collected works [sri lankan] by Lenin – vol 34

කූඹිච්චිගේ ආගමනය…..
අපි මේ කතා කරන්නන යන්නේ මහචාර්යය ප්‍රභා ගැන. ප්‍රභා ගැන කතා කිරීම මේ මොහොතේ වැදගත් වෙන්නේ මිනිස්සුන්ගේ අවිඥානයයි සමාජ ගතිකත්වයයි සම්බන්ධයෙන් පැහැදිලි කරන්න ඇයගේ Lifestyle එක කදිම තෝතැන්නක් වන නිසා.
ඊයේ පෙරේදා සංවිධානයට ඇවිත් අනුන්ගේ කතන්දර පක්ෂ ඉතිහාසය කියා හිතාගත්ත මැට්ටන්ට මම මේ කියන කතාව තේරෙන්නේ අරාබි නිසොල්ලාසය වගේ තමයි. අද මේ මම මේ කියන්න යන ප්‍රභා- කතාව සිංහල ගැමියෙකු කොළඹ ඇවිත් කරන දේවල් වලටත් වඩා හරිම චමත්කාරයි.
දුර පලාතකින් කොළඹට එන ගැමියෙක් රත්මලානට අරන් එන්නේ කොගීටෝව (හිස්තැන) ක් විතරයි. ඒ කොගීටෝව පුරවන්නේ නගරයේ මිනිසුන්ගේ ආශාවන් වලින්. මේක හරියටම සිදු නොවුණොත් ආපහු සැරයක් කෙනෙක් කසාද බදිද්දි නිලමේ ඇදුම අදින්න පුළුවන්. ඒ කියන්නේ එයා ගම රත්මලානට උස්සගෙන ඇවිත් කියන එක විතරක් නොවෙයි , රත්මලානෙ දි ගමේ කම සම්පූර්ණයෙන් ඉවර කරගෙන නැහැ කියන එකයි.
ඒ අර්ථයෙන් ගත්තම ප්‍රභා කියන්නේ අමුතුම කොගීටෝවක් තියෙන කෙනෙක්. එයාගේ කොගීටෝව හරි වසගකාරී කොගීටෝවක්. උදාහරණයකට එයා සංවිධානයට එන්නේ පාට බොදවී ගිය ඇදුම් ඇදගෙන. නව සම සමාජ පක්ෂේ කිළුටු චින්තනය පුරවගෙන. අමරදේවගේ සිංදු අහමින්. නමුත් මේ දෘශ්යමානය නිසාම සංවිධානයේ කෙනෙක් නොමග යනවා.
එයා Island පත්තරේ වැඩ කරන කාලේ සමන් කියලා මාධ්යවේදියෙක් එක්ක ප්රේම සම්බන්ධයක් පවත්වමින් ඒ ප්රේමයෙන් මුසපත් වෙනවා. ඒ කාලේ මොනවද වුණේ කියන එක වර්තමාන රිකී මාටින්ට තේරෙන්නේ නැහැ. අවුරුදු ගානක් සමන්ට පැදගෙන Love කරපු ප්රභාට එකපාරටම විශ්ව විද්යාල ශිෂ්ය නායකයෙකු හමුවෙනවා. එයාටත් පැදගෙන Love කරනවා. ( ඒක නම් රිකී මාටින් දන්නවා)
නමුත් LOVE කරද්දි ඇයි මේ ප්‍රභාගේ කොගීටෝව සිග්-සැග් ගහන්නේ? ඒ තමයි ප්‍රභා කවදාවත් මිනිස්සුන්ව හෙව්වේ නැහැ. එයා හෙවුවේ බලවත් කවුද? දුර්වල කවුද? කියන එක. එයාගේ කොගීටෝවට අනුව සිලෙක්ෂන් කරද්දි ඒ කෙනාගේ ලිංගයවත් එයාට අදාල වුණේ නැහැ. ඒ නිසාම එයා තමන්ගේ පෙම්වතුන් තෝර ගන්නෙත් සිග් – සැග් ක්රමයට. ඒ කියන්නේ අයිලන්ඩ් පත්තරේ සමන්ට වඩා විශ්ව විද්යාල ශිෂ්ය නායකයා බලවත් බව දුටු විට එයාට සෙට් වෙනවා. ශිෂ්යනායකයා P ට වඩා දුර්වලයි කියා තේරුම් ගියාම විශ්ව විද්යාල ශිෂ්යනායකයාව අත්හැරල P ට සෙට් වෙනවා. ඉන්පස්සේ Q හමුවුණහම P ට වඩා බලවත් Q කියලා එයාට හිතුනොත් එයා සෙට් වෙන්නේ Q එක්ක. අන්න ඒ වගේ නිතරම බලවත් පුද්ගලයා තමයි එයාට අවශ්ය වෙන්නේ. ඒ නිසා ප්රභාගේ ජීවිතයේ එයාට P,Q,R, S…. වගේ පුද්ගල චරිත රාශියක් සිග්- සැග් ක්රමයට සෙට් වෙනවා. ඉන්පස්සේ රිකීට සෙට් වෙනවා. ඒ අනුව රිකී මාටින් කියන්නෙත් එයාගේ සිග් සැග් මැස්මේ මැහුම් පහරක් විතරයි.
