වැඩේ තිබෙන්නේ, රජයේ චිත්‍රපට සංස්ථාවේ ‘තරංගනී ශාලාව’ තුළදී ය. ආරම්භ වන්නේ 3:30 සහ සවස 4-6 අතර කාලය තුළදී ය. 

 

සවස 4ට සමන් වික්‍රමආරච්චිගේ දේශනය ආරම්භ වේ. එහි මාතෘකාව වන්නේ, “යථාර්ථවාදයේ ත්‍රස්තවාදය සහ නූතනවාදයේ විමුක්ති ධර්මය- ඩොක්සාවට එරෙහිව.”

 

1. ශ්‍රී ලංකාව මේ ඓතිහාසික මොහොතේ දී විළිරුදා විඳිමින් සිටින්නේ, සමාජවාදය ප්‍රසූත කිරීමට නොව ධනවාදී නූතනත්වය ප්‍රසූත කිරීමට ය. යථාර්ථවාදයේ දී මිනිසාගේ ආත්මීයත්වය මර්ධනයට ලක් වී වාස්තවික ප්‍රබන්ධ වලට -objective fictions – ප්‍රාථමික ගුණයක් ආදේශ වෙයි. විද්‍යාව සහ ආගම එක්ව ලංකාවේ 20 වන සියවසම ගෙවී ගියේ, මිනිසාගේ ආත්මීය සිතීමට වඩා බාහිර වාස්තවික ප්‍රබන්ධ වඩා යථාර්ථවාදී බව පෙන්වීම තුළ ය.

 

  නමුත්, 21 වැනි සියවසේ දෙවැනි දශකය එළඹීමත් සමඟ ඉහත අධිපති සූත්‍රය කණපිට පෙරළී ගියේය. ඉතාම සරලව කියන්නේ නම්, සජිත් ප්‍රේමදාස වඩා උනන්දු වන්නේ, රූපවාහිනී තිරය මත පතිත වන තම ප්‍රතිරූපය (Image) පිළිබඳව මිස තම අනෙකා (Other) පිළිබඳව නොවේ. මෙම තත්ත්වය ලැකාන් විග්‍රහ කරන ‘කැඩපත් අවධිය’ පිළිබඳ Text Book කියවීමකි. ජවිපෙ සහෝදරයන් අපගේ විනෝදය පැහැර ගන්නා සොරුන් සහ ගැට කපන්නන් ගැන ඝෝෂා කරන විට (එනම්, මතිභ්‍රමවාදය (Paranoia)- බාහිර අනෙකෙකු අපගේ පැවැත්ම ඉරා දමා ඇත- මෙම ප්‍රවාදය මීට කලින් ඝෝෂා කරන ලද්දේ, විමල් වීරවංශ විසිනි.) සජිත් ප්‍රේමදාස තම විරෝධාකල්පය මතු කරන්නේ, තම පංචේන්ද්‍රියන් හරහා ය. ඔහුගේ පැමිණිල්ල වන්නේ, බලය වෙතට ඔහු වඩ වඩා ළං වනවා යැයි ඔහුම පරිකල්පනය කරන විට ඔහුගේ ශරීරය බෙදී යාමේ තර්ජනයට (Fragmentation of  the Body) ලක්වන බවයි. ඔහුගේ පැමිණිල්ල අලුත් නිසාම නලීන් බණ්ඩාර වැනි විපරීතයන්ට සජිත්ගේ රෝග ලක්ෂණය අනාගත ආයෝජනයකි. ජවිපෙ සහ සජිත් ප්‍රේමදාස එකම කාසියේ දෙපැත්තයි. එනම්, ”සාධාරණ සයිකෝසියාවේ” [During an episode of psychosis, a person’s thoughts and perceptions are disrupted and they may have difficulty recognizing what is real and what is not.] දෙපැත්තයි. එක පැත්තකින් මතිභ්‍රමවාදය (අනෙකා අපගේ විඳින්නට නියමිත විනෝදය පැහැර ගෙන ඇත) දේශනා කරන අතර අනෙක් පැත්තෙන්, එන පැමිණිල්ල නුහුරු ය. එය, භින්නෝන්මාදය (Schizophrenia) යි. ”බලයට” [power] කිට්ටු වන විට (ශෲබර් විනිශ්චයකරුවෙකු වූ විට ඔහුගේ සයිකෝසියාව පත්තු විය, සරත් සිල්වා අග්‍රවිනිශ්චයකරුවා වූ විට ඔහුගේ සයිකෝසියාව පත්තු වී නීති ව්‍යූහයම විනාශ විය.) සයිකෝසික ආත්මය පරිකල්පනීය තලයක අත්විඳින්නේ, ශරීරයේ කොටස් අතර පවතින ඒකාබද්ධතාවය බිඳී යාමයි. එමඟින්, බාහිර සතුරන් හෝ පිටසක්වල ජීවීන් තම ශරීරය ආක්‍රමණය කරන වගක් හැඟවෙයි.

