ධනවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර මුහුවීම් සඳහා නිශ්චිත අච්චුවක් මේ දක්වා අප දුටු සමාජ-ඉතිහාසය තුළ කිසිදු සමාජ-ව්‍යාපාරයක් සොයාගෙන නැත. ඒ දෙමුහුම් වීම් විවිධාකාරයෙන් සිදු වී ඇත. සමහර ස්ථානවල ප්‍රජාතන්ත්‍රවාදය රාජ්‍යත්වය සමග මුහු වී ඇත.  එංගලන්තයේ මෙන් සමහර තැන්වල එය ව්‍යවස්ථාපිත රාජ්‍යත්වය සමඟ බැඳී ඇත. එය සමහරවිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සමග බැඳී ඇත. තවත් සමහර තැන්වල ප්‍රජාතන්ත්‍රවාදය සමඟ ෆැසිස්ට්වාදය (වර්ගවාදී ජාතිවාදය) බද්ධ වූ ඉතිහාසයක් ඇත. තව පැත්තකින් ගත්විට, විවිධ දෘෂ්ටිවාදයන්ට ද (සමාජවාදය, ජාතිවාදය, ලිබරල්වාදය) ප්‍රජාතන්ත්‍රවාදය සමඟ බද්ධ වීමක් ඇත. මේ හේතුව නිසා, 20 වැනි සියවසට පසුව ”ප්‍රජාතන්ත්‍රවාදය ද” සාර්වත්‍රික (කාටත් පොදු) ”ධනවාදය ද” සාර්වත්‍රික යන උභතෝකෝටිකයක් අපට හමු වෙයි.

                      නමුත්, ගෝලීය ධනවාදයේ විජයග්‍රහණයත් සමඟ අපට දැන් පෙනෙන්නට ඇත්තේ නව ආකාරයක සර්වාධිකාරයකි. මේ සඳහා ගැළපෙන නූතන අදහස වන්නේ, ‘‘විශේෂඥයන්ගේ ධනවාදය” (Expertocratic Capitalim) යි. විශේෂඥයන් විසින් හසුරුවන ධනවාදය ලංකාවට අලූත් අදහසක් වුවත් තෙල්වලින් පොහොසත් වූ ගල්ෆ් කලාපයේ රටවලට මෙම අදහස අලුත් නැත. 60 දශකයේ ඇති වූ බොරතෙල් පිළිබඳ ලෝක නියාමනය පිළිබඳ ගැටලුවේදී ඇමරිකාවට සවුදිය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල ආර්ථිකය කළමනාකරණ සේවා සපයන උපදේශක සමාගම් මඟින් මෙහෙය වීමට අවශ්‍ය විය. මෙවන් තත්වයක් උදාවන්නේ, ‘මූල්‍ය ප්‍රාග්ධන’ මඟින් ගල්ෆ් කලාපය මෙහෙය වීමට හැකි නිසා ය. 

                       2000 දශකය ආරම්භ වන විට, අපගේ සංවිධානය විසින් ලංකාවේ සමාජ ගැටලු බිහි කරන ප්‍රාග්ධනයේ ස්වරූපය කුමක් ද යන්න ගැන අධ්‍යනයක් කරන ලදී. ඒ වන විට, ඒ පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතුන්ගේ අදහසට අනුව ඒ ගැන අධිනිශ්චය වූ මතය වූයේ (මේ තත්වය අපගේ දේශපාලනය හරහා අධිවර්ධනය විය) S.B. de Silvaගේ ‘වාණිජ ප්‍රාග්ධනය’ පිළිබඳ තිසීසය යි. ඔහුගේ අදහසට අනුව ලංකාවේ ”නිදන්ගත දරිද්‍රතාවයට” සහ ධනවාදය කාර්මිකකරණයට ලක් නොවීමේ දේශපාලන-ආර්ථික සන්දර්භය වාණිජ ප්‍රාග්ධනය යි. උදාහරණයක් ලෙස, ලංකාවේ රූපවාහිනි සම්ප්‍රේෂණය ඩිජිටල්කරණය වීම වළක්වා ඇත්තේ වෙළෙඳ ප්‍රාග්ධනයේ නියෝජිතයන් දෙදෙනෙකු වන කිලී මහරාජා සහ රේනෝ ද සිල්වා ය. යම් මොහොතක දී, රටේ රූපවාහිනි විකාශය ඩිජිටල්කරණය වුවහොත් රූපාවලිය සතු ගුණාත්මක බව ඉහළ යන අතර විකාශන නාළිකා ප්‍රමාණය 200ක් දක්වා වර්ධනය කළ හැකි ය. එවිට, අන්තර්ගතයන්ගේ (Content) ගුණාත්මක බවින් වෙළෙඳපොළ බලවේග පාලනය වෙයි. මෙම තත්වය ඉහත කී නාළිකා හිමියන්ට විෂ සහිතය.

