට (replace) ආදේශ වුණු නව ස්වාමි හැඟවුම්කාරකයකි.  කල්පිත උදාහරණයක් ලෙස සුමිත් චාමින්දගේ සමාජයෙහි කේන්ද්‍රයට රනිල් වික්‍රමසිංහ යන්න ස්වාමි හැඟවුම්කාරකයක්  ලෙස කුමාර් ගුණරත්නම් ව replace වී ආදේශ වූවා යැයි සිතන්න. එවිට ඉහත සඳහන් කළ “අන්තරේ නවක වදය ක්‍රියාත්මක කිරීම” යන්න මර්දනකාරී ක්‍රියාවක් වී “රනිල් නීතිය ක්‍රියාත්මක කිරීම” යන්න සමාජ සත්කාරයක් ලෙස සුමිත් හට අර්ථය අලුතින් තීන්දු වනු ඇත.

ලැක්ලෝ සහ මූෆ් විසින් ඔවුන්ගේ “සමාජවාදී උපාය මාර්ග” යන පොතෙහි එහි පළවන පරිච්ඡේදය තුළින් විසංයෝජනය කිරීමට උත්සාහ දරන දෙයක් වන්නේ ගතානුගතික මාක්ස්වාදයේ (Orthodox Marxism) එන කම්කරු පන්තිය(working class) යන්න කේන්ද්‍රයට ආදේශ වීම කතිකාමය ගොඩනැංවීමක් ලෙස නොදැකීම සහ ධනවාදී සමාජ ක්‍රමය එය තුළින්ම කඩාවැටීමකට ලක් වීම නිසා කම්කරුවන් තමන්ගේ පන්ති අවශ්‍යතා සහ ඉල්ලීම් හරියාකාරව අවබෝධ කරගෙන, කම්කරු පන්තියේ මූලිකත්වයෙන් විප්ලවයක් සිදු වී ධනවාදය පෙරලා දැමීම ඓතිහාසික අනිවාර්යතාවක් ලෙස දැකීමයි. ඔවුන් පළමුව විචාරය පටන් ගන්නේ විසිවන ශතවර්ෂයේ මුල් භාගයේ විසූ වාමාංශික චින්තිකාවක් වන රෝසා ලක්සම්බර්ග් ගෙනි. සුමිත් ඔහුගේ ලිපිය තුළ රෝසා ලක්සම්බර්ග්ව සඳහන් කරමින් මෙසේ ලියයි.

 

‘මහජනයාගේ ස්වේච්ජාමය ක්‍රියාකාරීත්වයේ වැදගත්කම අවධාරණය කළ එම ප්‍රවණතාවයේ ප්‍රධාන ප්‍රකාශකයින් වූයේ රෝසා ලක්සම්බර්ග්, ජෝජ් සොරෙල් වැනි අයයි.”

පළමුවෙන්ම පැවසීමට ඇත්තේ රෝසා ලක්සම්බර්ග්  ගේ කතිකාව තුළ “මහජනයා” [people] යනුවෙන් යමක් නොපවතින බවයි. එහි කේන්ද්‍රයේ ඇත්තේ මහජනයා නොව කම්කරු පන්තියයි. ලැක්ලෝ සහ මූෆ්  විසින් ලක්සම්බර්ග්, ගතානුගතික මාක්ස්වාදයේ කවුට්ස්කි වැනි චින්තකයන් ට වඩා ඉදිරියෙන් සිටින ලෙස පවසන්නේ එක් සුවිශේෂී කාරණාවක් නිසාය. එනම් ඇයගේ ලිවීම් තුළ තුළ ‘කම්කරු පන්තිය’ යනු ස්වභාවිකවම අනන්‍යතාවක් හිමි දෙයක්  නොව එහි අනන්‍යතාවය ගොඩනැගෙන්නේ සංකේතීයව (symbolic over determination) බව යන්න තිබීම නිසාය. එසේ වුවත් මෙහි ප්‍රතිවිරෝධය ද ඇයගේ ලිවීම් තුළම හමුවේ. එනම් එක් පැත්තකින් කම්කරු පන්තිය යනු ස්වභාවික දෙයකට වඩා සංකේතීයව එහි අනන්‍යතාවය ගොඩනැගෙන බව පැවැතීමත්, අනෙක් අතට විප්ලවය සිදුවිය යුත්තේ කම්කරු පන්තිය මූලිකත්වයෙන් පමණක් බවත් සහ අනෙක් පන්ති කොටස් ඉවත් විය යුතු බවත් ඇගේ ලිවීම් තුළ පැවතීමත්ය. ලැක්ලෝ  විසංයෝජනය කරන්නේ ඇගේ මෙම ලිවීම තුළ ඇති පරස්පරයයි. මෙය සඳහා සමාජවාදී උපායමාර්ග(socialist strategy) පොතෙහි පලවන පලවන පරිච්ඡේදයෙහි පලවන පිටු පහ කියවීම ප්‍රමාණවත්ය.