‘සයිකෝසියාව’ සහ යථාර්ථය අතර ඇති මේ නව සම්බන්ධය නිසා ඒ පිළිබඳව අප නව විග්‍රහයකට යා යුතුය. ගෝඨාභයගේ සිට සජිත් පේමදාස දක්වා ප්‍රපංච ”යථාර්ථයට”[reality] සම්බන්ධ නැති අතර ඔවුන් සම්බන්ධ වන්නේ, සමාජ සදාචාරයට ය. [social Pathologies]මේ සියලුදෙනා දේශපාලනය සදාචාරයට යට කිරීම අහම්බයක් නොවේ.

 

සමන් වික්‍රමාරච්චි විසින් සිය දේශනය මඟින් මිනිස් ආත්මය සහ ස්වයං දණ්ඩනය (Self- Punishment) අතර දයලෙක්තික සම්බන්ධයක් ගොඩනඟනු ඇත. ඒ අනුව, ජවිපෙ සහ සජිත් ප්‍රේමදාස යන ප්‍රපංච දෙකම අනෙකාගේ සාපරාධීත්වය [ criminal otherness]මතු කිරීම අහම්බයක් නොවේ. නියුරෝසික ආත්මමූලික ව්‍යුහය යථාර්ථය සහ අවිඥාණය අතර ගැටුම ගොඩනැගෙන විට සයිකෝසිකයාගේ ගැටුම බිහි වන්නේ, අහම (Ego) සහ යථාර්ථය අතර ය. එම නිසා, සමකාලීන සමාජය තුළ අප වඩාත් සැලකිලිමත් විය යුත්තේ තමා කිසියම් සමාජ මෙහෙවරක (Mission) නියැලී සිටින්නේ යැයි කියන්නන් පිළිබඳව ය. මෙම මෙහෙවර යන ප්‍රපංචය බොහෝ විට සමකාලින උමතුභාවයේ [madness] සලකුණකි. මෙය, මගේ දේශපාලනය පිළිබඳව එවකට අපගේ සංවිධානයේ උමතු වූවෙකුගේ නිර්වචනයට අදාළ ය. ඒ පුද්ගලයාට අනුව, මා ලංකාවේ සමාජ දේහය විනාශ කරන හිට්ලර් වර්ගයේ ඒකාධිපතියෙකි. මතිභ්‍රමවාදියාට වෙනස්ව භින්නෝන්මාදයෙන් පෙළෙන පුද්ගලයෙකු ‘මතිය’ (කුමන්ත්‍රණය) පිටතට ප්‍රක්ෂේපණය වන්නක් නොව (විමල් වීරවංශ මෙන්) ඔහු තුළටම රිංගා යාමකි. මන්ද, එතැනදි විනෝද වන්නේ ශරීරය නිසා ය. මිනිසෙකුගේ අවිඥාණය අවසන් විග්‍රහයකදී පැවැත්මට එරෙහිව ආත්මීය දෙයක් (Ontological) නොව සදාචාර විනිශ්චයකි (Ethics). එම නිසා, වෙනත් මිනිසෙකුගේ ක්‍රියාවක් සඳහා අප මිනුමක් සකස් කරන විට දී එය කරන්නේ, බුද්ධියෙන් නොව සදාචාර දෘෂ්ටිකෝණයෙනි.