                      නමුත්, S.B. de Silvaගේ ප්‍රවාදය මේ වන විට යල්පැන ගොස් ඇත. අප සමඟ ඇති පැරණි කෝන්තර පිරිමසා ගැනීමට සමහරු S.Bව මුරුංගා අත්තේ තබන්නට උත්සාහ කරයි. මෙහි විශාලම ගැටලුව වන්නේ, ලංකාවේ සාර්ව ආර්ථිකය ගැන S.Bගෙන් පසු තවමත් පර්යේෂණයක් නොකර සිටීම ය. නමුත්, වෙනත් රටවල් සම්බන්ධයෙන් මෙය කර ඇත. ඌණ-සංවර්ධනයට එකම හේතුව වාණිජ ප්‍රාග්ධනය නොවේ. ඒ සඳහා බලපාන විවිධ සද්භාවාත්මක-ontological- කරුණු ද ඇත. ආචාර්ය අභිජිත් බැනර්ජි වැනි අය ඒ ගැන පර්යේෂණ කර ඇත. මීට සියවසරකට පෙර, මිනිසෙක් කුසගින්නේ සිටීම ආර්ථික කාරණයකි. අද එය විනෝදයකි. නැතහොත් බඩගින්නේ සිට ලබන වේදනාව මිනිසාට තෘප්තියකි. මෙම තිසීසය S.B. de Silva කිසිදාක ප්‍රවාදගත කර නැත.

                     ‘ප්‍රාග්ධනය’ තමන්ගේ හැව නොහොත් ආකෘතිය වෙනස් කරන්නේ බුද්ධිමතුන්ගෙන් අවසර ගෙන නොවේ. ‍ශ්‍රී ලංකාවේ වාණිජ ප්‍රාග්ධනයේ නැග ඒමේ ඓතිහාසික කොන්දේසි ඇත්තේ යටත් විජිත දේශපාලන ආර්ථිකය තුළ ය. උදාහරණයක් වශයෙන්, යටත් විජිත ස්වාමියා විසින් බිහි කරන ලද රාජ්‍ය නිලධාරියා බදු එකතු කරන්නෙකු මිස පරිපාලන නිලධාරියෙක් නොවේ. 

                     අද කාලයේ ඕනෑම පුංචි නගරයකට පවා ඇතුල් වූ විට අපට පෙනෙන්නේ, ප්‍රාදේශීය බැංකු කළමනාකරුවන් එම නගරවල මූල්‍ය පාලනය තම අතට රැගෙන ඇති ආකාරය යි. මෙය සමාජය මූල්‍යකරණය වීම පිළිබඳ ප්‍රථම පාඩමයි. ලෙනින් මේ ගැන පොතක් ම ලියා ඇත.

                         මූල්‍ය කළමනාකරණය පිළිබඳ උපදේශන සමාගම් යනු, ප්‍රාග්ධනය කාර්යක්ෂමව කළමනාකරණය කරන ක්‍රමවේදය කියා දෙන සමාගම් ය. ඔවුන් ශ්‍රමය කළමනාකරණය කරන්නට යන්නේ නැත. මන්ද, ඔවුන් හසුරුවන්නට යන්නේ ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර ප්‍රතිවිරෝධය නොවන නිසා ය. එය ප්‍රාග්ධන හිමියාගේ පුද්ගලික ගැටලුවකි. අනෙක් පසින්, වර්තමාන ගෝලීය ධනවාදය විසින් බහුතර ශ්‍රමයක් අතහැර දමා ඇති නිසා ස්ථිර රැකියා විරහිතයන් ප්‍රමාණය ඉතා විශාලය. ඔවුන් උපයන්නේ අවිධිමත් ආර්ථිකය තුළ ය. අපරාධ සහ අවදානමට ලක් වූ සමාජ පන්තීන් අතර ඓන්ද්‍රීය සම්බන්ධය ගොඩ නැංවෙන්නේ මෙම සන්ධියේ දී ය.

