[dropcap color=”red”]ජ[/dropcap]නතා විමුක්ති පෙරමුණ ලංකාවේ වමේ ව්‍යාපාරය නියෝජනය කළ ප්‍රධාන ධාරාවේ පක්ෂයක්. මේ පක්ෂයේ විශේෂත්වය වන්නේ මෙහි නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා මේ පක්ෂය නිර්මාණය කරන්නේම දෙමුහුන් ආකාරයකට වීම නිසයි. මාක්ස්-ලෙනින්වාදී සිංහල බෞද්ධ පක්ෂයක් හදන එක තමයි විජේවීර සහෝදරයගේ අරමුණ වුණේ කියලා අපිට හිතන්න පුලුවන්. එහෙම නැත්තම් රුසියානු මොඩලයේ ලාංකේය විප්ලවාදී ව්‍යාපාරයක් හදන්න තමයි එයා මහන්සි ගත්තේ. ඔහුගේ විප්ලවාදී අරමුණ අපිට කිසිසේත්ම අවතක්සේරු කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඉදන් බාහු,වාසු, සිංරිතුංග ගේ සිට ජන අරගල ව්‍යපාරය දක්වා හැමෝගෙම අපේක්ෂාව වුනේ සමාජවාදී සමාජයක්. ඒ කාලේ ප්‍රගති ප්‍රකාශන මන්දිරයෙන් තොග ගනන් විප්ලවාදී පොත් මුද්‍රණය කරලා ලංකාවට ලබා දුන්නා. ඒනිසා විප්ලවීය දේශපාලන න්‍යායන් සම්බන්ධයෙන් සමාජයේ පොදු කතිකාවක් ඇති වුනා. මේ සියලු කාරණා අතරින් ලංකේය වමේ ව්‍යාපාරය ඉදිරියට ගමන් කලා. නමුත් 90 දශකයේ මුල භාගයේ පටන් x කණ්ඩායම විසින් ලංකාවට නව චින්තන විධික්‍රමයක් හදුන්වලා දුන්නා. පශ්චාත්-නූතනවාදය කියන කාරණාව එක්ක පසු කාලින විශ්ව විද්‍යාලයීය බුද්ධිමතුන් ගැටෙන්නට පටන් ගත්තා. වමේ ව්‍යපාරය තක්කඩි ආකාරයට X  මතවාදය මගහැර යන්නට සමත් වුණා. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ X දේශපාලනය දෙස බැලවේ අවඥාවෙන්. කොටින්ම ඔවුන්ට මේ දේශපාලනය නොගිනිය හැකි තරම් දෙයක් වුණා. නමුත් අවසානයේ ජ.වි.පෙන් බෙදී වෙන්ව ගිය ජන අරගල ව්‍යාපරයට අපේ පක්ෂයේ නම නොගෙන තව දුරටත් දේශපාලනය කරන්නට නොහැකි තත්ත්වයක් උදාවුනා. ඒ කියන්නේ සවිඥාණිකව නැතත් අවිඥාණිකව මේ අය අපේ දේශපාලනය සමග බද්ද වෙලා ඉවරයි. අද වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුළ ඇතිව තිබෙන අර්බුදය නිදහස ඉල්ලා කෑ මොර දෙන සජිත්වාදී පිල් බෙදීමක් බවට ඌණනය වී තිබෙනවා. ජ.