අගෝස්තු 24 වන ඉරිදා මහරගම තරුණ සේවා රගහළේ දී ඉදිරිපත් කරන ලද සන්නස්ගලගේ ‘ අම්මා’ පොත ගැන මම දුටු නිරීක්ෂණ කිහිපයක් ගැන සදහන් කරන්නෙමි.
ග‍්‍රීක භාෂාවෙන් Nostos යනු ඉංග‍්‍රීසියෙන් Return සහ සිංහලෙන් ‘ආපසු පැමීණිම’ යන අදහස ජනනය කරයි. මෙම නිරැක්තියට අනුව Nostalgia නොහොත් සිංහල භාෂාවෙන් ‘අතීත- වේදනාව’ යනු පටන් ගත් තැනට ආපසු යාමට නොහැකි බව අවබෝධ වූ විට ඇති වන විදවීමයි. ග‍්‍රීක සංස්කෘතිය ආරම්භවූයේ ඔඩෙසි නම් මහා කාව්‍යෙයනි. එය අතීත වේදනාව පිළිබද සමාරම්භක වීර කාව්‍යයි. එහි කතානායක වූ ඔඩේසියස් යනු යුද්ධය සදහා ටෙ‍්‍රා්ජන් පුරයට ගොස් එහි දස වසක් එහි වාසය කර පසුව තම මුල් ගම වන ඉතකා වෙත එන්නට වෙර දැරෑවෙකි. දෙවියන් විසින් පළමුවත් අද්භූත සිදුවීම් නිසා දෙවනුවත් කැලිප්සෝ නම් පෙම්වතිය නිසා තෙවැනිවත් ඔහුගේ ගමන පමා විය.
අපගේ කතා නායකයා කොළඹට පැමිණ ඇත්තේ හපුතලේ සිටය. යක්ෂයා විසින් පළමුවත්, කැලිප්සෝ විසින් දෙවනුවත්, ධනේශ්වර වෙළෙදපොළ තරගය නිසා තෙවනුවත් ඔහුට යළි ගමට යාමට ඉඩ දී නැත. සන්නස්ගලට කිසිදු සංකේත පියෙකු හමුවී ඇත. ලංකාවේ දේශපාලනයේ ප‍්‍රධාන ගැටලුව වන්නේ ” සමාජ අසාධාරණකම් ” වෙනුවෙන් සටන් වදිමින් දේශපාලන ගමන් අරඹන බොහෝදෙනෙක් එක්තරා මොහොතකට පසු තමන්ගේ පියාට ‘සමාජ සංකේත නමක්’ නැති නිසා එම නම හදා ගන්නට පළමුතැන ලබා දීමයි.
සනාගේ ආත්මමූලික ගැටලුව යට ඇති තියුණු දේශපාලන ගැටලුව වන්නේද ‘අම්මා’ පිළිබද මිථ්‍යමතික සුරලොවක් (යුතෝපියාවක්- සංකේත ලෝකයට සාපේක්ෂව මවගේ ගර්භාෂය යනු සුරක්ෂිතම ජලජ පරිසරයයි.) පිළිබද ප‍්‍රශ්නයක් නොවේ .පියාගේ නාමකරණය හමු නොවීම පිළිබද ගැටලුවකි.
උදාහරණයක් ලෙස එදින උත්සවයේදී උදාර ලෙස ලාල් කාන්ත සහෝදරයා උපුටා දක්වන ලද සනාගේ ‘අම්මා’ නවකතාවේ උද්ධෘතය සලකමු. එය මෙසේය. ‘අම්මා බත් කන අතින් මගේ පුක සේදුවේය.’ ලාල් කාන්තට අනුව මෙය ලංකාවේ බහුතරයකගේ අම්මලාගේ ආදර්ශ පාඨයකි. එනම් ‘පුතේ දකුණු අතින් බත් කාපන්, වම් අතෙන් පුක හෝදපන්.
90 දශකය මැද දී ප‍්‍රමිතිගත භාෂාවේ බලය බිදිමට අර්ජුන පරාක‍්‍රම ප‍්‍රසිද්ධ සභාවන් වල ඉංග‍්‍රීසි කූණුහරැප කිවේය. Fuck you man, shall I lick your bird ?, Fuck -off, Mother Fucker. ඔහු කීවේ ප‍්‍රසිද්ධියේ කූණුහරැප කීම මගින් ප‍්‍රමිතිගත භාෂාවේ ආධිපත්‍යය අභියෝගයට ලක් වී නිර්ප‍්‍රභූන්ට තමන්ගේ මර්ධනය ගැන කතා කිරීමේ නිදහස ලැබේනු ඇති බවයි. නමුත් ඉන්පසු ධනවාදය අපට එම නිදහස ලබා දුන් අතර බය නැතිව කූණුහරැප කිව හැකි පුද්ගලයකු ජනාධිපති මැදුරට ද ඇතුල් විය.