මේ නිසා ගෝල්ෆේස් අරගලයට රෝසා ලක්සම්බර්ග්ගේ සම්බන්ධයක් නැත. මක්නිසාදයත් ගෝල්ෆේස් අරගලය තුළ කම්කරු පන්තියක් හෝ අවරප්‍රසාදිත නිර්ධනයන් පිරිසක් නොසිටි බැවිනි. ගෝල්ෆේස් අරගලය තුළ සිටි නායකයින් වන මොටිවේෂන් අප්පච්චි, රැට්ටා, දමිතා යනු  අවරප්‍රසාදිතයන්ද? රජයේ ස්තිර පඩි ලබන ස්ටාලින්, විදර්ශන කන්නන්ගර, රවි කුමුදේශ් යනු අවරප්‍රසාදිතයින්ද? ඕස්ට්‍රේලියාවේ තම බිරිඳ සහ දරුවන් සිටින කුමාර් ගුණරත්නම් නිර්ධනයෙක්ද? අකිල විරාජ් ළඟ දණින් වැටී තමන්ගේ කථිකාචාර්ය රස්සාව තහවුරු කරගත් ලක්ෂ ගණනක පඩි ලබන සුමිත් චාමින්ද යනු අවරප්‍රසාදිත නිර්ධනයෙක් ද? ලැකාන් 68 ශිෂ්‍ය අරගලයට පැවසූ පරිදි, ගෝල්ෆේස් අරගලය තුළ ද සිටියේ ඇත්තටම ක්‍රම වෙනසක් පැතූ අය නොව පැරණි ස්වාමියා වෙනුවට නව ස්වාමියකු පතන හිස්ටරිකයන් පිරිසක් නොවේද?

 

මීළඟට සුමිත් චාමින්ද ඔහුගේ ලිපිය තුළ අරගලයක් තනි පක්ෂයක් යටතේ කැඳවිය හෝ සිදු කළ නොහැකි බවත් එය ඉදිරි ලංකාවේ අනිවාර්ය ලෙස ආර්ථිකය තවදුරටත් කඩාවැටීම සිදුවීම නිසා ඉබේම පැන නැගීමට නියමිත දෙයක් බවට පවසයි. තවද කලින් සිදු වූ ගෝල්ෆේස් අරගලය ඔහු විසින් කල්තියාම සිදුවනු බවට දැන සිටි බවත් ඉදිරියටත් එවැනි අරගල අනිවාර්යයක් ලෙස ඉබේම සිදුවන බවත් පවසයි. එවිට වාමාංශික පක්ෂවලට කිරීමට ඇත්තේ එලෙස ආර්ථිකය කඩා වැටෙන තුරු බලා සිටීමත් (පෙසප, ජවිපෙ වැනි වාමාංශික පක්ෂ ලංකාවේ ආර්ථිකය කෙළවෙන තුරු බලා සිටින්නේ මේ නිසාය) ඒත් සමගම ඉබේම හටගන්නා අරගලයට සම්බන්ධ වීමත් පමණි. මෙය සුමිත් විසින් සෑම තැනකදීම ලැක්ලෝ ගේ නම සඳහන් කළ ද, ලැක්ලෝ විසින් මෙය ගතානුගතික මාක්ස්වාදයට අයත් කරුණක් ලෙස දැඩිව විචාරයට බඳුන් කරන දෙයකි. ගතානුගතික මාක්ස්වාදය තුල කම්කරු පන්තියේ යන්න සාරයක් ලෙසත් ධනවාදී සමාජ ක්‍රමය එය තුළින්ම කඩා කඩාවැටීමත් සමග කම්කරු පන්තිය මූලික වෙමින් විප්ලවය සිදුවීම ඓතිහාසික අනිවාර්යතාවක් (historical necessity- Teleological argument]) ලෙසත් විශ්වාස කරන ලදී. ලැක්ලෝ මෙම සාරයන් දෙකම විසංයෝජනය කරයි. සුමිත්ගේ විශ්ලේෂණ හෝ ලිපි යනු ලැක්ලෝගේ න්‍යායන්ට අදාළ වන දේවල් නොවන අතර ඒවායේ ඇති එකම වෙනස වනුයේ “කම්කරුවා” යන නම වෙනුවට “මහජනතාව” යන නම භාවිතා කිරීමයි. ඔහුගේ ලිපි තුළ ඇත්තේ ලැක්ලෝගේ පශ්චාත්-මාක්ස්වාදයක් නොව කම්කරුවා වෙනුවට මහජනතාව යන නම යොදා වහරන ගතානුගතික මාක්ස්වාදයකි. [Leftist Populism] සුමිත්ගේ ලිපි අයත් වන්නේ ‘පූර්ව ලැක්ලෝ’ යුගයකට ය.