වි.පෙන් වෙන්ව වසර දෙකක් යන විට යළි බෙදී වෙන්ව මග නොදැන යන අනුගාමිකයන් රැසක් නිර්මාණය කරන්නට මේ අයට පුලුවන් වුණේ කොහොමද? වසර 2004 දී X කණ්ඩායම දෙකඩ වුණු මොහොතේ මේ ආකාරයෙන්ම නිදහස ඉල්ලා එළියට ගිය පිරිස ගෙනා ප්‍රධාන චෝදනා වලට සමාන චෝදනා මේ වන විටත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුළ අර්බුදයට මුහුණ දී සිටින අයගෙන් අසන්නට ලැබෙනවා. මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය තුළ විධිමත් නායකත්වයක් යටතේ පක්ෂයේ විනය ආරක්ෂා කරන සහ ඊට ගරු කරන කේඩරයන් පිරිසක් නිර්මාණය කිරීම තමයි විප්ලවාදී පක්ෂයක මූලික ඉලක්කය විය යුතුතේ. පෞද්ගලික අනන්‍යතාවය වෙනුවට සාමූහික අනන්‍යතාවය පක්ෂය ප්‍රමුඛ කොට ලබා ගන්නට කැමති පිරිසකට විතරයි විප්ලවාදී දේශපාලන පක්ෂයක සමාජිකයන් වන්නට පුලුවන් වන්නේ. හේගල් කියන ආකාරයට සාමුහික ආත්මය පිළිබද අර්ථකථනය කියන්නේ මේකටයි. කොටින්ම තමන් ජීවිත කාලයක් පුරා ආඩම්බරයෙන් ආරක්ෂාකර ගත් අතිශයින්ම පෞද්ගලික යැයි තමන් සිතන මහා වැදගත්කමක් ඇතැයි තමන්ම උදම් අනන ආත්ම අභිමානය වැනි දේ පක්ෂයේ පොදු අරමුණ වෙනුවෙන් පවා දෙන්න පුලුවන් අයට විතරයි සැබෑ විප්ලවාදී ව්‍යපාරයක් වෙනුවෙන් සිය ජීවිතය සහ ආත්මය යෙදවිය හැකි වන්නේ.

දිගින් දිගටම ලංකාවේ වමේ ව්‍යාපාරය අසමත්භාවයට පත් වන්නේ මේ බහුතරයකට න්‍යාය සහ භාවිතය අතර තිබෙන අන්නෝන්‍ය සහ සම්බන්ධතාවය සංජානනය කරන්න බැරි නිසයි. මෙයට උදාහරණයක් ලෙස අපට ජ.වි.පෙ අමත්‍යාංශ තුනක් කළ වකවානුව සළකන්න පුලුවන්. ඒ මුලු කාලය පුරා ඔවුන් කලේ වැව් හාරපු එක, නිල් සිනමා පට තහනම් කරපු එක, වගේ දේවල් විතරයි. අඩුම තරමේ ඒ අයට බලය අරගෙන කරන්නට බැරි වුන ගොඩක් දේවල් මේ වන විටත් ගොඨාභය රාජපක්ෂ කරලා ඉවරයි. ඒ නිසා ලංකාවේ වමේ කියන ඕනම පක්ෂයක් බලයට පත් වුනත් කරන්නට තියෙන උපරිම ප්‍රතිසංස්කරණවාදී වැඩ වලින් කොටසක් තමයි මේ වන විටත් කොළඹ නගරය සහ අවට ප්‍රෙද්ශ වල සිදු වෙමින් තියෙන්නේ.

