පසුගිය මාසයේ දිනක නවරත්න ගමගේ නම් සංගීතවේදියාගේ වැඩිමහල් පුත්රයාගේ සරණ මංගල්යය කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. අසූව දශකය මැද භාගයේ සිට නවා ඇසුරු කරන විවිධ මිතුරන්ට ඔහු මෙම උත්සවය සඳහා ආරාධනය කර තිබුණි. මීට දශක 03කට පමණ පෙර දී නවාව මා හඳුනා ගත්තේ ‘කලම්බු කොමර්ෂල්’ ආයතනය සමඟ බැඳී ගිය රැුකියාවක් කරන විට දී ය. ඔහු එකල සමසමාජ පක්ෂය සමඟ අනුබද්ධ වෘත්තීය සමිතියක කි්රයාකාරී සාමාජිකයෙකි. 90 දශකය මුල දී නවා රොහාන් පෙරේරා විසින් ලංකාවට හඳුන්වා දුන් ‘අනන්යතා දේශපාලනයට’ වශී විය. ඔහු ඉන්පසු මෙම අනන්යතා දේශපාලන කුලකයේ [ස්ත්රීවාදී සහ පරිසර දේශපාලනය] උද්යෝගිමත් සාමාජිකයෙක් විය. 90 දශකයේ සෑහෙන කාලයක් නවා ගත කළේ මෙම අනන්යතා දේශපාලනයේ සාරය ගවේෂණය කිරීම සඳහාය. මෙම හේතුව නිසාම ඔහුගේ කුටුම්භ රක්ෂණ කි්රයාවලිය නොහොත් ආර්ථිකය විකාර සහගත අන්තයකට ගියේය. සමහර අවස්ථාවල තම දරුවාට කිරි පැකැට්ටුවක් ලබා ගැනීම පවා දුෂ්කර විය. නමුත් එක්තරා නිශ්චිත දිනකට පසු බුදුන් සසර කලකිරීමට ලක් වුණාටත් වඩා නිශ්චිත ලෙස නවරත්න ගමගේ සිය අතීත වාම දේශපාලන සංස්කෘතියෙන් කැඞී වෙන් වූයේ ය. දෙදහ දශකය වන විට එම තත්ත්වය ඔහුගේ අතීත වාම මිතුරන්ට ඔරොත්තු නොදෙන තරම් දුර ගියේ ය.
ඔහු පසුගිය දශක එකහමාර තුළ අතීත වාම සම්ප්රදායන්ගෙන් ශේෂයක් හෝ ඉතිරි නොකර පවතින ධනේශ්වර ආර්ථිකයේ රැුඩිකල් ආත්මයක් බවට පත් විය. යම් කෙනකු දෘෂ්ටිවාදී ඇමතුමක පොළා පැනීමක් ලෙස දෘෂ්ටිවාදී පුද්ගලයකු වීමත් එහිම ඵලයක් ලෙස ‘ආත්මයක්’ බවට පත් වීමත් රැුඩිකල් ලෙස වෙනස් ය. උදාහරණයක් ලෙස නවා තම අතීත වාම මිතුරන්ට මුදලින් අනුග්රහ දැක්වීම නොකරන්නේම නැත. ඔහු එය කරයි. නමුත් එය ඔහු කරන්නේ සීමාසහිතවය. මේ දිනවල ශාරීරික අසනීපවලින් හෙම්බත් වී සිටින සිරිමල් මේ මෑතක දී මට නවා ගැන අපූර්ව කතාවක් කීවේය. සාමාන්යයෙන් හදිසි කරදරයක් වූ විට සිරිමල්ට නවා උදව් කරයි. මෑත දිනක දී සිරිමල් නවාගෙන් මෙසේ අසා ඇත. ”මචං උඹට බැරිද මට මාසික දීමනාවක් දෙන්න?” එවිට නවා මෙසේ ඍජු ලෙස උත්තර දී ඇත. ” නිශ්චිතවම බැහැ”
ඉහත ඓතිහාසික උඩුයටිකුරු වීම ගැන පර්යාවලෝකනය කරන සිරිමල් මට මෙසේ කීවේය. ” මචං දෙන්න බැහැ කියන එක හරි. ඒත් ඒක ඔහොම මිනිහෙකුගෙ මූණටම කියන එක හරිද? බොරුවට හරි මෙහෙම කියන්න තිබුණ නේද? අපි බලමු මචං පුළු පුළුවන් විදිහට මොනව හරි කරමු…?’ කියලා.