සුමිත් ඔහුගේ ලිපිය තුළ විප්ලවය/අරගලය සඳහා අවශ්‍ය වන්නේ වාමාංශික විද්‍යාත්මක දැනුමක් ද නැතහොත් ජනයා තුළ ඇති විද්‍යාත්මක නොවන සාමාන්‍ය දැනුමක් ද [feelings]යන්න ප්‍රශ්න කරයි. එහිදී ඔහු ”අරගලය සඳහා විද්‍යාත්මක දැනුම අවශ්‍ය වීම ප්‍රාථමික විය යුතු නැත” ලෙස පවසයි. අප මෙය ලැක්ලෝගේ කතිකා විශ්ලේෂණයට අනුව විශ්ලේෂණය කිරීමේදී මෙම සුමිත් විසින් ඉදිරිපත් කරන ”විද්‍යාත්මක දැනුම” සහ ”සාමාන්‍ය ජනයාගේ දැනුම” යන්න හැඟවුම්කාරක දෙකක් ලෙස ගත යුතුය. ලැක්ලෝට අනුව  මෙම හැඟවුම් කාරකවලට අර්ථයක් ලැබෙන්නේ ඒවා යම් කිසි කතිකාවකට සම්බන්ධ වීම සහ එම කතිකාවේ කේන්ද්‍රය ඇති ස්වාමි හැඟවුම්කාරකය තුළින් පසු ආවර්තිතවයි.  සුමිත්ගේ ලිපිය කියවීමේදී මෙම හැඟවුම්කාරකවලට අර්ථයක් ලැබෙන්නේ ග්‍රාම්ස්චි, ඩේවිඩ් හියුම්, බූපති යන හැඟවුම්කාරකවලින් නොව සුමිත් විසින් ලංකාවෙ සමාජය මෙය යැයි අපට පෙන්වන කතිකාවේ කේන්ද්‍රය වන කුමාර් ගුනරත්නම් යන ස්වාමි හැඟවුම්කාරකය විසිනි. අප මෙය විශ්ලේෂණය කිරීමේ කිරීමේ දී  සුමිත්ගේ සමාජය යන කතිකාවේහි වර්තමාන කේන්ද්‍රය පුරවන ස්වාමි හැඟවුම්කාරකය පමණක් නොව ඊට පෙර තිබූ ස්වාමි හැඟවුම්කාරකයද (එනම් සුමිත් x කණ්ඩායමේ සිටිය දී “දීප්ති” ) සමග සැසඳිය යුතුය. මෙහිදී සුමිත් ලියන “විද්‍යාත්මක දැනුම” සම්බන්ධ වන්නේ මෙම සුමිත්ගේ ලිපිය තුළ දී අවරෝධනය (repress) වී ඇති දීප්ති යන හැඟවුම්කාරකයටයි(දීප්ති පොත් කියවීම). සුමිත් ලියන “සාමාන්‍ය ජන දැනුම” සම්බන්ධ වන්නේ කුමාර් ගුණරත්නම් යන හැඟවුම්කාරකයටයි(මක්නිසාදයත් කුමාර් ගුණරත්නම් යනු අවුරුදු විස්සකින් වත් වාමාංශික විද්‍යාත්මක දැනුමට සම්බන්ධ කිසිදු පොතක් කියවා නොමැති හෙයිනි). සුමිත් විසින් “අරගලයට විද්‍යාත්මක දැනුමක් අවශ්‍ය නැත” යනුවෙන් පවසන්නේ හුදෙක් ඔහුගේ සමාජ කතිකාව තුළ දීප්ති යන හැඟවුම්කාරකය යටපත් වී(repress) කුමාර් ගුණරත්නම් යන හැඟවුම්කාරකය ස්වාමිත්වය දරන හෙයිනි. නමුත් මෙහි පරස්පරය ද ඔහුගේ ලිවීම් තුළ ඇත. එනම් සුමිත් විසින් “සාමාන්‍ය ජනයාගේ දැනුම” කෙතරම් ඇගයුවද ඔහුගේ සෑම ලිපියක් අවසානයේම ඔහු ගේ නම යටින් කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන අංශයේ කථිකාචාර්යවරයකු ලෙස සඳහන් වීමයි.[University Discourse]