මිනිස්සු හතලිස් දහසක් මරපු රටක අපි ඒ ගැන කියපුවහම අයියෝ තාමත් ඔය ගැන කතා කරන්න පිස්සුද කියලා අහන මිනිස්සු ඉන්න එක තමයි ලොකුම ගැටලුව. මිනිස්සු දහස් ගනණක් මරා දමපු රටක හරක්ගේ ජීවිත බේරගන්න යතිවරුන් ගිණි තියා ගන්නවා. එහෙම බැලුවහම ඒ වගේ උදවිය මානසික රෝගීන් යැයි සිතා අනුකම්පා කරනවා හැර අපිට කරන්න දෙයක් නෑ. වියට්නාමයේ සයිගොන් නුවර භික්ෂුවක් ගිණි තියා ගැනීම නිසා ඇමෙරිකාව විශාල ගැටලු රාශියකට මුහුණ දුන්නා ඒ මරණය වියට්නාම් වැසියන්ගේ ජයග්‍රහනයක්.ඒත් මේ ගිණි තබාගත් හාමුදුරුවන් කියන්නේ මේ වන විටත් එක්තරා ආකාරයකින් විහිලුවක්. අනෙක් අතට ජේම්ස් පැකර් ලංකාවේ කැසිනෝ පටන් ගන්නවා නම් තමන් වහන්සේ සටනට බහින බව අස්ගිරි මහානායක හිමියන් පවසා තියෙනවා. උන්නාන්සෙම දැනටමත් ලංකාවේ කැසිනෝ හිමිකරුවන් උන්වහන්සේ මුණ ගැසෙන්නට ගියහම ආශිර්වාද කරනවා. ඒ කියන්නේ අපිට තියෙන්නේ කැසිනෝ සම්බන්ධ ප්‍රශ්ණයක් නෙමෙයි. අධිරාජ්‍යවාදී ජේමිස් පැකර් කැසිනෝ ගහන එක මිසක් සිංහල බෞදධ රවී විජේරත්නලා,ධම්මික පෙරේරලා කැසිනෝ ගහන එක කාටවත් ප්‍රශණයක් නෙමෙයි. අපි ජීවත් වෙන්නේ ධනවාදී සමාජයක කියලා දන්න ඕන මැට්ටෙක් දන්නවා වෙළෙද පොල සමබධන්තා ජාලයක් තුළ ජීවත් වන අය විදිහට අපට කැසිනෝ නතර කරන්නට බැරි බව. හරියට අහංසක මිනිහෙක් පාරේ සිගරට් එකක් බීලා අහුවුණාම ඒ මිනිහව උසාවියට ගෙනල්ලා රුපියල් 2000ක් දඩ ගහන ගමන් ආණ්ඩුව එක සිගරට් එකකින් රුපියල් විසි දෙකක බද්දක් අය කර ගන්නවා. අන්තිමට පාරේ සිගරට් එකක් බොන රජයට වැඩිම බදු මුදලක් ගෙවන මිනිහගෙන්ම ආණ්ඩුව රුපියල් 2000 දඩත් අය කර ගන්නවා. ඒ අතරම විදේශීය ආයෝජකයන්ට රුපිලයග් බිලියන ගනන් බදු සහන ලබා දෙනවා. ඒ නිසා මේ ප්‍රශ්ණය හුදු කැසිනෝ ප්‍රශ්ණයක් නෙවී. හේගල් කියන අකාරයට නයිට් එකට පසුව තමා ලයිට් එක එන්නේ. ඒ කියන්නේ අදුර නිසා තමයි ආලෝකය ඇති වන්නේ . ඒ විදිහට කල්පනා කලාම සමාජයක් සංවිධානය වන විට ඒ සමාජයේ අශ්ලීල යැයි හැමෝම පිළිකුල් කරන දේවල් නිසාම තමයි සභ්‍යයැයි කියන දෙවල් බැලන්ස් වෙලා තියෙන්නේ. දවල්ට ටයිකෝට් ඇදගෙන වැදගත් වැඩ කරන මහත්වරුන්ට රෑට හැසිරෙන අකාරය බලා ගන්න කැමති අයට Blue Velvet චිත්‍රපටිය බලන්න පුලුවන්.

මොස්කව් නගරය අලුතින් නිර්මාණය කිරීම සම්බන්ධව ලෙනින් පැවසූ අදහසක් තමයි පහත තියෙන්නේ.