                           පසුගිය මහ මැතිවරණයෙන් පසු බැසිල් රාජපක්ෂගේ පොහොට්ටු පක්ෂයට විශාල ජයග්‍රහණයක් හිමි විය. නමුත්, පොහොට්ටුවේ ඡන්ද ක්‍රියාවලිය මතවාදීව මෙහෙයවන ලද කණ්ඩායම ඉවතට විසි වී ගොස් කිසිවෙකුට පහසුවෙන් වටහාගත නොහැකි අභ්‍යන්තර ක්‍රියාවලියක් සිදු විය. උදාහරණයක් ලෙස, ”චරිත හේරත්ට” අලූත් ආණ්ඩුවේ කිසිදු තීරණාත්මක කාර්යයක් හිමි නොවීය.                                                   

ලංකාවේ ආණ්ඩුවක් ප්‍රථම වරට රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට උත්සාහ කරන ලද්දේ, Regaining Sri Lanka[2002] ව්‍යාපෘතිය හරහා ය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ තෝරා ගන්නා ලද්දේ ලිබරල් උපරි-ව්‍යුහයකි. එම ව්‍යාපෘතියේ හතරවැනි පරිච්ඡේදයේ කතා කරන්නේ, ආර්ථික වර්ධනය සඳහා උපයෝගී කර ගත යුතු උපාය-මාර්ගික මෙහෙයුමයි. උදාහරණයක් ලෙස, ලංකාවේ ඉහළ මිලක් සහිත විදුලි මිල නිසා කාර්මිකකරණය අධික වියදම් කටයුත්තක් වෙයි. ඒ නිසා විදුලි මිල පහත දැමීමේ ක්‍රියාකාරී සැලැස්ම දැක්විය හැකිය.                                         

Regaining Sri Lanka ව්‍යාපෘතියේ විශේෂ ලක්ෂණය වන්නේ, එහි විවේචකයන් එය කියවන්නේ නැතිව එය විචාරය කිරීමයි. ව්‍යාපෘතිය විසින් අධ්‍යාපන ක්‍රමයේ සංකීර්ණ බිඳ වැටීම ගැන ද සාකච්ඡා කරයි. විශ්වවිද්‍යාල Ranking System එකකට ඇතුල් කිරීම සඳහා ගුරුවරුන් පිළිබඳ විගණනයක් අවශ්‍ය බව පෙන්වා දෙයි.  

Bloody Shit                                     

දැන් බැසිල් රාජපක්ෂ MTI නම් කළමනාකරණ සේවා සපයන සමාගමකින් සේවය මිලට ගෙන කිරීමට යන්නේ කුමක්ද? ”හිල්මි කාදර්” විසින් නායකත්වය සපයන ඉහත සමාගම විසින් තමයි මෙවර රාජ්‍ය ඇමතිවරුන්ගේ විෂය පථයන් වගුගත කරන ලද්දේ. ඔවුන් විසින් සකස් කරන ලද ෆයිල් කවරයක් තුළ පිරිසිදුව සහ පහසුවෙන් වටහාගත හැකි පරිදි ඇමතිවරයාගේ විෂය පථයන් හඳුන්වා දී තිබේ.                                                          

පාඩු ලබමින් සිටි CIC සමාගම පූර්ණ ප්‍රතිව්‍යුහගත කිරීමට ලක් කරන ලද්දේ ද MTI සමාගමයි. මීට අමතරව, ලංකාවේ Grand Hyatt සහ Hilton නම් රාජ්‍ය සම්පත් විකිණීමේදී අතරමැදි උපදේශන ක්‍රියාව සඳහා ද තෝරාගෙන ඇත්තේ ද MTI සමාගමයි. ඇමතිවරුන්ගේ විෂය පථයන් සකස් කිරීමේදී වැඩි දායකත්වයක් සපයා ඇත්තේ රාජිකා සංගක්කාර ය.  