 

2. සමාජය සංවිධානය කිරීමේ ගැටලුව- දෙවන මාතෘකාව – දීප්ති සහ නාරද අතර සංවාදය.[Q and A]

 

 ලංකාවේ මේ වන විට ඉතිහාසය තුළ තහවුරු වූ සියලුම සංවිධාන ආකෘති නූතන ගෝලීයකරණය තුළ අවසන් වී ඇත. විජේවීරවාදයේ සිට සන්නද්ධ විකල්පය දක්වා පරාසය ද , සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ සිට සමුපකාර චින්තනය හරහා ජනසභා ආකෘතිය දක්වා වූ සංවිධාන ආකෘතීන් ද නූතන යථාර්ථය තුළ අවලංගු ය. සංවිධාන ආකෘති පිළිබඳව සියලුදෙනා සිටින්නේ එක්කෝ වික්ෂිප්තවය . නැතහොත්, මතිභ්‍රමවාදීව ය. එනම්, මා හිත දෙය හරියන න්‍යාය.

 

වසර 88 ක් පමණ ලංකාවේ භාවිතා වූ මාක්ස්වාදය (එය ලංකාවට සංක්‍රමණය වූයේ 1935 දී නම්, අධ්‍යාපනයට පසුව සමාජය සංවිධානය කිරීමට මාක්ස්වාදය ආවේ දෙවනුව ය.) කිසියම් ආතතියකට අඛණ්ඩව ලක්ව පැවැතියේ ය. එම ආතතිය මෙලෙස සූත්‍රගත කළ හැකිය.

        “ එක පැත්තකින් ධනාත්මක විද්‍යාවක් පිළිබඳව විශ්වාසයක් ඇත. අනිත් පසින් නිම නොවන සමාජ අසමානතාවයන් රැල්ලක් ආර්ථිකය සිට සංස්කෘතිය දක්වා පවතී.”

 

ලංකාවේ විමුක්තිය පිළිබඳ පසමිතුරුභාවය සකස් වී ඇත්තේ, ඉහත අන්ත අතර ය. දැන්, අපි මාක්ස්වාදී න්‍යායාචාර්යවරුන්ගේ ගැටලුව සූත්‍රගත කරමු.

        “ සුරා කැවෙන හෝ පීඩාවට පත්වන ඒජන්තයන්ට ස්වකීය පීඩාකාරී ව්‍යුහය හෝ තත්ත්වය වටහා ගැනීමේ ස්වයංක්‍රීය ඥාණයක් නැත. එම නිසා, පීඩිතයන්ට සෑම විටම අවිඥාණයක් ඇත. මාක්ස්වාදී බුද්ධිමතා කළ යුතු වන්නේ, මෙම අවිඥාණක දැනුම පිටතින් පීඩිතයාට එන්නත් කිරීමයි.”

 

නිව්ටන් ගුණසිංහගේ සිට අද ඊයේ මේ පින් බිමට පහළ වූ ප්‍රේමකුමාර දක්වා සමාජ විද්‍යාඥයන්ගේ ගැටලුව මෙලෙස සමීකරණය කරමු.

        “ සමාජීය ක්ෂේත්‍රයේ ක්‍රියාකරන නළුවන් එසේ කරන්නේ සවිඥාණකව නොවේ.”

(That actors never act Consciously)

 

ඉහත සමාජ විද්‍යාත්මක තිසීසය විසංයෝජනය කරන්නේ කෙසේ ද? එන්. එම් පෙරේරාට වෙනස්ව ජේ. ආර්. ජයවර්ධන විශ්වාස කරන ලද්දේ, නළුවන් තමන්ගේ භූමිකාව දන්නා බවයි. විප්ලවය සඳහා දක්කන්නේ නැතිවම ‘පළිඟු මැණිකේ’ නාට්‍යයේ භූමිකාවන් අවිධිමත් ආර්ථිකයේ පීඩිතයන්ගේ ජනජීවිතය උඩුයටිකුරු කරන ලදී.[from 80’s to 90’s] මෙය අපට කිව හැක්කේ, 70-77 සමඟි පෙරමුණ ආණ්ඩුවේ දේශීය ආර්ථිකය අසාර්ථක වූවාට පසුව ය. 