අපේ සමහර සහෝදරවරු කඩා බිද දැමීමට බොහොම ආසයි. අපි ඒ ප්‍රශ්ණය සොයන්නට ඕන. කඩා දමන්න ඕන. ඒ වුනාට ප්‍රමාණය සහ ස්ථානය දැන ගන්න ඕන. මොස්කව් නගරය ප්‍රති නිර්මාණය කරන සැලැස්ම ඔහේ පටන් ගන්න. පැරණි ස්මාරක ගැනත්, රුසියානු ජනතාවගේ මහා ප්‍රඥාණව නිසා අපට ලැබී ඇති සංස්කෘතික උරුමය ගැනත්, අප දැක්විය යුතු ප්‍රතිපත්ති, හැම දෙයක්ම අවලස්සන කරන කඩ පෙළත්, කුණු රොඩු ගොඩ ගැසෙන තැනත් නැතිකර දමන්න ඕන. ක්‍රෙම්ලීනය, රතු චතුරස්ස්‍රය, ශුද්ධ වූ බැසිල්ගේ දේවස්ථානය වැනි තැන් වල වෙනස් කිරීම හොද නෑ. ඒවා අමරණීය කලා වස්තු. ඒ හන්දා ඒවා හැකි තරම් හොදට ආරක්ෂා කරන්න ඕන. තවත් එක ඉල්ලීමක්. ඉවාන් විලදිස්ලාචොච්වල මොස්කව් නගරය තුළ ගස් සිටුවා එය හැකි තරම් දුරට උද්‍යාන නගරයක් බවට හරවන්න ඕන… මොස්කව් නගර ප්‍රතිනිර්මාණ සැළැස්මේ එක මූල ධර්මයක් ලෙස එය ගණන් ගන්න. මේවාට නිදර්ශණ වල ලන්ඩන් වල හයිඩ් පාර්ක් එකද, පැරීසියේ එලිසෙයෙවි උයනද, වියානාවේ රින්ග් වැනි දැකුම් කළු උයන් වතුද ගන්නට පුලුවනි… මොස්කව් ගග දෙපස ඉවුර ගස් සිටුවා අලංකාර කිරීම ගැනත් කල්පනා කර බලන්න. අමිලකර වාතයෙන් පිරි පිරිසිදු වටපිටාවක් අපි මොස්කව් නගරයට ලබා දෙන්න ඕන.

ඉහත අදහස අනුව මේ වන විටත් නගර නිර්මාණය නාගරික සංවර්ධන අධිකාරිය විසින් අඩක් නිමකර අවසන්. කුමන වාමාංශික පක්ෂය බලයට ආවත් මීට වඩා වැඩි යමක් කරන්නට බැරි බව පැහැදිලියි. ලෙනින් මේ අදහස දෙන්නේ විප්ලවයෙන් පස්සේ මොස්කව් නගරය නිර්මාණය කළයුතු ආකාරය ගැනයි. නමුත් ලංකාවේ බොහෝ වාමාංහිකයන්ට සහ පක්ෂ වලට මේ කිසි දෙයක් ගැන අවබෝධයක් තියනවා කියලා හිතන්න බැහැ. සමාජ සංවර්ධනය පිළිබද කාල් මාක්ස් ගේ නීති සමාජය වෙනස් විය යුතු බව පෙන්වා දුන්නා. ධනපති ක්‍රමයේ වධ බන්ධන වලින් මිනිසා මුදවාලීම ඉක්මන් කරවනු සදහා සමාජවාදී විප්ලවය වෙනුවෙන් ලෙනින් ඇප කැප වී වැඩ කලා. නිදහස් සහ දීප්තිමත් ජීවිතයක් මිනිසාට ලබා දීම  ඔහුගේ පරමාර්ථය වුනා. ගොඨාභයගේ නගර නිර්මාණය සහ ලෙනින්ගේ මොස්කව් සැළසුම අතර ප්‍රධාන වෙනස මෙයයි.

ඔබේ අදහස කියන්න...