(සේන් මහතා ට වඩා බසී බලවත් කියා හිතුනම සේන් අයින් කරලා බසී එක්ක සෙට් වෙනවා.. බසී ට වඩා රිකී බලවත් කියා හිතුනම බසී ව අතහැරල රිකී සමග සෙට් වෙනවා ….. රිකීට වඩා දීප්ති බලවත් කියා දැනුනම මහචාර්යය ප්රබා දීප්ති වෙත ලං වෙන්න උත්සාහ කරනවා, දීප්ති දේශපාලන වැඩ මිස ඇයගේ විකාර ගණන් නොගන්නා නිසා මහචාර්යය ප්රබාට දීප්තිව හිට්ලර් වගේ පේන්න ගන්නවා, දීප්ති ආදරණීය නැහැ වගේ හිතෙනවා, දීප්තිගේ පපුවේ තෙතමනයක් නැහැ කියා හිතෙනවා. ඉතිං ඇය විනාශකාරී ගැහැණියක ලෙස හැසිරෙනවා.)
මේක තේරුම් ගන්න පුළුවන් වීජ ගණිතයෙන් විතරයි. මේ අනුව මෙයා සංවිධානයට ඇවිත් කරන නර්තනය පහත තිබෙන මේ කතාවෙන් තේරුම් ගන්නකෝ.
අතීත කතාව:
කූඹිච්චිගේ ආගමනය….
2001 වසරේ අගභාගයේදි එක් දිනක් සවස්වරුවේ ගෝනිසේකරගේ ගෙදරට විශාල බාච්චු බ්ලව්සයක් (කුරුතා) හැදගත්, පාණ්ඩු පැහැති මුහුණක් සහ තම තඹ පැහැති කොණ්ඩය පිටුපසට කර අපිළිවෙලට බැදගත් තරුණ ස්ත්රියක් පැමිණ සිටියා ය. ඇය දුටු පළමු දිනයේ දී මා සිතුවේ ඇය ගෝනිසේකගේ ගෙදර slave වන්නට ඇති බවයි. නමුත් පසුව මා දැනගත්තේ ඇය සේන් ගේ මිතුරිය බවයි. ඇය බොහෝ සවස්වරුවල ගෝනි සේකරගේ නිවසට පැමිණ තේ බොන්නට සේන් මහතාට තම නිවසට ආරාධනා කරන්නට වූවා ය. ඇය එකල විශ්ව විද්යාලයක ගෙල්ට් ඉංග්රීසි පාඩම ඉගැන්වු ඉංග්රිසි භාෂාව පිළිබද ගුරුවරියකි. සාමාන්යයෙන් තරුණ ගුරුවරුන් උගන්වද්දී ශිෂ්යාවන් ඔවුන්ට සිතින් ආලය කරනවා සේ, මෙම ගෙල්ට් පාඩමේදී සේන් මිත්රයා මෙම තරුණ ගුරුවරියට සිතින් ආදරය කරන්නට විය. ඔහු ඇයට ඇති ආදරය සහ ආශාව නිසාම ගෝනිසේකරගේ ගෙදරට කැදවා ගෙන ආවේය. සේන් ශිෂ්යයා සිතුවේ මේ අහිංසක ඉංග්රිසි ගුරුවරිය තමන්ට ආදරෙයි කියා ය. [post-modern ගුරැ ගීනය]
එහෙත් මෙම ගුරුවරිය මොන්ටිසෝරියකදී දරුවන් මෙල්ලකරන ටෙක්නික් එකෙන් අප සේන් මිත්රයාව ඔරුවක දමා, හබලක් නොදී ගගක පා කර යවා ඇත….
