අපට දැනගන්නට ලැබෙන පරිදි මේ වන විට කසුන් කල්හාර ඇතුලු පිරිස පැවැත්වීමට නියමිත (24) සංගීත ප්‍රසංගයෙහි ප්‍රවේශ පත්‍ර සියල්ලම පාහේ විකිණී අවසන්ය. ඒ නිසා ඔවුන්ගේ සංගීත විධික්‍රම සම්බන්ධයෙන් අප ඉදිරිපත් කරන දේශපාලන විවේචනය ඔවුන්ට ආර්ථිකමය අවාසි ඇතිකරාවි යැයි අපි නොසිතමු.
කසුන් ඇතුලු ඔහුගේ මිත්‍ර ගායකයන් වසර 10 ක පමණ කාලයක සිට එකම දෙය යළි යළිත් කරමින් සිටියි. වෘත්තයක ගමන් කරන්නෙකුට එකම දෙය යළි යළිත් පෙනීමේ භ්‍රාන්තියට මුහුණ දීමට සිදුවීම අහම්බයක් නම් නොවේ. පරණ සින්දු ප්‍රසංග වලදී යළි යළිත් ගායනය කිරීම කසුන් ඇතුලු පිරිසට අලුත් වැඩක් වූවාට අපට එය කල් ඉකුත් වූ ක්‍රියාවලියකි. අපි කසුන්ලාට යෝජනා කරන්නේ අලුත් ගීත සාදා ප්‍රසංග පවත්වන ලෙසයි. එකම වෘත්තයක් වටේ අපි යළි යළිත් ගමන් නොකරන බැවින් මෙවර කසුන්ලාගේ ප්‍රසංගයට අපි සහභාගි නොවන්නෙමු.

 

ඔබේ අදහස කියන්න...