‘විනෝදය’ ඇසුරෙන් පන්ති විග‍්‍රයක් කරන්නේ නම් ඉහල පන්තිය යනු තම ‘සමාජ- තත්වය’ වෙනුවෙන් අශ්ලීලත්වය පරිත්‍යාග කළ අයයි. පහල පන්තිවලට ප‍්‍රසිද්ධ ස්ථානවල ලැජ්ජාවකින් තොරව කුණුහරැප කිව හැකි වන්නේ ඔවුන්ගේ විනෝදය පිට දැමිමට අදාල තහංචි ඔවුන් අභයන්තරීකරණය කරගෙන නැති නිසාය. මහින්ද චින්තනය යනු ලැඡ්ජාව සහ බය දන්නේ නැති මිනිසුන් විසින් ලංකාවේ මධ්‍යම පන්තිය අශ්ශිලව බිය කර මුලු මහත් සමාජයම පාදඩකරණය කළ චින්තනයයි. නමුත් බොහෝමයක් මැදපන්තිකයන්ට අනුව ද මහින්ද චින්තනය ලංකාව ගලවා ගත් චින්තනයයි.
සනාගේ ‘අම්මා’ පොත හරහාද යළි පෙරට පැමිණ ඇත්තේ අප විසින් මීට කලින් ද මතු කළ දේශපාලන ප‍්‍රශ්නයකි. අද දවසේ දේශපාලනයේ මුඛය ප‍්‍රශ්නය වී ඇත්තේ ‘මාව මිනිස්සු පිළි ගන්නවාද? ‘ යන ප‍්‍රශ්නය මිස ‘මම කියන අදහස සමාජය ග‍්‍රහණය කරගන්නවාද?’ යන ප‍්‍රශ්නය නොවේ.
පියා පිළිබද මතකයන් නැති පිරිමින් විසින් කරැණු දෙකක් අමතක කරයි.
1) තමන්ට මේ සමාජයේ සැබෑ අනන්‍යතාවයක් නැති බැවිත් තිබෙන අනන්‍යතාවය වන්නේ නිශාචර[noir] අනන්‍යතාවයක් බවය. එබැවින් සංකේත ලෝකයට වඩා ගර්භාෂයට මුල් තැනදීම අහම්බයක් නොවේ. සනාගේ විෂය භාෂාවේ සාක්ෂරතාවය ඉගැන්වීමයි. එනම් වදන් නොහොත් Logos (මිථ්‍යාෙවනුවට) ඉගැන්වීමයි. නමුත් සනා වඩා පි‍්‍රය කරන්නේ Logos වලින් ඉවත් වී අශ්ලිල ෆැන්ටසි සාගරයක කිමිදිමටයි.
2) ‘අම්මා’ උත්කර්ෂයට ලක් කරණා පිරිමින් ‘ස්ති‍්‍රයක්’ යනු කව්ද කියා නොදනියි. එබැවින් ආදරය ගැන ගැටලුවක්ද ඔවුන්ට නැත. එනම් මව සහ ස්ති‍්‍රය යනු ස්තී‍්‍රන් වර්ග දෙකක් නොවේ.

අවසාන වශයෙන් ‘අම්මා’ සිදුවීම ආශි‍්‍රතව බිහිවූ දේශපාලන ආර්ථික ගැටලුව ලාල් කාන්ත ඇසුරැ කරමින් මෙලෙස මතු කළ හැක.

A) ලාල් කාන්තගේ දුවගේ උසස් පෙළ විද්‍යා විෂයන් සදහා වැය වන පිරිවැය (මාසයකට) රැපියල් තිස් දහසක් පමණ වෙයි. ලාල් කාන්තලාගේ පවුල මේ නිසා ජීවත් වන්නේ අධික ආර්ථික පීඩනයක් තුළය.

B)උපුල් ශාන්ත සන්නස්ගලගේ පුතුන් දෙදෙනාම ආර්ථික අතිරික්තය නිසා ඉගෙන ගන්නේ ඕස්ටේ‍්‍රලියාවේය. මෙම අතිරික්තය නිසා ඔහුගේ බිරිද මවක් බවට පරිවර්තනය වී ඇත.

මේ ඉහත ස්ථාවර දෙක අතර විසම්බන්ධය පැහැදිලි කරගන්නේ කෙසේද?

ඔබේ අදහස කියන්න...