සේන් මිත්රයා ද ලෙහෙසි පහසු කෙනෙකු නොවේ. ඔහු කිසි දිනෙක තමන් බබෙක් බව ඇයට පෙන්වන්නට අකමැති විය. ඒ නිසා ඔහු ඇගේ ආදර අවධානය ලබා ගැනීමට වීසි කර ඇත්තේ රත්තරන් මණ්නයකි. එනම් දීප්ති සහ X කණ්ඩායම තුළ තමන් සිටින බවය. මණ්නය තියුණුය. නමුත් රත්තරන් ය. වෙළදපලෙන් තියුණු පිහි කිනිසි ඇය සොයමින් සිටින විට ඉතාමත් ශක්තිමත් රත්තරන් මණ්නය තිබෙන ගෙදර සමාජිකයෙකු ඇයට හමු වූ යේ ඔවුන් දෙදෙනාගේ දෛවයේ සරදමට නොවේද????
දින කිහිපයකට පසු ඇය පසු පස ඇගේ මවත් පැමිණෙනවා. ඉන්පසු ආරම්භව වන්නේ චිත්රපට කතාවක් යයි ඔබ වැරදියට වටහා නොගන්න.

පසුව අපගේ මිත්රයා රැගෙන ආ ඒ සුරංගනාව පසුපස අපගේ සංවිධානයේ දීප්ති හැර සියලුම සාමාජිකයින් ඇදෙන්නට විය. මේ අනුව ඇය තේරුම් ගන්නේ කුමක් හෝ විශේෂත්වයක් මා තුළ පවතිනවා යන සිතිවිල්ලයි. නමුත් එම සිතිවිල්ලත් සමග ප්රශ්න රාශියක් ඇගේ ඔළුව තුළ නලියන්නට විය. එනම්,
‘මෙච්චර මාතොට, ලන්ඩන් සගරාවල ලියන-කියන පොරවල් වෙලත් මේ අය මගෙන් දකින ඒ විශේෂත්වය මොකක්ද ? ඒ විශේෂත්වය මා ලග ඇත්තටම පවතින දෙයක්ද? නැතිනම් මා පිටුපස්සෙන් පැමිණෙන ඔවුන් විසින් ඔලුවේ පුරවගන්න ලද මනස්ගාතයක්ද? ඔවුන්ගේ ඔලුවේ මා ගැන තිබෙන ‘දෙය’ මොනවගේ එකක් කියලා මම හදුනාගන්නද? එසේ හදුනා නොගෙන මට මොවුන්ගේ ඔලුවේ චරිතය සාර්ථකව රගපෑමට හැකිද? එවිට ගැහැණික් ලෙස මගේ සාරය කුමක්ද? එතකොට මම කවුද? මගේ අනන්යතාවය හදන්නේ මේ බාහිර පිරිසද? මගේ පැවැත්ම මොකක්ද? මගේ දෛවය මේකද?
කමක් නැහැ….. , එළියෙදි මා ගැන නොදැන මා පසුපස මෙතරම් ආවේ සේන් විතරයි. සිහිබුද්ධියක් තිබුණු ශිෂ්ය නායක සිංදුටත් මා නිසා වුණුදේ සිංදු දන්නෙත් නැහැ. … යනුවෙන් තමාටම පවසාගෙන, පළමුව අපිළිවෙලට තිබූ තම තඹ පැහැති කොණ්ඩය කොටට කපාගන්නා ලදී.
ඉන්පසුව නුගේගොඩ එවකට පැවැති pick & choose සාප්පුවෙන් සහ Spring & summer සාප්පුවලින් බේච්කලර් කොට්න් ත්රී ක්වාටර් කිහිපයක් මිලදී ගන්නා ලදී. දැන් ඇය රත්මලාන ගෙදරට සවසට පැමිණෙන්නේ එම ඇදුම් ඇදගෙනය. ඇය පසුපස ගිය සේන් මහතා තම සුරංගනාවිය විවිධ අය පැහැර ගත් බවක් සිතා නිතරම කණස්සල්ලට පත්ව ඇල්කොහොලින් සප්පායන් වන්නට විය. ඇය සංවිධානයේ දීප්ති හැර core group එකේ ප්රධාන පිරිමි සමාජිකයින්ව තම අල්ලට ගෙන ටීක් බෝල ගසමින් සිටියේ ය. තමාගේ අවිහිංසක පවිත්ර ප්රේමයේ නාමයෙන් සේන් මහතා රත්මලානට මහචාර්යය ප්රබා ව කැදවාගෙන පැමිණියේ මොනවා හෝ ඇය සමග කතා කරමින් සිටීමේ ආශාවටය. නමුත් ඇය core group සමාජිකයින් සමග පමණක් සිනහා වෙමින් මොනවා හෝ කතා කරමින් සිටියි. ඇය සම්බන්ධයෙන් මේ සිදුවන දේවල් සේන් මහතාට තවදුරටත් දරාගත නොහැකිවී ඇත. ඔහු තම නීති උපාධිය කිරීම නවතා රත්මලාන ගෙදර අඹ ගස යටට වී බලාගත් අත බලා සිටින්නට විය.