6 COMMENTS

  1. ඔබ දන්නවා මාධ්‍ය කියා කියන්නේ සමාජය සහමුලින් ම උඩුයටිකුරු කළ හැකි දෙයක් බව. දැන් තිබෙන්නේ මාධ්‍ය කලාවක් නෙමෙයි; මාධ්‍ය ව්‍යාපාරයක්, මාධ්‍ය ජාවාරමක්. නවීන තාක්ෂණික පෙරලීන් සමග ඉදිරියට යන ඒ මාධ්‍ය ව්‍යාපාර බොහොමයකින් සමාජයට සිදු වන්නේ යහපතකට වඩා අයහපතක්. ඒවායින් මිනිසුන් ගේ සිත් සතන් සංසිඳවනවා වෙනුවට මිනිසුන්ගේ ආශාවන් සහ තවත් නොයෙක් අකුසල් අවුස්සා වියවුල් කරවනු ලබනවා. ඒ වගේ ම වත්මන් මිනිසුන් ජීවත් වන්නේ අවිවේකී සහ අසහනයෙන් පිරුණු වටපිටාවක. සිත් සතන් හැම අතින් ම දූෂිත වෙලා. මේ නිසා ම සිදු වන නොයෙකුත් ව්‍යසනයන් පිළිබඳව අපට නිතර දෙවේලේ අසන්නට ලැබෙනවා. මේ ඔඩු දුවපු ව්‍යසනයන්ගෙන් සමාජය ගලවාගෙන මිනිසුන් සුවපත් කරවන, සිත් සතන් නිවා සංසිඳවන පණිවුඩයක් සමාජයට ලබා දියහැකි මාධ්‍ය ආයතන එකක් දෙකක් නොව, සිය ගණනක අවශ්‍යතාවයක් වත්මනෙහි පවතිනවා.

  2. ඔබ දන්නවා මාධ්‍ය කියා කියන්නේ සමාජය සහමුලින් ම උඩුයටිකුරු කළ හැකි දෙයක් බව. දැන් තිබෙන්නේ මාධ්‍ය කලාවක් නෙමෙයි; මාධ්‍ය ව්‍යාපාරයක්, මාධ්‍ය ජාවාරමක්. නවීන තාක්ෂණික පෙරලීන් සමග ඉදිරියට යන ඒ මාධ්‍ය ව්‍යාපාර බොහොමයකින් සමාජයට සිදු වන්නේ යහපතකට වඩා අයහපතක්. ඒවායින් මිනිසුන් ගේ සිත් සතන් සංසිඳවනවා වෙනුවට මිනිසුන්ගේ ආශාවන් සහ තවත් නොයෙක් අකුසල් අවුස්සා වියවුල් කරවනු ලබනවා. ඒ වගේ ම වත්මන් මිනිසුන් ජීවත් වන්නේ අවිවේකී සහ අසහනයෙන් පිරුණු වටපිටාවක. සිත් සතන් හැම අතින් ම දූෂිත වෙලා. මේ නිසා ම සිදු වන නොයෙකුත් ව්‍යසනයන් පිළිබඳව අපට නිතර දෙවේලේ අසන්නට ලැබෙනවා. මේ ඔඩු දුවපු ව්‍යසනයන්ගෙන් සමාජය ගලවාගෙන මිනිසුන් සුවපත් කරවන, සිත් සතන් නිවා සංසිඳවන පණිවුඩයක් සමාජයට ලබා දියහැකි මාධ්‍ය ආයතන එකක් දෙකක් නොව, සිය ගණනක අවශ්‍යතාවයක් වත්මනෙහි පවතිනවා.

