[dropcap color=”blue”]ඩේ[/dropcap]විඩ් ලීන්ච් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘the Brief Encounter’ නම් ච්ත්‍රපටියේ සමලිංගික ආදරවන්තයන් දෙදෙනා හමු වන්නේ දුම්රිය ස්ථානයක අදුරු කොරිඩෝ සහ අදුරු වේදිකාවන් වලය. අප විසින් ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ ඔවුන්ට මිනිසුන් ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන වල හමුවීමට ඇති අවහිරය අප විසින් ඉවත් කළ හොත් සමලිංගික ආශාවට කුමක්වේද? එම ආශාව වහා මිය යනු ඇත.
මංගල සමරවීරටත්,රනිල් ව්ක්රමසිංහටත්,අවශ්‍ය නම් ඔවුන් රට පාලනය කළ අවිධි වලදී සමලිංගිකයන්ටත් විරුද්ධව රැගෙන එන දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය පාර්ලිමේන්තු ජන්දයකින් පහසුවෙන් ඉවත් කිරීමේ හැකියාව තිබුනි. නමුත් එය සිදු වුයේ නැත. එසේ සිදු නොවීම අප කලින් සාකච්ඡා කළ කරුණට සම්බන්ධය. අදාල තහනම නැති වූ විගස සමලිංගික අශාවද මිය යනු ඇත. එබැවින් මතුපිටින් අප මෙම පැරණි නීතියට අකමැති වුවත් අවිඥාණකව එම නීතියට කැමතිය. මීට පෙරත් සමලිංගිකයන් අත්අඩංගුවට ගෙන ඇති මුත් ගැටළුව මෙතරම් දුරගොස් නැත.
රාජපක්ෂලාට ‘ආශාව’ සහ ‘අශාවට තුඩු දෙන හේතුව’ අතර වෙනස නොපෙනේ. ඔවුන් දැන් ඇත්තටම සමලිංගික ආශාව තහනම් කිරීමට උත්සාහ කරයි. එවිට සිදු වන්නේ ඔවුන් සිතන දෙයෙහි කණපිට පැත්තයි. නීතිය නැති නිසා වල් වැදී, අරාජක වී ඇති විෂම ලිංගිකයන්ද සමලිංගික වීමට එවිට උත්සහ දරණු ඇත. මන්ද තහනම,අවහිරය ඇති තැන ආශාව පිපෙන නිසාය.
සමලිංගික ආයිතිවාසිකම් යනු නීතිය විසින් පිළිගත යුතු මිනිස් අයිතිවාසිකමක් ලෙස අප සලකන්නේ නම් ඉහත අප කතා කළ උභතෝකෝටිකය මග හැර යා නොහැක. මන්ද යත් නීතිය ඉවත් කළ විගස ඉන් සපයන විනෝදයද අතුරුදහන් වන නිසාය.