දීප්ති හැර අන් සියලු සාමාජිකයින් ඇයව මගනොහැර බාර ගනිද්දි සංවිධාය තුල ඇයට මෙයට පෙර නොමැති බලයක් ලැබුණු බවක් ඇය සිතයි. එකල ඉංග්රිසියෙන් කියවීමට හා ලීවීමේ මිනිස් සම්පත් සංවිධානයට අවශ්යම වූ අවස්ථාවක ඇය පැමිණ ඇති බැවින් ඇය තම භාෂා හැකියාව උපයෝගී කරගෙන දීප්තිගේ ද අනු දැනුම මත තම නිවසේ රාත්රී ඉංග්රීසි පංතියක් දැමුවාය. එම පංතියට එවකට ඉංග්රීසි බසින් කියවන්නට නොහැකි රිකී මාටින්, මහින්ද, බස්නායක, සහ අනිල් උද්යෝගයෙන් ගියෝ ය. තම නිවසේ පැවැත්වූ මෙම ඉංග්රීසි පංතිය ඇගේ ටීක් බෝල ගැසිල්ලට මනා පිටුවහලක් විය.
ඉංග්රීසි පංතියේ හැටියට නම් ප්රබා – බසී සමග ප්රේම සම්බන්ධයක් පවත්වයි. ඇය යන්නේ, එන්නේ , කන්නේ බොන්නේ බසී සමගය. බොහෝ වෙලාවට බසී ඇයට කෑම කවන්නට දරන උත්සාහය බලා සිටින්නන්ට හරිම ශෝක ජනක දර්ශනයකි. විටෙක ඇය පැටිස් ඉල්ලයි. බසී කඩේ ගොස් පැටිස් ගෙනා පසු, අනේ මට කන්න බෑ.. මට මාළු පාං ඕන කියයි. ඉන්පසු බසී කඩේ දුවයි. මාළු පාං ගෙනාව පසු ඒක කන්න බෑ මට කොත්තු රොටී ඕන බව බව බසී ට කියයි. නැවතත් බසී සිය ප්රේමිය වෙනුවෙන් කොත්තු රොටී සොයන්නට යයි. ඔහු කොත්තු රොටී ගෙනා පසු ඇය ඉල්ලන්නේ ලැවරියා ය. (කුඩා දැරිවි කාලේ සිය මවට ලබා දුන් දඩුවම පෙම්වතාට ලැබී ඇත.) මේ දර්ශන දැක මා මිත්ර සේන් සුවිසයිඩ් කරගන්න තරමටම දැන් හොදටෝම අවුල් ය. සේන් මහතාගේ ගමෙන් සේන් මහතාව X එකට කැන්දන් පැමිණි තාපසයෙක් බදු බසීට තම හිතේ ලැගුම්ගත් පෙම්වතිය කැමති වී ඇත. කුමක් කරන්නද, ඔහු තම බෙලිකටුව තුල සැගවෙනවා හැර….. ඔහු බෙලි කටුවේ සැගවුණි.
මේ අතර රිකී මාටින් විසින් එවකට දීප්ති විසින් සති අන්තයේ දේශපාලන පංති පැවැත්වූ X කණ්ඩායමේ ප්රාදේශීය සමාජිකයින්ට සංස්කෘතික වැඩසටහනක් කරමින් යන්නට විය. ගාල්ල, මාතර, කුරුණෑගල, ගම්පහ ඒ අතර විය. එම කණ්ඩායම් වලට අමතරව කොළඹ ප්රධාන මධ්යස්ථානයේ ද වැඩමුළු සූදානම් කරන්නට විය. සෑම සති අන්තෙකම ඉරිදා පාන්දරින්ම රිකි සහ මහචාර්යය ප්රභා මෙම වැඩසටහන් මෙහෙයවන්නට ගියහ. ඒ සදහා මනෝජා සහ ශානිකා ද සහයෝගය දැක්වීය.