                                          බැසිල් රාජපක්ෂ විසින් මේ සකස් කර ඇති නවීකාරක ව්‍යාපාර සැලැස්ම මීට කලින් අප පෙන්වාදුන් Regaining Sri Lanka ව්‍යාපෘතියේම ඉදිරි දැක්මකි. නමුත් ඊට මූලික අන්තර්ගතාත්මක වෙනසක් සිදු කොට ඇත. රනිල් තම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තෝරාගත් දෘෂ්ටිවාදය ලිබරල්වාදය වන විට බැසිල් තම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යොදා ගෙන ඇත්තේ සිංහල-බෞද්ධ ජාතිවාදය යි. 77-2005 දක්වා ලංකාවේ දී ධනවාදය ගමන් කරන ලද්දේ, නිදහස් වෙළෙඳපොළ මත පදනම් වූ ලිබරල්වාදය යි. දැන් ධනවාදය තම ඉදිරි මඟ සඳහා සිංහල-බෞද්ධ ජාතිවාදය තෝරාගෙන ඇත.   

පිපාසයි ආනන්ද විඩාවයි ආනන්ද                            

මේ සිදු වූ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව චරිත හේරත්ට හෝ ගෙවිඳු කුමාරණතුංගට අඹමල් රේණුවක වැටහීමක් නැත. ඔවුන් මෙම මාර්ගයේ ඉදිරියෙන් දක්කාගෙන යන පාත්තයන් පමණි. 

-Pary Research Group 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. මම නම් හිතන්නේ ඔබ මේ පහත සඳහන් කරන කරුණ (මඩක් නොවේ නම්, එය) කිසිසේත්ම සුළු පටු කරුණක් නොවේ. එය පොහොට්ටුවට ඡන්දය දුන් ජනයා මෙන්ම, පොහොට්ටුවට එරෙහිව ඡන්දය දුන් ජනයා ද, එක ලෙස බැරෑරුම් ව කල්පනාවට ගතයුතු කරුණකි.

    // දැන් බැසිල් රාජපක්ෂ MTI නම් කළමනාකරණ සේවා සපයන සමාගමකින් සේවය මිලට ගෙන කිරීමට යන්නේ කුමක්ද? ”හිල්මි කාදර්” විසින් නායකත්වය සපයන ඉහත සමාගම විසින් තමයි මෙවර රාජ්‍ය ඇමතිවරුන්ගේ විෂය පථයන් වගුගත කරන ලද්දේ. ඔවුන් විසින් සකස් කරන ලද ෆයිල් කවරයක් තුළ පිරිසිදුව සහ පහසුවෙන් වටහාගත හැකි පරිදි ඇමතිවරයාගේ විෂය පථයන් හඳුන්වා දී තිබේ.

    පාඩු ලබමින් සිටි CIC සමාගම පූර්ණ ප්‍රතිව්‍යුහගත කිරීමට ලක් කරන ලද්දේ ද MTI සමාගමයි. මීට අමතරව, ලංකාවේ Grand Hyatt සහ Hilton නම් රාජ්‍ය සම්පත් විකිණීමේදී අතරමැදි උපදේශන ක්‍රියාව සඳහා ද තෝරාගෙන ඇත්තේ ද MTI සමාගමයි. ඇමතිවරුන්ගේ විෂය පථයන් සකස් කිරීමේදී වැඩි දායකත්වයක් සපයා ඇත්තේ රාජිකා සංගක්කාර ය. //

    එම නිසා මෙම කරුණ සනාථ කිරීම සඳහා ඔබ සතුව සාක්ෂි කිසිවක් තිබේ නම්, එම සාක්ෂි හා / හෝ මේ ගැන වැඩිමනත් විස්තර හෝ ප්‍රසිද්ධ කරන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

    මෙහි රාජ්‍ය ඇමතිවරුන් යනුවෙන් විශේෂයෙන් සඳහන් කර ඇත්තේ, කැබිනට් ඇමතිවරුන් සම්බන්ධයෙන් එය අදාළ නොවන නිසාද යන්න පැහැදිලි කළ හැකි නම් එයද වටී.

Comments are closed.