  3. මීට අවුරුදු පහලවකට විතර කලින් මාතර කියන්නෙ අනන්‍යතාවයක් තිබුන නගරයක් නෙමෙයි. ඔහේ තියෙනන් වාලෙ බස්නැවතුමක් තිබුන නිකම්ම නිකම් නගරයක්. මංගල සමරවීර මහත්මයා මාතර කියන නගරය උඩු යටිකුරු කලා. කොටින්ම මාතර අවුරුදු විස්සකින් ගිහින් නැති කෙනෙක්ට ආයෙත් ගියාම පුදුම වෙන තරමේ වෙනසක් මාතර ඇති කලා, වෙරළ උද්‍යානය, අලංකාර පාලම, පාරවල් පුළුල් කිරීම, බස් නැවතුම්පොළ, ක්‍රීඩාංගනය, තැපැල් කන්තෝරු ආදි බොහෝ මාතර දැනට තියෙන පේන නිර්මාණ වල අයිතිකරුවා තමය ිමංගල සමරවීර කියන්නෙ. නමුත් තංගල්ල කියන්නෙ අද වෙනෙකොට මොකක්ද? තංගල්ල නගරය කියන්නෙ එදා මම අවුරුදු විස්සකට ඉස්සර දැකපු නගරයම විතරයි. ඉතාම බාල විදියට හදපු බස් නැවතුම්පොළක්.. බාල විදියට නිර්මාණය කරපු දොරවලු්ත කැඩිච්ච අලුත් වැසිකිලියක්. ඈත තැනින් තැන තියෙන අලුතින් ගෙනල්ලා බස්සපු ලොකු බිල්ඩින් කිහිපයක් හැරුනාම මාතර වගේ ලස්සනක් තංගල්ලෙ ඇතිවුනේ නැහැ..
    බලය තිබුනාට බලය ලැබුනාට හැමෝටම වැඩක් හරියට කරන්න බැහැ කියන එකට සරලම උදාහරණය මාතර සහ තංගල්ල කියන නගර දෙක..

  4. ගීතයේ ගුණ වරුණ ඇගයීම එලෙස අවසන් වෙද්දි ලිපියෙ අවසානයට පෙර ගීතයේ දෘශ්‍ය සිත්තම ගැනත් සමස්ත චිත්‍රපටය ගැනත් සටහනක් නොතියාම බැහැ. දෘශ්‍ය සිත්තම ගැන කිව්වොත් ගීතයේ අර්ථයන්ට ඔබින විදියක භාව ප්‍රකාශනයක් රංගනයෙන් දිස් වෙනවා… චායාරූපකරණය විශිෂ්ටයි. විශේෂයෙන්ම කලු-සුදු චායාරූපකරණ(black and white photography) භාවිතාව රසික මනස ව්‍යාකූලත්වයකට හසු නොකරම අවශ්‍යවූ වස්තූන් කෙරෙහි සිත් සතන් ඇඳ බැඳ ගැනීම ලා කරන දායකත්වය අපූරුයි. ප්‍රසන්නගේ සිනමා භාවිතාවන් විග්‍රහ කරන්නට තරම් ක්ශේත්‍රීය දැනුමක් මට නැතත් බොහෝ අය කියන විදියටම ඒ සිනමා භාවිතාව භාවනාමය එහෙමත් නැත්තම් මෙඩිටේටිව් සිනමාවක්. ඒ තුලින් රසික මනස යම්කිසි විදියක ගැඹුරු ජීවන අත්දැකීම් විග්‍රහයකට කොටු කරගන්නවාය කියන එකයි අදහස. ඒ වගේම කිව යුතුයි මේ චිත්‍රපටය ‘වැඩිහිටියන් ට පමණයි’ ලේබලය යටතෙ තිරගත වූවක්. ඒ ගොඩක්ම මේ කතා තේමාව වැඩිහිටියන්ට වඩාත් සුදුසු එකක් නිසා. ඒ ඇරෙන්න වෙනත් අනවශ්‍යය ලිංඟිකත්වයක් මේතුල උළුප්පා දැක්වීමක් මම දකින්නෙ නැහැ. චිත්‍රපටයෙ ප්‍රචාරක වීඩියෝවෙ සඳහන් වන්නෙත් “දැන උගත් වැඩිහිටියන් උදෙසා බලා රස විඳීමට” කියලයි… ඇත්තටම ඉතින් කෘතිය තේරුම් ගැනීමට ඕන මූලික අවශ්‍යතාවක් විදියට නරඹන්නගේ වැඩිහිටි මනස බලාපොරොත්තු වෙනවත් ඇති ප්‍රසන්න සමහර විට… අවසන් වශයෙන් කියන්න ඕන මේ කෘතීන් තුනම ( ගීතය, චිත්‍රපටය සහ දෘශ්‍ය සිත්තම ) බෙහෙවින් වින්දනීයයි, ගැඹුරුයි ඒ වගේම අභියෝගාතමකයි…!