කෙටිකලක් ගත විය, ඒ වන විට නිතිපතාම සවස වැඩ ඇරී මහචාර්යය ප්රබා, රිකී මාටින් සහ බසී යන තිදෙනාම ඇගේ නිවසට යන මාවත පසු කරගෙන X නිවසට පැමිණෙයි. ඇය පැමිණෙන්නේ යොදාගත් දේශපාලන කාර්යයක් සිදු කිරීමට නොව නිකං ය. ඇය පැමිණි විට වැඩිපුරම සිදු කරන්නේ රිකී මාටින් සහ බසී නවාතැන් ගත් X නිවසේ බෝඩිං කාමරයේ ඇදටවී සිනාවෙමින් දොඩමළුවීමය. එය දේශපාලන වැඩක් ලෙස නොදැනුනේ එම බෝඩිං කාමරයට ආසන්න කාමරයේ නවාතැන්ගෙන සිටි සේන් මහතාට පමණි. නැවත කළුවර වූ විට මහචාර්යය ප්රභාව ඇගේ නිවසට හැරලවන්නට රිකී හා බසී යයි. නැතිනම් ඔවුන් දෙදෙනා මාරුවෙන් මාරුවට යයි. (මෙම විකාර සිද්ධි ඇසින් දුටු දේවල් මිස හිතළු නොවන බව ඔබට අවධාරණය කරමි.)
නිර්භය ස්ත්රීවාදිනියක ලෙස රත්මලාන X නිවසේ හැසිරෙන ඇයට යාර කිහිපහක දුර තිබෙන ඇගේ නිවසට තනිවම යා නොහැකි ය. ඇත්තම කිව්වොත් ඇගේ නිවසට කිලෝ මීටර් කාලක්වත් වත් නැත. ඇගේ නිවසට යන පාර කහටගස්දිගිලියේ සිටින මුකලන් බස්සන්ගෙන් තොර විය. මුකලන් බස්සන් නැත යනු එම පළාතේ මුකලන්ද නොමැති බව ඔබට වැටහෙනු ඇත. එය ජනාකීර්ණය. ප්රාදේශීය සභාව විසින් ලයිට් කණු ද හයි කර ඇත.
නමුත් ඇගේ දෙපස ඇයව මුරකරමින් යන බසී සහ රිකී යනු ඈත පිටිසර ගම්මානවලින් රත්මලානට පැමිණ ඇති අයයි. එහෙයින් ගමේ කතාවට කියන “ගොම්මන් කළුවරේ ලමිස්සියන්ව තනි කරන්න හොද නැති බව සහ කළුකුමාරයා වැනි අත්භූත ආත්මයක් හෝ ගොපලු යකා වැනි යක්ෂයෙකු මෙම අවිහිංසකාවියට හිංසාවක් කරයි” යන සිතිවිල්ල මොවුන්ගේ මනසට තදින්ම කා වැදී තිබීම වැලැක්විය නොහැකිය. ඉතිං මේ ප්රධාන කාඩර්වරුන් තම ප්රධාන දේශපාලන වැඩ පසෙකලා රත්රියට ඇගේ බොඩිගාඩ් වැඩේ කරමින් දිනපතා ඇයව නිවසට හැරලවන්නට විය.
ඉන්පසු නැවත දිනපතාම ඇය උදයේම රිකී මාටින් සහ බසී සමග ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් තම සේවා ස්ථානයට පිටත්ව යෑමටත්, නැවත ඒමටත් පුරුදු පුරුදු විය. මේවා දැක මා මිත්ර සේන් විවිධ කුප්පවැඩ (තම නොරිස්සුම පිට කරන වැඩ) කරමින් තම තරහා පිටකරගත් අතර, දැඩි ලෙස ශෝක වන බවක් මුහුණෙන් දිටීය. දැන් සේන් මහතාව මහචාර්යය ප්රබා ගණන් ගන්නේ ම නැත. සේන් මහතා ඉදිරියට පැමිණෙන්නේ නම් ඇය නැවත පිටුපස හැරී යයි. සේන් මහතා නිවසේ පිටුපසින් පැමිණෙන්නේ නම් ඇය ඉදිරිපස දොරින් නික්ම නික්ම යයි.
එලෙස දෙදෙනාම තම තමන් පැමිණි අරමුණත්, මාවත් දෙකක් වෙනස් කරන විට එහි දුම්රිය පීළිමාරුකරන ආකාරයේ චමත්කාරයක් මෙන්ම භයාංකර තත්වයක්ද දක්නට ලැබුණි.