මගේ අදහස වන්නේ නවාගේ ප්රතික්රියාව ඉතා නිවැරැුදි බවයි. විප්ලවවාදී මනුෂ්යත්වය යනු ඇත්ත කීමයි. ප්රතිසංස්කරණවාදී මනුෂ්යත්වයට නූතන ගෝලීය ධනවාදය තුළ තවදුරටත් පැවතීමට ඉඩක් නැත. කිසිවකු තවත් කෙනකු සමඟ බොරුවට ඇසුරු කිරීම මේ සමාජ – ක්රමය අත්හිටුවා ඇත. එම දෘෂ්ටිකෝණයෙන් ගත් විට මමත් ඇතුළුව සිරිමල්ගේ සමීප මිතුරන් යනු නරුමයන්ය. අප ඔහුව ඇසුරු කරන්නේ යම් පරතරයක් තබාගෙනය. එතැන දී නවා රැුඩිකල් ය. එතැන දී ඔහු සිරිමල්ට දෙන්නේ රැුඩිකල් පිළිතුරකි. නවාට අනුව ඔහුගේ කුටුම්භයට සාපේක්ෂව සිරිමල් යනු දුරස්ථ පුද්ගලයෙකි. නවාගේ පැත්තෙන් ගත් විට ඔහු සිරිමල්ට දෙන්නේ මෙවන් පණිවුඩයකි. ”ඔබ තවදුරටත් දෘෂ්ටිවාදීමය පුද්ගලයෙක් නම් (වෙනත් අය ඉදිරිපිට මෙසේ කීම – මම හිටපු වාමාංශිකයෙක්, මම හිටපු ලිංගික රැුඩිකල්වාදියෙක්, මම කීර්ති බාලසූරියව දන්නව, මම ජීවිතය ගැන සාංදෘෂ්ටිකව හිතන කෙනෙක් ආදී වශයෙන්* එහි ඵලයක් ඔබත් භුක්ති විඳින්න!” මේ සමාජයේ අලූත් සදාචාර පණිවුඩයට සවන් දෙන්න!
ධනවාදය යනු විප්ලවවාදී සමාජ ක්රමයකි. එය මාක්ස්ම කියූ සටන් පාඨයකි. ගැටලූව වන්නේ එහි අදහස වාමාංශිකයන් නොවටහා ගැනීමයි. 21 වන සියවසේ ජීවත් වන කෙනකු වාමවාදියෙක් වන්නේ නම් ‘අනාගතය’ බියකරු බව වටහාගත යුතුය. එහි බියකරු මානය අප සිතනවාට වඩා රැුඩිකල් ය. අද දවසේ වාමාංශිකයන්ට දේශපාලනය කිරීමට මිනිසුන් සල්ලි දෙන්නේ නැත. ඒ සඳහා වාමාංශිකයන්ට ද සිදු වී ඇත්තේ ව්යාපාර කිරීමටය. එඩිතර ලෙස ව්යාපාර කරමින් මුදල් සොයන විට ඒ ගැන ජවිපෙ මෙන් සැඟවිය යුතු නැත. එතැන දී නවා මෙන් ඍජු විය යුතුය. අපි මේ දේශපාලනය කරන්නෙ බොලාගේ සල්ලිවලින් නොවන බව ප්රසිද්ධියේ කිව යුතුය. අද මිනිසුන් ගරු කරන්නේ සල්ලිවලට මිස මිනිසුන්ට නොවේ. අද වාමාංශිකයන් ද ගරු කළ යුත්තේ සල්ලිවලට මිස පුද්ගලයන්ට නොවේ.