 

සංවාදය මෙහෙයවන අක්ෂය වන්නේ, බර්ලින් තාප්පය බිඳ වැටුණාට පසු විකල්පය කුමක්ද යන්න ය. එහි දී, නූතනත්වයේ සංස්කෘතිය බලය ‘සුන්දරත්වයට පසු කලාව’ කෘතිය පාදක කොට ගෙන සාකච්ඡා කරනු ලැබේ. මේ වන විට, සම්මත යුතෝපියාවන් සියල්ල අහෝසි වී ඇත. අපට දැන් සමාජවාදයට සේම අතරික්තයකින් තොර ධනවාදයකට ද ආපසු ගමන් කළ නොහැකිය. එසේ නම්, ගැටලුව වන්නේ ලෝක විනාශයට අත වනන යථාර්ථයක පැටලී සිටින අපට යථාර්ථය පිළිබඳව සංජානන සිතියමක් නිර්මාණය කර ගන්නේ කෙසේද යන්න ය.

 

3. සියලු සංවාද අවසානයේ ‘The Mirror’ නම් කෙටි චිත්‍රපටය නොමිලේ ප්‍රදර්ශනය කරනු ලැබේ.

 

‘The Mirror’ චිත්‍රපටයේ කතාව ඩේවිඩ් ලින්ච්ගේ කතන්දරයකට ඉතා සමීපය. ඉෂිතා යනු, හේතුවකින් තොරව දික්කසාද වූ මැද පාන්තික, උගත්, ධනවත් ස්ත්‍රියකි. ඇය ගෙවන්නේ, කාර්යබහුල ජීවිතයකි. එම නිසා, ඇය තම නිවසේ ගෘහ කටයුතු සඳහා ‘සීමා’ නම් ගෘහ සේවිකාවකගේ සේවය ලබා ගනී.

Worm in the unconscious. Form is matter.

 

දිනක් සේවය නිම කර නිවසට එන විටදී, ඉෂිතාට අධික ලෙස හුස්ම ගන්නා ශබ්දයක් ඇසෙයි. ඉන්, ඉශිතා වික්ෂිප්ත වෙයි. ඇය නරඹන ෆැන්ටාස්මැතික ජවනිකාව වන්නේ, ඇගේ නිදි ඇඳෙහි රමණයේ යෙදෙන ‘සීමා’ ය. ‘සීමා’ තම නිවසේ ඉඩකඩ නැති නිසා තම සැමියා සමඟ රමණය සඳහා ඉෂිතාගේ නිදන ඇඳ පාවිච්චි කරයි.

 

ඉෂිතා පුදුමයට පත් වන්නේ, තම ගෘහ සේවිකාවට මෙහෙම හයියක් ආවේ කෙසේ ද යන්නය. ඇයට අනුව, ඇගේ ජීවිතය හිස් එකකි. එය, ඒකාකාරීය. ඇගේ ජීවන දර්ශනයට අනුව, ජීවිතය කඩා වැටීමට හිමි අවසන් ගිමන් හල ‘හිස්'[nothing] බවයි. ඇය, ඇයගේ මෙම ‘හිස් බව’ පුරවා දමන ‘යමක්’ ගවේෂණය කළේ ද නැත. එසේ නම්, ඇගේ ‘හිස් බව’ නම් නිදන ඇඳ මත ඇති ‘දෙය’ කුමක්ද?[something] මෙම ‘ඇඳ’ ඇය තුළම පවතින ඇඳකි.

කුඩා දරුවෙකු මළපහ කළ විට ඒ සමඟ පිටවන පණුවෙකු දුටුවිට මහත් සේ බිය වන්නා සේ ඉෂිතාට ද තම නිදන ඇඳ මත රමණයේ යෙදෙන ‘සීමා’ යනු, පණුවෙකි. එය, ඉශිතාගේ අවිඥාණය යි.[unconscious fantasy] ඉෂිතා දික්කසාදය මගින් මර්දනය කළ ඇගේම අවිඥාණය යළි පැමිණෙන්නේ ෆැන්ටසියක් ලෙස සීමාගේ අවතාරයෙනි. ඒ අනුව, ‘සීමා’ යනු, ඉෂිතාගේ පණූවාය ය. සීමා නම් පණුවා ඉෂිතාගේ හිස් බවට මදක් අඩු ශේෂයකි. [Less Than Nothing]

-Deepthi kumara Gunarathne.

ඔබේ අදහස කියන්න...