piano 2

ඇත්ත කොගීටෝව සගවා ව්යාජ කොගීටෝව එළිට දැමීම-
දැන් මෙයා කරන මේ සෙල්ලම න්යායාත්මකව පැහැදිලි කළොත් මෙන්න මෙහෙමයි. මහචාර්යය ප්‍රභා කරන්නෙ කලින් මෙයාට තිබුණු කොගීටෝව සංවිධනායේ අයට හංගනවා. ඉන්පස්සේ මොකුත්ම නොදන්න සිංහල කුල කාන්තාවකගේ නියම කුලෑටිකමක් මහචාර්යය ප්රබා තුළින් දිස්වෙනවා. ඒ මොකුත් නොදන්න බබා – පාට් – කොගීටෝවට තමයි හේන්ගොවියෝ වඩාත් කැමති. ඉන් පස්සේ හේන් ගොවියෝ හේනත් දාලා එයා පස්සේ යනවා. දේශපාලනය කරන්න ආපු උනුත් ඒවා දාලා එයා පස්සේ යනවා. ඒ තමයි මහචාර්යය ප්‍රභා එයාගේ කොගීටෝව එක්ක කරන වෙස්මුහුණු සෙල්ලම. එම සෙල්ලමේදී කරන්නේ ව්යාජ කොගීටෝව ප්රදර්ශනය කරමින් සාර්ථක රංගනයක යෙදෙන එක. එම රංගනය මහචාර්යය ප්‍රභා , රංගන ශිල්පිනි පුණ්යා හීන්දෙණියටත් වඩා හොදින් රගපාල පෙන්වනවා. ඒ සෑම රංගනයක්ම ව්යාජ කොගීටෝ රංගනයක් බව දන්නා එකම කෙනා මහචාර්යය ප්රබා පමණක් නිසා ඇයට මෙම රංගනය විසින් ගෙන දෙන්නේ අසීමිත විනෝදයක්. ඇය පසුපස යන හේන් ගොවියන්ට ලැබෙන්නේ විශාල ආතතියක්. හේන් ගොවියන්ගේ ආතතියෙන් වඩ වඩාත් තෘප්තිමත් වෙන්නේ මහචාර්යය ප්‍රභා පමණයි.
අපිට කෙලවන්න ගිහින් අචාර්යය උපාධියට කෙළවා ගැනීම.
2004 න් පසුව දීප්තිට කෙළවීම තම ඒකායන අශ්ලීල විනෝද ප්රාර්ථනය කරගත් මහචාර්යය ප්‍රභා  තම සැමියා වූ හේන් ගොවියෙකුගෙන් තම පශ්චාත් උපාධි නිබන්ධනය සැලසුම් කර ගැනීමට උපදෙස් ලබා ගත් පසුව සිදු වුණේ කුමක්ද?
මහචාර්යය  ප්‍රභාගේ PHD උපාධියට වසර 10 ක් ගෙවී ගොස් ඇතත් මේ වන විට සිදුව ඇති එකම දෙය වන්නේ එම අචාර්යය උපාධිය අසමත් බව ශ්රී ලංකාවේ විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂම වෙත විදේශීය විශ්ව විද්යාලය දන්වා එවීමයි. මේ අනුව නිදහස් අධ්යාපනයේ නාමයෙන් විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂම මහචාර්යය ප්‍රභාට වැය කළ සම්පූර්ණ මුදල වූ මිලියන 3 කට ආසන්න මුදල නැවත ශ්රී ලංකා රජයට ඇය විසින් ගෙවිය යුතුව ඇත.
රුසියාවේ සිටි ලෙනින් මිය ගිය පසු රුසියාව තුළ නැවත ලෙනින්ලා ඉපදුනේ නැත. නමුත් ලංකාවේ අනුරාධපුර ලෙනින්, මාවනැල්ලේ ලෙනින්, කෑගල්ලේ ලෙනින්, ගාල්ලේ ලෙනින්, මහනුවර ලෙනින්, මාතර ලෙනින්, මේ විදිහට ව්යාජ සිංහල ලෙනින්ලා පැටව් ගසා ඇත. නමුත් මේ අයගේ සැබෑ පැවැත්ම ස්ථානගත වෙන්නේ හේන්ගොවි lifestyle එකෙනුයි. තම එදිනෙදා බඩ වියත වෙනුවෙන් කැලයක් පුච්චලා, බිම කොටලා, වගාවක් කරගෙන, තම වගාව විනාශ කරන සතුන්ගෙන් හේන ආරක්ෂාකරගෙන ජීවත් වීම හැර වෙනත් දෙයක් මේ හේන් ගොවියන් දන්නෙත් නැහැ. දැනගන්න ඕනකමකුත් නැහැ. ඔවුන් කැමති හේන්ගොවි දෘෂ්ටිවාදයට මිසක් මාක්ස්වාදී දෘෂ්ටිවාදයට නෙවී. ඉතින් මහචාර්යය ප්‍රභා , මේ ලංකාවේ හේන් ගොවියාව රුසියාවේ ලෙනින් ලෙස බාර ගැනීමත්, හේන් ගොවි උපදෙස් අනුව තම පශ්චාත් උපාධිය අවසන් කරගත නොහැකි වී එයට කෙළවා ගැනීමත් තුළ ඔබට සිතෙන්නේ කුමක්ද?