සමාජ විප්ලවයේ සැබෑ මානය වන්නේ සිරිමල්ගේ විශාදය පුපුරවා හැරීමයි. ඔහුව නින්දෙන් ඇහැරවනවා යනු කුමක්ද? නවා මෙන් ඔහු අවට සියලූ දෙනා හැසිරීමට ගතහොත් එදිනට ධනේශ්වර ප්රතිසංස්කරණවාදී මනුෂ්යත්වය නැත කියා පිළිගැනීමට ඔහුට සිදු වෙයි. එදිනට වැටුපට ශ්රමය විකිණීමට සිරිමල්ට සිදු වනු ඇත. ධනේශ්වර ක්රමයට ඇබ්බැහි වූවන් අනෙක් මිනිසුන් ගැන ගොතන ප්රවාදය අපි මහපාරට රැුගෙන ආ යුතුය. ” තමන්ගේ සංරක්ෂණය තමන්ම බලාගත යුතුය”
අනෙක් පසින් වාමාංශිකයන් කළ යුත්තේ කුමක්ද? තවමත් මේ සමාජ සංස්කෘතියේම කරවටක් ගිලී සිටින මිනිසුන්ව ඉස්පොල්ලේ යනතුරු ගිලී යාමට අප ඉඩ දිය යුතුය. එතැන දී අපට නවාගෙන් ඉගෙන ගැනීමට යමක් ඇත. ඔහු ධනේශ්වර සමාජ – ක්රමයට කෙතරම් අනන්ය වී තිබේද යන්නෙහි නිර්ණායක වන්නේ ඔහු අතීතයෙන් සමුගෙන තිබෙන ප්රමාණයයි. ඔහු වාම සංස්කෘතියේ සියල්ල මනස්ගාත ලෙස සලකා ඉවත දමා ඇත. වාමාංශිකයන් ඔහුගෙන් උගත යුත්තේ අතීත ප්රවාදවලින් ගැලවී යන ආකාරයයි. මේ සමාජ ක්රමය ප්රතිනිෂ්පාදනය කිරීමේ දී වාමාංශිකයන් ඒ සඳහා කෙතරම් ආධාර කරන්නේද යන්න විභාග කළ යුතුය. අපි ඉතා කටුක උදාහරණයක් ගෙන මේ තත්ත්වය විග්රහ කරමු. සිවිල් කි්රයාකාරිකයකු වූ ෆ්රෙඞී ගමගේට මේ මෑතක දී මීගමුවේ ලන්සාගේ ගෝලයන් පිරිසක් පහර දුන්හ. වාමාංශිකයන් ලෙස අප කළ යුත්තේ කුමක්ද? නිකං සිටීම වනාහී රැුඩිකල්ම කි්රයාවයි. අප එසේ කියන්නේ ඇයි?
ෆ්රෙඞීට ලන්සාගේ ගෝලයන් පහර දෙන විට මේ මොහොතේ අප අගමැතිවරයා දැන හඳුනන්නේ නම් ඒ ගැන පොලීසියට කියා නෛතික කි්රයාමාර්ගවලට එළඹිය හැකිය. මේ නිසා ෆ්රෙඞීට කිසිදු දිනෙක ධනවාදයට එහා යන සමාජ ප්රගමනය වෙනුවෙන් සංවිධානය වීමට අවශ්ය නැත. සාංසිද්ධික ලෙස ඔහු කළ යුතු වන්නේ විටින් විට සිදු වන මෙවැනි පහරදීම් ගැන පොලීසියට පැමිණිලි කිරීමයි. එවිට අපට සංසාර චක්රයක් අභිමුඛ වෙයි. එක පැත්තකින් ලන්සලා විටින් විට පහර දෙන අතර ෆ්රෙඞීලා ඒවා පුරුද්දක් ලෙස පොලීසියට පැමිණිලි කරයි. මෙම විෂම චක්රය යනු අන් කිසිවක් නොව මෙම මර්දනීය සමාජ සබඳතා යළි යළිත් පුනර් නිෂ්පාදනය කිරීමකි. මේ ක්රමයට විරුද්ධ වන්නන්ව මේ ක්රමයටම අත්යවශ්යය. විරුද්ධ වන්නන්, උද්ඝෝෂණකරුවන්, උපවාසකරුවන්, වැඩවර්ජකයන් පවතින ක්රමයේ පෝෂණයට අත්යවශ්යය. එවැනි අය නැති තැන මේ ක්රමය සුජාත වන්නේ නැත.
පවතින ක්රමයට ඉතා ඉක්මනින් විරුද්ධ වන අයත්, තමන් අනෙක් මනුෂ්යයාගෙන් වෙනස් වන්නේ
රැුඩිකල් දේශපාලනයක් රහසිගත තැනක කරන නිසා කියන අයත් වටහාගත යුතු කරුණක් ඇත. විරුද්ධ වන්නන්ට එසේ කළ හැක්කේ කල්පිත ජනකායක් නිහඬව සිටින නිසාය. නවරත්න ගමගේ මෙන් මෙම ‘ජනතාව’ ජනතාවගේ තැනින් විස්ථාපනය වී මනෝවිද්යාවක් සහිත මිනිසුන් බවට පත් වුවහොත් විරෝධය පාන්නන්ට කුමක් සිදු වනු ඇත්ද? අපි ෆ්රෙඞීට දිය යුතු දේශපාලන පණිවුඩය කුමක්ද? ”ජනතාව වෙනුවෙන් ලන්සාගෙන් ගුටි කන්න එපා. එසේ ගුටි කෑම අත්යවශ්යම නම් එය ඔබගේ ආත්ම තෘප්තිය සඳහා කරන්න!” ඇත්ත පාර්ශ්වීය දෙයකි. එය සියල්ල නොවේ. එය පක්ෂපාතීය. අපට ෆ්‍රෙඞීගේ උමතුභාවය තරණය කළ හැක්කේ එවිටය.

ඔබේ අදහස කියන්න...