  5. පුද්ගලික කැම්පස් (කැම්=කෑම්, පස්=පස් ; එනිසා “කැම්පස්” යනු හෙළ වචනයකි) ආරම්භ කරන්නට සහ මද්‍යසාර තහනම් කරන්නට හැදූ උග්‍ර රාවණා විරෝධී ද්‍රව්‍යවාදියෙක් වන කාලෝ ෆොන්සේකා මහතා, තම රාවණද්‍රෝහී පිළිවෙත නිසාම තමාගේ අභිප්‍රායන් සුන් වී නස්තාර වී පත බෑවී සිටියා ඔබට මතක ඇති. නමුත් ඒවා අමතක වී මෑතකදී නැවතත් ඝර්ජනා කරන්නට පටන් ගත්තත් ඉන් පිටවූයේ “හීහූ…හීහූ…හීහූ” නාදයක් පමණි. සුප්‍රකට රාවණපාක්ෂික වෙබ් අඩවියක් වන ගොසිප් 9 වාර්තා කරන පරිදි කාලෝ ෆොන්සේකා මහතා තම හේතුවාදී සංගමයෙන් මෙවර අභියෝග 12 ක් ඉදිරිපත් කර ඇති අතර ඒවායින් එකක් හෝ විනිශ්ච මණ්ඩලය ඉදිරියේදී ඔප්පු කිරීමට සමත් වෙතොත් මුදලින් රුපියල් 1000000 ක් දීමටද එකඟ වී තිබේ. නමුත් කාලෝ ෆොන්සේකා මහතා නොදන්නේ එම අභියෝග සියල්ලම මේ වන විටත් ප්‍රබල රාවණපාක්ෂිකයෙක් වන මහින්ද රාජපක්ෂ (රා=රාවණ, ජ=ජනනායකට, පක්ෂ=පක්ෂ) මහතා තම රාවණ ශක්තිය යොදා ගනිමින් මුළු රටම ඉදිරියේදී ඔප්පු කර ඇති බවයි. ඊට හේතු වූයේ අනාගතයේ සිට කුණ්ඩලීනී ශක්තිය හරහා පැමිණි සෘධිමත් තාපස තුමෙක්, රාවණ රජතුමාගේ අවදිවීම ආසන්නයේදී කාලෝ ෆොන්සේකා මහතා කරන අභියෝග මහින්ද රාජපක්ෂ මහතාට පෙන්වාදී තිබීමයි. වැඩිදුරටත් එම තාපස තුමා පැවසූ පරිදි යම් හෙයකින් කිසියම් රාවණශක්තිලාභියෙක් කාලෝ ෆොන්සේකා නම් කරන ඊනියා විනිශ්ච මණ්ඩලය ඉදිරියේදී ඒවා ඉ‍ටු කළහොත් ඔවුන් උපක්‍රම යොදා අහියෝගය බාර ගත් කෙනා කරන්නේ බොරුවක් බව පෙන්වා ශ්‍රී රාවණ රජතුමාගේ බලය ජනතාව ඉදිරියේදී ප්‍රතික්ෂේප කරවීමට කුමන්ත්‍රණය කර තිබේ. රාවණ රජතුමාගේ නැගිටීම සිදුවන අවධියකදීම එවැන්නක් සිදුකර ජනතාවගේ රාවණ විශ්වාසය අහිමිකිරීමෙන් රාවණ රජතුමාව සදහටම මහ කුඩුගල ගිරි ශිඛරයේ සිර කිරීමට කාලෝ ෆොන්සේකා ප්‍රමුඛ රාවණවිරෝධී නඩය සැලසුම් යොදා ඇත.