ඉතාමත් කෙටිකලක් X කණ්ඩායමේ ව්යාජ කොගීටෝ රංගනයක යෙදෙන අතර තුර සංවිධානයෙන් පැනලා ගිය මහචාර්යය ප්‍රභා දන්න මනෝ විශ්ලේෂණයක් නැත. මනෝ විශ්ලේෂණය තියා සිමියොටික්ස් පිළිබදවත් ඇයට කිසිදු න්යායාත්මක අවබෝධයක් නැහැ. කොටින්ම ව්යුහවාදය තුළ සාකච්ඡා කරන “සංකේතය” යනු කුමක්දැයි ඇය තවමත් වටහාගෙන නැහැ. ඉංග්රීසි ව්යාකරණ දැනගත් පමණින් මහචාර්ය ප්රභා අපගේ න්යායන් දන්නා බවට ගගේ ගියේ රිකී මාටින් වැනි හේන්ගොවියන් පමණි. හේන්ගොවි මොළයට දැනුනේ ඉංග්රිසි ව්යාකරණ දැනගත්තාම ලෝකය අතට අරන් කරකවා බලන්නට හැකියාවක් මහචාර්යය ප්රභා සතු බවයි. එම සිතිවිල් එන්නේ බ්රිටිෂ් කවුන්සිලයෙන් ඉංග්රීසි ඉගෙනීමට නොහැකි හීනමානය සහිත, චැප්මන් පොතෙන් ඉංග්රීසි ඉගනගත් රිකී වැනි හේන්ගොවියන්ටම පමණි.
ශල්ය කර්මයක් අතරතුරදී එක්වරම රෝගියා ශල්යගාරයේ දොර ඇරගෙන පිටතට දිවගියහොත් සිදුවන්නේ කුමක්ද? X අධ්යාපනය බාගෙට ලබාගෙන ඒ පිළිබද දුරාවබෝධයන් සහිතව තමන් නොදන්නා පර්යේෂණ මාතෘකාවකින් පශ්චාත් උපාධි නිබන්ධන සකස්කර ඇයට අද සිදුව ඇත්තේ ශල්යාගාරයෙන් පැන ගිය රෝගියාට සිදුවුණු දෙයම ය. මහචාර්යය ප්‍රභා වසර 10 ක් පුරා වැඩිපුර සිදු කළේ පශ්චාත් උපාධි කටයුතු නොව, රෑට රෑට දීප්ති වෙනුවෙන් අටුවා ටිකා සිප්පනි ලියමින්, කටු සටහන් ලියමින්, කතන්දර ලියමින්, පෙත්සම් ගසමින්, සිටීමයි. ඇයට නොදැනුවත්වම කාලය වසර දහක්ම ඉගිල්ලීගොස්, PHD එක අසමත්ව ඇති අතර, ලංකා රජයට මිලියන හතරකට ආසන්න මුදලක් නැවත ගෙවා දැමිය යුතු තත්වයට පත්ව ඇත.
මහචාර්යය ප්‍රභා සිතන්නේ ඇමරිකානු විශ්ව විද්යාලවල පශ්චාත් උපාධි පරික්ෂකවරු යනු මහචාර්යය නිර්මාල් වැන්නවුන් බවයි. ලංකාවේ විශ්ව විද්යාල පද්ධතිය ගැහැණුන්ගේ ඉගි බිගි වලට ලකුණු ලබාදී පර්යේෂණ නිබන්ධය සමත්කර පශ්චාත් උපාධි ඉංග්රිසි අකුරු ලබා දෙන නමුත්, ඇමරිකානු පශ්චාත් උපාධි නිබන්ධ පර්යේෂකයන් එලෙස ඉගි බිගි වලට නිබන්ධන සමත්කරන්නේ නැත. ඔවුන් ක්රියා කරන්නේ පොදු රාජ්ය මණ්ඩලීය විශ්ව විද්යාල සහ ජාත්යන්තර විශ්ව විද්යාල අත්පොත් අනුවය. පශ්චාත් උපාධියක් පිරි නැමීමට පිළිගත් ක්රමවේදයක් ඇත. ඇගේ අධීක්ෂණ මහචාර්යා සලකන්නේ එම පිළිගත් ක්රමවේදයයි. එබැවින් රිකී මාටින්ට මහචාර්යය ප්රභාව පශ්චාත් උපාධියෙන් සමත් කරවීමේ ක්රමවේදයක් එහි නොමැත.