 අවසාන වශයෙන්, තමන්ගේ අවිඥාණය සඟවාගෙන තමන් ද අර්බුදයට දායක වී ඇති බව යටපත් කරගෙන බාහිරින් ඇති කෙනෙකු වෙත වැරැද්ද පටවමින් සිදු කරන අරගල වලින් සමාජය වෙනස් වන්නේ නැත. උපරිම වශයෙන් සිදුවන්නේ ස්වාමියා – Master- මාරු වීම පමණි.[separation from Holy master] කෙසේ හෝ අරගලයෙන් ඉගෙන ගත යුතුය යනුවෙන් සුමිත් පවසන දෙය තුළ සත්‍යක් පවතී. අවසානයේ දී 68 ශිෂ්‍ය අරගලය ඉන් පසු බිහිවූ න්‍යායවේදීන් ට තමන්ගේ න්‍යායන් ඉදිරිපත් කිරීම් තුල   භාවිතා කරන උදාහරණයක්  පමණක් බවට පත්විය. ලංකාවේ ගෝල්ෆේස් අරගලයද අනාගතයේ දී අපත් ඇතුළු න්‍යායවේදීන් හට ප්‍රයෝජනයට ගත හැකි උදාහරණයක් බවට පමණක් පත් වනු ඇත.

 

දෙවන කොටස ලෙස සුමිත් විසින් මතුරමින් සිටින මහජනතාව (ගෝඨාභය බලයට ගෙන ආවේද මෙම  මහජනතාවමය)  split එකක් නැති ඒකීය මහ ජනතාවක් ද යන්න විමසමු.

 

සමබිම පක්ෂයේ පොඩි එකා.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. //අවිඥාණක තලයක සපථ කරන විනෝදය //
    එක්තරා කතාවකට අනුව වරක් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හට නොබෙල් ත්යාගය දීමට යෝජනා වී තිබේ.
    එයා මොකක්ද හොයා ගත්තේ කෙනෙක් විමසා ඇත කතාවට අනුව නම් අයින්ස්ටයින්.
    අවිඥාණය කියල දෙයක්.
    ඉතින් එයාට කියන්න ඒක ඔප්පු කරන්න කියලා ඒක වස්තුවක් නම් එයාට ඒක පෙන්නන්න පුලුවන් නැත්නම් ඒක සමීකරනයකින් ඔප්පු කරලා පෙන්නන්න පුලුවන්.
    ෆ්‍රොයිඩ් හට කිසිම දිනක නොබෙල් ත්යාගය ලැබුනේ නැත.
    පසුකාලීනව කතාවට තවත් කොටසක් එකතුවී තිබේ.
    කෙනෙකු පවසා ඇත්තේ ෆ්‍රොයිඩ්ට ඒක තියෙනවා කියල ඔප්පු කරන්න බැහැ වගේම තමයි කාටවත් ඒක නැහැ කියලා ඔප්පු කරන්නත් බැහැ.
    ඊටත් පසුව මනෝ විශ්ලේශනය වයිද්ය විද්යාවේදී CBT මගින් විස්තාපනය වූවේ එය විද්යාත්මක නොවන බැවිනි.
    (බුද්ධාගමේ කර්මය කියල දෙයක් තියෙනවා. ඔව් කියන්නත් බැහැ නැහැ කියන්නත් බැහැ.)

Comments are closed.