  6. පස්චාතත් නුතන තත්වය තුල වාමාංශික සමාජවියාපාරයක් ගොඩ නගන එක සංකීර්ණ වැඩක් කියල මට තේරෙන්නෙ මේ කොමන්ට් කියවනවිට!රෝහණ විජේවීර සහෝදරයගෙ මුලිකත්වයෙන් ගොඩනගපු ජ.වි.පෙ ඇතුලු පරණ මාක්ස්වාදි පක්ෂ වලටත් මේ අභියෝගය බාරගන්න බැරිවුනා.මෙන්න මේ තිත්ත ඇත්ත තමයි අපි ඉදරියේ තියෙන්නෙ.රටේ ජනතාව වෙන ගමනක් යනව,ජ.වි.පෙ ඇතුල ඔවුන්ගේ පුවීන දාසයන් සහ පරණ වම වෙන ගමනක් යනව.කවුරැ සගයෙක් මැදට පැනල ව්වේචනයක් කලොත් සහෝදරය අපි ජිවත් වෙන්නෙ නව වැඩවසම්වාදි දේශපාලන නායයකතවයක් යටතේ වෙළදපලකරණය වුනු සමාජයක කියල, ඔන්න මල පයිනව.ඔන්න කියනව;ලෙනින් අතන කිවිව මාක්ස් අතන කිව්ව;ටොර්ස්කි අතන කිව්ව;රෝහණ සහෝදරය මෙහෙම කිව්ව කියල.ඔය අතරෙ අර හාදය ආයෙත් ඇහැව්වොත්(දැන් අපී දැන් ජිවත්වෙන්නෙ වෙනස් සංධර්භයක මාක්ස්,ලෙනින්,ටොර්ස්කි ට අපි ඉන්න සංදර්භය පසුකරන්න බැරි වුන නිසා කොහොමද නියාය හදන්නෙ සහ විජේවීර සහෝදරයනම් යම් තරමට හරි සංදර්භය පසුකළා නමුත් අවසාන කාලෙදි කීර්ති විජයභාහුගෙ අඩි පාරෙන ගියේ කියල)ජ.වි.පෙ සගයට තවත් මළ පනිනව අනිත් කට්ටිය නම් භුෂ්ඨයෙක් හරි මොකක් හරි කියල මග හරිනව.අර සගයම නැවතත් කිව්වොත්(එහෙම නෙමේ අපි නැවතත් හේගල් ගෙ දයලෙක්තිකය හදාරමු මොකක්ද මේ අවුල කියල බලන්න මොකද දයලෙක්තකයට අපි තුන්ගොල්ලොම එකග නිසා කියල)පරණ වම කියයි කීර්ති බාලසුරිය සහෝදරය ඒ ගොල්ලන්ට ඉගැන්නුව ඕනවටත් වඩාකියල.ජ.වි.පෙ සගය කියයි අපි දයෙලක්තිකය ඉගෙනගත්තෙ දයාවන්නිආරචිලගෙන් ඉනෙගත්තු කුමාරගුණරත්නම් ගෙන් හරි ටිල්වින්ගෙන් කියල.නැවතත් අර සගය කිව්වොත්(ඔයාලා ඉගනගත්තු දයලෙක්තිකයෙන් ස්වභාවික විද්යාවන්ගේ චලනයනුත් තේරැම්ගන්න පුලුවන් නේද කියල? හැබයි හේගල් ගේ දයලෙක්තිකයට කිසිම සම්බන්ධයක් නැහ කියල)ඔන්න කෂ්ටිය හොදටම අවුල් වනව! මේ තත්වය හරියට අල්ල ගන්න බැරි කංඩායම් විවිධ දේවල් ලියනව!මොනව කරන්නද යථාර්තය මෙය නම්

Comments are closed.