නමුත් මහචාර්යය ප්රභාට ලංකාවේදී පශ්චාත් උපාධියක් ගැනීමට හැකි මට්ටමක ඇගේ පෙත්සන් ලේඛන විද්යාව, අටුවා ලේඛන විද්යාව, කූට ලේඛන සැකසීමේ විද්යාව වැනි අශ්ලීල විනෝද ලේඛනකරණයට හැකියාවක් ඇත. එබැවින් කෙටිකලකින් ඊට අදාළ පශ්චාත් උපාධිය ලංකාවේදී සමත්වීමේ හැකියාවක් තිබෙන බව නම් පැහැදිලිය.
තම කෙටිකාලීන X අධ්යාපනය තුළදී ෆූකෝ, ඩෙරීඩා, ලැකාන් ඉගන ගනිමින්, එයින් ලබා ගත් අධ්යාපනයෙන් පොර ටෝක් දෙමින්, නවතම විප්ලවයක් සිදු කිරීමට සොහොනකට පැමිණි මහචාර්යය ප්රභාටත්, රිකී මාටින්ටත් සිදු වුණේ තමන්ට කාර් එකක් ගන්න රිකීගේ නැන්දම්මා මහගෙදර විකුණාලබා ගත් මුදල් ඉල්ලමින් නැන්දම්මා පසුපස අඩමින්, බඩගාමින් යෑමට සිදුවීමයි. රිකීටත්, මහචාර්යය ප්රභාටත් ඇගෙන් ශත පහක්වත් නොලැබී යාම ශෝකජනක නොවේද? ඔවුන්ගේ වර්තමාන රැඩිකල් පැවැත්ම යනු මුදල් ඉල්ලා බඩගෑමද? මේ වන විට කාරයක් නොතිබුණු, ඔවුන් කෙළවන්ට ගිය අය කාර් වලින් යන යුගයක් ද, මහචාර්යය  ප්‍රභා කාර් එකක් ගන්නට මවගෙන් මුදල් ඉල්ලා බඩගාන යුගයක් බිහිවීමත් අරුමයක් නොවේද?
තමාගේ සහකරු ලෙස ඉංග්රීසි කතාකරන මධ්යම පංතික කොල්ලෙකු වෙනුවට මහචාර්යය ප්‍රභා සෑම විටම ග්රාමීය හේන්ගොවියන්ව තම කොගීටෝදැලට හසුකරගන්නේ ඇයි? පළමු කාරණය නාගරික මධ්යම පංතිකයෙක් මහචාර්යය  ප්‍රභාගේ විකාර හැසිරීම සෘජු ලෙසම ප්රශ්න කරන බව ඇය දන්නවා. ඇය එම ප්රශ්න කෙරිල්ලට කැමති වෙන්නේ නැහැ. එම ප්රශ්න කිරිල්ලෙන් මහචාර්ය ප්‍රභාව අනාවරණය වෙනවා. වෙස්මුහුණ ගැලවෙනවා.
මහචාර්ය  ප්‍රභා විනෝදය ලබන්නේ ඇය තුළම ඇය විසින් සගවාගත් ව්යාජ කොගීටෝව රංගයේ යෙදවීමෙන්. නමුත් ඒ විනෝදය ලබන්න නම් මහචාර්යය ප්රභාට මෝඩයෙක් අවශ්යයි. නැතිනම් ඇයව ප්රශ්න නොකරන හීලෑ හදවතක් අවශ්යයි. ඒ හීලෑ හදවත තමයි රිකී මාටින්. කුරුණෑගල හෝ වෙනත් දුෂ්කර පළාතක නිශ්ශබ්ද හේන්ගොවියෙකුට පමණයි මහචාර්යය ප්‍රභාගේ මේ විපරිත ලිංගිකරසය ලබාදිය හැකි සුදුසුම පුද්ගලයා වන්නේ. නමුත් යම් දිනෙක Michael Haneke ගේ The Piano Teacher චිත්රපයේ පියානෝ මහචාර්යවරිය වූ Erika kohut ව ඇගේ ශිෂ්ය පෙම්වතා තේරුම් ගත් පරිදි, රිකී මාටින් මහචාර්යය  ප්‍රභාගේ ආත්මය රැඩිකල් ආකාරයට තේරුම්ගත් දිනෙක… Erika මෙන් පිහියකින් තමාටම ඇනගෙන දිවිනසා ගැනීමේ අවසානයක් ඇයට උරුම වූවහොත් පුදුම වන්නට කාරණයක් නොමැති බව ඔබට වැටහෙනවා ඇත.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.